Main Logo

Friday 24 December 2021

ෂාෆි අධ්‍යාපනය ජඩමාධ්‍ය හා විස්සේ විස (දැන්වීමක්)

 ෂාෆි අධ්‍යාපනය ජඩමාධ්‍ය හා විස්සේ විස (දැන්වීමක්)


පසුගිය දෙසැම්බර් 18 වැනි දා පළ වු ලිපියෙහි පළමු ඡෙදය මෙසේ ය.


“මෙරට ප්‍රශ්නවලට වග කියන්න ඕන මූලික වශයෙන් සිංහලයන්. ඔවුන් දන්නෙ නැහැ ඔවුන් මේ රට මේ තත්වයෙන් තියා ගන්න අවුරුදු දෙදහසකට වැඩි කාලයක් කරල තියෙන දේ. අද විග්නේස්වරන් කියනවා මේ රටේ මුල් පදිංචිකාරයන් දෙමළ කියලා. විග්නේස්වරන්ගෙ පරම්පරාවත් මෙරටට ඇවිල්ල අවුරුදු තුන්සිය පනහක් නැහැ. මේ සම්බන්ධ තෝම්බු රාජ්‍ය ලේඛනාගාරයෙ තියෙන්න ඕන. අද එක් නිලධාරිනියක් ඒ තෝම්බු විනාශ කිරීමේ හා නෙදර්ලන්තයට (ඕලන්දයට) ලබා දීමේ කාර්යයෙහි යෙදී ඉන්නේ මේ ඉතිහාසය වසන් කිරීමටත්. පරීක්‍ෂණයකින් වැරදිකාර්ය වී ඇති ඇය ආරක්‍ෂා කරන්නේ ප්‍රධාන වශයෙන් ම හිටපු සිවිල් සේවකයකු බව දැන ගන්න ලැබිල තියෙනවා. ඒ වගේ ම ඇතැම් ජඩමාධ්‍යවේදීන් ඇය ආරක්‍ෂා කරනවා.”


මේ ඡෙදයෙහි රාජ්‍ය ලේඛනාගාරය යන්න සඳහන් වුවත් නිශ්චිත නිලධාරිනියක් ගැන නො කියැවෙයි. කෙසේ වෙතත් ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරල්තුමිය මා වෙත විද්‍යුත් ලිපියක් එවමින් චෝදනා සම්බන්ධ පැහැදිලි කිරීමට මා හමුවීමට කැමති බව දන්වා ඇත. මා නොමග ගොස් ඇති බව ඇගේ විශ්වාසය බව ද සඳහන් කර ඇත.


මා පිළිතුරු ලිපියක් යවමින් කියා සිටියේ කිසිම බුද්ධිමතකු හමුවීම මගේ අභිමතය නොවන බවත් මා නොමග ගොස් ඇති බව ඇය විශ්වාස කරන්නේ නම්  මා නිවැරදි කළ හැකි යැයි ඇය සිතන ලිපි ලේඛන මා වෙත එවිය හැකි බවත් ය.  


එම ලිපි ලේඛන ලැබුණු විගස එහි සඳහන් තොරතුරු මේ පිටුවෙහි පළ කෙරෙනු ඇත.