Main Logo

Wednesday 31 May 2017

Chinthanaya and Patterns of Meaning

Jeremy Lent has recently published a book (The Patterning Instinct: A Cultural History of Humanity’s Search for Meaning  published by Prometheus Books) and the following is a correspondence between him and me.

Nalin de Silva


---------- Forwarded message ----------
From: Jeremy Lent <jeremylent@gmail.com>
Date: Tue, May 30, 2017 at 11:46 PM
Subject: Re: Jeremy Lent | Newsletter: Please Confirm Subscription
To: Nalin de Silva <nalindesilva48@gmail.com>

Dear Nalin,


Thank you for sharing with me a sense of your research. The concept of Chinthanaya definitely sounds like it relates very closely to my idea of “patterns of meaning” created by a cultural complex.

I’ll be interested to hear your thoughts about how my book relates to your own work after you’ve had a chance to read it.

Best regards,

Jeremy



On May 29, 2017, at 11:52 PM, Nalin de Silva <nalindesilva48@gmail.com> wrote:


Prof. Jeremy Lent,

I have read the introduction to your new book and some comments. It is unfair to make a comment without reading the book. I have ordered the book but it will reach me in Sri Lanka in about two months.

However, may I let you know that we have been working on a similar theme for more than twenty-five years. Our theme is that knowledge is created (not discovered) relative to the culture, the sense organs and the mind, and knowledge thus created changes the culture and the mind (if you prefer the mindset). The attitude, world view, the logic (Aristotelian or otherwise) etc., of a people are called the Chinthanaya (loosely translated as the way of thinking), and knowledge is based on the Chinthanaya. There may be many cultures based on a Chinthanaya and knowledge is relative to the culture in that sense as well.

There was a Chinthana Revolution in the fifteenth century in Western Europe, and Christianity of Martin Luther and others was a result of this revolution. The Chinthana revolution gave rise to Western Science, Capitalism, Rationalism, Enlightenment etc., and Western Science is bound with Christianity. We call the new Chinthanaya of Western Europe the Greek Judaic Christian Chinthanaya to distinguish it from the previous Catholic Chinthanaya. In Asia, there have been different Chinthanayas including the Chinese Chinthanaya based on Confucianism and Taoism. In India, the Chinthanaya was basically Vedic, while in Sri Lanka we have Sinhala Theravada Chinthanaya.

I look forward to reading the book.

Cheers.

Nalin de Silva   
  

රේඛීය හා විශ්ලේෂණාත්මක සිතීම


රේඛීය හා විශ්ලේෂණාත්මක සිතීම

                                                    

රේඛීය සිතීම (ලීනියර් තින්කින්) හා විශ්ලේෂණාත්මක සිතීම (ඇනැලිටිකල් තින්කින්) ගැන බටහිරයන්ගේ නිර්වචන තිබෙනවා. ඔවුන්ට අනුව රේඛීය සිතීමේ දී පියවරෙන් පියවර අනුමාන නීති (රූල්ස් ඔෆ් ඉන්ෆරන්ස්) යොදා ගෙන එක් ප්‍රස්තුතයක සිට තවත් ප්‍රස්තුතයක් කරා යනවා. එහි මුලක්, පටන් ගැන්මක් තියෙනවා. පටන් ගැන්ම ඇත්ත ද බොරු ද කියා දන්නේ නැහැ. ඒ බවක් අහන්නෙත් නැහැ. අවශ්‍ය වන්නේ පියවරෙන් පියවරට අනුමාන නීති යොදා ගැනීමයි. විශ්ලේෂණාත්මක සිතීමේ දී යමක් කොටස්වලට කඩා අධ්‍යයනයක් කෙරෙනවා. ඉන්පසු ඒ කොටස් එකතු කරනවා. විශ්ලේෂණාත්මක සිතීමේ දී සමස්තය කොටස්වල එකතුවක් ලෙස සැලකෙනවා. බොහෝ දෙනා රේඛීය සිතීම හා විශ්ලේෂණාත්මක සිතීම බුදුදහමේ ඇතැයි සිතනවා. එහෙත් එය එසේ නො වෙයි. මෙහි සඳහන් සිතීම ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි කියැවෙන චින්තනය සමග පටලවා ගන්න එපා. මා සිතීම යන වචනය යොදා ගන්නේ එය චින්තනය යන්නෙන් වෙනස් බව අවධාරනය කිරීමටයි.

Tuesday 30 May 2017

ගංවතුරටත් වඩා භයානක විපතක්


ගංවතුරටත් වඩා භයානක විපතක්



මෙරට සමාජය, සිංහල සමාජය, කඩා වැටෙමින් තිබෙනවා. ගංවතුරෙන් පෙනී යන්නේ එයයි. මේ ගැන විශේෂ දෙයක් කියලත් බැහැ, නොකියත් බැහැ.  ගංවතුර විපතෙන් පීඩාවට පත් අය වෙනුවෙන් මගෙන් එතරම් දෙයක් සිදු වුණේ නැහැ. මා කිසිවක් නොකළ තරම්. කාට හරි කියන්න පුළුවන් මා වැදි බණ කියනවා කියලා. ඒත් මට දැනෙන කරුණක් දෙකක් නොකියාම බැහැ. අපේ සමාජය ව්‍යවස්ථා සම්පාදනයෙන් නොවුණත් අනෙක් කරුණුවලින් ඉතා විමධ්‍යගත සමාජයක්. විමධ්‍යගත කියන වචනය එතරම් සුදුසු නැහැ. අප දැන් බොහෝ දේ ප්‍රකාශ කරන්නේ බටහිර සංකල්පවලින්. අප ක්‍රියා කරන්නේ ප්‍රාදේශීය ව හා සාමූහික ව. පඬියන්ට අනුව එය ගෝත්‍රිකවාදය වෙන්න පුළුවන්.

