Main Logo

Friday, 31 October 2014

The bankrupt opposition

Only some middle class elements living around Colombo city limits would be thinking of a UNP President next year. They would be imagining various scenarios including an insurgency with the help of the JVP during the period after the first count. The JVP has already begun implementing their plans claiming that the forthcoming election is illegal whatever it means. They are with Sarath Nanda Silva and claim that Mahinda Rajapakse cannot contest for a third time. However, it is not clear how the Presidential elections would become illegal simply because Mahinda Rajapakse contests for a third time. Who has the jurisdiction to decide whether the election is legal or not? Is it a former Chief Justice or the leader of the JVP?

We do not know what would be the final outcome at the Supreme Court but if the Courts decide that Mahinda Rajapakse could contest a third time then no matter what the JVP thinks the Presidential elections would be legal. The JVP wants to create the impression that the elections are illegal and organize street fights. The JVP leader has requested the UNP not to contest as the Presidential elections are illegal. It is very unlikely that the UNP would agree with the JVP leader on that and most probably would field Ranil Wickremesinghe as one of the so called common candidates.        

However, the JHU, at least the Ven. Rathana faction, is also of the opinion that the Presidential elections are illegal, and they are supposed to have discussions with Ven. Maduluwawe Sobhitha Thera on a common candidate. If a political party is against the presidential elections they could boycott the elections. However, if the party is only against Mahinda Rajapakse contesting the election then they could field a common or uncommon candidate against Mahinda Rajapakse. The JVP is boycotting the presidential elections with ulterior motives. As we have said they are interested in capturing power, meaning Anura Dissanayake being made the President of the country, through street fights.

The UNP on the other hand wants to contest the Presidential elections with as many “common candidates” as possible and then force the commissioner of elections to go for the count of the second preference. During the nonagatha period we have already described in these columns the UNP wants to stage their version of street fights. They would be hoping that the JVP would not destroy their plans by resorting to premature street fights.

As it is at least a faction of the JHU would remain with the government, with Ven. Athureliye Rathana    Thera joining hands with Ven. Maduluwawe Sobhitha Thera who is increasingly becoming isolated from the public. Ven. Sobhitha Thera has some support among a few University Academics who are associated with FUTA and some left out leftists. In the end there is a possibility that Ven. Athureliye Rathana Thera would become the common candidate of this outfit.

The UNP would like to have more common candidates with the hope that Mahinda Rajapakse would not receive fifty percent of the valid vote in the first count. It is in this context that the UNP would oppose a candidate from the TNA or the SLMC. The UNP wants the Muslims and the Tamils to vote en bloc to Ranil Wickremesinghe. Their tactics would be focused on increasing the vote of Ranil Wickremesinghe while reducing the vote of Mahinda Rajapakse. However, what the UNP and their  advisors both local and foreign would forget is that some Muslims and some Tamils would vote for Mahinda Rajapakse. In the final count Mahinda Rajapakse would end up with 55% of the valid vote without going for the second preference at the Presidential Elections.

The TNA has claimed that they were the people who obstructed Yal Devi going to Jaffna (probably with the help of the LTTE) and they would resort to same if the train continues to run to Jaffna. It is clear that the TNA like the UNP and the JVP has run out of slogans and they would have to consult their sponsors in UK, USA and the other western countries. I do not mean only the dispersed Tamils in those countries but the so called statesmen as well.

The government of Sri Lanka is unlikely to accuse the western states for their support to Tamil racism and Tamil terrorism, and they will continue to refer to the so called diaspora. The government cannot be blamed for this position as the western states would deny their involvement in Tamil racism and Tamil terrorism. However, blaming only the dispersed Tamils (so called diaspora) is not going to help the government of Sri Lanka as there is no leadership or organisation that could be identified with the dispersed Tamils.

The government is engaged in a fight with a shadow instead of the real enemy but we have to understand its limitations. The reply to the western states has to be given by the people at the Presidential elections by electing Mahinda Rajapakse as the President for a third time with an overwhelming majority.

The bankrupt opposition was also exposed at the budget 2015. The opposition has no slogans and they cannot mislead the people. There are some trade unionists especially in the health sector with LTTE connections and they would resort to the lies that the LTTE is infamous for. Some of these trade unions for some time had been demanding the special living allowances paid to the public servants be added to the basic salary.

It is exactly this what the government has done in the budget 2015, with the result the basic salary of public servants increasing substantially from 2005 to 2015. With this the pension contribution, and other benefits increase as known to all the public servants. If that is not the case why did the LTTE connected and other trade unions demand that the allowances should be added to the basic salary. Was it to give the person engaged in the subject of salaries some Arithmetical exercises?

To make it worse the trade unions connected with the opposition claim that the special living allowance given to the public servants in the 2015 budget is a compulsory increment that should have been provided anyway. This is as if the UNP had been giving special living allowances to the public servants when Ranil Wickremesinghe was the Prime Minster for a short period and making use of the opportunity to sign the so called ceasefire agreement with Prabhakaran under the auspices of the western governments with Norway in the limelight.

The opposition is bankrupt and has run out of slogans and about to use the misery of those affected  by the earth slip at Haputale, for their benefit. The government should make use of all the facilities available to help the victims and think more radically on the entire plantation economy. The earth slips could be avoided by transferring to some other economy and by depopulating the areas under threat as a long term remedy. The government is in a one horse race at present which is becoming boring to the public and may think of increasing the allowances of the opposition so that they could hire some slogan writers.

Nalin De Silva


Wednesday, 29 October 2014

අමරතුංග මහතා තව තවත් අසංගත වෙයි

ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා ගේ විද්‍යාවේ දාර්ශනික පදනම මැයෙන් ලියා ඇති ලිපි පිළිබඳව කෙටියෙන් වුව විග්‍රහයක්‌ කළ යුතු ය. එසේ කරන්නේ ඇත්ත හා බොරු යන මැයෙන් මා ලියන ලිපි පෙළ තාවකාලිකව නවතා දමමිනි. අප සැම දාමත් කියා ඇති පරිදි අමරතුංග මහතා සංගත වීම ගැන කිසිදු සැලකිල්ලක්‌ නො දක්‌වයි. අමරතුංග මහතා කියන්නේ කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාවක්‌ බව ය. ඔහුට අනුව විද්‍යාව යනුවෙන් දැනුම් පද්ධතියක්‌ බටහිර ඇති වූ බව බටහිරයන් කියන්නේ ඔවුන් ගේ අධිරාජ්‍යවාදී අවශ්‍යතා නිසා ය. එවැනි නව විද්‍යාවක්‌ බටහිර ඇති වූ බව අමරතුංග මහතා නො පිළිගනියි. එහෙත් ඔහු බටහිර විවිධ දාර්ශනිකයන් බටහිර විද්‍යාවේ දාර්ශනික පදනම ගැන ඉදිරිපත් කර ඇති මතවාද ගැන මහත් අභිරුචියකින් ලියයි. 

අපේ මූලික ප්‍රශ්නය මේ දාර්ශනික පදනම (පදනම්) කෙතෙක්‌ දුරට අමරතුංග මහතා ගේ කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාවකි යන්න සමග සංගත ද යන්න ය. අමරතුංග මහතා ගේ කතාව ඒ ඊනියා පදනම් (පදනම් එකකට වඩා ඇත) සමග සංගත නම් ඒ පදනම් මගින් පැරැණි චීනයේ, දඹදිව, අරාබියේ, ලංකාවේ ආදී වශයෙන් තිබූ දැනුම් පද්ධති ද බටහිර විද්‍යාව ලෙස හඳුනාගනු ලැබ යුතු ව ඇත. එහෙත් පැහැදිලිව ම බටහිර ඊනියා දාර්ශනිකයන් එකී දැනුම් පද්ධති විද්‍යාව ලෙස හඳුනාගෙන නැත. එසේ වුවත් අමරතුංග මහතා කිසි ම ලඡ්ජාවකින් තොර ව ඔක්‌තෝබර් 1 වැනි දා ලිපියෙහි මෙසේ කියයි. 

"විද්‍යා දර්ශනය විසින් විද්‍යාවේ ක්‍රමවේදය නිගමනය කෙරෙන බව කිව හැකි ය. විද්‍යාව සිදු කළ යුත්තේ කෙසේ ද යන්න පහදා දීමට තැත් කෙරෙන්නේ විද්‍යා දර්ශනය විසිනි. මෙහි දී වැදගත් වන්නේ යම් මතවාදයක්‌ කෙතරම් දුරට සත්‍යය සමග එකඟ වන්නේ ද යන්න සොයා බැලීම ය. මෙය විද්‍යා දර්ශනයේ වැදගත් කාර්යභාරයක්‌ වන්නේ ය. මතවාදය සහ යථාර්ථය කෙතරම් දුරට එකඟ වන්නේ ද යන සංවාදය විද්‍යා දර්ශනයේ වැදගත් ම කාර්යය වන්නේ ය. පවතින ලෝකය සමග මතවාද සංකල්ප ආකෘති සහ ආනුභුතික දත්ත එකඟ වන්නේ ද? නැත්නම් එම සම්බන්ධය දියුණු කළ හැක්‌කේ කෙසේ ද යන්න විද්‍යා දර්ශනය මඟින් පහදා දීමට උත්සාහ කළ යුතු ය. මෙය විද්‍යාවේ ප්‍රතිෂ්ඨාව (Foundation) කුමක්‌ දැයි වටහාගෙන එය තවත් දියුණු කිරීමට ගන්නා ප්‍රයත්නයක්‌ බව කිව හැකි ය."

අපට අමරතුංග මහතාගෙන් අසන්නට ඇත්තේ සරල පැනයකි. මෙතෙක්‌ ඊනියා විද්‍යාවේ දාර්ශනිකයන් විසින් ගොඩනගනු ලැබ ඇති මතවාදවලින් ඉහත කී පැරැණි දැනුම් පද්ධතීන් බටහිර විද්‍යාව බව පෙන්නුම් කළ හැකි ද? අමරතුංග මහතා නො කීවාට බටහිර දාර්ශනිකයන් කරන්නේ පැරැණි දැනුම් පද්ධතීන් බටහිර විද්‍යාවට සමාන නො වන බව පෙන්නුම් කිරීම ය. අමරතුංග මහතා බොරු (බොරු යනු කුමක්‌ දැයි ඇත්ත හා බොරු ලිපි පෙළෙහි සඳහන් වෙයි) කරන්නේ කවුරුන් රැවටීමට ද?

අමරතුංග මහතා ඉදිරිපත් කරන විද්‍යාවේ දාර්ශනික පදනම ලිපිවලින් කියෑවෙන ප්‍රධාන ම කරුණ නම් බටහිර විද්‍යාව එතෙක්‌ පැවැති දැනුම් පද්ධතීන් ගෙන් වෙනස්‌ වන බව ය. අමරතුංග මහතා ඊනියා සාක්‍ෂි ඉදිරිපත් කරන්නේ කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාවක්‌ බව පෙන්වීමට නො ව බටහිර විද්‍යාව මෙතෙක්‌ නො වූ විරූ දැනුම් පද්ධතියක්‌ බව පෙන්වීමට ය. එයින් කියෑවෙන්නේ බටහිර විද්‍යාව සත්‍ය බව නො වේ. බටහිර විද්‍යාව මෙතෙක්‌ නො වූ විරූ පට්‌ටපල් බොරුවක්‌ බව ය. 

අමරතුංග මහතා කිසි විටෙකත් වචන ගැන සැලකිල්ලක්‌ නො දක්‌වයි. ඒ බව අපි කිහිප වතාවක්‌ ම පෙන්නුම් කළෙමු. පසුගිය 22 වැනි දා ලිපියෙන් ද ඒ මහතා තම නො සැලකිල්ල පෙන්නුම් කරයි. ඒ මහතා තම නො සැලකිල්ල පෙන්නුම් කරන්නේ සැලකිල්ලෙන් ද? එකී ලිපියෙහි පහත සඳහන් කොටස ද වෙයි. එය කිහිප අතකින් ම වැදගත් වන බැවින් දීර්ඝ ව උපුටා දක්‌වමු. 

"මීට පෙර ලිපියේ සෝපාධික නිගාමී ක්‍රමය (Hypothetico Deductive Method) පිළිබඳව පැහැදිලි කිරීමක්‌ සහ එහි ඉතිහාසය සහ වර්ධනය ගැන සඳහනක්‌ කළෙමි. මේ ක්‍රමයේ ඇති දුර්වලතාවන් ගැන කෙටි විස්‌තරයක්‌ කිරීමට මේ ලිපියේ 2 වැනි කොටසින් අදහස්‌ කරමි. සෝපාධික නිගාමි ක්‍රමයට අනුව යම්කිසි උපන්‍යාසයකින් (Hypotheis) ලබාගත හැකි අනාවැකි (Predictions) සාක්‌ෂි මගින් (ස්‌වභාවධර්මයේ තිබෙන) ඔප්පු කළ හැකි නම් එම උපන්‍යාසය සත්‍යයට කිට්‌ටු ලෙස පිළිගත හැකි ය. මෙවැනි ක්‍රමයකින් විද්වත් නිව්ටන් ගේ හෝ අයින්ස්‌ටයින් ගේ හෝ මතවාද ඔප්පු කළ හැකි ය. එහෙත් මෙතැන දී ඔප්පු වන්නේ අනාවැකි මිස උපන්‍යාසය නො වේ. අනාවැකි ඔප්පු වූ පමණින් උපන්‍යාසය සත්‍ය ලෙස පිළිගත හැකි ද යන දාර්ශනික ප්‍රශ්නය මතු වීම වැළැක්‌විය නොහැකි ය. උපන්‍යාසය තුළට තවත් අදහස්‌ ඇතුළු කළා නම් පෙර කිව් පරිදි අනාවැකි ඔප්පු වූ විට එම අදහස්‌ ද සත්‍ය ලෙස පිළිගත හැකි ද? උදාහරණයක්‌ ලෙස විද්වත් නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ මතවාදය තුළට තවත් අදහසක්‌ ඇතුළු කළ විට එම මතවාදය පිළිගන්නා විට පසුව ඇතුළු කළ අදහස ද පිළිගන්නට සිදු වේ. මෙය දාර්ශනික තර්කයක්‌ පමණක්‌ බව පාඨකයන් වටහාගත යුතු ය. ඉන් පෙන්නුම් කරන්නේ අනාවැකි ඔප්පු කිරීමෙන් මතවාද සාකල්‍යනය කිරීම (Generalization) හෝ සාධාරණය කිරීම (Justification) කළ නොහැකි බව ය."

