Main Logo

Monday 31 August 2015

බටහිර බොරුව තව දුරටත් ගෙන යා යුතු ද? (ඉරිදා දිවයින රිවිර ලිපිවල සංස් ක රණයකි )

බටහිර බොරුව තව දුරටත් ගෙන යා යුතු ද?

අප ජීවත්වන්නේ බොරු ලෝකවල ය. අපි එකිනෙකාගේ ලෝක නිර්මාණය කර ගනිමින් ඒවාහි ජීවත්වෙමු. එහෙත් අපට ඇත්තක් නිර්මාණය කර ගැනීමට නො හැකි ය. අප නිර්මාණය කරන්නේ ම බොරු ය. බොරු ප්‍රජාතන්ත්‍රවාදය ගැන අපි දනිමු. එපමණට ම නැතත් පට්ටපල් බොරු විද්‍යාව ගැන දනිමු. එහෙත් පට්ටපල් බොරු විිද්‍යාවෙන් වැඩ ගනිමු. බොරු ප්‍රජාතන්ත්‍රවාදයෙන් වැඩ ගත හැකි ද?

Monday 24 August 2015

යමපාවාදීම ඇරඹෙයි

යමපාවාදීම ඇරඹෙයි 

අද කෙරීගෙන යන සියල්ල ම මෙන් අපි කල්තියා දුටුවෙමු. ඒ බව එකල ම කීවෙමු. ඊනියා මහින්ද මෛත්‍රී එකතුව විපතක් මිස ජයග්‍රහණයක් නොවන බව අප කියද්දී, වෙන ම තරග කිරීම සුදුසු ම ක්‍රියා මාර්ගය බව අප යෝජනා කරද්දී අපේ පිළේ පඬියෝ ම අපට සිනහසුණහ. අගොස්තු 17 වැනි දා පැවැත්වීමට නියමිත ව තිබූ මැතිවරණය මෙතෙක් ලංකාවේ පැවැත්වෙන දුෂිත ම මැතිවරණය බව අප කලකට පෙර ප්‍රකාශ කරද්දී යහපාලනයේ අනුශාසකයෝ පෝස්ටර් නැති වීම ගැන කතා කළහ. මැතිවරණයක් දුෂිත ද නැත් ද යන්න තීරණය කෙරෙන ප්‍රධාන නිර්ණායකය පෝස්ටර් ඇත් ද නැත් ද යන්න නොවන බව මැතිවරණ කොමසාරිස් නො දන්නේ ද? මෛත්‍රිපාලගේ නායකත්වයෙන් එ ජ නි සංධානයේ ජාතික ලැයිස්තුවට ඇතුළත්  කළ මගේ නම ඉල්ලා අස්කර ගත්විට බොහෝ දෙනා මට දොස් කීවෝ ය. මෛත්‍රිපාලගේ භූමිකාව මා දැනගත්තේ අද ඊයේ නො වේ. මම චම්පක මෙන් ම මෛත්‍රිපාල ද හඳුනමි. එමෙන් ම තවත් ඊනියා දේශහිතෛශීන් ද හඳුනමි.

