Main Logo

Friday 31 December 2021

අනංගයාගේ දුන්න හා රාජ්‍යාරක්‍ෂාව

 

අනංගයාගේ දුන්න හා රාජ්‍යාරක්‍ෂාව

 

හෙට ඉඳන් විදේශිකයන් සමග විවාහ වීමේදී ඇතැම් කොන්දේසි වලට යටත් වෙන්න ඕන. ඒ කොන්දේසි විදේශිකයන්ට මිසක් ඔවුන් හා විවාහ වන ස්වදේශිකයන්ට නො වෙයි. සුපුරුදු පරිදි බටහිර රටවලින් නඩත්තු කෙරෙන සිවල් සමාජවල, ඊනියා රාජ්‍ය නොවන සංවිධානවල, මානව අයිතිවාසිකම් සංවිධානවල, ප්‍රතිපත්ති කේන්ද්‍රවල හා එකී නොකී සංවිධානවල සාමාජිකත්වය දරන, නොදරන පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් කුපිත වෙලා. මානව අයිතියක් කැඩූ බවට චෝදනා එල්ල වෙනවා. යමකුට කැමති අයකු සමග විවාහ වීමට ඉඩ දිය යුතුළු.

Thursday 30 December 2021

සෝවියට් අධිරාජ්‍යය බිඳ වැටීම

 

සෝවියට් අධිරාජ්‍යය බිඳ වැටීම

 

මා හිතන්නෙ නැහැ දෙසැම්බර් 26 කියන්නෙ වමක් නැති වමාලට මතක තියෙන දිනයක් කියල. අප බොහෝ දෙනකුට එය මතක් වෙන්නෙ සුනාමිය හින්ද. එදා බොක්සිං නැත්තන් නත්තල් තෑගි පෙට්ටිය අරින දිනය කියන එක අපේ සංස්කෘතියට වැඩක් නැහැ. නත්තල් සීයා මේ පැත්ත පළාතෙ එන්නෙ නැහැ. මෙහෙ හිමත් නැහැ පිනිමුවොත් නැහැ. ඒ මදිවට ගෙවල්වල චිමිනි බැඳලත් නැහැ. 

Wednesday 29 December 2021

චීනය හා මියන්මා සමග මිත්‍ර අපි යක්කු බොලවු

 

චීනය හා මියන්මා සමග මිත්‍ර අපි යක්කු බොලවු

 

පඬියන්ගේ පඬි පෝතකයන්ගේ පඬි නැට්ටන්ගේ ආචාර්ය මහාචාර්යවරුන්ගේ පමණක් නොව ගුණදාස අමරසේකර ඇතුළු ඇතැම් ජාතිකවාදීන්ගේ ද ලිපි කියවන විට මා උගතකු බුද්ධිමතකු වියතකු නොවීමේ සතුට මට දැනෙනවා. ඔවුන් මගේ ලිපියක් ගැන හොඳක් කියා නැහැ. අමරසේකර නම් මා ජීවත්වන බවත් අමතක කරලා හුඟක් කල්. ආචාර්ය මහාචාර්යවරුනුත් එලෙස ම අමතක කරලා. ජනමාධ්‍ය මගේ ලිපි පළ කරන්නේ නැහැ. එහෙත් මා ජීවත් වෙනවා. සකර්බර්ග් පිටුවේ මා ලිපි ලියන්නේ අතිරේකයක් ලෙස පමණයි. මට ලිපි ලියන්න වෙන ම වෙබ් අඩවියක් තියෙනවා. එය චින්තන පර්ෂදයට අයත් එකක්.

ප්‍රංශයේ ආගමික නිදහස නැද්ද?

 a

 

ප්‍රංශයේ ආගමික නිදහස නැද්ද?

 

පඬියන්ට පඬි පෝතකයන්ට පඬි නැට්ටන්ට තවත් ප්‍රශ්නයක්.

 

France shuts mosque for sermons 'defending jihad'

Tuesday 28 December 2021

ප්‍රශ්න දෙකකට පිළිතුරු දී උප කුලපතිවරයකු වරියක සමග ඡායාරූපයක් ගන්න

 

ප්‍රශ්න දෙකකට පිළිතුරු දී උප කුලපතිවරයකු වරියක සමග ඡායාරූපයක් ගන්න

 

මා විද්‍යාඥයකුවත් බුද්ධිමතකුවත් ජනමාධ්‍යවේදියකුවත් නො වෙයි. විිද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් එරටත් යුරෝපයේත් සංචාරය කර පැමිණි අයකු පමණයි. ජනමාධ්‍යවේදීන් මා කියන කිසිවක් ගණන් ගන්නේ නැහැ. මා ලියන කිසිවක් ඔවුන් තම උදෑසන මාධ්‍ය උපුටා දැක්වීම්වල දී කියවන්නේ නැහැ. ඔවුන් කියාවි මගේ ලිපි අදහස් මාධ්‍යයෙහි නැහැ කියා. ජඩමාධ්‍යවේදීන් මා කියන දෙයට ප්‍රචාරයක් දුන්නේ නැහැ. මාධ්‍ය සාකච්ඡාවල දී මා කී දේ නැතුව වෙනත් අය කී දෙ ප්‍රචාරය කළා. මා නැගල යන ප්‍රකාශ හරි වැදගත් ප්‍රකාශ හරි කරන්නෙ නැතුව ඇති. අරුණ පුවත්පතට ලියන කාලයේදීත් ඔවුන් ඉන් උපුටා දැක්වූයේ නැහැ. මා දැන් අරුණට ලියන්නේ නැහැ. එහි ඉන්නේ ප්‍රබුද්ධයන්. ඔවුන් දෙවි දේවතාවුන්ට හිනහවෙන අග්‍රගණ්‍ය බුද්ධිමතුන්. මට ඔවුන් එක්ක හැප්පෙන්න බැහැ. දෙරණ අපේ දේ රැක ගන්නවා කියනවා. අරුණ අපේ දේට කෙලින් ම හිනහවෙනවා.

