Main Logo

Sunday 30 April 2023

නලින් ද සිල්වාගේ පට්ට පල් බොරු

 

නලින් සිල්වාගේ පට්ට පල් බොරු

 

මා දන්නවා මට මිය යන්න වෙන්නේ ජාති ද්‍රෝහියකු බෞද්ධ විරෝධියකු ලෙස අපවාදයට ලක් වී. මේ ඊයේ මා ඉතිහාසය හැදූෑරීම මැයෙන් ලියූ ලිපයක් බෙදා හදාගත් එක් වෛද්‍යවරියකට හාමුදුරුනමකගෙන්  ලැබුණු ප්‍රතිචාරය හා එයට වෛද්‍යවරිය දැක්වූ ප්‍රතිප්‍රතිචාරය. තවත් හාමුදුරුනමක් වෙනත් තැනක සඳහන් කර තිබුණා උන්වහන්සේ නලින් සිල්වාගේ වහලකු වෙන්නෙ නැහැ කියා. ගෝලයන් නැති මට වහලුන් කොහෙන් ?

 

කලින් සඳහන් කළ හාමුදුරුවන්ගෙ ප්‍රතිචාරය 

 

නලින් සිල්වාගේ පට්ට පල් බොරු

 

පහත දැක්වෙන්නේ නලින් සිල්වාගේ ලිපියක කොටසක්. මෙහි දී නලින් සිල්වා මහාවංසය සාක්ෂි දරනවා යැයි කියමින් ලොකු බොරුවක් කියනවා. එනම්විජය රජුට කලින් මෙරට මිනිසුන් හිටි බවට මහාවංසය සාක්‍ෂි දරනවා.“ කියන පට්ට පල් බොරුව.

 

මේ පට්ට පල් බොරුව මහාවංසය නමින් එතුමා ඇතුළු තව බොහෝ දෙනෙක් කාලයක් තිස්සේ ගොතමින් ඉන්නවා. එසේ වන්නේ ඔවුන්ට මහාවංසය හරියට කියවා ගැනීමට නො හැකි කම නිසා හෝ කියෙව්වත් ඒවා තම මනස්ගාතයට එකග නො වන නිසා හෝ විය යුතු . විජය රජුට කලින් ලංකාද්වීපයෙහි මිනිසුන් නො සිටි බව මහාවංසයේ පැහැදිලි කියවෙනවා. කුවේණිගේ කතාවෙ බල්ලෙක් ඉන්න හේතුවත් මහාවංසයේ තියෙනවා. එසේ වුවත්, දේවල් නොදැක්කා මෙන්, මේ අය කාලයක් තිස්සේ කුවෙණිගේ කථාවේ එන බල්ලෙගේ කතාව වගේ සිද්ධි කිහිපයක් මහාවංසයෙන් වියුක්ත අරගෙනවිජය රජුට කලින් මෙරට මිනිසුන් හිටි බවට මහාවංසය සාක්‍ෂි දරනවා.“ යැයි පට්ට පල් බොරුවක් ගොඩනගමින් ඉන්නවා. පසුව, මත තව තව මනස්ගාත ගොඩනගනවා.

 

දැන හෝ නො දැන මේ අය අවසානයේ සිදු කරන්නේ මහාවංයේ හරයට පහරදීම යි. බරපතල හානිය නම්, සිංහල ජාතිකවාදීන් ලෙස පෙනී සිටිමින් මේ දේ කිරීම යි.”

 

වෛද්‍යවරියගේ ප්‍රතිප්‍රතිචාරය

 

ඔව් ගැන මාත් බලාගෙනම තමා එතුමාගෙ ලිපි දාන්නෙ. ඒවා ගැන පැහැදිලි කරන එක හොඳයි හාමුදුරුවනේ. හැබැයි අසපුවෙක් ලෙස හෝ මොංගල් නාමල් උස්සන්න නලින් මහඇදුරුතුමා පහර ගහන කෙනෙක් ලෙස නොවී සත්‍ය කියාදෙන්න.”

 

අපේ හාමුදුරුවන්ට අනුව මා ජාතිකවාදියකු ලෙස පෙනී සිටිමින් මහාවංසයේ හරයට පහර දෙනවා. මා මෙතෙක් කල් වැඩිපුර ලියා ඇත්තේ සිංහල බෞද්ධ විරෝධී මතවලට විරුද්ධ .  සිංහල බෞද්ධ විරෝධී මතවලට විරුද්ධ වැඩියෙන් ලියා ඇත්තේ මා වෙන්නට පුළුවන්. සමහර විට හාමුදුරුවන් මට වඩා ලියා ඇති. මා දන්නේ නැහැ. එමෙන් සිංහල බෞද්ධ විරෝධී මතවලට විරුද්ධ යම් පදනමක් සහිත කතා කරන්නත් මා උත්සාහ කළා. අදත් සිංහල බෞද්ධ විරෝධීන් වැඩියෙන් වෛර කරන්නේ මට.

