Main Logo

Saturday 22 April 2023

පාස්කු ඉරිදා උදයේ

 

පාස්කු ඉරිදා උදයේ 

 

පාස්කු ප්‍රහාරයට අවුරුදු හතරක් ගතවෙලා. වින්දිතයන් ගැන පමණක් නොව ශ්‍රී මහා බෝධිය අවට ප්‍රහාරයෙන් මිය ගිය අය සහ තවත් එවැන්නන් ගැන අප කණගාටු වෙනවා. අනෙක් වින්දිතයන් ගැන කටයුතු කිරීමට කාදිනල්තුමාට වඩා වෙනත් අය ඉන්න බව මා දන්නවා. එහෙත් කිසිවකු සමාජයීය ප්‍රශ්නයක් කරගෙන නැහැ. එයට හේතුව ප්‍රහාරවල මහා මොළකරු ප්‍රභාකරන් හරි වෙනත් කොටි නායකයකු හරි බවට ඇති දැනුම ? කොහොම වෙතත් ඇතැම් කතෝලික පූජකවරු කොටින්ට ආධාර කළ බව කවුරුත් පාහේ දන්නවා. මා හිතනනේ නැහැ කිසිම හාමුදුරුනමක් පාස්කු ප්‍රහාරකයන්ට ආධාර කළා කියා. පාස්කු ප්‍රහාරය ගැන පසුව තවදුරටත් කතා කරමු.

 

පළමුවෙන් සතර වර්ෂ පූර්ණය. 2019 පාස්කු ප්‍රහාරයට වසර හතරක් ගතවුණේ කවදා ? එයට පිළිතුර ඇත්තේ වසර කියන්නේ කුමක් යන්න මතයි. 2019 පාස්කු ප්‍රහාරය සිදු වුණේ අප්‍රේල් මස 21 වැනි දා. සූර්ය දින දර්ශනය අනුව වඩාත් පැහැදිලි කිවුවොත් ග්‍රෙගරියානු දින දර්ශනය අනුව එයට අවුරුදු හතරක් පිරෙන්නේ 2023 අප්‍රේල් 21 වැනි දා. එහෙත් අප සමරන්නේ පාස්කු ප්‍රහාරය. පාස්කු දිනය ග්‍රෙගරියානු දින දර්ශනයේ එක් නිශ්චිත දිනයක වැටෙන්නේ නැහැ. 2023 පාස්කුව වැටුණේ අප්‍රේල් 9 වැනි දා.

 

පාස්කුව කියන්නේ යුදෙවු උත්සවයක්. දෙවියන් වහන්සේ මෝසෙස්ට යුදෙවුවන් සමග ඊජිප්තුවෙන් පිටවෙන්න කී අවස්ථාවේ ඊජිප්තුවන් එයට  එකඟ වුණේ නැහැ. යුදෙවුවන් එහි සිටියේ වහලුන් ලෙස. වහලුන් ගැන කියන විට මා පසුගිය දා දැනගත් දෙයක් කියන්න ඕන. ඇමරිකාවේ වහලුන් ලෙස අප්‍රිකානුවන් ගෙන ගිය බව අප කවුරුත් දන්නවා. එහෙත් ඉංගිරිසින් අයිරිෂ් ජාතිකයන් වහලුන් ලෙස ගෙන ගිය බව කියැවෙනවා. ඉංගිරිසි අයිරිෂ් ප්‍රශ්නය ගැන කාල් මාක්ස් සඳහන් කර තියෙනවා. අතර ඉංගිරිසියෙන් වහලුන්ට කියන slave යන්න බිඳී එන්නෙ නැගෙනහිර යුරෝපීය slav යන්නෙන් බව කියැවෙනවා. මා කිසිවක් අධ්‍යයනය කර නැහැ. වෙලාව තියෙන අයකුට හදාරන්න පුළුවන්.

 

දෙවියන් වහන්සේ තම අණට කීකරු නොවූ ඊජිප්තුවන්ට දඬුවම් නියම කර තියෙනවා. ඉන් එකක් වුණේ පළමු උපන් දරුවා බිලි ගැනීම. බිලිගන්නාට ඊජිප්තුවන්ගේ හා යුදෙවුවන්ගේ ගෙවල් හඳුනා ගැනීම සඳහා යුදෙවුවන්ට පවසලා තියෙනවා ගේ ඉදිරිපිට බැටළුවකුගේ ලේ සලකුණු කරන්න කියා. එවිට බිලිගන්නාට ගෙවල් පසුකර යන්න පුළුවන්. ඉංගිරිසියෙන් මෙය Passover කියනවා. යුදෙවුවන්ගෙ බසින්  Pesach  පෘතුගීසි භාෂාවෙන් Pessach අපට පාස්කු ලැබෙන්න ඇත්තේ පෘතුගීසීන්ගෙන්.

 

යුදෙවුවන්ගේ වර්ෂ ක්‍රමය චන්ද්‍ර වර්ෂ ක්‍රමයක්. පාස්කුව වැටෙන්නේ ඔවුන්ගේ  නිසන් මාසයේ. අපේ නම් බක් මාසයේ. මට තේරෙන හැටියට පාස්කුව වැටෙන්නේ බක් මස පුරපසළොස්වක දිනයට පසුව ලැබෙන ඉරිදා. ළඟපාත ලිත් ඇති අයකු එය හරි කියා බලන්න. පාස්කු දින දවස්වල (දවස් හතක්- අපත් හත් දා මගුල් කන්නෙ)  යුදෙවුවන් කා බී නිදහස් වීමේ කතා කියනවාලු.

