Main Logo

Sunday 31 May 2020

තපස්සු භල්ලුක ගැන දන්නවා ද?



                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9






තපස්සු භල්ලුක ගැන දන්නවා ද?



ආණ්ඩුව මේ සතියේ ප්‍රශ්න දෙකක් අවුල් කර ගත්තා. එකක් හාල් ප්‍රශ්නය, අනෙක තොණ්ඩමන් ප්‍රශ්නය. මා මේ බව කියන්නේ ඉදිරියට මෙවැනි වැරදි නොකර සිටීම සඳහා පමණයි. හාල් ප්‍රශ්නය මට පේන හැටියට බත් නොකන පිරිසක් අවුල් කර ගත්තක්. ඔවුන් මොන වියතුන් දැයි උගතුන් දැයි මා දන්නේ නැහැ. මාධ්‍ය රැගෙන ඩඩ්ලි සිරිසේන මුණ ගැහෙන්න ගොස් ඔහු වීරයකු බවට පත් කිරීමයි අවසානයේ දී සිදු වුණේ. හාල් මාෆියාව පාලනය කිරීමට ඒ ප්‍රශ්න ගැන දැනුම් තේරුම් ඇති උදවිය පත් කරන්න ඕන. 


තොණ්ඩමන් ප්‍රශ්නය අවුල් කළේ කඳුකරයේ දෙමළ ඡන්ද ලබා ගැනීමට අවශ්‍ය අය බව පැහැදිලියි. නිරෝධායනයක් මැද දින හයක අවමංගල උත්සව පවත්වන්නේ කාගේ අවශ්‍යතාවකට ද? යම් අයූරකින් අවමංගල්‍යය නිසා කොවිඩ් පොකුරක් ඇති වුණෙත් ඡන්ද වැඩි වීම කෙසේ වෙතත් අඩුවේවි. එසේ පොකුරක් ඇති නොවේවා යන්න අප සියල්ලන්ගේ ප්‍රාර්ථනය විය යුත්තේ හුදෙක් ඡන්දය බලාගෙන නොව කොවිඩ් මර්දනය කිරීම සඳහායි. මෙතෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගේ නායකත්වයෙන් ඉතා සාර්ථක ව කෙරෙන කොවිඩ් මර්දනය කිසිම අයුරකින් කඩා කප්පල් නොවිය යුතුයි.

තපස්සු භල්ලුක ගැන මෙරට සඳහන් වන ඓතිහාසික කරුණු මොනවා ද?  ජනප්‍රවාද ඓතිහාසික කරුණු ලෙස නොසලකන්නේ පේරාදෙණි ගුරු කුලයේ ඊනියා ඉතිහාසඥයන් වෙන්න පුළුවන්. මේ පේරාදෙණි පැටවු අද හැම විශ්වවිද්‍යාලයක ම දකින්න පුළුවන්. අප කළ ලොකුම වරද විද්‍යොදය විද්‍යාලංකාර පිරිවෙන් කසිකබල් විශ්වවිද්‍යාල බවට පත් කිරීමයි. පඬි නැට්ටකු අහන්න බැරි නැහැ මාත් ඉන් එකක ඉගැන්නුවා නේද කියා. පඬි නැට්ටන් අහන්නේ එවැනි ප්‍රශ්න. පේරාදෙණි සාහිත්‍ය කුලය (එවැන්නක් නොතිබූ බව කිවුවත් එය හඳුනාගත හැකියි) කියන්නේ පේරාදෙණි ගුරු කුලයේ ම එක් අංගයක් පමණයි. 

පේරාදෙණි ගුරු කුලයට අවශ්‍ය වූයේ, ඔවුන් ලවා ජෙනිංග්ස් ඇතුළු පිරිස කර ගත්තේ, සියළු විෂය නූතනත්වයට යට කිරීමයි. වෙනත් අයුරකින් කියනවා නම් නූතනත්ව දැනුමක් මෙරට පැතිරවීමයි. එනම් බටහිර ක්‍රිස්තියානි නූතනත්ව දැනුම් ආධිපත්‍යය මෙරට තහවුරු කිරීමයි. සරච්චන්ද්‍ර පමණක් නොව කේ එන් ජයතිලක ආදීන් ද මේ ව්‍යාපරයේ හිටියා. එහෙත් පසුව සරච්චන්ද්‍ර ඉන් කැඩී සිංහල බෞද්ධ සංස්කෘතිය දෙසට නැඹුරු වුණා. ජයතිලක අකාලයේ මිය ගියා. ඉතිහාස අධ්‍යනංශය මුල සිට අගට ක්‍රිස්තියානි පූජකවරයකු විසින් මෙහෙයවන ලද සිංහල බෞද්ධ විරෝධී මුලස්ථානයක් වුණා. 

තපස්සු භල්ලුක ගැන දන්නා ජනප්‍රවාදයක් මා වෙත ලැබෙන්න සලස්වන මෙන් ඉල්ලා සිටිනවා. මේ ජනප්‍රවාද ඉතා වැදගත්. ඉතිහාසය ගැන ඊ එච් කාර්ට පසු බොහෝ දේ බටහිරත් ලියැවිලා තියෙනවා. ඒත් අපට ඉතිහාසය උගන්වන්න කවුරුන්වත් අවශ්‍ය නැහැ. අපේ වංසකතා නූතනත්ව අර්ථයකින් ඉතිහාසය නො වේ යැයි පඬියකු හරි පඬි නැට්ටකු හරි කියන්න පුළුවන්. ඉතිහාසය කියන එකටත් ඇත්තේ එක් නිරවචනයක් පමණක් නොවන බව බටහිර ක්‍රිස්තියානි දැනුම් ආධිපත්‍යයේ දාසයන් තේරුම් ගත යුතුයි. 

