Main Logo

Sunday 30 April 2023

මහාවිහාරය ආරක්‍ෂා කිරීම

මහාවිහාරය ආරක්ෂා කිරීම
බටහිරයන්ගෙන් හා සිංහල බෞද්ධ විරෝධීන්ගෙන් මහාවිහාරය ආරක්ෂා කළ හැක්කේ මහාවංසය අකුරක් නෑර විශ්වාස කිරීමෙන් නො වේ.

නලින් ද සිල්වාගේ පට්ට පල් බොරු

 

නලින් සිල්වාගේ පට්ට පල් බොරු

 

මා දන්නවා මට මිය යන්න වෙන්නේ ජාති ද්‍රෝහියකු බෞද්ධ විරෝධියකු ලෙස අපවාදයට ලක් වී. මේ ඊයේ මා ඉතිහාසය හැදූෑරීම මැයෙන් ලියූ ලිපයක් බෙදා හදාගත් එක් වෛද්‍යවරියකට හාමුදුරුනමකගෙන්  ලැබුණු ප්‍රතිචාරය හා එයට වෛද්‍යවරිය දැක්වූ ප්‍රතිප්‍රතිචාරය. තවත් හාමුදුරුනමක් වෙනත් තැනක සඳහන් කර තිබුණා උන්වහන්සේ නලින් සිල්වාගේ වහලකු වෙන්නෙ නැහැ කියා. ගෝලයන් නැති මට වහලුන් කොහෙන් ?

Saturday 29 April 2023

ඉතිහාසය හැදෑරීම

 

ඉතිහාසය හැදෑරීම

 

ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමයේ 178 වැනි සමරු රැස්වීමේ දී රනිල් වික්‍රමසිංහ  ඉතිහාසය ගැන තම උනන්දුව ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙනවා. අප කැමති වුවත් අකමැති වුවත් රාජ්‍ය නායකයන් අතරින් මෙරට ඉතිහාසය හැදෑරීමට යම් උනන්දුවක් තිබුණේ තියෙන්නේ ජේ ආර් ජයවර්ධනට හා රනිල් වික්‍රමසිංහට. රාජ්‍ය නායකයන්ගේ ඉතිහාස දැනුම ගැන කීමට තරම් ඉතිහාසය පිළිබඳ දැනුමක් මට තියෙනවා කියා කාට හරි අහන්න පුළුවන්. මා කතා කරන්නේ උනන්දුව ගැන.

Friday 28 April 2023

එළහරක්ට එල

 

එළහරක්ට එල

 

උගතුන් යැයි සමාජයේ නමක් දිනාගෙන සිටින අය සමග නොව වෙනත් අය සමග කතා කරන විට ඇතැම් තොරතුරු දැන ගන්න ලැබෙනවා. වගේ අදහස් සිතට එනවා. මේ මට මිතුරකු ශුන්‍යය සම්බන්ධයෙන් එවා තිබූ සටහනක්. මා එය පළ කරන්නේ බිංදුව යන්න භාවිතයට පැමිණියේ කෙසේ දැයි දැන ගැනීමටත්. “අපේ මහා පරාක්‍රමබාහු රජතුමාගෙ කාලෙ, මොග්ගල්ලාන කියල මහතෙරුන් වහන්සේ නමක් විශේෂ පාලි ව්‍යාකරණ පොතක් ලියා තිබෙනවා "අභිධානප්පදාපිකාපාඨ" නමින්. මේ පොතට ක්‍රිස්තු වර්ෂ 1313 (බුද්ධ වර්ෂ 1857) දී ටීකාවක් ලියල තියෙනව බුරුමයේ "චතුරංග බල" කියල ව්‍යාකරණයෙහි නුවණැති ඇමති කෙනෙක්. එහි ඇති කරුණු දෙකක් කෙරෙහි අවධානය වටිනවා කියා හිතෙනවා. 1. එහි මහා කල්පයට ඇති මනුෂ්‍ය වර්ෂ ගණනය කරන ක්‍රමයක් දක්වා තිබෙනවා. එය වනවිට ථෙරවාදීන් පිළිගත් ක්‍රමයක් වගෙයි පෙනෙන්නෙ. 2. එහි මෙහෙම සඳහනක් තිබෙනවා. "// ඛාකාසම්බරසද්දා සුඤ්ඤපරියායා. සුඤ්ඤඤ් ගණිතෙ බින්දුනා සඞ්ගහිතං.// "ඛාකාසමබර" ශබ්දය ශුන්‍යයට සමානව යෙදෙන්නකි. ශුන්‍යය ගණිතයෙහි බින්දුවෙන් (තිතෙන්) සංග්‍රහ වෙයි.”

