Main Logo

Friday 30 April 2021

කෘෂි රසායන තහනම වැදගත් තීරණයක්

 කෘෂි රසායන තහනම වැදගත් තීරණයක්


ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ඉතා වැදගත් තීරණයක් අරගෙන. එයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිලා. ඒ රසායනික පොහොර පලිබෝධ නාශක ක්‍රමයෙන් අඩු කර අවසන නතර කිරීමට. ඒ වෙනුවට දේශීය පොහොර හඳුන්වා දී ඒ ප්‍රචලිත කිරීමට. ඒ තීරණය නිර්භය ව ගැනීම ගැන ජනාධිපතිතුමාට අපේ ප්‍රණාමය පළමුවෙන් පිළිගැන්වීම අවශ්‍යයි.

Thursday 29 April 2021

විසාලා මහා නුවර සජීවී ව

 විසාලා මහා නුවර සජීවී ව 


අප මෙතෙක් කල් විසාලා මහා නුවර ගැන අසා තිබුණේ පොතපතින්. අද අප එය රූපවාහිනී නාළිකා කියන ආකාරයට සජීවී ව දකිනවා. එදා දඹදිව බුදු හාමුදුරුවන් වැඩ හිටියා. අද එහි බුදුදහම තියෙන්නෙත් පොත්වල පමණයි. ඒ තිබුණත් ඒ දැනුම ඊනියා පර්යේෂණවලට සීමා වෙලා. ලංකාවෙ කියා වැඩි වෙනසක් නැහැ. බුදුදහමට අනුව ජීවත්වන අය හොයා ගන්න එක අමාරුයි. මා කතා කරන්නේ පන්සල් යෑම ගැන නොවෙයි. අර ත්‍රිරෝද රියැදුරන් කියන්නෙ අප අසරණ වෙලා බුදුහාමුදුරුවනේ කියල. ඔවුන්ට ඊනියා උගතුන්ට වඩා යමක් තේරෙනවා. අද ඊනියා උගතුන් විශ්වාස කරන්නේ බටහිර විද්‍යාව පමණයි. බටහිර වෙදකමට ඉහළින් සලකනවා. එහෙත් කොවිඩ් 19 පාලනය කෙරී ඇති නවසීලන්තය ඕස්ත්‍රේලියාව වැනි රටවල එසේ කෙරී ඇත්තේ බටහිර වෙදකම නිසා නො වෙයි. පරිපාලන රෙගුලාසි නීති රීති අනුව. චීනය වැනි රටවල වෙනත් ක්‍රමවලට.  බටහිර වෙදකමට රෝගයට ප්‍රතිකාර කිරීම (ඔවුන් රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ නැහැ) තබා හරිහැටි රෝගය හඳුනාගන්නවත් බැහැ. පීසීආර් පරීක්‍ෂණවලින් රෝගීන් හඳුනාගැනෙන්නේ නැහැ. 

Wednesday 28 April 2021

කොවිඩ් විපක්‍ෂය හා සංස්කෘතිය

 

                                    කොවිඩ් විපක්‍ෂය හා සංස්කෘතිය

 

විරුද්ධ පක්‍ෂයේ එක ම කාර්යභාරය ආණ්ඩුව කුමක් කළත් එයට විරුද්ධ වීම ය යන්න සජිත් සහ කණ්ඩායමේ ප්‍රතිපත්තිය වී තියෙනවා. ඔවුන් වෘත්තීය සමිතිවලින් වෙනස් වන්නේ නැහැ.  ඒ නායකයන් කරන්නෙත් විරුද්ධවීම පමණයි. ඔවුන් ඊනියා අයිතිවාසිකම් මිස යුතුකම් ගැන කතා කරන්නේ නැහැ. මේ තමයි මෙරට දේශපාලනය.

Tuesday 27 April 2021

සුප්පා දේවි මුහුණ පෑ ගැටුම හා නාට්‍ය නැට්ටෝ

 සුප්පා දේවි මුහුණ පෑ ගැටුම හා නාට්‍ය නැට්ටෝ


ඊයේ මා ලියූ ලිපිය අපේ විවාහයේ පනස්වැනි සංවත්සරය සැමරීම සඳහා නො වෙයි. එහෙත් ඒ සමග මට හිතුණා ප්‍රේමය ගැන කියන්න. පසුගිය දවස්වල උප්පැන්න සහතික විවාහ සහතික අවුස්සද්දී අදාළ දිනය මගේ නෙත ගැටුණා. අප ඒ වෙනුවෙන් ලංකාවට ඒමට පෙර මියන්මාහි පනස්නමකට දානයක් දුන්නා. මියන්මාහි දාන දෙන එක ලංකාවේ දන් දීමට වඩා තරමක වෙනස් කමක් තියෙනවා. මියන්මාහි පන්සලක් වටා භික්‍ෂූන් වහන්සේ සංඝාවාසවල වැඩ ඉන්නවා. පන්සලක තුන් හාර සිය නමක් වැඩ ඉන්න එක පුදුමයක් නො වෙයි. එහි පනස්නමකට දානයක් දීම ඉතා පහසුවෙන් කළ හැක්කක්. 