Monday 27 December 2021

රජ්ජු බණ්ඩාර හා වික්‍රමබාහු බණ්ඩාර

 

රජ්ජු බණ්ඩාර හා වික්‍රමබාහු බණ්ඩාර

 

කොළඹ උපාධි කෝළම ගැන තව තවත් කරුණු හෙළිදරවු වෙනවා. ඒ ගැන පරීක්‍ෂණයක් කළ යුතු යැයි  මා යෝජනා කරනවා. පරීක්‍ෂණයක් පැවැත්තෙන්නේ නම් මා සාක්‍ෂි දීමට කැමතියි. ජී එල් පීරිස් මට කොළඹ විශ්වවිද්‍යලයීය පරිශ්‍රයට ඇතුල්වීම තහනම් කරමින් පැන වූ නියෝගය තවමත් තියෙනවා ද දන්නෙ නැහැ. තහනම් නියෝගය නිසා ඒ දිනවල අප ආචාර්ය සමිති සම්මේලනයේ රැස්වීම් කුමාරතුංග මුණිදාස මාවතේ මාර ගහක් යට පැවැත්තුවා. පසුව අර්ජුන අළුවිහාරෙ මැදිහත් වී අපට  ප්‍රතිපාදන කොමිසමේ රැසවීම් පැවැත්වීමට  අවසර දුන්නා. තහනම් නියෝගය තිබුණත් නැතත් මා සාක්‍ෂි දෙන්න එන්නම්.

Sunday 26 December 2021

මනමේ කුමරුට සීමාවාසික පත්වීමක්

 

මනමේ කුමරුට සීමාවාසික පත්වීමක්

 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තම වැඩ වර්ජනය තාවකාලික ව නවත්තලා. මා හිතනවා එය වැරදීමක් කියල. ඔවුන්ගේ සාමාන්‍යය  වැඩ වර්ජනය කිරීම. වැඩ කරන විට කියන්න තියෙන්නෙ තාවකාලික ව වැඩ කරනවා කියලයි. ඔවුන් මේ ගමන තාවකාලික ව වැඩ කරන්නෙ සෞඛ්‍ය ඇමති ඔවුන්ගෙ ඉල්ලීමට කන් නොදුන්න නිසා. ඔවුන්ගෙ ඉල්ලීම්වලට කන් නොදී සිටියොත් වෛද්‍ය නිලධාරීන් දිගට ම වැඩ කරන්න ඉඩ තියෙනවා.

Saturday 25 December 2021

නත්තලේ කතාව හා දෙවියන් වහන්සේ

 

නත්තලේ කතාව හා දෙවියන් වහන්සේ

 

අද නත්තල්. සමහරුනට හැමදාම නත්තල් කියලත් කතාවක් තියෙනවා. මා මේ ලිපිය ලියන්නේ සිංහල බෞද්ධයෙක් හැටියට. එහෙත් මගේ බෞද්ධකම බොහෝ දෙනාගේ බෞද්ධකමෙන් වෙනස් වෙන්න පුළුවන්. මා රාග ද්වේෂ මෝහ ඇති මිනිහෙක්. මා  සියලු සංකල්ප දෘෂ්ඨිවාද බොරු කියල කියන්නෙක්. මට නිවන සංකල්පයක් නොවෙයි. එය සංකල්පයක් නම් මා නිවනත් බොරුය කියා කියනවා. නිවන වචනයෙන් විස්තර කරන්න පුළුවන් නම් එය බොරුවක් වෙන්න ඕන. නැති මනස නැති මනසක් බව නැති මනසෙන් සම්මාබෝධ කර ගැනීම කියන්නෙ නිවන වචනයෙන් විස්තර කිරීමක් නො වෙයි.  නිවන කියන්නෙ තැනක් තත්වයක් නො වෙයි. නිවන් සැප කියා දෙයක් නැහැ. දුක නැති කිරීම කියන්නෙ සැප ඇති කිරීම නොවෙයි. නැති මිනිස්සු දුකත් සැපත් දෙක ම නැති කරන්න ඕන. දුක නැත්නම් සැප කියන්නේ ද්වෛතවලට (dualities) පුරුදු වෙච්ච ද්විකෝටික න්‍යායෙ ඉන්න අය. මා නිවන් සැපක් බලාපොරොත්තු වන්නෙ නැහැ.

Friday 24 December 2021

සහතික අවුල

 

සහතික අවුල

 

බටහිරයන් පැමිණීමට පෙර අපට උප්පැන්න සහතික, විවාහ සහතික, මරණ සහතික ආදිය තිබුණෙ නැහැ. ඉංගිරිසින් තමයි ඒ ලේඛනවල ආකෘතිය සකස් කෙරුවෙ. ඒ කියන්නෙ අප ඉංගිරිසින් එන්න ඉස්සර ඉපදුණෙවත් විවාහ වුණෙවත් මැරුණෙවත් නැහැ කියන එක නො වෙයි. අප ඉපදුණා විවාහ වුණා මැරුණා. ඒත් පොතක ලිවුවෙ නැහැ.

ෂාෆි අධ්‍යාපනය ජඩමාධ්‍ය හා විස්සේ විස (දැන්වීමක්)

 ෂාෆි අධ්‍යාපනය ජඩමාධ්‍ය හා විස්සේ විස (දැන්වීමක්)


පසුගිය දෙසැම්බර් 18 වැනි දා පළ වු ලිපියෙහි පළමු ඡෙදය මෙසේ ය.


