Main Logo

Showing posts with label Geneva. Show all posts
Showing posts with label Geneva. Show all posts

Thursday, 9 July 2020

විප්ලවවාදීන් මරු විකල්ලෙන් විකාර කිරීම

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1    2     3      4    5   6   7    8    9







විප්ලවවාදීන් මරු විකල්ලෙන් විකාර කිරීම 

පසුගාමී ලොක්කකු (ප්‍රධාන සහෝදරයකු) කලකට පෙර ක්වොන්ටම් භෞතිකය ගැන දේශනයක් කළා. ඒක අහන්න පඬියන්ගේ ඉහළ ම බුද්ධිමතකු වූ කාලෝ ෆොන්සේකා ද ගොස් තිබුණා. මේ ලොක්කාට (කාලෝට නො වෙයි) අනුව ක්වොන්ටම් භෞතිකයේත් ගම්‍යතාව හා පිහිටුම සමගාමී ව දැන ගන්න පුළුවන්. කොවුර්ගේ අනුගාමිකයකු වූ කාලෝටත් ඒව ඇත්ත. මේ අය බටහිර විද්‍යාව සම්බන්ධයෙනුත් ජීවත් වූයේ/ජීවත් වන්නේ දහනවවැනි සිය වසේ. පඬි නැට්ටකුට හිතෙන්න පුළුවන් මා බටහිර විද්‍යාව අගය කරනවා කියා. පඬි නැට්ටන් තමන් අගය කරන දේවත් දන්නෙ නැහැ.

Tuesday, 14 April 2020

ජෙනීවා සටහන්කරුවෝ හා බටහිර වෙදමහත්වරු

 සිංහල ලිත් ඉලක්කම් 


ජෙනීවා සටහන්කරුවෝ හා බටහිර වෙදමහත්වරු 



ජෙනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි ආගම් හෝ විශ්වාස හෝ නිදහස පිළිබඳ සාකච්චාවල විශේෂ සටහන්කරුවා (rapporteur) යැයි කිව හැකි අහමඩ් ෂහීඩ් නම් අයකු මෙරට ජනාධිපතිට දන්වා ඇත්තේ කොවිඩ් 19 නිසා මිය යන රෝගීන්ගේ දේහ ආදාහනය කිරීමට ගෙන ඇති තීරණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ චක්‍රලේඛවලට පටහැණි බවයි. ෂහීඩ්ට මේ සම්බන්ධ ඕනෑම දෙයක් කීමට ඇති නිදහස අප පිළිගන්නවා. ඔහුට තම අදහස් විවිධ ආකාරයෙන් ලෝකයට දැන්වීමටත් පුළුවන්. 

Wednesday, 11 March 2020

දෙබිඩි බටහිර ජඩමාධ්‍ය හා දෙමළ ජාතිවාදය

             සිංහල ලිත් ඉලක්කම්


දෙබිඩි බටහිර ජඩමාධ්‍ය හා දෙමළ ජාතිවාදය



බටහිරයන්ගේ  අවශ්‍යතාවට, පැරදවිය නොහැකි බවට රොහාන් ගුණරත්න වැනි ඊනියා යුද විශේෂඥයන් විසින් ප්‍රකාශ කෙරුණ ද ප්‍රභාකරන් හා ඔහුගේ ත්‍රස්තවාදී කණ්ඩායම 2019 මැයි 19 වැනි දා නන්දිකඩාල් හි පරාජය කෙරුණා. එය ඊනියා යුද විශේෂඥයන් හා බටහිරයන් ලැබූ පරාජයක්. එහෙත් අපට බටහිර මාධ්‍ය විසින් ගෙන යනු ලැබූ ප්‍රචාරය පරාජය කරන්න බැරි වුණා. තවමත් ඒ ප්‍රචාරක යුද්ධය කෙරී ගෙන යනවා.