පොත් විශාල සංඛ්‍යාවක්‌ කියවා ඇති බව පෙන්වීමට තැත් කරන අමරතුංග මහතා තමාට ඒ නො තේරෙන බව ද ඒ සමග පෙන්වා දෙයි. කෙතරම් පොත් කියෙව්වත් අමරතුංග මහතා පාරිභාෂික ශබ්දමාලා පරිහරණය නො කරන්නේ ඇයි ද යන ප්‍රශ්නය ඇසීමට සිදු වී ඇත. සන්නිවේදනයෙහි දී අප කියන්නේ කුමක්‌ දැයි එකිනෙකා අවබෝධ කරගත යුතු ය. ජෙනරලයිසේෂන් යනු ඊනියා සාකල්‍යනය කිරීමක්‌ නො වේ. එයට බටහිර ගණිතයෙහි දී යෙදෙන්නේ සාධාරණීකරණය යන්න ය. බටහිර දැනුමෙහි සාධාරණීකරණය වඩාත් ම දැකිය හැක්‌කේ ගණිතයෙහි ය. එහි ජෙනරලයිසේෂන් යන්නට යෙදෙන්නේ සාධාරණීකරණය යන්න ය. 

එමෙන් ම ජස්‌ටිෆිකේෂන් යන්න සාධාරණීකරණය නො වේ. ඒ සඳහා යෙදෙන සිංහල වචනය යුක්‌තියුක්‌ත කිරීම ය. ජස්‌ටිස්‌ යන්න යුක්‌තිය සමග බැඳී ඇත. අමරතුංග මහතා තමාට අවශ්‍ය පරිදි වචන යොදාගැනීමෙන් පාඨකයා නොමග යවයි. ඒ කෙසේ වෙතත් අමරතුංග මහතා ඉහත කී ඡෙදයෙන් කියන්නට බලාපොරොත්තු වන්නේ කුමක්‌ ද යන්න ඒ මහතාට වත් පැහැදිලි නැති බව නම් පැහැදිලි ය. උපන්‍යාසයකින් අනාවැකි කීමට නො හැකි ය. උපන්‍යාසයක්‌ යොදාගෙන බටහිර විද්‍යාවේ කෙරෙන්නේ ඇරිස්‌ටෝටලීය න්‍යාය භාවිතයෙන් අපෝහනය (Deductiona) ලබාගැනීම ය. 

මේ උපන්‍යාස වියුක්‌ත වෙයි. (අමරතුංග මහතා අදත් වියුක්‌ත යනු කුමක්‌ දැයි නො දනියි.) ඒ පංචෙන්ද්‍රියට ගෝචර නො වෙයි. එහෙත් ඉන් ලබාගන්නා අපෝහන පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සමග සංසන්දනය කළ හැකි ය. උදාහරණයක්‌ වශයෙන් ගත හොත් නිවුටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය (අදාළ සංකල්පය ද සමගින්) වියුක්‌ත ය. ගුරුත්වාකර්ෂණය පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. එහෙත් ඒ ප්‍රවාදය යොදාගනිමින් ඇරිස්‌ටෝටලීය න්‍යාය භාවිතයෙන් එක්‌ විට එක්‌ උසකින් මුදා හැරෙන වස්‌තු දෙකක්‌ එක්‌ විට පොළොවට වැටෙන බව අපෝහනය කළ හැකි ය. ඒ අපෝහනය පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සමග සංසන්දනය කළ හැකි ය. 

එසේ එක්‌ විට වැටෙන වස්‌තු නිරීක්‌ෂණය කිරීමෙන් එය අපෝහනය සමග සංගත බව තේරුම්ගැනීමෙන් අපට කිසිවක්‌ කිව නො හැකි ය. එහෙත් බටහිර විද්‍යාවේ දාසයෝ ඉන් කියෑවෙන්නේ උපන්‍යාසය සත්‍ය බව යෑයි හෝ සත්‍යයට ළඟා වන බව යෑයි හෝ කීමට උත්සාහ කරති. එය කිසි ම න්‍යායකට එකඟ වූවක්‌ නො වේ. ඒ බව අපි කිහිප වතාවක්‌ ම කියා ඇත්තෙමු. p ප්‍රස්‌තුතයෙන් q ප්‍රස්‌තුතය අපෝහනය කළ පමණින් හා q නිරීක්‍ෂණය කළ හැකි වූ පමණින් p ප්‍රස්‌තුතය සත්‍ය බව ගම්‍ය නො වේ. එහෙත් බටහිර විද්‍යාවේ ඊනියා දාර්ශනික පදනමේ එක්‌ කලෙක ඒ බව උපකල්පනය කෙරිණි. අමරතුංග මහතා ද මේ ඊනියා පදනමේ අඩුපාඩු දකින තෙක්‌ එය පාඨකයාට ඒත්තු ගැන්වීමට උත්සාහ කළේ ය. 

අපි එය තවදුරටත් පොපර් කියා ඇති දේ ද විවේචනය කරමින් පසුව සාකච්ඡා කරමු. එහෙත් දැනට කිව යුතු කරුණක්‌ ඇත. අප ද ඉදිරිපත් කරන්නේ බටහිර විද්‍යාවේ දාර්ශනික පදනම පිළිබඳ මතයකි. ඒ අනුව ඊනියා සෝපාධිත නිගාමි ක්‍රමය මෙන් ම පොපර් ගේ අසත්‍යකරණය ද වැරැදි ය. අපට අනුව බටහිර විද්‍යාවේ ඊනියා දාර්ශනික පදනම ද පට්‌ටපල් බොරු ය.

නලින් ද සිල්වා


Interpreting Bududahama

I thank Mr. Sena Mahwatta for responding on 24th October 2014 to my article on “Knowledge as construction” that appeared in “The Island” on 10th September 2014. He says that he needs clarifications on two parts of my article. The first part is on my  statement "I must admit that my Bududahama is not be the same as that of Budun Wahanse and I believe that only another Budun Wahanse and not even an Arahant can "know" the Budu Dahama of Budun Wahanse ". Then he goes on to state ‘Prof. Nalin de Silva (NdeS) further says "My Budu Dahama is my interpretation or better my creation and it is unique to me".’ The second part is on “Paticcasamuppadas”.

Before we proceed further I must admit that I am no more a Professor. I cannot use that title as I am not meritorious enough to be a Professor Emeritus in any university. I ceased to be a Professor on the 31st of December 2011 when I relinquished my duties at the University of Kelaniya. Mr. Mahawatta and others who refer to me as Professor could face charges in a court of law in Sri Lanka!

Mr. Mahawatta having referred to my views on interpretation of Bududahama quotes two unnamed scholars who have apparently said that generalization in Buddhism is a cardinal sin! It is not clear whether Mr. Mahawatta is of the opinion that by the above statement I have generalized some statements in Bududahama. If it is so then he is misguided. I have maintained that Bududahama is not context free and that context is very important in understanding the various Suttas. I also agree that Bududahama cannot be generalized into some abstract principles.

All that I have said is that I do not understand Bududahama the way Budunvahanse understood it and further that even Arhants do not understand Bududahama the way the Budunvahanse understood it. When Arhant Mugalan wanted to explore the universe (finding its end) it was clear that the Arhant had not understood Bududahama the way Budunvahanse had understood. In fact Budunvahanse had to intervene and explain that exploring the universe was a useless exercise.

It is not only Bududahama that is relative and understood by each individual in a way peculiar to him. Even this article is understood by various people in different ways and Mr. Mahawatta had not understood my previous article the way I understood it. Knowledge is created by individuals due to avijja (ignorance) and is created relative to the sense organs, the culture and the mind of the individual. How many people have understood the Budget 2015 the way the President has understood it? Three different newspapers reported that the minimum salary of public servants would be Rs. 15000, 25000, 30000. Of course the so called correct view would be what the Treasury decides finally and people would have to wait sometime to find out that through the pay packet.  

My Bududahama is relative to me (my mind being influenced by my samsaric experience) and I consider  avijja very important in this regard though I am not sure of what it means. Is it avijja of caturarta sathya (four noble truths) or of something else? In any event in Bududahama there is no knowledge if not for avijja. It has to be emphasized that what I have stated is my position of knowledge in my Bududahama and it could be different from that of Mr. Mahawatta and also of Budunvahanse.       

Why do we have the samsaric experience? It is because we consider that we exist. I wrongly believe that there is an individual referred to as Nalin de Silva when there is no such person. I continue to use the words I, my, mine, me etc., in spite of attempting to be against Athmavada. As I have mentioned previously when Descartes said I think therefore I am, he based himself on some kind of vinnavada (idealism). A dravyavadin (materialist) would have said I am therefore I think.

What should a Bauddhaya (Buddhist) say in this situation? Of course we cannot quote Budunvahanse on this as Descartes lived much later. The answer to the above question is relative to the individual who attempts to answer it and my (though there is no I) answer is I do not think therefore I am not. If I could stop thinking I could attain Nibbana. However, unfortunately that is the last thing I could do, at least in this Bhava.

As Budunvahanse has said there would not be a fire or the fire would cease if there is no supply of fuel. When fuel is withdrawn the fire extinguishes and nobody could say where it (the fire) went. However, this has to be refined further before we apply it to Samsara and Nibbana. We have to say what we consider as fire that “exists” due to our avijja will not be there if we do not supply what we call fuel. Even that has to be further refined.

The above could mean that there is something called fire and it ceases to exist when fuel is withdrawn. This is nothing but “uccedavada” and our position should be as follows. Due to avijja we think (know) that there is fire. The fire is there as a result of fuel that is supplied. However fuel is again due to our avijja and  we have to unknow (anna) that there is fire as well as fuel. What we have to do is to “understand” non existing fire as non existing, and its “existence” is due to our ignorance.

In a sense it is making knowledge non –knowledge and when it is applied to the individual it is a case of realizing that knowledge of the individual as such is “mythyadrshti”. Knowledge we thrive to attain whether of the individual or the universe is the “sarpya” (serpant) and all knowledge based societies are full of individuals who   are far far away from Nibbana. If Mr. Mahawatta is interested he could attend a lecture by me (so called me) on 1st November at 3.00pm at the public library auditorium on “denuma nodenuma bavata pathkireema” in connection with the book exhibition and lecture series organized by Visidunu Publishers from 29th October to 4th November.

With regard to “Paticcasamuppada” I do not consider it to be easy. However it is not applicable to Arhants in its entirety. The process avijja paccaya sankara end with Phassa pacchaya vedana for Arhants as Arhants do not cling to “vedanas”. There is no more bhava, jathi for Arhnats and “Paticcasamuppada” does not run the full cycle.

However, it is the first part of “Patccasamuppada” that baffles  me. If the first part is applicable to Arhants then it means avijja paccaya sankhara is also applicable to them. As Arhants have understood the Caturarta Sathya, avijja here could not be taken as ignorance of four noble truths.     

Either one has to start with sankhara paccaya vinnana for Arhants or give a different meaning to avijja. However, if we engage in this exercise without shraddha we would be only drifting away from Nibbana. 

Nalin De Silva 


Sunday, 26 October 2014

ජාතිකත්වය බලයට පැමිණීමට හිණිමඟක් නො වේ

ජාතික හෙළ උරුමය හෝ ඉන් කොටසක් හෝ ජනාධිපතිවරණයට පෙර ආණ්ඩුවෙන් ඉවත්වීම සඳහා කටයුතු කරනු පෙනෙයි. එය එසේ නොවීමට ද ඉඩ ඇත. ඒ ජා හෙ උරුමය නායකයන් තරම් රඟපෑමේ දක්‍ෂයන් දේශපාලනයෙහි නැති බැවිනි. ඒ කෙසේ වෙතත් ජා හෙ උරුමයෙහි දේශපාලනය අවසන් වෙමින් පවතින බව නම් පැහැදිලි ය. ජාතිකත්වය යනු බලයට පත්වීම සඳහා යොදාගත හැකි උපකරණයක් නො වේ. එහි ද යම් ආකාරයක රඟපෑමක් කළ හැකි නමුදු එහි රඟපෑමේ සීමා ඇත. ජා හෙ උරුමය අද ඒ සීමාවට පැමිණ ඇත. මෙරට ජාතික ව්‍යාපාරය අසූවේ දශකයේ අග ආරම්භ කළ එකක් නො වේ. එය ඉතා ඈත අතීතයට විහිදී යයි. ජාතික ව්‍යාපාරයෙහි නිරත වූවෝ යම් දේශපාලනයක් කරති. එහෙත් ඒ තමන්ට දේශපාලන බලය අත්කර ගැනීමට නො වේ. ඔවුනගේ වෑයම දේශපාලන පක්‍ෂ ජාතිකත්වයට ගෙන ඒම ය. ජාතිකත්වය ජනතාව අතර ඇත. ඔවුන්ට එය අමුතුවෙන් ඉගැන්විය යුතු නො වේ. අද දවසෙහි ජාතික ව්‍යාපාරයෙහි කාර්ය භාරය වනුයේ ජනතාව අතර ඇති ජාතිකත්වයට දේශපාලනඥයන්ගේ සංවේදීතාව වැඩි කිරීම ය. එහි දී වඩාත් ම හොඳින් ඒ කාර්යය කරන්නේ ශ්‍රී ල නි පක්‍ෂය ය. ඒ අරුතින් ඒ පක්‍ෂය මෙරට ජාතිකත්වයේ පක්‍ෂය වෙයි. ජා හෙ උ හා ජ නි පෙ ජාතිකත්වය දේශපාලනීකරණයට ලක් කළේ ය. ජනතාවට ජාතිකත්වය සම්බන්ධයෙන් සංවේදී වීම යනු ජාතිකත්වය දේශපාලනීකරණයට ලක් කිරීම නො වේ. ජාතිකත්වය දේශපාලනීකරණයට ලක් කිරීම පක්‍ෂයක පරිහාණියට හේතු වෙයි. ජා හෙ උරුමයට මෙන් ම ජා නි පෙරමුණට ද ඒ උරුම වී ඇත. ජා නි පෙ ආණ්ඩුවෙන් ඉවත් වූ දිනයක එහි පරිහාණිය පෙනෙනු ඇත. බදුල්ලේ දී ඒ බව විද්‍යමාන විය.