Monday 26 April 2021

අප විවාහ වී අවුරුදු පනහයි

 

අප විවාහ වී අවුරුදු පනහයි

 

අද 2021 අප්‍රේල්  විසිහයවැනි දා. අදට අප විවාහ වී අවුරුදු පනහක් පිරෙනවා. එය ඔබට වැදගත් වෙන එකක් නැහැ. ඉතින් අපට මොකෝ කියා අහන්නත් පුළුවන්. මෙය අතීතාවර්ජනයක කොටසක් පමණයි. අපේ විවාහය  ගැන මට ඇත්තේ සතුටක් මෙන් ම දුකක්. සතුට මට ඉතා හොඳ භාර්යාවක් ලැබීම ගැන. දුක ඇයට හොඳ සැමියකු නොලැබීම ගැන. අවුරුදු පනහකට පෙර අපට මස්තකප්‍රාප්ත වෙන්න පෝරුවක් තිබුණේ නැහැ. අෂ්ටක කියන්න දැරියන් හිටියේ නැහැ. ඡායාරූප ශිල්පීන් නොහිටි එක නම් හොඳයි. විවාහයට සහභාගි වූයේ පස්දෙනයි. අප දෙදෙනාත් සාක්‍ෂිකරුවන් දෙදෙනාත් ලේකම්වරයාත් පමණයි. ඒ කොවිඩ් නිසා නො වෙයි. අප විවාහ වූයේ මහනුවර කච්චේරියේ.

Sunday 25 April 2021

ගොඩ ඒමට මඩට යමු

 

ගොඩ ඒමට මඩට යමු

 

අපේ රටේ අධ්‍යාපනය වෙනස් කළ යුතු ය යන කතාව හැමදාමත් තියෙනවා. එහෙත් එය වෙනස් කෙරෙන්නේ නැහැ. එයට හේතුව දේශපාලනඥයන් ම නොවෙයි. දේශපාලනඥයන්ට ප්‍රශ්නය දැනෙන්නේ එක් විධියකට. ඔවුන් ට දැනෙන්න සලස්සලා තියෙන දේ තමයි ඊනියා උගතුන්ට කරන්න පුළුවන් රැකියා රටේ නැති වීම හා රටේ තියෙන රැකියාවලට ඊනියා උගතුන් නැති වීම. මේ ප්‍රශ්නය අධ්‍යාපනඥයන් තේරුම් කර දෙන්නේ වෘත්තියාභිමුඛ පාඨමලා පාසල්වල හා විශ්වවිද්‍යාලවල නොමැති වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇති වන්නක් හැටියට. අධ්‍යාපනඥයන් බිහිවෙලා තියෙන්නෙත් මේ අධ්‍යාපනයන්. ඔවුන්ට ඉන් පිට හිතන්න බැහැ. පිට තියා ඇතුළෙවත් හිතන්න බැහැ.

Saturday 24 April 2021

අධර්මය රජයන ලොවක කොවිඩ්

 අධර්මය රජයන ලොවක කොවිඩ්


රටේ බොහෝ දේ සිදුවෙමින් පවතිනවා. මා කියන්නේ හරීන් ප්‍රනාන්දු ගරු මන්ත්‍රීතුමා රෝහල්ගත වීම හා විපක්‍ෂ නායක ඔහු බැලීමට රෝහලට යෑම ගැන නො වෙයි. රිෂාඩ් බද්‍යුද්දීන් අත් අඩංගුවට ගැනීම හොඳයි. එය කෙළවරක් දක්වා ම යාවි කියා පතනවා. පාස්කු ප්‍රහාරය ගැන පමණක් කොටි ප්‍රහාර හා ජෙනීවා ප්‍රහාර ගැනත් කෙළවරක් දක්වා හොයන්න ඕන. මේ සියල්ල පිටුපස සෞදි ප්‍රහාර ලන්ඩන් ප්‍රහාර හා දිල්ලි ප්‍රහාර තියෙනවා. අප කිසිවක් බාගෙට නවත්තන්න හොඳ නැහැ. විපක්‍ෂ නායකතුමා වැන්නකු ලැබීමට ආණ්ඩුව පින් කර තියෙන්න ඕන. පෙම්බ්‍රෝක් කිරිඇල්ලත් එහෙමයි. ඒ අය ආණ්ඩුවේ පිනට උපන් අය. 

Friday 23 April 2021

නන්දාට ඇඬිලා

නන්දාට ඇඬිලා 


උගතකු බුද්ධිමතකු වියතකු නොවන මා කිසිසේත් ම ප්‍රබුද්ධයකු වන්නට බැහැ. සිංහල සමාජයේ ප්‍රබුද්ධයන්ගේ පොදු පෙළ ගැස්මක් තියෙනවා නම් මා එහි අවසන් කොටසේත් ඉතා පහළින් ඉන්නව කියා  මා හිතන්නෙ. මිනිසුන් මා කෙරෙහි දක්වන ප්‍රතිචාර අනුවයි මා එහෙම කියන්නෙ. බොහෝ දෙනකු සිතන්නේ මා කියන දේ නොකරන බොරු කාරයකු කියායි. ඊනියා ජාතික චින්තනයක් ගැන කතා කරමින් ජපන් මෝටර් කාරයක ගමන් කරමින්  පුතුන් රාජකීය විදහලට යැවූ කුහකයකු ලෙස. දරුවන්ට පිටරට විශ්වවිද්‍යාලවල අධ්‍යාපනයක් ලබා දුන් වංචනිකයකු ලෙස. ඒ විශ්වවිද්‍යාල ගැන මා දන්නේත් නැහැ. 