Monday, 2 March 2020

තුනෙන් දෙකක් සඳහා

              සිංහල ලිත් ඉලක්කම්        





                                  
තුනෙන් දෙකක් සඳහා



පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග, සමහර විට දැනටමත් මනාප පොරය පටන් අරන්. ඒ තමන්ට ඒ ඒ පක්‍ෂවල දිස්ත්‍රික්ක ලැයිස්තුවල අපේක්‍ෂකත්වය ලැබී අය අතර. අනෙක අය අපේක්‍ෂකත්වය සඳහා පොර කනවා. උකුස්සන් හා දියකාවන් ඩැහැගන්න යන්නෙ ඡන්දදායකයා කියන මාළුවා බව අමුතුවෙන් කියන්න ඕන  නැහැ. මාළුවන් ද දියකාවන් හා උකුස්සන් වෙනස් කරනවා. පසුගිය කාලයේ එසේ වෙනස් කළා.

Wednesday, 26 February 2020

ලෝකය යනු බටහිර රටවල් පමණක් නොවේ

  සිංහල ලිත් ඉලක්කම්




ලෝකය යනු බටහිර රටවල් පමණක් නොවේ

බණ්ඩාරනායක මැතිණියගෙන් පසුව විදේශ සම්බන්ධතා ඇමති ලෙස කටයුතු කරන ජාතිකත්වයක් ඇති ඇමතිවරයා වූ දිනේෂ් ගුණවර්ධන මහතා අද එක්සත් ජාතීන්ගේ ඊනියා මානව අයිතිවාසිකම් සමුළුව ඇමතීමට නියමිතයි. මා දිනේෂ් ගුණවර්ධන අවුරුදු හතළිහක පමණ කාලයක් හඳුනනවා. මා ඉන්දික ගුණවර්ධන එයට වැඩි කාලයක් හඳුනාගෙන සිටි නමුත් ඉන්දිකගේ දේශපාලනය සමග මට එකඟත්වයක් තිබුණේ නැහැ. රටේ ඒකීයත්වය හා ජාතිකත්වය වෙනුවෙන් නොවැනී දිගු කලක් කටයුතු කරන දේශපාලනඥයා ලෙස දිනේෂ් හඳුන්වන්න පුළුවන්.

Saturday, 25 January 2020

තුනෙන් දෙක කුමකට ද? කෙසේ ද?

   සිංහල ලිත් ඉලක්කම්


තුනෙන් දෙක කුමකට ද? කෙසේ ද?


ආණ්ඩුවට වැඩ කරන්න තුනෙන් දෙකක් අවශ්‍ය කියන අය ඉන්නවා. අපට එය පිළිගන්න බැහැ. වත්මන් ආණ්ඩුව සුළුතර ආණ්ඩුවක්.  එ ජා ප අද පාර්ලිමේන්තුවේ තම බහුතර බලයේ හයිය පෙන්නනවා. මහින්දලා 2015න් පසු වැඩ කරපු ආකාරය වෙනස්. ඔවුන්ට බහුතර බලයක් තිබුණ නමුත් මෛත්‍රිපාල යහපාලනයට යෑම නිසා ශ්‍රී ල නි පක්‍ෂයේ බෙදීමක් තිබුණා. ඒ බෙදීම නිසා යහපාලනයට විරුද්ධ ව ඒකාබද්ධ විපක්‍ෂය කටයුතු කෙළේ නැහැ. පසුව ඔවුන් මහින්දගේ කීමට දහනවය සම්මත කර ගන්නත් ඡන්දය දුන්නා. බෙදීම තිබියදීත් මහින්ද එදා විරුද්ධ වුණා නම් දහනවය සම්මත කර ගන්න බැහැ. බෙදීම නිසා මහින්ද පක්‍ෂ වුණා කියනවා නම් එය පිළිගන්න බැහැ. මහින්ද ඒ වන විට ශක්තිමත්. ඔහු විරුද්ධ වුණා නම් දහනවය සඳහා තුනෙන් දෙකේ බහුතරය ලැබෙන්නේ නැහැ. මහින්දටත් දහනවය අවශ්‍ය වුණා.