ජා හෙ උරුමයට මෙන් ම ජා නි පෙරමුණට ද, ජාතිකත්වය පිළිබඳ මතවාදයක්, ප්‍රවාදයක් සංකල්ප ආදිය නැත. ඇතැමුනට ඊනියා ජාතික චින්තනයක් නම් ඇත.එහෙත් ජාතික චින්තනය යනු විජාතික මතවාදවල එකතුවක් පමණක් වෙයි. එය ෆ්‍රොම් ආදීන්ගේ ද වෙනත් අයගේ ද සංකල්පවල පරිවර්තනයක් පමණක් වෙයි. ජාතික චින්තනයට එරෙහදව අපි දිවයින ඔස්සේ චින්තනය යන සංකල්ය ඉදිරිපත් කෙළෙමු. එහෙත් එය සාර්ථක වී ඇතැයි කිව නො හැකි ය. තවදුරටත් මේ ලිපි ලිවීම කරගෙන යා යුතු ද යන අදහස ද සිතෙහි රැව් පිළිරැව් දෙන්නේ ඒ නිසා ම පමණක් ම නො වේ. 

බලයට පැමිණීම සඳහා  ජා හෙ උ හා ජා නි පෙ ජාතිකත්වය යොදාගැනීම සඳහා ඒ දේශපාලනීකරණයට ලක් කෙළේ ය. එහි ප්‍රතිඵලය වූයේ ජාතික ව්‍යාපාරය දුර්වල වීම ය. ඉන් යම් වාසියක් අත් වී නම් ඒ ශ්‍රී ල නි පක්‍ෂයට විය. ජා හෙ උ හා ජා නි පෙර පසුගිය සමයේ ආණ්ඩුව විවේචනය කළේ ය. දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය ද එසේ කළේ ය. ඔවුන්ගේ විවේචනයේ පදනම වූයේ ආණ්ඩුව ජාතිකත්ව වැඩ පිලිවෙළක නොමැති වීම ය. එහෙත් ඒ පක්‍ෂවලට ජාතිකත්ව වැඩ පිළිවෙළක් තිබේ ද? මුළු ලොවම අද ආ ධිපත්‍යය දරනුයේ යුදෙවු ක්‍රිස්තියානි මතවාද විසිනි. ඒ මතවාදවලට අභියෝගයක් කළ හැකි සංකල්පයක් වත් මේ පක්‍ෂවලට නිර්මාණය කරගත හැකි වී තිබේ ද? පිළිතුර නැත යන්න ය. ඔවුන් ආණ්ඩුවෙන් ජාතිකත්වයක් ඉල්ලන්නේ තමන්ට ද වැඩ පිළිවෙළක් නැතිව ය. ඊනියා ජාතික ආර්ථිකයක් ගැන කතාකළ පමණින් ජාතික ආර්ථිකයක් නො ලැබෙයි. කිසද දිනෙක සංකල්පයක් ප්‍රවාදයක් නිර්මාණය කර නොමැති ඉහත කී පක්‍ෂවල නායකයෝ අනෙක් බොහෝ අය 2මන් ම අනුකාරකයෝ වෙති.

ආණ්ඩුව විවේචනය කරමින් ආණ්ඩුව තුළ සිට ආණ්ඩුව යහමගට ගැනීමට කතාකළ ජා හෙ උ හා ජා නි පෙ අද මාර්ග දෙක ගමන්කරනු දැකිය හැකි ය. ජා හෙ උ ආණ්ඩුවෙන් ඉවත්වීමට කටයුතු කරයි. ජා නි පෙ බදුල්ලේ දී හා වෙනත් තැන්වල දී පාඩම් ඉගෙන තමන්ට ආණ්ඩුව හැරෙන්නට වෙනත් සරණක් නැති බව අවසානයේ වටහාගෙන ඇත. ඔවුන්ට අද අවශ්‍ය ජා හෙ උ හැකි ඉක්මණින් ආණ්ඩුවෙන් ඉවත් කිරීම ය. 

මේ පක්‍ෂ දෙකේ ම අවසානය ළඟා වී ඇත. ජා හෙ උ ආණ්ඩුවෙන් පිටත දියවී යනු ඇත. ජා නි පෙ ආණ්ඩුව තුළ දියවී යනු ඇත. ජාතිකත්වය පදනම් කරගනිමින් බලයට පත්වීමට ක්‍රියාකරන්න්ට මේ හොඳ පාඩමකි.    

නලින් ද සිල්වා


Friday, 24 October 2014

Clash of cultures continues with EU sponsorship

If there are people who think that the Tamil problem is an internal problem caused by the intolerance or whatever of the chauvinist Sinhala Buddhists of the country then they must be suffering from Sinhalaphobia with  a hatred towards the Sinhala Buddhists. When some Muslims claim that the Bodu Bala Sena (BBS) is after the minorities and when the anti Sinhala Buddhists are of the opinion that in Sri Lanka the religious and ethnic minorities are not safe they are only expressing their anti Sinhala Buddhist prejudices planted in them by the English  and other western colonialists.

There are some ungrateful Muslims, not those of the caliber of whom I may call Sinhala Islamists, who forget the protection given by the Sinhalas and their kings to the Muslims from the fifteenth century onwards and speak of Aluthgama incidents as if the Sinhala Buddhists and the BBS are responsible for everything that happened there few months ago. They conveniently forget the behaviour of some Muslim youths who obstructed a Bhikku who was going for a Dharma deshana on a Poya day and the assault of the Bhikku by one of the thugs. They claim that the Buddhists all over the world are the same referring to Myanmar. We shall come back to this topic later and the so called Buddhist fundamentalism when it is only the Buddhists who do not have an ideology as such. Without an ideology or a science or whatever one wants to use, there cannot be a fundamentalism and when Nibbana has no existence in either space or time or space-time or whatever, one cannot speak of an ideology.

We live in a world where intense fighting is going on between Muslim culture and the Judaic Christian culture. We in Sri Lanka should not take a stand against any one of them in general but support the cause of one or the other on  a case by case approach. In Palestine we may support the Palestinians but in Australia we cannot condone the Muslims who want Sharya Law to be implemented in that country. It is up to the Muslims living in the Christian countries to respect the culture of the country they have adopted and live as Muslims in Christian countries. Living in a Christian (or Buddhist for that matter) country as a Muslim is different from living in a Muslim country as a Muslim, and no Buddhist would ever ask for freedom to live in a Christian country as he/she lives in Sri Lanka, Myanmar, Thailand, or any Mahayana country, as Bududahama has no ideology as such. The clash is between civilizations (cultures) that have ideologies, and when Huntington said Theravada is no civilization as such it reflected the fact that Theravada has no ideology as such, though the authour may not have realized that.   

Theoretically neither the Muslim countries nor the Christian countries should take up arms in any form against a Theravada country. However, in Theravada countries one finds not only the Christians and Christian countries but Muslims agitating against the Buddhists. It may be that as far as believers are concerned no ideology is worse than having an antagonistic ideology. It is in this context we should try to understand the attitude of the western Christian countries against the Sinhalas and the Sri Lankan state. It has to be mentioned that in general no Muslim country has acted against the Sinhala people unlike the western Christian countries.

How does one understand the recent decision by the European Union to allow the LTTE to raise funds in the western countries against the Sinhala people and the Sri Lankan state. The resolution adopted by the Christian  EU does not spell out it in so many words but it amounts to that in the final analysis. It is also a resolution against Mahinda Rajapakse as the west is hell bent on defeating him at the coming presidential elections and then sending him to the gallows The UNP may claim that there are no electric chairs but this is not different from their claim of the armed forces going to Pamankada instead of Alimankada. Whether there are electric chairs or not there are so called international juries and they are waiting for Mahinda Rajapakse to be relieved from presidential activities so that they could try him at one of those juries.

Mahinda Rajapakse is the most hated leader of a nation by the western countries and Sinhalas are the most hated nation of the world by the same gentlemen who preach peace and tolerance from the Altar. One could ask why the west should hate Mahinda Rajapakse so much and what evidence I have to say so. Of course the westerners are crafty people who do not speak their minds unlike the Sinhala villager and one would not find in their careful worded statements, resolutions etc., any hatred towards Mahinda Rajapakse or the Sinhalas especially the Sinhala Buddhists. However, the Sinhala people who are being used by the west are not that skilful and the latter cannot hide their anti Sinhala venom in their writings, weekly columns, resolutions adopted by various freedom people and other such documents and speeches.

I am not claiming that all these henchmen and henchwomen are paid for their work but once a person is indoctrinated with an ideology especially in the name of a science that is western and that dominates the world it is possible to get anything done by him/her. The ideology is sometimes far more important than money and the henchmen and henchwomen who are after various missions are working according to a plan set up by the western intellectuals. I would not call it a conspiracy but that is the way ideological states behave in a clash of cultures (civilizations).

The EU by their decision has given the LTTE and its front organisations a free hand to collect funds, organize terrorists and do whatever possible to oust Mahinda Rajapakse from Presidency. In spite of the development that is taking place in the Northern Province, the people still depend on the money sent by the dispersed Tamils in the Christian west, and the EU has given the Tamil terrorists and racists living in the west (in fact harboured in the west) the freedom to manipulate the vote of the Jaffna people at the forthcoming presidential elections. Naturally money will be poured on the candidate(s) other than Mahinda Rajapakse with the sole intention of defeating the latter.

Ideologies clash not  only in the cyber space or electronic and print media, and ideological states sponsor terrorism against other countries with different ideologies or no ideology. The west may preach from the Altar that they are against terrorism but in effect they support and encourage terrorism against “enemy” countries. Sri Lanka though not believed so by the Anglophiles trained by western schools here as well as abroad and western universities of Oxbridge Peradeniya types, is an enemy of the Christian west and those countries with Christian ideologies do whatever possible to demolish other ideologies (or no ideology) in the enemy countries.

In Sri Lanka and the rest of the world clash of civilizations (cultures) have been going before Huntington and these clashes are at least five hundred years old. Huntington himself wanted to cover up things and he pushed the clash of civilizations to the future. It is the west that supports terrorism in the world and one should not be surprised if Muslim terrorism takes the upper hand in the near future against the wish of the Christian west.  

The so called ethnic problem in Sri Lanka was created by the clash of cultures and would continue for some time, with the west always blaming the Sinhala Buddhist chauvinists for the crimes committed by the westerners themselves. 

Nalin De Silva


Wednesday, 22 October 2014

පන්සිල් හා මුසා

ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා මේ සතියේ දී කුමක්‌ ලියා වි දැයි නො දනිමි. ඇතැම් විට බේකන් ගේ සිට අද දක්‌වා බටහිර විද්‍යා දාර්ශනිකයන් ගැන ලිවීමට ඉඩ ඇත. එසේත් නැත හොත් විවේක සුවයෙන් ගත කරනු ඇත්තේ කිසිවක්‌ නො ලියා ය. ඒ කුමක්‌ වුවත් සති කිහිපයකට පෙර අපි සත්‍යය හා අසත්‍යය වෙන් කිරීම ගැන සාකච්ඡාවක්‌ ඇරඹුවෙමු. පසුගිය සති දෙකෙහි ඉන් තරමක්‌ ඈත් වීමට සිදු වූයේ අමරතුංග මහතා ගේ ලිපියකට ප්‍රතිචාර දැක්‌වීම සඳහා ය. අපි නැවතත් සත්‍යයට හා අසත්‍යයට යමු. 

සත්‍යය හා අසත්‍යයෙන් වෙන් කරගැනීමක්‌ බුදුදහමෙහි නැත. එහි ඇත්තේ අසත්‍යය, අසත්‍යය ලෙස අවබෝධ කරගැනීම ය. එහෙත් එය කියන තරම් පහසු නො වේ. එසේ නො වන්නට අප බොහෝ දෙනකු මේ වන විට නිවන් අවබෝධ කරගෙන සසරෙන් එතෙර වී තිබිය යුතු ය. එහෙත් බුදුදහමේ සම්‍යක්‌දෘෂ්ටියක්‌ ගැන කියෑවෙන බව අපි දනිමු. එය ද සත්‍යයක්‌ නො වන බව අප සඳහන් කර ඇත. 