“මෙරට ප්‍රශ්නවලට වග කියන්න ඕන මූලික වශයෙන් සිංහලයන්. ඔවුන් දන්නෙ නැහැ ඔවුන් මේ රට මේ තත්වයෙන් තියා ගන්න අවුරුදු දෙදහසකට වැඩි කාලයක් කරල තියෙන දේ. අද විග්නේස්වරන් කියනවා මේ රටේ මුල් පදිංචිකාරයන් දෙමළ කියලා. විග්නේස්වරන්ගෙ පරම්පරාවත් මෙරටට ඇවිල්ල අවුරුදු තුන්සිය පනහක් නැහැ. මේ සම්බන්ධ තෝම්බු රාජ්‍ය ලේඛනාගාරයෙ තියෙන්න ඕන. අද එක් නිලධාරිනියක් ඒ තෝම්බු විනාශ කිරීමේ හා නෙදර්ලන්තයට (ඕලන්දයට) ලබා දීමේ කාර්යයෙහි යෙදී ඉන්නේ මේ ඉතිහාසය වසන් කිරීමටත්. පරීක්‍ෂණයකින් වැරදිකාර්ය වී ඇති ඇය ආරක්‍ෂා කරන්නේ ප්‍රධාන වශයෙන් ම හිටපු සිවිල් සේවකයකු බව දැන ගන්න ලැබිල තියෙනවා. ඒ වගේ ම ඇතැම් ජඩමාධ්‍යවේදීන් ඇය ආරක්‍ෂා කරනවා.”


මේ ඡෙදයෙහි රාජ්‍ය ලේඛනාගාරය යන්න සඳහන් වුවත් නිශ්චිත නිලධාරිනියක් ගැන නො කියැවෙයි. කෙසේ වෙතත් ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරල්තුමිය මා වෙත විද්‍යුත් ලිපියක් එවමින් චෝදනා සම්බන්ධ පැහැදිලි කිරීමට මා හමුවීමට කැමති බව දන්වා ඇත. මා නොමග ගොස් ඇති බව ඇගේ විශ්වාසය බව ද සඳහන් කර ඇත.


මා පිළිතුරු ලිපියක් යවමින් කියා සිටියේ කිසිම බුද්ධිමතකු හමුවීම මගේ අභිමතය නොවන බවත් මා නොමග ගොස් ඇති බව ඇය විශ්වාස කරන්නේ නම්  මා නිවැරදි කළ හැකි යැයි ඇය සිතන ලිපි ලේඛන මා වෙත එවිය හැකි බවත් ය.  


එම ලිපි ලේඛන ලැබුණු විගස එහි සඳහන් තොරතුරු මේ පිටුවෙහි පළ කෙරෙනු ඇත.   



Thursday 23 December 2021

ගොවිතැන අල කිරීම හා බටහිර බම්බු උපාධිය


ගොවිතැන අල කිරීම හා බටහිර බම්බු උපාධිය

 

සුද්ද රට පාලනය කළා නම් මීට වඩා හොඳයි කියනු මා අසා තියෙනවා. ඒ කියමනත් එක්ක මා එකඟ වන්නේ නැහැ. එහෙත් අද රට පාලනය කරන කළු සුද්දන් ගැන හොඳක් කියන්න බැහැ. මා කියන්නේ දේශපාලනඥයන් ගැන නොවෙයි. පරිපාලන නිලධාරීන් ගැන. බටහිර උගතුන් ගැන. බටහිර වෙද මහතුන් ගැන. බටහිර නීතිඥයන් ගැන. බටහිර කෘෂි විද්‍යාඥයන් ගැන. බටහිර විිද්‍යාඥයන් ගැන. බටහිර සමාජයීය විිද්‍යාඥයන් ගැන. මේ සියලු දෙනා ම සෘජුව හරි  වක්‍ර ව හරි අප පාලනය කරනවා.

 

අද වෙනදටත් වඩා තත්වය බරපතලයි. නිෂ්ශබ්ද විලියම් නමින් ප්‍රසිද්ධ රජු ඕලන්දයේ නැත්නම් නෙදර්ලන්තයේ පිහිටවපු ලෙයිඩන් විශ්වවිිද්‍යාලය අද සිංහල බෞද්ධ විරෝධීන් පුහුණු කරන මධ්‍යස්ථානයක් බවට පත්වෙලා. එහි ඉගෙන ගන්න නිරාලා මෙහේ ඇවිත් වැඩ කරන්නෙ නෙදර්ලන්තෙට. ඔවුන් ඉතිහාසය විකෘති කරනවා විතරක් නොවෙයි ඉතිහාසය අපට අහිමි කරනචා. නිරාලා එක්ක කතාකරන එකත් කාලය කා දැමීමක්.

Wednesday 22 December 2021

උත්සව සමය කාගෙ ද?😁

 

උත්සව සමය කාගෙ ද?

 

මේ උත්සව සමයයි. උත්සව සමයේ ජනතාවට හිරිහැර නොකරන්න වග බලාගන්න ඕන. මෙය මේ දිනවල නිතර රූපවාහිනියේ ඇහෙන කතාවක්. ඒ කතාව ඇහෙන හැම විටක ම මගේ හිතට එන්නෙ කාගෙ උත්සව සමය ද කියා. මෙය මගේ උත්සව සමයක් නම් නො වෙයි. අපේ ගෙදර උත්සවයක් සඳහා කිසිම ලක ලැහැස්තියක් නැහැ. ඒ අපි උගතුන් නොවන නිසා වෙන්න පුළුවන්. උගත් ජනමාධ්‍යවේදීන් උත්සව සමයට ගජරාමෙට ලැහැස්ති වෙනවා වෙන්න පුළුවන්.

