Main Logo

Tuesday 31 July 2018

නිරවුල් සංකල්ප හා ඊනියා දෙමළ ජනතාව




නිරවුල් සංකල්ප හා ඊනියා දෙමළ ජනතාව



පසුගිය දිනෙක අනුරාධපුරයේ ඇත කාලයේ දෙමළ ජනතාව හිටි බව කියැවුණා. ඔවුන් ටික දෙනකු වෙළඳාම සඳහා මෙහි පදිංචි වී සිටි බවත් කියැවුණා. අපේ උගතුන් (මාධ්‍යවේදීන් ද ඇතුළුව) සංකල්ප ගැන එතරම් නිරවුල් නැහැ. සරල රේඛා ඛණ්ඩය, කිරණය, සරල රේඛාව අතර ඇති වෙනස දන්නා අය කී දෙනකු ලංකාවේ ඉන්නවා ද? සැවො ම පාහේ සාමාන්‍ය පෙළට ගණිතය හදාරනවා. සෑහෙන පිරිසක් සාමාන්‍ය පෙළට පෙනී සිටිනවා. එහෙත් ප්‍රශ්න පත්‍රවලත් AB සරල රේඛාව යනුවෙන් සරල රේඛා ඛණ්ඩ හඳුන්වනවා. කිරණයක් කියන්නේ එක් ලක්‍ෂ්‍යයකින් පටන් ගෙන එක් දිශාවකට පමණක් අනන්තයට විහිදෙන ගණිතමය භූතාර්ථයකට. සරල රේඛාවක් නම් දෙපැත්තට ම අනන්තය දක්වා විහිදෙනවා. සරල රේඛා ඛණ්ඩයක් එක් පැත්තකින්වත් අනන්තයට යන්නේ නැහැ.

Monday 30 July 2018

What is Science 1


What is Science 1 



Is there a specific method of acquiring knowledge, which is peculiar to Science? Starting with Bacon up to Kuhn, perhaps the Philosophers of Science had thought so, though the methods that they had identified were not the same. They were in agreement that Science differs from other subjects and systems of knowledge mainly because there was a “scientific method” in acquiring knowledge. Feyerabend1 on the other hand was of the opinion that there was no scientific method as such.

Sunday 29 July 2018

මහින්ද හා පාස්පෝට් ජාතිය


මහින්ද හා පාස්පෝට් ජාතිය



මහින්ද අද රටේ ජනප්‍රිය ම නායකයා බව දුමින්ද දිසානායකත් පිළිගන්නවා. දුමින්ද මහින්දට කැමති අයකු නොවෙයි. දේශපාලනඥයන් ලෙස මහින්ද හා දුමින්දගේ පියා බර්ටි ප්‍රේමලාල් අතර ප්‍රශ්න තිබුණා. මහින්ද හා එස් බී අතරත් මහින්ද හා මංගල අතරත් ප්‍රශ්න තිබුණා. මහින්ද හා මෛත්‍රිපාල අතර ප්‍රශ්න නොතිබුණා නො වෙයි. මේ ප්‍රශ්නවලට විවිධ හේතු තියෙන්න ඇති. සමහරවිට වෙනත් අය ඒ පිටුපස ඉන්නත් ඇති. දේශපාලනය කියන්නෙ කැපිලි කෙටිලි ඇති ඉහළ ම තැන. අනෙක් තැන්වලත්  කැපිලි කෙටිලි තියෙනවා.

Saturday 28 July 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 12


දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 12



සංගක්කාර දේශපාලනයට එයි කියල කතා කරනවා. ඔහුගේ පියා ලාල් විජේනායකගෙ සමීප මිතුරකු බවත් දැන් කතා වෙනවා. ඒ දෙදෙනා ම නුවර නීතිඥයන්. මා පේරාදෙණියෙ ඉන්න කාලෙ ඉඳලා ලාල් දන්නවා. අප එකට සමසමාජ පක්‍ෂෙ වැඩ කළා. කාලෙකට ඉස්සර සංගක්කාර දේශපාලනයට ඒම ගන මා කී විට සුපුරුදු පරිදි  කිසිවකු එය සතපහකටවත් ගණන් ගත්තෙ නැහැ. ඔහුට එම් සී සී ආයතනය කොලින් කවුඩ්රි දේශනය පැවැත්වීමට ආරාධනය කිරීමට පෙරයි මා ඒ කතාව කිව්වෙ. ඔහු වැනි තරුණයකුට කොලින් කවුඩ්රි දේශනය කරන්න දුන්නෙ ඔහුට තැනක් හදා දීමට මිස ඔහුගේ පරිණතබවක් සලකලා නො වෙයි. ඒ බවත් මා එකල ම කියා ඇති. දැන් ඉම්රාන් කාන් පකිස්ථානයේ දිනලා. වැඩිකල් යන්න ඉස්සර හමුදාව ඔහු ගැන බලා ගනීවි. ඒත් දැනට ඒ කාරණය නිසාත් සංගක්කාර ඉහළට ගිහින්. මා මේ කාරණය මතක් කෙළේ සිංහලයන්ට යමක් අවබෝධ කර ගැනීමට බොහෝ කල් යන බව කීමටත් ඒ වන විට ඒ ගැන මුලින් කතා කළ අය අමතක වී ඇති බවත් කීමට පමණයි. සංගක්කාර ගැන අපි පස්සෙ තව කතා කරමු. ඔහුට දිනන්න බැහැ. එහෙත් වෙන අයකු දිනන එක වළක්වන්න පුළුවන්. ඔහු මුදළට වෙනත් අයගේ භාණ්ඩ විකුණන්නකු ද වෙනවා. 