බුදුදහම වැන්නක්‌ ලොවෙහි ඇත්තේ බුදුදහම පමණකි. අනෙක්‌ පද්ධතීන්ට අප දැනුම් පද්ධති යෑයි කියන නමුත් බුදුදහම දැනුම් පද්ධතියක්‌ යෑයි කිව නොහැකි ය. එහි අවධාරණය කෙරෙන්නේ නොදැනුම හා නොදැනුම නිර්මාණය වන ආකාරයයි. පෘථග්ජනයන් හා සම්බන්ධ පටිච්චසමුප්පාදයෙන් කියෑවෙන්නේ ඒ කරුණ ය. සත්‍යය අසත්‍යයෙන් වෙන් කරගැනීමට අප දැනුම් පද්ධතිවලට යා යුතු ය. 

අපි සාමාන්‍යයෙන් මුසා යෑයි හැඳින්වෙන දේ නැවත සාකච්ඡා කරමු. බසයට ගොඩ වූ දරුවකු අතන පුටුවක්‌ ඇතැයි තම මවට පවසන්නේ මුසාවක්‌ ලෙස නො වේ. ඔහු ගේ සංකල්පීය පද්ධතිය අනුව බසයේ පුටු ඇත. එහෙත් මව ගේ සංකල්පීය පද්ධතියෙහි බසයක පුටු නැත. දරුවා කියන්නේ මුසාවක්‌ යෑයි මව වත් මගීහු වත් නො සිතති. එය දරුවා ගේ සුරතල් කතාවක්‌ ලෙස සිතන ඔවුහු මුවගින් සිනහසෙති. ඒ සෙනෙහසිනි. 

සම්මත සංකල්පීය පද්ධතියේ විවිධ සංකල්ප ගැන අපි දනිමු. අපි ඒවාට අනුගත වී ඇත්තෙමු. අප ද අනෙක්‌ අය ද ඇති බවට එකඟ වන්නක්‌ නැති බව ඒ අය ගෙන් ම යම් පුද්ගලයකු අතින් පැවසෙන විට එය මුසාවක්‌ යෑයි අපි කියමු. මෙහි දී වැදගත් වන කරුණු කිහිපයක්‌ වෙයි. යම් දෙයක්‌ පවතින බව සංකල්පීය ව පිළිගන්නා පුද්ගලයන් සමූහයක්‌ සිටිය යුතු ය. ඉන් එක්‌ අයකු හෝ කිහිප දෙනකු හැරෙන්නට අනෙක්‌ අය ඒ දෙය ඇති බව පිළිගනිති. අර කිහිප දෙනා නව සංකල්පයක්‌ ඇති කිරීමේ වුවමනාවෙන් බැහැර ව ඒ දෙය නැතැයි කියති. ඒ තමන් ගේ වාසියට වරප්‍රසාද ලබාගැනීම ආදිය සඳහා විය හැකි ය. ඒ දෙය නැතැයි කීම අර සමූහයේ බහුතරය විසින් මුසාවක්‌ පැවසීම ලෙස සැලකෙයි. 

දරුවා බසයේ පුටුවක්‌ ඇතැයි කියන විට එය මුසාවක්‌ යෑයි පැවසීමක්‌ ලෙස නො සැලකෙයි. දරුවා බහුතරයේ පුටු සම්මුතියෙහි නැත. යම් දෙයක පැවැත්ම සම්බන්ධයෙන් බහුතරයේ සම්මුතිය නො පිළිගන්නා අයකුට මුසා කිය නොහැකි ය. මුසා පැවසිය හැක්‌කේ ඒ දෙය සම්බන්ධයෙන් බහුතරයේ සම්මුතිය පිළිගන්නා අයට ය. බහුතරයේ සම්මුතිය නො පිළිගන්නා අයට එක්‌කෝ ඔවුන් ගේ ම වූ වෙනත් සම්මුතියක්‌ ඇත. එසේත් නැත හොත් ඔවුහු වෙනත් සම්මුතියක්‌ සොයමින් සිටිති. 

බුදුදහමට පළමු ව පන්සිල් තිබුණු නමුත් බුදුදහමෙහි පන්සිල් අනුදැන වදාරා ඇත්තේ පස්‌පව් මමත්වය වැඩි කරන බැවින් යෑයි ද සිතිය හැකි ය. අප බුදුදහම දෙස බලන්නේ අසත්‍යය සත්‍යයෙන් වෙන් කරන්නක්‌ ලෙස නො ව අසත්‍යයෙන් වෙන් වීමට උපකාර කරන්නක්‌ ලෙස ය. අප ඉහත සඳහන් ආකාරයෙන් මුසා බස්‌ දොඩවන්නේ අපේ වාසිය සඳහා ය. එසේත් නැත්නම් යම් වරප්‍රසාදයක්‌ දිනාගැනීමට ය. සාධාරණ ව කිව හොත් මම යන්නකු ඇතැයි ගෙන මමත්වය වැඩි කිරීම සඳහා ය. මුසා බස්‌ දෙඩවීමෙන් වැඩි වන්නේ මමත්වය ය. ඉන් අප අසත්‍යයෙහි තව තවත් ගිලෙයි. අප මුසා බස්‌ නො කිව යුත්තේ මමත්වය අඩු කරගැනීමට ය. එම`ගින් අසත්‍යයෙන් වෙන් වීමට ය. 

අනෙක්‌ පන්සිල් පද හතර ද ඒ අයුරෙන් විවරණය කරගත හැකි ය. පස්‌ පව්වල ගැලීමෙන් අපි මමත්වය වැඩි කරගෙන නිවනෙන් ඈත් වන්නෙමු. පන්සිල් 

රැකීමෙන් නිවනට ළ`ගා වන්නෙමු. අපේ අරමුණ අසත්‍යයෙන් වෙන් වීම බව නැවත නැවතත් අවධාරණය කරගනිමු. එසේ වෙතත් අපට සම්මුති ලෝකයේ සත්‍යය සමග ඇතැම් විට ජීවත් වීමට සිදු වෙයි. 

අපි බටහිර ගණිතයට යමු. එහි සත්‍යයක්‌ නැත. බටහිර ගණිතඥයෝ ඉතා අවංක ව තමන් පවසන්නේ කුමක්‌ දැයි තමන් නො දන්නා බව පවසති. බටහිර ගණිතය නො දන්නෝ බටහිර ගණිතය සත්‍යය ලෙස සලකති. එහෙත් එහි කෙරෙන්නේ යම් ප්‍රස්‌තුතයකින් පටන්ගෙන ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගනිමින් වෙනත් ප්‍රස්‌තුතයක්‌ නිගමනය කිරීම ය. මුල් ප්‍රස්‌තුතය සත්‍ය බව හෝ අසත්‍ය බව හෝ එහි දී විග්‍රහ නො කෙරෙයි. එහෙත් අප්‍රකාශිත වශයෙන් (Implicitly) ඇරිස්‌ටෝටලීය න්‍යාය සත්‍ය බව පිළිගැනෙයි. 

බටහිර ගණිතයෙහි පමණක්‌ නො ව බටහිර දැනුම් පද්ධතියෙහි ම ඇරිස්‌ටෝටලීය න්‍යාය සත්‍ය බව පිළිගැනෙයි. අපි පසුව මෙය තවදුරටත් සාකච්ඡා කරමු. බටහිර දැනුම් පද්ධතියෙහි ක්‌වොන්ටම් භෞතිකය බටහිරයන්ට නො තේරෙන පද්ධතියක්‌ බවට පත් වී ඇත්තේ ක්‌වොන්ටම් භෞතිකයෙහි ඇරිස්‌ටෝටලීය න්‍යාය වලංගු නො වන බැවිනි. න්‍යාය (logic) ද මිනිසුන් ගේ නිර්මාණයක්‌ බවත් එය ද අසත්‍යයක්‌ බවත් සිංහල බෞද්ධයනට හැරෙන්නට අනෙක්‌ අයට තේරුම්ගැනීමට හැකි ද යන්න ම ප්‍රශ්නයකි. ඇරිස්‌ටෝටලීය න්‍යාය පමණක්‌ නො ව චතුස්‌කෝටික න්‍යාය ද අසත්‍ය ය. ක්‌වොන්ටම් භෞතිකය චතුස්‌කෝටිකය සමග ගැළපීම හේතුවෙන් ක්‌වොන්ටම් භෞතිකය වත් චතුස්‌කෝටික න්‍යාය වත් සත්‍ය බවට පත් නො වේ. 

අපි උසාවියේ දී සත්‍යය හා අසත්‍යය වෙන් කරගන්නා ආකාරය තරමක්‌ දුරට දැන් සාකච්ඡා කරමු. රටේ වැඩියෙන් ම මුසා කියන තැනක්‌ වන්නේ අධිකරණයයි. මිනිසුන් බොරු නො කියන්නේ නම් උසාවි අනවශ්‍ය ය. මිනිස්‌සු හා නීතිඥයෝ උසාවි තුළ බොරු කියති. එසේ වුවත් උසාවිය යුක්‌තිය පසිඳලන තැන ලෙස පිළිගැනෙයි. යම් පුද්ගලයකු සාක්‍ෂි කූඩුවට න`ගින්නේ ම තමන් සත්‍යය හා සත්‍යය පමණක්‌ ප්‍රකාශ කරන බව කියමිනි. අනෙක්‌ පක්‍ෂයේ සාක්‌ෂිකරු ද ඒ දිවුරුම ම දෙමින් සාක්‍ෂි කූඩුවට නැ`ග පළමු සාක්‌ෂිකරු ගේ ප්‍රකාශයට හාත්පසින් ම වෙනත් ප්‍රකාශයක්‌ කරයි. 

දැන් විනිශ්චයකාරතුමා ඒ දෙදෙනා ගෙන් සත්‍යය පවසන්නේ කවුදැයි තීරණය කරන්නේ කෙසේ ද? ඔහු ඒ කරන්නේ අනෙක්‌ සාක්‍ෂි සමග හා අභ්‍යන්තර වශයෙන් සාක්‍ෂිය සංගත දැයි සලකා බැලීමෙනි. එමෙන් ම ඊනියා විශේෂඥ සාක්‍ෂි සමග ද ඒ සාක්‍ෂි ගලප්පා බැලෙයි. එහෙත් මේ විශේෂඥ සාක්‍ෂි ගැන ද වචනයක්‌ කිව යුතු ය. පසුගිය ඔක්‌තෝබර් මස 05 වැනි දා දිවයින ඉරිදා සංග්‍රහයට මා ලියූ ලිපියකින් කොටසක්‌ මෙහි දී උපුටා දක්‌වන්නේ එහි ඇති වැදගත්කම සලකමිනි. 

"ශ්‍රී ලංකාවේ එක ම ඩී. එන්. ඒ. රටාවන් ඇති දෙදෙනකු කිසිසේත් සිටිය නොහැකි බව........ මහත්මිය.......... කොළඹ මහාධිකරණය හමුවේ කියා සිටියා ය. 

කොළඹ මහාධිකරණ විනිසුරු............ හමුවේ විභාග වන........ නඩුවේ පැමිණිල්ලේ සාක්‌කිකරුවකු ලෙසින් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ.......... මහතා ගේ මෙහෙයවීම යටතේ සාක්‌කි දෙමින් එසේ කියා සිටි මහාචාර්යවරිය අහඹු ලෙස ගත් දෙදෙනකු ගේ ඩී. එන්. ඒ. රටා එකක්‌ වීමේ හැකියාවේ සම්භාවිතාව බිලියන තුනකට එකක්‌ වන බවත් ලංකාවේ ජනගහනය මිලියන 20ක්‌ පමණ වන බැවින් එවැනි සම්භාවිතාවක්‌ නොමැති නිසා එක ම ඩී. එන්. ඒ. රටාවන් ඇති දෙදෙනකු කිසිසේත් සිටිය නොහැකි බව අවධාරණය කළාය. ශ්‍රී ලංකාවේ එක ම ඩී. එන්. ඒ. රටාවන් ඇති දෙදෙනකු කිසිසේත් සිටිය නොහැකි බව........ විශ්වවිද්‍යාලයයේ.......... වෛද්‍ය පීඨයේ මහාචාර්ය.......... මහත්මිය...........කොළඹ මහාධිකරණය හමුවේ කියා සිටියා ය."

පුවත්පතෙහි සඳහන් වූ පරිදි ඇය බටහිර වෛද්‍ය පීඨයක මහාචාර්යවරියක ද යන්න මම නො දනිමි. ඒ කෙසේ වෙතත් ඇගේ මුග්ධ තර්කය මුල් කරගෙන නඩුවේ තීන්දුව දී ඇත්නම් එයින් විත්තිකරුවා(වනට) සිදු වී ඇත්තේ විශාල අසාධාරණයකි. මේ සාක්‍ෂිකාරියට බටහිර සංඛ්‍යානයෙහි සම්භාවිතාව පිළිබඳ ව මූලික දැනුම වත් නැති බව පැහැදිලි ය. මිලියන විස්‌සක නො ව දෙදෙනකු ගේ නියෑදියක වුව ද ඒ දෙදෙනාට ම එක ම ඩී. එන්. ඒ. රටාවක්‌ තිබිය හැකි ය. එසේ තිබිය නොහැක්‌කේ අදාළ සම්භාවිතාව ශූන්‍ය නම් පමණකි"

මෙහි සඳහන් වන්නේ ඊනියා විශේෂඥ සාක්‍ෂියකි. අදාළ සාක්‍ෂිකාරිය ලංකාවේ විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයක මහාචාර්යවරියක යෑයි පැවසෙයි. ඒ කුමක්‌ වුවත් ඇය උසාවියේ පෙනී සිට ඇත්තේ ඩී. එන්. ඒ. පිළිබඳ විශේෂ දැනුමක්‌ ඇති අයකු ලෙස ය. එහෙත් ඇයට බටහිර සංඛ්‍යානයෙහි සම්භාවිතාව පිළිබඳ මූලික දැනුම වත් නැත. ඇගේ සාක්‍ෂිය උසාවිය සත්‍යයක්‌ ලෙස පිළිගන්නට ඇත. එය අසත්‍ය බව එනම් මූලික සම්භාවිතාව සම`ග සැස» කල අසංගත බව විරුද්ධ පක්‌ෂයේ නීතිඥ මහතා පෙන්වා ඇති බවක්‌ පුවත්පතෙහි සඳහන් නො වේ. ඊනියා විශේෂඥ සාක්‌ෂි පිළිබඳ තත්ත්වය එබඳු ය. 