Tuesday 21 December 2021

උගත් පඬි නැට්ටන් හා නූගත් මා

 

උගත් පඬි නැට්ටන් හා නූගත් මා

 

මේ ලිපි තවදුරටත් ලියන්න අවශ්‍ය ද යන ප්‍රශ්නය එක්වර ම මගේ හිතට ආවේ රනිල්දාස රට තමන්ට භාර දෙන ලෙසත් තමන්ට රට කරන්න පුළුවන් බවත් කියනු ඇසීමෙන්. ඔහුගේ කතාව ටික දුරක් අසන විට ඔහු උගතකු බවත් ඔහුට පරස්පරවලින් ගැලවෙන්න බැරි බවත් වැටහුණා. ඔහු බෝධිසත්ව වටුවාගේ කතාව මතක් කරමින් මේ අර්බුදයෙන් ගොඩ එන්න සියලු දෙනා එකතු විය යුතු බව කිවුවා. එහෙත් අවසන් වන විට බෝධිසත්ව වටුවා අමතක වුණා. රට තමන්ට භාර දෙන්න කිවුවා. රනිල්දාස බෝසතකු ද කියා මා දන්නේ නැහැ. ඔහු තනියම දැල උස්සන් යන්නයි හදන්නෙ. මා දිගට ම  ලිපි ලියනවා.

Monday 20 December 2021

උපාධි කෝළම හා බම්බු මාන්නෙ

 

උපාධි කෝළම හා බම්බු මාන්නෙ

 

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් කිහිප දෙනකු පමණක් එහි උපාධි කෝළම බහු රූ කෝළමක් බවට පත් කර තියෙනවා. ඔවුන්ට කුලපති හාමුදුරුවන්ගෙන් උපාධි ලබා ගැනීම ප්‍රතික්‍ෂෙප කරන්න බැහැ. ඔවුන් එසේ කරලත් නැහැ. මට තේරෙන විධියට අර ලෝගුව අස්සේ බම්බු ගෙනා අයට උපාධිය හිමිවන්නේ නැහැ.

Sunday 19 December 2021

යන එන මං නැති වමාලාගෙ මුරුත්තේට්ටුවෙ හිමි වර්ජනය ගැන ආවර්ජනයක්

යන එන මං නැති වමාලාගෙ මුරුත්තේට්ටුවෙ හිමි වර්ජනය ගැන ආවර්ජනයක්

 

අද වමාලාට යන එන මං නැතිව පිදුරු ගහක වුණත් එල්ලෙනවා. මුළු ලෝකය ම ආර්ථික අර්බුදයක. ඒ්ත් ධනවාදය පෙරළ ගන්න බැහැ. විප්ලවය පේන තෙක් මානෙක නැහැ. මාක්ස්ගෙ අනාවැකි බොරු වෙලා බොහොම කල්. බටහිර භෞතික විද්‍යාවත් පට්ටපල් බොරු තමයි. ඒ සියල්ල, සියලු දැනුම් බොරු කියන අරුතින්. බටහිර විද්‍යා පට්ටපල් බොරු වන්නෙ ඒ කතන්දර වියුක්ත නිසා. ඒත් බටහිර භෞතික විද්‍යාව ඇතුළු ඊනියා ස්වාභාවික විද්‍යාවන්හි සමහර හිතළු හරි යනවා, වැඩ කරනවා. හරි යනවා කියන්නෙ හරි බව නො වෙයි. හරි යන හිතළු කතන්දර වෙනවා. ඒ කතන්දර අපත් සමහරවිට යොදා ගන්නවා. මේ සරල කාරණය පඬි නැට්ටන් බොහෝ දෙනකුට තේරෙන්නෙ නැහැ.

Saturday 18 December 2021

ෂාෆි අධ්‍යාපනය ජඩමාධ්‍ය හා විස්සේ විස

 

ෂාෆි අධ්‍යාපනය ජඩමාධ්‍ය හා විස්සේ විස

 

මෙරට ප්‍රශ්නවලට වග කියන්න ඕන මූලික වශයෙන් සිංහලයන්. ඔවුන් දන්නෙ නැහැ ඔවුන් මේ රට මේ තත්වයෙන් තියා ගන්න අවුරුදු දෙදහසකට වැඩි කාලයක් කරල තියෙන දේ. අද විග්නේස්වරන් කියනවා මේ රටේ මුල් පදිංචිකාරයන් දෙමළ කියලා. විග්නේස්වරන්ගෙ පරම්පරාවත් මෙරටට ඇවිල්ල අවුරුදු තුන්සිය පනහක් නැහැ. මේ සම්බන්ධ තෝම්බු රාජ්‍ය ලේඛනාගාරයෙ තියෙන්න ඕන. අද එක් නිලධාරිනියක් ඒ තෝම්බු විනාශ කිරීමේ හා නෙදර්ලන්තයට (ඕලන්දයට) ලබා දීමේ කාර්යයෙහි යෙදී ඉන්නේ මේ ඉතිහාසය වසන් කිරීමටත්. පරීක්‍ෂණයකින් වැරදිකාර්ය වී ඇති ඇය ආරක්‍ෂා කරන්නේ ප්‍රධාන වශයෙන් ම හිටපු සිවිල් සේවකයකු බව දැන ගන්න ලැබිල තියෙනවා. ඒ වගේ ම ඇතැම් ජඩමාධ්‍යවේදීන් ඇය ආරක්‍ෂා කරනවා.

Friday 17 December 2021

පෙළපත්නාම හා නූතනත්වය

 

පෙළපත්නාම හා නූතනත්වය

 

මට ඉඳහිට පශ්චාත්නූතනවාදය හා පශ්චාත්නූතනවාදීන් මතක් වෙනවා. ලෝකයේ අය ගැන තමයි. ලංකාවෙ පශ්චාත්නූතනවාදීන් කියා පිරිසක් හිටියෙ නැහැ. අනෙක් හැම ක්‍ෂෙත්‍රයක වගේ ම මෙහෙ හිටියෙ  අනුකාරකයො ටිකක් පමණයි. ඔවුන් වචන ටිකක් දැන ගෙන හිටියා. එකෙකුටවත් අනෙක් එකා කියන දේ තේරුණෙ නැහැ. ඒත් අනෙකාගේ කියැවීම ගැන කියෙවුවා. ඒ ගැන මහා පරිමාණයේ සාකච්ඡා ඔවුන් අතර ඇති වුණා. ඒ අනුකාරකයන් අතර තරගයක් තිබුණා වැඩියෙන් ම වචන දන්නෙ කවුද කියන එක ගැන. දැන් ඔවුන් එකාට එකා නැහැ. ඔවුන්ට  පශ්චාත්නූතනවාදයකුත් නැහැ.