Friday 27 July 2018

විග්නේස්වරන්ගෙ ඉතිහාසය 2




විග්නේස්වරන්ගෙ ඉතිහාසය 2





විග්නේස්වරන් ඉරිදා දිවයිනට කියල තියෙන්නෙ එක එක අයගෙන් අහුලගත්ත කෑලි. ඔහුගේ මතයක් කියල එකක් නැහැ. පරණ කතා ටිකකුයි යාපනය විශ්වවිද්‍යාලයේ හිටපු ඉතිහාස මහාචාර්යවරයකු වූ සිවසුබ්‍රමනියම් පද්මනාදන් කියන කතා ටිකක් තමයි ඔහු කියන්නෙ. මා පේරාදෙණියෙ සේවය කළ කාලෙ පද්මනාදනුත් හිටියා. ඔහු මට වඩා ජ්‍යෙෂ්ඨයි. මා පළමු වසරෙ සිසුවකුව සිටි අවධියේත් ඔහු සහකාර කථිකාචාර්යවරයෙක්. ඔහු පසුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උපසභාපති ලෙසත් හිටියා. ඒ චන්ද්‍රිකාගෙ ආණ්ඩුව කාලෙ. දැන් ඔහු යාපනය විශ්වවිද්‍යාලයෙ කුලපති. ඔහු මගේ මිත්‍රයෙක්. මා කාර්තිගේසු ඉන්ද්‍රපාලත් දැන හිටියා. ඔවුන්ට සිද්ධ වෙලා තියෙනවා දෙමළ ජාතිවාදයට කතා සපයන්න.

Thursday 26 July 2018

දිනේෂ් හා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය


දිනේෂ් හා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය



විග්නේස්වරන්ගේ ඉතිහාසය ලිවීම දිනකින් කල් දැමීමට සිදුවෙනවා. ඒ දිනේෂ් ගුණවර්ධන ගැන යමක් පැවසීමට. දිනේෂ් තම දේශපාලන වුවමනාවන් සඳහා ජාතිකත්වය ගසා කෑ අයකු නොවෙයි. අසූවේ දශකයේත් ඔහු ජාතිකවාදියෙක්. බණ්ඩාරනායක මැතිණිය සමග ඔහු දිගින් දිගට ම දේශපාලනික ව ගමන් ගත්තේ වෙනත් පක්‍ෂයක නායකයා ව සිටිය දී. මව්බිම සුරැකීමේ ව්‍යාපාරය දෙකඩ වී සෝභිත හිමියන් හා ජ වි පෙ එක් පැත්තකටත් බණ්ඩාරනායක මැතිණිය තවත් පැත්තකටත් යන විට ඔහු සිටියේ බණ්ඩාරනායක මැතිණියගේ පැත්තේ. එදා ඒ පැත්තේ සිටියේ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්. අද මේ සම්බන්ධතා තරමක් වෙනස් වෙලා. එහෙත් නාලක හිමියන්ගේත් දිනේෂ් ගුණවර්ධනගේත් ජාතිකත්ව දේශපාලනය වෙනස් වෙලා නැහැ.

Wednesday 25 July 2018

විග්නේස්වරන්ගෙ ඉතිහාසය 1


විග්නේස්වරන්ගෙ ඉතිහාසය 1



කුමාරස්වාමි විසුවලිංගම් විග්නේස්වරන් ඉතිහාසය ගැන කියන්නේ පැරණි කතා. මේ කතා ප්‍රතික්‍ෂෙප වී බොහෝ කල් ගත වී ඇති නමුත් තවමත් සමහරු ඒ පුනරුච්චාරණය කරනු දකින්න පුළුවන්. මේ ඉතිහාසයට අනුව මෙරට මුල් පදිංචිකරුවන් දෙමළ. ඒ කියන්නේ අවුරුදු දෙදහස් පන්සියකටත් පෙර. ඊට පසු සිංහලයන් මෙරටට පැමිණ තියෙනවා. එහෙත් සිංහලයන් පැමිණෙන්න ඔවුන් වෙනත් රටක ඉන්න ඕන. එහෙම දෙයක් කිසිවකුටවත් පෙන්නන්න බැහැ. දෙමළ නම් අඩුම තරමෙන් තමිල්නාඩුවෙ ඉන්නවා. සිංහලයන් අඩුම තරමෙන් වංගයේවත් (බෙංගාලයේ) නැහැ. විග්නේස්වරන්ගේ සාකච්ඡාවෙ කියන්නෙත් සිංහලයන් ඉපදෙන්නටත් පෙර දෙමළ ජනයා හිටි බවයි. මෙහි ඉපදෙන්න කියලා කියන්නෙ ආරම්භය කියන එක බව පැහැදිලියි. විග්නේස්වරන්ට අනුව සිංහල ජාතියෙ ආරම්භය ක්‍රී ව හයවැනි සියවසේ පමණ. ඒ කියන්නෙ මහාවංසෙ ලිව්වටත් පස්සෙ!

