Main Logo

Showing posts with label Facebook. Show all posts
Showing posts with label Facebook. Show all posts

Wednesday, 13 May 2020

බටහිර වෙදමහතුන්ට ප්‍රශ්නයක්

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9




බටහිර වෙදමහතුන්ට ප්‍රශ්නයක්

ඊයේ එක් නිවේදකයකු පූර්ව පශ්චාත් කොවිඩ් හරි කොරෝනා හරි යුගයක් ගැන කතා කරනවා ඇහුණා. ඒ සමග ම මෙන් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් ජාසිංහත් ඒ කතාව කියනවා ඇසුණා. මා දන්නේ නැහැ මේ ප්‍රකාශයේ නිර්මාතෘවරයා කවුද කියා. ඔහු පශ්චාත්නූතනවාදියකු ද පශ්චාත්තාපවාදියකු ද වෙනත් පශ්චාත්වාදියකු ද කියා දන්නේ නැහැ. මේ රටේ විවිධ පශ්චාත්වාදීන් ඉන්නවා. ඒ කොහොම වුණත් අර නිවේදකයාට හා සෞඛ්‍ය ජෙනරාල්ට (ජෙනරාල්ලා හමුදාවෙන් පිටත් ඕන තරම් ඉන්නවා) කියන්න ඕන වුණේ කොරෝනාව (කොවිඩ්) ඉවර බවත් එසේ ඉවර වීමෙන් පසු අප එහි පළමු අදියරේ ඉන්න බවත් වෙන්න පුළුවන්. 

Thursday, 26 March 2020

පිරිතේ වැදගත්කම

    සිංහල ලිත් ඉලක්කම් 


පිරිතේ වැදගත්කම



මේ වෛර කිරීමට නොව මෛත්‍රී කිරීමට කාලයයි. අද ලෝකයේ කොවිඩ් 19 වැඩි පුර ම පැතිරෙන්නෙ ආයුධ බලයෙන් ඇතැම් විට ජනයා සමූලඝාතනය කර තම ආධිපත්‍යය පැතිර වූ රටවලයි. අප ඔවුන්ට වෛර කළ යුතු නැහැ. අපි ඒ පාලකයන්ටත් මෛත්‍රී කරමු. දැන් පැරණි වාමාංශිකයන්වත් භංගවේවා කියනු මා අසා නැහැ. ජ වි පෙ හා පෙරටුගාමීන් නම් තාමත් වෛරී ප්‍රකාශ තම රැස්වීම්වල උද්ඝෝෂණවල කරනවා. මේ ඔවුන්ටත් මෛත්‍රී කිරීමට කාලයයි. 

Thursday, 12 September 2019

සාමනේර හිමිවරුන්ට පහර දුන්නේ කවුද?

       සිංහල ලිත් ඉලක්කම්


සාමනේර හිමිවරුන්ට පහර දුන්නේ කවුද?




සාමනේර හාමුදුරුවරුන් දෙනමකට පාපියකු අමානුෂික විධියට පහර දෙනවා දෙරණ රූපවාහිනියෙන් දැක්කා. ඒ පාපියා දැන් අත්අඩංගුවට ගෙන. ඒත් ඊට කලින් සකර්බරගේ දරුවන් වන පඬි නැට්ටන් ටිකක් පිටරට ඉන්න කාවද තම අත්අඩංගුවට අරගෙන. දැන් ප්‍රජාතන්ත්‍රවාදය අනුව ඕනෑ ම අයකුට ඕනෑ ම දෙයක් සකර්බර්ග් හරහා ප්‍රසිද්ධ කරන්න පුළුවන්. ඒකෙ වරදකුත් නැහැ. නමක් පළ කරාම අන්තර්ජාලයෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ තොරතුරු නැවත පරීක්‍ෂා කරන්න කියලා සකර්බර්ග් කියල නැහැ. 

Monday, 26 November 2018

රාවණ කුවේර දොන් ජුවන් කසුබ් හා සකර්බර්ග්

Kashyapaවෙනවා. මේ මහින්ද රාජපක්‍ෂ අග්‍රාමාත්‍යවරයාටත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාටත් විරුද්ධව කෙරෙන ප්‍රකාශ. මේ සියල්ලට ම මුල 2009 මැයි මාසෙ නන්දිකඩාල් කලපුවේ දී කොටි ත්‍රස්තවාදයත් ඒ සමග ඉංගිරිසින්ගෙ සහායෙන් අවුරුදු එකසිය හැත්තෑපහක් පමණ තිබූ දෙමළ ජාතිවාදයත් පරාජය කිරීම. ඊයේ මහින්ද රාජපක්‍ෂ කළ විශේෂ ප්‍රකාශයෙන් කියැවුණේ කොටි පැරදවීමට එ ජා පක්‍ෂයත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් විරුද්ධ ව කටයුතු කළ ආකාරය. ඒ අතර මෛත්‍රිපාල සිරිසේන කියා තිබුණා කිනම් හේතුවක් මතවත් රනිල්ට අගමැතිකම නොදෙන බව. ඒක දොන් ජුවන් ධර්මපාලට නැවත රජකම නොදෙනව වගේ වැඩක්. සුද්දන් ඒකට විරුද්ධයි. කොහොමටත් රනිල්ට මහින්දට තරම් මන්ත්‍රීන් සංඛ්‍යාවක් නැහැ. අජිත් පෙරේරාට සංකල්ප තේරෙන්නෙ නැහැ.

