Main Logo

Wednesday 30 June 2021

රොකෆෙලර්ලාගේ හරිත විප්ලවය හා ඊරි

 

රොකෆෙලර්ලාගේ හරිත විප්ලවය හා ඊරි

 

පසුගිය විසිඅටවැනි දා ලිපියෙන් රසායනික පොහොර භාවිතය බටහිර විද්‍යාව හා ධනවාදය අතර ඇති සම්බන්ධය ගැන කෙටි හැඳින්වීමක් කෙරුණා. අද එය තවත් ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තුවෙනවා. මා මේ ලිපිවල ලියන දේට ජාතිකත්ව කඳවුරේ බොහෝ දෙනා විරුද්ධයි. විශේෂයෙන් ම ගුණදාස අමරසේකර, අශෝක අමරතුංග වැනි "යථාර්ථවාදී" විද්‍යාඥයන් විද්‍යාව වෙනුවෙන් එක් කල්ලියක් හැටියට කටයුතු කරනවා.

Tuesday 29 June 2021

රංජිත් බැසිල් හා වෙද හාමිනේලාගේ මුහුණ දීම

 

රංජිත් බැසිල් හා වෙද හාමිනේලාගේ මුහුණ දීම

 

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර මා මෙන් නොව උගතෙක් වියතෙක් හා බුද්ධිමතෙක්. ඔහු දැනටමත් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක්. මා යම්තම් මහාචාර්යවරයකු වුණේ අවුරුදු හැටේ දී. මා ජ්‍යෙෂ්ඨවත් සම්මානිතවත් මහාචාර්යවරයකු නො වෙයි. මහාචාර්ය රංජිත් බණ්ඩාර කීීර්තිමත් ආර්ථික විද්‍යාඥයෙක්. මා විද්‍යාඥයකු වීමට ගොස් බැරුව ආපසු පැමිණි අයෙක්. කතාවක් තියෙනවා මහාචාර්ය රංජිත් බණ්ඩාර තම පාර්ලිමේන්තු අසුන බැසිල් රාජපක්‍ෂට පූජා කර මහා බැංකුවේ අධිපති වෙන්න යනවා කියා. ඒ කුමක් වුවත් අපි මහාචාර්ය රංජිත් බණ්ඩාර කියන දේට සවන් දෙන්න ඕන.

Monday 28 June 2021

බටහිර විද්‍යාව ධනවාදය හා රසායනික පොහොර

 

බටහිර විද්‍යාව ධනවාදය හා රසායනික පොහොර

 

බටහිර විද්‍යාව ඇගයුම් විනිශ්චයන්ගෙන් ස්වායත්ත කියා හිතන අය ඉන්නවා. මේ තරමක් අමාරු වචනවලින්  කියන්නේ බටහිර විද්‍යාවේ නිගමන ඉතාමත් ස්වාධීන නිගමන කියා හිතන අය ඉන්න බවයි. ඒ නිගමනවලට පැමිණීමේ දී විද්‍යාඥයන් දරණ දේශපාලනික ආගමික ආදී විවිධ මත බලපාන්නේ නැතැයි හිතනවා. විද්‍යාඥයන් දරණ පෞද්ගලික මත නිගමනවලට පැමිණීමේ දී නොවැදගත් වෙන බව ඇත්ත. සිංහල බෞද්ධයකු විද්‍යාඥයකු වුවහොත් (එවැන්නකු තවම බිහි වී නැහැ) ඔහුගේ ථෙරවාදයට එහි දී කිසිම වැදගත් තැනක් හිමි වන්නේ නැහැ.

Sunday 27 June 2021

සුනිල් හා වයිමා

 

 

සුනිල් හා වයිමා

 

"කොරෝනා වසංගතයේ මෙරටින් තුරන් කරන්නේ කවදාදැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිශ්චිතව පැවසිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

 

එම පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසන්නේ එසේ කළ නොහැකි නම් කළ හැකි අයෙකුට රට බාර දී යන්නට යන බව ප්‍රකාශ කල යුතු බවයි.”

Saturday 26 June 2021

ගාලු පාරේ දමා ආ තානාපතිනිය විදුලකරට ගෙන ඒම

 

ගාලු පාරේ දමා ආ තානාපතිනිය විදුලකරට ගෙන ඒම

 

ඊයේ ලිපියේ මාතෘකාව වූයේ දුමින්ද හා තානාපතිනිය යන්නයි. එහෙත් බොහෝ දෙනා කියවා තිබුණේ දුමින්ද යන්න පමණයි. මෙරට සිංහලයන්ගේ සංයමය පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඉක්මණින් නිගමනවලට ඒමට බොහෝ දෙනාට අවශ්‍යයි. දුමින්ද සිල්වාට සමාව දීම හරි ද වැරදි ද යන්න තීරණය කළ හැක්කේ නඩු විභාගය කියවීමෙන් පමණයි. හිරුණිකා ද වරක් පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ තම පියාට වෙඩි තැබුවේ දුමින්ද නොවන බවත් පළමුවෙන් වෙඩි තැබුණේ දුමින්දට බවත්. ඇයට අනුව දුමින්ද සිල්වාට මරණ දඬුවම නියම කෙරී ඇත්තේ මිනී මැරුම සැලසුම් කළාට. නඩු තීන්දුව සංගත නම් දුමින්දට සමාව දීම ප්‍රශ්නයක්. එහෙත් නඩු තීන්දුවෙත් පරස්පර ඇත්නම් සමාව දීම ප්‍රශ්නයක් නො වෙයි.