Tuesday 24 July 2018

විග්නේස්වරන්ලාට කොටි අවශ්‍ය ඇයි?


විග්නේස්වරන්ලාට කොටි අවශ්‍ය ඇයි?



උතුරු පළාතේ මහා ඇමති සී වී විග්නේස්වරන් පුවත්පතක් සමග කළ සාකච්ඡාවක් දැන් වෙබ් අඩවිවලත් ප්‍රචාරය වෙනවා. එයට පිළිතුරක් සැපයීම අවශ්‍ය වන්නේ ඔහු අද දෙමළ ජාතිවාදයේ ප්‍රධාන ප්‍රකාශකයන් දෙදෙනාගෙන් එක් අයකු නිසා. අනෙක් තැනැත්තා සුමන්තිරන්. විග්නේස්වරන් ප්‍රධාන කරුණු දෙකක් කියනවා. එක් කියමනකින් ඔහු විජයකලා කී දේ අනුමත කරනවා. අනෙකෙන් මෙරට බොරු දෙමළ ඉතිහාසය නැවතත් ප්‍රචාරය කරනවා. මෙය විජයකලා ප්‍රකාශය ගැනයි. බොරු ඉතිහාසය ගැන දෙවැනි ලිපියකින්.

Monday 23 July 2018

සාධන හා පෙන්වීම්


සාධන හා පෙන්වීම්



ගණිත ප්‍රශ්න පත්‍රවල තියෙන්නෙ සාධනය කරන්න පෙන්වන්න කියල. මේ දෙකෙන් කියැවෙන්නෙ දෙකක් වුවත් ගණිතයේ දී පිළිතුරු දෙන්නෙ එකම විධියට. පෙන්වන්න කියන එක සාධනය කරන්න කියන එක තරම් දැඩි ව කළ යුතු දෙයක් නො වෙයි. එහෙත් පෙන්වීම කෙතරම් දුරට සාර්ථක ද කියල කියන්න බැහැ. සාධනය නම් නිවැරදි ද කියලා සාමාන්‍යයෙන් කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් කියල කිව්වෙ වරතමානයෙ ඉදිරිපත් කරන පරිගණක ආශ්‍රිත සාධන, පිටු දහස් ගණනක් දිවෙන සාධන නිවැරදි ද කියල කියන එක තරමක ප්‍රශ්නයක්.

Sunday 22 July 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 11


දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 11



ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය ඇති වූයේ වතු කම්කරුවන්ගේ ඡන්ද බලය අහිමි කිරීම නිසා ය කියන එක බොරුවක්. කලින් ලිපියේ පෙන්වා දුන් පරිදි ඡන්ද බලය අහිමි කෙළේ නැහැ. ලංකාව ඩොමීනියන් නිදහස ලැබීමෙන් පසු රටවැසියා යනු කවු ද කියා රටවැසි පනතකින් නිර්වචනය කළා. වතු කම්කරුවන් රටවැසියන් වූයේ නැහැ. ඔවුන් ඉංගිරිසින් විසින් ආනයනය කරනු ලැබූ එංගලන්ත යටත්විජිතවැසියන්. මා සඳහන් කර ඇති පරිදි හැත්තෑවේ දශකයේ එංගලන්තයේ හා ඕස්ත්‍රේලියාවේ පොදුරාජ්‍ය මණ්ඩල රටවල වැසියන්ට ඡන්ද බලය හිමි වුණා. ඒ පොදුරාජ්‍ය මණ්ඩල රටවල වැසියන් ඒ රටවල දී එංගලන්ත යටත්විජිතවාසීන් ලෙස සැලකුණු නිසා. ඉංගිරිසියෙන් ඔවුන්ට කීවේ බ්‍රිටිෂ් සබ්ජෙක්ට්ස් කියා.

Saturday 21 July 2018

මෙය අතීත ආවර්ජනයක් ම නොවෙයි


මෙය අතීත ආවර්ජනයක් ම නොවෙයි



ටික කලකට පෙර සුමේධ වීරවර්ධන, චන්න ජයසුමන, චන්දිම අඹන්වෙල තමන්ගේ ජාතික ව්‍යාපාර අතීතය ගැන මෙනෙහි කරල තිබුණ. මට එලෙස මෙනෙහි කරන්න තරම් සොඳුරු අතීතයක් නැහැ. ඒත් මට ඇමරිකා එක්සත් රාජ්‍යයන්හි වෙසෙන අජිත් හේරත් කාලෙකට පස්සෙ මුණ ගැසුණා. ඒ වගේ ම නන්දන පෙරේරා සමග බොහෝ වෙලාවක් දුරකතනයෙන් සම්බන්ධ වෙන්න පුළුවන් වුණා. ඉන් පස්සෙ මේ ටික ලියන්න හිතුණා. ඔවුන් දෙදෙනා සුමේධලා කතා කරන යුගයට වඩා අතීතයකට යනවා. මේ දෙදෙනා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ. අජිත් හේරත් මා අස්කරන විට කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨ සංගමයේ සභාපති. එකල එහි ලේකම් වුණේ අද දෙරණ ප්‍රධාන විධායක නිලධාරි මාධව මඩවල. මා කොළඹ හිටියේ 1979 සිට 1992 දක්වා. 1983 සිට 1992 දක්වා තමයි මට මතක හැටියට ගවේෂකයො සංවිධානය ක්‍රියාත්මක වුණේ. ඒ අවුරුදු දහය කාලයෙහි කොළඹ විශ්වවිද්‍යාලයෙහි සිටි අය තමයි නන්දනගෙ වචනවලින් නම් අද ලංකාව රන් කරන්නෙ. නැහැ ඔවුන් ලංකාව රත්තරන් කරනවා නොවෙයි. රට කරවනවා.

