දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 9
දෙමළ ජාතිවාදයට කප්පන් දෙන නව ව්‍යවස්ථාව ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයේ
මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කරන්න යන බවට පුවත් පළ වෙනවා. මේ මණ්ඩලයෙන් ඒකාබද්ධ
විපක්‍ෂය සම්පූර්ණයෙන් ම ඉවත් වන ලෙස අප කිහිප දෙනකු මහින්ද හමු වී ඉල්ලා සිටි
නමුත් ඔවුන් ඉවත් වූයේ අනුකමිටුවලින් පමණයි. ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුවේ
නියෝජනයක් නැති සංවිධානයක් ලෙසයි කතානායක සලකන්නේ. එහෙත් ව්‍යවස්ථා මණ්ඩලයේ එය
කටයුතු කරනවා.