Friday 25 June 2021

දුමින්ද හා තානාපතිනිය

 

දුමින්ද හා තානාපතිනිය

 

මා දුමින්ද සිල්වා දැක ඇත්තේ එක් දවසක් පමණයි. ඒ ඕඩෙ පන්සලේ (ශ්‍රී ලංකා විද්‍යාලය) පැවති උත්සවයකදි. ඒ උත්සවයට ඇල්ලෙ ගුණවංශ හාමුදුරුවොත් චම්පක රණවකත් සහභාගි වුණා. එදා මා දුමින්ද සමග වචන කිහිපයකට වඩා කතා කළේ නැහැ. ඉන් පෙරවත් පසුවවත් ඔහු සමග වචනයක්වත් කතා කර නැහැ.

Thursday 24 June 2021

අපේ හාමුදුරුවන් වෙතටයි

 

අපේ හාමුදුරුවන් වෙතටයි

 

ඔබ වහන්සේ මා කියන දේ සතපහකටවත් ගණන් නොගන්නා බව මා දන්නවා. මා සමහර විට මහාවංසය සමග එහෙමත් නැත්නම් අටුවා ව සමග එකඟ නොවන දේ කියනවා වෙන්න පුළුවන්. එසේත් නැත්නම් මෙරට බොහෝ උගතුන් බුද්ධිමතුන් වියතුන් මෙන් ම ඔබ වහන්සේත් මා නූගතකු ලෙස සලකනවා වෙන්න පුළුවන්. මා ත්‍රිපිටකයේ දන්නේ සූත්‍ර දහයකටත් අඩු සංඛ්‍යාවක්. ත්‍රිපිටකය වනපොත් කළ අය සිය ගණනක් ඉන්න රටක මට බුදුදහම ගැන කියන්න තියෙන්නේ මොනවා ද කියා ඔබ වහන්සේ හිතනවා ඇති. 

Wednesday 23 June 2021

ආණ්ඩුවක් පළවා හරිමු

 

ආණ්ඩුවක් පළවා හරිමු

 

රටක ආණ්ඩු කීයක් තියෙනවා ද කියන එක ප්‍රශ්නයක්. කවුරු හරි හිතනවා නම් එක්සත් ජනපදවල ඇත්තේ ජෝ බයිඩන්ගේ ආණ්ඩුව පමණක් ය කියා එය වරදවා වටහා ගැනීමක්. බයිඩන්ගේ ආණ්ඩුවට නිල ආණ්ඩුව කියා කියන්න පුළුවන්. ඒත් ඔත්තු සේවා සමහර විට නිල ආණ්ඩුවට නොදන්වා කටයුතු කරනවා. ඒවාත් සමහර විට  ක්‍රියා කරන ආණ්ඩු. ඇතැම් ව්‍යාපාරිකයන්ගේ ද ආණ්ඩු තියෙනවා. එංගලන්තය ඉන්දියාව ආදී රටවලත් තත්වය එහෙමයි.

Tuesday 22 June 2021

ණයක් වූ ණය ආර්ථිකය

 ණයක් වූ ණය ආර්ථිකය 


ආර්ථික අර්බුදයක් තියෙන බව ඇතැම් ඇමතිවරු පිළිගැනීම සුබ ලකුණක්. විවිධ සංස්ථා ණය බරින් මිරිකිලා. ඇතැම් සංස්ථා වෙනත් සංස්ථාවලට ණයයි. සියලු සංස්ථා රාජ්‍ය බැංකුවලට ණයයි. විපක්‍ෂයේ පඬියන් පඬි නැට්ටන් කියන්න පුළුවන් මේ සියල්ල වත්මන් ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්තිය නිසා වූවක් කියල. ඒත් ඔය ණය ගැනීම අද ඊයේ ආරම්භ වුණු එකක් නො වෙයි. යහපාලන කාලෙ කිසිම සංස්ථාවක් වෙනත් සංස්ථාවකට හරි රාජ්‍ය බැංකුවකට හරි ණය වෙලා තිබුණෙ නැද්ද? 

