Main Logo

Showing posts with label ගෑලීලියෝ. Show all posts
Showing posts with label ගෑලීලියෝ. Show all posts

Thursday, 9 June 2011

වාස්තවිකත්වයෙන් පෞද්ගලිකකරණයට

බටහිර විද්‍යාවේ සහ අනෙක් බටහිර දැනුම්වල ඇති පරස්පර යම් ප්‍රමාණයක් අපි දැනටමත් සාකච්ඡා කර ඇත්තෙමු. බටහිර විද්‍යාව ඉන්ද්‍රිය ගෝචර, එනම් පංචේන්ද්‍රිය ගෝචර, නිරීක්‍ෂණ (පරීක්‍ෂණ, සම්පරීක්‍ෂණ) මත පදනම් වන්නේ යැයි බටහිර විද්‍යාවේ දාර්ශනිකයෝ කියති. ගැලීලියෝ මේ පරීක්‍ෂණාත්මක ක්‍රමය ඇරඹී යැයි ද ඔවුහු කියති. එය දෙයාකාරයකින් වැරදි ය. එක් අතකින් මිනිස්සු ගැලීලියෝට පෙර ද නොයෙකුත් අත්හදාබැලීම් නිරීක්‍ෂණ කළහ. වස්තු දෙකක් එකවිට එක උසකින් නිසලතාවෙන් පොළොවට අතහැරියහොත් වඩා බර වස්තුව ඉක්මණින් පොළොවට වැටෙන්නේ ය යන්න නිරීක්‍ෂණ මත පදනම් වූවකි. රික්තයක් නොමැති විට බොහෝ අවස්ථාවල එසේ සිදු වේ.

ගැලීලියෝ කළේ නොපෙනෙන, නිරීක්‍ෂණය කළ නොහැකි රික්තයක එසේ වස්තු අතහැරියහොත් ඒවා එකවිට පොළොවට වැටෙන බව බටහිර තම සමකාලීනයනට ඒත්තු ගැන්වීම ය. එය ඉන්ද්‍රිය ගෝචර අත්දැකීමක් නොව චිත්ත පරීක්‍ෂණයක් විය. ඔහු එහි දී ඉන්ද්‍රිය ගොාචර පරීක්‍ෂණයක් නො කෙළේ ය. එබැවින් ද ඔහු පරීක්‍ෂණාත්මක ක්‍රමය ලෝකයට හඳුන්වා දුන්නේ යැයි කීම වැරදි ය. එමෙන් ම පොළොව සූර්යයා වටා චලනය වන්නේ යැයි කීමේ දී ද ඔහු කළේ ඒත්තු ගැන්වීමක් පමණකි. එහි දී ඔහු සාපේක්‍ෂ ප්‍රවේගය යන සංකල්පය හඳුන්වා දුන්නේ තම මතය (භාරතීීයයන් භාවනාවෙන්, යෝග අභ්‍යාසවලින් ලබාගත් ප්‍රත්‍යක්‍ෂය) අනෙක් බටහිරයන්ට ඒත්තු ගැන්වීමට ය.

මේ චිත්ත පරීක්‍ෂණ ඔස්සේ ගැලීලියෝ බටහිර විද්‍යාවට වියුක්ත චින්තනය හඳුන්වා දුන්නේ ය. එපමණක් නොව ඊනියා වාස්තවිකත්වය ද බටහිර විද්‍යාවට ගෙන ආවේ ය. ඔහු ඒ සංකල්ප එලෙසින් ම යොදා ගත්තේ යැයි මෙයින් නො කියැවෙයි. පිසා නුවර, කොළඹ හෝ වෙනත් තැනක හෝ එකවිට එක උසෙන් නිසලතාවෙන් අත්හරින වස්තු නිරීක්‍ෂකයා කවුරුන් වුවත් එකවිට පොළොවට වැටෙන බව පෙන්වා දීමෙන් පසු බටහිර විද්‍යාඥයෝ නිරීක්‍ෂකයන් ඇතත් නැතත් එසේ වස්තු ඇද වැටෙන බව විශ්වාස කළහ. එය ඊනියා වාස්තවිකත්වය (objectivity) විය. එය සාධාරණකරණය (generalize) විය. පුද්ගලයා හා පෞද්ගලිකත්වය (පෞද්ගලික නිරීක්‍ෂණ) ඉස්මතු කරමින් පැන නැගුණු විද්‍යාවක නිරීක්‍ෂකයා ඉක්මවූ සාමුහකත්වයක් නොවන වියුක්ත වාස්තවිකත්වයක් සාධාරණිකරණයක් ඇතිවිය. පුද්ගලයන්ගේ පංචේන්ද්‍රිය ගෝචර නිරීක්‍ෂණ මත පදනම් වූ බටහිර විද්‍යාවට ඉන්පසු පෞද්ගලික නොවන වියුක්ත, සාධාරණ, වාස්තවික ප්‍රවාද අවශ්‍ය විය. මෙයට වඩා පරස්පරයක් තවත් තිබිය හැකි ද?

එහෙත් බටහිර විද්‍යාව එපමණකින් නො නැවතිණි. එහි සමස්තය කැබලිවලට කැඩිණි. ඊනියා වස්තුවක් යනු කොටස්වල එකතුවක් විය. මෝටර් රථයක් යනු එංජිම, දොරවල්, රෝද, සුක්කානම ආදී විවිධ කොටස්වල එකතුවක් විය. වස්තු අණුවලටත්, අණු පරමාණුවලටත්, පරමාණු න්‍යෂ්ටි හා ඉලෙක්ට්‍රෝනවලටත් කැඩිණි. සමස්තය නොසලකමින් එසේ කැඩීම අවසානයේ දී ප්‍රතිඵල රහිත ක්‍රියාවක් බව අද බටහිර භෞතික විද්‍යාඥයන්ට ක්‍රමයෙන් තේරුමි ගැනීමට සිදු වී ඇත. අද සුපිරි තන්තුවලට සියල්ල කඩා ඇති බටහිර භෞතික විද්‍යාඥයන්ට ඒ සුපිරි තන්තුවලින් එල්ලී මියයෑම හැරෙන්නට වෙනත් විකල්පයක් නැත.

අප ඉහත සඳහන් කළේ බටහිර භෞතික විද්‍යාව පදනම්වන ඊනියා නිව්ටෝනීය සුසමාදර්ශයෙහි (Newtonian Paradigm) අංග කිහිපයක් පමණකි. මේ සුසමාදර්ශය පසුපස යන බටහිර වෛද්‍ය විද්‍යාව අද මිනිස් සිරුර (එනම් නාම රූපයෙහි රූපය) කොටස්වලින් සමන්විත බව උපකල්පනය කරයි. මිනිස් සිරුර යනු මොළය, හදවත, අක්මාව, වකුගඩුව ආදී කොටස්වල එකතුවක් පමණක් යැයි බටහිර වෛද්‍ය විද්‍යවේ උපකල්පනය කෙරෙයි. අද හදවත් බද්ධකිරීම් ආදිය සිදු කෙරෙන්න් මෝටර් රථයක රෝද මාරුකරන්නාක් මෙනි. මේ ප්‍රතිකර්ම නොව රෝග පාලනය කිරීමක් පමණකි.