Monday 29 May 2017

ඊනියා ආපදාවලට වෙනත් හේතු  


ඊනියා ආපදාවලට වෙනත් හේතු



ජනමාධ්‍යට අනුව ලංකාවේ විද්‍යාඥයන් ඉන්නවා. ඒ ඒ ආයතනවල එවැන්නන් ඉන්න බව ජනමාධ්‍ය පවසනවා. ජනමාධ්‍යවලත් විද්‍යාඥයන් ඉන්නවා යැයි කියනවා. ඇතැම්විට විද්‍යාව පිළිබඳ පුවත්පත් සඟරාත් පළවෙනවා. ඒත් මට තාම ලංකාවේ වසන එකම විද්‍යාඥයකුවත් දැක ගැනීමට ලැබී නැහැ. මාත් පාසලේදීත් විශ්වවිද්‍යාලයේදී  සිටියේත් දැනට අවුරුදු පනහකට පමණ පෙර එංගලන්තයට ගියේත් විද්‍යාඥයකු වීමේ බලාපොරොත්තුවෙන්. එංගලන්තයෙ දි  තේරුණා මට විිද්‍යාඥයකු වීමට නොහැකි බව. මා හැකි ඉක්මණින් ආපසු ලංකාවට ආවා. කැනඩාවේ සිටින පාසල් ගුරුවරයකු නම් කියන්නේ මා අදක්‍ෂයකු බැවින් මට උපාධියක් දී ආපසු පිටත් කළ බවයි. ඒත් මා දෙවියන් ගැන කතා කරන තෙක් හා බටහිර විද්‍යාව පට්ටපල් බොරුය කියා කියන තෙක් මා ඔවුන් කිසිවකුටවත් ජනමාධ්‍යවලටවත් අදක්‍ෂයකු වූයේ නැහැ. 

Sunday 28 May 2017

ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථා මණ්ඩලයෙන් අස්විය යුතුයි


ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථා මණ්ඩලයෙන් අස්විය යුතුයි



නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ඊනියා ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටුවූයේ අහවල් දේකට ද? රනිල් අද වැඩියෙන් ම කතා කරන්නේ ආර්ථිකය ගැන. ඔහු නව ව්‍යවස්ථාව ගැන කතා කරන්නේ නැති තරම්. ගංවතුර ගැන ඊයේ (27 වැනි දා) පැවැත් වූ ජනමාධ්‍ය සාකච්ඡාවක දී රනිල් කවුද කියන එක යම් පිරිසකට හරි තේරුණා නම් ඒක ලොකු දෙයක්.  සාගල රත්නායක දුරකතන විසන්ධි වීම් හා වෙනත් එවැනි අපහසුතා නිසා ඊනියා ආපදා කළමනාකරණය නිසි පරිදි කිරීමට නොහැකි වීම ගැන දුක්ගැනවිලි කියද්දී රනිල් කතා කෙළේ සැලැස්මක් නොමැති වීම පිළිබඳ ව. ඔහු කියා සිටියේ වැස්ස ගැන දත්ත නිසි පරිදි ලැබුණි නම් සැලැස්මක් ඇතිව ජනතාව ආරක්‍ෂක ස්ථානවලට ගෙන යෑමට තිබූ බවයි. ඔහු වැඩ කරන්නේ බටහිරයකු ලෙස සැලැස්මකට අනුවයි. සිංහලයන්ට විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ට බටහිර සැලැස්ම තේරෙන්නේ නැහැ. සිංහලයාගේ වත්මන් තත්වයට එය ප්‍රධාන හේතුවක්.

Saturday 27 May 2017

ඊනියා ආනුභාවිකයෙන් අධ්‍යාත්මයට හරවන ගංවතුර


ඊනියා ආනුභාවිකයෙන් අධ්‍යාත්මයට හරවන ගංවතුර



මේ දිනවල දරුණු ගංවතුර තර්ජනයක් නිරිතදිග ප්‍රදේශ ආශ්‍රිත ව තිබෙනවා. වැස්ස අඩුවුනත් කලින් වැස්ස වතුර මුහුදට ගලා යන්න ඕන. වතුර තැනිතලා ප්‍රදේශ මැදීන් ගලන විට ගංවතුර තර්ජනය වැඩි වෙනවා. මිනිසුන් කල් ඇතිව ආරක්‍ෂක තැන්වලට යන්නේ නැහැ. ඔවුන් එසේ යැවීමට ක්‍රමවත් වැඩ පිළිවෙළක් ද නැහැ. අප බොහෝ වෙලාවට කරන පරිදි ප්‍රශ්නය ඔඩු දිවීමෙන් පසුව පමණක් ප්‍රශ්නයට මැදිහත් වෙනවා.

Friday 26 May 2017

වැටීම යනු ගුරුත්වාකර්ෂණය නො වේ




වැටීම යනු ගුරුත්වාකර්ෂණය නො වේ


මෙරට තරම් පඬියන් සිටින රටක් ලෝකයේ වෙන කොහේවත් නැතිවෙන්න පුළුවන්. ඔවුන් බොහෝ විට හේතුවාදීන්. එහෙත් හේතුව කියන්නෙ මොකක් ද කියලා දන්නෙ නැහැ. හේතුඵලවාදය ගැන නමට අහල තියෙනව විතරයි. ඔවුන්ට පටිච්චසමුප්පදාය යමක් ඇත්නම් තවත් යමක් ඇත, යමක් නැත්නම් තවත් යමක් නැත යන අර්ථයෙන් තේරෙන්නෙ නැහැ. පටිච්චසමුප්පදාය හේතුඵලවාදයක් මිස හේතුවාදයක් නො වෙයි.  එහි හේතුව හා ඵලය එකට හටගන්නේ. හේතුව නිසා ඵලය හටගන්නවා නො වෙයි. චතුරාර්ය සත්‍යය වුණත් ඇතැමුන් විග්‍රහ කරන්නේ හේතුවාදයක් ලෙස. එහෙත් එහි ඇත්තේ දුඃඛ සත්‍යය, සමුදය සත්‍යය මිසක් දුක හා දුකට හේතුව නො වෙයි. සමුදය සත්‍යය දුඃඛ සත්‍යය සමග ම ඇතිවන්නක්. බුදුන් වහන්සේ හේතුවාදි නො වෙයි. චතුරාර්ය සත්‍යය හේතුවාදයක් වී ඇත්තේ පැරණි බමුණන් හා නවීන සුදු බමුණන් අතින්.

