Main Logo

Wednesday 26 April 2023

පීඨාධිපති රනිල්

 

පීඨාධිපති රනිල්

 

රනිල්ට දරුණු පරාජයක් අත්වෙලා. සරසවි ඇදුරන් ජයග්‍රහණය කරලා. රනිල්ට බැරිවෙලා ඇදුරන්ගෙ දේපොළ රාජසන්තක කරන්න. ඇදුරන් තම දේපොළ රාජසන්තක කරනකම් බලා ඉඳලා. රනිල් ඇවිත් නැහැ. කවුද රජා ඇදුරු රජා. රනිල්ගෙ දේපොළ රාජසන්තක කරමු ? ඒවා රාජකීය විදුහලට ලියල කියල තොරතුරක් තියෙනවා. සාක්‍ෂි නැහැ. විජේදාස රාජපක්‍ෂ කියන්නෙ එහෙමයි. තොරතුරක් තියෙනවා සාක්‍ෂියක් නැහැ.

 

රනිල් දැන් මොනව කරයි ? විමල් හෙවත් විමලසිරි ගම්ලත් එක්ක එකතු වෙයි ? රනිල් අගමැති කමෙන් අස්වෙන්න කතානායකට ලිපියක් යවලා. කතානායක නෙ රනිල් අගමැති ලෙස පත්කෙළෙ. අපි නම් දවස්වල ජනාධිපති ගෝඨාභයට කිවුවෙ රනිල් අගමැති කමෙන් අස්කරන්න කියලා. අස්කරල තිබුණ නම් ඇදුරන්ට පරාජය කරන්න කවුරුන්වත් ලැබෙන්නෙ නැහැ. විමල්ගෙ කතාව වැඩ කරන්නෙ නැහැ.  කියන්නෙ බටහිර සැලැස්මක් නොතිබුණා කියන එක නො වෙයි. හමුදාවෙ සමහරුන්ටත් බලාපොරොත්තු තියෙන්න ඇති. ඒත් කතානායක හරහා නොවෙයි.

 

කමක් නැහැ. රනිල් ඉන්නවා. දැන් රනිල් පැරදිලා. පැරදිලා ඉන්න එක තමයි ප්‍රශ්නය. ඇදුරන්ට බැරි රනිල් යවන්න ක්‍රමයක් කල්පනා කරන්න. උත්තර පත්තර බලන ගමන් කල්පනා කරන්න පුළුවන්. උත්තර පත්තර බලනවා කිවුවත් ඇදුරන් කරන්නෙ අනෙක් අය බලපු උත්තර පත්තර කිහිපයක් ආපහු බලන එක. ඒක නිසා කල්පනා කරන්න ඕන තරම් වෙලා තියෙනවා. රනිල් ඉවත් කළෙ නැත්තන් අවුරූදු සියයක පමණ ඉතිහාසයක් ඇති වෘත්තීය සමිති ව්‍යාපාරයට කැලළක්. අනෙක් ගුරු වෘත්තීය සමිති මොක කියන්නෙ. ඒත් අය පාසල් ගුරුවරු. මේ අය උසස් පාසල් ගුරුවරු.

 

අපොයි නැහැ, මා රනිල්ට කඩේ යන්නෙ නැහැ. මා කඩේ යන්නෙ චතුස්කෝටිකයට. හරියට කියනවා නම් කඩේ යන්නෙත් නැහැ නොයන්නෙත් නැහැ.  ඇදුරන්වත් රනිල්වත් මෙටාවෙ පඬි නැට්ටන්වත් කාටවත් කඩේ යන්නෙ නැහැ. හෙරක්ලිටස් හිටියෙ සොක්‍රටීස්ට කලින්. බුදුදහාමුදුරුවන්ගෙ කාලෙ. නැහැ හෙරක්ලිටස් බෞද්ධයකු වූ බවට සාක්‍ෂියක් තියා තොරතුරක්වත්  නැහැ. බුදුහාමුදුරුවො චතුස්කෝටිකය දේශනා කළෙත් නැහැ.

 

ඒත් බුදුදහම චතුස්කෝටික න්‍යාය අනුව විස්තර කරන එක ඇරිස්ගෙ හා බටහිරයන්ගෙ ද්විකෝටික න්‍යාය අනුව විස්තර කරනවාට වඩා පහසුයි. ඇදුරකු අහන්න පුළුවන් මා කියන දේ මුල් බුදුසමයට එකඟ කියා. මා හිතන මුල් බුදු සමයෙ කියන අනත්ත විස්තර කරන්න පුළුවන් ද්විකෝටිකය අනුව නොව චතුස්කෝටිකය අනුවයි. මා කියන  සංකල්පය බොරුවක්. ඒත් අපි හිතනවා මා ඉන්නවා කියා, රනිල් ඉන්නවා කියා ඇදුරන් ඉන්නවා කියා. එහෙම හිතන එක දිට්ඨියක්. නැහැ දිශ්ටියක් වැහිල නොවෙයි. ඒත් දිට්ඨිත් වැහෙන ඒවා තමයි.

