සංධානයක අවශ්‍යතාව
ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක ලෙස දේශපාලනික ව ඉදිරිපත් වෙන්න ඕන සංධානයකින්. පොහොට්ටුවෙන් ඇවිත් ඔහුට දිනන්න බැහැ. මේ බව කී පමණින් පොහොට්ටුවේ ඇතැම් අය දණ්ඩෙන් පහර ලත් සර්පයන් වගේ කිපෙනවා. ඔවුන් කොහොමටත් සර්පයන් තමයි. සංධානයෙ ශ්‍රී ල නි පක්‍ෂයත් ඉන්න ඕන. එහෙම කිව්ව ම අර සර්පයන් මට දෂ්ට කරන්න එනවා. මේ සර්පයන් ඇතැම් විට කියනව ඔවුන් මගේ ශිෂ්‍යයන් කියලා. එහෙම එකක් නැහැ. මට ශිෂ්‍යයන් කවුරුන්වත් නැහැ. ඒකට ප්‍රධාන හේතුව මා ගුරුවරයකු නොවීම.