Thursday 22 April 2021

පාස්කුව හා ඩීල් අවුල්

 

පාස්කුව හා ඩීල් අවුල්

 

මෙරට සිංහල බෞද්ධයන්ගෙ කොන්ද මුළුමනින් ම වගේ කඩල හුඟක් කල්. ඒක බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයෙන් කෙරුණක්. ඉන් පසුව දේශපාලනඥයන් විශේෂයෙන් ම 83 ජූලියේ ජේ ආර් ඉතුරු ටිකත් කඩා දැම්මා. 83 ජූලි කලබල සිද්ධ වුණේ කොහොමද කියල තවම හොයල බලල නැහැ. 83 ජූලියට කළු ජූලිය කියන ක්‍රිස්තියානි සංකල්පය පටබැඳලා සිංහල බෞද්ධයන් නැත්තට ම නැති කරල දැම්මා. අප ක්‍රියාත්මක  වෙන්න පටන් ගත්තෙ ඒ කාලයෙ. අප සිංහල බෞද්ධත්වය වෙනුවෙන් දිගින් දිගට ම පෙනී හිටියා. එහි විශාල විභවයක් තිබුණා, තියෙනවා. චම්පක වැනි අය ඒක දැකලා සිංහල ජාතිය කියන එක මළ කඳක් ඒත් ඒක බලයට ඒමට යොදා ගත හැකි ය කියන ආකල්පයෙන් කටයුතු කළා. එස් එල් ගුණසේකර වැන්නන් පවා ඔහු විශ්වාස කළා. එහෙත් අවසානය් දී චම්පක හා රතන හිමි එස් එල්ට හිමි වෙලා තිබුණ මන්ත්‍රී ධුරයවත් නොදීමට කටයුතු කළා. චම්පක වටා ඉන්න නායකයන්, ඉංගිරිසියෙන් ලියන පඬියන් ආදීන්  බොහෝ දෙනා සිංහල ජාතිය ගැන විශ්වාසයක් නැති එහෙත් බලයට ඒමට සිංහලත්වය යොදා ගන්න පුළුවන් කියල හිතන අය.

 

Wednesday 21 April 2021

පාස්කු ප්‍රහාරය පිටුපස

 

පාස්කු ප්‍රහාරය පිටුපස

 

අද අප්‍රේල් විසි එක්වැනි දා. එය අපට අමතක වීමට කාදිනල්තුමා ඉඩ දෙන්නේ නැහැ. එය ප්‍රශ්නයක් නො වෙයි. කාදිනල්තුමාට එදා මිය ගිය කතෝලික ජනතාව ගැන  ප්‍රශ්නයක් නැත්නම් තමයි ප්‍රශ්නය. අවුරුදු දෙකකට ඉහත අප්‍රේල් විසි එක පාස්කු ඉරිදා බවත් අප දන්නවා. ඒත් මට ප්‍රශ්න රාශියක් තියෙනවා. දළදා මාළිගාවට පහර දුන් දවස මතක කාට ද? ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල මිනී මැරූ දිනය මතක කාට ද? ඒ බෞද්ධ සිද්ධස්ථාන නිසා මතක තියා ගැනීම අනෙක් ආගමිකයන්ට කරන අසාධාරණයක් ලෙස අර්ථකථනය කළ හැකි යැයි කියමු.

Tuesday 20 April 2021

ධීවරයන්ගේ කතා වස්තුව

 

ධීවරයන්ගේ කතා වස්තුව

 

මියන්මාහි අත්අඩංගුවට පත් ධීවරයන් දොළොස් දෙනා නිදහස් කෙරිලා. මෙරට ජනමාධ්‍ය ගැන මට ඇත්තේ දැඩි විරෝධයක් හා කළකිරීමක්. බොහෝ ජනමාධ්‍ය හා ජනමාධ්‍යවේදීන්ට මා ගැන ඇත්තේ ද සුහද හැඟීමක් නොවෙයි. අත්අඩංගුවට පත් වේලේ සිට මෙරට ජනමාධ්‍යයට එය විශාල ප්‍රශ්නයක් වුණා. ඔවුන් අපෙන් ප්‍රශ්න කළා. අප එනම් මියන්මාහි ලංකා තානාපති කාර්යාලය ධීවරයන් නිදහස් කර ගැනීමට කිසිවක් නොකරන්නේ ය යන මතය රටේ ඇති කිරීමට ඔවුන් උත්සාහ ගත්තා.

Monday 19 April 2021

වරාය නගරය තවමත් ලංකාවට අයත් නැහැ

 

වරාය නගරය තවමත් ලංකාවට අයත් නැහැ

 

වරාය නගරය කොළඹ දිස්ත්‍රික්කයට ඇතුල් කරල පහුගිය ඊනියා යහපාලන ආණ්ඩුව නිකුත් කරපු ගැසට් නිවේදනයක් තියෙනවා කියල ඒ ආණ්ඩුවෙ හිටපු ඇමති කෙනෙක් කියල. එහෙම ගැසට් නිවේදනයක් තියෙනවා ද කියා මා දන්නේ නැහැ. වත්මන් අධිකරණ ඇමති අලි සබ්‍රි කියන්නෙත් ගැසට් නිව්දනයකින් වරාය නගරය කොළඹ දිස්ත්‍රික්කයට එක් කරල කියල. අලි සබ්‍රි පැත්තකින් තියමු. පහුගිය ආණ්ඩුව කියනව නම් වරාය නගරය කොළඹ දිස්ත්‍රික්කයට එක් කරල කියල වරාය නගරය රටින් පිට කියල ඒ ආණ්ඩුවෙ හිටපු අය ම කියන්නෙ කොහොම ද? සමහර විට කොළඹ දිස්ත්‍රික්කය තියෙන්නෙ රටින් පිට කියල ඒ අය හිතනව ද දන්නෙ නැහැ.