එහෙත් ඒ සියල්ලටත් වඩා බටහිර වෛද්‍ය විද්‍යාවෙහි නාම රූප වෙන් කෙරෙයි. සසර සැරිසරන අපේ කුසල් අකුසල් සහිත නාමය රූපය සමග එකතුවීමෙන් රූපයෙහි ඇතිකෙරෙන රෝග ගැන බටහිර වෛද්‍ය විද්‍යාවට කාන්කවිසියක දැනුමක් නැත. අපේ ඇතැම් රෝග අපේ අකුසල් ඵල දීමක් ලෙස අප මෙරට සිටින බෞද්ධ යැයි කියාගන්නා බොහෝ බටහිර වෛද්‍යවරුන්ට ඒත්තුගන්වන්නේ කෙසේ ද? මොවුහු ඊනියා බුද්ධිවාදී, හේතුවාදී (rational) අබෞද්ධයෝ වෙති. ඔවුහු සංසාරය විශ්වාස නො කරති. සංසාරය විශ්වාස නොකරන්නා බෞද්ධයකු වන්නේ කෙසේ ද? ඔවුන් පුනබ්භවය විශ්වාස නොකරන්නේ බටහිර විද්‍යාවෙන් පුනබිභවයක් ඇති බව පෙන්වාදිය නොහැකි යැයි කියමිනි.

මෙරට ඇතැම් බටහිර වෛද්‍යවරුන් පමණක් නොව ඊනියා මහා ලේඛකයෝ ද, ප්‍රාඥයෝ ද, කවියෝ ද, සාහිත්‍ය කරුවෝ ද, ජාතිකත්වය අගයන්නෝ ද තවත් එවැනි පිරිස් ද බටහිර විද්‍යාවට දණ්ඩ නමස්කාර කරමින් පුනබිභවයට අභියෝග කරති. එහෙත් මොවුනට ගුරුත්වාකර්ෂණ ක්‍ෂෙත්‍රයක් ඇති බව ද පෙන්වා දිය හැකි නො වේ. එසේ නම් ඔවුන් ගුරුත්වාකර්ෂණ ක්‍ෂෙත්‍රය පිළිගන්නේ කෙසේ ද? ඒ කෙසේ වෙතත් නාමය රූපයෙන් වෙන්කළ බටහිර වෛද්‍ය විද්‍යාව අංග විකල දැනුම් පද්ධතියක් පමණකි.

බටහිර වෛද්‍ය විද්‍යාවේ නොදියුණුකම රඳා පවතින්නේ එහි පමණක් නො වේ. ඒ පදනම් වී ඇති බටහිර භෞතික විද්‍යාවේ, බටහිර රසායන විද්‍යාවේ, බටහිර ජෛවීය විිද්‍යාවේ ද අඩුලුහුඬුකම් බටහිර වෛද්‍ය විද්‍යාවට ද බලපායි. අපේ පෞරාණික හෙළ නිල වෙදකම බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා දසදහස් ගුණයකින් වර්ධනය වූ වෙදකමක් බව මම අත්දැකීමෙන් දනිමි. මේ පිළිබඳ ව ඕනෑම අයකු සමග ප්‍රසිද්ධ විවාදයක් කිරීමට මම සූදානමින් සිටිමි.

අද තාක්‍ෂණයක් පමණක් වූ බටහිර වෛද්‍ය විද්‍යාව ද තාක්‍ෂණ නොව බටහිර විිද්‍යාවන් ද කඩාවැටෙමින් පවතියි. ඒ බව කියැවෙන ප්‍රධාන ම දැනුම් පද්ධතියක් වනුයේ ඊනියා පශ්චාත්නූතනවාදය ය. එහි ඈරිස්ටෝටලීය න්‍යාය ප්‍රතික්‍ෂෙප වෙයි. නිරපේක්‍ෂය වෙනුවට සාපේක්‍ෂය ඉදිරියට පැමිණෙයි. එහෙත් ඒ සමග එහි පාර ආඛ්‍යාන ද (meta narratives) ප්‍රතික්‍ෂෙප කෙරෙයි. පාර ආඛ්‍යාන යනු සාමාන්‍ය ප්‍රවාද පිටුපස ඇති ප්‍රවාද ලෙස සැලකිය හැකි ය. උදාහරණයක් වශයෙන් ගතහොත් ලෝකය නීති රීති (නියම) අනුව හැසිරෙන්නේ ය යන්න හා ඒ නියම අපට තේරුම් ගතහැකි ය යන්න පාර ආඛ්‍යානයක් වෙයි.

පශ්චාත්නූතනවාදයෙහි සාපේක්‍ෂව ලෝකය බැලීමට ඉගැන්වෙයි. එක් එක් නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව ලෝකය විවිධ ස්වරූප ගන්නේ ය යන්න බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි නූතනවාදයට පටහැණි වුවත් ඊනියා පශ්චාත්නූතනවාදයට එකඟ ය. පශ්චාත්නූතනවාදීන් කෙතරම් අන්තගාමී සාපේක්‍ෂතාවාදීන් ද කිවහොත් ඔවුහු භාෂාවක් යනුවෙන් දෙයක් ඇතැයි නො සිතති. උදාහරණයක් ලෙස ඔවුන්ට අනුව දකුණේ සිංහලයන් කතාකරන සිංහල උඩරට සිංහලයන් කතාකරන සිංහලයෙන් වෙනස් වෙයි. එවිට ලංකාවේ සිංහල කතාකරන්නේ යැයි කියන සියල්ලන්ට පොදු වූ භාෂාවක් නැති බව පෙනී යයි. එබැවින් සිංහල යනුවෙන් භාෂාවක් තිබේ යැයි කීම වැරදි යැයි ඔවුන්ට අනුව නිගමනය කිරීමට සිදුවෙයි. එපමණක් නොව ඔවුන්ට අනුව උඩරට සිංහල, දකුණේ සිංහල ආදී වශයෙන් සිංහල ඇති බව ද ප්‍රතික්‍ෂෙප කිරීමට සිදුවෙයි. එයට හේතුව දෙදෙනකු කතාකරන සිංහලයෙහි යම් යම් වෙනස්කම් ඇති බව තේරුම් ගැනීම අපහසු කරුණක් නොවන බැවිනි.

බටහිර වියුක්ත සංකල්ප කඩා වැටෙන බව තේරුම් ගත් පිරිසක් නෑවතී ඇත්තේ එහි අනෙක් අන්තයෙහි ය. ඊනියා පශ්චාත්නූතනවාදීන් ඇරිස්ටෝටලීය න්‍යාය වැරදි බව තේරුම් ගත්ත ද, ඔවුන්ට එයින් ගැලවීමක් නැත. එක් එක් නිරීක්‍ෂකයා එක් එක් ආකාරයට ලෝකය අවබෝධ කරගන්නේ ය (නිර්මාණය, සංස්කරණය කරගන්නේ ය) යන්න පිළිගන්නා අතර ඒ ඒ සමහරුන්ගේ ලෝකවල ඇති යම් පොදු බවක්වත් පිළිගැනීමට අකමැතිවීම මෙහි ප්‍රධාන හේතුව වෙයි.

