Main Logo

Showing posts with label Arjuna Aluvihare. Show all posts
Showing posts with label Arjuna Aluvihare. Show all posts

Thursday, 26 March 2020

පිරිතේ වැදගත්කම

    සිංහල ලිත් ඉලක්කම් 


පිරිතේ වැදගත්කම



මේ වෛර කිරීමට නොව මෛත්‍රී කිරීමට කාලයයි. අද ලෝකයේ කොවිඩ් 19 වැඩි පුර ම පැතිරෙන්නෙ ආයුධ බලයෙන් ඇතැම් විට ජනයා සමූලඝාතනය කර තම ආධිපත්‍යය පැතිර වූ රටවලයි. අප ඔවුන්ට වෛර කළ යුතු නැහැ. අපි ඒ පාලකයන්ටත් මෛත්‍රී කරමු. දැන් පැරණි වාමාංශිකයන්වත් භංගවේවා කියනු මා අසා නැහැ. ජ වි පෙ හා පෙරටුගාමීන් නම් තාමත් වෛරී ප්‍රකාශ තම රැස්වීම්වල උද්ඝෝෂණවල කරනවා. මේ ඔවුන්ටත් මෛත්‍රී කිරීමට කාලයයි. 

Monday, 13 January 2020

අර්ජුන පරාක්‍රම හා වෙනත් අය

 සිංහල ලිත් ඉලක්කම්


අර්ජුන පරාක්‍රම හා වෙනත් අය


අර්ජුන පරාක්‍රම කියන්නෙ මගේ මිත්‍රයෙක්. ඔහුට හීනමානයක් නැහැ. ඔහු මගේ අදහස්වලට විරුද්ධයි. එහෙත් ඔහු මට වෛර කරන්නේවත් මා ගැන ද්වේෂයෙන් කතා කරන්නේවත් නැති බව මට විශ්වාසයි. මා ඔහු හඳුනාගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිටි සමයේ. මා හිතන්නේ ඔහු ආචාර්ය උපාධියක් ලැබ කොළඹ ඉංගිරිසි අධ්‍යනංශයට පැමිණීමෙන් පසු. මා දිනක් කලාගාරයේ රැස්විමක කතා කරමින් සිටින විට ඔහු එහි පැමිණියා. මට මතක හැටියට ඔහු ප්‍රශ්නයක් හරි දෙකක් හරි ඇහුවා. එහෙත් ඒ පොරක් වීමට නොව තම මතයේ සිට මා ප්‍රශ්න කරන්න බවයි මට වැටහුණේ. එදා සිට අද දක්වා ඔහු මගේ මිතුරෙක්.