Sunday 18 April 2021

වරාය නගරය ගැන පළමුවෙන් කළ යුත්ත

 වරාය නගරය ගැන පළමුවෙන් කළ යුත්ත


කොළඹ වරාය නගරය පිළිබඳ පනත සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති පෙත්සම් පිළිබඳ විභාගය හෙට ඇරඹීමට නියමිතයි. අධිකරණය පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟ ද නැද්ද සංශෝධනය කළ යුතුු ද ඇතැම් වගන්ති ජනමත විචාරණයකට යොමු කළ යුතු ද ආදිය පිළිබඳ තීන්දුවක් දෙනු ඇති. මා මෙහි දී අදහස් කරන්නේ පනත පිළිබඳ මගේ මතය ප්‍රකාශ කිරීමට නොව එයට අදාළ ව කරුණු කිහිපයක් සඳහන් කිරීමයි.

Saturday 17 April 2021

ගොඩ එන්න නම් ඉගෙන ගන්න

 

ගොඩ එන්න නම් ඉගෙන ගන්න

 

දැනට අවුරුදු විස්සකට පමණ ඉහත දිවයිනේ එඩ්මන්ඩ් රණසිංහ මහතා මට කිවුවා අපට වෙච්ච දේ මැයෙන් ලිපි පෙළක් ලියන්න කියා. එහි අපට කිවුවෙ රටට. අද නම් දිවයින ට වෙන්න ඉඩ තියෙනවා. එදා මා මොනව ලිවුව ද කියල මට මතක නැහැ. ඒ ඒ කාලෙට මත යම් ප්‍රමාණයකට වෙනස් වෙනවා. එකම තේමාවෙ වුණත් වෙනස්කම් තියෙන්න පුළුවන්.

Friday 16 April 2021

වරාය නගරය හා සම්බන්ධයි

 

වරාය නගරය හා සම්බන්ධයි

 

කොළඹ වරාය නගරය නැත්නම් වඳ සිංහලෙන් කියනව නම් පෝට් සිටිය ගැන විජයදාස රාජපක්‍ෂ කියන සියල්ල විශ්වාස කරන්න අවශ්‍ය නැහැ. ඔහුට යම් දුක් ගැනවිල්ලක් තියෙන බව පැහැදිලියි. ඔහු කරන කියන දෙයින් දුක් ගැනවිල්ල නිසා කෙරෙන එකතු කිරීම් අඩු කිරීමට අප දැන ගත යුතුයි. ඔහු ගෝඨාභය හා බැසිල් යන රාජපක්‍ෂ සහෝදරයන් ගැන කියන දේ කුමක් වුවත් අද පොදුජන පෙරමුණු සංධානයට ඡන්දය දුන් බොහෝ දෙනාගේ ඉල්ලීම ජනාධිපති තම බලතල පාවිච්චි කළ යුතු බවයි. දිලුම් අමුණුගමගේ හිට්ලර් කතාවට මෙරට ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන් හා ජර්මන් තානාපති කුමක් කීවත්, ඔවුන් වල්ගය පාගා ගත්තත්, ඒ කතාවෙන් අදහස් කෙළේ කුමක් ද යන්න ඊනියා ප්‍රබුද්ධයන් නොවන අයට තේරුම් ගන්න අපහසුවක් නැහැ.  එවැනි කතා මහා සඟ රුවන ද ප්‍රකාශ කරන බව ජර්මන් තානාපති නොදන්නවා වෙන්න පුළුවන්.

Thursday 15 April 2021

මියන්මා අවුරුද්ද

 මියන්මා අවුරුද්ද 


ලංකාව හා බුරුමය අතර ඉතා සමීප සම්බන්ධකම් තිබුණේ දහසයවැනි සියවස පමණ වන තෙක්. මා හිතන විධියට සංස්කෘතික වශයෙන් අපට වඩාත් ම සමීප රට බුරුමය නැත්නම් අද කියන විධියට මියන්මා.  එහෙත් මියන්මා දේශය ගැන සිංහලයන් බොහෝ දෙනෙක් දන්නේ නැහැ. මියන්මා බටහිර සිරිත් විරි්ත්වත් ඉන්දියාවවත් අනුකරණය කරන රටක් නො වෙයි. එහෙත් කලක් ලංකාව සමග නම් ඉතා කිට්ටුවෙන් කටයුතු කර තියෙනවා. 

Wednesday 14 April 2021

ථෙරවාද රටවල් එකතු කරන අවුරුද්ද

 

ථෙරවාද රටවල් එකතු කරන අවුරුද්ද

 

ඉර ගමන් කරන බව දන්න අයට සුබ අලුත් අවුරුද්දක් වේවා.

 

සූර්යයා ක්‍රාන්ති වලයය (ecliptic) දිගේ සිදු කරන  තම වාර්ෂික චලිතයෙහි එක්තරා අවස්ථාවක් සලකමිනුයි අප අවුරුද්ද පවත්වන්නෙ. එහෙමත් නැත්නම් අවුරුද්ද පටන් ගැනීම ලෙස සලකන්නෙ. අද අපට තවත් අවුරුද්දක් උදා වෙනවා. එය යම්කිසි සිද්ධියක් මුල් කරගෙන සිදු වන්නෙ. ජනවාරි පළමුවැනි දා වගේ නො වෙයි. ජනවාරි පළමුවැනි දා සිදුවන දෙයක් නැහැ. අවශ්‍ය ම නම් එය ක්‍රිස්තු උපතින් සත්වැනි දා කියා ගත හැකියි.