එහෙත් එයටත් වඩා මූලික ප්‍රශ්නයක්‌ මතු කළ යුතු ව ඇත. මුළු මහත් බටහිර විද්‍යාව ම ර¹ පවතින්නේ සාධාරණීකරණය, සම්භාවිතාව ආදිය මත ය. උඩ දැමූ ගලක්‌ (වස්‌තුවක්‌) පොළොවට වැටෙන බව අප දන්නේ කෙසේ ද? එය සාධාරණ වශයෙන් (සාමාන්‍යයෙන් නො වේ) සිදු වෙයි. ඒ සඳහා විශාල සම්භාවිතාවක්‌ වෙයි. එහෙත් උඩ දැමූ ගලක්‌ (වස්‌තුවක්‌) ආපසු නො වැටෙන අවස්‌ථා ද අපි දනිමු. එසේ නො වන්නට අභ්‍යවකාශයට යවන රොකට්‌ටු ආපසු වැටිය යුතු ය. දැන් මේ කරුණ අප තේරුම්ගන්නේ කෙසේ ද? අපට එහි දී නිව්ටෝනීය ගුරුත්වය, වියෝ ප්‍රවේගය, චලිත සමීකරණ ආදි දැනුම් සම්භාරයක්‌ යොදාගැනීමට සිදු වෙයි.

නලින් ද සිල්වා


Sunday, 19 October 2014

මට මහලු වයසේ හැකිය වෙණ ගායනා පෙරසේ - 2

මහාචාර්ය  ගාමිණී රාජපක්‍ෂ මහතා මා අදම්‍ය පිපිරෙන සුළු බවත් යක්‍ෂයකුත් බවත් පවසන්නේ ඇයි දැයි සඳහන් නො කරයි. ඔහු ඒ බව කියන්නේ කැනඩාවේ වාසය කරන බෝධින ධනපාල නමැත්තකුට යවන ඉ තැපැල් පිළිතුරක් ලෙස ය. මම ඒ දෙදෙනාගෙන් එක් අයකුවත් පෞද්ගලික ව නො හඳුනමි. ධනපාල මහතා ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයක් ගැන විශ්වාස කරන බව පෙනෙයි. ඔහු බටහිර විද්‍යාව් දාසයකු ලෙස මම සලකමි. ඔහු පමණක් නොව මහාචාර්ය විජය කුමාර්, කැනඩාවේ වාසය කරන මහාචාර්ය චන්ද්‍රසිරි ධර්මවර්ධන ආදීන් ද බටහිර විද්‍යාවේ දාසයන් ලෙස සැලකිය හැකි ය. ඔවුන් එකහෙළාම කියනු ඇත්තේ තමන් බටහිර විද්‍යාවේ දාසයන් නොවන බව ය. එහෙත් ඔවුන් මා සමග ප්‍රසිද්ධ වාචික විවාදයකට එළඹෙන්නේ නම් ඔවුන්ගේ දාස බව පෙන්වීමට හැකි ය. (කැනඩාවේ පදිංචි අය ලංකාවට එන තෙක් බලා සිටීමට හැකි බව ද පවසමි). ඔවුන්ටත් ඔවුන්ගේ මිතුරන්ටත් ප්‍රශ්නය වී ඇත්තේ වකුගඩු රෝගයට හේතුව ආසනික් බව නාථ දෙවියන් පැවසීම ය. ඒ නාථ දෙවියන්ගේ ආධ්‍යාත්මික ශක්තියෙන් මිස බටහිර විද්‍යාඥයන්ගේ පට්ටපල් බොරු කතන්දරවලින් දැනගත්තක් නො වේ. ආධ්‍යාත්මික ව මනසෙන් ලෝකය ග්‍රහණය කරගත නොහැකි කසිකබල් බටහිර විද්‍යාඥයෝ පංචෙන්ද්‍රියවලට ගෝචර සංසිද්ධි තේරුම් ගැනීමට යැයි කියමින් පංචෙන්ද්‍රිය ගෝචර නොවන පට්ටපල් බොරු කතන්දර ගොතති. මේ සඳහා හොඳම උදාහරණය නිවුටන් ගෙතූ ගුරුත්වාකර්ෂණ පට්ටපල් බොරුව ය. අපේ ආසනික් කතාව නොපිළිගත් කසිකබල් බටහිර විද්‍යාඥයෝ (ඔවුන්ට විද්‍යාඥයන් යැයි කීව ද ඔවුන් නිර්මාණය කර ඇති ප්‍රවාදයක් සංකල්පයක් නැත.) අපට සමච්චල් කළහ. එහෙත් ඔවුන්ට වකුගඩු රෝගයට හේතුව කුමක් දැයි කිව නො හැකි ය. ඔවුන්ට එකඟ විය හැකි තේරුම් කිරීමක් නැත. එදා සිට අද දක්වා අපට එරෙහි ව නාථ දෙවියන්ට එරෙහිව ඊනියා සම්මන්ත්‍රණ පැවැත්වූ සියල්ලන්ට අපි අභියෝග කරමු. සමස්ත ප්‍රශ්නය හා බටහිර විද්‍යාවේ පට්ටපල් බොරුව ගැන වාද කිරීමට පස් දෙනකුගේ  කණ්ඩායමක්  ලෙස පැමිණෙන්න. 

ඒ සියළු දෙනා සමග මම තනිව ම වාද කරමි. මට දැන් වයස හැත්තෑවක් වෙයි. එහෙත් මගේ වීණාවේ තත් සිඳී නැත. මගේ කටේ දත් වැටී නැත. මට ගුත්තිල  පඬිතුමාට මෙන් ශක්‍ර දෙවිඳුන්ගේ සහාය අවශ්‍ය නො වේ. බටහිර විද්‍යාවේ දාසයෝ මූසිල තරම්වත් දක්‍ෂයෝ නො වෙති. මගේ අභියෝගය ආසනික්වලට විරුද්ධ වූ අදත් වකුගඩු රෝගීන් මරාදැමීමට වක්‍රව කටයුතු කරන පහත සඳහන් සියළු දෙනාට ය. මගේ හිතට එන පිළිවෙළට ඔවුන්ගේ නම් සඳහන් කරමි. මහාචාර්ය පට්ටම් සඳහන් කිරීමට අවභ්‍ය යැයි මම නො සිතමි. ඔලිවර් ඉලේපෙරුම, උපාලි සමරජීව, පලිබෝධ නාශක අධ්‍යක්‍ෂ හෝ එවැනි තනතුරක් දරන්නා, ජනිතා ලියනගේ, විජය කුමාර්, සී එස් වීරරත්න, කපිල සෙනෙවිරත්න, බිමාලි ජයවර්ධන, සුසන්ත ගුණතිලක, අශෝක අමරතුංග, සුදන්ත ලියනගේ, ගාමිණී රාජපක්‍ෂ,චන්ද්‍රසිරි ධර්මවර්ධන ඔහුගේ සොහොයුරු නන්දසිරි ධර්මවර්ධන,   බෝධි ධනපාල, ඔවුන් අතර වෙති. මේ සියළු දෙනා සමග වුව ද පට්ටපල් බොරු කී නිවුටන්ගේ සිට මතු බුදුවන නාථ දෙවියන් දක්වා ඇති විද්‍යාව ගැන වාදකිරීමට මම සූදානමින් සිටිමි. එහෙත් ඔවුන්ට වෙන්කරන සම්පූර්ණ කාලය මට ද වෙන්කළ යුතු වෙයි. ඒ මගේ එකම කොන්දේසිය වෙයි. මා පෙනී සිටින්නේ නාථ දෙවියන් වෙනුවෙනි. එහෙත් එයින් කියැවෙන්නේ නාථ දෙවියන් විකුණාගෙන කන්නන් සමග මගේ සම්බන්ධයක් ඇති බව නො වේ. විවාදයක දී ඒ සියල්ල ද හෙළිදරවු වනු ඇත. 

ධනපාල මහතා ප්‍රතිචාර දක්වා තිබුණේ මා වකුගඩු රෝගය ගැන වැඩිදුරටත් දිවයින ඉරිදා සංග්‍රහයට පසුගිය 5 වැනි දා ලදයූ ලිපියට ප්‍රතිචාරයක් ලෙස ය. එහි එක්තරා මහාචාර්යවරියක සංඛ්‍යානය මූලික කරුණුවත් නොදන්නා බව සඳහන් කළ මම වකුගඩු රෝගයට පාරම්පරික වෙදකමේ ප්‍රතිකාර ඇති බවත් බටහිර වෙදකමේ ප්‍රතදකාර නැති බවත් කීවෙමි. ධනපාල මහතාට අනුව මා අර මහාචාර්යවරියගේ සංඛ්‍යාන දැනුම ගැන කියා ඇති දේ සත්‍ය නමුත් අනෙක් කරුණු බාග ඇත්ත ය. ඒ සියල්ල සම්මුති අර්ථයකින් පූර්ණ ඇත්ත බව පවසමි.  අපි පළමුව ඉතා කෙටියෙන් බටහිර විද්‍යාවේ සම්භාවිතාව ගැන සලකමු. මූළු මහත් බටහිර විද්‍යාව ම රඳා ඇත්තේ බටහිර සම්භාවිතාව මත ය. (වැඩිදුර විස්තර මේ දිනවල විදුසර පූවත්පතෙහි බටහිර විද්‍යාව පට්ටපල් බොරු සංවාදයෙහි පළවෙයි) . බටහිර විද්‍යාඥයන්ට ආධ්‍යාත්මික ගුණවගාවක් නැත. ඔවුන්ට කිසි දිනෙක ඔවුන්ගේ ඊනියා විද්‍යාත්මක ක්‍රමයෙන් මනසෙන් පමණක් ලෝකය බැලිය නො හැකි ය.  මනසෙන් පමණක් ලෝකය නිර්මාණය කරගත නොහැකි මොවුහු ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් උපයෝගි කරගෙන බොරු කතන්දර ගොතති.

බටහිර විද්‍යාඥයන්ට සියළු කපුටන් දැකිය නො හැකි ය. කපුටන් කිහිප දෙනකු පමණක් නිරීක්‍ෂණය කර සියළු කපුටන් කළු පාට යැයි කිව හැක්කේ යම් සම්භාවිතාවක් මත පදනම් වෙමිනි. මේ සම්භාවදතාව සියයට සියයක් (එකක්) නො වේ. බටහිර විද්‍යාඥයන්ට තුන්කල් දක්නා නුවණක් නැති බැවින්, ඔවුන්ට අදාළ නිරීක්‍ෂන සියල්ල කළ නොහැකි බැවින් සෑම නිරීක්‍ෂණයක් ම සම්භාවිතාවකට යටත් වූවකි. බටහිර විද්‍යාඥයෝ නිරීක්‍ෂණ කීිහිිිිපයක් සාධාරණය කිරීමෙන් උද්ගමනයෙන් යම් යම් ප්‍රකාශ කරති. ඉන්පසු ඒ ප්‍රකාශ තේරුම් කිරීමට පට්ටපල් බොරු කියති. ඒ සියළු බොරු කරන්නේ ආධ්‍යාත්මික ව මනසෙන් ලෝකය දැකීමට ඔවුන්ට නොහැකි බැවිනි.

බටහිරයන් කියන්නේ සම්භාවිතා බොරු වුව ද ලෝකය ඒ ගැන සිතන්නේ වෙනත් අයුරකිනි. ලෝකය බටහිර විද්‍යාඥයන්ගේ ප්‍රකාශ දේව භාෂිත මෙන් යොදා ගන්නේ එහි සම්භාවිතාව එක ලෙස ගැනීමෙනි. අර මහාචාර්යවරියගේ සාවද්‍ය සාක්‍ෂිය මත පදනම් ව යමකුට මරණ දණ්ඩනය නියම කරන්නේ යම් සම්භාවිතාවකින් නො වේ. මෙය සාධාරණ යැයි කියන්නෝ වෙත් ද? 

නලින් ද සිල්වා


Friday, 17 October 2014

Any more common candidates

Every Sinhala Buddhist and probably many others would have heard of the dialogue between Arhant Mahinda Thera and the king Devanampiya Tissa (not theesham as some Tamil racists used to call him) around the famous mango tree at  Mihintalawa. Pointing out at the Mango tree the Arhant Thera has  asked the king “Oh King what is this tree?”. The King replied “Ven. Thera this is a mango tree” . The Arhant Thera then asked “are there mango trees other than this mango tree?”  The answer was obvious and the King said “yes there are so many other mango trees”. Then the Arhant Thera asked “are there mango trees other than those other mango trees?” The king replied “Yes it is this mango tree”.