Monday 21 June 2021

දිවයින හා ජාතිකවාද

 

දිවයින හා ජාතිකවාද

 

උපාලි පුවත්පත් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ ව සිටි ජේම්ස් ලැනරෝල් මහතා මිය ගොස් ඇති බව මා දැන ගත්තේ අද උදේ දිවයින පුවත්පත කියවීමෙන්. ජේම්ස් ලැනරෝල් යනු කවුද කියා දිවයිනේ (ලංකාවේ) තියා අද උපාලි පුවත්පත් සමාගමේ වැඩ කරන බොහෝ දෙනකු නොදන්නවා ඇති. උපාලි පුවත්පත්වලට යම් ජාතිකත්වයක් දීමට ප්‍රධාන වශයෙන් කටයුතු කළ දෙදෙනකු හිටියා. එක් අයකු වූයේ ජේම්ස් ලැනරෝල් මහතා. අනෙක් තැනැත්තා එඩ්මන්ඩ් රණසිංහ මහතා. ලැනරෝල් මහතා පරිපාලන සේවයේ සිටි අයෙක්. ඔහු ජේ ආර් ජයවර්ධන යටතේත් සේවය කළා. එඩ්මන්ඩ් රණසිංහ මහතා කලකට පෙර එ ජා ප හිතවතෙක්. ඔහු සියරට පුවත්පතේ කතුවරයා ලෙසත් කටයුතු කර තියෙනවා.

Sunday 20 June 2021

නැගෙනහිර පර්යන්තය හා වාම දේශපාලනය

 

නැගෙනහිර පර්යන්තය හා වාම දේශපාලනය

 

කුම්බලා මාළු කෑවා නම් දිරවා ගනින් බළලෝ කියා කතාවක් තියෙනවා. ඒ අතර අනේ සකෝ බල ලෝ කියා කතාවකුත් තියෙනවා. දෙවැන්නෙන් කියන්නේ ශක්‍රයාට ලෝකය දිහා බලන්න කියා. මා හිතන්නේ කාලයකින් ශක්‍රයා තබා වයිමාවත් ලෝකය දිහා බලා නැහැ කියා. විජය ඇවිත් අවුරුදු දෙදහස් පන්සීයකට වැඩි වුණත් දිව්‍ය ලෝකයේ එය ඔවුන්ගේ දිනවලින් විසිපහක් පමණ. කොවිඩ් 19 ඇවිල්ල තාම තත්පර ගණනක් වෙන්න ඇති. ශක්‍රයා දැන් ම නම් බලන එකක් නැහැ. කොහොමටත් මිනිසුන් අධර්මිෂ්ඨ නම්  ශක්‍රයා බලන්නේ නැහැ. ලංකාවත් මුළු ලෝකයමත් අධර්මයෙන් වැහිලා. ශක්‍රයාට බැලුවත් නොපෙනෙන තරමට ලෝකය වැහිලා.

Saturday 19 June 2021

දේශපාලන වසංගතය හා වසංගත දේශපාලනය

 

දේශපාලන වසංගතය හා වසංගත දේශපාලනය

 

කොවිඩ් 19 වසංගතය හමුවේත් විපක්‍ෂය කරන දේශපාලනය වසංගතයක් වෙලා. සජිත් නායකයා වුණත් රනිල් නායකයා වුණත් වෙනසක් නැහැ. අනුර ධනදාසලා යටත්විජිතලා සම්ම ජාතියේ විපක්‍ෂ නායකයන් නොවන නිසා ඔවුන් ගැන කතා කිරීමෙන් වැඩක් නැහැ.  විපක්‍ෂ නායකයන් නොවන බව කීමෙන් අදහස් කෙරෙන්නේ ඔවුන් ජනාධිපති අගමැති වන බවක් නො වෙයි. ඔවුන්ට ඊළඟ පාර්ලිමේන්තුවට එන්න වෙන්නේ ඒ සඳහා විශේෂ අවසර පත්‍රයක් ලබා ගැනීමෙන් පමණයි. ඒ රැස්වීම් බලන්න. 

News item on Indian intervention.

 News item on Indian intervention. 


http://island.lk/lankas-amb-in-myanmar-questions-continuing-indian-interference-in-lankas-domestic-affairs/


Friday 18 June 2021

ගෝපාල් ලංකාපාල් ද?

 

 

ගෝපාල් ලංකාපාල් ද?

 

ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩුගේ වාර්තාවකට අනුව සම්බන්ධන්ගේ නායකත්වයෙන් දෙමළ ජාතික සංධානයේ නියෝජිත පිරිසක් ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් ගෝපාල් බග්ලේ හමුවෙලා. දෙමළ ජාතික සංධානයේ නියෝජිත පිරිසට  මාවෙයි සේනාධිරාජා, ඒබ්‍රහම් සුමන්තිරන්, ධර්මලිංගම් සිද්ධාර්තන් හා සෙල්වම් අඩෙයික්කලනාදන් අයත් වෙලා. ඉන්දීය මහා කොමසාර්ස් සමග නියෝජ්‍ය මහා කොමසාර්ස් විනෝද් ජේකබ් හා දේශපාලන උපදේශිකා බානු ප්‍රකාශ් සාකච්ඡාවට සහභාගි වෙලා.