Friday 20 July 2018

ආණ්ඩුවෙ ප්‍රජාතන්ත්‍රවාදය




ආණ්ඩුවෙ ප්‍රජාතන්ත්‍රවාදය



රනිල් වික්‍රමසිංහට අනුව මෙතරම් ප්‍රජාතන්ත්‍රවදී ආණ්ඩුවක් කිසි දිනෙක තිබී නැහැ. සමහරවිට ලෝකයේ කොහේවත් නොතිබෙන්නට පුළුවන්. දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී හමුදා කඳවුරු ගැන ප්‍රශ්න කළ විට රනිල් කියන්නේ ඒ හමුදාපතිවරුන්ගේ වැඩක් කියා ය. හමුදාපතිවරුන්ට එතරම් නිදහසක් තියෙනවා. ඇමතිවරයා හෝ ඇමතිවරු හෝ හමුදාපතිවරුන්ට උපදෙස් දෙන්නේ නැහැ. රනිල්ට අනුව අණක් නම් ඇමතිවරු කෙදිනකවත් දීමට විධියක් නැහැ. ආණ්ඩුව එතරම් ම ප්‍රජාතන්ත්‍රවාදීයි.

Thursday 19 July 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 10


දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 10



1948 දි අපට ඩොමීනියන් නිදහස ලැබෙන්න මාස කිහිපයකට ඉස්සෙල්ලා ඉන්දියාවටත් ඩොමීනියන් නිදහස ලැබුණා. ඒත් ඒ එතෙක් පැවති ඉංගිරිසි ඉන්දියාව දෙකඩ කරලා පකිස්ථානය කියල තවත් රටක් ඇති කරලා. ඒ ඉන්දියාවත් පකිස්ථානයත් වැඩිකල් යන්න ඉස්සෙල්ල ජනරජ බවට පත්වුණෙ ඉංගිරිසි රජු අයින් කරලා. ඔවුන් ජනරජ දින තමයි උත්සශ්‍රීයෙන් සමරන්නෙ. අපට ජනරජයක් වෙන්න අවුරුදු විසිහතරක් බලා ඉන්න වුණා. ජනරජයක් වෙලත් අපි ජනරජ දිනය අමතක කරලා. අඩු තරමෙන් එදාට නිවාඩුවක්වත් නැහැ. අපි තාමත් සමරන්නෙ ඩොමීනියන් නිදහස ලැබුණු දිනය.

Wednesday 18 July 2018

තේරවිල්ලක්




තේරවිල්ලක්



මා මේ ලිපි ලියන්නේ මට ම බව දැන් වැටහෙනවා. ඒ මට නිරවුල් වීම සඳහායි. පඬියකු කියන්න පුළුවන් දැන්වත් නිරවුල් වෙන එක හොඳයි කියලා. සමාජයට මේ ලිපිවලින් සතපහක වැඩක් නැතිවා පමණක් නොව ඒ ගැන කල්පනා කිරීමටවත් අවශ්‍ය නැති බව පේනවා. ඇතැමුන් ඒ ලිපිවලට විවිධ අර්ථකථන දෙනවා. ඒ විවිධ අරමුණු ඇතිව වෙන්න පුළුවන්. ජාතික ව්‍යාපාරයට හා ජනමාධ්‍යයට නම් මේ ලිපි නයාට අඳුකොළ වගේ බව මා දන්නවා. ජාතික ව්‍යාපාරයේ කිසිවකු, අඩු තරමින් ගුණදාස අමරසේකරවත් මේ ලිපි ගැන හොඳක් කියා නැහැ, මගේ කිසිම පොතක් ගැන විවේචනයක් කර නැහැ. මගේ පොතක් විවේචනය කෙරුණේ කොළඹ විශ්වවිද්‍යාලයෙහි එකල පළ වූ ස්වාධීන සංගමයේ පුවත්පතක. මගේ ලෝකය ගැන ඒ විවේචනය ලිව්වේ ප්‍රගීත් එක්නැලිගොඩ කියා ඔවුන් කියනවා. එය විහිළුවට ලිව් එකක් ද කියා කියන්නේ නැහැ. එක්නැලිගොඩට මගේ ලෝකය තේරිලා නැති බව අමුතුවෙන් කියන්න ඕන නැහැ.  ජනමාධ්‍යයෙහි මේ ලිපි පළවන්නේ නැහැ. ජාතික ව්‍යාපාරයෙහි කිසිවකු කිසිම සාකච්ඡාකට මට ආරාධනය කරන්නේ නැහැ. රැස්වීම්වල කතා අහන්න නම් ඉඳහිට එන්න කියනවා. ඒ මනුස්සකමට වෙන්න ඇති. මා ලියා ඇති ලිපි ගණන මාවත් දන්නේ නැහැ. එහෙත් පිං (පව්) පොතේ ලියැවී ඇත්තේ එසේයි.

