ඉබේ පහළ වුණු සීගිරිය
දැන් නම් ක්‍රම වෙනස වේගවත් වෙලා. පරගලය ජයග්‍රහණය කරලා. ඊනියා සුබසාධන රාජ්‍යය වේගයෙන් දිය වේගෙන යනවා. පරගලයන්ට හා එහි තමන් විසින් ම පත් කරගනු ලැබූ න්‍යායාචාර්යයන්ට සතුටු ඇති. හැබැයි මේ වෙනස බටහිර රටවලත් සිදු වේගෙන යනවා. ප්‍රංශය හා පින්ලන්තය එයට උදාහරණ පමණයි. එහි ආණ්ඩු සුබසාධන කටයුතු කප්පාදු කරලා. ප්‍රංශයේ එයට විරුද්ධ ව උද්ඝෝෂණ. නැහැ තවත් ප්‍රංශ විප්ලවයක් නො වෙයි. පැරිස් කොමියුනයක් හදලත් නැහැ. පින්ලන්තයේ ජනප්‍රිය අගමැතිනිය ඡන්දයෙන් පරද්දලා. ඒත් ලංකාවෙ එහෙම වෙන්නෙ නැහැ. සුබසාධන නැති වෙනවා. රනිල් ඉන්නවා. ක්‍රම වෙනස ඉදිරියට ම යනවා. වැඩි කල් උද්ඝෝෂණ කරන්න බැරි වෙයි. ජෙප්පන් සෙප්පන් හා අනෙක් වමාලා පස්සට යනවා. රනිල් විශ්වවිද්‍යාලයීය ආර්ථික විද්‍යාඥයන්ට ආර්ථික විද්‍යාව කියා දෙනවා. අර අඛණ්ඩ වැඩ වර්ජනය තවම ක්‍රියාත්මකයි. රනිල් ඒක සතපහකට ගණන් ගන්නේ නැහැ. මේ සියල්ල කෙරෙන්නෙ බටහිර රටවල (ජාමූලෙ) උපදෙස් අනුව. උද්ඝෝෂණවලට ඉඩ දුන් ගෝඨාභය උද්ඝෝෂණයකින් ගෙදර ඇරලා උද්ඝෝෂණ නැති කරන අයකු පත් කරගෙන. න්‍යායාචාර්යයන් මොන තරම් තාර්කික ද? ඇරිස් හිටිය නම් ග්‍රීසියට ගෙන්න ගන්නවා.
ඒත්
සීගිරියෙ වැඩේ ඉවරයක් කරන්න ඕන. ඒ නිසා ක්‍රම වෙනස ගැන ලිවීම කල් දාන්න වෙනවා. සීගිරිය ගැන මූලාශ්‍ර ලබා ගන්න අඩු තරමෙන් ධාතුසේන කාශ්‍යප මුගලන් රජවරු හම්බ වෙන්න ඕන. චුලවංසයෙ හා තවත් තැන්වල ඔවුන් ගැන ලියල තියෙනවා. ඒත් ඒ පසු කාලවල ලියපු කතා. එවා අද මූලාශ්‍ර වුණාට එදා මූලාශ්‍ර වුණෙ නැහැ. ඒ මුලාශ්‍ර සංගතත් නැහැ. සීගිරිය හදපු කෙනෙක් ගැන කාශ්‍යප හැරෙන්න වෙනත් නමක් කියැවෙන්නෙ නැහැ. ඒත් සීගිරිය එයට කලිනුත් තිබුණු බවට සාක්‍ෂි තියෙනවා. විජය රජුගෙ සිට ධාතුසේන රජු දක්වා කිසිම රජකු සීගිරිය හදල නැහැ. ඒක ඉබේ පහළ වෙන්න ඇති.
මා
බලන්නෙ සංගත කතාවක් කියන්න. කතාව නිරීක්‍ෂණ එක්ක සංගත වෙන්න ඕන. නිරීක්‍ෂණත් කතාවලින් වියෝ (වියුක්ත නොවෙයි) වෙන්නෙ නැහැ. ඒ නිසා ප්‍රශ්න ඇති වෙනවා. ඒත් අපි බලමු පරස්පර හැකි තාක් අවම කර ගන්න. සීගිරිය ඉබේ පහළ වුණු නිසා කාශ්‍යප රජුටත් රජකු හැටියට එහි අයිතියක් තියෙන්න ඇති. ඒත් වෙන රජකු සීගිරි ගිහින් නැහැ. කාශ්‍යප රජු සීගිරි ගියේ ආරක්‍ෂාවට කියනවා. කාගෙන් ද? මුගලන්ගෙන් ද?