Thursday 16 December 2021

රජයේ පණතකින් ෆැට්වා දඬුවම හිස මත පැටවුණු සුෆී මුස්ලිමුන්

 

රජයේ පණතකින් ෆැට්වා දඬුවම හිස මත පැටවුණු සුෆී මුස්ලිමුන්

 

ඊයේ (දෙසැම්බර් 15) පළ කළ ලිපිය තරමක් වියුක්තයි. එබැවින් එය ඇතැමුන් කියවා නැහැ. මේ ලිපියේත් මුල් කොටස වියුක්තයි. ඒ ලිපියෙහි හරය වුණේ රාජ්‍ය නීතිවලට අමතර ව සමූහ නැත්නම් සමිති සමාගම්වල නීති තියෙන බවත් ඒ නීති අදාළ සමිතියේ සාමාජිකයන්ට පමණක් බවත්. එමෙන් ම සමූහ නීති සම්පාදනය කිරීමට සමිතිය විධායක සභාවක් පත් කර ගැනීම වැනි යම් යම් ක්‍රියා මාර්ග යොදා ගන්නා බවත් ඒ ක්‍රියා මාර්ග  සමිතියේ සාමාජිකත්වය විසින් අනුමත කෙරිය යුතු බවත්.

Wednesday 15 December 2021

රාජ්‍ය නීති සමුහ නීති හා ආගමික අවනීති

 

රාජ්‍ය නීති සමුහ නීති හා ආගමික අවනීති

 

නීති තියෙන්නෙ රටක පමණක් නොවෙයි. නීතියෙන් කෙරෙන්නෙ යම්කිසි කණ්ඩායමක ජීවත්වන ජනයා තම තමන්ටත් අනෙක් අයටත් කණ්ඩායමටත් අයහපතක් නොවන විධියට ඒ හැම දෙනාගේ ම හා කණ්ඩායමේ අභිවෘද්ධිය ආරක්‍ෂාව ආදිය වෙනුවෙන් කටයුතු කළ යුතු ආකාරය දැක්වීමයි. මෙහි කණ්ඩායමක් යන්නට ආයතනත් ඇතුල් වෙනවා.  සිරිත් විරිත්වලින් කෙරෙන්නේත් එයයි. අපේ පැරණි සමාජයේ සිරිත්ලේනාගේ කාර්යභාරය වුණෙ අද නීීතිපතිගෙ වැනි කාර්යයක්.

Tuesday 14 December 2021

එක රටයි එක නීතියයි

 

එක රටයි එක නීතියයි

 

එක රටයි එක නීතියයි කියන්නෙ සටන් පාඨයක් නො වෙයි. අප බොහෝ දේ තේරුම් ගන්නෙ බටහිර සංකල්ප හා කතන්දර අනුව. කතන්දර කියන්නෙ ඊනියා ප්‍රවාදවලට. කතන්දර කවුරුත් හදනවා. ලංකාවෙ නම් ලිඳ ළඟ කතා කෝපි කඩේ කතා ආදියත් තියෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සිංගප්පූරු ගියේ ඇයි? ඒ ගැන කතා දාහක් හදන්න පුළුවන්. ඒ කතා එකක්වත් වැඩ නොකරන එහෙම නැත්නම් හරියන්නෙ නැති කතා වෙන්න පුළුවන්. බොහෝ දෙනා නොදන්නවාට බටහිර විද්‍යාවෙ කතා හදන පත්‍රිකා දහස් ගණනකින් එකක් පමණක් හරියන්න ඉඩ තියෙනවා. හරියනවා කියන කතාත් ටිකක් කල් ගියාට පස්සෙ හරියන්නෙ නැති බව පේන්න පටන් ගන්නවා. එතකොට එක්කො කතාව සංශෝධනය කරනවා එහෙම නැත්නම් අලුත් ම කතාවක් ගොතනවා.

Monday 13 December 2021

ඩොලර් නැති වුණෙ කොහොමද?

 

ඩොලර් නැති වුණෙ කොහොමද?

 

මා හිතන් හිටියේ ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් නැහැ කියා. ඒත් දැන් බලන කොට විසඳුමක් තිබිල තියෙනවා. විපක්‍ෂයේ ආර්ථික විද්‍යාඥ ආචාර්ය හර්ෂ ද සිල්වා කියනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියාම ප්‍රශ්නය විසඳ ගන්න පුළුවන් කියලා. සජිත් හා රනිල් කියන්නෙත් ඒකමයි. සජිත් කියනවා ආණ්ඩුව ඒ අයට භාර දෙන්න කියා. ඔවුන් විසඳුම දෙන්නන් කියල. හර්ෂ ද සිල්වා වැඩිදුරටත් කියනවා ඔවුන්ට ජාත්‍යන්තර සම්බන්ධකම් තියෙනවා කියලත්. අපි නොදන්නවැයි.