Thursday 25 May 2017

සයිටම් අවුල් කරන්නෝ


සයිටම් අවුල් කරන්නෝ



සයිටම් ප්‍රශ්නය දඩමීමා කර ගෙන ආණ්ඩුවට විරුද්ධව ජනතාව උසිගැන්වීමට ඇතැම් සමාජවාදී ව්‍යාපාරකයන්, ඇතැම් විද්‍යුත් ජනමාධ්‍ය පඬියන්, ඇතැම් මාක්ස්වාදීන් වැනි අය උත්සාහ ගන්නවා. රනිල් ඉවත් කිරීමට කටයුතු නොකළ සමහරුන් සයිටම් විරෝධය හරහා තව තවත් රනිල් ශක්තිමත් කරනවා. සයිටම් ගැන මේ නිවේදකයන් දන්නා දෙයක් නැහැ. එහෙත් ඔවුන් පෙනී සිටින්නේ සියල්ල දත් මහා පඬියන් ලෙසයි.  ඔවුන් ජනමාධ්‍ය සංදර්ශනයක දී රාජිත හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති හමු වූ අවස්ථාවේ දී තම නොදැනුවත්කම මැනවින් විදහා දැක්වූවා. විද්‍යුත් ජනමාධ්‍ය පඬියන් කියාවි ඔවුන් ආණ්ඩු විරෝධී නැහැ කියා. තමන් කරන්නේ ජනතා වගකීමක් ඉටු කිරීම බවත් කියන්න පුළුවන්. එහෙත් ඔවුන්ගේ පඬි කතාවලින් පැහැදිලි වෙනවා ඔවුන් ආණ්ඩු විරෝධී බව. ආණ්ඩු විරෝධී වීම නරක යැයි මා කියන්නේ නැහැ. එහෙත්  හැඟීමෙන් පමණක් ආණ්ඩු විරෝධී වීම ආණ්ඩුව ශක්තිමත් කිරීමක්.

Wednesday 24 May 2017

මැන්චෙස්ටර් බෝම්බය


මැන්චෙස්ටර් බෝම්බය



මැන්චෙස්ටර් උතුරු එංගලන්තයේ ප්‍රධාන ම නගරය. එය ඇත්තේ ලැන්කෂයර් කෝරළයේ. එය කාර්මික විප්ලවයේ උපත සිදු වූ තැන ලෙස සැලකෙනවා. දැන් නම් ලන්ඩනයේ සිට පැය දෙකක ගමනක්. ලිවර්පූල් නගරයත් වෑඩි ඈතක නොවෙයි. බටහිර විද්‍යාවේ ඇතැම් සංකල්ප, ප්‍රවාද නිර්මාණය වී ඇත්තේත් මැන්චෙස්ටර් නගරයේ. නවසීලන්තයේ සිට පැමිණි රදර්ෆර්ඩ් මැන්චෙස්ටර් විශ්වවිද්‍යාලයේත් කලක් හිටියා. ඔහුගේ පරමාණු ආකෘතිය ඔහු ඉදිරිපත් කෙළේ ඒ විශ්වවිද්‍යාලයේ දී බව කියැවෙනවා. දැන් එය බොරුවක් බව දන්නවා. ඒත් එදා ඒක පිළිගැණුනා. පට්ටපල් බොරුවක් වුවත් ඒක හොඳ අදහසක්. මැන්චෙස්ටර් පාපන්දු හා ක්‍රිකට් ක්‍රීඩාවලටත් ප්‍රසිද්ධයි. සුප්‍රසිද්ධ ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රිකට් හා පාපන්දු ක්‍රීඩාංගන ඇත්තේ එකිනෙකට නුදුරින් මැන්චෙස්ටර්හි. පාපන්දු ක්‍රීඩාංගනය මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු සමාජයේ මූලස්ථානය. බොබී චාර්ල්ටන් එහි දක්‍ෂතම ක්‍රීඩකයෙක් වූවා. ක්‍රිකට් ක්‍රීඩාංගනය   ලැන්කෂයර් ක්‍රිකට් සමාජයේ මූලස්ථානය. දඟ පන්දු යැවූ සුප්‍රසිද්ධ ජිම් ලේකර් එහි දී එක් ටෙස්ට් තරගයක දී කඩුළු 19ක් ම ලබාගත්තා. ඒ අප ළමා හා තරුණ අවධියේ දැනගත් දේ.

Tuesday 23 May 2017

ආණ්ඩුවට හුස්මක් ගන්න ඉඩක්  


ආණ්ඩුවට හුස්මක් ගන්න ඉඩක්



වරින් වර කල් ගිය ඇමති මණ්ඩල වෙනසක් කරලා. ඉස්සරහට තවත් පොඩි ඇමති වෙනස්කම් කෙරෙනව කියලයි කියන්නෙ. මේක හිසරදේට කොට්ට මාරු කිරීමක් නො වෙයි. බෙල්ල රැක ගැනීමක්. අපේ බෙල්ල මිරිකීමට අවස්ථාව ලබා ගැනීමක්. ආණ්ඩුව ඇතුළෙ ප්‍රශ්න රාශියක් තිබුණ. රවි කරුණානායකට විරුද්ධ ව තිබූ චෝදනා එක් කරුණක් පමණයි. අමරවීර කියන්නෙ රවි හොරකු නොවන බවයි. හොරුන් ඉන්නව නම් ඉවත් කරනවලු. හොරුන් නැත්නම් අමරවීර තියා මෛත්‍රිපාලවත් මොනව කරන්න ද? ඒත් මේ ආසියාවේ හොඳ ම මුදල් ඇමති මාරු කළේ අහවල් දේකට ද? දේශපාලනඥයන් ඇත්තක් කිව්වෙ කවද ද? ඉවත් නොකර මාරු කෙරුවෙ ඇයි කියලා අමරවීර අපට කියලා දෙනවා ද? හොරුන් නොවන ඇමතිවරුන් ගැනත් ඒ එක්ක ම කියනවා ද?

Monday 22 May 2017

ජනරජ දිනය සැමරීම


ජනරජ දිනය සැමරීම



අද ජනරජ දිනයයි. තරුණ පරම්පරාවේ කී දෙනකු ඒ ගැන දැනුවත් ද දන්නේ නැහැ. අවුරුදු හතළිස්පහකට ඉහත 1972 මැයි මස විසිදෙවැනි දා අප ජනරජයක් වූවා. මැයි විසිදෙවැනි දා එකල මෙරට නිවාඩු දිනයක් වුණා. එහෙත් පසුව එය නැති වුණා. 1978 ජේ ආර්ගේ දෙවැනි ජනරජ ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම ඇරඹුණේ පෙබරවාරි හතරවැනි දා.  නව සමසමාජ පක්‍ෂයේ අප හත් අට දෙනකු එදින කළුකොඩි දැම්මා. අප කණ්ඩායම් දෙකකට බෙදී පේරාදෙණියේ ඉංජිනේරු පීඨය අසළින් පටන් ගෙන කළුකොඩි දැමීමට ගියා. වික්‍රමබාහුගේ කණ්ඩායම පොලීසියට හසු වුණා. අප හසු වූයේ නැහැ. එහි බලපෑමක් රටට දැණුනේ නැහැ. වික්‍රමබාහු තුන්වැනි ජනරජ ව්‍යවස්ථාව (සහසන්ධීය රාජ්‍යය) බිහි කිරීමට ජේ අර්ගේ රනිල් බැණාට ආධාර කරනවා. දේශපාලනයේ හැටි ඔහොමයි.