Thursday 27 April 2023

උගතුන් නිසා රට සුනේ සුන්

 උගතුන් නිසා රට සුනේ සුන්

සූූර්යයා තාප කිරණ පිට කරන්න ගත්තේ 2023 දී ද ? කුවේණිගේ කාලයේ මන්නාරමට තාප කිරණ වැටුනේ නැද්ද? දුරුත්තේ දීි සූර්යයා තාප කිරණ පිට කරන්නේ නැද්ද? ජාමුල කොන්දේසි නැතුව ණය දෙනවා ද? ජාමුලෙට ගියොත් කොන්දේසි, වවුලගේ ගෙදර ගියොත් එල්ලිලා ඉන්න ඕන.
නිවුටන් හා කුණු ඇපල් කියවන්න.
සුන් කියන්නේ ශූන්ය කියනවා වගේ. සුනේ සුන් බිංදුවෙනුත් බිංදුව.  හුනුසල් නැත්තන් සුනුහාල් බත්වල ඇති රස සුනු විසුනු වෙලා යයි ද?  

නිවුටන් හා කුණු ඇපල්

 

නිවුටන් හා කුණු ඇපල්

 

මෙරට වමාලා දකුණලා පඬි නැට්ටන් ආදී එකී මෙකී නොකී උගතුන් බුද්ධිමතුන් මාතෘකාව දුටු ගමන් ඔන්න නලින් සිල්වා විද්‍යාවට ගහන්න යනවා, විිද්‍යාඥයකු වීමට බැරි වීමේ ඇරියස් තියෙනවා, අපේ තරුණයන් විිද්‍යාවෙන් ඉවත් කර අප තව තවත් දුප්පත් රටක් කරන්න යනවා වැනි පඬි වදන් මුදා හරින බව මා දන්නවා. ඒත් මට අවශ්‍ය වුණත් ඔය ඉලන්දාරීන් බටහිර විද්‍යාවෙන් ඉවත් කරන්න බැහැ. ඔවුන් දැනටමත් මා මිථ්‍යා මතධාරියකු, මැන්ටලයක්, රාජපක්‍ෂලාට තවමත් කඩේ යන අයකු, වැඩ බැරි අයකු, ලෙස ප්‍රතික්‍ෂෙප කරලා. මේ ලිපි ප්‍රතිචාරවලට විවෘත කළොත් ඔවුන් තම කුණුහරුප කලාව වැඩි දියුණු කර ගන්නවා. පොදුවේ ගත්කල දේශපාලනඥයන්වත් මහජනයාවත් තබා ජාතිකවාදීන්වත් මා විශ්වාස කරන්නේ නැහැ. ඔවුනුත් මා ප්‍රතික්‍ෂෙප කරනවා. මා මියන්මාහි තානාපති ලෙස කටයුතු කරන කාලයේ හාමුදුරුවරුන් ජනාධිපති ගෝඨාභයට උපදෙස් දුන්නේ එහි තානාපති ලෙස හොඳ බෞද්ධයකු පත් කර යවන ලෙස.

Wednesday 26 April 2023

අතීත ආවර්ජනා

 

අතීත ආවර්ජනා

මේ වසර දෙකකට පෙර ලියූ ලිපියක්. අප දැන් දරුවන්ගේ රැකවරණය යටතේ ඉන්නවා.