Thursday 17 June 2021

පැරදීලා පලා ගියේ නැහැ

 

පැරදීලා පලා ගියේ නැහැ

 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සභාවේ සභාපති ධුරයට මාල දිවයිනේ විදේශ ඇමති පත්වෙලා. එය දේශපාලන වශයෙන් බලවත් තනතුරක් නො වෙයි. එහෙත් මෙයින් හෙළිවන කරුණක් තියෙනවා. තවමත් එක්සත් ජාතීන්ගේ මහා සභාව  බටහිරයන්ට පාලනය කළ හැකි බව. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සභාපති ධුරයට පැවති තරගයේ දී මාලදිවයින් විදේශ ඇමති පිටුපස බටහිර රටවල් හා ඉන්දියාව හිටියා. ඔහුට විරුද්ධ බලවත් අපේක්‍ෂකයා වූයේ ඇෆ්ගනිස්ථානයයි. ඒ පිටුපස චීනය රුසියාව හා පකිස්ථානය හිටියා. වැඩි ඡන්ද ඉතා විශාල සංඛ්‍යාවකින් මාලදිවයින දිනා තිබෙනවා. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය කඩා වැටෙද්දී ද හරි හමන් විකල්පයක් නැති වීමේ ප්‍රශ්නයයි තියෙන්නේ. එය හොඳ තත්වයක් නො වෙයි. අද මුළු ලොව ම අසමත්. එහෙත් විකල්පයක් නැහැ.

Wednesday 16 June 2021

ඉගැන්වීම ගැන ඉගෙනීමක්

 

ඉගැන්වීම ගැන ඉගෙනීමක්

 

ඉගැන්වීමෙන් කෙරෙන්නේ යම් සමාජයක පවතින දැනුම ඊළඟ පරම්පරාවට ලබා දීමට කටයුතු කිරීමයි. එයින් කියැවෙන්නේ සමාජයේ පවතින සියලු දැනුම් ඊළඟ පරම්පරාවට ලබා දෙන බව නො වෙයි. දැනුමෙන් කොටසක්, විශේෂයෙන් ඒ සමාජයේ ජීවත්වීම සඳහා අවශ්‍ය රැකියාවක් කිරීම ඇතුළු ජීවනෝපායක් සඳහා අවශ්‍ය කොටසක්,  ලබා දෙන අතර ඉතිරිය ලබා ගැනීම සඳහා වූ මග පෙන්වීම ඉගැන්වීමෙන් කෙරෙනවා. ආගමික දැනුම්වලින් මරණින් මතු ජීවත්වීම ගැන ද කියනවා. බුදුදහමින් නම් කියන්නේ නැවත නූපදින විධියට ජීවත්වෙන්න කියා.  වත්මන් බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ විශාල දැනුම් සම්භාරයක් ඉංගිරිසියෙන් තියෙනවා. ඒ දැනුම ලබා ගැනීම ඉංගිරිසියෙන් තමයි කරන්න වෙන්නෙ.

Tuesday 15 June 2021

චීන ජාතික ෂෙං හෙ හා භාෂා තුනේ සෙල්ලිපිය

 

චීන ජාතික ෂෙං හෙ හා භාෂා තුනේ සෙල්ලිපිය

 

 

පසුගිය දිනෙක හිටපු නාවික හමුදාපතිවරයකු වූ රවි විජේගුණරත්න මහතා ගාල්ලේ ත්‍රෛභාෂික සෙල්ලිපිය ගැන නැවතත් මතක් කර තිබුණා. ඒ මහතා ප්‍රශ්න කරන එක කරුණක් නම් එහි සිංහල භාෂාවෙන් යමක් සඳහන් නොවීමයි. සෙල්ලිපිය ලියා ඇත්තේ චීන, දෙමළ හා පර්සියානු (ඉරාන) භාෂාවලින්. මේ සෙල්ලිපිය ගැන විවිධ අය විවිධ මත පළ කරනවා. එකල ගාල්ලේ දෙමළ කතාකරන ජනයා සිටි බවත් ඔවුන් සිංහලයන් සමග එකට හිටි බවත් කියනවා. චෙල්වනායගම්ගේ ලේලියක වන නිර්මලා චන්ද්‍රහාසන් ඒ කතාව කියන්නේ මෙරට අනාදිමත් කාලයක සිට සිංහල හා දෙමළ කතාකරන ජනයා එක මට්ටමක සිටි බව කීමට.