අවශ්‍ය නම් ඒ පොදු බව පාර ආඛ්‍යානයක් යැයි කිසිවකුට කිව හැකි ය. පාර ආඛ්‍යාන නොපිළිගන්නා ඊනියා පශ්චාත්නූතනවාදීන්ට එවැනි පොදු බවක් පිළිගැනීමට නො හැකි ය. වියුක්ත චින්තනය, වාස්තවිකත්වය හා සාධාරණීකරණය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි පෞද්ගලික නිරීක්‍ෂණ, පුද්ගලයා ඉස්මතු කිරීම සමග නො පෑහෙයි. මේ නොපෑහීම, එනම් පරස්පරය සමග තවදුරටත් ඉදිරියට යෑමට (ඊනියා වර්ධනයට, සංවර්ධනයට) බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට නො හැකි ය. ගැලීලියෝ, නිව්ටන් ආදීන්ට පමණක් නොව අයින්ස්ටයින්ට ද ඒ පරස්පරයෙහි හිඳිමින් ම තම ප්‍රවාද ඉදිරිපත් කිරීමේ හැකියාව විය. එහෙත් ක්වොන්ටම් භෞතිකයෙන් ඒ හැකියාව තවදුරටත් නොමැති බව පැහැදිලි වී ඇත.

අයින්ස්ටයින් විද්වතාගේ සාපේක්‍ෂතාවට අනුව ඒ ඒ නිරීක්‍ෂකයාට ඇතැම් දේ වෙනස් ආකාරයට පෙනෙයි (නිරීක්‍ෂණය වෙයි). උදාහරණයක් ලෙස සිද්ධි දෙකක් අතර දුර හා කාල අන්තරය එක් එක් නිරීක්‍ෂකයා මනින්නේ එක් එක් ආකාරයට ය. එසේ වුවත් ඒ සියලු නිරීක්‍ෂකයෝ සිද්ධි දෙකෙහි අවකාශ - කාල ප්‍රාන්තරය (space - time interval) යනුවෙන් හැඳින්වෙන්න එකක් ම ලෙස ගනිති. අයින්ස්ටයින් විද්වතාට අවශ්‍ය වූයේ සාපේක්‍ෂතා ප්‍රවාදයක් ඉදිරිපත් කිරීමට නොව නිරීක්‍ෂකයන් සියල්ලන්ට ම පොදු අගයන් ලබාදෙන නිරීක්‍ෂණ කවරේ දැයි දැනගැනීම ය. මේ පොදු අගයන් අවිචලක (invariants) ලෙස හැඳින්වෙයි. අයින්ස්ටයින් යනු බටහිර ක්‍රිස්තියානි නූතනත්වය විසින් බිහි කෙරුණු අවසාන යෝධ බුද්ධිමතා ය. අද ජීවත්වන ස්ටීවන් හෝකින් වැන්නන්ට අයින්ස්ටයින් විද්වතාට අලගු තැබීමටවත් නොහැකි වී ඇත. ක්වොන්ටම් භෞතිකයෙන් පෙන්වන්නේ මේ කඩාවැටීම ය. අයින්ස්ටයින් ඉතා තදින් ක්වොන්ටම් භෞතිකයේ කෝපන්හේගන් විවරණයට විරුද්ධවීම පුදුමයක් නො වේ.

මේ පිළිබඳ තවත් සාකච්ඡා කිරීමට පෙර බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි කඩාවැටීම පෙන්නුම් කරන තවත් ක්‍ෂෙත්‍රයක් ගැන සුළුවෙන් වුවත් සඳහන් කළ යුතු ය. ඒ අන්කිසිවක් නොව පරිගණක විද්‍යාව ආශ්‍රිත ව ඉදිරිපත්වන දැනුම ය. පරිගණක වි්‍යාව යැයි කීව ද එහි ඊනියා බටහිර විද්‍යාවක් නැත. මෝටර් රථ කර්මාන්තය පිටුපස බටහිර විද්‍යාවේ තාපගතිකය ඇත. එහෙත් පරිගණක ප්‍රක්‍රමණ ලිවීම පිටුපස ඇති විද්‍යාව කුමක් ද? අද පරිගණක සම්බන්ධයෙන් නිතර කියැවෙන වචනයක් වී ඇත්තේ පෞද්ගලිකකරණයයි (customize). මේ පෞද්ගලිකකරණයට තල්ලු වීමට පරිගණක විද්‍යාවෙහි හේතු වී ඇත්තේ තවදුරටත් වියුක්ත, සාධාරණ, වාස්තවික ප්‍රවාද දැනුමෙහි වලංගු නොවීම ය.

ගැලීලියෝගේ ඒත්තු ගැන්වීම

පෞද්ගලික අත්දැකීම් හා නිරපේක්‍ෂ වාස්තවිකත්වය අතර ඇත්තේ පරස්පරයකි. පෞද්ගලික අත්දැකීම් ඒ ඒ පුද්ගලයාගේ අත්දැකීම් විය. ඒ අත්දැකීම් ඒ ඒ පුද්ගලයාට සාපේක්‍ෂ විය. ඒහෙත් නිරපේක්‍ෂ වාස්තවිකත්වය ඒ ඒ පුද්ගලයාගේ පෞද්ගලික අත්දැකීම්වලින් ස්වායත්ත විය. පුද්ගලයන් සිටියත් නැතත් නිරපේක්‍ෂ වාස්තවිකත්වය විය. ගැලීලියෝගේ අදහස වූයේ සියළු පුද්ගලයන්ට එකම අත්දැකීමක් ලැබෙන්නේ නම් එය නිරපේක්‍ෂ වූවක් බව ය.

එකම උසකින් එකම විටක දී නිසලතාවෙන් අත්හරිනු ලැබූ වස්තු එකම විටක දී (රික්තයක දී) පොළොවට වැටෙන බව රික්තයක් නොමැතිව එකල විසූ උගතුන්ට ඒත්තු ගැන්වීමට ගැලීලියෝ සමත් විය. එමගින් ඔහු සහ ඔහුගෙන් පසුව බටහිර යාන්ත්‍රිකය වර්ධනය කළ අය, කිසිවකු නොසිටියත්, එනම් කිසිම නිරීක්‍ෂකයකු නොසිටියත්, එවැනි වස්තු එක විට පොළොවට වැටෙන බව ද සමාජයට ඒත්තු ගැන්වූහ.