Sunday 12 December 2021

බෙන්තර ගඟෙන් මෙහා බළල් පැටවු හා පැටික්කියො

 

බෙන්තර ගඟෙන් මෙහා බළල් පැටවු හා පැටික්කියො

 

මුදල් ඇමති කියා තිබුණා අප ලබන වසරේ ගෙවිය යුතු ණය, කොච්චර ද ඩොලර් බිලියන ගණනක්, ස්ථිර වශයෙන් ම ගෙවනවා කියා. ණය ගෙවන්න ණය ගන්නවා හැරෙන්න වෙනත් ක්‍රමයක් තියෙනවා ද කියා මා දන්නේ නැහැ. මධ්‍යම පංතියේ අවශ්‍යතා සපුරාලන්න අපට ඇතැම් දේ ආනයනය කරන්න වෙනවා. අපට මතක නැති වුණාට හැටනවයේ දශකයේ අග හා හැත්තෑවේ දශකයේ මුලත් ඇතැම් භාණ්ඩ ආනයනය කෙරුණේ නැහැ. එකල ලන්ඩනයට පැමිණි මිතුරකු සමග ඔහුට අවශ්‍ය දේ මිල දී ගැනීමට මා ද ගියා. ඔහු ෆොහන්ස් දත් බෙහෙත් ඇසුරුමක් දැක පස්වණක් ප්‍රීතියෙන් පිනා ගිය හැටි මට දැනුත් සිහි වෙනවා.  මට ජීවිතයෙ මතක තියෙන්නෙ සිද්ධි ටිකක් පමණයි. මේ සිද්ධියත් ඉන් එකක්.

Saturday 11 December 2021

බටහිර බීජ වැපිරීම හා පොහොර බෙදීම

 

 

බටහිර බීජ වැපිරීම හා පොහොර බෙදීම

 

කාබනික පොහොර මෙරට ම නිෂ්පාදනය කිරීමට මලයාසියාවෙන් ආයෝජකයන් පිරිසක් ඉදිරිපත් වෙලා කියල ප්‍රවෘත්තියක් දැක්කා.  ඔවුන් එන්නේ තාක්‍ෂණික දැනුමත් සමග ද නැද්ද කියන එක  පැහැදිලි නැහැ. එහෙත් මෙහි දී ප්‍රශ්න කිහිපයක් පැන නගිනවා. මේ සඳහා මෙරටින් ආයෝජකයන් සොයා ගැනීමට නොහැකි ද යන්න එක් ප්‍රශ්නයක්. මලයාසියාවෙන් ආයෝජකයන් එන එක ප්‍රශ්නයක් නො වෙයි. මෙරට ආයෝජකයන් ඒ සඳහා උනන්දුවක් නැද්ද? එහෙමත් නැත්නම් එවැන්නක් සඳහා ආයෝජනය කිරීමට තරම් වත්කමක් නැද්ද? බෑංකුවලින් ණය ලබා ගැනීමේ ප්‍රශ්නයක් තියෙනවා ද? එහෙමත් නැත්නම් ඩොලර් ලබා ගැනීම සඳහා මලයාසියාවෙන් ආයෝජකයන් බලාපොරොත්තු වෙනවා ද?

Friday 10 December 2021

වමකුට මගේ කණට ගහන්න අවශ්‍ය වෙලා

 

 

වමකුට මගේ කණට ගහන්න අවශ්‍ය වෙලා

 

මේ ලිපිය නොවැම්බර් 24 වැනි දා ලිපිය හා අදාළ ලිපි පෙළ හා සම්බන්ධයි. මෙය වමක් නැති වමාලාගේ කතාවයි. අද වමාලා ප්‍රධාන වශයෙන් කම්කරු මාවත ධාරාවේ හා ජ වි පෙ ධාරාවේ අනුප්‍රාප්තිකයන්. කම්කරු මාවත, විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය, පශ්චාත්නූතනවාදය අද නැත්තට ම නැති වී ගොස්. ජ වි පෙ මුල් පක්‍ෂය තවමත් ගමට යන්න හදනවා. ඔවුන් ගම කියා හිතාගෙන මහරගමින් වැඩ ඇල්ලුවා. මහරගමත් දැනට අවුරුදු පනහකට පමණ පෙර නම් ගමක් තමයි. ජ වි පෙරමුණට යන්න තඹුත්තේගම නම් ගමක් තියෙනවා. ඒත් රනිල්දාස එහි යන්නේ නැහැ. අද ජ වි රෙමුණෙන් කැඩුණු කෙකරගාමින් ජඩමාධ්‍යයට පින් සිද්ධවෙන්න ඉන්නවා. මේ කොයි වමාලත් අද වමක් නැති අනාථයන්.

Thursday 9 December 2021

පිටපොට ගොස් පිටට පොට විකිණීම

 

පිටපොට ගොස් පිටට පොට විකිණීම

 

අපි පිටපොට ගිය ජාතියක්. අප තරම් අනුකාරකයන් ලොවේ වෙන කොහේවත් නැතිව ඇති. අපි අනුන්ගෙ. අපට අපේ ම කියල කියන්න දෙයක් නැති තරම්. රට දූෂිතයන්ගෙන් පිරිලා. මා කියන්නෙ හැමෝ ම ගැන නො වෙයි. නමුත් අවාසනාවකට වැඩි පිරිසක් ගැන. අපි බලන්නෙ අපි කොයිතරම් බටහිර දැනුම දන්නවා ද කියල පෙන්නන්න. ටික දෙනෙක් බලන්නෙ තමන් කොයි තරම් ඉන්දීය දැනුම දන්නවා ද කියා පෙන්නන්න.