Monday 14 June 2021

රනිල් ගැට

 

රනිල් ගැට

 

ලංකාවේ ඉන්න උගතුන් වියතුන් බුද්ධිමතුන් එක්ක මට හැරෙන්නවත් බැහැ. බොහෝ දෙනා තෙල් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් සාගර කාරියවසම් හා උදය ගම්මන්පිළ අතර ඇතිව තියෙන චෝදනා ප්‍රතිචෝදනා දකින්නේ නාට්‍යයක් ලෙස. ඔවුන් කියන්නේ රෑට එක්ව හොරකමේ ගිහින් දවල්ට ජනතාව රවටන්න බැණ ගන්නවා කියා. ඒකත් එක තේරුම් ගැනීමක් තමයි. ඒත් මේ ඊනියා නාට්‍යයේ දෙපැත්තේ නළුවන් දිහා බැලුව ම එහෙම රඟදැක්වීමක් පෙනෙන්නේ නැහැ.

Sunday 13 June 2021

ගම්මන්පිළ පොරක් ද?

 

ගම්මන්පිළ පොරක් ද?

 

කොවිඩ් නෙවෙයි මොන වසංගතය ආවත් මෙරට මධ්‍යම පංතිය තම අසික්කිත පුරුදු අත්හරින්නේ නැහැ. මධ්‍යම පංතියේ ඉතා වැඩි පිරිසක් ඊනියා උගත්තු. පොරවල්. ඒ උගතුන්ගෙන් විශාල ප්‍රමාණයක් අධ්‍යාපනය නිසා මධ්‍යම පංතියට පැන ගත් අය. මධ්‍යම පංතිය පොදුවේ ගත්කල දරුවන් නිෂ්පාදනය කරනවා හැරුණු විට වෙන නිෂ්පාදනයක් කරන්නේ නැහැ. ඔවුන් ජීවත් වන්නේ අසරණ ගැහැණුන් දුක් මහන්සි වී උපයන මුදලින්. නෑ ඔවුන්ගේ ගෑණුන් නො වෙයි. ඇඟලුම් කර්මාන්තයෙහි හා බටහිර ආසියාවේ (ඊනියා මැද පෙරදිග) වැඩ කරන ගැහැණුන්. මටත් ඩොලර්වලින් පඩි ගෙවන්නේ ඒ අය උපයන ඩොලර්වලින්. මා රටට සතපහක් උපයන්නේ නැහැ. මාත් ඇතුළු මධ්‍යම පංතිය පඬිකමට කියන්නේ අපෙන් නිෂ්පාදනයක් නැති වුවත් සේවාවන් සිදු වෙනවා කියා.

Saturday 12 June 2021

අපි පොරවල් ද?

 

අපි පොරවල් ද?

 

බොහෝ කලකට පෙර පාසලේ දී විශ්වවිද්‍යාලයේ දී බොහෝ දෙනාට අනුව මා දක්‍ෂ ශිෂ්‍යයෙක් වුණා. අද යොදා ගන්න චචන අනුව නම් පොරක් වුණා. මාත් එහෙම සිතුවේ නැහැ කියන්න බැහැ. මටත් අවශ්‍ය වුණේ විද්‍යාඥයෙක් වෙන්න. ඒ මා පොරක් කියා සිතූ නිසාත් වෙන්න පුළුවන්. මට යම් යම් දේ ගැන හැකියාවකුත් තිබුණා. ප්‍රවාදාත්මක භෞතික විද්‍යාවට මගේ කැමැත්තකුත් තිබුණා. 

Friday 11 June 2021

අත ලෙව නොකා පැණි කන උගත්තු

 

අත ලෙව නොකා පැණි කන උගත්තු

 

බටහිර වෙද මහතුන්ගේ අධිමානය ගැන සිතන විට මගේ මතකය අසූවේ දශකයේ අගභාගයට යනවා. කලක් අඩපණ වී තිබුණු විශ්වවිද්‍යාල ආචාර්ය සමිති එකතුව නැවතත් සංවිධානය කර අද යොදා ගන්නා නමින් එනම් විශ්වවිද්‍යාලයිය ආචාර්ය සමිති සම්මේලනය (FUTA) ලෙස පණගැන්වීමට අප කිහිප දෙනකු සමත් වුණා. මා එහි ලේකම් වුණා. ඔස්මන්ඩ් ජයරත්න සභාපති වුණා. අප සම්මේලනයට ව්‍යවස්ථාවක් ද සකස් කර ගත්තා. සම්මේලනයේ සාමාජිකයන් වනුයේ ඒ ඒ විශ්වවිද්‍යාලවල පීඨවල ආචාර්ය සමිතියි. එහි පෞද්ගලික සාමාජිකත්වයක් නැහැ. ආචාර්යවරුන් තම විශ්වවිද්‍යාලයේ පීඨයේ ආචාර්ය සමිතියේ සාමාජිකයන් වුණා. ඒ ඒ ආචාර්ය සමිති තම නියෝජිතයන් සම්මේලනයට පත් කර එවුවා. සම්මේලනයේ තනතුරු සඳහා පත් කර ගත්තේ ඒ නියෝ්ජිතයන්ගෙනුයි.