 

දැන් පෙනෙන විධියට හාමුදුරුවරුන් පමණක් නොව උපැවිදි වූ අයත් උපැවිදි වූ අයගේ දරුවනුත් වෙනත් ජාතිකවාදීනුත් වැඩියෙන් වෛර කරන පුද්ගලයා වීමේ ගෞරවයටත් මා පාත්‍ර වී තියෙනවා. ඇතැමකු කියන්න බැරි නැහැ ඇමරිකාවෙන් මට කීයක් හරි ලැබෙනවා කියාත්. එවැනි දේ කීම ගැන මට කණගාටුවක් නැහැ. මා ලියන්නේ කිසිවකුගේවත් ගෞරවයට පාත්‍ර වීමට නො වෙයි. කාගේවත් මුදලකටවත් නෙවෙයි.

 

මා උත්සාහ කරන්නේ මහාවංසයේ හරය පාදා ගෑනීමටයි. මහාවංසය අර බැල්ල ගැන කියන්නේ යක්ඛිනියක් ගත් වෙසක් ලෙස සලකමින්. විජය කුවේණි නම්  යක්ඛිනිය සමග පවුල් කෑ බවත් මහාවංසය කියනවා. සිංහබාහු සිංහයකුට දාව උපන් බවත් කියනවා. සිංහබාහු තම එක්කුස උපන් නැගණිය සමග පවුල් කෑ බවත් මහාවංසය කියනවා. මේ කතාවල යම් හරයක් තියෙනවා. සමහර දේ මා කලින් කියා ඇති. කතා ගොතා තියෙන්නේ සිංහලයන් වෙනත් ජාතියකින් පැවත නොඑන බව කීමට. මා බොහෝ කලකට පෙර කියා ඇති සමහර ජනවර්ග තමන් රාජාලියකුගෙන් පැවත එන බව එහෙමත් නැත්නම් ගසකින් පැවත එන බව ආදී කතා ගොතා තියෙන බව. තම ජනවර්ගයේ අනන්‍යතාව පැවසීමට බවත් කියා ඇති. සිංහබාහු ප්‍රවාදය නමින් මා කතාව ලියා ඇති. එයට විරුද්ධ වුණේ විජය කතාව සම්පූර්ණයෙන් ප්‍රතික්‍ෂෙප කරන ජාතිකවාදීන්. මහාවංසයේ හරය අනුව මෙරට විජය පැමිණීමට පෙර මනුෂ්‍යයන් හිටියා. අමනුෂ්‍යයන් අද තම මංගල උත්සවවල දී ගයන ගැයුම් වයන වැයුම් මෙලෝ මිනිහෙකුට ඇහෙන්නේ නැහැ.

 

විජය ඒමට පෙර මෙරට මිනිසුන් හිටියේ නැහැ කියන අය සමහර විට දන්නේ නැතුව ඇති දෙමළ ජාතිවාදීන් විජයට පෙට මෙරට හිටියේ දෙමළ ජනයා බව කියන වග. අවුරුදු පනහකටත් එහා සසෙක්ස් විශ්වවිද්‍යාලයේ දී මගේ එක් ඉංගිරිසි ජාතික මිතුරකු ඇහුවේ උතුරෙන් (වංගයෙන්) මිනිසුන් ලංකාවට ඒමට පෙර දකුණු ඉන්දියාවෙන් මිනිසුන් ලංකාවට ආවේ නැහැ කියන එක පිළිගන්න පුළුවන් කියා. අප ඔවුන්ට පිළිතුරු ලෙස මහාවංසයේ තියෙන්නෙ මෙහෙමයි කිවුවට වැඩක් නැහැ.  මා එකක් දන්නවා. අපේ හාමුදුරුවන් පට්ටපල් බොරු කියන්නේ මේ සියල්ල මායාවක් කියන අරුතින් නොවන බව.

 

අර අනෙක් හාමුදුරුවන් තමන්වහන්සේ නලින් සිල්වාගේ වහලකු නොවන බව සඳහන කර ඇත්තේ මා මහාවිහාරයට පහර දෙන බව කියමින්. මට අවශ්‍ය අපේ සංස්කෘතියේ ඇති ඇතැම් දැ නිරවුල් කරගෙන බටහිර ක්‍රිස්තියානි මතවාද සමග සටන් කළ හැකි පදනමක් සකස් කර ගැනීමට. එයට හාමුදුරුවරුන් විරුද්ධ නම් මට කළ හැකි එක් දෙයක් නම් මේ ලිපි සකර්බර්ග්ගේ මෙටාවෙ පළ නොකර සිටීම. එහෙත් මට අවශ්‍ය වන්නේ බුදුහාමුදුරුවන් දේශනා කළේ කුමක් දැයි මට පුළුවන් විධියට දැන ගෙන සිංහල බෞද්ධයනට ශක්තිමත් පදනමක් සකස් කර ගැනීමට. අද ඇත්තේ අවුරුදු එක්දහස් පන්සීයකට උඩ දි සකස් කෙරුණු පදනමක්. එය දැනටමත් දෙදරා ගොස්.

 

මා විශ්වවේදය සුළුවෙන් හැදෑරූ අයෙක්. මා දන්නවා විද්‍යාඥයන්ට අනුව අග්ගඤ්ඤ සුත්‍රය මහා පිපිරුමත් සමග නොගැලපෙන බව. විද්‍යාඥයකු නොවූ මා දන්නවා  මහා පිපිරුම අග්ගඤ්ඤ සූත්‍රයත් සමග නොගැලපෙන බව.