Friday 14 August 2015

අතේ පත්තු වූ මෛත්‍රිපාල ගේ පක්‍ෂ විරෝධී ව්‍යවස්ථා විරෝධී ලිපිය

අතේ පත්තු වූ මෛත්‍රිපාල ගේ පක්‍ෂ විරෝධී ව්‍යවස්ථා විරෝධී ලිපිය

මෛත්‍රිපාල සිරිසේන මැතිවරණය ඔන්න මෙන්න තියාගෙන මහින්ද රාජපක්‍ෂට ලිපියක් යවමින් තමා මහින්දට අගමැති කම නොදෙන බව ප්‍රකාශ කර ඇත. එයට හේතු ලෙස ඔහු දක්වා ඇත්තේ මහින්ද ශ්‍රී ල නි පක්‍ෂයට කර ඇතැයි කියන වැරදි ය. මේ ලිපිය සාධාරණ වශයෙන් ගත්කල සිංහලයන්ගේ තර්ක ඥානය විදහා දක්වන්නක් මිස අනෙකක් නො වේ. ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට තම මතය අනුව පාර්ලිමේ්න්තුවේ වැඩි බලයක් හිමි තැනැත්තා අගමැති ලෙස පත්කළ හැකි ය. මට නම් එහි අවුලක් නැත. මෙහි දී වැදගත් වනුයේ ජනාධිපතිට තම මතය අනුව යන වචන කිහිපය ය. එහෙත් ව්‍යවස්ථාවෙහි කිසිම තැනක යමකු පක්‍ෂයකට යම් වරදක් කර ඇතැයි යන චෝදනාව මත ජනාධිපතිට යමකු අගමැති පදවියට පත්කළ නොහැකි යැයි සඳහන් නො වේ. මෛත්‍රිපාල ව්‍යවස්ථාවට පටහැණි ව ක්‍රියා කරයි. එය ම ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ඒමට නිමිත්තකි!

Thursday 6 August 2015

බැරිවීමකින් කොටි දිනුවා නම්

බැරිවීමකින් කොටි දිනුවා නම්

මේ ලිපිය, රනිල් හදන රට හා ටී එන ඒ මැතිවරණ ප්‍රකාශය වලංගු නැහැ යන ලිපි සමග කියවිය යුතු ය. ඒ ලිපිවලින් අප කියා සිටියේ 2009 මැයි 18/19 දිනට පසුව නැවතත් ස්වයංනිර්ණ අයිතිය, ෆෙඩරල් විසඳූම බලය විමධ්‍යගත කිරීම ආදියට  යා නොහැකි බව ය. ඒ සියල්ල ඊනියා සාම සාකච්ඡාවල දී ප්‍රතික්‍ෂෙප වී නන්දිකඩාල් කලපුවේ දී මුළුමනින්ම පරාජයට පත්විය. ඒ ඊනියා විසඳුම ප්‍රශ්නයකට දුන් විසඳුමක් නොව සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට බැරිනම් දුර්වල කිරීමට ගෙනා යෝජනා විය.

Tuesday 4 August 2015

රනිල් හදන රට

රනිල් හදන රට

අගෝස්තු 17 වැනි දාට පසු රනිල් අලුත් රටක් හදන බව පුන පුනා කියයි. ඔහු මෙතෙක් තිබූ ලංකාව, සිංහළය, කුඩා කර වෙනත් රටක් තැනීමට යන බව පැහැදිලි ය. ඔහු තනන රටට වත්මන් උතුරු හා නැගෙනහිර පළාත් අයත් නොවනු ඇත. ඔබට ඒ ඊනියා අලුත් රට අවශ්‍ය නම් කළ යුතුව ඇත්තේ අලියා ඉදිරියෙන් කතිරය ගැසීම ය. මේ රට මෙසේ ම පවත්වාගෙන යෑමට අවභ්‍ය නම් කළ යුත්තේ බුළත් කොළය ඉදිරියෙන් කතිරය ගසා මහින්ද සමග දිගින් දිගට ම සිටීවි යැයි බලාපොරොත්තුවන අපේක්‍ෂකයන්ට මනාප ලකුණු කිරීම ය.

ටී එන් ඒ මැතිවරණ ප්‍රකාශය වලංගු නැහැ

ටී එන් ඒ මැතිවරණ ප්‍රකාශය වලංගු නැහැ

අද බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් බවට පත් වී ඇත්තේ දෙමළ ජාතික සංධානයේ මැතිවරණ ප්‍රකාශය ය. එහි දෙමළ ජනයා වෙන ම ජාතියක් බව, ස්වයංනිර්ණ අයිතිය, නිජබිම, උතුරු හා නැගෙනහිර පළාත් එකතු කිරීම වැනි කරුණු අඩංගු වෙයි. මේ එකක්වත් අලුත් කරුණක් නො වේ. තිම්පු යෝජනා, වඩුකොඩෙයි සම්මේලන යෝජනා ආදියෙහි මෙන් ම එයට පෙර ෆෙඩරල් හෙවත් දෙමළ රාජ්‍ය පක්‍ෂයේ (තමිල් අරසු කච්චි) ප්‍රතිපත්ති ප්‍රකාශවල ද ඒ කරුණු යම් ආකාරයකින් දැක ගත හැකි ය. මේ සියල්ලෙහි මූලික අරමුණ වනුයේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය හැකිනම් නැති කර දැමීම ය. නැත්නම් සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල කිරීම ය.  