ඒත්
මුගලන් තමයි ආරක්‍ෂාවට ද ඹදිවට ගියේ. සමහරු කැමති නැහැ දඹදිව කියනවාට. ඔවුන්ට අනුව ලංකාව දඹදිවේ ම කොටසක්. සමහරු කියනවා දඹදිව හා ලංකාව වෙන් වුණෙ බුදුහාමුදුරුවන්ගෙ
කාලෙ ඇති වෙච්ච සුනාමියකින් කියල. කැලණිතිස්ස රජු දවස නම් සුනාමියක් ඇති වුණා කියා හිතන්න පුළුවන්. ඒත් ඒ කැලණිය, නොව පැරණිය වන රමණිය කැලණිය ද කියල ප්‍රශ්නයක් තියෙනවා. දැන් ප්‍රශ්නය මුගලන් දඹදිවට පැන ගත්තෙ ඇයි කියන එක.
පැන
ගත්ත විතරක් නොවෙයි අවුරුදු දහඅටක් ම එහි හිටියා. ඔහුට ලංකාවෙ බලයක් තිබුණෙ නැත්තෙ මොක ද? බලයක් තිබුණ නම් ඔහු දඹදිවට පැන ගත්තෙ ඇයි? ඔහු ධාතුසේන රජුගෙ සමාන භාරයවගෙ පුතා. මෙතන සමාන වෙන්නෙ උසින් හරි වයසින් හරි වෙන්න බැහැ. වංශයෙන් හරි ජනවර්ගයෙන් හරි එවැනි දෙයකින් වෙන්න ඕන. ධාතුසේන රජු ක්‍ෂත්‍රිය වෙන්න ඕන. ක්‍ෂත්‍රියන් අතරත් විවිධ අය හිටිය. මහාවංසයට අනුවත් මෞර්ය ලම්බකර්ණ වගේ වෙනස්, අපි භින්න කියමු ද, වර්ග හිටියා. ධාතුසේන රජුගෙ පියා දඹදිවින් ආපු මෞර්ය වංශිකයෙක්. අවශ්‍ය ම නම් සෙනරත් පරණවිතාන මහතාගේ ග්‍රීකයෝ හා මෞර්යයෝ පොත කියවන්න. මුලාශ්‍රයක් හැටියට නො වෙයි සංගත කතාවක් ගොතා ගන්න. පරණවිතාන මහතා පරම්පරාපුස්තයක් රාජවංශපුස්තයක්
ගැන සඳහන් කරනවා. මා නම් ඒ පුස්තක කියවලා නැහැ. පරණවිතාන මහතා කියවන්න ඇති.
ධාතුසේන රජුගෙ පියා මෞර්ය කියන එක ධාතුසේන රජු පළමු මෞර්ය වාංශික රජුවීම සමග ගැලපෙනවා. ඔය සමහර රජවරුන්ට විවිධ
බිසොවුන් හිටියා. මහානාම රජුට දෙමළ බිසොවක් ඉඳලා තියෙනවා. ඒ බිසොවගෙ පුතා සොත්ථිසේන දවසකට රජ වුණා. ඔය කාලෙ තමයි අර ද්‍රවිඩ රජවරු හය දෙනා රට පාලනය කෙළෙ. ඒ කාලෙ ද්‍රවිඩ බලපෑමක් රටේ තිබුණ. සමහර විට දෙමළ ද්‍රවිඩ කියන්නෙ පාණ්ඩ්‍ය වෙන්න පුළුවන්.