Tuesday 13 April 2021

ලංසාගේ හා ජේ ආර්ගේ පළාත් සභා හා එක එක්කෙනා

 

ලංසාගේ හා ජේ ආර්ගේ පළාත් සභා හා එක එක්කෙනා

 

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස පළාත් සභා මැතිවරණය අපි ඉක්මනින් තියෙනවා. ඒ සඳහා නීති සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවට එම අණපනත් ගෙන එනවා. පළාත් සභා ක්‍රමය මේ රටේ ස්ථාපිත වෙලා තියෙන ක්‍රමයක්. දැනට අහෝසි කරන්න විදියක් නැහැ. පළාත් සභා මැතිවරණය ඉක්මනින් තියලා ජනතාවගේ සර්ව ජන ඡන්දයට අයිතියක් ලබාදෙනවා.

Monday 12 April 2021

ඩ්‍රීම් ස්ටාර් සජිත් නැත්නම්

ඩ්‍රීම් ස්ටාර් සජිත් නැත්නම්

 

 

දෙරණත් ඉල්ලන් කන වැඩ කරනවා. ඩ්‍රීම් ස්ටාර් මගේ සිත් ගත් වැඩ සටහනක් නො වෙයි. මට ගායනය කොහොමටත් බැහැ. සංගීතය ප්‍රේමයේ ආහාරය වන්න පුළුවන්. මගේ නම් අතුරුපසවත් නො වෙයි. අනෙක් එක ඩ්‍රීම් ස්ටාර් වැඩ සටහනෙහි ඉංගිරිසි වචන වැඩි වැඩියෙන් පාවිච්චි වෙනවා. අර සිංහවාංශිකාව කියන්නෙ මොනව ද කියල තේරුම් ගන්න අමාරුයි. මගේ ඉංගිරිසි දැනුමට වඩා සිංහල දැනුම හොඳයි.

 

සිංහලෙන් නීතිය හදාරන්න ඉඩ දෙන්නෙ නැහැ කියන එක ඇත්ත ද? සිංහලෙන් ඉහළ උසාවිවල වැඩ කරන්න තාම බැරි වුණා. කළ යුත්තේ ඉහළ උසාවිවල වැඩ කරන නීතිඥයන්ට සිංහල බැරි නම් ඒ උගන්වන එක. ඔය හුඟ දෙනෙක් පනස්හයෙන් පස්සෙ ඉපදිච්ච අය. ඔවුන්ට සිංහල බැරි ද? මට නම් ඉංගිරිසියෙන් හිතෙන්නෙ නැහැ. හිතන්න බැහැ.

 

ඒ කොහොම වෙතත්  මේ දවස්වල නිරෝයාධනයේ නිසා ඊයේ ඩ්‍රීම් ස්ටාර් වැඩ සටහන බැලුවා. එතන කවුද මහ සඟ ගණ මොකද කරන්නෙ කියල ඇහුව අමරදේව ගයන ගහෙන් බහින්න කියා රත්නවල්ලී දෙවඟනට (මා හිතන විධියට යක්‍ෂ ගෝත්‍රිකව සිට මිය ගොස් දෙවඟනක වූ) ආරාධනා කරන ගීතය ගැයුවා. රත්නවල්ලි තමයි රුවන්වැලි වෙලා තියෙන්නෙ. ස්වර්ණමාලි කියන්නෙ පස්සෙ හදාගත් වචනයක් වෙන්න ඕන. අපි අඩු තරමෙන් රුවන්මැලි සෑය කියාවත් කියන්නෙ නැහැ.

 

එකී ගීීතයට ප්‍රතිචාර දැක් වූ විනිසුරුවෙක් කියා සිටියේ මේ ගස් කපන කාලයේ ගස්වලින් බැස යන බව. සියයට තුනේ කල්ලියට දැන් කරන්න පුළුවන් ඔය වගේ ඊනියා ප්‍රබුද්ධ කියමනක් කටින් පිට කරන එක පමණයි. මේ ආණ්ඩුව වගේ ම දෙරණත් අසමත්. ඒ විරුද්ධවාදීන්ට තමන් පාවිච්චි කිරීමට ඉඩ දීම මගින්. ආණ්ඩුවට වඩා හොඳ මාධ්‍ය ඒකකයක් නොව මාධ්‍ය යාන්ත්‍රණයක් අවශ්‍යයි.

 

පහුගිය අවුරුදු එකහමාරට ඉස්සර ගස් කපල නැති ගාණටයි පඬි නැට්ටන් කියවන්නෙ. වනගහනය අඩු වීමේ ප්‍රතිශතය ගණනය කරන එක එතරම් වැඩක් නො වෙයි. යහපාලන කාලෙ වනගහනය කොපමණ ප්‍රතිශතයකින් අඩු වුණාද කියා දන්න කෙනෙක් ඉන්න ඕන. යහපාලනයට සියයට තුනත් හවුල් වුණා. අර ප්‍රබුද්ධයා ඒ දවස්වල සංගීතයෙන් මත්වෙලා ඉන්න ඇති. කිසි දා ඇති නොවන සමාජවාදයක් ගැන කතා කරමින් ඊනියා ජනතාවාදීන් වීමට ඔවුන්ට පුළුවන්. මා නම් ජනතාවාදී නොවෙයි. ඔය ජනතාව මහා පරාර්ථකාමී නො වෙයි.

 

අපට අවශ්‍ය ප්‍රමාණයට පොල්තෙල් ලංකාවෙ නිපදවන්න බැරි මොක ද? පොල් ගස් කපල හින්ද ද? පොල් ගස් කැපුවෙ ගෝඨාභය ද? ඊනියා සංවර්ධනය වෙනුවෙන් පොල් ගස් කී දාහක් කපන්න ඇත් ද? අපි වස විස කන්න පටන් ගත්තෙ ගෝඨාභය ජනාධිපති වුණාට පස්සෙ ද? පොල්තෙල් ප්‍රශ්නයට වග කියන්න ඕන සිද්ධිකා සේනාරත්න ද? ජනමාධ්‍යවේදීන් කරුණු හරියට හොයා බලන්නෙ නැතිව කාඩ්බෝඩ් වීරයන් වීම සඳහා පළමුවෙන් ප්‍රවෘත්ති දෙන්න ගිහින් ප්‍රශ්න කොච්චර අවුල් කරනවා ද?

