Main Logo

Friday 21 April 2023

කෘත්‍රිම බුද්ධිය

 

කෘත්‍රිම බුද්ධිය

 

අපේ අධ්‍යාපනයේ තරම දැන් ඇතිවෙලා තියෙන උසස් පෙළ උත්තර පත්තර බැලීම ප්‍රශ්නයෙන් පැහැදිලි වෙනවා. බටහිර ඇතැමුන් හිතනවා කෘත්‍රිම බුද්ධිය මිනිස් බුද්ධිය පරදවාවි කියා. ඒත් මා නම් හිතන්නෙ නැහැ කිසිම කෘත්‍රිම බුද්ධියකට සිංහලයන්ගෙ බුද්ධිය පරදවන්න පුළුවන් කියා. කෘත්‍රිම බුද්ධිය සකස් කරල තියෙන්නෙ බටහිර බුද්ධිමතුන් හිතන විධිය මත පදනම් වෙලා. එය ඇරිස්ටෝටලීය න්‍යාය සම්භාවිතාව ආදිය මත පදනම් වෙලා තියෙන්නෙ. එය වර්ධනය වුණොත් සමහර විට බටහිර බුද්ධිමතුන් හිතන විධියෙ තවත් අදියරයකට යන්න පුළුවන් වේවි. එසේ නොවන්නත පුළුවන්. මා දන්නෙ නැහැ.

 

ඒත් මා එකක් දන්නවා. කෘත්‍රිම බුද්ධියට සිංහලයන් පරදවන්න බැහැ. අප ක්‍රමයෙන් පිට ඉන්න නිසා. ඒක හරියට දුර පනින අයකුට දුර පැනලා උස පනින අයකු පරද්දන්න බැහැ වගේ. දෙන්නා පැනිලි දෙකක් කරන්නෙ. උසස් පෙළ පරීක්‍ෂණය සම්බන්ධයෙන් ආණ්ඩුවට නෛතික කරන්න පුළුවන් මොකක් කියල මා කල්පනා කරන්නෙ. විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් විශ්වවිිද්‍යාලයෙ රාජකාරි වර්ජනය කරල නම් උසස් අධ්‍යාපනය අත්‍යාවශ්‍ය සේවයක් කරල ඔවුන් සේවයට කැඳවන්න පුළුවන්. එහෙත් උසස් පෙළ උත්තර පත්තර බැලීම ඔවුන් කිසිවකුගෙ රාජකාරියක කොටසක් නො වෙයි.

 

උසස් පෙළ පරීක්‍ෂණය පැවැත්වීම වභාග දෙපාර්තමේන්තුවෙ වැඩක්. විභාග දෙපාර්තමේන්තුවේ සේවය කරන්නන්ට පමණක් එය කරන්න බැහැ. ප්‍රශ්න පත්තර සකස් කරන්න ඕන. ඒවා පරිවර්තනය කර ගන්න ඕන. විභාග ශාලා ලබා ගන්න ඕන. සඳහා ශාලාධිපතිවරු සහ තවත් අය හොයා ගන්න ඕන. උත්තර පත්තර බලන්න ඕන. සඳහාත් ශාලා අවශ්‍යයයි. පරීක්‍ෂකවරු අවශ්‍යයයි.

 

පිරිස් හා ශාලා ආදිය විභාග දෙපාර්තමේන්තුවේ නැහැ. ඉතා පැහැදිලි අධ්‍යාපන අමාත්‍යංශයේ හා වෙනත් ආයතනවල ගොඩනැගිලි අවශ්‍ය වෙනවා. පරික්‍ෂකවරුන් විභාග ශාලාධිපතිවරුන් ආදීන් බාහිරින් ලබාා ගන්න ඕන. එහි දී පාසල් ගුරුවරුන් උසස් පාසල් (විශ්වවිද්‍යාලයීය) ගුරුවරුන් අවශ්‍ය වෙනවා. එත් එය කිසිවකුගේ නිල රාජකාරියක් නො වෙයි. අය, පාසල් හා උසස් පාසල් ගුරුවරුන් විශ්‍රාමිකයන් ආදීන් ලබා ගන්න වෙනවා. සියලු දෙනා සඳහා ඉදිරිපත් වෙන්නෙ ස්වෙච්ඡාවෙන්, ඒත් නොමිලයේ නො වෙයි. ගෙවීමක් කරනවා.

 

අධ්‍යාපන සේවා අත්‍යවශ්‍ය සේවාවක් කරල වැඩක් නැහැ. අදාළ කටයුතු කිසිවකුගේ රාජකාරි කටයුතු නො වෙයි. මා හිතන්නේ පාසල් ගුරුවරු උත්තර පත්තර බලන්න සූදානම් කියා. එහෙත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. උත්තර පත්තර ලකුණූ කරන්න ලකුණු දැමීමේ පටිපාටියක් සකස් කර ගන්න ඕන. හැකිතාක් දුරට එක මිතියක් තබා ගැනීම සඳහා. පටිපාටිය සකස් කරන්නේ උසස් පාසල් ගුරුවරුන්ගේ සහභාගිත්වයෙන්.