අප විවාහ වී අවුරුදු පනහයි

අද 2021 අප්රේල් විසිහයවැනි දා. අදට අප විවාහ වී අවුරුදු පනහක් පිරෙනවා. එය ඔබට වැදගත් වෙන එකක් නැහැ. ඉතින් අපට මොකෝ කියා අහන්නත් පුළුවන්. මෙය අතීතාවර්ජනයක කොටසක් පමණයි. අපේ විවාහය ගැන මට ඇත්තේ සතුටක් මෙන් ම දුකක්. සතුට මට ඉතා හොඳ භාර්යාවක් ලැබීම ගැන. දුක ඇයට හොඳ සැමියකු නොලැබීම ගැන. අවුරුදු පනහකට පෙර අපට මස්තකප්රාප්ත වෙන්න පෝරුවක් තිබුණේ නැහැ. අෂ්ටක කියන්න දැරියන් හිටියේ නැහැ. ඡායාරූප ශිල්පීන් නොහිටි එක නම් හොඳයි. විවාහයට සහභාගි වූයේ පස්දෙනයි. අප දෙදෙනාත් සාක්ෂිකරුවන් දෙදෙනාත් ලේකම්වරයාත් පමණයි. ඒ කොවිඩ් නිසා නො වෙයි. අප විවාහ වූයේ මහනුවර කච්චේරියේ.

අරුන් සිද්ධාර්ථන්

 අරුන් සිද්ධාර්ථන්

ජාතික සමගියක් ගැන වැල් බයිලා කියන වමාලා මා දන්නා තරමින් වෙල්ලාල නොවන, සිංහලයන් සමග සුහද ව කටයුතු කරන අරුන් සිද්ධාර්ථන් වෙනුවෙන් යාපනයේ නීිතිඥයකු පෙනී නොසිටීම නිසා ඔහු වෙනුවෙන් තම විද්වත් නීතිඥයකු යාපනයට යවනවා ද?

පීඨාධිපති රනිල්

 

පීඨාධිපති රනිල්

 

රනිල්ට දරුණු පරාජයක් අත්වෙලා. සරසවි ඇදුරන් ජයග්‍රහණය කරලා. රනිල්ට බැරිවෙලා ඇදුරන්ගෙ දේපොළ රාජසන්තක කරන්න. ඇදුරන් තම දේපොළ රාජසන්තක කරනකම් බලා ඉඳලා. රනිල් ඇවිත් නැහැ. කවුද රජා ඇදුරු රජා. රනිල්ගෙ දේපොළ රාජසන්තක කරමු ? ඒවා රාජකීය විදුහලට ලියල කියල තොරතුරක් තියෙනවා. සාක්‍ෂි නැහැ. විජේදාස රාජපක්‍ෂ කියන්නෙ එහෙමයි. තොරතුරක් තියෙනවා සාක්‍ෂියක් නැහැ.

Tuesday 25 April 2023

හෙරක්ලිටස්

 හෙරක්ලිටස්

හෙරක්ලිටස් එක ම ගඟට දෙවරක් බැස්සේ නැත. වෙනත් ගඟකට බැස්සේ ද නැත. එපමණක් නොවේ. දෙවැනි වර බැස්සේ පළමුවැනි වර බැස්ස හෙරක්ලිටස් නොවේ. වෙනත් අයකු ද නො වේ.

බිංදුව අනන්තය හා පූජාවලිය

 


බිංදුව අනන්තය හා පූජාවලිය

 

අප කුඩා කළ ගෙදර පූජාවලිය පොතක් තිබුණා. අවුරුදු දොළහේ දහතුනේ කාලයේ මා පොත කියෙවුවා. එය තේරුණා කියා මා කියන්නේ නැහැ. බුදුහාමුදුරුවන්ගේ ගුණ කියන බව නම් තේරුණා. පොත අම්මා පාසල් යන කාලයේ ඇයට දහම් පාසලෙන් ලැබුණු ත්‍යාගයක්. එහි සඳහන් වුණේ ධනවතීට පිරිනමන ලදී කියා. අම්මාගේ නම ඩේලින් නිසා මා ඇගෙන් ඇහුවා ධනවතී කියන්නෙ කාට කියා. අම්මා මට කිවුවේ තමාට දහම් පාසලෙන් ලැබුණු නම කියා. එය ධර්මපාලතුමා මගින් ලැබුණු නමක් බව මට වැටහුණා.