 

අපේ අවුරුද්දත් දින ගණනක් තියෙනවා. බක් මස අමාවකෙන් පටන් ගෙන හඳ එහෙම බලලා ආයෙත් හඳ බලන්න තියෙනවා. අතර සූර්යයා රේවති නැකතෙන් අස්විද නැකතට  යනවා. අපට ඉරත් හඳත් දෙක වටිනවා. චන්ද්‍ර වර්ෂයක සූර්ය මංගල්‍යය පවත්වන්න හිතන එක ලෙහෙසි නැහැ. රිබෙයිරො කිවුවෙ අවුරුද්ද බක් මහ අමාවකෙන් පස්සෙ පටන් ගන්නවා කියල. රොබට් නොක්ස් කිවුවෙ අප්‍රේල් 7 8 9 දිනවල අවුරුද්ද කියල. දෙක එක අවුරුද්දක් ගැන බව දැන් පැහැදිලි වෙනවා.  

 

දැන් කතෝලික ආගමට පාස්කුවට ඇති සම්බන්ධය කුමක් ? ඇතැමුන් කියන්නේ යුදෙවුුවකු වූ යේසුස් වහනසේ කුරුසියේ ඇණ ගැසීමට පෙර අනුභව කළ අන්තිම රාත්‍රි භෝජනයත් මේ යුදෙවු සම්ප්‍රදායේ පාස්කු සංග්‍රහයක් කියලා. බ්‍රහස්පතින්දා දවසක. සිකුරාදා  ඇණ ගැසුවා. ඉරිදා මරණයෙන් නැගිට්ටා. තමයි පාස්කු ඉරිදා. ඉරිදා වැදගත් දවසක් වෙන්න ඕන. හුණුවටයෙ කතාවෙත් වැදගත්කම කියැවෙනවා. පාස්කුව චන්ද්‍ර වර්ෂයේ දවසක්. මා හිතන්නේ අප පසළොස්වක චන්ද්‍ර වර්ෂයේ සමරනවා වගේ පාස්කුවත් එසේ සමරන්න ඕන කියා. මේ අවුරුද්දෙ වෙසක් දවස ග්‍රෙගරියානු දින දර්ශනයෙන් බලාගෙන ලබන අවුරුද්දෙ වෙසක් දිනය ග්‍රෙගරියානු දිනයෙ සමරන්නෙ නැහැ.

 

මා සිංහල බෞද්ධයෙක්. මා කතෝලික බැතිමතුනට තම ආගමේ කටයුතු කරන්න ඕන විධිය කියා දෙන්න හදනවා නොවෙයි. මා සුපුරුද පරිදි හිතළු කියනවා. මට හිතෙන්නෙ පාස්කු ප්‍රහාරයේ සතර වර්ෂ පූර්ණය සමරන්න තිබුණෙ 2023 පාස්කු ඉරිදා හෙවත් අප්‍රේල් 9වැනි දා කියා. බක් මහ පුර පොහොයෙන් පසුව පැමිණි පළමු ඉරිදා. මහළු මගේ තවත් හිතිවිල්ලක්. මහළු වෙලත් මට හිතෙන එකත් හිතන එකත් නවත්තන්න බැහැ.

 

මා බොහෝ කලකට පෙර කොළඹ විශ්වවිද්‍යාලෙ එක එක දේ කියපු කාලයෙ හිතුණ දෙයක් කියන්නම්. දවස්වල චතුස්කෝටිකය ගැන කියපු කාලෙ මට හිතුණ කතෝලික චින්තනය හා යුදෙවු චින්තනය, ග්‍රීක චින්තනය වගේ ද්විකේටික න්‍යාය මත නොව ත්‍රිකෝටික න්‍යාය මත පදනම් වෙනවා කියලා. දෙවියන් වහන්සේත් දෙවියන් වහන්සේගේ පුතාත් එක අයකු බව කියනවා. ද්විකෝටිකයේ එහෙම කියන්න අන්තයක් නැහැ. එහෙත් ත්‍රිකෝටිකයේ දෙවියන් වහන්සේ ඔවු දෙවියන් වහන්සේගේ පුතා ඔවු කියන්න පුළුවන්.

 

මතක තියා ගන්න චතුස්කෝටිකයට අන්ත හතරක් තියෙනවා. ද්විකෝටික අන්ත දෙකත් හතරෙන් දෙකක්. ත්‍රිකෝටිකයත් එහි අඩංගු වෙනවා. අවශ්‍ය තැන අදාළ අන්තය යොදා ගන්න ඕන. දෙවියන් වහන්සේ හා පුතා එක යන්නත් එක අන්තයක්. චතුස්කෝටිකය බුදුහාමුදුරුවන්ගෙ එකක් නො වෙයි. එය සිදුහත් කුමරු ඉපදෙන්න පෙරත් භාරතයෙ තිබුණ. න්‍යායෙ තියෙන, ත්‍රිකෝටිකයෙත් නැති  අන්තය තමයි එයත් නො වේය එය නොවන්නේත් නො වේය යන්න. අනුව තමයි සො  අඤ්ඤො  යන්න යෙදෙන්නෙ. පරලොව යන්නෙ තමාත් නොවේ අන් අයකුත් නො වේය යන්න. එය පරලොවට විතරක් නොවෙයි මෙලොවටත් වලංගුයි. මම කියන වචනයෙ දෙවැනි කියන්නෙ පළමු කී මාත් නොවෙයි වෙනත් අයකුත් නො වෙයි.  එලොවටත් මෙලොවටත් නැති අය මෙටාවෙ ඉන්නවා.