Sunday 21 May 2017


නාලක හිමියන්ට නැති ශිවාජිලිංගම්ට ඇති නිදහස



ජාතික හිමිකම් සංවිධානය මුල් වී ඊයේ (20 වැනි දා) නිදහස් චතුරස්‍රයේ රණවිරුවන් සැමරීමට යොදා ගෙන තිබුණා. ඒ සඳහා නීතිඥ බැල්ලන්තුඩාව සංස්කෘතික අමාත්‍යාංශයෙන් නියමිත මුදල් ගෙවා අවසර ගෙන තිබුණා. පසුව ඇතැම් සංවිධාන ද එයට එකතු වී තිබුණා. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය කණ්ඩායමක් ලෙස එකතු වී තිබුණේ නැහැ. මට දැන ගැනීමට ඇති ආකාරයට ඒ රැස්වීමට සහභාගි වන ලෙසට ඒකාබද්ධ විපක්‍ෂයට කළ ආරාධනයවත් නිළ වශයෙන් පිළිගෙන තිබුණේ නැහැ. ඒ ඇයි ද කියන්න මා දන්නේ නැහැ. එහෙත් පසුව ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් එය සංවිධානය කෙරුණේ තමන්ගේ ද සහභාගීත්වයෙන් කීමට උත්සාහ ගත්තා. එසේ කෙළේ රැස්වීමට අවසර නැති බව ප්‍රකාශ වීමෙන් පසුව!

Saturday 20 May 2017

දොවාල් දෙවියො  


දොවාල් දෙවියො



මෝදි ලංකාවට ඇවිල්ල කරපු ප්‍රධාන ම කාර්යය තමයි මහින්ද හා ගෝඨාභය හමුවීම. ඊළඟට දික්ඔය දෙමළ ජනතාව ඇමතීම. ඊනියා ජාත්‍යන්තර වෙසක් දිනය අප රැවටීමක් හා රැවටීමක් පමණයි. කෝ එහි සමාප්ති උත්සවයට පැමිණි නේපාල රාජ්‍ය නායිකාව. ඇය තවම ලංකාවේ ද? ප්‍රබුද්ධ ජනමාධ්‍යවේදීන් ඇය ඉන්දියන් පයිසෙකට ගණන් ගෙන නැහැ. මෛත්‍රිපාල ඇය හමුවන්න ඇති. ඇය මහින්ද හමු වුණේ නැහැ. ඇය ජී එල් හමු වුණෙත් නැහැ. ගෝඨාභය හමු වුණෙත් නැහැ. ඇය ගැන කිසිම ආරංචියක් නැහැ. ඊනියා ජාත්‍යන්තර වෙසක් උළෙල තවමත් සමාප්ත වුණේ නැද්ද? ප්‍රබුද්ධ ප්‍රවෘත්ති සංස්කාරකවරුන් අපට යමක් කියනවා ද? පැහැදිලිව ම ඊනියා ජාත්‍යන්තර වෙසක් උත්සවය මෝදිගේ මගෝඩියක්.

Thursday 18 May 2017

නන්දිකඩාල් ජයග්‍රහණය රැක ගන්නවා ද?


නන්දිකඩාල් ජයග්‍රහණය රැක ගන්නවා ද?



නන්දිකඩාල් ජයග්‍රහණය ගැන ශ්‍රව්‍ය දෘෂ්ටි පටයක් ඇති බැවින් වැඩිමනත් ලියන්න අවශ්‍ය නැහැ. ඒ පටයට විනාඩි පහළොවක් පමණ කාලයක් ගත වන්නෙ. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් අප අත්පත් කරගත් දේ බොහොමයි. ඒත් ඒ ජයග්‍රහණය සඳහා අවුරුදු විසිපහක් පමණ මතවාදී තලයේ කළ සටන බොහෝ දෙනා දන්නේ නැහැ. දන්න අයත් කියන්නේ නැහැ. ඒ සටන කළ අයට තැනක් නැහැ. ඔවුන් කොන් කෙරෙනවා. ජාතික ව්‍යාපාරය ගැන එතරම් හොඳක් කියන්න බැහැ. එහි අකෘතඥයන් වැහි වැහැලා.

විජයග්‍රහණයේ සැමරුම


Wednesday 17 May 2017

ත්‍රිලක්‍ෂණයේ ලක්‍ෂණ


ත්‍රිලක්‍ෂණයේ ලක්‍ෂණ



බුදුදහම පිළිබඳ විවිධ අර්ථකථන පසුගිය අවුරුදු දෙදහස් හයසියයක පමණ කාලයක කෙරී තිබෙනවා. හීනයාන, මහායාන ආදී වශයෙන් පමණක් නොව දැන් බටහිර වශයෙන් ද බුදුදහම් තිබෙනවා. මෙරට ඇතැම් උගතුන් ද ථෙරවාදයේ නොව බටහිර බුදුදහමේ. අවශ්‍ය නම් එය ප්‍රතිචීන බුදුදහම කියලා හඳුන්වන්න පුළුවන්.  එහි සසර, කර්මය, නිවන ආදිය නැහැ. ඒ එකක් වත් පංචෙන්ද්‍රිය ගෝචර නැහැ. පංචානන්තරීය පාප කර්ම ඒ බුදුදහමේ නැහැ. ප්‍රතිචීන බුද්ධාගම පංචෙන්ද්‍රිය ගෝචරයි. උඩ ඉන්න ඇත්තන්ගෙ (උගතුන්ගෙ) බුදුදහම සාමාන්‍ය ජනයාටත් කාන්දු වෙනවා. අද ඇතැම් දරුවන් දෙමව්පියන්ට සලකන්නෙ නැහැ. ඔවුන් බුද්ධිමය වශයෙන් නැතිවුවත් ප්‍රායෝගික ව ප්‍රතිචීන බුද්ධාගමෙන් ආභාසය ලබනවා.