Monday 24 April 2023

පාස්කු හිරු සඳු හිතළු හිතිවිලි

 

පාස්කු හිරු සඳු හිතළු හිතිවිලි

 

හිතළුවක් කියන්නෙ නිරීක්‍ෂණයකින් පරීක්‍ෂණයකින් තොරතුරු එකතුවකින් හරි වෙන යම් ක්‍රමයකින් හරි ලැබෙන දත්ත එකක් හරි වැඩි ගණනක් හරි විස්තර කරන්න (අවශ්‍ය නම් තේරුම් ගන්න, තේරුම් ගන්නවා කියන එක තේරෙන්න නැති වුණත්) සකස් කර ගන්න කතාවක්. එයට ඉංගිරිසියෙන්  hypothesis  කියනවා. සිංහලෙන් කල්පිතය උපන්‍යාසය යන වචන යොදා ගන්නවා. මා හිතළුව කියනවා. හිතළුව කියන එකේ බර අඩු බව මා දන්නවා. මගෙත් බර අඩුයි. කිලෝ ග්‍රෑම්වලින් හරි රාත්තල්වලින් හරි නොවෙයි. ඒකකය කුඩා වෙන්න වෙන්න බර වැඩි වෙනවා. පඬි නැට්ටකු කියන්න පුළුවන් ඒකක මොකක් වුණත් තියෙන්නෙ එක බරක් කියල. මොකක් වුණත් හිතළුව වැඩ කරනව නම් හොඳයි. නැතත් බොහෝ විට  බොහෝ දෙනාට ප්‍රශ්නයක් නො වෙයි.

Sunday 23 April 2023

පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු

 

පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු

 

කාදිනල්තුමා පාස්කු ප්‍රහාර සැමරුම පාස්කු දිනයේ නොකර වෙනත් දිනයක කිරීම මගේ ප්‍රශ්නයක් නො වෙයි. එය කතෝලික සභාවටත් කතෝලික බැතිමතුනටත් ප්‍රශ්නයක් නොවේ නම් මට කොහොමටවත් ප්‍රශ්නයක් නො වෙයි. එය මගේ ප්‍රශ්නයක්වත් මට ප්‍රශ්නයක්වත් නො වෙයි. එහෙත් මා පුරුදුවෙලා ඉන්නෙ පිළිවෙළ රටාව ආදිය ගැන විමසිලිමත් වෙන්න. නිසා මා කාරණය ගැන විමසිලිමත් වෙනවා. කියන්නෙ පාස්කු ප්‍රහාරය සැමරීම ගැන නො වෙයි. පාස්කුවේ පිළිවෙළ ගැන.

Saturday 22 April 2023

පාස්කු ඉරිදා උදයේ

 

පාස්කු ඉරිදා උදයේ 

 

පාස්කු ප්‍රහාරයට අවුරුදු හතරක් ගතවෙලා. වින්දිතයන් ගැන පමණක් නොව ශ්‍රී මහා බෝධිය අවට ප්‍රහාරයෙන් මිය ගිය අය සහ තවත් එවැන්නන් ගැන අප කණගාටු වෙනවා. අනෙක් වින්දිතයන් ගැන කටයුතු කිරීමට කාදිනල්තුමාට වඩා වෙනත් අය ඉන්න බව මා දන්නවා. එහෙත් කිසිවකු සමාජයීය ප්‍රශ්නයක් කරගෙන නැහැ. එයට හේතුව ප්‍රහාරවල මහා මොළකරු ප්‍රභාකරන් හරි වෙනත් කොටි නායකයකු හරි බවට ඇති දැනුම ? කොහොම වෙතත් ඇතැම් කතෝලික පූජකවරු කොටින්ට ආධාර කළ බව කවුරුත් පාහේ දන්නවා. මා හිතනනේ නැහැ කිසිම හාමුදුරුනමක් පාස්කු ප්‍රහාරකයන්ට ආධාර කළා කියා. පාස්කු ප්‍රහාරය ගැන පසුව තවදුරටත් කතා කරමු.

Friday 21 April 2023

පාස්කු ප්‍රහාරය

 පාස්කු ප්රහාරය

පාස්කු ප්රහාරයේ හතරවැනි වර්ෂ පූූර්ණය
2023 අප්රේල් 21 වැනි දා ද
අප්රේල් 9 වැනි දා ද?
කාදිනල්තුමාට වැරදුනාවත් ද?