Tuesday 17 July 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 9

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව

දෙමළ ජාතිවාදයට කප්පන් දෙන නව ව්‍යවස්ථාව ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කරන්න යන බවට පුවත් පළ වෙනවා. මේ මණ්ඩලයෙන් ඒකාබද්ධ විපක්‍ෂය සම්පූර්ණයෙන් ම ඉවත් වන ලෙස අප කිහිප දෙනකු මහින්ද හමු වී ඉල්ලා සිටි නමුත් ඔවුන් ඉවත් වූයේ අනුකමිටුවලින් පමණයි. ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුවේ නියෝජනයක් නැති සංවිධානයක් ලෙසයි කතානායක සලකන්නේ. එහෙත් ව්‍යවස්ථා මණ්ඩලයේ එය කටයුතු කරනවා.

Monday 16 July 2018

පහළින් ඇති කෙරෙන රාජ්‍යය හා දෙමළ ජාතිවාදය


පහළින් ඇති කෙරෙන රාජ්‍යය හා දෙමළ ජාතිවාදය



මා සිතූ පරිදි ම දෙමළ ජාතිවාදය ගැන ලියන ලිපි කියවන්නේ ඉතා සුළු පිරිසක්. එහෙත් මා ලියන්නේ වර්තමානයේ කියවීම සඳහා ම නො වෙයි. මා ලියන්නේ මට වුවමනා නිසාත් ඇතැමුන්ට ප්‍රශ්න තිබෙන නිසාත්. පඬි පෝතකයකු කියා තිබුණා බටහිර හා ඉන්දියාව ගැන කීම නිසා ම මා බටහිර මැදිහත් වීම ඊනියා තනුක කරනවා කියා. ඒ තනුක කරනවා ව්‍යවහාරය සිංහල ද කියන එක ප්‍රශ්නයක්. කවුරු හරි කියන්න බැරි නැහැ වහරනු සෙරෙන් සපයා කියා. එහෙත් කිසිම වැටහීමක් නැති පඬි පෝතකයන්ගේ වහර සමාජයට යන්නේ නැහැ.

Sunday 15 July 2018

ට්‍රම්ප් සිරිසේන හා තවත් අය


ට්‍රම්ප් සිරිසේන හා තවත් අය



ඉඳුනිල් ප්‍රසන්න ට්‍රම්ප් හා සිරිසේන ගැන කෙටි සටහනක් ලියා තිබුණා. ඒ එලිසබෙත් වින්ඩ්සර් ඉදිරියේ දෙදෙනා හැසිරුණු ආකාරය පිළිබඳ ව. ට්‍රම්ප් හැසුරුණු ආකාරය ගැන එංගලන්තයේ විවේචන පළ වී තිබුණා. ඒ රජ පවුල අවශ්‍ය යැයි කියන අයගෙන් පමණක් නො වෙයි. එංගලන්තයේ වැසියන් රජ පවුලට ගෞරවයක් දක්වනවා. මට මතකයි කලකට පෙර කවුදෝ කියා තිබුණා අනාගතයේ දී ඉතිරිවන්නේ එංගලන්තයේ රජු හා රැජිනයි කඩදාසි කූට්ටමේ රජුන් හා රැජිනලා පමණයි කියා. තවත් රටවල් කිහිපයකත් තවමත් රජ පවුල් තිබෙන නමුත් එංගලන්තයේ රජ පවුලට ඇති වැදගත්කම අනෙක් රජ පවුල්වලට ලැබෙන්නේ නැහැ කියා. එංගලන්තයේ හැරී වින්ඩ්සර්ගේ මඟුල ගැන ලංකාවේත් ලොකු උනන්දුවක් තිබුණා.

Saturday 14 July 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 8


දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 8





විජය රජු හා පිරිස මෙරටට පැමිණෙන විට සිටි ජනයා ගැන මහාවංසය යමක් නිවැරදි ව නොපැවසීම දෙමළ ජාතිවාදීන් විවිධ අර්ථකථන සඳහා උපයෝගී කර ගන්නවා. නාගයන් දෙමළ යැයි කීම එක් කරුණක්. එහෙත් ඇසෑමයේ නාගයන් දෙමළ නොවීම ගැන ඔවුන් කිසිවක් කියන්නේ නැහැ. මා සිංහල ඉතිහාසයට එබී බැලීමක් යන ලිපියෙන් කියා ඇත්තේ විජය රජු හා පිරිස වෙනත් ජනවර්ගයක් මෙරට ඇති නොකළ බවත් ඔවුන් මෙරට සිටි ජනයා සමග මිශ්‍ර වී යම් සංස්කෘතික වෙනස්කම් පමණක් ඇති කළ බවත්.

