Main Logo

Showing posts with label Afghanistan. Show all posts
Showing posts with label Afghanistan. Show all posts

Sunday, 31 May 2020

තපස්සු භල්ලුක ගැන දන්නවා ද?



                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9






තපස්සු භල්ලුක ගැන දන්නවා ද?



ආණ්ඩුව මේ සතියේ ප්‍රශ්න දෙකක් අවුල් කර ගත්තා. එකක් හාල් ප්‍රශ්නය, අනෙක තොණ්ඩමන් ප්‍රශ්නය. මා මේ බව කියන්නේ ඉදිරියට මෙවැනි වැරදි නොකර සිටීම සඳහා පමණයි. හාල් ප්‍රශ්නය මට පේන හැටියට බත් නොකන පිරිසක් අවුල් කර ගත්තක්. ඔවුන් මොන වියතුන් දැයි උගතුන් දැයි මා දන්නේ නැහැ. මාධ්‍ය රැගෙන ඩඩ්ලි සිරිසේන මුණ ගැහෙන්න ගොස් ඔහු වීරයකු බවට පත් කිරීමයි අවසානයේ දී සිදු වුණේ. හාල් මාෆියාව පාලනය කිරීමට ඒ ප්‍රශ්න ගැන දැනුම් තේරුම් ඇති උදවිය පත් කරන්න ඕන. 

Monday, 25 May 2020

තපස්සු භල්ලුක- ඒ කවුද?


                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9



තපස්සු භල්ලුක- ඒ කවුද?



ඒ පොළොන්නරුවේ හරි වෙනත් තැනක හරි හාල්මෝලුන් නොවන බව නම් පැහැදිලියි. හාල්මෝලුන්ට මෙතරම් බලයක් හිමි වී ඇත්තේ කෙසේ ද? ආණ්ඩුව නියම කරන පාලන මිලට ඔවුන් අලෙවි නොකරන බව පැහැදිලියි. මේ වෙළෙඳ අධිකාරිවලට වෙළෙඳපොළ හැසිරවීමට ඉඩ දිය හැකි කාලයක් නො වෙයි. කෙසේ වෙතත් කිසි දිනෙක කිසි ම ක්‍ෂෙත්‍රයක වෙළෙඳ අධිකාරි ඇති නොවීම සඳහා අණ පනත් නීති රීති සකසන්න ඕන. 

Thursday, 9 January 2020

ජාතික ගීය දෙමළෙන් - ඊළම කියන්නෙ සිංහල දේශය

  සිංහල ලිත් ඉලක්කම්





ජාතික ගීය දෙමළෙන් - ඊළම කියන්නෙ සිංහල දේශය



රන්ජන් ගැන කතා කරන එක වැදගත්. ඒත් මට ප්‍රශ්න රාශියක් තියෙනවා. විනිසුරුවන්ට කතා කෙළේ ඔහු පමණ ද? පොලීසියට කතා කෙළේ ඔහු පමණ ද? නීතිපති දෙපාර්තමේන්තුවට ඔහු හරි වෙනත් අය හරි කතා කරන්නේ නැද්ද? ඔහු වෙනත් අය වෙනුවෙනුත් කතා කෙළේ ද? ඔහුගෙ අනෙක් හඬපට කාට විරුද්ධව ද? ඒ අය තමන්ගේ ගැලවීම සඳහා රන්ජන්ගේ සියලු හඬපට ඉවත දමාවි ද? විනිසුරුවන් නීතිපති දෙපාර්තමේන්තුව ආදිය දූෂිත ද? දූෂිත නම් එය 2015න් පසු සිිදු වූවක් ද?    කතෝලිකයන් අතරත් කුල ක්‍රමයක් තියෙනවා ද? කතෝලික වීමේ කොලිටිය කුමක් ද? ප්‍රජාතන්ත්‍රවාදය අනාගමික ද? ලෝකයේ ඇති සංස්කෘතික ගැටුම ඉරානයේ පිළිබිඹූ වන්නේ ද?

Monday, 30 December 2019

ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය

 සිංහල ලිත් ඉලක්කම්


ජාතික ගීය, වෙල්ලාලයන් හා ඉතිහාසය



සුමන්තිරන් ජාතික ගීය කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රශ්නයක් නැහැ. ජාතික ගීය සම්පූර්ණයෙන් ම දන්න සිංහලයන්ගෙ ප්‍රතිශතය කීයද කියල මා දන්නෙ නැහැ. අප ජාතික ගීයක් නිර්මාණය කර ගත්තෙ ඩොමීනියන් නිදහස ලැබුණට පස්සෙ. මේ නිදහස ගැනත් කතා දෙකක් කියන්න තියෙනවා. කවුද පඬියකු කියලා තිබුණ ඕස්ත්‍රේලියාවෙත් තියෙන්නෙ ඩොමීනියන් නිදහසක් කියලත් ඒ රටේ උදවිය සතුටින් ඉන්නව කියලත්.
ඕස්ත්‍රේලියාව කියන්නෙ ප්‍රධාන වශයෙන් එංගලන්තයෙන් ගිය අය පදිංචි වුණු රටක්. ඒ අය හිරකාරයො ය කියල නිග්‍රහ කරන්න අවශ්‍ය නැහැ. හිරකාරයන්ගෙ වුණත් දරුවන් වැරදිකරුවන් නොවෙයි. එරට වැසි යම් ප්‍රමාණයකට එංගලන්තයෙ රැජන ගැන ගෞරවාදර හැඟීමක් තියෙනවා. ඔවුන් තම මවුරට ලෙස එංගලන්තය ගැන හිතනවා. ඒත් එරට වැසියන්ගෙන් සමහරුනට පූර්ණ නිදහස අවශ්‍යයි.

Sunday, 29 December 2019

සිංහලයන්ගෙ බිංදුව

 සිංහල ලිත් ඉලක්කම්


සිංහලයන්ගෙ බිංදුව


බිංදුව යුරෝපයට ගියෙ ආසියාවෙන්. ඒක අවුරුදු තුන්හාරසියකට එහා පැත්තෙ වුණා ද නැත්නම් අවුරුදු දාහකට කලින් සිද්ධ වුණාද කියන විශාල ප්‍රශ්නයක් වෙන්නෙ බිංදුවෙ ඉතිහාසය දන්නෙ නැති අයට.  කොහොමටත් බිංදුව යුරෝපයට ගියාට පස්සෙ ඒකට ඔවුන් කිවුවෙ යක්‍ෂයාගෙ ඉලක්කම කියලා. ඒකට හේතුවක් තියෙනවා. බිංදුවට අගයක් නැහැ. එහෙම නම් අගයක් නැති දෙයකට සංකේතයක් මොකට ද?