Thursday, 31 October 2019

විජාතික තක්කඩි ආණ්ඩුව

     සිංහල ලිත් ඉලක්කම්



විජාතික තක්කඩි ආණ්ඩුව



මේ ආණ්ඩුව (රනිල්ගෙ ආණ්ඩුව) තරම් විජාතික තක්කඩි ආණ්ඩුවක් තිබී නැහැ. ජේ ආර්ගෙ ආණ්ඩුවත් මේ තරම් විජාතිකයන් වෙනුවෙන් තක්කඩිකම් කෙළේ නැහැ. රනිල් ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනය මතුරමින් තක්කඩි වැඩ කරනවා. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙත් තක්කඩි ක්‍රමයක්. ඒ අතින් බැලුව ම රනිල් ප්‍රජාතන්ත්‍රවාදය සුපිරි ආකාරයකින් යොදා ගන්නවා.

Thursday, 28 March 2019

රනිල්ට දඬුවම් කරමු


රනිල්ට දඬුවම් කරමු



ඇතැම් පඬියන්ට, මහා දාර්ශනිකයාට සහ උතුරු මැද පළාතේ වෛද්‍ය මහාචාර්යවරයකුට අනුව තවම අපි තරහයි නාට්‍යය ඉවර නැහැ. ඔවුන් සිතනවා ඇති ඒ නාට්‍යය මෙගා ටෙලි නාට්‍යයක් කියා. එයට කමක් නැහැ. ඔවුන් හිතන්නේ තමන් ඊනියා උගතුන් නිසා මේ සියල්ල ඔවුන්ට මිස අප වැනි මෝඩයන්ට නොතේරෙන බවයි. ඔවුන්ටත් ඇත්තේ ඊනියා උගත්කමක් නොව අනෙක් බොහෝ අයට මෙන් ම මෛත්‍රිපාල වෛරයක්. මෝඩකමට බෙහෙත් තිබුණත් මේ වෛරයට නම් බෙහෙත් නැහැ. ඒ නිසා මොවුන් සුවපත් වේය කියා හිතන්න බැහැ.

Tuesday, 26 March 2019

ජෙනීවා ගැන තවදුරටත්


ජෙනීවා ගැන තවදුරටත්



පසුගිය දිනවල ජෙනීවා විගඩම හෙවත් එක්සත් ජාතීන්ගේ ඊනියා මානව හිමිකම් සැසිවාරයේ හතළිස් වැනි සමුළුවේ දී මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශයට කිසිම සම්බන්ධකමක් නැති මනෝ තිත්වෙලගේ උපදෙස් මත ජෙනීවාහි ලංකා නියෝජිත අසීස් සම අනුග්‍රහ දැක්වු යෝජනාවෙන් කියැවෙන්නේ 2015 දීි මංගල සමරවීර හෙවත් ඛෙමාගේ කොලුවා (ඔහු මාතෘ මූලිකව තම අනන්‍යතාව ගැන කීම පිළිබඳ ව නම් ඔහුට මගේ ගෞරවය හිමි වෙනවා.  එහෙත් ඔහු මහානාමගේ කොලුවා කිව්වා නම් පියා සමග සමානත්වයක් කියන්න තිබුණා. මහානාමත් ශ්‍රී ල නි පක්‍ෂයෙන් එ ජා පක්‍ෂයට ගියේ මංගල ගිය පරිදිමයි. මහානාම දේශපාලන ජීවිතය පටන් ගත්තේ කොමියුනිස්ට් පක්‍ෂයෙන්. ඔහු එ ජා පක්‍ෂයට ගමන් ඇරඹුවේ සී පී ද සිල්වා සමග ලේක්හවුස් ජනසතුවට විරුද්ධව. ඛෙමා පද්මාවතී කලක් රනිල්ගේ තාත්තා එස්මන්ඩ් ලේක්හවුසිය පාලනය කරන කාලයේ එහි වැඩ කළා.) සම අනුග්‍රහය දැක්වූ යෝජනාවෙන් කී කරුණු ඉටු කිරීමට ලංකාණ්ඩුවට තව අවුරුදු දෙකක් දීමටයි.

Sunday, 24 March 2019

සුමන්තිරන්ගෙ බලාපොරොත්තුව


සුමන්තිරන්ගෙ බලාපොරොත්තුව



ලංකාව සම්බන්ධයෙන් ගත් කල තවත් ජෙනීවා වාරයක් අවසන්. මා හිතන්නේ ලංකාවෙන් එහි ගිය නිල, නිල නොවන කණ්ඩායම් දැන් ජෙනීවා නගරයෙන් පිට වී ගොස් කියා. ඔවුන් ලංකාවෙන් පමණක් නොව වෙනත් රටවලිනුත් එහි ගොස් සිටියා. ශිවාජිලිංගම් හා සුමන්තිරන් ආපහු ආව ද කියා දන්නේ නැහැ. ඔවුන් නැත්නම් ජෙනීවා කුමකට ද කියලත් හිතනවා.