Wednesday, 31 January 2018

මුහුණු නැති මුහුණු පොතේ දේශපාලනය


මුහුණු නැති මුහුණු පොතේ දේශපාලනය


ඇතැමුන් කාලය වෙබ් අඩවියේ පළවන මගේ ලිපි මුළුමනින් ම හෝ කොටස් වශයෙන් හෝ මුහුණු පෙතේ පළ කරනවා. මෙය මට හිසරදයක්. ඒවාට ප්‍රතිචාර දක්වන්නන්ට පිළිතුරු දීමට මට වෙලාවක් හෝ උනන්දුවක් හෝ නැහැ. මගේ ලිපි හෝ ඉන් කොටස් හෝ පළ කරන අයත් ප්‍රතිචාර දක්වන්නන්ට නිසි පිළිතුරු දෙන්නේ නැහැ. අන් සියල්ලන්ටත් වඩා ජාතිකවාදීන්ට මා රුස්සන්නේ නැති බවත් ඔවුන් මා කියන දෙයක් විශ්වාස නොකරන බවත් ඔවුන්ගේ ප්‍රතිචාරවලින් පැහැදිලියි. මගේ ලිපි මුළුමනින් ම හෝ කොටස් වශයෙන් හෝ මුහුණු පොතේ පළ කිරීමෙන් වළකින ලෙස මා ඉල්ලා සිටිනවා. එපමණක් නොව තම ලිපිවල මගේ නමවත් සඳහන් නොකරන මෙන් ඉල්ලනවා. නම සඳහන් කිරීමට තරම් දෙයක් මගෙන් රටට ජාතියට ආගමට සිදු වී නැහැ.

Monday, 25 September 2017

මුහුණු පොතෙන් ඉවත්වීම  


මුහුණු පොතෙන් ඉවත්වීම



තවත් රැවටීමක් එළිපත්තේ ලිපියට ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ඇතැමුන් සිතන්නේ ප්‍රතිචාර මදි නිසා මා මුහුණු පොතෙන් ඉවත් වෙනවා කියා. එක් අයකු කියා තිබුණේ ආධ්‍යාත්මික බලයක් වර්ධනය කර ගැනීමට මුහුණු පොතෙන් ඉවත් වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. එහෙත් ප්‍රතිචාර මදි නිසා ඉවත් වීම තර්කානුකූල නැහැ කියා. ඔහු මට තර්කය කියා දෙන්නේ ඔහුගේ තර්ක හැකියාවන් මා නොදන්නේ යැයි කියා හිතා ගෙන වෙන්න ඇති. තර්කය යනු කුමක් ද හේතුව යනු කුමක් ද යන්න ගැනවත් ඇතැමුන්ට කිසිම හැඟීමක් නැහැ. මේ සමහරුන් මගෙන් ඉගෙන ගත් අය. මා අදක්‍ෂ ගුරුවරයකු යන්න නම් ඉන් ගම්‍ය වෙන්න පුළුවන්.

තවත් රැවටීමක් එළිපත්තේ


තවත් රැවටීමක් එළිපත්තේ





මා මේ ලිපිය ලියන්නේ තරමක කණගාටුවෙන්. ඊයේ අපේ වගකීම යනුවෙන් ලියැවුණු ලිපියට මුහුණු පොතේ  හොඳ ප්‍රතිචාරයක් ලැබී නැහැ. ඒ ලිපිය බෙදා හදා ගෙන (ෂෙයා) තියෙන පිරිස හා එයට කැමැත්ත දක්වා (ලයික්) ඇති පිරිස ඉතා ම අඩුයි. මුහුණ පොත පරිහරණය කරන්නන් බොහෝ විට කරන්නේ එකිනෙකාට බැණ වැදීම. මාත් කිසිවකු විවේචනය කර ලිපියක් පළ කළොත් එය බොහෝ දෙනා බෙදා හදා ගන්නවා. එයට කැමැත්ත පළ කරනවා. ඊයේ ලිපිය එවැන්නක්  නොවෙයි. එහි සඳහන් වුණේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් බොහෝ විට ජනමත විචාරණයක් පැවැත්විය හැකි බැවින් අප ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු බව. මුහුණු පොත පරිශීලනය කරන්නන් වැඩට අකමැතියි. ඔවුන් කැමති ඊනියා ප්‍රතිචාර දැක්වීමට.