මේ දාසයන් ගැන බටහිර තම ස්වාමිවරුන් දන්නේ කුමක් ද? ඔවුන් ඉතිහාසයට එක් කර ඇති නව දැනුම කුමක් ද? ඔවුන් කරන්නේ මෙරට ඉතිහාසයේ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන නැති කිරීම සඳහා බොරු තර්ක ගෙනෙන එක පමණයි. ඔවුන්ට ජෙනිංග්ස්ලා දුන් ව්‍යාපෘතියක් තියෙනවා. ඔවුන් දාසයන් සේ එහි නිරත වෙනවා.  එපමණයි. ඔවුන්ට නව සංකල්පයක් ප්‍රවායක් සංස්කරණය කර ගැනීමට තරම් හැකියාවක් නැහැ. 

මා කලින් දවසක තපස්සු භල්ලුක ගැන කතන්දර තුනක් ඉදිරිපත් කළා. (http://www1.kalaya.org/2020/05/blog-post_25.html)  ඒ මගේ හිතළු නො වෙයි. ඇෆ්ගනිස්ථාන ඉතිහාසයෙන් සිංහල ඉතිහාසයෙන් හා මියන්මාර (බුරුම ) ඉතිහාසයෙන් ඉදිරිපත් කෙරුණු කතන්දර. පඬි නැට්ටන්ට ඒවා සුරංගනා කතා වෙන්න පුළුවන්. එහෙත් රටවල් තුනක ඉතිහාසයේ තපස්සු භල්ලුක සඳහන් වීම සුරංගනා කතා කාරයන් තේරුම් ගන්නේ කෙසේ ද? එක් පඬි නැට්ටකු අසා තිබුණා එකල මුහුදු ගමන් සිදුවුණා ද කියා! අපේ ඉතිහාසය අපට අහිමි කිරීමට මේ දාසයන්ට ඇත්තේ ගායක්. එසේ අහිමි කිරීම මගින් තම හීනමානය වසා ගැනීමටත් පුහු පොරවල් වීමටත් ඔවුන් උත්සාහ කරනවා.

බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන ආකාරයට දෙරුවන් (බුද්ධ ධම්ම) සරණ යෑමෙන් පසු තපස්සු භල්ලුක බුදුහාමුදුරුවන්ගෙන් ආපසු තම රටට ගෙන යෑමට යමක් ඉල්ලා තියෙනවා. බුදුහාමුදුරුවන් ඔවුන්ට කේශධාතූන් වහන්සේ දී තිබෙනවා. ඉහත කී රටවල් තුනේ ඉතිහාසයේ සඳහන් වන්නේ ඒ රටවල් තුනෙහි ම කේශධාතුන්වහන්සේ නිධන් කර චෛත්‍ය සෑදූ බවයි. වෙළෙඳුන් වු තපස්සු භල්ලුක ඇෆ්ගනිස්ථානයටත් ලංකාවටත් ගිහින්. මා දැන් විශ්වාස කරනවා (අප  කරන්නේ විශ්වාස කිරීම් පමණයි. තර්කයත් නිවැරදිය කියා පඬියන් හා පඬිනැට්ටන්, තුට්ටු දෙකේ බටහිර නූතනත්ව දැනුම් අනුකාරකයන් විශ්වාස කරනවා. එය විශ්වාසයක් පමණයි. තර්කයත් අපේ නිර්මාණයක්) තපස්සු භල්ලුක ඇෆ්ගනිස්ථානයටත් ගිය බවත් ඉතිහාසයේ සඳහන් චෛත්‍යය ඔවුන් විසින් කරවන ලද බවත්. එහෙත් ඔවුන්ගේ රට ඇෆ්ගනිස්ථානය නො වෙයි.

ලංකාවේ තිරියායේ ද ඔවුන් කළ චෛත්‍යයක් ගැන ඉතිහාසයේ සඳහන් වෙනවා. ඔවුන් ඉන්පසු මියන්මාරයට ගොස් තිබෙනවා. ඒ තමයි  ඔවුන්ගේ රට. ඇෆ්ගනිස්ථානය නො වෙයි. තපස්සු භල්ලුක ගෙන ආ ධාතුන්වහන්සේ යැන්ගුන් ප්‍රදේශයේ නිධන් කිරීම පිළිබඳ කතාවක් මියන්මාර ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ චෛත්‍යය තැනීමට සිංගුත්තර කන්ද නියම කෙරී ඇති බවත් ඒ කන්ද සොයා ගැනීමට ඔක්කාලප රජතුමාට වසර තුනක් පමණ කාලයක් ගත වූ බවත් සඳහන් වෙනවා.

මේ ඉතිහාසය අපට අමතක කරන්න බැහැ. මට තේරෙන විධියට ලංකාවට මියන්මාරය සමග පළමු සම්බන්ධතාව ඇති වී තිබෙන්නේ තපස්සු භල්ලුක මගින්. ඔවුන් පිළිබඳ දන්නා තොරතුරක් වේ නම් ශාසන චිරස්ථිතිය සඳහා ශාසනාලයෙන් දන්වන මෙන් ඉල්ලා සිටිනවා.