Saturday, 23 March 2019

කඳවුර ශක්තිමත් කිරීම


කඳවුර ශක්තිමත් කිරීම



පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ල නි පක්‍ෂයේ දෙවැනි වටයේ සාකච්ඡා සාර්ථක වූ බව දයාසිරි ජයසේකර කියා තිබෙනවා. දේශපාලනඥයන් යමක් කී විට ඒ පිළිගැනීමට පෙර දෙවරක් නොව සියවරක් සිතන්න ඕන. දයාසිරිගේ ප්‍රකාශය ජී එල් පීරිස් ප්‍රතික්‍ෂෙප කර නැහැ. ලබන මස පැවැත්වෙන තුන්වැනි වටයේ සාකච්ඡා සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරනවා.

Wednesday, 20 March 2019

රනිල් කාගේ අගමැති ද?


රනිල් කාගේ අගමැති ද?



තවත් ජිනීවා වාරයක් ගෙවී ගෙන යනවා. මේ ඉලව් ජාත්‍යන්තරයට අප කියන්න ඕනෙ අපේ අභ්‍යන්තර ප්‍රශ්නවලට ඇඟිලි ගහන්න ඔවුන්ට අයිතියක් නැත යන්නත් මෙරට යුද්ධයක් සිදු වී  නැත යන්නත් පමණයි. නේස්බි වාර්තා ගැන අප සඳහන් කරල අවුරුදු පහළොවක් පමණ වෙනවා. එකල ඒ ගැන උනන්දුවක් තිබුණෙ නැහැ. ඩෙස්මන්ඩ් ද සිල්වා වාර්තා ආදිය අප නිසියාකාරව ඉදිරිපත් කෙළේ නැහැ.

Friday, 15 March 2019

ජෙනීවා හා හුඹස් බිය


ජෙනීවා හා හුඹස් බිය



මෛත්‍රිපාල නයකු යැයි සඳහන් කෙළේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර. ඉතා පැහැදිලි ව මෛත්‍රිපාල උත්සාහ කරන්නේ නැවතත් ජනාධිපති වෙන්න. ඒ ගැන සැකයක් නැහැ. හිරුණිකා බලන්නෙත් කොහොම හරි ඇමතිණියක් වන්න. ඇයට මහින්ද ගැනත් විශ්වාසයක් නැහැ. එහෙත් රනිල් ගැන විශ්වාසයක් තියෙන බව පේනවා. මට නම් මේ කිසිම අයකු ගැනත් බැසිල් ගැනත් විශ්වාසයක් නැහැ. රනිල් ආරක්‍ෂා කෙරෙන්නේ කවුරුන් විසින් ද යන්නට පිළිතුරු රාශියක් තියෙනවා. අප එක් එක් අයට එහි දී පෙනෙන්නේ අප විරුද්ධ අය පමණයි.