Tuesday 16 May 2017

මෝදි මහින්ද හමුවේ ජී එල් භූමිකාව


මෝදි මහින්ද හමුවේ ජී එල් භූමිකාව



මහින්ද හා මෝදි හමුව හදිසියේ සංවිධානය කෙරුණක් බව පෙනෙන්නට සලස්වනවා. එහෙත් එය එසේ ම වී දැයි අප දන්නේ නැහැ. කලින් සංවිධානය කරන ලද්දක් වුවත් නැතත් මේ හමුවට ජී එල් පීරිස්ගේ සම්බන්ධයක් ඇති බව හිතා ගන්න පුළුවන්. ඒ හමුවට ජී එල් හා ගෝඨාභයත් සහභාගි වී තිබෙනවා. මේ සාකච්ඡාව පිළිබඳ යම්කිසි සැකයක් දැනටමත් ඇතැමුන් අතර ඇති වී තිබෙනවා. එයින් ජී එල් පීරිස්ට ප්‍රශ්නයක් නැහැ. ඔහුට මේ රටේ මනාප නැහැ. එහෙත් අනෙක් දෙදෙනා ගැන එසේ කියන්න බැහැ. ඔවුන්ගේ කාර්යයන් පිළිබඳ විචිකිච්ඡාවක් ඇති කිරීම ජාතිකත්වයට ප්‍රශ්න ඇති කරාවි. මෛත්‍රිපාලත් මේ හමුව ගැන දැන සිටියාලු. 

Monday 15 May 2017

ද්විත්ව පුරවැසි මන්ත්‍රී නඩුව  


ද්විත්ව පුරවැසි මන්ත්‍රී නඩුව



නීතිඥයන් අතර යම් කරුණක් පිළිබඳ එකඟතාවක් නැහැ. ඔවුන් අතර විවිධ මත තිබෙනවා. උසාවි නීතිඥයන්ගෙන් පිරී පවතින්නේත් ප්‍රධාන වශයෙන් ම එකඟතාවක් නැති නිසා. ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය පිළිබඳ ප්‍රශ්නයේදීත් එසේමයි. ඒ සම්බන්ධයෙන් මා නීතිඥයන් කිහිප දෙනකු විමසුවා. ඔවුන් අතර පොදු මතයක් නැහැ. මා දේශපාලනඥයන් සමග නම් ඒ ගැන කතා කෙළේ නැහැ. ඔවුන් අතර විවිධ මත පමණක් නොව විවිධ බලාපොරාත්තුත් තිබෙන බව ඔවුන් දන්නා හඳුනන අය සමග කළ කතා බහෙන් පෙනී යනවා. දේශපාලනඥයන් අති විශාල බහුතරය ප්‍රශ්න දෙස බලන්නේ තමන්ගේ හා තම දරුවන්ගේ (පවුලේ) පැත්තෙන් මිස රටේ පැත්තෙන් නො වෙයි. රට විනාශයට අත වනන්නේත් එබැවිනුයි.

Sunday 14 May 2017

ගීතා කුමාරසිංහ හා මැතිවරණ කොමසාරිස්  


ගීතා කුමාරසිංහ හා මැතිවරණ කොමසාරිස්



මා නීතිඥයකු නොවන බව කවුරුත් දන්නවා. මා විශ්ලේෂකයකු, කථිකයකු, කරුණු ඉදිරිපත් කරන්නකු නොවන බව ජාතික ව්‍යාපාරයේ බහුතරය දන්නවා. මා තමන් අසන ප්‍රශ්වලට තමන් කැමති පිළිතුරු නොදෙන බව ජනමාධ්‍යවේදීන් දන්නවා. ඔවුන් දැන් මගෙන් කිසිවක් අසන්නේ නැහැ. කියන දෙයකට ප්‍රසිද්ධියක් දෙන්නෙත් නැහැ. විශ්වවිද්‍යාලවල හා පාසල්වල බොහෝ ගුරුවරුන් හා ඇතැම් සිසුන් ද සිතන්නේ මා කිසිවක් හරිහැටි නොදන්නා නාථ දෙවියන් පසුපස යන මිථ්‍යා මතධාරියකු බවයි. පඬියන් සිතන්නේ මා සිංහල බෞද්ධ අන්තවාදියකු කියායි. මගේ ශිෂ්‍යයන් ලෙස  සිටි අය සියල්ලන් ම පාහේ මේ වන විට නොයෙකුත් හේතු මත මට විරුද්ධයි. ඔවුන් කිසි විටෙක කැමති නැහැ තමන් මගෙන් කිසිවක් ඉගෙන ගත් බව කීමට. මා කිසිවක් උගන්වා නැති බව නම් ඇත්තයි. ඒ නිසා ඔවුන්ට දොස් කියන්න බැහැ. කැනඩාවේ වසන පාසල් ගුරුවරයකු කිහිප වරක් පවසා සිටියේ එංගලන්තයේ විශ්වවිද්‍යාලවල අදක්‍ෂ ශිෂ්‍යයන්ට අවුරුද්දකින් දෙකකින් ආචාර්ය උපාධී දී ආපසු යවන බවත් මා ද ඉන් එක් අයකු බවත්. ඔහුත් කැනඩාවේ ම වසන ඔහුගේ ගුරුවරයාත් නාථ දෙවියන්ගෙන් හා වෙනත් අදෘශ්‍යමාන ප්‍රාණීන්ගෙන් දැනුම ලබා ගන්නවාට විරුද්ධයි. ඔවුන්ට අනුව අදෘශ්‍යමාන බලවේග හෝ ප්‍රාණීන් හෝ නැහැ. එහෙත් ඔවුන්ට අනුව අදෘශ්‍යමාන ගුරුත්වාකර්ෂණ බලය තිබෙනවා. එය නිව්ටන්වත් දැක නැති එක වෙන ම කරුණක්. සමහරවිට ඔවුන්ට අනුව කවුරුන්වත් යමක් දැක නැත්නම් ඒ පවතිනවා විය හැකියි. ඒ අතර නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් තම ජීවිත පවා පූජා කිරීමට කැමැත්තෙන් සිටින සයිටම් විරෝධීන් සිතන්නේ මා නිිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන එයට වින කරන ද්‍රෝහියකු ලෙසයි. මහින්ද මෝදි හමුවීම ගැන මා කියු දෙයට බොහෝ දෙනකුට කේන්ති ගිහින්. තවමත් කිසිවකු මා ආණ්ඩුවට කඩේ යන බව නොපැවසීම පුදුමයක්.