එහෙත් මෙහි දී තවත් ප්‍රශ්නයක් පැන නැගිණි. පොළොව සූර්යයා වටා ගමන් කරන බව ගැලීලියෝට හා කොපර්නිකස්ට පෙර භාරතීයයන් දැන සිටි බවට සාක්‍ෂි වෙයි. ඒ ධ්‍යාන වැඩීමෙන් හෝ එසේ ධ්‍යාන වැඩීමෙන් සිත දියුණු කරගත් අය දෙවියන්ගෙන් හෝ ලබාගත් දැනුමක් විය යුතු ය. සිංහලයන්ට ද භාවනාව ඔස්සේ ලබාගත් එවැනි දැනුම් තිබෙන්නට ඇතැයි සිතිය හැක්කේ වර්තමානයෙහි දී එලෙස දැනුම ලබාගන්නන් කියන කරන දෙය නිරීක්‍ෂණය කිරීමෙනි. අවසානයේ දී මනසෙන් පමණක් ලබාගන්නා මේ දැනුම මනසට ප්‍රත්‍යක්‍ෂ වූ දැනුමක් විය.

මේ දැනුම අරාබි වෙළෙන්දන් මගින් යුරෝපයට ගිය බව ද පැහැදිලි ය. එහෙත් යුරෝපයට ගිය, ආසියාතියකයන් යම් පිරිසකගේ මනසට ප්‍රත්‍යක්‍ෂ වූ, දැනුම යුරෝපීයයන්ගේ මනසට ප්‍රත්‍යක්‍ෂ නො වී ය. යුරෝපීයයෝ ධ්‍යාන හෝ භාවනා හෝ නොදැන සිටියහ. මෙහි ප්‍රතිඵලය වූයේ එවැනි දැනුම් ලබාගැනීමේ ක්‍රමයක් නිර්මාණය කිරීමට යුරෝපයට අවශ්‍ය වීම ය. ගැලීලියෝ නැවතත් වියුක්ත චින්තනය ඔස්සේ ඒ තහවුරු කළේ ය.

මේ පිළිබඳ ව අපේ ප්‍රවාද මගින් අතීතයේ ඉදිරිපත් කෙරී ඇති නමුත් එහි ඇති වැදගත්කම හේතුවෙන් නැවතත් සුළුවෙන් වුව ද විස්තර කිරීමේ වරදක් තිබිය හැකි යැයි නො සිතමි. පෘථිවිය සූර්යයා වටා ගමන් කරන්නේ නම් එයින් කියැවෙනුයේ පෘථිවියට යම් චලනයක් ඇති බව ය. ගැලීලියෝගේ කාලයේ සිටි උගතුන් නැගූ ප්‍රශ්නය නම් එවිට ගසකින් වැටෙන ගෙඩියක් ගසේ මුල වැටෙන්නේ කෙසේ ද යන්න ය. ඔවුන් කියා සිටියේ ගෙඩිය ගහේ සිට වැටෙන කාලයෙහි දී පොළොව යම්කිසි දුරක් යන බැවින් ගෙඩිය ගස මුලට සුළු දුරක් ඈතින් වැටිය යුතු බව ය.

ගැලීලියෝ ට එය අභියෝගයක් විය. ගසකින් වැටෙන ගෙඩියක් ගසෙහි මුල වැටෙන්නේ ඇයි ද යන්නට සුදුසු පිළිතුරක් දිය යුතුව තිබිණි. එහි දී ඔහු ඉතාමත් ශූර බුද්ධියකින් සාපේක්‍ෂ චලිතය යන සංකල්පය ඉදිරිපත් කළේ ය. ඔහු කියා සිටියේ යම් නිරීක්‍ෂකයකුට නිරීක්‍ෂණය කළ හැක්කේ නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ (නිෂ්ශූන්‍ය) චලිත පමණක් බව ය. නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව වස්තුවකට හෝ අංශුවකට හෝ ප්‍රවේගයක් නැත්නම් එයට වෙනත් අයකුට සාපේක්‍ෂව ප්‍රවේගයක් තිබුණත් පළමු නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව වස්තුව චලනය නොවන්නේ ය යන ස්වසිද්ධිය ගැලීලියෝ බටහිර යාන්ත්‍රිකයට එක් කළේ ය. එසේ ම යම්කිසි නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව වස්තුවක් හෝ අංශුවක් හෝ චලනය නොවන්නේ නම් ඒ නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව වස්තුවට හෝ අංශුවට හෝ ප්‍රවේගයක් නැත යන්න ද ගැලීලියෝ කියා සිටියේ ය.

මේ ප්‍රකාශයේ ඇති වැදගත්කම කුමක් දැයි කිසිවකුට සිතෙනු ඇත. යම් නීරීක්‍ෂකයකුට සාපේක්‍ෂව අංශුවකට හෝ වස්තුවකට හෝ ප්‍රවේගයක් නැත්නම් එය නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව චලනය නොවන්නේ ය යන්න පුනරුක්තියක් (tautology) නොවේ දැයි කිසිවකු අසනු ඇත. එහෙත් තවදුරටත් සලකා බැලීමේ දී ඒ ප්‍රකාශයේ ඇති වැදගත්කම තේරුම් යනු ඇත. ගැලීලියෝට අනුව ගස පොළොවත් සමග චලනය වන බැවින් පොළොවේ සිටින නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව ගසට ප්‍රවේගයක් නැත. පොළොවට සාපේක්‍ෂව ගස නිශ්චලව පවතියි. එහෙත් පොළොවෙන් බාහිරව පිහිටි නිරීක්‍ෂකයකුට අනුව පොළොවට මෙන් ම ගසට ද චලිතයක් වෙයි.

පොළොවෙන් බාහිරව පිහිටි නිරීක්‍ෂකයකුට අනුව පොල් ගසේ මුදුනේ පිහිටි පොල් ගෙඩියට ද චලිතයක් වෙයි. එහෙත් පොළොවෙහි සිටින නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොල් ගසටවත් ගස මුදුනේ ඇති පොල් ගෙඩියටවත් චලිතයක් නැත. ගැලීලියෝගේ සාපේක්‍ෂතා මූල ධර්මයෙහි වැදගත්කම ඇත්තේ ඒ බව තේරුම් ගැනීමෙහි දී ය. පොළොවෙහි සිටින නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොල් ගස මුදුනෙහි ඇති පොල්ගෙඩියට චලිතයක් නැත. පොල් ගෙඩිය නටුවෙන් ගිළිහී යෑමෙන් පසු එය සිරස්ව ත්වරණයක් සහිතව පොළොවට වැටෙන බව පොළොවේ සිටින නිරීක්‍ෂකයාට පෙනෙයි. එවැනි නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොල් ගෙඩියට තිරස් (පොළොවට සමාන්තර ව) ප්‍රවේගයක් නැති අතර වෙනස්වන (ත්වරණය හේතුවෙන්) සිරස් ප්‍රවේගයක් පමණක් වෙයි.