There is not only more than one mango tree in the world but we can always refer to one particular mango tree as the mango tree other than other mango trees. If Arhant Mahinda were to visit Sri Lanka  and ask Ranil Wickremesinghe referring to Ven. Maduluwawe Sobhitha Thera who this Thera is Ranil W would have replied “he is the common candidate”. Then the Thera would have asked Ranil W whether there are other common candidates Ranil W would  have said there are many other common candidates including Sarath Fonseka and non playing common candidate Anura Dissanayake who dances according to his (Ranil’s) tune.

Then the Arhant Mahinda Thera would have asked are there common candidates other than those other common candidates. Ranil W would not have hesitated to say “why not it is me” . However, unlike in the Mihintalawa dialogue Ranil W was not the original common candidate but the story has changed in the course of more than two thousand three hundred years, during which so much water has flown under the stone bridge over  Malwatu Oya.     

However, Sobhitha Thera the original common candidate is not prepared to give up. He is dreaming of a pivithuru heta (A clean tomorrow) with a new constitution good governance etc., supposedly drafted by Sarath Silva. The Thera has recently attended a meeting where another Thera who could aspire to be a common candidate has come out with certain suggestions  to Mahinda R with of course a threat. It has become the practice of common candidates and aspiring common candidates to come out with suggestions to Mahinda R as there is no point in telling the people that they would implement them once they come to power. It is a foregone conclusion that Mahinda R will contest the Presidential elections in 2015, and poll about 55% of the valid vote. The “nonagatha” period that the UNP is waiting would never arrive as it did not arrive last time when the UNP leaders were in a hotel with Sarath Fonseka waiting for the “nonagatha” between the first count and the second preferential count. If the “nongatha” period dawned in 2010 there would have been a blood bath for many and Sarath Fonseka would have become the President of the country with the blessings of the westerners, though not with that of Ranil W. In 2015 too there would not be a “nonagatha” period and the UNP leaders are advised not to book hotel rooms in advance preparing for “a revolution”.   

We all love a “pivithuru hetak” but will it be more pivithuru than today. From the demands of the “pivithuru hetak” it is clear that it is not so. It appears that there are some members of pivithuru hetak who do not endorse the demands made to Mahinda R. For example what the common candidates do not seem to understand is that executive presidency is not an issue  among the common man. It is an issue of the common candidate but not of the common man.

The common man unlike the common candidate is more concerned with the terrorist movement backed by the westerners. They know of Tamil racism and they are not against each other whether they are Sinhala, Tamil or Muslim. They are not against Yal devi going to Jaffna unlike the TNA leaders who are Tamil racists . The TNA is worse than the worst opposition party in the sense that they would not collaborate with the government even if the government does something good for the common man irrespective of whether it is Sinhala or Tamil. Yal Devi is running to Jaffna with the help of Indians though it may have come in the form of a loan. It is true that the Sri Lankan engineers would have built the railway to Jaffna at a lesser cost but the political and social implications of the Indian help is much more than the monetary value of the loan.

The fact that the Indian high commissioner was present at Jaffna going by Yal devi while the TNA MPs were boycotting the Yal Devi should be highlighted in the coming weeks whether one thinks it is pivithuru or not. The pivithuru hetak is not dawn b y common candidates but by common people on either side of Elephant Pass. When Yal Devi passes Elephant Pass that pivithuru hetak is getting closer and closer.

However, it appears that the common candidates and leaders of pivithuru hetak do not understand the way the common man thinks. It is clear that the common man in Jaffna as the common man in Hambantota is with the  President. However the Jaffna man is still not prepared to vote for Mahinda R as they are still under Money Order economy. Those days the public servant who arrived in Colombo from Jaffna used to send money home through money orders and the economy was run by the Colombo establishment. Now it is run by the dispersed Tamils in the western countries and the west manipulates the Jaffna vote through dispersed Tamils.

The government has to think very carefully on this economic nexus as it is a threat to the sovereignty of the people. It is the sovereignty of the common man that is affected though unfortunately through the common man himself. The vote manipulated by the dispersed Tamils is not going to be important in the Presidential elections in 2015, but since the sovereignty could be manipulated through the Money Order economy the government should take all necessary steps to make the Jaffna common man independent of the London common man. It is in this connection the Jaffna farmer and the Jaffna fisherman have to be looked after at the same time establishing new industries in the Jaffna district. The Siddha medicine is another area that has to be developed against the western medicine and the traditional (paramparika) medicine has to be given every encouragement to develop on its own.

The pivithuru hetak organisation under the auspices of some of the common candidates have spelled out that they would defeat Mahinda R if certain demands are not met before the elections for the Presidency. Now one of the demands is connected with abolishing the executive presidency and I remember the JHU expressing the view that the executive presidency helped Mahinda R to defeat Tamil terrorism. As the President himself has said the executive presidency could be abolished if the Tamil leaders including the TNA drop the separatist demand. They are still with the infamous Vadukoddai resolution and unless the TNA drops the Vadukkodai resolution there would not be a pivithuru hetak in any sense of the word.

When pivithuru hetak leaders claim that Mahinda R should be defeated they implicitly say that a person who will help to keep Tamil racism should be voted in. It is strange that they talk of  defeating but not of electing. They should not be allowed to go away with empty statements such as people will be the winner. They should specify the common candidate whom they support, of the plethora of common candidates.

Nalin De Silva


Wednesday, 15 October 2014

වෛදික ගණිතය හා බටහිර ගණිතය

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තම ඔක්තෝම්බර් 1 වැනි දා ලිපියෙන් පුද්ගලයන් රාශියකගේ නම් ඇදබාන්නේ සාමාන්‍යයෙන් මහාචාර්යවරයකු කරන පරිදි ය. මහාචාර්යවරුන් ඉතා වැඩි දෙනකු තමන් සඳහන් කරන කතුවරුන්ගේ කෘතීන් අවබෝධයකින් කියවා ඇති අය නොවන බව මම දනිමි. අමරතුංග මහතා නම් සඳහන් කර ඇති කී දෙනකුගේ කෘති ඔහු කියවා ඇත් ද? ඔහු කියවා ඇත්නම් හා ඒ අවබෝධ කරගෙන ඇත්නම් ඔහු කිසි දිනෙක ඒ කර්තෘන්ගේ නම් සඳහන් නොකරනු ඇත. ඒ එක කෘතියකින්වත් බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙනස් නොවන බවක් නො කියැවෙයි. එහෙත් අමරතුංග මහතාට අනුව ලෝකයේ කවදත් කොතැනත් තිබී ඇත්තේ එක ම විද්‍යාවකි! අමරතුංග මහතා තරම් අසංගත පුද්ගලයකු මහාචාර්යවරුන් අතරවත් ඇතැයි නො සිතමි. 

අමරතුංග මහතා මා සමග මුහුණට මුහුණ ලා කරන සංවාදයක නිරත වන්නේ නම් ඔහුගෙන් ප්‍රශ්න කිහිපයක් පමණක් ඇසීමෙන්  ඔහුගේ අනවබෝධය හා අසංගතබව අසන්නන්ට දැනගැනීමට සැලැස්විය හැකි ය. පුවත්පත මගින් කරන සංවාදයෙහි ඔහුගෙන් ප්‍රශ්න ඇසීමෙන් වැඩක් නැත. ඒ ඔහු ප්‍රශ්න නෑසුවාක් මෙන් සිටින බැවිනි. අසන්නන් හමුවේ කරන සංවාදයක දී ඔහුට එසේ හැසිරිය නො හැකි ය. එසේ වුවත් ප්‍රශ්න ඇසීමෙන් වැඩක් නැතිවුවත් හුදෙක් පාඨකයන්ගේ යහපත සඳහා ප්‍රශ්නයක් දෙකක් අමරතුංග මහතාට යොමු කිරීමට කැමැත්තෙමි. අමරතුංග මහතා ආර්යභට්ට භාෂ්කර ආදී පැරණි වෛදික ගණිතඥයන් ගැන කියවයි. (ඔහු ඔවුන්ගේ ගණිතය ගැන දන්නා ඉටීගෙඩියක් නැති බව පැහැදිලි ය.) ඒ ගණිතඥයන්ගේ ගණිතය බටහිර ගණිතය ම බව අමරතුංග මහතා කියන්නේ කිනම් නිර්ණායක මත පදනම් වී ද?

යම් දෙයක් තවත් යම් දෙයකට සමාන යැයි කිව හැක්කේ කිනම් අවස්ථාවක ද, අවස්ථාවල දී ද යන්නවත් අමරතුංග මහතාගේ සැලකිල්ලට යොමු වී ඇත් ද? කිසිවක් වෙනත් දෙයකට සමාන වන්නේ ඇතැම් කරුණුවලින් යැයි අපි කියමු. පැරණි වෛදික ගණිතය වත්මන් බටහිර ගණිතයට තබා පැරණි ග්‍රීක ගණිතයටවත් සමාන කිරීමට පළමු ඒ සඳහා නිර්ණායක නිර්මාණය කරගත යුතු ය. අමරතුංග මහතා පළමුව ඒ නිර්ණායක ඉදිරිපත් කරන්නේ ද?

වත්මන් බටහිර ගණිතය මෙන් ම පැරණි ග්‍රීක ගණිතය ද වියුක්ත ය. අමරතුංග මහතා තවමත් වියුක්තය තේරුම් ගෙන නැති බව තව තවත් ලිපි සම්පාදනය කිරීමෙන් ම පෙනී යයි. ඔහුට යම් දිනෙක වියුක්තය තේරුම් ගියහොත් ඔහු ලිපි සැපයීම නවත්වනු ඇත. පැරණි වෛදික ගණිතය වියුක්ත නො වී ය. එහි තිබියේ සූත්‍ර ය. ඒ සාධාරණ ආකාරයකින් සූත්‍රගත වී නො තිබිණි. සාධාරණීකරණය වියුක්තය සමග බැඳී ඇත. අමරතුංග මහතා මේවා ගැන දන්නේ කුමක් ද? කතුවරුන්ගේ නම් ඇදබෑම ඊනියා උගතුන්ගේ කාර්යයක් විය හැකි නමුත් මේ සංසදයේ දී අපි එවැනි උගතුන් තුට්ටුවකටවත් මායිම් නො කරමු.

ආර්යභට්ටලා කොපර්නිකස්ලාට පෙර පෘථිවිය සූර්යයා වටා යන බව දැන සිටියහ. ඔවුන් ඒ දැන සිටියේ කෙසේ ද? ඒ පංචෙන්ද්‍රිය ගෝචර දැනුමක් ද? අමරතුංග මහතා ඒ ගැන කියන්නේ කුමක් දැයි දැනගනු කැමැත්තෙමි. පෘථිවිය සූර්යයා වටා යන බවට දැනුමක් අටවැනි සියවස වන විටත් දඹදිව තිබිණි. යුරෝපීයයන් ඒ ප්‍රදේශයට පැමිණියේ 1498 න් පසුව ය. ඒ කාලය තුළ දඹදිව පැවති දැනුමට සිදුවූයේ කුමක් ද? 

අමරතුංග මහතා ගොතන කතාව අනුව ලෝකයේ කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාවකි. ඒ කතාව අනුව අපට කිව හැක්කේ මෙවැන්නකි. යම්කිසි හේතුවක් නිසා (ඒ කුමක් දැයි අමරතුංග මහතා නො කියයි) කලක දඹදිව හා චීනයේ විද්‍යාව දියුණු විය. පසුව අරාබිකරයේ ද විද්‍යාව දියුණු විය. පැරණි පර්සියාව (වත්මන් ඉරානය) ගැන අමරතුංග මහතා කිසිවක් නොකීව ද එහි ද යම් කලක විද්‍යාව (අමරතුංග මහතාගේ එකම විද්‍යාව) දියුණු වන්නට ඇතැයි සිතිය හැකි ය. කෙසේ වෙතත් මුස්ලිම් ලෝකයේ ද දොළොස්වැනි දහතුන්වැනි සියවස් වන විට විද්‍යාව දියුණු වී තිබිණි.

දැන් ප්‍රශ්නය වනුයේ (අමරතුංග මහතාට මේ ප්‍රශ්න නො වේ. එබැවින් ඔහු ඒවාට පිළිතුරු නො දෙයි. නැති ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නේ කෙසේ ද?) දඹදිව හා චීනයේ තිබූ දියුණු විද්‍යාවට සිදුවූයේ කුමක් ද යන්න ය. ඉංගිරිසින් චීනයට යන තෙක් චීනයට බටහිර ප්‍රධාන ආක්‍රමණයක් නො වී ය. දඹදිවට යුරෝපීයයන් එන තෙක් තිබූ ආක්‍රමණ වූයේ මුස්ලිම් ආක්‍රමණ ය හා ග්‍රීක (යවන) ආක්‍රමණ ය. ඇතැම් විට මුස්ලිමුන් මෙන් ම ග්‍රීකයන් ද මෙරට හා දඹදිව යවනයන් ලෙස හඳුන්වනු ලැබ ඇත. එයට හේතුව කුමක් දැයි අපි නො දනිමු. වෙනත් වචනවලින් කියන්නේ නම් ඒ තේරුම් ගැනීමට අපට හොඳ කතාවක් නැත. 

ඒ කෙසේ වෙතත් දඹදිව විද්‍යාවට (අමරතුංග මහතාට අනුව නම් එකම විද්‍යාවට) යවනයන්ගෙන් හානියක් සිදු වූ බවට වාර්තාවක් නැත. එසේ නම් ඒ එකම විද්‍යාව වර්ධනය නොවූයේ ඇයි? යුරෝපීයයන් (පැරණි ග්‍රීකයන් නො සලකමු) දඹදිවට පැමිණ (ආක්‍රමණය කර) එහි සංස්කෘතිය දුර්වල කිරීමට කටයුතු කරන තුරු පොදුවේ යවනයන්ගෙන් විශාල හානියක් දඹදිව විද්‍යාවට සිු වූ බවට වාර්තා නො වේ. මුස්ලිම්වරුන් දඹදිවට නව සංස්කෘතියක් ගෙනාව ද ඔවුන් සැමවිට ම කර ඇත්තේ මිශ්‍ර වීමකි. අනෙක් අතට මේ මිශ්‍රවීම පැරණි වෛදික ආක්‍රමණ දක්වා දිව යයි. 

