Main Logo

Saturday 16 May 2020

බටහිර වෙදකමේ ආධිපත්‍යය

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9





බටහිර වෙදකමේ ආධිපත්‍යය


මේ කෙටි ලිපිය මෙරට බටහිර වෙදකම උසුලන අධිකාරීත්වය ගැනයි. අද සෞඛ්‍යය පාලනය කෙරෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන්. ඒ බව කොවිඩ් සම්බන්ධයෙන් පැහැදිලි වුනා. අනෙක් කාලවලත් ආධිපත්‍යය දරනු ලබන්නේ බටහිර වෛද්‍ය විසින්. ඒ බව බටහිර වෙදකමට සමාජයේ ලබා දී ඇති පිළිගැනීමෙන් ද පැහැදිලි වෙනවා. ඒ පිළිගැනීම ඉංගිරිසින් සංස්කෘතික ආධිපත්‍යය යොදා ගනිමින් කළ දෙයක්.


මෙරට ඇත්තේ සෞඛ්‍ය හා දේශීය  වෛද්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයක්. එය එසේ වන්නේ ඇයි? සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සියල්ල ගොණු කර ගන්න බැරි ද? එහෙමත් නැත්නම් සෞඛ්‍ය හා බටහිර වෛද්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයක් තිබිය නො හැකි ද? පැහැදිලි ව ම දේශීය වෛද්‍ය කටයුතු සෞඛ්‍යයට අයත් වන්නේ නැහැ. 

මේ කතාව පළාත් සභා යටතේ පළාත් සභාවල කටයුතු නියම කිරීමේ දී ද සිදු වී තිබෙනවා. පහත සඳහන් වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පරිශිෂ්ටයකින් උපුටා ගත් කොටසක්. 

11. සෞඛ්‍යය -
11ඃ1 (ශික්ෂණ රෝහල් සහ විශේෂ කාර්යය සඳහා පිහිටුවනු ලබන රෝහල් හැර) මහජන රෝහල්, ග‍්‍රාමීය රෝහල්, මාතෘ නිවාස සහ බෙහෙත් ශාලා පිහිටුවා පවත්වාගෙන යාමෂ
11ඃ2 මහජන සෞඛ්‍ය සේවා, සෞඛ්‍ය අධ්‍යාපනය, පෝෂණය, පවුල් සෞඛ්‍ය ය, මාතෘ දාරක රක්ෂණය, ආහාර සහ ආහාර සෞඛ්‍යාහරක්ෂණය, පාරිසරික සෞඛ්‍යයෂ
11ඃ3 පළාත සඳහා සෞඛ්‍ය වර්ධන සැලසුම සහ වාර්ෂික සෞඛ්‍ය සැලසුම් පිළියෙළ කොට ක‍්‍රියාත්මක කිරීම ෂ
11ඃ4 ඖෂධ ලබා දීම හැර පළාත ඇතුළත ඉහත 1 හි සඳහන් සියලූ ආයතන සඳහා පහසුකම් සැලසීමෂ
11ඃ5 ඉහත 1 හි සඳහන් ආයතනවලට අනුයුක්ත පිරිස්වලට ශ‍්‍රී ලංකාව ඇතුළත පශ්චාත් උපාධි අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීම.

12. දේශීය වෛද්‍ය කටයුතු - ආයුර්වේද, සිද්ධ සහ යුනානි -
12ඃ1 ආයුර්වේද බෙහෙත් ශාලා සහ රෝහල් පිහිටුවීම, එවැනි බෙහෙත් ශාලාවලට හා රෝහල්වලට ආධාර මුදල්ෂ
12ඃ2 ඖෂධ උද්‍යාන පිහිටුවා පවත්වාගෙන යාම.

පාසලේ දී සෞඛ්‍යය යටතේ උගන්වනු ලැබුයේත් බටහිර වෙදකමේ තොරතුරු. මෙය ඉංගිරිසින්ගේ පාලන සමයේ ඇති කළ තත්වයක්. ඔවුන්ගේ අණ පනත්වල සෞඛ්‍යය ලෙස දැක්වුනේ බටහිර වෙදකමේ සෞඛ්‍යය. අද බොහෝ විට කතාවෙන නිරෝධායන ආඥා පනත බලය පවරන්නේ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාට. මේ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ධුර බටහිර වෙදකම සමග සම්බන්ධයි. 

බටහිර වෙදකම යනු තවත් වෙදකමක් පමණයි. එය බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වූවක්. එහි ඇති ඊනියා විද්‍යාවක් නැහැ. අද බටහිර වෙදකම බටහිර තාක්‍ෂණය මත පදනම් වන්නක්. බටහිර තාක්‍ෂණය යොදා ගෙන කෙරෙන ඊනියා පරීක්‍ෂා නැතිව බටහිර වෙදමහත්තයකුට පැවැත්මක් නැහැ. බටහිර තාක්‍ෂණය හා බටහිර විද්‍යාව යනු දෙකක්. බටහිර විද්‍යාවේත් ඇති ඊනියා විද්‍යාවක් නැහැ. එය පට්ටපල් බොරුවක්. මා ඊයේ සඳහන් කළ පරිදි බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් මාක්ස්වාදය පට්ටම පට්ටපල් බොරුවක්. 

කසිකබල් මාක්ස්වාදීන්ට මෙය තේරෙන්නේ නැහැ. ඔවුන් බෞද්ධයන් නොවන බව මා දන්නවා. ඔවුන් බොහෝ දෙනාට බුදුදහම විඥානවාදී ධර්මයක්.  ඔවුන් මා කියන සංකල්පය බොරුවක් බව දන්නේ නැහැ. විඥානවාද එතැනින් ම ඉවරයි.  ඔවුන්ගේ කසිකබල් අපෝහකය අනුව වුවත් A, Aට සමාන වන්නේ නැහැ. A=A කීම පට්ටපල් බොරුවක්. 

ඒ කොහොම වුනත් ඉහත සඳහන් උපුටා ගැනීමෙන් පැහැදිලි වන්නේ දේශීය වෙදකමත් ආයුර්වේද සිද්ධ යුනානි වෙදකම්වලට සීමා වන බවයි. එහි පාරම්පරික වෙදකමට කිසිම තැනක් නැහැ. දේශීය වෙදකම යනු පාරම්පරික වෙදකම මිස අනෙකක් නො වෙයි.

අප පැහැදිලි ව ම මේ සියල්ල නිවැරදි කර ගත යුතුයි. ඒ සඳහා කලක් යාවි. එහෙත් දැනට ආරම්භයක් කෙරී තිබීම සතුටට කරුණක්.