මෙහි දී වැදගත් ම කරුණ වනුයේ පෙළොවෙහි සිටින නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොල් ගෙඩියට තිරස් ප්‍රවේගයක් නොමැති වීම ය. ගැලීලියෝ කියා සිටියේ පොළොවට සාපේක්‍ෂව පොල් ගෙඩියට තිරස්ව ප්‍රවේගයක් නොමැති බැවින් පොල්ගෙඩිය පොළොවට සාපේක්‍ෂව තිරස් ව චලනය නොවන බව ය. එබැවින් පොල් ගෙඩියට පොල් ගසෙන් තිරස්ව ඉවත්විය හැකි නො වේ. එයට හේතුව පොල් ගෙඩිය, පොල් ගස හා පොළොව තිරස් ව චලනය ව නමුත් එකිනෙකට සාපේක්‍ෂව ගත්කල ඒ කිසිවකටවත් තිරස් සාපේක්‍ෂ ප්‍රවේගයක් නොමැති වීම ය.

පොල් ගෙඩිය පොල් ගස මුල ම වැටෙන්නේ පොළොව යම් කිසි බාහිර නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව තිරස් ව චලනය නොවන නිසා නොව පොල් ගෙඩිය ද වෙනත් බාහිර නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොළොවත් සමග එකම තිරස් ප්‍රවේගයකින් චලනය වීම නිසා ය. (මේ විශ්ලේෂණය සම්පුර්ණ යැයි මෙයින් ගම්‍ය නො වෙයි. එහෙත් දැනට අපේ අවශ්‍යතා සඳහා මෙම විශ්ලේෂණය ප්‍රමාණවත් වෙයි.) ගැලීලියෝගේ කාලයෙහි සිටි අනෙක් උගතුන් තර්ක කළේ වෙනත් පදනමක පිහිටා බව මෙහි දී සඳහන් කළ යුතු වන්නේ නැතහොත් මෙම පැහැදිලි කිරීමෙහි අඩුපාඩුවක් ඇති බැවිනි.

එකල සිටි අනෙක් උගතුන්ට අනුව පොල් ගෙඩියට තිරස් ප්‍රවෙිගයක්, එනමි පොළොවට සමාන්තර ව කිසිම ප්‍රවේගයක් නො වී ය. ඔවුන්ට සාපේක්‍ෂ ප්‍රවේගය යන සංකල්පය නොතිබූ බව මෙහි දී සඳහන් කළ යුතු ය. ඔවුන්ට අනුව පොළොවට ද කිසිදු ප්‍රවෙිගයක් (තිරස්ව හෝ වෙනත් දිශාවකට හෝ) නො වී ය. එබැවින් පොල් ගෙඩිය පොල් ගස මුල වැටීම ඔවුන්ට මුල දී ප්‍රශ්නයක් නො වි ය.

ඔවුන්ට එය ප්‍රශ්නයක් වූයේ ගැලීලියෝ පොළොව චලනය වන්නේ යැයි කීමෙන් පසුව ය. පොළොව එලෙස යම්කිසි දිශාවකට චලනය වන්නේ නම් හා පොල් ගෙඩිය චලනය නොවන්නේ නම් පොල් ගෙඩිය පොල් ගස මුල වැටෙන්නේ කෙසේ ද යන්න ඔවුන්ට ප්‍රශ්නයක් විය. ගැලීලියෝ ඒ ප්‍රශ්නයට දුන්නේ ඉතාමත් බුද්ධිමත් ඒ නිසා ම සරල පිළිතුරකි. ඔහු කියා සිටියේ පොල් ගෙඩියට ද චලනයක් ඇති බවත් පොල් ගෙඩිය ද පොළොවේ ප්‍රවේගයෙන් ම (බාහිර නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව) තිරස් ව (පොළොවට සමාන්තර ව) චලනය වන බවත් ය.

පොළොවට සාපේක්‍ෂව පොල් ගෙඩියට තිරස් ප්‍රවෙිගයක් නැති බැවින් පොළොවේ සිටින නිරීක්‍ෂකයකුට පොල් ගෙඩිය තිරස් ව චලනය නො වෙයි. එබැවින් පොල් ගෙඩිය එවැනි නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොල් ගසෙන් තිරස් ව ඉවත් නො වෙයි. ඒ හේතුවෙන් පොල් ගෙඩිය පොල් ගස මුල ම වැටෙයි. මෙහි දී ගැලීලියෝ පොළොව චලනය වන බවක් නො පෙන්වී ය. පොළොවේ සිට ම පොළොව චලනය වන බව නිරීක්‍ෂණය කළ හැකි නො වේ. ඔහු කළේ ඉතා සියුම් තර්කයකින් සාපේක්‍ෂ ප්‍රවෙිගය නමැති සංකල්පය ඔස්සේ පොළොව චලනය වන බව ඒත්තු ගැන්වීම ය.

මෙහි දී කරුණු දෙකක් අවධාරණය කළ යුතු ය. අප බොහෝ විට කරන්නේ වෙනත් අයකුට යමක් ඒ්ත්තු ගැන්වීම ය. එහි දී ඔප්පු කිරීම, සාධනය කිරීම ආදී වචන වැදගත් නො වේ. බටහිර ගණිතයෙහි දී යම් යම් ප්‍රතිඵල සාධනය කරන බව සෑබෑ නමුත් එසේ කරන්නේ තවත් යම් ප්‍රස්තුතයක් උපකල්පනය කිරීමෙනි. එසේ උපකල්පනය කෙරෙන ප්‍රස්තුතය වලංගු ද නැද්ද යන්න එහි දී ප්‍රශ්නයක් නො වේ. ඒ ප්‍රස්තුතය ඒත්තු ගැන්වීම ද බටහිර ගණිතයෙහි දී අවශ්‍ය නො වේ. බටහිර ගණිතයෙහි දී කෙරෙන්නේ යම් ප්‍රස්තූතයක් (ප්‍රස්තුත) සත්‍ය බව උපකල්පනය කරමින් ඇරිස්ටෝටලීය න්‍යාය යොදා ගනිමින් තර්කයෙන් තවත් ප්‍රස්තූතයක් ලබා ගැනීම ය. බටහිර ගණිතයෙහි කිසිවක් කිසිවකුට ඒත්තු ගැන්වීමක් අවශ්‍ය නො වේ. එහි දී වැදගත් වන්නේ ඒ එසේ නම් මෙි මෙසේ ය යන ආකාරයේ ප්‍රස්තුත ය. ඒ එසේ වන්නේ ද යන්න එහි දී ප්‍රශ්නයක් නො වෙි.

දෙවැනි කරුණ වන්නේ ගැලීලියෝගේ වියුක්ත චින්තනය ය. පොළොව ගමන් කරන බව නොපෙන්වා ම ඔහු ඒ බව ඒත්තු ගැන්වී ය. පොළොව ගමන් කරන බව පොළොව මත සිටින කිසිම නිරීක්‍ෂකයකුට නිරීක්‍ෂණය කළ නො හැකි ය. එසේ කළ හැකි වන්නේ පොළොවෙන් පිටතට ගොස් ය. අභ්‍යාවකාශයට යන්නකුට පොළොව චලනය වන බව දැකගත හැකි වනු ඇත. එහෙත් ගැලීලියෝගේ කාලයේ එවැනි පහසුකම් කිසිවකුටවත් නො වී ය.