Thursday, 14 March 2019

ජෙනීවා යෝජනා පිටුපස


ජෙනීවා යෝජනා පිටුපස



අයවැය දෙවැනි වර කියවීම පරාද කරන බවටත් කාරක සභා අවස්ථාවේ දී ජනාධිපති ලේකම් වැය ශීර්ෂය පරාද කරන බවටත් වහසි බස් දෙඩූ අය තමයි අවසානයේ දී පරාද වුණෙ. මේ වහසි බස් දෙඩීම් මාධ්‍ය සංදර්ශන පමණයි. රනිල් පසු පෙළ යැයි කියන මන්ත්‍රීන් යොදවා මෛත්‍රිපාලට පහර දී තමන්ට අවශ්‍ය දේ ඉටු කර ගත්තා. ඡන්දයක් ගැනීමට කවුද පසු පෙළ යැයි කියන මන්ත්‍රීවරයකු යෝජනා කළ විට කිරිඇල්ලත් රනිලුත් ඒ වැළැක්වූවා. රනිල් ඒ වන විට තමන්ට අවශ්‍ය දේ කර ගෙන. රනිල් ශක්තිමත් නම් මෙළහකට මෛත්‍රිපාල ඉවත් කරලා. ඔහු දන්නවා මෛත්‍රිපාලට මුදල් වෙන් නොකළොත් අවසානයේ දී ගෙදර යන්නෙ ඔහු කියා.  මේ අයවැයක් ගැන මෙතරම් උනන්දුවක් දක්වන්න අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තුවේ දී සති ගණන් අයවැය විවාද පවත්වනවා. අපේ පාසල් අවධියේ මුදල් ඇමති ෆීලික්ස් ඩයස්. අප විවාදවලට කරුණු එකතු කිරීමට ඔහුගේ අයවැය කතා කියෙව්වා. ඔහු දක්‍ෂ කථිකයෙක්. ඛෙමාගේ කොලුවා වගේ නො වෙයි. දැන් අයවැයේ රුපියල් ට්‍රිලියන ගණන්වල කතා ඇසෙනවා. ඒත් මේ සතපහක් නොවටිනා දේ. රට අගාධයට යෑම පමණයි සිදුවන්නේ.

Saturday, 9 March 2019

ජෙනීවා හා පුංචි දේශපාලනඥයෝ


ජෙනීවා හා පුංචි දේශපාලනඥයෝ



ලංකාව පුංචි රටක් වෙලා තියෙන්නෙ එහි දේශපාලනඥයන් පුංචි නිසා මිස රට පුංචි නිසා නො වෙයි. දැන් කවුරු හරි පඬියකු ලංකාවේ වර්ගඵලය හෙක්ටෙයාර්වලින් හා වර්ග සැතපුම්වලින් කියාවි. ඒක ඉන්දියාව, චීනය එක්ක විතරක් නොවෙයි බංග්ලාදේශය එක්කත් සංසන්දනය කරලා පෙන්නාවි මා වැරදි කියලා. එහෙම තමයි මෙරට පඬියන්ගෙ වැඩ. එංගලන්තයේ හරි ඊශ්‍රායලයෙ හරි වර්ගඵලය කොච්චර ද? මා හරියට දන්නේ නැහැ. මට ඔය සංඛ්‍යා මතක තියාගන්න බැහැ. ඒත් මා හිතන්නෙ නැහැ ඒ රටවල වර්ගඵලය ලංකාවේ වර්ගඵලය වගේ සිය ගුණයක් කියලා.

Tuesday, 26 February 2019

අඹ දන් ජෙනීවා



අඹ දන් ජෙනීවා



තවත් ජෙනීවා වාරයක් ඇවිල්ලා. අඹ වාරත් අවුරුද්දකට දෙසැරයක් එනවා. නොවැම්බර් දෙසැම්බර් වාරෙ එතරම් සාර්ථක නැහැ. ජෙනීවා වාර දෙක මාර්තු සැප්තැම්බර් මාසවල. වඩා සාර්ථක කොයි එක ද කියල එහෙ නිතර යන ජනමාධ්‍යවේදියකුගෙන් අහන්න ඕන. මා කියන්නෙ ජනමාධ්‍යවේදියට ම නො වෙයි. මානව අයිතිවාසිකම් කොමසාරිස්ට.

Monday, 22 October 2018

නූතන හනුමන්තලා හා විභීෂණලා


නූතන හනුමන්තලා හා විභීෂණලා



මෝදි රාවණාට දුන්නෙන් විදින කොට රනිල් එතන හිටි බවක් වාර්තාවන්නෙ නැහැ. රාවණා ලංකාවේ හිටිය කියලා බොහෝ අය කියනවා. ඒක ඒත්තු ගන්වන විධියෙ සාක්‍ෂි තවම නැහැ. බටහිර පුරා විද්‍යාව අනුව කරන පර්යේෂණවලින් ඒ පිළිබඳ විස්තර ලබා ගැනීමෙන් යමක් කියන්න පුළුවන් වේ ද කියා මට සැකයක් තියෙනවා. ඒත් ලංකාවෙ ඊනියා උගතුන් දැන් බටහිර විද්‍යාව  අදහන නිසා බටහිර විද්‍යා සාක්‍ෂි තමයි ඉල්ලන්නෙ. මට නම් එහෙම රුදාවක් නැහැ. රාවණා ගැන ඔය පාෂාණ යුගය, නව පාෂාණ යුගය ආදී බටහිරයන් කියන යුග මගින් හදාරන්න බැහැ. බටහිරයන් ඔය  යුග හදාගෙන තියෙන්නෙ ඔවුන් විකාශය වූ අන්දම කියන්න. ලෝකෙ හැම තැනක ම ඒ විධියට ම මිනිසුන් විකාශය වෙන්න ඕනෙ නැහැ.