Friday 13 July 2018

සිංහල ඉතිහාසයට එබී බැලීමක්


සිංහල ඉතිහාසයට එබී බැලීමක්



ඇමරිකා එක්සත් රාජ්‍යවල අගනුවර වූ වොෂිංටන්හි සෙනෙට් සභාව හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය රැස්වන ගොඩනැගිල්ක් තිබෙනවා. මේ ගොඩනැගිල්ලේ එක් ශාලාවක රටේ ඉතිහාසය නිරුපණය වන නොයෙකුත් චිත්‍ර ඡායාරූප පිළිම ආදිය තියෙනවා. එහි අයිසන්හවර්ගේ මෙන් ම රීගන්ගේත් පිළිම අඹා තිබෙනවා. මාටින් ලූතර් කිංගේත් පිළිමයක් තියෙනවා. එහෙත් එහි මුල් පදිංචිකරුවකුගේ පිළිමයක් නැහැ. රටේ ඉතිහාසය පටන් ගන්නේ 1607න් පමණ පසුව ඉංගිරිසින් වර්ජිනියා ප්‍රාන්තයට පැමිණීමත් සමග. කොලම්බස්ලා ගැන නොකියවෙනවා නො වෙයි. ඊනියා නව එංගලන්තය ගැන පමණක් නොව නව ප්‍රංසය, නව ස්පාඤ්ඤය ගැනත් කියැවෙනවා. එහෙත් අර ශාලාවේ නො වෙයි. වොෂිංටන්හි කැපිටල් ශාලාවේ ඇති ඉතිහාසය ඉංගිරිසින්ගේ හා පසුව වහලුන් ලෙස ගෙනා කළු ජනතාවගේ ඉතිහාසයයි.

Thursday 12 July 2018

රනිල්ගේ විස්ස


රනිල්ගේ විස්ස



රනිල් වික්‍රමසිංහගේ අවශ්‍යතාව සඳහා අනුර කුමාරගේ උපදෙස් මත විජිත හේරත් ගෙනෙන ලද විසිවැනි සංශෝධනය ගැසට් පත්‍රයේ පළ කරලා. එය සම්මත වීමට ඉඩක් තිබෙනවා. වෙල්ගම වැන්නන්ගේ ප්‍රකාශ එතරම් යහපත් නැහැ. විසිවැනි සංශෝධනය නිසා මහින්දට අගමැති වී නැවත ආණ්ඩුවේ නායකයා වීමේ අවස්ථාවක් ඇති බව පෙන්නුම් කරාවි. රනිල් අගමැතිකමෙන් ඉවත් කිරීම ගැන දැනට කතාබහක් නැහැ.

Tuesday 10 July 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 7

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 7

මගේ ලිපිවල මූලාශ්‍ර නැහැ. යාපනයේ ඊනියා දෙමළ ඉතිහාසය ගැන මා ද යම් යම් දේ ලියා තියෙනවා. එහෙත් කිසිවකු මා ලියා ඇති දෙයක් උපුටා දක්වන්නේ නැහැ. පොතපතේ සඳහන් දේ නැවත උපුටා දැක්වීම මගේ විධි ක්‍රමය නො වෙයි. මගේ ලෝකය කෘතියෙහි එක ම මූලාශ්‍රයක් දක්වලා නැහැ. එහෙත්ව ඇතැම් ලේඛකයන්ගෙන් ගත් දේ ගැන මා කියනවා. ඒ අතර මගේ ම අදහස් තියෙනවා. ඒ එකින් එක ගෙනහැර දැක්වීමත් මගේ විධික්‍රමය නො වෙයි. මා හැකිතාක් දුරට සංගත ව කතාවක් කියන්න උත්සාහ කරනවා.

Monday 9 July 2018

ආසියාව ද අප්‍රිකාව ද?

ආසියාව ද අප්‍රිකාව ද?

මේ පසුගිය 7වැනි සෙනසුරාදා නිව් සයන්ටිස්ට් සඟරාවේ පළ වූ ලිපියක්.

මිනිස් ජීවියා ඇතිවුණේ ආසියාවේ ද අප්‍රිකාවේ ද යන්න ප්‍රශ්නයක් වෙලා. මා මෙරට ඊනියා විද්‍යාඥයන්ගෙන් මෙයට විසඳුමක් බලාපොරොත්තු වන්නේ නැහැ. එහෙත් මගේ ප්‍රශ්නයක් තියෙනවා. මිනිසා එක තැනක ඇතිවුණේ ඇයි ද යන්න. මිනිසා කිහිප  තැනක ඇතිවන්නට තිබෙන බාධාව කුමක් ද? ඇතැම් විද්‍යාඥයන්ටත් ඒ ප්‍රශ්නය තියෙනවා. එහෙත් නිල බටහිර විද්‍යාව එය ඩී එන් ඒ කතා කියා මහහරිනවා. මෙයට පෙර අප්‍රිකා කතාව කී වෙලේ මා බහුසම්භව ප්‍රශ්නය නිව්සයන්ටිස්ට් කතුවරයාගෙන් ඇසුවා. ඔහු එයට දුන් පිළිතුරත් මේ සමග ඇති.

මා වඩාත් භයානක ප්‍රශ්නය ඇසුවේ නැහැ. සත්ව පරිණාමය ඩාවින් කියන ආකාරයෙන් ම සිදුවිය යුතු ද? එය තවත් කතාවක් පමණක් නොවේ ද?   