Saturday 13 May 2017

මෝදිං සරණං ගච්ඡාමි


මෝදිං සරණං ගච්ඡාමි



මෝදි අපට ඇහෙන්න කතා දෙකක් කළා. එකක් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙ දි. අනෙක දික්මය නෝර්වුඩ් ක්‍රිඩාංගනයේ දී. බණ්ඩාරනායක ශාලාවෙ කරපු කතාව ප්‍රභූන්ට. එහි නිවේදක කටයුතු කෙළේ චන්ද්‍රිකාගෙ ඥාතියකු වූ  අරුන් ඩයස් බණ්ඩාරනායක. ඔහු යොහෝවාගේ සාක්‍ෂිකාරයන්ගේ ආගමේ. ඒක ක්‍රිස්තියානි නිකායක්. ඔහුට වෙසක් උත්සවයක් ගැන හැඟීමක් තිබුණෙ නැහැ. ඇතැම් නළුවන් එවැනි අවස්ථාවල දී නැති හැඟීම් රඟ පාලා පෙන්නවා. මොහු එසේවත් කෙළේ නැහැ. ඔය නිවේදක කටයුත්තට ඉංගිරිසි දන්න සිංහල බෞද්ධයකු හොයා ගන්න  බැරි වුණා ද?

Friday 12 May 2017

මෝදිගෙ නියම ඉන්දියානුවො


මෝදිගෙ නියම ඉන්දියානුවො



ඉන්දියාව කියලා රටක් ඇති වුණෙ ඉංගිරිසින්ගෙන් පස්සෙ වුණත් ඒ ප්‍රදේශය බොහොම කාලෙක ඉඳලා පැවතුණා. ඒ ප්‍රදේශයට යම් කාලෙක ඉන්දියාව කියලත් කිවුවා. ප්‍රදේශයක් තියෙන්න රටක් තියෙන්න ඕන ම නැහැ. කොලම්බස් බටහිරට ගියෙත් ලෝකය රවුම් හින්ද ඉන්දියාව සොයා ගෙන කියලා කතාවක් තියෙනවා. ඇමරිකා මහාද්වීපයෙ හිටි මිනිසුන්ට රතු ඉන්දියන්වරු කියලා කිව්වෙත් මේ ඉන්දියා කතාව හින්ද.

Thursday 11 May 2017

ශිවාජිලිංගම්ගේ තර්ජනය




ශිවාජිලිංගම්ගේ තර්ජනය





ශිවාජිලිංගම් හෙට සිට සතියක් ජනසංහාර විරෝධතා උද්ඝෝෂණ පවත්වනවා. මෝදිත් අද ලංකාවට එනවා. මෝදි උඩරටටත් යන්න ඉන්නෙ. එහෙදි ඉන්දියානු ජාතික කොඩි වනා මෝදි පිළිගැනීමටත් ඉඩ තියෙනවා. එය හුදෙක් විදේශීය රාජ්‍ය නායකයකුට කරන සැලකිල්ලක් ලෙස හිතන්න බැහැ. වතුකරයේ ඇතැම් දෙමළ ජනයාට පමණක් නොව උතුරු හා නැගෙනහිර පළාත්වල ඇතැම් දෙමළ ජනයාටත් තාම තමිල්නාඩු පෙකෙණීිවැල කපා දාන්න බැරි වෙලා. ඒකෙන් ම පේනවා දෙමළ ජනයාට මෙරට දිර්ඝ ඉතිහාසයක් නැති බව.

Wednesday 10 May 2017

අපායට සමීකරණ නැහැ


අපායට සමීකරණ නැහැ



සිංහල බුද්ධාගම අද පිරිහිලා. වෙසක් උත්සවයත් වැටිලා. අපේ නිර්මාණශීලීත්වය නැවතිලා. අද නිර්මාණ කියන්නෙ කලා නිර්මාණවලට විතරයි. ඒවත් එක එකා පිට කසා ගැනීමේ නිර්මාණ වෙලා. පවතින කෘතියකින් දශම බිංදුවයි බිංදුවයි එකකවත් වෙනසක් නැති කෘති ඉතා අනගි නිර්මාණ බවට පත්වෙලා. යමක වෙනසක් ඇති බව පේන්න ඕන ඒ පද්ධතිය ඇතුළෙ ඉන්න අයට නොවෙයි. පිට ඉන්න අයට. සාරිය නාභිය පේන්න අඳින එක මහා නිර්මාණයක් නොවෙයි. නාභියට සෙන්ටි මීටරයක් යටින් ද සෙන්ටි මීටර එකයි දශමයකට යටින් ද සාරිය අඳින්නෙ කියන එක මහා නිර්මාණයක්වත් ජනමාධ්‍යයේ හා වෙනත් තැන්වල ඊනියා විද්වත් මණ්ඩපවල කතාකරන්න දේවත් නොවෙයි. සාරි නොඅඳින සංස්කෘතියක අයකුට එහි වෙනසක් පේන්නෙ නැහැ. පිරිමින්ගෙ ඇඳුම්වලත් තත්වය එහෙමයි.

Tuesday 9 May 2017

නාථ දෙවියන් හා ක්‍රිස්තියානි කට්ටඩියන්  


නාථ දෙවියන් හා ක්‍රිස්තියානි කට්ටඩියන්


මාලිංග හර්මන් ගුණරත්න කලක් ජේ ආර්ගෙත් හිතවතෙක්. එහෙත් පසුව විරසක වුණා. ඔහු පොතක් ලියලා ඉංගිරිසියෙන්. එහි ඉංගිරිසි නම ගෝඩ්ස් සීක්‍රට් ඒජන්ට්, එනම් දෙවියන් වහන්සේගේ රහස් නියෝජිතයා. මා ඒ පොත කියවා නැහැ. දි අයිලන්ඩ් පත්‍රයෙහි ඒ පිළිබඳ ලියැවුණු විචාරයක් කියවීමට ලැබුණා. ඒ අනුව ක්‍රිස්තු භක්තිකයකු වන නිස්සන්ක විමලසූරිය නමැත්තකු ශුද්ධ වූ ආත්මයක් සමග යම් යම් ප්‍රතිහාර්ය කර තිබෙනවා. එහි ඒ ශුද්ධ ආත්මය දෙවියන් වහන්සේ කියා කියන්නේ නැහැ. නිස්සන්ක විමලසූරිය කොඩිවින කැපීම වැනි කාර්යයන් සිදු කර තිබෙනවා.