 

ආනයිත පොල්තෙල්වලට තාල තෙල් (පාම් ඔයිල්) හරි වෙන තෙලක් හරි කලවම් කරන්න පටන් ගත්තෙ ගෝඨාභය ආවට පස්සෙ ද? 2016 ඉඳන් කලවම් කිරීමේ අයිතිය (අපි එයට අයිතිය යැයි කියමු) ඒ ඒ සමාගම්වලට ලබා දුන්නෙ කවුද? සජිත් ද හර්ෂ ද සිල්වා ද රනිල් ද රනිල්දාස ද වෙන කවුරුන්වත් ද? ඒ කාලෙ ආනයිත පොල්තෙල්වල අර මොකක්ද රසායනය තියෙනවා ද කියල හොයල බැලුව ද? ඒ දවස්වල අපි කෑවෙ සුපිරිසිදු පෙරාපු පොල්තෙල් ද? ඒක දැන ගන්න ක්‍රමයක් තියෙනවා ද? බටහිර විද්‍යාඥයන්ට හා බටහිර වෙද මහත්වරුන්ට ක්‍රමයක් සකස් කරන්න පුළුවන් ද?

 

රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් මිශ්‍ර පලිබෝධ නාශක කියල අපි අදත් කියනවා. මෙරට සහල්වලත් ආසනික් තියෙන බව අපි එදා කිවුව. ඒකට එදා හිටි එක් ඇමතිවරයෙක් කිවුවෙ අපි ප්‍රීමා සමාගමෙන් මුදල් අරගෙන බත් කෑම නතර කර පාන්වලට ජනතාව හුරුකරන්න හදනව කියා. ප්‍රීමා සමාගමෙන් මට ලැබුණු මුදල්වලට මොනවා වුණා ද කියා මාත් දන්නෙ නැහැ. ඒ ඇමතිගෙන් ම තමයි අහන්න ඕන. එදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මට එන්න කියල කිවුව මේ ආසනික් කතාව නිසා ඉරානය අපේ තේ මිළ දී ගැනීම නවත්තල කියල. මා ඒ කතාව ගණන් ගත්තෙ නැහැ. ඉරානය තේ මිල දී ගන්න එක නැවැත්තුවෙ නැහැ.

 

අපි එදා කිවුව ඇතැම් කෘෂිරසායන ගෙන්වන එක නවත්වන්න කියල. අතන මෙතන පනින රතන හාමුදුරුවො ප්‍රශ්නයට මැදිහත් වුණා. අපි පැත්තකට විසි වුණා. තවමත් ඒ කෘෂිරසායන ගෙන්වනවා. අපට වස විසෙන් තොර ආහාර සපය ගන්න පුළුවන් නම් හොඳයි. පිරිසිදු වාතය ආශ්වාස කරන්න පුළුවන් නම් හොඳයි. පිරිසිදු ජලය පානය කරන්න පුළුවන් නම් හොඳයි. මොළේ පිළිකාවලට තුඩු දිය හැකි ජංගම දුරකථන පාවිච්චි නොකර ඉන්න පුළුවන් නම් හොඳයි. හදිසි ආහාර (ෆාස්ට් ෆුඩ්ස්) කන්නෙ නැතිව ඉන්නව නම් හොඳයි. කොටින් ම මේ ජීවන රටාව වෙනස් කරන්න පුළුවන් නම් හොඳයි. පනුවන් කන සාම පරෙවියන් වත්තට ගෙන්න ගන්න පුළුවන් නම් හොඳයි. ඒත් ඒකට වත්තක් තියෙන්න එපායැ.

 

ඔය පොල්තෙල්වල තියෙන වස අජිනමොටෝ වස සමග සංසන්දනය කරන්නෙ මොටෝ. අජිනමොටෝ රසයි නෙ. අර ගීතයක් තියෙනවා වත්තෙ මල් පිපෙන්නෙ නැහැ ගෙදර සිරියාවක් නැහැ, ඔබ නැත්නම් ඒ දේවල් නැහැ ආදී වශයෙන්. මා හිතන්නෙ සියට තුනේ කල්ලියෙ ප්‍රබුද්ධ සංගීතඥයන් එකතු වෙලා සජිත් වෙනුවෙන් ඩ්‍රීම් ස්ටාර් ගීතයක් නිර්මාණය කරන්න ඕන. සජිත් නම් ඩ්‍රීම් ස්ටාර් ම තමයි. සජිත් නැත්නම් රටේ පොල් වැවෙන්නෙ නැහැ, ගස් ඉතිරි වෙන්නෙ නැහැ, සිංහරාජෙ දැක ගන්න බැහැ, රත්නවල්ලි ගස් නගින්නෙ නැහැ, කන්න කැවුම් නැහැ, කිරි ඉතිරෙන්නෙ නැහැ, බයිලා කියන්න කවුරුත් නැහැ.    