Saturday 7 July 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 6


දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 6





අර වෛද්‍ය මහාචාර්යවරයා හොඳ කතා කියනවා. ඔහුට අනුව ජී එල් පීරිස් 2015 ජනවාරියෙන් පසු හොඳ මිනිහෙක් වෙලා. ජී එල්ට සුදු පිරුවටයක් තියෙන හැඩයි. ජී එල් පීරිස් දැන් 13 ට විරුද්ධ ද? එහෙමත් නැත්නම් 13+ට විරුද්ධ ද? මහින්ද 13ට විරුද්ධ ද 13+ට විරුද්ධ ද? බැසිල් 13ට විරුද්ධ ද 13+ට විරුද්ධ ද? දැන් බලාගෙන යන කොට ජී එල් පීරිස් තමයි හොඳ ම ජාතිකවාදියා. විමල් 13 ගැන කියන්නේ මොකක් ද? ජී එල් පීරිස් අද ඊනියා ජාතිකවාදියකු වී ඇත්තේ රනිල් ඔහු නොගත් නිසයි. ඔහු 2015 ජනවාරි අටවැනි දාට පසු එ ජා ප නායකයකු හමුවීමට ගියේ නැද්ද? ඔහු මහින්ද මග හැරියේ නැද්ද? ඒ ඔක්කොම ජනවාරි අටට පසු. රනිල් ජී එල්ට විරුද්ධ නිසා අද ජී එල් ඊනියා ජාතිකවාදියකු වී සිටිනවා. ඉතා මැතක ජී එල් පීරිස් හා කෙහෙළිය රඹුක්වැල්ල සමගාමි ලැයිස්තුව අස්කර ගන්නා බවට ලිපියක් දුන්නේ නැද්ද? මහාචාර්යවරයාගේ කාලය ආපස්සට යනවා ද දන්නෙ නැහැ. නැතුව 2015ට පසු 2017 එන්න විධියක් නැහැ.  අනේ මෙහෙමත් මහාචාර්යවරු! ඔහු නම් විද්‍යාවටවත් පොදුවේ දැනුමටවත් අලුතෙන් ප්‍රවාදයක් සංකල්පයක් එකතුකර නැතත් නියම විද්‍යාඥයකු බව පේනවා. අද විද්‍යාවේ ඇත්තේ හරියනවා නම් ඕන දෙයක්. එය පසුව හරියන්නේ නැත්නම් ඕන ම නම් පමණක් අත්හරිනවා. එහෙම නැත්නම් හරියන වපසරියක යොදා ගන්නවා. රනිල් බැරි වෙලාවත් එ ජා පක්‍ෂයේ නායකත්වයෙන් බැහැර වුවහොත් ජී එල් පීරිස් නවතින්නේ එ ජා පක්‍ෂයේ. මේ මහාචාර්යවරුන් ගැන වැඩි කතා ඕන නැහැ.

Thursday 5 July 2018

ඉන්දියානුවන් හා ආසියාතිකයන්






ඉන්දියානුවන් හා ආසියාතිකයන්



මුළු ලෝකයේ ම දුඹුරු වර්ණ මිනිසුන් කී දෙනකු ඉන්නවා ද කියා මා දන්නේ නැහැ. එවැනි මිනිසුන් ඉන්නේ දකුණු ආසියාව ලෙස හැඳින්වෙන ඉන්දියාවේ හා අවට රටවල් කිහිපයක පමණයි. ඔවුන් කිහිප දෙනකු බටහිර රටවල ජීවත් වෙනවා. ඒත් බටහිර රටවල වෙනත් වර්ණවල මිනිසුන් ද ජීවත් වෙනවා. ඒ බටහිර රටවල් මුළු ලෝකය ම යටත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස. ඔවුන්ගේ ආර්ථික යටත්විජිතවාදයට හා සංස්කෘතික යටත්විජිතවාදයට අනෙක් රටවල් සියල්ල යම් ප්‍රමාණයකට හරි ගොදුරු වෙලා. ඒ නිසා ම අද බටහිර නොවන රටවල ඇතැමුන් බටහිර රටවල පදිංචි වෙනවා.

Wednesday 4 July 2018

විජයකලාගේ විකලාව


විජයකලාගේ විකලාව



විජයකලා මහේෂ්වරන්ගේ කොටි කතාව ගැන කියන කතාවකට අනුව ඇයට වුවමනා කර ඇත්තේ ශක්තිමත් පාලනයක්. ඇතැමුන් එය වේඬරුවේ උපාලි අනුනායක හාමුදුරුවන්ගේ කතාව සමග සංසන්දනය කරන්න යනවා. උන්වහන්සේට අවශ්‍ය වුණේත් ශක්තිමත් පාලනයක් මිස හිට්ලර් කෙනකු නොවේ යැයි කියන අතර විජයකලාට අවශ්‍ය වුණේ කොටි සංවිධානය නැවත ඇති කරන්න නොව ශක්තිමත් පාලනයක් යැයි කියන අය ඉන්නවා. ඒ විජයකලා වැරදි ප්‍රකාශයක් කර නැතැයි පෙන්වීමට.