Wednesday 8 December 2021

ප්‍රියන්ත දියවඩනට කළ හැකි උපහාරය

 

ප්‍රියන්ත දියවඩනට කළ හැකි උපහාරය

 

ප්‍රියන්ත දියවඩන ඝාතනය කරනු ලැබීමෙන් පසුව ඉම්රාන් ඛාන් ප්‍රමුඛ පකිස්ථානු ජනතාව සමස්තයක් ලෙස ක්‍රියා කළ ආකාරය ගැන අපේ ප්‍රශංසාව ඔවුන්ට හිමි වෙන්න ඕන. විශේෂයෙන් ම අගමැති ඉම්රාන් ඛාන් එහි දී ක්‍රියා කළ ආකාරය සමස්ත පකිස්ථානු ජනතාවට ම කීීර්තියක් ගෙන දෙනවා. ප්‍රියන්ත බේරා ගැනීමට තැත් කළ අයට පකිස්ථානයේ ඉහළ ම සම්මානයක් පිරිනැමීමට ඉම්රාන් ඛාන් ක්‍ෂණික ව ක්‍රියා කළා. ඝාතනය හා සම්බන්ධ සැකකරුවන් අධිකරණයට ගෙන ඒමට දින කිහිපයක් ඇතුළත හැකි වෙලා තියෙනවා.  එමෙන් ම මා හිතන විධියට සියල්කෝට් (සාගල නුවර) ව්‍යාපාරික ප්‍රජාව දැනටමත් ප්‍රියන්ත නමින් විශාල අරමුදලක් එකතු කරල ප්‍රියන්තගේ භාර්යාවට ඔහුගේ මාසික වැටුප දිගට ම ගෙවීමට කටයුතු සැලසුම් කරල තියෙනවා.  ඝාතනය ටික දෙනකුගේ වැඩක් බව පැහැදිලියි. අප පඬි නැට්ටන් නො වෙයි. ඒ නිසා ඔවුන් අනුගමනය කරමින්  සමස්ත මුස්ලිම් ජනයාට ම දොස් පවරන්නේ නැහැ.  පඬි නැට්ටන් තවමත් මේ සිද්ධිය සම්බන්ධයෙන් සිංහල බෞද්ධයනට වරද පටවන්න විධියක් හොයනවා. 

Tuesday 7 December 2021

ජාත්‍යන්තරයේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින සිවල් සාමාජිකයෝ හා මහාචාර්යවරු

 ජාත්යන්තරයේ අවශ්යතා වෙනුවෙන් පෙනී සිටින සිවල් සාමාජිකයෝ හා මහාචාර්යවරු

පසුගිය දා ජාතික සාම මණ්ඩලය මගින් සංවිධානය කරන ලද අවුරුදු දෙකක් පුරා පැවති ව්යාපෘතියක් ගැන අද දි අයිලන්ඩ් පුවත්පතේ සඳහන් වෙනවා. මෙවැනි පුවත් ෂමින්ද්ර ෆර්ඩිනැන්ඩොගේ පමණක් අවධානයට යොමු වන්නේ ඇයි ද යන්න ප්රශ්නයක්. උදේට විවිධ පුවත්පත් කියවන නාළිකා මෙවැනි පුවත්වලට එතරම් ප්රසිද්ධියක් ලබා දෙන්නේ නැහැ. ගෑස් සිලින්ඩරය, සජිත්ගේ හා වෙනත් දේශපාලනඥයන්ගේ මාධ්ය සංදර්ශන, ප්රියන්ත ඝාතනය ආදිය වැදගත් නමුත් සමස්තයක් ලෙස ජාතිය හා සම්බන්ධ පුවත්වලට ප්රවෘත්ති සංස්කාරකවරුන් වැදගත් කමක් දෙන්නේ නැහැ. ඩග්ලස්ගේ අභාවය තවමත් ඔවුන්ට ප්රවෘත්තියක් වුණේ නැහැ. ඔය දේශපාලනඥයන් ඉතා වැඩි දෙනෙකුගෙන් ජාතියට කිසිම සේවයක් ඉටුවන්නේ නැහැ. එහෙත් ප්රවෘත්ති සංස්කාරකවරුන්ට ඒ දේශපාලනඥයන් වැදගත්. ප්රවෘත්ති සංස්කාරකවරුන්ගෙන් ද වෙන සේවයක් නැහැ.

Monday 6 December 2021

පාර්ලිමේන්තු වරප්‍රසාද

 පාර්ලිමේන්තු වරප්‍රසාද


පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී බොහෝ මන්ත්‍රීවරුන් බොරු කියන බව පැහැදිලියි. මන්ත්‍රීවරුන් තම තමන්ට පමණක් නොව බාහිර පුද්ගලයන්ට ද අපහාස කරනවා. පාර්ලිමේන්තුවේ නොයෙකුත් ගිවිසුම් ගැන කියනවා. ඒ කියන සියල්ල ඇත්ත නොවන බව අප දන්නවා. ඒත් අපට ඒ ගැන කිසිවක් කරන්න බැහැ. රනිල් කියන විධියට අපට හම්බන්තොට වරාය ගැන චීනය සමග ඇති අනූනව අවුරුදු ගිවිසුම ඕනැම වෙලාවක වෙනස් කරන්න පුළුවන් ද?  මෙහි ඇත්ත යනුවෙන් කියන්නේ සම්මුති අරුතකින් පමණයි. මා හිතන පතන විධියට නම් සියල්ල බොරු, මනසේ නිර්මාණ. 

Sunday 5 December 2021

සාගල නුවර ඝාතනය වුණු දියවඩන

 සාගල නුවර ඝාතනය කෙරුණු දියවඩන 


පකිස්ථානයේ සියල්කොට් හි ලාංකිකයකු ඝාතනය කෙරිලා. පළමුවෙන් ම ප්‍රියන්ත දියවඩනගේ පවුලේ සාමාජිකයන්ට මගේ සංවේගය පළ කරනවා. ඉංජිනේරුවකු වූ ප්‍රියන්ත පකිස්ථානයට යන්න ඇත්තේ තම දරු පවුල වෙනුවෙන්. එහෙත් අද ඔවුන්ට ඔහු අහිමි වෙලා. අප මොන කතා කීවත් අවසානයේ දී ඝාතනයේ සොව පමණක් නොව බර ද දරා ගන්න වෙන්නෙ දරු පවුලට.  අප නිකම් කතා කියනවා පමණයි.