එසේ නම් යුරෝපීයයන් පැමිණෙන තෙක් අමරතුංග මහතාගේ එකම විද්‍යාව දඹදිව වර්ධනය නොවූයේ ඇයි? අටවැනි සියවසේ ආර්යභට්ටලා දැන සිටි දැනුම පහළොස්වැනි සියවස තෙක් ද වර්ධනය නො වූයේ ඇයි? එය ඊනියා යටත්විජිතවාදයක ප්‍රතිඵලයක් විය නො හැකි ය. එයට හේතුව කුමක් දැයි පැහැදිලි කරන ලෙස අමරතුංග මහතාගෙන් ඉල්ලා සිටීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමකි. චීනයේ ද විද්‍යාව වර්ධනය නොවූයේ යටත්විජිතවාදයක් නිසා නොව අරාබියේ හා යුරෝපයේ විද්‍යාවන් වෙනත් මාවත්වල වර්ධනය වූ නිසා ය.

අරාබියට ද ඒ දෙය ම සිදුවිය. ඊනියා මධ්‍යතන යුගයෙහි අරාබි විද්‍යාව දියුුණු වූ නමුත් දහසයවැනි සියවසෙන් පසුව අප දකින්නේ කඩාවැටීමකි. මේ කඩාවැටීම වත්මන් බටහිර විද්‍යාවට සාපේක්‍ෂව සිිදු වූවකි. අරාබි විද්‍යාවට බටහිර වියුක්ත විද්‍යාව සමග තරග කිරීමට නොහැකි විය. අරාබි සංස්කෘතිය, එකල හෝ මෙකල හෝ බටහිර මෙන් වියුක්ත නො වෙයි. අනෙක් විද්‍යාවන් එතරම් වේගයකින් වර්ධනය නොවද්දී බටහිර විද්‍යාව පමණක් වර්ධනය වූයේ ඇයි? යටත්විජ්ිතවාදය යන්න එයට කෙසේවත් පිළිතුරක් නො වේ. 

අද ඉන්දියාවෙන් ද අරාබියෙන් ද ලංකාවෙන් ද ඊනියා විද්‍යාඥයෝ බටහදර රටවලට යති. ඔවුන්ට එහි පහසුකම් ලැබෙයි. එහෙත් මොවුන් බටහිරයන් විශේෂයෙන් ම යුදෙවුවන් තරමට බටහිර විද්‍යාවේ වර්ධනයට දායක නොවන්නේ ඇයි? කිසිම ලාංකිකයකුට තවමත් නොබෙල් ත්‍යාගයක් ලැබී නැත්තේ ඇයි? ලාංකිකයන්ට විද්‍යාඥයන් වීමට නොහැක්කේ පහසුකම් නැතිකමේ හෝ යටත්විජිතවාදයේ හෝ ප්‍රශ්නයක් නිසා නොව ඔවුන්ට බටහිර විද්‍යාවේ චින්තනය නොමැති නිසා ය. අමරතුංග මහතා වැනි බටහිර විද්‍යාවේ දාසයන්ට ඇත්තේ දාස චින්තනය මිස නිර්මාණාත්මක චින්තනයක් නො වේ.    

දඹදිව ගණිතයෙහි සාධනය යන සංකල්පය නො වී ය. එය බටහිරයන්ට ලැබුණේ  පැරණි ග්‍රීකයන්ගෙනි. යම්කිසි ප්‍රත්‍යක්‍ෂ හෙවත් ස්වසිද්ධි (axioms) කිහිපයකින් පටන්ගෙන ඇරිසාටෝටලීය න්‍යාය යොදාගනිමින් නිගමනවලට පැමිණීම සාධනයෙහි දැකිය හැකි ය. ස්වසිද්ධි වෙනුවට ඇතැම් විට ප්‍රමේයයන් යොදාගනු ලැබෙයි. ප්‍රමේයයන් ද සාධනය කරනු ලැබෙන්නේ ස්වසිද්ධිවලින් පටන්ගැනීමෙනි.

ප්‍රමේයයන් සාධනය කරනු ලැබුයේ සාධාරණ ව ය. උදාහරණයක් ලෙස ගතහොත් සාධාරණ ව ත්‍රිකෝණයක කෝණ තුනෙහි ෙඓක්‍යය සෘජුකෝණ දෙකක් බව සාධනය කරනු ලැබිණි. ඒ ප්‍රතිපලය යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි සියළු ත්‍රිකෝණ සඳහා වලංගු විය. එක් එක් ත්‍රිකෝණය සඳහා වෙන වෙන ම සූත්‍ර දැක්වීමක් ග්‍රීකයන්ට නො වී ය. එහෙත් දඹදිව හෙවත් වෛදික ගණිතය එසේ නො වී ය. එහි තිබියේ සූත්‍ර ය. 

පැරණි වෛදික ගණිතඥයන්ට තබා විසිවැනි සියවසේ ඉන්දියාවේ සිටි ශ්‍රෙෂ්ඨතම ගණිතඥයා ලෙස සෑලකෙන රාමනුජන්ට පවා සාධනය පිලිබඳ හැඟීමක් නො වී ය. ඔහු කාලි අම්මාන් දෙවඟන ආධාරයෙන් අනන්ත ශ්‍රෙණි සඳහා විවිධ සූත්‍ර ලියා ඇති බව පැහැදිලි ය. ඔහු ඒ සූත්‍ර සාධනය නො කළේ ය. පසු කලෙක හාඩිට හා ඔහුගේ කේම්බ්‍රිජ් සගයන්ට ඒ ඇතැම් සූත්‍ර සාධනය කිරීමට සිදුවිය. 

බටහිර ගණිතය හා පැරණි වෛදික ගණිතය අතර වෙනස්කම් ගැන නොදන්නා අමරතුංග මහතා කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාවක් යැයි කියයි. එහෙත් කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නැහැ යන කියමන සිහිගන්වමින් අමරතුංග මහතා විවිධ දර්ශන ගැන කතාකරයි. ප්‍රශ්නය ඇත්තේ එතැනම ය. දර්ශන වෙනස්වන විට අනුරූප විද්‍යාවන් ද වෙනස් වෙයි. විවිධ දර්ශන පදනම් කරගනිමින් එක ම විද්‍යාවක් ඇති නො වෙයි. 

අවසාන වශයෙන් කිවයුත්තේ අප කලින් කිහිප වතාවක් ම කියා ඇත්තකි.  p ප්‍රස්තුතයෙන් q  ප්‍රස්තුතය ගම්‍ය කළ හැකි වුව කිනම් අරුතකින් වුව ද q  සත්‍යයක් වුව ද එයින් p  සත්‍ය යැයි ගම්‍ය නො වේ. බටහිර විද්‍යාව සිය ප්‍රවාද සත්‍යයට ආසන්න යැයි කීමට යොදාගන්නේ කිසිම න්‍යායකට  නැති එකකි. අමරතුංග මහතාට  මෙය කිසිසේත් නො තේරෙයි. ඔහු දිගින් දිගට ම තමන් වැරදියට වටහාගෙන ඇති  දෑ තොරතෝංචියක් නැතිව කියවයි!

නලින් ද සිල්වා


The JVP and the UNP to take to streets

Who said the UNP is democratic and non violent? It has to be somebody who has come from a different galaxy and not from the Milky Way. From 1931 when universal franchise was introduced  by the English, thinking that the Senanaykes and others who had a “decent education” in schools they established could deceive the hoi polloi and look after the country for the colonialists. The UNP and its predecessors have been to all sorts of anti democratic crafts including non violence. Distribution of money to the voters, influencing the poor voters through various corruptions, and applying terror on the LSSP supporters were very common in that golden era. Stoning the houses of Judges came long after during the more golden (is it the diamond) era of the Jayawardhanes. There are no democratic parties in the world, but parties who wait for an opportunity to become undemocratic. If one doesn’t believe one could ask Obama, or Ranil since Senanayakes and Jayawardhanes are no more

The political parties are undemocratic by nature and are only camouflaged, and pretend to be democratic. The Marxist parties of yesteryear had no misgivings about it as they had their own morals following Trotsky and of course Stalin who did not talk of “their morals and our morals” but only practiced them. Lenin the shrewd master was the teacher of both them. The JVP now preaches values of democracy and franchise and questions whether Mahinda Rajapakse could contest a third time. Their respect for democracy has been demonstrated number of times and Sinhala people though with short memories are not suffering from dementia as a nation. The JVP has swallowed Sarath Silva’s argument completely ignoring simple English and of course even without referring to the Sinhala version of the constitution and the eighteenth amendment. We have already commented on Sarath Silva’s argument which is only an interpretation that has been elevated to the status of a gospel truth by people with vested interests. The interpretation rests mainly on the following Article of the Constitution.

“31 (2) No person who has been twice elected to the office of President by the People shall be qualified thereafter to be elected to such office by the People”. The crucial words are “been twice elected” , “not”,  “be qualified to be elected to” , and “thereafter”. The word thereafter is very important but we know that it does not imply for ever, or at least until the Milky Way lasts.  The word thereafter defines a very limited time interval and it has meaning only until the particular Article is valid, and not after that. The law makers for some reason or other have not stated that until the person meets with his death or words to that effect. A person who has not been elected for a third time (who did not contest for a third time in his life time when a Presidential election was being held) could be interpreted as a person who did not become eligible under 31(2). However, it has to be remembered that it is again only an interpretation and it could be changed from Judge to Judge. What is accepted is the interpretation given by the Supreme Court Judges and not by the ex Judges, and that is since there is no higher court than the Supreme Court.  Under the above category there exists only one living person and that is none other than Chandrika Kumaratunga. Mahinda Rajapakse belongs to a different category as he did not have an opportunity to become disqualified under 31(2). The thereafter did not affect him as the Article  31(2) was repealed before he could become disqualify to contest. He did not have an opportunity of contesting for a third time while 31(2) was effective. Thus Mahinda Rajapakse has not become disqualified to contest for a third time. In the Sinhala version it is more complicated as there is no form for future tense in Sinhala.

I do not want go into a detailed analysis of the Sinhala version that has the official status when it comes to interpretation whether the TNA MPs who are lawyers travel in Yal Devi or not with the President, like Sinhala interpretations. However, neither Sarath Silva, the UNP the JVP Ven. Sobhitha Thera nor  anybody else seems to be interested in the Sinhala version. The crucial word there is novanneya.

The Sinhala language has only two tenses and they are past and non past. There is no present or future as such! Kumaratunga Munidasa pointed out this long time ago but it has not been familiar with the lawyers though there are few of that paternity who sympathize with the Hela Havula. The JVP could have taken up the issue but they appear to be more western than even Ranil Wickremesinghe , and appear to go after the westerners and Sarath Silva. It may be that the JVP is not aware of the subtle points in Sinhala grammar.

However, the JVP appears to be knowledgeable in Arab springs and Sarath Silva type interpretations. They have already said that they would not contest at the Presidential elections as a protest against Mahinda Rajapakse contesting for a third time. It is still not known the interpretation of the Supreme Court on this matter and already the JVP appears to have concluded that Mahinda Rajapakse would be contesting at the next Presidentail elections with the Supreme Court deciding in favour of him. What the JVP would have done is to nominate a candidate and withdraw him/her if the Supreme Court allows Mahinda Rajapakse to contest for a third time. Of course the JVP could say it is not possible to withdraw theoretically but for all practical purposes they could have withdrawn from the elections if they desired.

However, it is clear that they are preparing for an Arab spring with western patronage. Their aim is to pretend that they are super democrats but to sabotage Presidential elections claiming that the elections are illegal. They want to bring the people to the streets and stage a revolution! The JVP that cannot poll more than 3% of the valid vote would like to capture power claiming that the real power is gained through bullet and not ballet. However, they would be dealing with Mahinda Rajapakse and not even Ranasinghe Premadasa.

The UNP is preparing for a count of the second preferential. It has a mass base of only about 40% of the valid vote even with the support of the TNA and other Tamil racists and has to depend on second preferences to win the Presidential elections. This is a long shot with Mahinda Rajapakse gaining about 55% of the valid vote. The UNP plan would succeed only if Mahinda Rajapakse gains less than 50% of the valid vote which is the most unlikely event to take place, if he contests. There is no reason for people to select Ranil in preference to Mahinda unless they are UNP by “birth” and/or upbringing.

However, the UNP appears to think that there would be a “nonagatha” period after the first preferential is counted but before the second preferential count is begun and if the JVP has not been successful with their revolution (the UNP could even help the government to defeat the JVP) to call the people to the streets. It is the UNP Spring that would pose a threat to the government as.  western forces would back Ranil and the UNP to the hilt.

Some people would say   I am day dreaming but the trend of world politics is such that anything is possible these days. The UNP will have to do a survey soon to find out if they could force the Commissioner of elections to go for a count of second preference, and if not their best bet would be to support the JVP spring and then defeat the JVP soon after. In any event all these plans are destined to be doomed with people asking the question why they should vote for a person of the “caliber” of Ranil Wickremesinghe who signed a pact with Prabahakaran with the blessings of the westerners. 