Tuesday 3 July 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 5


දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 5





විජයකලා කොටි සංවිධානය තිබුණ නම් හොඳයි කියලා. තහනම් සංවිධානයක් ඕන කියලා කියන මන්ත්‍රීවරියකට විරුද්ධව රනිල් මොනව ද කරන්නෙ. අද එංගලන්තයත් දෙමළ ජාතික සංධානයේ ඇතැමුනුත් එකතු වෙලා කොටි සංවිධානයක් පිහිටුවන්න යනවා. මහින්ද පරාද කරන්න එංගලන්තය ප්‍රමුඛ බටහිරවල් තීරණය කෙළේ සිංහල බෞද්ධයනට විරුද්ධව රනිල් පත්කරල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරලා දෙමළ ඊළමකට පාර කැපීමට. එයට ඉන්දියාවත් සහාය දුන්නා. එහෙත් එය කරගන්න තවම බැරි වුණා. ඔවුන් දැන් කලක සිට කටයුතු කරන්නෙ දෙමළ ත්‍රස්තවාදය නැවත ඇති කරන්න. එය ක්‍රමයෙන් වැඩි යන්න රනිල් ඉඩ දෙනවා. අද බුද්ධි අංශය දුර්වල කෙරිලා. මෛත්‍රිපාලට ඒවා නවත්වන්න ශක්තියක් නැහැ. මෛත්‍රිපාල ජාතිකත්වයට විරුද්ධ කියලා කියන්නෙ ඔහු ඉන්දියාව මගින් රනිල් වෙතට ඇරපු බැසිලිකාවෙ පූජකවරුන්, වෛද්‍ය මහාචාර්යවරයකු හා මහා දාර්ශනිකයා.

Monday 2 July 2018

මෙරට වෘත්තීය අධ්‍යාපනය


මෙරට වෘත්තීය අධ්‍යාපනය



බොහෝ රටවල බටහිර වෛද්‍යවරුන්ට සමාජයේ වැදගත් කමක් ලැබෙනවා. ලංකාවෙත් එහෙමයි. ලංකාවෙ සමහර විට වෙනත් බොහෝ රටවලට වඩා වැදගත් කමක් ලැබෙනවා ඇති. ලංකාවේ බටහිර වෛද්‍යවරුන් විවිධ ක්‍රමවලින් තම ආධිපත්‍යය රැකගන්නවා. අනෙක් සෑම වෘත්තියක ම හා ශාස්ත්‍රීය කියන අධ්‍යාපනයෙහිත් පෞද්ගලික විශ්වවිද්‍යාල/අනුබද්ධ විශ්වවිද්‍යාල තිබෙන නමුත් බටහිර වෛද්‍ය විද්‍යාවේ පෞද්ගලික අධ්‍යාපන ආයතන පිහිටුවන්න දෙන්නෙ නැහැ. ඒ සඳහා උපයෝගී කර ගන්නෙ බොහෝ විට ශාස්ත්‍ර පීඨවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්. ඒ අතර තරුණ භික්‍ෂූන් වහන්සේ ද යොදා ගන්නවා. උන්වහන්සේලාත් ඉගෙන ගන්න විෂය සඳහා බාහිර උපාධි ආයතන හන්දියක් හන්දියක් ගානේ තියෙනවා.

Sunday 1 July 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 4


දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 4





දෙමළ ජාතිවාදය ගැන මේ ලිපි පෙළෙන් බටහිරයන් ගැන කියන බොහෝ දේ මෙයට වඩා තරමක් සවිස්තරාත්මක ව ප්‍රභාකරන් මහුගේ බාප්පලා හා මස්සිනාලා කෘතියෙන් කියවන්න පුළුවන්. ඒ කෘතිය www.kalya.org වෙබ් අඩවියට ගොස් එහි පැරණි වෙබ් අඩවියෙන් නොමිළේ බාගත කරගන්න පුළුවන්. එහෙම නැත්නම් නව වෙබ් අඩවියේ කාලය ලිපිවල 2016 අප්‍රේල් මස පළ වී ඇති එහි කොටස්වලින් කියවන්න පුළුවන්. මේ කෘතිය පළ වුණේ අනූවේ දශකයේ මුල බව සලකන්න. මෙහි පළවන්නේ අපට අද අදාළ කොටස් හා තවත් එකතු කරන ලද කොටස්. ජාතික ව්‍යාපාරය විසින් ප්‍රභාකරන් කෘතිය මුළුමනින් ම අමතක කර දමන ලද්දේ ඇයි ද යන්න ගැටළුවක්. එම කෘතියෙහි දෙමළ ජනයා ගැන කියවුණත් එයින් කියැවෙන්නේ දෙමළ ජනවර්ගයක් ගැන නො වෙයි. මෙරට තවමත් දෙමළ ජනවර්ගයක් නැහැ. ඇත්තේ දළ වශයෙන් දෙමළ කතාකරන ජනකොටස් තුනක් පමණයි. ඒ යාපනයේ, මඩකලපුවේ හා කඳුකරයේ. ඔවුන්ට වෙන වෙන ම නායකයන් ඉන්නවා. ඔවුන්ට ජනවාර්ගික කියා නායකයන් නැහැ.