ඒ කොහොම වුණත් ධාතුසේන රජු තමයි ඒ රජවරු හයදෙනා පරාජය කෙළෙ. ධාතුසේන රජුගෙ බිසොවුන් දෙදෙනකු ගැන කියැවෙනවා. එක් බිසොවක් සමාන භාර්යාව අනෙක් බිසොව භින්න කියනවා. මුගලන් කියන්නෙ පළමු බිසොවගෙ පුතා. කාශ්‍යප දෙවැනි බිසොවගෙ පුතා. ඒ දෙවැනි බිසොව දෙමළ (පාණ්ස්‍ය) ද ලම්භකර්ණ ද වෙනත් අයකු ද කියා මහාවංසය කියන්නෙ නැහැ. භින්න කියනවා විතරයි. මහාවංසය නොකියන දේ ගැන තමයි අප වඩාත් විමසිලිමත් වෙන්න ඕන.
කොහොම
වුණත් කාශ්‍යප රජ වෙන්නත් මුගලන් දඹදිවට පැන ගැනීමත් කියන දෙයින් පැහැදිලි වෙන්නෙ කාශ්‍යපට රටේ යම් සහායක් තිබුණ බවත් මුගලන්ට එවැනි සහායක් නොතිබූ බවත්. ඒ ඇයි ද කියන ප්‍රශ්නයටත් පිළිතුරක් හොයා ගන්න ඕන. කාශ්‍යපගෙ මව ලම්බකර්ණ දෙමළ නුණ නම් මහාවංසය හංගන කතාව ඇය යක්‍ෂ වීම වෙන්න ඕන. මහාවංසය යක්‍ෂයන් ගැන කියන්න කැමති නැහැ. මහාවංසය යක්‍ෂයන් ගැන කියන්නෙ අමනුෂ්‍යයන් ලෙස. එය මහාවංස කතෘගෙ නිරමාණයක් කියන එකෙන් මා අදහස් කරන්නෙ එය ඒ ගුරුකුලයෙ නිර්මාණයක් කියන එක. ඒ ගුරුකුලය ම තමයි බෞද්ධයකු වූ කාශ්‍යප පීතෘඝාතකයකු කරල නිඝන්ඨයන් ආධාර කළ දඹදිවින් ආධාර ලබා ගත් මුගලන්ට ආවැඩුවෙ. දේවානම්පිය තිස්ස රජු මිහිඳු හිමියන් තමන්ට තිස්ස කියා අමතන විට හිතුවෙ ඒ යකෙක් කියා. යක්කු එහෙම වෙන්න ඇති. දේවානම්පිය තිස්ස රජු ඒ අමනුෂ්‍යකු කියා මහාවංසයට අනුව වුණත් හිතන්නෙ නැහැ.
යක්‍ෂයන්ගෙ බලය ධාතුසේන සමය වන විට බිඳෙන්න හේතුවක් නැහැ. ධාතුසේන රජුගෙ වරිගෙ නොකියන බිසොව යක්‍ෂ වෙන්න ඕන. ඒ මතය සංගත වෙනවා මුගලන් දඹදිවට පැන ගැනීමෙන්, ලමබකර්ණයන් කාශ්‍යපට සහාය දුන් බව පැහැදිලි වීමෙන් නිඝන්ඨයන් මුගලන්ට ඔත්තු (තොරතුරු) සැපයීමෙන් හා වෙනත් රජවරු නොකළ අන්දමට කාශ්‍යප රජු අර ඉබේ පහළ වුණු සීගිරියට යෑමෙන්. කාශ්‍යප රජු සීගිරියට ගිහින් හැංගිලා ඉඳලා නැහැ. අනුරාධපුරයෙ කටයුතුවලට සහභාගි වෙලා තියෙනවා. වෙස්සගිරියට හා ඉසුරුමුණියට ආධාර කර තියෙනවා. ඉසුරුමුණිය තමන්ගෙ හා දියණියන්ගෙ නමින් නම් කරල තියෙනවා. බයෙන් හැංගිලා හිටපු බලයක් නැති රජෙක් තමන්ගෙ නමින් ඉසුරුමුණිය නම් කරාවි ද? අනුරාධපුරයෙ රජ කළ ඇතැමුන් සතුරු තර්ජන හමුවෙ රුහුණට පළා ගියා. කාශ්‍යප රජු රුහුණට ගියෙත් නැහැ රජකම අත්හැරියෙත් නැහැ. අනුරාධපුරෙන් ඇතකට ගියෙත් නැහැ. අනුරාධපුරයට ආව ගියා.