෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
සිංහල ලිත් ඉලක්කම්
0 1 2 3 4 5 6 7 8 9
විප්ලවවාදීන් මරු විකල්ලෙන් විකාර කිරීම
පසුගාමී ලොක්කකු (ප්‍රධාන සහෝදරයකු) කලකට පෙර ක්වොන්ටම් භෞතිකය ගැන දේශනයක් කළා. ඒක අහන්න පඬියන්ගේ ඉහළ ම බුද්ධිමතකු වූ කාලෝ ෆොන්සේකා ද ගොස් තිබුණා. මේ ලොක්කාට (කාලෝට නො වෙයි) අනුව ක්වොන්ටම් භෞතිකයේත් ගම්‍යතාව හා පිහිටුම සමගාමී ව දැන ගන්න පුළුවන්. කොවුර්ගේ අනුගාමිකයකු වූ කාලෝටත් ඒව ඇත්ත. මේ අය බටහිර විද්‍යාව සම්බන්ධයෙනුත් ජීවත් වූයේ/ජීවත් වන්නේ දහනවවැනි සිය වසේ. පඬි නැට්ටකුට හිතෙන්න පුළුවන් මා බටහිර විද්‍යාව අගය කරනවා කියා. පඬි නැට්ටන් තමන් අගය කරන දේවත් දන්නෙ නැහැ.