 





 

 


Sunday 11 April 2021

උගතුන්ගේ පරස්පර නැති නාභි

 

උගතුන්ගේ පරස්පර නැති නාභි

 

මෙරටට ලොකු ම ප්‍රශ්නය උගතුන් වැඩි වීම බව මා නොයෙක් වර කියා තියෙනවා. එමෙන් ම මා උගතකු වියතකු බුද්ධිමතකු නොවන බවත් මා කියා තියෙනවා. උගතුන් හා බුද්ධිමතුන් ඒ බව දන්නවා. ඔවුන් මා කියන කිසි දෙයක් ගණන් ගන්නේ නැහැ. ජාතික කඳවුරේ ඉන්නවා දත් දොස්තරලා තුන් දෙනෙක්. ඔවුන් මා කී කිසි දෙයක් අගය කරන්නේ නැහැ. එහෙත් විවේචනය නම් කරනවා. නුවර ඉන්න දත් දොස්තර හිතන්නේ තමන් විද්‍යාඥයකු බව. දත් දොස්තරලා නොව දොස්තරලාවත් විද්‍යාඥයන් නො වෙයි. ඔවුන් තාක්‍ෂණික ශිල්පීන් පමණයි. මා නම් විද්‍යාඥයකු නොවන බව මාත් ඔවුනුත් දන්නවා. මා විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් බැරුව ආපසු අයෙක් පමණයි. නුවර ඉන්න දත් දොස්තර කොළඹ ඉන්න ප්‍රසිද්ධ දත් දොස්තර නම් අගය කරනවා. ඔවුන් මා මෙන් නොව සාහිත්‍යකරුවන්, විද්‍යාඥයන්, දේශපාලන විශ්ලේෂකයන් උගතුන් බුද්ධිමතුන් හා තවත් අය.

Saturday 10 April 2021

රාජ්‍ය සේවය හා ධීවරයෝ

 

                                        රාජ්‍ය සේවය හා ධීවරයෝ

 

මා දැන් ලංකාවෙ. මේ දිනවල මියන්මාහි පනුවන් කන සාම පරෙවියන් බැලීමේ අවස්ථාව නැතිවෙලා. මේ රටේ බොහෝ දෙනා විදේශ අමාත්‍යාංශය ද ඇතුළු ව සිතන්නේ මියන්මාහි ලංකා තානාපති කාර්යාලයෙන් වැඩක් වන්නේ නැහැ කියා. උදාහරණයක් ලෙස ධීවරයන්ගේ ප්‍රශ්නයේ දී ලංකා තානාපති කාර්යාලය කිසිවක් කළ බවක් අඩු තරමෙන් විදේශ අමාත්‍යාංශය පිළිගන්නේ නැහැ. ජනමාධ්‍ය කෙසේවත් පිළිගන්නේ නැහැ. ඔවුන සිතන්නේ තානාපති සේවයෙන් වැඩක් වන්නේ නැහැ කියා.

Thursday 8 April 2021

සමාජවාදය හා ඇතැම් පඬි නැට්ටන්

 

සමාජවාදය හා ඇතැම් පඬි නැට්ටන්

 

මාක්ස්වාදී සමාජවාදය යනු තවත් මනෝරාජික සමාජවාදයක් පමණක් බව කීම බොහෝ දෙනාගේ අසතුටට හේතු වන බව මා දන්නවා. ජ වි පෙ පළමු පුස්වෙඩිල්ලට අවුරුදු පනහක් පිරුණේ ඊයේ පෙරේදා. එකල මාක්ස්වාදීන්  දැන සිටි පැරිස් කොමියුනයට අවුරුදු එකසිය පනහක් පිරුණේ සති කිහිපයකට පෙර. පැරිස් කොමියුනය මාක්ස්වාදයේ කියැවෙන්නේ කම්කරු පංතිය බලය අතට ගත් පළමු අවස්ථාව ලෙසයි. පැරිස් කොමියුනය වැඩි කල් තිබුණේ නැහැ.

Wednesday 7 April 2021

ජ වි පෙ පුස්වෙඩිල්ල

 

ජ වි පෙ පුස්වෙඩිල්ල

 

ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකයා පසුගිය දා පුස්වෙඩිලි ගැන කියා තිබුණා. ඔහු එසේ කියා ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට විරුද්ධ ව. ඔහු සැමදාමත් කතා කරන්නේ ශ්‍රී ල නි පක්‍ෂයට/පොදු ජන පෙරමුණට/ පොදු ජන එක්සත් සංවිධානයට විරුද්ධවයි. ඔහු රනිල්ට හරි සජිත්ට හරි ඒ ආකාරයෙන් විරුද්ධ වන්නේ නැහැ. අද අප කතා කරන්නේත් පුස්වෙඩිලි ගැන. එහෙත් ඒ පුස්වෙඩිලිවලින් මිනිසුන් ඝාතනය කෙරුණා. පසුගිය පස්වැනිදාට ඉන් පළමු පුස්වෙඩිල්ලට අවුරුදු පනහක් පිරුණා. ඒ පුස්වෙඩිලි ජනතා විමුක්ති පෙරමුණේ පුස්වෙඩිලි.  

Tuesday 6 April 2021

මියන්මා ධීවර ප්‍රශ්නය

 

මියන්මා ධීවර ප්‍රශ්නය

 

මේ මියන්මා දේශයට පැමිණ අත්අඩංගුවට පත් වී ඇති ධීවරයන් දොළොස් දෙනා සම්බන්ධ කෙටි සටහනක් පමණයි. තරමක් දීර්ඝ විස්තරයක් පසුව කිරීමට බලාපොරොත්තු වෙනවා.