Thursday 10 June 2021

බම්බලවත්තේ දේශපාලනය

බම්බලවත්තේ දේශපාලනය

 

රනිල් වික්‍රමසිංහ ටික දිනකින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙන බවක් කියැවෙනවා. ඔහු විපක්‍ෂයේ අසුන් ගැනීමට තමයි බොහෝ දුරට ඉඩ තියෙන්නෙ. රනිලාගමනයෙන් මුළු විපක්‍ෂය ම කැලඹිලා. සජිත්ට විපක්‍ෂ නායක කම නැති වේවි ද? රනිල් එන්නත විදගෙන ද? සජිත් නම් ජනතාව වෙනුවෙන් එන්නත විදගත්තෙ නැහැ. ඔහු අර මහායාන බෝධිසත්ව සංකල්පය වැනි එකක් අනුගමනය කරනව වගේ. අනෙක් සියල්ලන් එන්නත විදගත්තට පස්සෙ තමයි ඔහු විදගන්න බලාපොරොත්තු වෙන්නෙ. ඒත් ඒ අතර ඔහු ආසාදිතයකු වෙලා. ඔහු රෝගියකු වූවා ද නැද්ද යන්න ගැන හරියට ම දැන ගන්න විධියක් නැහැ. මෙරට බටහිර වෙද මහත්තුරු හා වෙද හාමිනේලා ආසාදිතයා හා රෝගියා අතර වෙනස කියන්නේ නැහැ. සමහර විට ඔවුන්ට වෙනසක් නැතිව ඇති. ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ ගැන නිවේදනයක් නිකුත් කරල නැත්නම් බටහිර වෙද මහත්තුරු හා වෙද හාමිනේලා ඒ ගැන දැඩි මුව ආවරණයක් පළඳිනවා. ජනමාධ්‍යවේදීන්ට නම් ආසාදිතයා හා රෝගියා අතර වෙනසක් නැහැ.

Wednesday 9 June 2021

දිලිප් කුමාර් හා කළුකුමා

 

දිලිප් කුමාර් හා කළුකුමා

 

ඉංගිරිසි ඉගෙනීමේ කිසි වරදක් නැහැ. මා කලින් ලිපිවල සඳහන් කරුණු ඉංගිරිසි ඉගැන්වීමට හා ඉගෙනීමට හේතුවෙයි. එහෙත් අවධාරණය කළ යුත්තක් නම් අප රටේ ඉංගිරිසි උගන්වන්නේ ඉංගිරිසින් ආරම්භ කළ නිසා බවත් ඔවුන් අපට ඉංගිරිසි ඉගැන්වූයේ ක්‍රිස්තියානි ආගම ප්‍රචාරය කිරීම සඳහාත් ඔවුන්ගේ ඇතැම් රැකියාවන්ට මෙරටින් පිරිසක් පුහුණු කිරීම සඳහාත් බවයි. ඉංගිරිසින් මැකෝලිගෙන් පසුව බලාපොරොත්තු වූ ඉංගිරිසින් මෙන් හිතන පිරිසක් බිහි කිරීමේ අරමුණ  නම් සාර්ථක වී නැහැ.  ඒ ඇතැම් විෂය විශ්වවිද්‍යාලයේ දී ඉංගිරිසියෙන් ඉගැන්වීමෙන් පසුවත්. ඉංගිරිසි ඉගෙන ගත්තත් ඉංගිරිසියෙන් ඉගෙන ගත්තත් ඉංගිරිසින් මෙන් හිතන්න බැහැ. එය චින්තනය හා සංස්කෘතිය හා සම්බන්ධ ප්‍රශ්නයක්.

Tuesday 8 June 2021

බලවත් බවලත්තු

 

බලවත් බවලත්තු

 

ඉංගිරිසියෙන් උගන්වනවා ද ඉංගිරිසි උගන්වනවා ද කියන දෙකේ වෙනස හඳුනාගන්න බැරි පිරිසකුත් මෙරට අධ්‍යාපනයෙන් බිහි වෙලා තියෙනවා. ඔවුන් එතරම් පිරිසක් නැතැයි කියමු.  ඒත් ආසාදිතයා හා රෝගියා අතර වෙනස දන්නේ නැති කොපමණ පිරිසක් මෙරට ඉන්නවා ද? කොවිඩ් 19 වයිරසය ආසාදිත වූවන් රෝහල්ගත කරන්න අවශ්‍ය නැහැ. ඔවුන්ගෙන් වෙනත් අයට රෝගය බෝ වෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන් වෙන් කරන්න ඕන. ඒක වෙන ම කාරණයක්. ඒත් අප බටහිර වෙදමහතුන්ගේ ද වෙද හාමිනේලාගේ ද අනුමැතිය ඇතුව මුල සිට ම කෙළේ ඕනෑම ආසාදිතයකු රෝහල්ගත කිරීමයි. ඔවුන් බොහෝ දෙනා කිසිම ප්‍රතිකාරයක් නැතිව ටික දවසක් රෝහලේ සිට ආපසු ගෙදර ගියා ම ඔවුන් සුව වී ගිය බව ප්‍රචාරය කළා. ඔවුන්ට සුව වෙන්න ලෙඩක් තිබුණේ නැහැ. ඒ තමයි අපේ අධ්‍යාපනයේ රඟ.