ගැලීලියෝ පංචේන්ද්‍රිය ගෝචර නිරීක්‍ෂණ මත පදනම් නොවෙමින් එහෙත් එවැනි නිරීක්‍ෂණ මනසෙහි මවා ගනිමින් පොළොව වෙනත් බාහිර නිරීක්‍ෂකයන්ට සාපේක්‍ෂව චලනය වන බව තම සමකාලීනකයන්ට ඒත්තු ගැන්වී ය. එක්තරා අයුරකින් ගත්කල ඔහු ඊනියා පරික්‍ෂණාත්මක ක්‍රමයේ පියා නොව චිත්ත පරීක්‍ෂණයේ (thought experiments) පියා විය. පීසා නුවර ඇලවෙන කුලුන පාමුල ඔහු රික්තයක් මවා ගන්නා ලෙස අන්‍යයන්ට කීවේ ය. පොළොව ගමන් කිරීම පිළිබඳ ප්‍රශ්නයේ දී ඔහු ශූන්‍ය වූ නොපෙනෙන සාපේක්‍ෂ ප්‍රවේග යොදා ගනිමින් මනසෙහි ඒ මවා ගැනීමට සලස්වා තමන්ට අවශ්‍ය දේ අනෙක් අයට ඒත්තු ගැන්වී ය.

මේ වියුක්තකරණය නොමැතිව බටහිර වි්‍යාවට උපතක් නො වී ය. අයින්ස්ටයින් විද්වතා පසු කලෙක වියුක්්තකරණය හා චිත්ත පරීක්‍ෂණ උපරීම තලයකට ගෙන ආවේ ය. අනිවාර්යයෙන් ම වියුක්තය පෞද්ගලිකත්වයෙන් ඔබ්බට ගියේ ය. පෞද්ගලික ඉන්ද්‍රිය ගෝචර නිරීක්‍ෂණ හා වියුක්ත චින්තනය අතර වූ පරස්පරය හේතුවෙන් අද බටහිර විද්‍යාව ඉමහත් අර්බුදයකට මුහුණ පා ඇත.


Wednesday, 18 May 2011

යුරෝපය බහුවිධ දෙවියන් ප්‍රතික්‍ෂෙප කිරීම

පැරණි ග්‍රීකයන් ද යුදෙව්වන් ද දෙවියන් සමග සන්නිවේදනය කර තිබිය දී දෙවියන්ගෙන් යම් යම් දේ දැනගෙන තිබිය දී වත්මන් බටහිරයන් එසේ නොකරන්නේ ඇයි ද යන ප්‍රශ්නය අප හමුවේ වෙයි. වත්මන් යුරෝපීය සංස්කෘතියෙහි ප්‍රධාන කණු දෙකක් වී ඇත්තේ ග්‍රීක සංස්කෘතිය හා චින්තනයත් යුදෙව් සංස්කෘතිය හා චින්තනයත් ය. එසේ තිබිය දී වත්මන් බටහිරයන් ඒ දෙවියන් අත්හැර දමා ඇත්තේ ඇයි? අද බටහිර ජීවත්වන ප්‍රධාන පෙළේ විද්‍යාඥයන් දෙවියන්ගෙන් යම් යම් දේ අසා දැනගත් බවක් අපි නො දනිමු.

මෙයට ප්‍රධාන හේතුව දේශපාලනය යැයි සිතිය හැකි ය. කතෝලික සභාව දෙවියන් හා යක්‍ෂයන් මුළුමනින් ම අත්හැරියේ නැත. එහි ලෝකය මැවූ යෙහෝවා දෙවියන්ට අමතර ව තවත් දෙවියෝ සිටිය හ. ඒ දෙවියෝ් පන්සල්වල දක්නට ඇති රූපවලින් පෙන්නුම් කෙරෙන දෙවියන්ට වඩා වෙනස් වූහ. කතෝලික ආගමේ අනෙක් දෙවියන් නිරූපණය වන්නේ තටු (පියාපත්) සහිත අය ලෙස ය. මේ දෙවියෝ ඇතැම් විට ඒන්ජල්ස් (දේවදුතයෝ) නමින් හැඳින්වෙති. මෙි දේවදුතයන් ද යමිකිසි දේව මණ්ඩලයකට හෝ දේව මණ්ඩලවලට අයත් වෙති යි සිතිය හැකි ය. ඒ දේව මණ්ඩලවල දෙවියන් පියාපත් වැනි දෙයකින් ද සෑරසී සිටින බවත්, ඉන් එකක නායකයා යෙහෝවා දෙවියන් යැයි ද සිතිය හැකි ය.

දෙවියන් සමග සන්නිවේදනයෙහි යෙදෙන අය එවැනි දෙවියන් ද දැක ඇත. එපමණක් නොව පසුගිය දා ශල්‍ය කර්මයක දී එළොව ගොස් මෙළොව ආ බටහිර එක්තරා කුඩා ක්‍රිස්තියානි/කතෝලික කුඩා ළමයකු මෙලොවින් ඈතට ගොස් සිටි සුළු කාලයෙහි දී එවැනි දෙවියන් මුණ ගැසී ඇතැයි කියැවෙයි. අපේ භාෂාවේ ඇති එළොව ගොස් මෙළොව ආවා යන්න එසේ මරණ මංචකයට පිවිස මනස සිරුරෙන් නික්ම ගොස් යම් අත්දැකීම් ලැබ ටික වේලාවකින් ආපසු පැමිණි අය නිසා නිර්මාණය වූ පිරුළක් විය හැකි ය. ඒ කුමක් වුවත් කතෝලික පල්ලියේ දිගින් දිගට ම එවැනි දේව සම්බන්ධකම් ගැනත් යක්‍ෂයන් එළවීම ගැනත් සඳහන් වී ඇත.

කතෝලික පල්ලිය මධ්‍ය කාලය යැයි බටහිරයන් විසින් හැඳින්වෙන යුගයෙහි දී තම ආධිපත්‍යය සාමාන්‍ය ජනයා අතර පැතිරවීමෙහි දී මේ දේව යක්‍ෂ සම්බන්ධකම් ද යොදාගෙන ඇත. පාප් වහන්සේට විරුද්ධව කතෝලික පල්ලියේ ම මාටින් ලූතර් වැනි පූජකවරුන් ගෙන යන ලද සටනේ දී ඔවුන්ට මේ දේව සම්බන්ධකම් ද ප්‍රශ්නයක් වන්නට ඇත. එහෙත් එයට පෙර ද කතෝලිකයන්ට පෙරදිගින් පැමිණි දේව සම්බන්ධකම් ඔස්සේ මෙන් ම භාවනාවෙන් හා යෝග අභ්‍යාසයෙන් ද ලබාගත් දැනුම ප්‍රශ්නයක් වූ බව ද පැහැදිලි ය.