Monday 8 May 2017

ප්‍රංශ හුටපටේ


ප්‍රංශ හුටපටේ



දැනට අවුරුදු පනහකටත් ඉහත පේරාදෙණියේ ශාස්ත්‍ර පීඨයේ සිංහල මාධ්‍යයෙන් ඉගැන්වීම ආරම්භ කළ දවස්වල එහි ඉතිහාසය පිළිබඳ ආචාර්යවරයකු රෙවල්‍යුෂන් යන්නට කියන සිංහල නම අමතක වෙලා ප්‍රංශ විප්ලවේට  ප්‍රංශ මහා හුටපටේ කියලා කිව්වලු. ප්‍රංශය හා ජර්මනිය තමයි යුරෝපයේ කේන්ද්‍රය. යුරෝපයට අදහස් ලැබුණෙ මේ රටවල් දෙකෙන්. එංගලන්තය හොඳ කළමනාකරුවකු පමණයි. ඔවුන් ලෝකය කළමනාකරණයෙහි, පාලනයෙහි අති දක්‍ෂයන්. මුළු ඉන්දියාව ම පාලනය කරන්න ඔවුන් කී දෙනකු යොදා ගත්ත ද? එය කොහොමටවත් ලක්‍ෂයක් වන්න බැහැ.

Sunday 7 May 2017

සිංහල බෞද්ධ වෙසක් දිනයක්  

සිංහල බෞද්ධ වෙසක් දිනයක්

වෙසක් දිනය ළඟට ම ඇවිත්. ඒත් වැඩි සූදානමක් නැහැ. අද සූදානම් වන්නේ එක්සත් ජාතීන්ගේ වෙසක් දිනයට. එය ජාත්‍යන්තර වෙසක් දිනය ලෙසත් හැඳින්වෙනවා. එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය තායිලන්තයේත් පවත්වලා තියෙනවා කියලා ආණ්ඩුවේ ප්‍රබලයකු කියා තිබෙනවා. අපට මෙච්චර කලක් මේ ජාත්‍යන්තර වෙසක් දිනය පවත්වන්න බැරි වුණෙ මොකද කියල ව්‍යංගයෙන් අහනවා. ඒකටත් වැරදිකාරයා මහින්ද වෙන්න ඇති. ඇත්තට ම මහින්ද මොකද මේ ජාත්‍යන්තර වෙසක් දිනය ලංකාවෙ පවත්වන්න කටයුුතු නො කෙළෙ.

Saturday 6 May 2017

දොස්තර දොස්




                                     දොස්තර දොස්



දොස්තර වර්ජනය සාර්ථක ද නැද්ද යන්න මා කියන්නේ නැහැ. ඒ සම්බන්ධ විවිධ පුද්ගලයන් කියන කතා කියවන්න, අහන්න පුළුවන්. එහෙත් ප්‍රවෘත්ති කියවන්නන්, ප්‍රවෘත්ති සංස්කාරකවරුන් ලියන කියන දේ තමයි අපට ලැබෙන්නේ. මොවුන් පක්‍ෂග්‍රාහීයි. ඇතැමුන් ආණ්ඩුවට පක්‍ෂයි. ඇතැමුන් දොස්තරලාට පක්‍ෂයි. අපක්‍ෂපාත මාධ්‍යවේදීන් නැහැ. අපට අතීතය  හා වර්තමානය ගැන යම් විශ්ලේෂණයක් කළ හැකි වුවත් අනාගතය ගැන කීමට ඇත්තේ මේ මේ දේ විය හැකිය යන්න පමණයි. ඒ පිළිබඳ ව කිව හැක්කේ සම්භාවිතාවක් සමග පමණයි. දොස්තරලාට අවශ්‍ය අවුල් කිරීම. ඔවුන් සමහර දෙනකු අනාවැකිවලින් මෙහෙයවෙනවා.

Friday 5 May 2017

මහින්දගේ ආරක්‍ෂාව


මහින්දගේ ආරක්‍ෂාව



මැයි දිනයට පසුව මහින්දගේ ආරක්‍ෂාව තර කරනු වෙනුුවට අඩු කෙළේ කවුද යන්න ප්‍රශ්නයක්. මහින්දට එන්න එන්න ජනතාව ආකර්ෂණය වෙනවා. ගාලු මුවදොරට එක්වුණු ජන සන්නිපාතයෙන් සියයට අනූපහකට වඩා සිංහල බව කිව හැකියි. පඬියකු අහන්න පුළුවන් මා එසේ කියන්නේ ඊනියා ශාස්ත්‍රීය ගවේෂණයක්, මෙවැනි අවස්ථාවල දී නම් නියැදි තොරා ගෙන කරන සමීක්‍ෂණයක්, කිරීමෙන් පසුව ද කියා. මේ පඬියන් දන්නෙ නැහැ එවැනි අවස්ථාවක නියැදියකින් නිරූපණය වන ගුණ මුළු ගහණයට ම පොදු ද යන්න දැනගැනීමත් ප්‍රශ්නයක් බව. ඒ සඳහාත් විවිධ පරීක්‍ෂණ තිබෙනවා. එහෙත් අවසානයේ දී කියන්න වෙන්නෙ යම් සම්භාවිතාවන්ට යටත්ව නියැදියෙන් අදාළ ගුණය සම්බන්ධයෙන් ගහණය නිරූපණය  වෙනවා කියා.

Thursday 4 May 2017

මෛත්‍රිපාලට කඩේ යෑම




 මෛත්‍රිපාලට කඩේ යෑම


රනිල් ඉවත් කළ යුතු බව මා කියන්නේ යහපාලන ආණ්ඩුව පටන් ගත් මුල් කාලයේ පටන්. අප 2015 මුල සම්මන්ත්‍රණයක් පැවැත්වූවා මහින්ද අගමැති කරමු කියා. එහි දී අප පෙන්වා දුන්නා ව්‍යවස්ථාව අනුව 42 (4) ව්‍යවස්ථාව යටතේ මෛත්‍රිපාලට මහින්ද ජනාධිපති කළ හැකි බව. එහි දී අවශ්‍ය වන්නේ ජනාධිපතිගේ කැමැත්ත පමණයි. ජනාධිපතිගේ අදහස අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගත හැකි වීමට වඩාත් ඉඩකඩ ඇති  පුද්ගලයා අගමැති ලෙස පත් කළ හැකියි. මෙහි ඇත්තේ ජනාධිපති එසේ අදහස් කිරීම පමණයි. පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි ගණන් කිරීමක් අවශ්‍ය නැහැ. මෙය ඉතාමත් සුවිශේෂ වගන්තියක්. අවශ්‍ය වන්නේ ජනාධිපතිගේ අදහස අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගත හැකි පුද්ගලයා වීම නොව එසේ වීමට ඉඩකඩ ඇති පුද්ගලයා වීම.