 

ආචාර්ය සමිති සම්මේලනය තීරණය කරල තම ගුරුවරුන් වැඩේ වර්ජනය කරනවා කියල. සම්මේලනය තීරණය ගත්ත එකත් වැරදියි. වෘත්තීය සමිති සම්මේලනයකට අදාළ සාමාජිකයන් තම වෘත්තියෙන් බැහැර ස්වේච්ඡාවෙන් කරන කටයුතු සම්බන්ධයෙන් තීරණ ගන්න බැහැ. මේ සියල්ලෙන් පැහැදිලි වෙන්නෙ කෘත්‍රිම බුද්ධියට කිසි දා අප පරාද කරන්න බැරි බව.

 

මා සමිති සම්මේලනයෙ වැඩත් කරල තියෙනවා. අවුරුදු පහළොවක් පමණ ලේකම් හරි සභාපති හරි වෙලා හිටිය. උසස් පෙළ විභාග කටයුතුවලටත් අවුරුදු දෙකක් සහභාගි වුණා. පාසල් ගුරුවරුන්ගේ හා සිසුන්ගේ දැඩි වුවමනාව නිසා මා කටයුතුවලින් ඉවත් වුණා.  මේ අධ්‍යාපනය ගැන මගේ කිසිම පැහැදීමක් නැහැ. අප බටහිර අධ්‍යාපනයක් ලබා දෙන්නෙ බටහිර විධියටවත් වෙන විධියකටවත් නො වෙයි.

 

වුණත් අධ්‍යාපනය අපට පවත්වා ගෙන යන්න සිද්ධ වෙලා. අර කියන්න වගේ නන්දාවතීලගේ සුමනදාසලගෙ ළමයි ගෙදර තියන්න බැහැ. ඔවුනුත් කවද හරි අනාගතයෙ අද උසස් පාසල් ගුරුවරුන් දේශපාලනඥයන් කරන විධියට වැඩ කරාවි. කෘත්‍රිම බුද්ධියට ඔවුන්වත් පරද්දන්න බැරි වේවි. ඒත් පොල් පොට් කළා වගේ අපට ඔවුන් කුඹුරට ඇද දාන්න බැහැ. කෘත්‍රිම බුද්ධිය උගන්නනත් බැහැ. ඔවුන්ටත් දෙමවුපියන්ටත් ඕන ගොඩ යන්න.

 

ඉතින් මොකද කරන්නෙ. උසස් පාසල් ගුරුවරුන් සහභාගි කර ගන්නෙ ඊනියා ප්‍රමිතියක් තියා ගන්න කියලයි කියන්නෙ. ඔය ප්‍රමිතිය මහා ලොකු දෙයක් නො වෙයි. මා අවුරුදු විස්සකට විතර ඉස්සර ප්‍රමිතියක් තියන්න හැදුව පාසල් සිසුන් හා ගුරුවරුන් විරුද්ධ වුණා. ඊටත් අවුරුදු දහයක් විස්සක් විතර අතර කාලෙ උසස් පාසලක ප්‍රමිතියක් තියන්න හැදුව ජී එල් පීරිස් ප්‍රමුඛ පිරිසක් මා එළව ගත්තා. අද ඇති ප්‍රමිතිය මහා දෙයක් නොවෙයි. ප්‍රමිතිය තියා ගන්න පුළුවන් අය සිය ගණනක් විෂයයෙහි දැනමුත්තන් අතර ඇති.        

 

සිසුන් හා දෙමවුපියන් ඊනියා උසස් ප්‍රමිතියක් ඉල්ලාවි ? මා දන්නෙ නැහැ. උසස් පාසල් ගුරුවරුන්ගේ ප්‍රමිතිය උසස් ? මොනව වුණත් විවිධ උසස් රැකියාවල යෙදෙන උදවිය බදු ගෙවීමෙන් යම් ප්‍රමාණයකට නිදහස් වෙලා. උසස් පාසල් ගුරුවරුන් සිසුන් ඇපයට තියාගෙන මූලික වශයෙන් කියන්නෙ බදු ගෙවන්න බැහැ කියල. ඒත් ඉතින් නන්දාවතීලයි සුමනදාසලයි උසස් අය ගෙවන බද්ද බිත්තර ගෙඩියක් පාන් ගෙඩියක් දෙල් ගෙඩියක් ගන්න ගියා ගෙවනවා. ඔළු ගෙඩිය කාගෙද කියල මා දන්නෙ නැහැ. විවිධ ක්‍ෂෙත්‍රවල උසස් අයගෙනුත් ඉතා විශාල පිරිසක් ඇඩිවින්ලගෙ ඩේසිලගෙ දරුවන්