 

ඇදුරන් කරන්නෙ බටහිරට හරියන විධියට බුදුදහම කියන එක. ඒක කරන්න පුළුවන් ද්විකෝටික න්‍යායෙන් විතරයි. බටහිරයන් චතුස්කෝටික න්‍යාය පිළිගන්නෙ නැහැ. හෙරක්ලිටස්ට කාලෙ හිටපු ග්‍රීකයොත් විරුද්ධ වුණා. ඊට  කලකට පස්සෙ තමයි ඇරිස් ද්විකෝටිකය සූත්‍රගත කෙළෙ.  සූත්‍රගත කළා කියන්නෙ ඔහු එය සකස් කළා කියන එක නොවෙයි. රනිලුත් ඇදුරනුත් ඉන්නෙ ඇරිස්ටෝටල් එක්ක මිසක් හෙරක්ලිටස් එක්ක නො වෙයි.හෙරක්ලිටසුත් හරියට වතුස්කෝටිකයෙ නො වෙයි. කමක් නැහැ.

 

රුසියන් විදේශ ඇමති මේ දවස්වල එක්සත් ජාතීන්ගෙ ආරක්‍ෂක මණ්ඩලයෙ සභාපති. තනතුර රටින් රටට මාරුවෙන එකක්. විදේශ ඇමති කියල දැන් තියෙන්නෙ බහුධ්‍රැවිත ලෝකයක් කියල. ඒත් අපේ අය වැඩ කරන්නෙ ලෝකය ද්විධ්‍රැවිත  කියා හිතා ගෙන. බටහිර හා සමාජවාදී කියල තමයි ලෝකෙ බෙදන්නෙ. ඇමරිකාවට විරුද්ධ නම් අපි සමාජවාදී. අපි රුසියාවෙ චීනයෙ කියුබාවෙ හා තවත් සමාජවාදී රටවල. ඒත් දැන් ලෝකයෙ සමාජවාදී රටවල් නැහැ. රුසියන් විදේශ ඇමති ඒක දන්නවා.

 

රනිල් බටහිර, ඇදුරන් සමාජවාදී. ඒක බෙදිල්ල. ද්විකෝටික බෙදිල්ලක්. මා නම් ඇදුරන් එක්කත් නැහැ රනිල් එක්කත් නැහැ. ඇදුරන්ගෙ ප්‍රශ්නය තම ජීවිතය කළමනාකරණය කරන්න බැරි කම. එය ඇදුරන්ට විතරක් නොවෙයි මධ්‍යම පංතියෙ ඉහළ නැති අයට බලපානවා. බටහිර වෙදමහත්වරු රට යනවා. ඇදුරන්ට රට යන්න ටිකක් අමාරුයි. සමාජවාදය කියන්නෙ සැප සම්පත් අත්හැරීම නූණත් අද ඉහළ නොවන මධ්‍යම පංතියට තම අවශ්‍යතා කළමනාකරණය කර ගන්න බැහැ. මෝටර් කාරය ගන්න ගේ හදන්න ගත්ත ණය වාරික කැපෙන විට බදු ගෙවන්න අමාරුයි. බදු ගෙව්වට පස්සෙ අතට ලැබෙන මුදල ආප්ප කන්නත් මදි.

             

ඔය උගත් මධ්‍යම පංතිය තමයි රට කරවන්න උපදෙස් දෙන්නෙත්. තමන්ගෙ ජීවිත කළමනාකරණය කර ගන්න බැරුව රට කළමනාකරණය කරන්නෙ කොහෙම ?  රට මෙහෙමවත් තියෙන එක ලොකු දෙයක්.

 

අප හදාගත්ත ගෙදර බංගලාවක්. ණයක් අරන් තමයි හැදුවෙ. අවුරුදු විස්සකින් ගෙවන්න. ඒක ගෙවල ඉවර කරන්න කලින් එකල ඇදුරන්ගෙ  සම්මේලනයෙ සභාපති වෙලා හිටිය මා රැකියාවෙන් නෙරපුවා. වෘත්තීය සමිති අරගලයක් මැද. වෘත්තීය සමිති ආඥා පනත අනුව රැකියාවෙන් ඉවත් කළත් සම්මේලනයෙ සභාපති කමෙන් ඉවත් වෙන්න ඕන නැහැ. අපි අද වගේ නම් දිනුවෙ නැහැ. ඒත් වැටුප් හා දීමනා වැඩි වුණා.

 

අපි අර බංගලාව හදන්න ගත්ත ණය ගෙවුවා. පඬි නැට්ටන් අහන්න බැරි නැහැ බංගලාවක් හදන ඒක ජාතික චින්තනය කියලා. වමාලා බංගලාව බලන්න එන්නත් බැරි නැහැ. කලකට පෙර සර්පයකු ඇවිත් බංගලාව වටේ අඩි දොළහක තාප්පයක් දැක ගත්තා. මට තාම තාප්පෙ  හොයා ගන්න බැරි වුණා. බංගලාවක් කියන්නෙ තනි තට්ටුවෙ ගෙයක්. අහල බලන්න දන්න අයකුගෙන්. මධ්‍යම පාංතික අවශ්‍යතා ඉටු කරගන්න ගිහින් තමයි අද සමහරුන්ට ණය ගෙවා ගන්න බැරි වෙලා තියෙන්නෙ. අපි තට්ටු දෙකේ ගෙයක් හදල තිබුණ නම් සන්නාම සහිත බඩු භාණ්ඩ පාවිච්චි කළා නම් අපටත් ප්‍රශ්නයක් වෙන්න තිබුණා.

 

නරක උසස් පාසලක ජීවිත කළමනාකරණ පීඨයක් ආරම්භ කළොත්. රනිල් පැරදිලත් ජනාධිපති. ඔහු දන්නවා ජීවිත කළමනාකරණය. ඔහුට පූළුවන් ජනාධිපතිකමට අමතරව පීඨයේ පීඨාධිපතිකමත් දරන්න.