Monday 7 June 2021

ඉංගිරිසි හා ඉංගිරිසි

 

ඉංගිරිසි හා ඉංගිරිසි

 

ඊයේ ලිපිය ගැන ප්‍රතිචාර රාශියක් ලැබී ඇති බව වාර්තා වෙනවා. අවුරුදු තිස්පහක පමණ කාලයක එකම චෝදනාවක් විවිධ ස්වරූපවලින් එල්ල වෙනවා. ඒ මා ඉංගිරිසි ඉගැන්වීමට විරුද්ධ බවත් එහෙත් මගේ දරුවන්ට පිටරට යවා උගන්වන බවත්. කොළඹ විශ්වවිද්‍යාලයේදීත් මේ චෝදනාව අසූවේ දශකයේ අගභාගයේ එල්ල වුණා. අසූවේ දශකයේ මුල ඒ චෝදනාව ඉදිරිපත වූයේ මා අනෙක් ළමයින්ට ඉංගිරිසි ඉගෙන ගන්න එපා කියමින් මගේ දරුවන්ට ඉංගිරිසි උගන්වන බව කියමින්.

Sunday 6 June 2021

යන්නෙ කොහෙද මල්ලෙ පොල් හා කිඹුල්වත

 

යන්නෙ කොහෙද මල්ලෙ පොල් හා කිඹුල්වත

 

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඊයේ ඉතා වැදගත් ප්‍රකාශයක් කර තිබුණා. මා එය දැක්කේ එක්තරා වෙබ් අඩවියක. ඒ ප්‍රකාශයේ අදහස මගේ වචනවලින් නොකියා අදාළ කොටස වෙබ් අඩඩවියෙන් ම උපුටා දක්වන්නේ මහාචාර්යතුමාට අසාධාරණයක් නොවීම සඳහා. මා හිතනවා වෙබ් අඩවිය මහාචාර්යතුමාට අසාධාරණයක් කර නැහැ කියා. අදාළ කොටස මෙසේයි.

Saturday 5 June 2021

පාදඩ ධනවත්තු

 

පාදඩ ධනවත්තු

 

මාක්ස්වාදී සාහිත්‍යයෙහි ලංකාවේ කියැවෙන ආකාරයට සංකල්පයක් වන්නේ ලුම්පන් ප්‍රොලිටේරියට් යන්නයි. එය සාමාන්‍යයෙන් පාදඩ කම්කරු පංතිය ලෙස පරිවර්තනය කෙරෙනවා. රනිල්දාසලාට හා කෙකරගාමීන්ට නම් එය පාදඩ නිර්ධන පංතිය විය හැකීයි. මෙහි පාදඩ යන්නට පහත් නැත්නම් අසංවිධිත යන ආකාරයෙන් තේරුම් දෙන්න පුළුවන්. මාක්ස්වාදී සමාජවාදීන් විසින් සංවිධානය කෙරෙන කම්කරුවන් සහ වෙනත් කම්කරුවන් ඉන්නවා. එදිනෙදා කුලියක් කරගෙන ඉන්න ආයතනයක රැකියාවක් නොකරන කම්කරුවන් ඉන්නවා. ඔවුන් සංවිධානය කෙරී නැහැ. ඔවුන් පාදඩ ද කියා මා දන්නේ නැහැ.

Friday 4 June 2021

සුද්දෝත්තමවාදය

 

සුද්දෝත්තමවාදය

 

අදත් මා ඉංගිරිසි පුවත්පතක ලිපියක් කියෙවුවා වයිට් සුප්‍රිමසි ගැන. එය සිංහලට පරිවර්තනය විය යුත්තේ කෙසේ ද යන්න ප්‍රශ්නයක්. එය මා නිතර කියන බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය නම් නො වෙයි. ලිපිය ලියා තිබුණෙත් ක්‍රීඩා සම්බන්ධයෙන්. විම්බල්ඩන් ටෙනිස් ක්‍රීඩාගාරයේ සිදුවන අකටයුතු ගැන එහි සඳගන් වුණා. විම්බල්ඩන් ටෙනිස් ශූරතාව දිනාගත් කළු ක්‍රීඩිකාවකට ක්‍රීඩාගාරයේ කැසිකිළි පහසුකම් නොදීම ආදිය ඇතුළු කරුණු කිහිපයක් එහි තිබුණා. වයිට් සුප්‍රිමසි යන්න ධවල ශ්‍රේෂ්ඨත්වය කියා පරිවර්තනය කරන්න පුළුවන්. අපි එයට සුද්දෝත්තමවාදය කියා කියමු.