අද බටහිරයන් කූමන බයිලා කීව ද, ගැලීලියෝගේ කාලයෙහි දී යුරෝපයට පෙරදිගින් පැමිණි දැනුම අවශෝෂණය කිරීමේ ගැටළුවක් විය. භාරතීයයන් මෙන් භාවනාවෙහි යෝග අභ්‍යසයෙහි දක්‍ෂයන් නොවුණු බටහිරයන්ට එලෙස පෙරදිගින් පැමිණි දැනුම තමන්ගේ සංස්කෘතියට ලබාගැනීමට තරම් ආධ්‍යාත්මික වර්ධනයක් නො තිබිණි. ඔවුන් සමහර දෙනකු දෙවියන් සමග සන්නිවේදනයක් කළ ද, ඔවුන්ට පෙරදිග දැනුම ප්‍රත්‍යක්‍ෂ කිරීමේ දී බාධා ඇති විය. ගැලීලියෝ ඒ ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්වූයේ වියුක්ත චින්තනය මත පදනම් වෙමිනි.

අප බොහෝ විට කියා ඇති පරිදි පෘථිවිය සූර්යයා වටේ යන බවට ඇති දැනුම යුරෝපයට ගෙන ගියේ භාරතයෙනි. භාරතීයයන් ඒ බව දැනගත්තේ ඊනියා ඉන්ද්‍රිය ගෝචර අත්දැකීමක් උපයෝගී කරගෙන නොව එක්කෝ පංචෙන්ද්‍රිය වසා දැමීමෙනි. නැත්නම් දෙවියන්ගෙනි. භාවනාවෙන්, යෝගී අභ්‍යාසවලින් මනස පංචෙන්ද්‍රියන්ගෙන් නිදහස් වූ විට මනසට විවිධ වෙනත් අත්දැකීම් ගෝචර වීමට පටන්ගනියි. මනසට පමණක් ගෝචරවන මේ දැනුම සත්‍යය යැයි අපි නො කියමු. ඒ දැනුම ද අනෙක් දැනුම් මෙන් ම මනසේ නිර්මාණ වෙයි. සියළු දැනුම් මනසේ නිර්මාණ වෙයි. මනස ඇතැම් දැනුම් පංචෙන්ද්‍රිය ද ඇසුරු කරමින් නිර්මාණය කරන අතර තවත් දැනුම් පංචෙන්ද්‍රියයන්ගෙන් ස්වායත්ත ව නිර්මාණය කරයි.

භාරතයේ ද බොහෝ විට ලංකාවේ ද තිබූ සූර්ය කේන්ද්‍රවාදය, එනම් සූර්යයා වටා පෘථිවිය ඇතුළු ග්‍රහ වස්තු චලනය වන බව හුදු සාපේක්‍ෂ දැනුමක් විය. පෘථිවියට සාපේක්‍ෂව සූූර්යයා චලනය වන බවට අපේ රටවල තිබූ දැනුම එලෙස ම යොදාගන්නා ලදී. ඒ කිසිවිටෙකත් මිථ්‍යාවක් ලෙස ප්‍රතික්‍ෂෙප නො කෙරිණි. එය තවත් සාපේක්‍ෂ දැනුමක් විය. ජ්‍යොතිෂයෙහි දී යොදාගනු ලැබුයේ පෘථිවියට සාපේක්‍ෂව සූර්යයා ද ග්‍රහයන් ද පෘථිවිය වටා චලනය වන බව ය.

එහෙත් ප්‍රශ්නය වූයේ මනසට පමණක් සීමා වූ දැනුම් යුරෝපයට ගිය විට යුරෝපීයයන් ඒ ග්‍රහණය කරගත්තේ කෙසේ ද යන්න ය. යුරෝපීයයන් දෙවියන් සමග සම්බන්ධකම් පවත්වා ඇති නමුත් ඔවුන්ට භාවනාව, යෝගී අභ්‍යාස ආදිය ගැන දැනුමක් නො වී ය. පංචෙන්ද්‍රිය නොමැතිව මනසින් පමණක් දැනුම ලබාගැනීමේ ක්‍රමවේදයක් ඔවුන් සතු නො වී ය. ග්‍රීකයන් ද යුදෙව්වන් යුරෝපයට සංක්‍රමණය වීමෙන් පසුව ඔවුන් ද ඒ ඒ දෙවිවරුන් සමග සම්බන්ධ වී දැනුම ලබාගත්ත ද දෙවියන්ගෙන් තොරව පංචෙන්ද්‍රියන් වසා දමා මනසින් පමණක් දැනුම ලබාගැනීම යුරෝපීයයන්ගේ අත්දැකීමක් නො වී ය.

එවැනි තත්වයක් යටතේ යුරෝපීයයන්ට වියුක්ත චින්තනයකට යෑමට සිදුවිය. ඒ සඳහා ද ඔවුන්ට ග්‍රීකයන්ගෙන් හා යුදෙව්වන්ගෙන් ලැබුණු අත්දැකීම් හා නිිදර්ශන විය. කතෝලික චින්තනයට පෙර ග්‍රීක හා යුදෙව් චින්තනවල වියුක්ත චින්තනය විය. ග්‍රීකයෝ වියුක්ත ගණිතයක් බිහිකළහ. යුදෙව්වෝ වියුක්ත දෙවියන් වහන්සේ කෙනකු බිහිකළහ. එහෙත් සෙසු යුරෝපයට මේ දෙක ම දිරවාගත නො හැකි විය. කතෝලික චින්තනයෙහි වියුක්ත දෙවියන් සිටිය ද ඔවුහු මරියතුමිය ඔස්සේ පංචෙන්ද්‍රියවලට ගෝචර වූ සංයුක්ත දෙවි කෙනකුන් ඇතිකරගත්හ.

ක්‍රිස්තුස් වහන්සේ ම වියුක්ත දෙවියන් නැතිකර තිබිණි. උන්වහන්සේ මරියතුමියගේ කුසින් ඉප දී තමන් වහන්සේ දෙවියන් වහන්සේ බවත් එමෙන් ම දෙවියන් වහන්සේගේ පුතා බවත් පැවසූහ. අප කලින් කියා ඇති පරිදි යෙහෝවා දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ ආධිපත්‍යය යුදෙව්වන් නොවන ජනතාවටත් පැතිරවීම සඳහා මනුෂ්‍යාත්මයක් ලබාගෙන මරියතුමියගේ කුසින් බිහිවන්නට ඇත. තමන් දෙවියන් වහන්සේ බවත් උන්වහන්සේගේ පුතා බවත් කීමට ක්‍රිස්තුස් වහන්සේට හැකියාව ලැබුණේ එසේ යැයි සිතමි. ක්‍රිස්තුස් වහන්සේ තමන් දෙවියන් වහන්සේ යැයි කියන විට ම දෙවියන් වහන්සේ වියුක්ත භාවයෙන් මිදී පංචෙන්ද්‍රිය ගෝචර තත්වයකට පත්වෙයි.

