ප්‍රංශ හුටපටේ
දැනට අවුරුදු පනහකටත් ඉහත පේරාදෙණියේ ශාස්ත්‍ර පීඨයේ සිංහල මාධ්‍යයෙන්
ඉගැන්වීම ආරම්භ කළ දවස්වල එහි ඉතිහාසය පිළිබඳ ආචාර්යවරයකු රෙවල්‍යුෂන් යන්නට කියන
සිංහල නම අමතක වෙලා ප්‍රංශ විප්ලවේට ප්‍රංශ
මහා හුටපටේ කියලා කිව්වලු. ප්‍රංශය හා ජර්මනිය තමයි යුරෝපයේ කේන්ද්‍රය. යුරෝපයට
අදහස් ලැබුණෙ මේ රටවල් දෙකෙන්. එංගලන්තය හොඳ කළමනාකරුවකු පමණයි. ඔවුන් ලෝකය
කළමනාකරණයෙහි, පාලනයෙහි අති දක්‍ෂයන්. මුළු ඉන්දියාව ම පාලනය
කරන්න ඔවුන් කී දෙනකු යොදා ගත්ත ද? එය
කොහොමටවත් ලක්‍ෂයක් වන්න බැහැ.