Nalin De Silva


Sunday, 12 October 2014

මට මහලු වයසේ හැකිය වෙණ ගායනා පෙරසේ

ආසනික් හා නාථ දෙවියන් පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම මගේත් වකුගඩු රෝගීන්ගේත් රටේත් සෞඛ්‍යයට හිතකර බව පැහැදිලි ය. පසුගිය සතියේ වකුගඩු රෝගීන් පිළිබඳ තවදුරත් ලිවීමෙන් පසු මගේ විරුද්ධවාදීන් අතර ඉ-තැපැල් හුවමාරුවක් සිදු වී ඇත. ඉඳහිට මේ ඇතැම් ලිපි මගේ සමහර මිතුරන් අතට ද පත්වෙයි. ඔවුහු ඉන් සමහරක් මට යොමු කරති. අද මගේ විරුද්ධවාදීන් වී ඇත්තේ බටහිර විද්‍යාවට දාසකම් කරන්වුන් ය. ඔවුහු තමන් බටහිර විද්‍යාවේ දාසයන් බව නො දනිති. වහලා තමන් වහලකු බව නො දනියි. මම ද අවුරුදු පහළොහේ පමණ සිට තිස්පහ පමණ දක්වා බටහිර විද්‍යාවේ දාසයෙක් වීමි. මා බටහිර විද්‍යාඥයකු වීමටත්් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ගණිතය උගන්වන කථිකාචාර්යවරයකු වීමටත් තීරණය කළේ අවුරුදු පහළොවේ දී පමණ ය. තෙවතාවක් ම මට ලංකාවේ ඒ අවස්ථාව උදාවිණි. දෙවතාවක් ම මට විශ්වවිද්‍යාල අත්හැර යෑමට සිදුවිය. තුන්වැනි අවස්ථාවේ දී සුදුසු කල මම රැකියාවෙන් විශ්‍රාම ගත්තෙමි. එහෙත් ඒ අතර අදාළ විශ්වවිද්‍යාලයෙහි කථිකාචාර්යවරු මට විරුද්ධව අත්පත්‍රිකා බෙදුහ. උද්ඝෝෂණය කළහ. පෝස්ටර ගැස්සවූහ. අවසානයේ දී පීඨාධිපතිවරයකු වූ මගේ ඡායාරූපය ද නොඑල්ලීමට වග බලාගත්හ. දැන් මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙහි සාමාජිකයෙක්මි. ඒ ජනාධිපතිතුමාගේ අවශ්‍යතාවට ය. ඇතැමුන් කියනු ඇත්තේ ඒ කඩේ යෑම නිසා ලැබුණු වරදානයක් බව ය. මා කඩේ ගිය බව හා යන බව සැබෑ ය. කොටි පරාජය කළ ජනාධිපතිතුමාට කඩේ යනු මිස කොටින්ට රට පාවාදුන් රනිල්ට කඩේ යන්න ද? සුදු කොඩි සරත් ෆොන්සේකාට කඩේ යන්න ද? රනිල්ට සේවය කරන අනුර දිසානායකට කඩේ යන්න ද?  කෙකරගාමී කුමාර් මහත්තයාට කඩේ යන්න ද? කිසිවකුටවත් කඩේ නොයා සිටීමෙන් වක්‍රව රනිල් වැන්නකුට කඩේ යන්න ද? නැත, මම ජනාධිපතිතුමාට කඩේ යමි. එහෙත් එයින් කියැවෙන්නේ මා ආණ්ඩුවේ සියළු කටයුතු අනුමත කරන බව නො වේ. අනෙක් අතට ප්‍රතිපාදන කොමිෂමේ සාමාජිකත්වය යනු රැකියාවක් නො වේ. එහි මසකට රැස්වීම් දෙකක් පැවැත්වෙයි. සාමාජිකයකුට සහභාගිවන රැස්වීමකට දීමනාවක් ලැබෙයි. මා කඩේ ගියේ වරදාන බලාගෙන නො වේ. දීමනාව කුමක් වුවත් මම සතුටින් සේවය කරමි. එමගින් මේ කසිකබල් අධ්‍යාපනය ඉතා සුළුවෙන් නමුත් දේශීයත්වයට ගැනීමට කටයුතු කරමි. උදාහරණයක් ලෙස ගතහොත් දේශීය වෛද්‍යවිද්‍යා අධ්‍යාපනය බටහිර වෛද්‍යවිද්‍යා අධ්‍යාපනයට වඩා උසස් තැනකට ගෙන ඒම මගේ අභිප්‍රාය වෙයි. මම එය නො සඟවමි. එහෙත් ආණ්ඩුව අදත් පාරම්පරික වෙදමහතාට නිසි සැලකිල්ලක් නො දක්වයි. කෘෂිරසායනික වකුගඩු රෝගයට බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර නැත. ලේ කාන්දුකරණය හා වකුගඩු බද්ධකිරීම ප්‍රතිකර්ම නො වේ. අද වකුගඩු රෝගීන් මිය යෑම පිළිබඳ ව ආණ්ඩුව හෝ වෙනත් පක්‍ෂයක් හෝ සැලකිල්ලක් නොදක්වයි. ඒ බටහිර වෙදකමේ නොහැකියාව වසා ගැනීමට ය. ආණ්ඩුව පාරම්පරික වෙදමහතුන්ට ජංගම වෙදගෙවල් පහසුකම් ඇතිකරන්නේ නම් රෝගීන් මියයනු වැළැක්විය හැකි ය. එහෙත් බටහිර වෛද්‍යවරු එයට අකුල් හෙළති.

බටහිර වෛද්‍යවරයකු වීම හෝ බටහිර ඉංජිනේරුවරයකු වීම හෝ කෙදිනකවත් මගේ අභිප්‍රාය නො වී ය. එහෙත් මම බටහිර ගණිතයට හා ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාවට ප්‍රිය කළෙමි. පාසලේදීත් විශ්වවිද්‍යාලයේදීත් මා සිතා සිටියේ මා දක්‍ෂ ශිෂ්‍යයකු බව ය. මම ඊනියා විද්‍යාත්මක ක්‍රමයට ඇලුම් කළෙමි. මා ඉංගිරිසි ඉගෙන ගත්තේ භෞතික විද්‍යාව හා ගණිතය එහි ඉතිහාසය, දර්ශනය  ආදී විෂය පිළිබඳ පාසල් පුස්තකාලයේ තිබූ පොතපත කියවීමෙනි. අප පාසලේ ඉහළ මට්ටමේ පුස්තකාලයක් තිබීම මට රුකුළක් විය. අයින්ස්ටයින්ගේ මීනින් ඔෆ් රෙලටිවිටි (සාපේක්‍ෂතාවේ අරුත) පොත කියවන විට මම සාමාන්‍ය පෙළ පළමු වසරේ සිසුවෙක් වීමි. ගැලීලියෝ නිවුටන් ආදීහු මගේ පරමාදර්ශී චරිත වූහ. බේකන්ගේ සිට රසල් දක්වා දාර්ශනිකයෝ මට මග පෙන්වූහ. එහෙත් මගේ පියා ද මව ද දූරදර්ශීව කටයුතු කර තිබිණි. ඔවුන් අපට බටහිර විද්‍යාව ඉගෙනීමට අනුබල දුන්නේ දේශීය අධ්‍යාපනය අමතක කර නො වේ. මගේ මව මා අවුරුදු අටේ දී පමණ පූජාවලිය කියවන විට මට අකුල් නො හෙළුවා ය. ඇය අපට කී කතාවක් නම් මා ඇගේ ගැබෙහි සිටිනා කල ඇය කිහිප වතාවක් ම උම්මග්ග ජාතකය කියවූ බව ය. මගේ පියා මා පාණදුරේ වෑකඩ ධර්මප්‍රාසාදයට යවා පන්සල් පොත් කියවීමට සැලැස්වී ය. කුඩා කළ මා කියවූ පූජාවලියවත් සාපේක්‍ෂතාවාදයේ අරුතවත් මට මුළුමනින් ම තේරුම් ගියේ යැයි මම නො කියමි.  මා සාමාන්‍ය පෙළ ප්‍රථම වසරෙහි ඉගෙන ගන්නා කල රසායන විද්‍යා ගුරුවරයා අම්ලයක් යනු කුමක් දැයි නිර්වචන කරන ලෙස කියා සිටියේ ය. එකල යම්තම් ඉංගිරිසි ගැටගසාගත් අපට පමණක් නොව ඉංගිරිසි හොඳින් දත් සිසුන්ට ද පිළිතුරු නැති විය. එවිට ගුරුතුමා අපට කියා සිටියේ නිර්වචනය යනු කුමක් දැයි තේරුම් කර දෙන ලෙස ය. අප කිසිවකුට එයට ද පිළිතුරු නැති විය. අප ගුරුතුමා අපට එවර කියා සිටියේ තේරුම යනු කුමක් දැයි නිර්වචනය කරන ලෙස ය. මේ අවුරුදු පනස්පහකට පෙර සිදුවූවකි. ගුරුතුමා කී දෙය මට වැටහුණේ ඉන් අවුරුදු විස්සකට පමණ පසුව ය. ඔහු අපට කී දේ අනුව නිර්වචන යනු තේරුම් කිරීම් බවත් තේරුම් කිරීම් යනු නිර්වචන බවත් මට වැටහිණි. චක්‍රීය චින්තනය යනු කුමක් දැයි මට දැනගැනීමට ලැබිණි. පටිච්චසමුප්පදාය මට වෙනත් අයුරකින් වැටහිණි. රසල්ලා අයින්ස්ටයින්ලා වෙනුවට නාගර්ජුනලා මගේ ලෝකය අරක්ගත්හ. බුදුදහම යනු දුනුම නොදැනුම බවට පත්කරීම අරමුණු කරගත්තක්් බව එයටත්  කලකට පසුව මට වැටහිණි. බුදුන් වහන්සේ පමණක් මගේ ලෝකයෙහි ඉතිරි වූ සේක. හෙට අනිද්දාට මට සැත්තෑවිය පිරෙයි. එහෙත් මට පෙර සේම වෙණ ගායනා හැකිවෙයි.   

මා බටහිර විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගියේ විසිහතර වැනි වියේ දී ය. පාසලේ ගණිතය සඳහා ත්‍යාග දිනාගෙන, විශ්වවිද්‍යාල ප්‍රවේෂ පරීක්‍ෂණයෙහි දී ද විශ්වවිද්‍යාල ශිෂ්‍යත්වයක් (අද කියන ආකාරයට නම් තරාව - ශ්‍රේණිය අනුව දිවයිනේ පළමු කිහිප දෙනා අතරට පැමිණ)  හා පාසලේ ගණිතය පිළිබඳ අවසාන ත්‍යාගය ද දිනාගෙන, පසුව ගණිතය පිළිබඳ රජයේ ශිෂ්‍යත්වය ද දිනාගෙන කේම්බ්‍රිජ් නොගොස්  මා සසෙක්ස් විශ්වවිද්‍යාලයට ඇතුල් වූයේ කරුණු දෙකක් නිසා ය. පළමුවෙන් ම  එහි විශ්වවේදය පිළිබඳ ඉතා දක්‍ෂ උපදේශකවරයකු වීම ය. දෙවනුව ඔවුන් ජනවාරියෙහි දී ම විශ්වවිද්‍යාලයට ඇතුල්වීමට මට අවසර ලබාදීම ය. ඉතා සාම්ප්‍රදායික විශ්වවිද්‍යාලයක් වූ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුල් වී නම් මට ඔක්තෝබරය වන තුරු බලා සිටීමට සිදුව තිබිණි. මම ඉතා සතුටින් සසෙක්ස් බලා පිටත්ව ගියෙමි. එහෙත් ඒ ප්‍රීතිය ටික කලෙකින් ම අහෝසි වී ගියේ ය. මට බටහිර විද්‍යාඥයකු වීමට නොහැකි බව වැටහිණි. එයට හේතුව මා නොදත් නමුත් බටහිර විද්‍යාඥයකු වීමේ බලාපොරොත්තුව අත්හැර දැමීමට මට සිදුවිය. මා එංගලන්තයට ගියේ මූලික වශයෙන් විද්‍යාඥයකු වීමට මිස ආචාර්ය උපාධියක් ලබාගැනීමට නො වේ. විද්‍යාපති (එම් එස් සී) උපාධියකින් ද කථිකාචාර්ය ධුරයක් ලැබිය හැකිව තිබූ බැවින් මා උපදේශකවරයාට පැවසුවේ විද්‍යාපති උපාධියක් ලබා ආපසු යන බව ය. ආචාර්ය උපාධිය සඳහා අවම වශයෙන් අවුරුදු දෙකක් ගත කළ යුතුය යන රෙගුලාසිය මා වෙනුවෙන් ඉවත්කර මට ආචාර්ය උපාධිය සඳහා නිබන්ධනය අවුරුදු එකහමාරකින් ඉදිරිපත්කිරීමට සනාතන සභාවේ අවසරය ලබාගැනීමට කටයුතු කරන බව ඔහු කීවේ ය. එලෙස ම කටයුතු සිද්ධ විය. මෙය තරමක කයිවාරුවකි. එහෙත් මා ඒ කයිවාරුවට යොමු වන්නේ මෙරට උගතුන් මා කෙරෙහි දක්වන ප්‍රතිචාරයට පිළිතුරක් සැපයීම සඳහා ය. මා කලින් සඳහන් කළ ඉ-තැපෑලට අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායනවිද්‍යා අංශයේ මහාචාර්ය ගාමිණී රාජපක්‍ෂ මහතා කියන්නේ මා අදම්‍ය ස්ඵෝටකයක් හා යක්‍ෂයකු බව ය. (මතු සම්බන්ධයි)

නලින් ද සිල්වා