මගේ පරම පැතුම
ඩග්ලස් වික්‍රමරත්න ගැන මා හිතූ තරම්වත් මෙරට ප්‍රබුද්ධයන් දන්නේ නැහැ. මා එයට සම්පූර්ණයෙන් ම වරද පටවන්නේ ජඩමාධ්‍යයට. ඔහු සිංහල ජාතියට කළ සේවය මෙරට ජනයා නොදන්නේ ඔහුගේ වැඩ කටයුතු ගැන කිසිම ප්‍රසිද්ධියක් ජඩමාධ්‍යයෙන් නොදුන් නිසයි. එසේ වූයේ ඇයි ද කියන එකට මට දැනට තියෙන හිතළුව ජඩමාධ්‍යවේදීන් ඊනියා හිට් කතාවලට දක්වන උනන්දුවයි. ඔවුන් දන්නේ ජනතාවට ඕන යැයි කියන දේ දීමට. ඒත් ජනතාව ඉගෙන ගන්නේ ජනමාධ්‍යයෙන්. මෙය විෂම චක්‍රයක් වෙලා.
ප්‍රසිද්ධ පුද්ගලයන් ජීවත් වන්නේ ජනමාධ්‍යයෙහි.
අප හිතවතුන්ගේ හා ඥාතීන්ගේ හිත්වල පෞද්ගලික ව ජීවත් වෙනවා. එහෙත් යමකු ප්‍රසිද්ධ
පුද්ගලයකු හැටියට ජීවත්වන්නේ ජනමාධ්‍යයෙහි
නැත්නම් පොත්පත්වල. ජනප්‍රවාදයෙහිත් ජීවත් වෙනවා. ගැමුණු රජු අපේ හිත්වල ජීවත්
වන්නේ පොතපතේ හා ජනප්‍රවාදයෙහි ඉන්න නිසා.
අප නිවුටන් ගැන අයින්ස්ටයින් ගැන දන්නවා අඩු තරමෙන් අහල තියෙනවා. ෂේක්ස්පියර්
ඩොස්ටොව්ස්කි සහ ඇතැම් විට ට්‍රොට්ස්කි ගැනත් දන්නවා. රුසියාවේ මෙන් ම ලංකාවේ ජෝසෆ් ස්ටැලින් ගැනත්
දන්නවා. රුසියාවේ ලෙනින් ගැන මෙන් ම ලංකාවේ සමන් ලෙනින් ගැනත් දන්නවා. සමහර පඬි
නැට්ටන් තමන්ගෙ අම්මට වැඩිය ගෝර්කිගේ අම්මා ගැන දන්නවා.
මා දන්නේ නැහැ කී දෙනකු හරිශ්චන්ද්‍ර විජේතුංග
ගැන දන්නවා ද කියා. ඔහු සිංහල අයිතිවාසිකම් ගැන වැඩ කරන්නේ අවුරුදු පනහකටත් වැඩි
කාලයක් තිස්සේ. ඒ ගුණදාස අමරසේකර ඔහු හාස්‍යයට ලක් කරමින් කෙටිකතා ලිවීමට පෙර.
අමරසේකර එක කතාවක කියා තියෙනවා දැන් විජේටත් හොඳයි දැන් මිනිහ සිංහල ජාතිය ගැන කතා
කරනවා කියා. ඒ දවස්වල අමරසේකර පේරාදෙණි සාහිත්‍යයෙ යළි යළි ඉපිදෙමින් හිටියා. ඒත්
හරිශ්චන්ද්‍ර විජේතුංග ගැන නොදන්නා බොහෝ දෙනා ඔහු සමග නාලන්ද විදුහලේ එක පංතියෙ
ඉගෙන ගත්ත ගුණදාස අමරසේකර ගැන දන්නවා. අමරසේකර ප්‍රසිද්ධ පුද්ගලයෙක්. විජේතුංග
ජීවත් වන්නෙ ඔහුගෙ හිතවතුන්ගේ හිත්වල විතරයි. අමරසේකර තාමත් ජනමාධ්‍යයේ ඉන්නවා.
වසන්ත බණ්ඩාර ඔහු උසාවියට එක්කන් යනවා ඔහු සමග සම්මන්ත්‍රණ පවත්වනවා. කොහොමත්
ජඩමාධ්‍ය අමරසේකරට කැමතියි.
සිංහලය ගැන කතා කළ අය බොහෝමයි. එෆ් ආර්
සේනානායක ඔහුගේ පුතා ආර් ජී සේනානායක පියදාස සිරිසේන ආදීන් ගැන කියන්න පුළුවන්.
ඔවුන් ගැන ජනතාව තරමක් හරි දන්නවා. ඉඳහිට හරි ජඩමාධ්‍යයේ ඔවුන් ගැන කතා කරනවා. ඒත්
එෆ් ආර් ජයසූරිය ගැන දන්නේ කවුද? ඔහු පේරාදෙණියේ ආර්ථික විිද්‍යාව
ඉගැන්වීම වෙන ම දෙයක්. එකල පේරාදෙණියේ සිටි අයට නම් ඔහු මතක ඇති. සංසෝනි කොමිසම
කාලෙ එෆ් ආර් ජයසූරියලා හරිශ්චන්ද්‍ර විජේතුංගලා කරපු කටයුතු නොවන්න සිංහලයන් ගැන
කතා කරන්නවත් ලැබෙන්නෙ නැහැ. සංසෝනි කොමිසම ගැන
ජාතිකවාදීන් කී දෙනකු දන්නවා ද?