කෘත්‍රිම බුද්ධිය

 

කෘත්‍රිම බුද්ධිය

 

අපේ අධ්‍යාපනයේ තරම දැන් ඇතිවෙලා තියෙන උසස් පෙළ උත්තර පත්තර බැලීම ප්‍රශ්නයෙන් පැහැදිලි වෙනවා. බටහිර ඇතැමුන් හිතනවා කෘත්‍රිම බුද්ධිය මිනිස් බුද්ධිය පරදවාවි කියා. ඒත් මා නම් හිතන්නෙ නැහැ කිසිම කෘත්‍රිම බුද්ධියකට සිංහලයන්ගෙ බුද්ධිය පරදවන්න පුළුවන් කියා. කෘත්‍රිම බුද්ධිය සකස් කරල තියෙන්නෙ බටහිර බුද්ධිමතුන් හිතන විධිය මත පදනම් වෙලා. එය ඇරිස්ටෝටලීය න්‍යාය සම්භාවිතාව ආදිය මත පදනම් වෙලා තියෙන්නෙ. එය වර්ධනය වුණොත් සමහර විට බටහිර බුද්ධිමතුන් හිතන විධියෙ තවත් අදියරයකට යන්න පුළුවන් වේවි. එසේ නොවන්නත පුළුවන්. මා දන්නෙ නැහැ.

Thursday 20 April 2023

අපි ඔක්කොම .....

 අපි ඔක්කොම .....

උසස් පෙළ උත්තර පත්තර බලන්න සරසවි ඇදුරන් සහභාගි වන්නේ ස්වේච්ඡාවෙන්. ඒක විශ්වවිද්යාලයෙ වැඩක් නො වෙයි. ඒක කරන එක වර්ජනය කරන්න ආචාර්ය සමිති සම්මේලනයට බැහැ. ඒ සරසවියෙ රාජකාරියක් නොවන නිසා.
ඒ වගේ ම ඒක අත්යවශ්ය සේවයක් කරන්නත් බැහැ. ඒත් එය සරසවි ඇදුරන්ගෙ රාජකාරි වැඩක් නොවන නිසා.

බිංදුව

 

සීගිරි බිංදුව දේශන සබැඳිය 


https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fyoutube.com%2Flive%2FlRjje8BWblY%3Ffbclid%3DIwAR2TmEEWp7sNy56EdHhcw15pNLT0eURCjY7RZH5tsiMx1b_inUmpDHUmP1I&h=AT0EgJLulmlCu78w1nwU5tJBJ7kPcyu-NuzkBuS2gbpImhZQ01b9NRaww-tXeE-21O_FoB4AyGkhb1nPhSjr7iLVL_C6sq3ZT9fzGU1XffmzPvyKPjMYe-eUUW6Qme6WY1bV_XOvCnu5-1YZZwFg&__tn__=R]-R&c[0]=AT0qzcTX2vIo4u6idWNdDf74aCoUC5SvlUa47v_rYwnNjxuhfmpsiDkDuz3TbXtUHCoMk6jI0xvWVhsCm31wYnR1HQI_ndIwSU1-uue4xj3ZTorEPNfA4ly5oNfAm73YrPTcwuIe6ebD5DUF303ve7F9IGeAgn0FZYX_qy9-Xiej5X7-BgtOobyB0DgKlrWpIJbDeg

කඩේ යම් දෝ නොයම් දෝ

 

කඩේ යම් දෝ නොයම් දෝ

 

ජැක්සන් ඇන්තනි ගැන ලියූ ලිපියට ප්‍රතිචාර රාශියක් ලැබී තිබුණා. ප්‍රතිචාර හා වෙනත් ප්‍රතිචාර ගැන ප්‍රතිප්‍රතිචාර දැක්වීමට බලාපොරාත්තු වෙනවා. එහෙත් එයට පෙර අර සිය දිවි නසාගත් තරුණයා ගැන යමක් කියන්න ඕන. ඔහු ගැනත් මා කණගාටුවෙනවා. විශේෂයෙන් ඔහුගේ දෙමවුපියන් ගැන මට ඇත්තේ කණගාටුවක්. දෙමවුපියන්ට දරුවන් තරම් වටින කිසිවක් ලෝකයේ නැහැ. අපේ බැඳීම් වැඩියෙන් ඇත්තේ දරුමුණුබුරන් සමග. සිදුහත් කුමරු බව ඉතා හොඳින් දැන සිටියා.