Saturday 4 December 2021

මගේ පරම පැතුම

 

මගේ පරම පැතුම

 

ඩග්ලස් වික්‍රමරත්න ගැන මා හිතූ තරම්වත් මෙරට ප්‍රබුද්ධයන් දන්නේ නැහැ. මා එයට සම්පූර්ණයෙන් ම වරද පටවන්නේ ජඩමාධ්‍යයට. ඔහු සිංහල ජාතියට කළ සේවය මෙරට ජනයා නොදන්නේ ඔහුගේ වැඩ කටයුතු ගැන කිසිම ප්‍රසිද්ධියක් ජඩමාධ්‍යයෙන් නොදුන් නිසයි. එසේ වූයේ ඇයි ද කියන එකට මට දැනට තියෙන හිතළුව ජඩමාධ්‍යවේදීන් ඊනියා හිට් කතාවලට දක්වන උනන්දුවයි. ඔවුන් දන්නේ ජනතාවට ඕන යැයි කියන දේ දීමට. ඒත් ජනතාව ඉගෙන ගන්නේ ජනමාධ්‍යයෙන්. මෙය විෂම චක්‍රයක් වෙලා. 

Friday 3 December 2021

ඩග්ලස් වික්‍රමරත්න

 

ඩග්ලස් වික්‍රමරත්න

 

අද උදේ ම දැන ගන්නට ලැබුණේ කණගාටුදායක පුවතක්. එංගලන්තයේ ලන්ඩන් නුවර විසූ ඩග්ලස වික්‍රමරත්න මිය ගිහින්. ඔහු තම නිවසේ ම වැටී ඒ නිසා ඇති වූ ආබාධයක් නිසා සතියක් පමණ රෝහල් ගත වී පෙරේදා මිය ගිහින්. ඔහු මිය යන විට අසූ තුන් වැනි වියේ පසු වුණා. ඩග්ලස් ගැන මෙරට බොහෝ දෙනා නොදන්නවා ඇති. විශේෂයෙන් ම තරුණයන් නොදන්නවා ඇති. එංගලන්තයේ වුවත් වත්මන් සිංහල තරුණයන් ඩග්ලස් ගෑන අහල නැතිව ඇති. ජාත්‍යන්තර ව සිංහලයන් වෙනුවෙන් කටයුතු කළ අය අතර ප්‍රමුඛයා වුණේ ඩග්ලස් වික්‍රමරත්න.

Thursday 2 December 2021

ගෑස් පිපිරීමට වැරදිකරු බෙංගාල බොක්ක ද?

 

ගෑස් පිපිරීමට වැරදිකරු බෙංගාල බොක්ක ද?

 

මේ වන විට ගෑස් පිපිරීමට හේතුව කාටත් තේරෙනවා. ලිට්රො සමාගම හැසිරෙන විධියට මතක් වෙන්නෙ ගලේ පහරපු බළලා. සමාගම මෑතක දී වෙළෙඳපොළට නිකුත් කළ ගෑස්වල සංයුතිය කලින් සංයුතියට වඩා වෙනස් බව පැහැදිලියි. ඒ බව වහන්න සමාගමට බැරි බවත් පැහැදිලියි.

ජනවාර්ගික වෙනස්කම්

 ජනවාර්ගික වෙනස්කම්

පහත සඳහන් පුවත අල් ජරා පුවත්පතින්. අල් ජරා මෙවැනි පුවත් පළ කරනවා. ලෝකයේ විවිධ රටවල මුස්ලිම් විරෝධී කතාවලට ඔවුන් ප්රසිද්ධියක් දෙනවා. මේ පුවත ගැන මා කිසිවක් කියන්නේ නැහැ. එය පළ කරනවා පමණයි. දින කිහිපයකට පෙර එංගලන්තයේ මූස්ලම් ක්රිකට් කීඩකයකුට වූ වෙනස්කමක් ගැන ද මා දැක්කා.
කතෝලිකයන්ට වන වෙනස්කම් ගැන කියැවෙන පුවත් වෙබ් අඩවි තියෙනවා.
මා හිතන්නේ ලෝකයේ කිසිම රටක බෞද්ධයනට වෙනස්කම් සිදු නොවන බවයි.

Wednesday 1 December 2021

මහා පිපිරුමේ සිට ගෑස් පිපිරීමට

 

මහා පිපිරුමේ සිට ගෑස් පිපිරීමට

 

කංසා,  රසායනික පොහොර, ගෑස් පිපිරීම, මහා පිපිරුම, කළු කුහර, දෙමළ ජාතිවාදය, පාස්කු ප්‍රහාරය, ඩොලර් අර්බුදය, මියන්මා, කාදිනල්තුමා, ජී එල් පීරිස්, දේවානන්ද වෛද්‍යසේකර,  සුනිල් සාන්ත, සුනිල් ආරියරත්න, පඬි නැට්ටන්, අශෝක අමරතුංග මේ සියල්ල සහ තවත් දේ එකිනෙකට සම්බන්ධයි. මහා පිපිරුම හා කළු කුහර නොවන්න අනෙක් සියල්ල මේ ඉර හඳ යට සිදු වෙන දේ බව කියනවා. ඒ සියල්ල බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙ සංසිද්ධි.  කළු කුහර තියෙන්නේ ඉරට උඩින් ද? මහා පිපිරුම මුළු මහත් විශ්වයට ම සම්බන්ධයි. ඒක ගෑස් පිපිරුම වගේ නො වෙයි. බටහිර විශ්වවේදීන් කියන විධියට නම් මහා පිපිරුම නොවන්න ගෑස් පිපිරුමක් නැහැ. මොන එහෙකට මහා පිපිරුමක් ඇති වුණා ද? දෙයියො තමයි දන්නෙ.