ධර්මපාලතුමා මිගෙට්ටුවත්තෙ ගුණානන්ද
හාමුදුරුවන් ගැනත් හැමෝ ම වගේ දන්නවා. ඒත් එල් එච් මෙත්තානන්ද ගැන දන්නෙ කවුද? ආනන්ද විදුහලේ ආදි සිසුන් කී දෙනකුට ඔහු ගැන මතක ද? කුමාරතුංග
මුනිදාස වෙනත් ම ආකාරයකට සිංහලයන්ට සේවය කළ අයෙක්. ඔහු තවමත් ප්‍රසිද්ධයි. හෙළ
හවුල මෙන් ම ගෙවිඳු කුමාරතුංගත් අවුරුදු
පතා ඔහු සමරනවා. කේ එම් පී රාජරත්න ගැන වැලිමඩ ජනතාවටවත් මතක ද කියා මා දන්නේ
නැහැ. සිරිල් මැතිව් ගාමණී ජයසූරිය එ ජා පක්‍ෂයේ සිටිමින් සිංහලයන්ට සේවය කළ අය.
ගාමණී ජයසූරිය ජේ ආර්ගේ සිංහල විරෝධී ක්‍රියා නිසා එ ජා පක්‍ෂයෙන් අස්වූයේ ඇමති
ධුරය ද අත්හරිමින්.
බොහෝ දෙනා නොදන්නවාට කොළඹ විශ්වවිිද්‍යාලයේ
රසායන විිද්‍යාව ඉගැන්වූ මහාචාර්ය පී පී ජී එල් සිරිවර්ධන සිංහලයන් වෙනුවෙන්
කටයුතු කළ අයෙක්. විශ්වවිද්‍යාලවල සිංහලය වෙනුවෙන් කටයුතු කළ අය හිඟයි. අතිමහත්
බහුතරය සිංහල විරෝධී පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන්. එහෙත් ජඩමාධ්‍ය සලකන්නෙ එකී
පඬියන්ට පඬි පෝතකයන්ට හා පඬි නැට්ටන්ට. සිරිවර්ධනලා වැන්නන්ට සලකන්නෙ රසායන විද්‍යාව
හා සම්බන්ධ ව.
ඩග්ලස්ලා සමග එකට කටයුතු කළ ඕසත්‍රේලියාවේ
හීනටිගල බටහිර වෙද මහතා ගැන ජඩමාධ්‍යවේදීන් දන්නවා ඇතැයි හිතන්න බැහැ. ඩග්ලස්ලා
හීනටිගලලා තමයි ලෝක සිංහල සම්මේලනයක් හැදුවෙ. අද මේ සම්මේලනය ගෝලීය සංසදයක් බවට
පත් වී කෑලිවලට කැඩී තියෙනවා. ඒ ඒ කෑලි ඒ ඒ දේශපාලන කණ්ඩායම්වලට ලැදියි. එහි වැඩ
කරන අය ගැන අදාළ දේශපාලන කණ්ඩායම් ප්‍රසිද්ධියක් ලබා දෙනවා. එහෙත් ඕස්ත්‍රේලියාවෙ
මෙල්බන් නුවර රංජිත් සොයිසා සිඩ්නි නුවර නිමල් ලියනගේ නවසීලන්තයේ චුලා රාජපක්‍ෂ
ගැන දන්න අය ඉතා අල්පයි. රංජිත්ට නම් තරමක ප්‍රසිද්ධියක ලැබුණත් අනෙක් අයට කිසිම
ප්‍රසිද්ධියක් ලැබෙන්නේ නැහැ.
ඔවුන් ප්‍රසිද්ධියක් බලාගෙන වැඩ කරන අය නො
වෙයි. එහෙත් සිංහලයන්ගේ කල්ලිවාද නිසා කල්ලියකට අයත් නොවන ඔවුන්ට ප්‍රසිද්ධියක්
ලැබෙන්නේ නැහැ. සියල්ල දත් ජඩමාධ්‍යවේදීන් ඉහත සඳහන් ඇතැමුන් ගැන කිසිම දෙයක්
දන්නේ නැත්තේ ඒ දැනුම සියල්ලට අයත් නොවන බැවින් විය හැකියි. ඉහත සඳහන් අය හැරෙන්න
සිංහලය වෙනුවෙන් කටයුතු කරන තවත් අය
ඉන්නවා. රෝහණ බැද්දගේ සී ද එස් කුලතිලක සංගිතඥයන් දෙදෙනෙක්. ඩග්ලස් මිය ගිය වෙලාවෙ අපි ඒ මියගිය
අනෙක් අයත් ජීවත් ව ඉන්න අයත් මතක් කරන්න ඕන.
එහෙත් අප ඒ බොහෝ දෙනා ගැන දන්නේ නැහැ. ඒ නිසා
මා මේ ලිපිය ලියන්නෙ තරමක කණගාටුවකින්. ඒ
මිසක් මා මළ පසු මා සමරන එකක් නැහැ කියා හිතෙන නිසා නො වෙයි. ඉහත නම් සඳහන් අය සමග
සෑසඳීමෙ දී මා කර ඇති දෙයක් නැහැ. ගුණදාස අමරසේකර ඒ බව දන්නවා. ඔහු මා කළ දෙයක්
ගැන නොකියන්නේ කියන්න තරම් දෙයක් නැති නිසයි. මගේ පරම පැතුම මා මළ පසු ජඩමාධ්‍යහෙි
මා ගැන කිසිම දෙයක් සඳහන් නොකිරීමත් මා අමතක කිරීමත්. මගේ දරුවන්ගේ ඥාතීන්ගේ
හිතවතුන්ගේ හිත්වල පමණක් ජීවත් වීමට මට ඉඩ
දෙන්න.