එහෙත් ක්‍රිස්තුස් වහන්සේට තමන් ජීවත් ව සිටි කාලයෙහි යුදෙව්වන් නොවන ජනතාවට යෙහෝවා දෙවියන් පිළිගැන්වීමට නොහැකි වූවා පමණක් නොව යුදෙව්වෝ ද එතුමන්ට විරුද්ධ වූහ. තම වියුක්ත දෙවියන්ගේ පිළිමයක්වත් ඇඹීමට විරුද්ධ වූ යුදෙවිවෝ් තම දෙවියන් පණ පිටින් දැකීමට හැකි යැයි සිතත් ද? යුදෙව්වෝ රෝමයන් සමහ එකතු වී ක්‍රිස්තුස් වහන්සේ මරා දැමූහ. යෙහෝවා දෙවියන් වහන්සේ යුදෙව් නොවන ජනතාව අතරට ගෙන ගියේ පාවුළු තුමන් ය. ඉන්පසු තෙවැනි සියවසේ රෝම කොන්සතන්තයින් රජුගේ කාලයෙහි ක්‍රිස්තියානි ආගම රෝමයේ රාජ්‍යාගම බවට පත් කෙරිණි. රෝමානු කතෝලික සභාවේ උත්පත්තිය ඉන් පසුව තහවුරු විණි. කතෝලික සභාවේ චින්තනය,( අපි එයට කතෝලික චින්තනය යැයි කියමු) මධ්‍යකාලීන යුරෝපයෙහි චින්තනය විය.

කතෝලික චින්තනය වියුක්ත චින්තනයක් නොවූ අතර එහි න්‍යාය වූයේ ග්‍රීක ඇරිස්ටෝටලීය න්‍යාය (ලඔගඉච) නොව ත්‍රිකෝටික චින්තනය ය. පියා හා පුතා එකම තැනැත්තා විය හැක්කේ එවැනි න්‍යායක ය. සංයුක්ත කතෝලික චින්තනයට පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් ප්‍රධාන විය. පාප් වහන්සේට ඉර පොළොව වටා යනු මිස පොළොව ඉර වටා යෑමක් දර්ශනය නො වී ය. ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානයෙන් පසු ස්වර්ගයට යෑමෙන් නැවතත් නොපෙනෙන දෙවියන් වහ්සේ කෙනකු කතෝලිකයනට සිටි නමුත් මෙලොව කටයුතුවල දී කතෝලික සභාවේ චින්තනය මුළුමනින් ම සංයුක්ත විය.

භාරතයෙන් පොළොව ඉර වටා යන බවට වූ දැනුම කොපර්නිකස් මගින් ඉතාලියට ගියේ එවැනි පසුබිමක ය. පොළොව ඉර වටේ යන්නේ යැයි කීම භාරතීයයනට මනසින් දැකිය හැකි වුවත් යුරෝපයට එය පංචෙන්ද්‍රිය ඇසරෙන් දැනගැනීමට නොහැකි විය. එහි ප්‍රතිඵලය වූයේ පාප් වහන්සේ ගෑලීලියෝට පොළොව ඉර වටා යන බව ඔප්පු කිරීමට අභියෝග කළ විට ඔහට ඒ කළ නොහැකි වීම ය. පාප් වහන්සේ උරණ වූයේ ගැලීලියෝ තමන්ට ඔප්පු කිරීමට නොකළ හැකිවූවක් ඉගැන් වූ බැවිනි. පාප් වහන්සේගේ පැත්තෙන් ගත්කල ගැලීලියෝට දඬුවම් පැමිණ වීම වරදක් නො වේ.

භාවනාව හෝ යෝග අභ්‍යාස හෝ නොදත් ගැලීලියෝ ට සිදුවයේ පොළොව ඉර වටෙි යන බව පෙන්වීමට සාපේක්‍ෂ චලිතය උපයෝගී කරගනිමින් වියුක්ත චින්තනයේ පිහිට පැතීමට ය. ඔහුට වෙන විකල්පයක් නො වී ය. බටහිර විද්‍යාවටත් පසුව පොදුවේ බටහිර දැනුමටත් ප්‍රවාද ගෙතීම සඳහා වියුක්ත චින්තනය ඇතුල් වූයේ එලෙස ය. වියුක්තය අත්දැකීම් සාධාරණය කිරීමෙහි ලා ද වැදගත් වෙයි.

දහහත්වැනි සියවසෙහි මාටින් ලූතර් ක්‍රියාත්මක වූයේ එවැනි පසුබිමක ය. එතුමාට පාප් වහන්සේගේ හා පල්ලියේ ආධිපත්‍යය ප්‍රශ්නයක් විය. එතුමා කතෝලික පල්ලියෙහි දේශපාලන ආධිපත්‍යයට අභියෝග කළේ ය. ඒ අභියෝගයේ දී (බහුවිධ) දෙවියන් හා යක්‍ෂයන් මගින් කතෝලික පල්ලිය යම් යම් දේ කරගත්තේ නම් එය මුළුමනින් ම මිථ්‍යාවක් යැයි කීමට කතෝලික ආධිපත්‍යයට අභියෝග කළ නව ක්‍රිස්තියානීන්ට සිදු විය. යුරෝපයේ (බහුවිධ) දෙවියන් සමග තිබූ සම්බන්ධකම් එලෙස නැති වී යැයි සිතිය හැකි ය. එහෙත් නව ක්‍රිස්තියානීහු මැවුම්කාර දෙවියන් වහන්සේ ප්‍රතික්‍ෂෙප නො කළහ. කතෝලික පල්ලියේ ජෙසුයිට් වැනි නිකායවල තිබූ කැපකිරීමෙන් වැඩකිරීම ද නව ක්‍රිස්තියානිහු ලබාගත්හ.

බටහිර ග්‍රීක යුදෙවි ක්‍රිස්තියානි චින්තනයෙහි වර්ධනයක් එමගින් පිළිබිඹු විය. පහළොස්වැනි සියවසේ අගභාගයෙහි ආරම්භ වූ බටහිර නුතනත්වය ඒ සමග බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ලෙස නම් කළ හැකි විය. පහළොස්වැනි සියවසේ ඇරඹි පුද්ගලිකත්වය ඉස්මතු වීම මාටින් ලූතර් තව දුරටත් වර්ධනය කළේ දෙවියන් වහන්සේ ද පෞද්ගලිකකරණයට ලක්කිරීමෙනි. සියළු දෙනාම එකතු වී පල්ලියේ යාඥා පැවැත්වීමේ අනවශ්‍ය බව ලූතර් අවධාරණය කෙළේ ය. දෙවියන් වහන්සේ සෑම තෑනක ම සෑම විටක ම සිටින්නේ නම් දෙවියන් වහන්සේට යාඥා කිරීමට පල්ලියට නොගොස් තනිව ම කළ හැකි යැයි ඔහු කියා සිටියේ ය. එමගින් ඔහු පාප් වහන්සේගේ හා පල්ලියේ ආධිපත්‍යයට තර්ජනයක් එල්ල කළේ ය.