Monday 3 August 2015

මෛත්‍රිගේ ප්‍රෝඩාතන්ත්‍රවාදය (ඉරිදා දිවයින ලිපියකි)

මෛත්‍රිගේ ප්‍රෝඩාතන්ත්‍රවාදය

චම්පක රණවකට හා රනිල් වික්‍රමසිංහට අනුව මෛත්‍රිපාල සිරිසේන සියල්ල විසඳා ඇත. මැතිවරණයෙන් පසුව මහින්ද අගමැති නොවනු ඇත. ඒ බව කියා ඇත්තේ අන් කිසිවකු නොව මෛත්‍රිපාල සිරිසේන ය. රනිල් වික්‍රමසිංහට  හා ඔහුගේ ගෝලයා වූ චම්පක රණවකට අනුව දහනවවැනි සංශෝධනයෙන් පසුව ද අගමැති පත් කෙරෙන්නේ ජනාධිපති විසින් තම මතය පරිදි ය. ව්‍යවස්ථාවට අනුව ජනාධිපති තම මතය අනුව පාර්ලිමේන්තුවේ බහුතරයක් දිනාගත හැකි අයකු අගමැති ලෙස පත්කරයි. ජනාධිපති ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් කිරීමට බැඳී නැත. මෛත්‍රිපාල සිරිසේනගේ වචනවලින් ම කියන්නේ නම් මේ බම්බු ප්‍රජාතන්ත්‍රවාදයකි.

තණ්හා ආශා වහල් කතා (විදුසර ලිපියකි)

තණ්හා ආශා  වහල් කතා

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා පසුගිය ජූලි 22 වැනි දා ලිපියෙහි මෙසපොතේමියාව ගැන විශේෂයෙන් සඳහන් කරයි. එහෙත් එයට කලින් චීනයේ යිං යැන් දර්ශනය ගැන සුපුරුදු පරිදි තමන්ට නොතේරෙන දේ කියයි. අමරතුංග මහතාගේ ලිපියට ප්‍රතිචාර දැක්වීමට පෙර කැනඩාවේ වාසය කරන බෝධි ධනපාල මහතාගේ එදින ම ලිපිය මාතෘකා කරගෙන යමක් කිව යුතු ය.

Sunday 2 August 2015

රවිට ප්‍රශ්න කිහිපයක්

රවිට ප්‍රශ්න කිහිපයක්

රවි කරුණානායකගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසීමට බලාපොරොත්තු වෙමු.

Saturday 1 August 2015

අනුර දිසානායකගේ යටත්විජිතවාදය

අනුර දිසානායකගේ යටත්විජිතවාදය

ජ වි පෙරමුණේ නව නායක අනුර දිසානායක තරුණයකු නොවූවත් ජ වි පෙරමුණ එ ජා පක්‍ෂයේ තරුණ සංවිධානය වෙයි. ජ වි පෙ ග්‍රාමීය පක්‍ෂයකට වඩා අද දින නාගරික බාග හා කාල් උගතුන්ගේ පක්‍ෂයක් බවට පත් වී ඇත. එදා ජ වි පෙ කාල්   (1/4) මාක්ස්වාදී  පක්‍ෂයක් විය. අද එය මෙරට කාල් උගතුන්ගේ පක්‍ෂයක් බවට පත්වෙමින් ඇත. එ ජා ප විසින් මෙහෙයවෙන ජනමාධ්‍ය අනුර දිසානායකට නැති පඬිබවක් හා උපාසක බවක් ආරෝපණය කරයි.