අපටත් ලෝකයටත් පිහිට වෙමු
තවමත් අපේ සමහරුන්ට කොවිඩ් 19 බරපතළකම ගැන හැඟීමක් නැහැ. පොලීසියේ ඇස්වලට වැලි ගසා බයිසිකලයකින් හෝ පයින් හෝ රවුම් ගැසීම ඔවුන් වීර ක්‍රියාවක් ලෙස සලකන බවක් පේනවා. මිතුරකු එසේ කළහොත් ඔහට අවවාද කරනු වෙනුවට තමන් ඊටත් එහා යන සෙල්ලමක් කිරීමට සමහරු උත්සාහ කරනවා. මේ අය සමහර විට සිංහල බෞද්ධ දෙමව්පියන්ගෙ දරුවන් වෙන්න පුළුවන්. එහෙත් ඔවුන්ට සිංහල බෞද්ධ විනයක් නැති බව පැහැදිලියි. අධ්‍යාපනය විසින් ඒ අයගේ සිංහල බෞද්ධ විනය නැති කෙරී තිබෙනවා.