Monday 5 April 2021

දෙබිඩිකමේ ආරම්භය

දෙබිඩිකමේ ආරම්භය

 

අද අප්‍රේල් පස්වැනි දා. අවුරුදු පනහකට පෙර අද වගේ දවසක පාන්දර තමයි ජ වි පෙ ඊනියා උගත් ගැමි තරුණ පරපුර වැල්ලවාය පොලීසියට ගහලා විප්ලවේ කරන්න හැදුවෙ. ඔවුන්ට දවසවත් හරියට දැනුම් දීගන්න බැරි වෙලා. විප්ලවේ හේදිලා ගියා. ඒත් ජීවිත රාශියක් නැති වුණා. අද ජ වි පෙ පුස්වෙඩිලි ගැන කතා කරනවා. ඔවුන් පුස්වෙඩිලි දෙකක් ම තිබ්බ. ඒවා පුස්වෙඩිලි වෙන්නෙ එක අරුතකින්. ඒත් ඒ පුස්වෙඩිලි ජීවිත රාශියක් බිලි දී ගත්තා. මේ මාක්ස්ගෙ නාමයෙන් තියන ජීවිත බිලිගන්නා පුස්වෙඩිලි. මේ් ගැන විස්තරයක් බදාදා (7) ලිපියෙන් බලාපොරොත්තු වන්න.

Sunday 4 April 2021

මහින්ද රාජපක්‍ෂට ඉතිහාසයේ හිමි තැන

 

මහින්ද රාජපක්‍ෂට ඉතිහාසයේ හිමි තැන

 

එළාර පැරද වු ගැමුණු රජු ඉන් පසු භාරතයේ යම් දේශයකින් පැමිණි එළාරගේ ඥාතියා සමග යුද්ධ නොකර සාම සාකච්ඡා ආරම්භ කෙළේ නම් කුමක් සිදු වීමට තිබුණේ ද? සාම සාකච්ඡාවලින් පසු ඥාතියාට අනුරාධපුරය ආපසු ලබා දුන්නේ නම් ගැමුණු රජුගේ නම ඉතිහාසයේ ලියැවෙන්නේ කෙසේ ද?

Saturday 3 April 2021

මියන්මා සම්බන්ධයෙන් තලගොයා කබරගොයා කිරීම

 

මියන්මා සම්බන්ධයෙන් තලගොයා කබරගොයා කිරීම

 

කන්න ඕන වුණා ම කබරගොයාත් තලගොයා වෙනවා කියල කතාවක් තියෙනවා. මා හිතන්නෙ ඒකෙ අනෙක් පැත්තත් තියෙනවා. ගහන්න ඕන වුණා ම තලගොයාත් කබරගොයාත් වෙනවා. මේ දවස්වල ඇතැම් සමාජයීය ජනමාධ්‍ය බිම්ස්ටෙක් රැස්වීම සම්බන්ධයෙන් කරන්නෙ තලගොයා කබරගොය් කිරීමක්.

Friday 2 April 2021

අවමංගල ආඩම්බරය

 

අවමංගල ආඩම්බරය

 

මේ රට පුදුම රටක්. රණවිරුවන් හා ජාතිය පාවා දීම ජයග්‍රහණයක් කියල කියන්න පුළුවන් අමනයන් ඉන්න රටක්. ඒ ගැන තමයි අද කතා කරන්න ඕන. ඒකෙන් වෙන්නෙ සංස්කෘතික දෙබිඩ්ඩන් ගැන කියන එක කල් යන එක. ඒ විතරක් නෙවෙයි බිම්ස්ටෙක් ගැනත් අද කතා කරන්න  බැරි වෙන එක. බිම්ස්ටෙක් ගැන හුඟක් දේ කියන්න තියෙනවා. මියන්මාහි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ජීවිතය පූජා කරන්න සූදානම් ලංකාවෙත් මියන්මාහිත් ඉන්න ඇතැම් සිංහලයන්,(සිංහල බෞද්ධයන් වීමට ලොකු ඉඩකඩක් තියෙනවා) දිනේෂ් ගුණවර්ධන අනෙක් විදේශ ඇමතිවරුන්ටත් එක්ක මියන්මාරයෙ විදේශ ඇමතිට රැස්වීමට ආරාධනයක් යැවුව කියල අපටවත් ඉන්න දුන්නෙ නැහැ. දැන් ඔන්න බිම්ස්ටෙක් පවත්තල ඒ රටවල් හතේ ම විදේශ ඇමතිවරුන්ගෙ සහභාගිත්වයෙන්. ඒ කියන්නෙ ඉන්දියාවෙ විදේශ ඇමතිත් එක්ක. නරක ද ලංකාවෙ ඉන්දීය මහා කොමසාරිස්ගෙන් ඒ ගැන පැහැදිලි කිරීමක් කරන ලෙස ඉල්ලුවා නම්.

Thursday 1 April 2021

ගෝඨාභය වික්‍රමපාල

 

ගෝඨාභය වික්‍රමපාල

 

සංස්කෘතික දෙබිඩ්ඩන් ගැන ලියන්න ඕන නමුත් මේ ආණ්ඩුව ගැන වචනයක් දෙකක් කියන්න තියෙනවා. මේ ආණ්ඩුවට මොකද වෙලා තියෙන්නෙ. කැලෑ කපනවා. පිළිකා කාරක පොල්තෙල් ගේනවා. ජාතිකත්ව වැඩ පිළිවෙළක් නැහැ. ජෙනීවාහි දී පරදිනවා. මියන්මා විදේශ ඇමතිත් සහභාගි කර ගනිමින් අද බිම්ස්ටෙක් කියල විදේශ ඇමති අතථ්‍ය රැස්වීමක් පවත්වනවා. ඒ මදිවට පාස්කු ප්‍රහාරයටත් මැදිහත් වෙලා. ඇත්තට ම ආණ්ඩුවට මොකද වෙලා තියෙන්නෙ.