Thursday 3 June 2021

නැව ගිලුනත් බෑන් චූන්

 නැව ගිලුනත් බෑන් චූන්


අද රටේ ඇත්තේ නැව ගිලුනත් බෑන් චූන් දේශපාලනයක්. ගිනිගත් නැව ගැන වග කිව යුත්තේ කවු ද? ඒ නැවට එන්න දුන්නේ ආණ්ඩුව ද? නැවට එන්න දීම පිළිබඳ ප්‍රශ්නයක් තිබුණ ද? නැව ගිනි ගත්තේ කෙසේ ද? ගිනි ගැනීම ආරම්භ වුණේ ලංකාවේ මුහුදු සීමාවේ ද? නැත්නම් ඒ සීමාවට පැමිණීමට පෙර ද? අද පරිසර විනාශය ගැන හැමෝ ම වගේ කතා කරනවා. ඒ සියල්ලට වග කියන්න ඕන ආණ්ඩුව ද? ගෝඨාභය ද? මා අහගෙන හිටියා ගෝඨාභය රාජපක්‍ෂ කියනවා විශේෂඥයන් ආණ්ඩුවට කියන්න ඕන කියල නැව ඇද ගෙන යනව ද (ගිලෙන්න කලින් සිදුවීමක්) එහෙම නැත්නම් මොකක්ද කරන්නෙ කියන එක. ආණ්ඩුව කරන ලොකුම වරද තමයි මෙරට විශේෂඥයන් ඉන්නව කියා හිතීම. ඒ කොහොම වුනත් කාදිනල්තුමාත් සටනට බැහැල. කාදිනල්තුමා දැන් කලක සිට දේශපාලනයක නිරත වෙලා ඉන්නෙ. නැව ගිලුන එක ගැන ආණ්ඩුවට පහර දීල චූන් වීම තමයි නැව ගිලුනත් බෑන් චූන් කියල කියන්නෙ. 

Wednesday 2 June 2021

බටහිරයන් නොවන අපි

 

බටහිරයන් නොවන අපි

 

මා විද්‍යාඥයකුවත් විශේෂඥයකුවත් නො වෙයි. මා හිතන්නේ ලංකාවේ විද්‍යාඥයන්වත් විශේෂඥයන්වත් නැති බවයි. බොහෝ දෙනා දෙවැනි කරුණ සමග එකඟ වන්නේ නැති බවත් පළමු කරුණ සමග එකඟ වන බවත් මා දන්නවා. මා විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් බැරුව පැමිණි අයකු බව සඳහන් කළ විට එක්තරා අයකු මුහුණු පොතේ කියා සිටියේ මා විද්‍යාව නොදන්නා බවයි. මෙරට ඉන්න දන්ත වෛද්‍යවරයකු වූ අශෝක අමරතුංග, කැනඩාවේ චන්ද්‍රසිරි ධර්මවර්ධන ආදීන්ට අනුව මා බොරුකාරයන්ට උපකාර කරන මිථ්‍යා මත වපුරවන තැනැත්තෙක්. කැනඩාවේ ම ඉන්න බෝධි ධනපාල නමැත්තකුට අනුව සසෙක්ස් විශ්වවිද්‍යාලය මුග්ධයකු වූ මා ඉක්මණින් විශ්වවිද්‍යාලයෙන් පිටත් කිරීම සඳහා අඩු කාලයකින් ආචාර්ය උපාධියක් දී එවනු ලැබූවෙක්. විදුසර පුවත්පත ඒ සියල්ල පිළිගෙන මගේ ලිපි පළකිරීම නවතා දැමුවා.

Tuesday 1 June 2021

වයිරසය කටකතාව සකර්බර්ග් හා මොන්ටැනියර්

 

වයිරසය කටකතාව සකර්බර්ග් හා මොන්ටැනියර්

 

තවමත් ලෝකයේ වැඩිම වේගයකින් පැතිර යන්නේ කොවිඩ් 19 වයිරසයේ විවිධ ප්‍රභේද නොව කටකතා. කොවිඩ් වයිරසය පැතිර යෑමේ වේගයට වැඩි වේගයකින් ඒ සම්බන්ධ කතා පැතිර යනවා. අන්තර්ජාලය අද ඒ සඳහා උදවු වෙනවා. සකර්බර්ගේ මුහුණු පොත වෙනත් කිසිම පොතකට වඩා කියවනවා. කලක් මතයක් තිබුණේ වැඩියෙන් ම විකිණෙන හා කියවන පොත බයිබලය කියායි. අද මුහුණු පොතත් සමග බයිබලයට තරග කරන්න බැහැ. මුහුණු පොත නිර්මාණය කළ සකර්බර්ග් ලෝකය නිර්මාණය කළ දෙවියන් වහන්සේට ද වඩා බලවත් ද? පඬියකු අහන්න පුළුවන් සකර්බර්ග් ද දෙවියන් වහන්සේගේ නිර්මාණයක් නොවේ ද කියා. බෞද්ධයනට නම් දෙවියන් වහන්සේත් මිනිසුන්ගේ සංස්කරණයක්.