Wednesday 3 May 2017

චූන් දේශපාලනය විනාශයටයි


චූන් දේශපාලනය විනාශයටයි



මැයි දිනයෙන් පස්සෙ ඒකාබද්ධ විපක්‍ෂෙ අය බොහා ම චූන් වෙලා. හෙට ආණ්ඩු බලය ගන්න වගේ ලැහැස්ති වෙලා ඉන්නෙ. ආණ්ඩුවේ වෛද්‍යවරුන් හා තවත් පිරිසක් සයිටම්, එට්කා ආදිය මුල් කරගෙන පස්වැනි දා එක්දින වැඩ වර්ජනයක් පැවැත්වීමට යනවා. එක් දින වැඩ වර්ජනවලිනුත් රෝගීන්ට හා වෙනත් අයට කරදර වෙනවා. ජනතාවට සේවය කරන්න ජනතාවට හිරිහැර කිරීම යන්න බුදුදහමෙන් ඉගෙන ගත්ත එකක් වෙන්න බැහැ. එක් දින වර්ජනය වර්ජකයන්ගේ පැත්තෙන් බැලූ විට සාර්ථක වේවි. ඔවුන් ඊළඟට මහා වැඩ වර්ජනයකට සූදානම් වේවි. ගාලු මුවදොර මැයි දිනයට සහභාගි වූ ජනතාව මහා වැඩ වර්ජනයකට ද සහාය දේවි කියා ඔවුන් සිතනවා ද? එසේත් නැත්නම් ඔවුන් ස්වයං මෝහනයකට පත් වී ඇත් ද? වෛද්‍යවරුන්ගේ සංගමයේ එ ජා පාක්‍ෂිකයන් ද සිටිනවා. මේ එන්නේ ඊනියා ලංකා වසන්තය ද?  ඊනියා රාජපක්‍ෂ රෙජිමය පැරදවීමේ දෙවැනි පියවර ක්‍රියාත්මක වීමට යන්නේ ද? ගුරු සංගම් ශාන්ත තෝමස් විද්‍යාලය, ශාන්ත ජෝසෆ් විද්‍යාලය, කාන්තා විද්‍යාලය ආදිය ජනසතු කරන්න කියන්නෙ නැද් ද? 

Tuesday 2 May 2017

මැයි දින පණිවුඩය


මැයි දින පණිවුඩය



කිසිම ප්‍රශ්නයක් නැහැ ජනාධිපතිවරණයෙන් පැරදුණු මහින්ද ජනබලය අනුව දිනුම්. ගාලු මුවදොරට එක්වුණු ජනකාය මෙතෙක් ඉතිහාසයේ මැයි දින රැළියකට එකතු වුණු විශාලතම ජනකාය විය හැකිියි. අද ප්‍රධාන දේශපාලන ධාරාවන් ඇත්තේ දෙකයි. එකක් මහින්දගේ නායකත්වයෙන් අනෙක රනිල්ගේ නායකත්වයෙන්. මෛත්‍රිපාල කණ්ඩායම මෙරට සිංහල ජාතිකවාදී ගංගාවේ අතුගඟක් පමණයි. ගැටඹේ පිට්ටනිය ලොකු තැනක් නොවෙයි. ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමි පක්‍ෂය ආදිය ඊනියා වමක්, සමාජවාදයක්, කම්කරුවන් ගැන හිස් වදන් ලියන කියන පඬියන්ට සිත සනසා ගැනීමට ඇති පක්‍ෂ පමණයි. ඔවුන්ටවත් ඒ පඬියන්ටවත් මෙරට තැනක් නැහැ. කම්කරුවන්ට මැයි දිනයක් නැති බව පඬියන්ට තවම තේරුමක් නැහැ. සිංහලයන් අවුරුද්දට කොළඹ සිට ගම්රටවල් බලා යනවා. මැයි දිනයට ගම්වල සිට කොළඹ එනවා. 

Monday 1 May 2017

කෝ මේ කම්කරු පංතිය  


කෝ මේ කම්කරු පංතිය



අද මැයි දිනය. ලෝක කම්කරු දිනය. මා එංගලන්තයේත් ඕස්ත්‍රේලියාවේත් මැයි දින රැළිවලට හා පෙළපාළිවලට සහභාගි වී තිබෙනවා. ඒත් කම්කරු පංතියක් දැක්කේ නැහැ. 1980 මැයි දිනයට මා සහභාගි වූයේ අප නිවස තැනීමේ කටයුත්තේ මේසන් බාසුන්නැහෙලා යෙදී සිටිය දී. ඒ ඔවුන් වෙනුවෙන් ද?. එයට ටික කලකට පෙර මා නව සමසමාජ පක්‍ෂයෙන් අස් වී සිටි නමුත් මා සිතුවා මගේ වගකීම ඉටු කළ යුතුය කියා. ඒ මගේ අවසන් මැයි දිනය. මා මුලින් ම මැයි පෙළපාළියකට සහභාගි වූයේ 1963 දී. ඒ 1963 ජූනියේ අග විශ්වවිද්‍යාලයට යෑමට ඔන්න මෙන්න කියා තිබිය දී. අසූවේ ජූලි වැඩ වර්ජනයටත් මා සහාය දුන්නා. විශ්වවිද්‍යාලයීය ගුරුවරුන් අස්කෙරුණේ නැහැ. ඒත් වෙනත් බොහෝ දෙනා අස්කෙරුණා. ඔවුන් සමහරකු දුක් විඳ රැකියාවක් නැතිව ම මියගියා. ඔවුන් වෙනුවෙන් වැඩ කළ අමරදිවාකර මගේ මිත්‍රයෙක්. ඒ ජේ ආර්ගෙ කාලෙ. දැන් ඉන්නෙ ජේ ආර්ගෙ බෑණා. බැණා කරන්නේ මොකක් ද කියන එකට සරත් ෆොන්සේකා සාක්‍ෂි කියාවි.