Wednesday 19 April 2023

ජැක්සන් ඇන්තනි

 

ජැක්සන් ඇන්තනි

 

මේ ලිපිය ජැක්සන් ඇන්තනි ගැන නො වෙයි. ඔහු සමග මගේ ඇති ඇයි හොඳයි කමකුත් නැහැ. මා ඔහු හඳුනන්නේ ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂ උපාධි අපේක්‍ෂකයකු සිටි කාලයේ සිට. මා හිතන්නේ ඔහු මා දරණ අදහස් සමග එකඟ නොවන බවයි. ඔහු පමණක් නොව උගත් කලාකරුවන් බහුතරය මගේ අදහස් සමග එකඟ වන්නේ නැහැ. ඔහු කලක් සේවය කළ, මට මතක හැටියට ගුවන් විදුලි සේවයක සාකච්ඡාවකට කැඳවා තම මිතුරකු ලවා මගේ අදහස් වැරදි යැයි කීමට උත්සාහ කළා. හැරෙන්න ඔහු සමග මා සම්බන්ධ වී නැහැ. 

Tuesday 18 April 2023

රනිල් බැසිල් හවුල් අවුල්

 

රනිල් බැසිල් හවුල් අවුල්

 

මේ මගේ සිතුවිලි. මා ඊනියා නාභිගත ක්‍රමයකට ලියන්නේ නැහැ. එය පන්සලේ ශෛලිය නොව පල්ලියේ ශෛලියයි. මා විශ්වවිද්‍යාලයේදීවත් ක්‍රමය අනුගමනය කෙළේ නැහැ. එකල රජයේ නාළිකාවක සේවය කළ මෙකල මන්ත්‍රීිවරයකු වූ අයකු මගේ ලිපිවල ඊනියා වචනය කී වරක් යෙදී ඇත්දැයි ගණන් කෙරුවා. ඔහුට බිංදුවක් ලැබුණේ නම් නැහැ. මා ඔවුන්ට කියන්නේ ඊනියා මහජන සේවකයන්. ලංකාවේ උගතුන් බොහෝ දෙනකු ඊනියා යන වචනයෙහි තේරුම දන්නේ නැහැ.

Monday 17 April 2023

දේශන දෙකක්

 

දේශන දෙකක්

 

සිංහල අවුරුද්දට නෑගම් යමු

 

https://youtube.com/live/_9n7Jo5I7mc

 

Western Science and Buddha Dhamma

 

https://youtu.be/9Pwg6zFfNWk

 

 

සීගිරිය ගැන දේශනය මෙතන නැහැ. ඒ කුමක් වුණත් සීගිරිය කාගේ වැඩක් ද කියා මා නම් තවම දන්නේ නැහැ. දන්නා අය ඇති. ඔවුන්ට මූලාශ්‍රත් ඇති. එහෙත් බිංදුව අපේ වැඩක් බව මා දන්නවා. මට මූලාශ්‍ර නැහැ. එහෙත් සංගත කතාවක් තියෙනවා.

 

බුද්ධාගම්කාර සිංහල විද්‍යාඥයන් පිළිගන්නේ අග්ගඤ්ඤ සුත්‍රයේ සංවට්ට කප්ප විවට්ට කප්ප විශ්වය ද බටහිර විද්‍යාවේ අවකාශීය ව පැතළි මහා පිපිරුමේ සිට නොනැවතී ප්‍රසාරණය වෙන විශ්වය ද? 

 

මා උත්තර භාරතීය සංස්කෘතික ආධිපත්‍යයටත් බටහිර ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයටත් විරුද්ධයි. එහෙත් ඒ දැනුම් අවශ්‍ය පරිදි යොදා ගන්නවා.

 

මා විිද්‍යාඥයකුවත් ඉතිහාසඥයකුවත් ජනශ්‍රැතවේදියකුවත්  බුද්ධිමතකුවත් විද්වතකුවත් නො වෙයි. සිංහල බෞද්ධයකු පමණයි.