Wednesday, 12 September 2018

ජෙනීවා හා නිව්යෝක්


ජෙනීවා හා නිව්යෝක්



ඊයේ ලිපියෙහි වරදක් වෙලා. එහි පහත සඳහන් වාක්‍ය කිහිපය තිබුණා. "අප කළ යුත්තේ නනදිකඩාල් හි පරාජය වුණේ ප්‍රභාකරන් හා කොටි පමණක් නොව මුළු  දෙමළ ජාතිවාදී ව්‍යාපෘතිය ම බව පෙන්වා දීමයි. නන්දිකඩල් ජයග්‍රහණයෙන් පසු තවත් සාකච්ඡා ඊනියා සංහිඳියා කතා අවශ්‍ය නැහැ. නන්දිකඩාල් හි අප දුන්නේ දේශපාලන විසඳූමක් එය රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් මිස ඊනියා ජාත්‍යන්තරයක ප්‍රශ්නයක් නො වෙයි. මා ඒ බව සරත් වීරසේකරට මෙන් ම චන්න ජයසුමනටත් කියා තියෙනවා."  

Sunday, 9 September 2018

ෆොන්සේකා හා ජෙනීවා



මේ ලිපි මුහුණු පොතේ පළ කරන්නේ නම් පමණක් කරුණාකර පළමුව කර්තෘගේ අවසරය ලබා ගන්න.


ෆොන්සේකා හා ජෙනීවා



ඊයේ දි අයිලන්ඩ් පුවත්පතේ ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩො සරත් ෆොන්සේකාගේ ප්‍රකාශ කිහිපයක් වාර්තා කර තිබුණා. ඒ ජෙනීවා හා ඊනියා යුද්ධාපරාධ සම්බන්ධයෙන්. අනෙක් පුවත්පත්වල එය කෙසේ වාර්තා වී දැයි මට නිශ්චිතව කියන්න බැහැ. එහෙත් ෂමින්ද්‍රගේ වාර්තාව ඉතා වැදගත්.

Wednesday, 29 August 2018

දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 17 (බැසිල්ගේ වික්‍රම)




දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 17

(බැසිල්ගේ වික්‍රම)



මුහුණු පොතේ බොහෝ දෙනා විශ්වවිද්‍යාලෙ ඉන්න බොහෝ අයටත් වඩා මෝඩයන් බව එන්න එන්න තව තවත් පැහැදිලි වෙනවා. විශ්වවිද්‍යාලවල හිටපු සමහර මෝඩයන් මුහුණු පොතෙත් ඉන්නවා. මා කලින් දවසක කිව්වා සිරිසේන විරෝධය සංවිධානාත්මක ව කෙරෙන්නක් කියලා. ඒ කියමනෙන් සිරිසේන විරෝධී සියල්ලන් සංවිධානයකට අයත් කියලා කියන්නෙ අමුතු ම අනුමාන නීතියකට වෙන්න ඕන. සිරිසේන විරෝධය සංවිධානාත්මක ව ගෙන ඒමට තුන් හතර දෙනෙක් ඇති. ඒක කරන විධිය බටහිරත් ඉන්දියාවත් දන්නවා. යාන්ත්‍රණය තිබෙනවා නම් මෙවැනි සංවිධානයකට තුන් හතර දෙනකු හිටියා ම ඇති. දැන් කවුරු හරි මුහුණු පොතේ මෝඩයකු තීරණය කරන්න පුළුවන් මුහුණු පොතේ  සියල්ලන් මෝඩයන් කියා මා කියා තිබෙනවා කියා.