Main Logo

Showing posts with label Italy. Show all posts
Showing posts with label Italy. Show all posts

Saturday, 25 April 2020

කොවිඩ් පැරදවීම

෦ ෧ ෨ ෩ ෪ ෫ ෬ ෭ ෮ ෯
                                                       සිංහල ලිත් ඉලක්කම්
0  1   2    3    4   5  6  7  8  9 





කොවිඩ් පැරදවීම



කොවිඩ් 19 පැරදවීම සඳහා සියල්ලන් එකතු විය යුතු යැයි කීම කිසිම තේරුමක් නැති කතාවක්. කොටි පැරදවීමට එකතු වූයේ කවුද? ඇතැමුන් කියනවා එදා ජ වි පෙ කොටි පරාද කළ යුතු යැයි කී බව. එය එසේ නොවන බව මා හොඳාකාරව ම දන්නවා. අනූවේ දශකයේ මුල අප ලක්මිණ පුවත්පත ඇරඹු යුගයේ එහි ජ වි පෙරමුණේ හෝ ජ වි පෙරමුණට පක්‍ෂව සිටි හෝ අය අප හමුදා මෙහෙයුම්වලින් කොටි පරාජය කළ යුතු යැයි කී විට එයට විරුද්ධ වුණා. ඔවුන් විරුද්ධ වූවා පමණක් නොව ලක්මිණ ප්‍රධානියා ව සිටි තිලක් කරුණාරත්න ලවා මා ලක්මිණෙන් නෙරපන තැනට කටයුතු කළා. එදා චම්පකත් ඒ පත්‍රයට ලිවුවා. විමල් වීරවංශත් (එකල ජ වි පෙ)  ඩලස් අලහප්පෙරුමත් සුනිල් මාධවත් ලිවුවා. ජනරංජන කාටූන් ඇන්දා. ඔවුන් හමුදා මෙහෙයුම්වලින් කොටි පරාජය කළ යුතු බවක් කිවුවේ නැහැ. චම්පකලා ඊනියා යුද්ධයට විරුද්ධ ව පෝස්ටර ඇලෙවුවා. රාජ්‍ය නොවන ගැත්තන් හා සිවල් සාමාජිකයන් ගැන කියන්න අවශ්‍ය නැහැ. 

Sunday, 12 April 2020

කොවිඩ් 19, පෞද්ගලිකත්වය හොයිල් හා වික්‍රමසිංහ

    සිංහල ලිත් ඉලක්කම්



කොවිඩ් 19, පෞද්ගලිකත්වය හොයිල් හා වික්‍රමසිංහ 



කොවිඩ් 19 ඉදිරියේ අසරණ ව ඉන්න බටහිර වෛද්‍ය විද්‍යාවෙන් හරි බටහිර විද්‍යාවෙන් හරි පොදුවේ බටහිර දැනුමෙන් හරි කොවිඩ් 19 ඇතිවුණෙ කොහොම ද කියල අහන එක ගහෙන් වැටුණු මිනිහට ගොනා අනිනවා වගේ වැඩක්. අප බටහිර දැනුමට හා ඒ බිහිවුණු ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට අනුකම්පා කරන්න ඕන. ධනවාදයත් ඇති වෙලා තියෙන්නෙ මේ එකිනෙකා හා එකිනෙක වෙන් කරන ආත්මාර්ථකාමී චින්තනයෙ. අර එක්සත් රාජ්‍යයන්හි එක් කොවිඩ් රෝගියකුගේ අවසන් වචන වී ඇත්තේ මෙයට ගෙවන්නේ කවුද යන්නයි. ඔහුගේ අවසන් චිත්තය කෙබඳු එකක් වෙන්න ඇති ද? 

Wednesday, 8 April 2020

COVID-19: Targeting Italy and South Korea? “The Chain of Transmission of Infection”


 
I referred to this article when I mentioned cluster spreading. This describes the spreading of the virus. However, please note that I am not thinking of a man-made virus. I will be referring to this in todays article as well. 

Monday, 6 April 2020

වෙදමහත්වරු පරික්‍ෂා භූමදානය දෙරණ හා නිරෝධායනය

      සිංහල ලිත් ඉලක්කම් 


වෙදමහත්වරු පරික්‍ෂා භූමදානය දෙරණ හා නිරෝධායනය



රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හෙවත් බටහිර වෙදමහත්වරුන්ගේ සංවිධානය කොවිඩ් පරීක්‍ෂා ගැන නොයෙක් ප්‍රකාශ කරනවා. දෙරණ ඒවාට ප්‍රචාරය දෙනවා.  මිනිසුන් බය වෙනවා. මේ අවස්ථාවේ දී බය කරන්නවත් බය වෙන්නවත් හොඳ නැහැ. කළ යුත්තේ පරෙස්සම් වීමයි.  බටහිර වෙදමහත්වරුන්ගේ ප්‍රධාන කතාව වන්නේ අද රෝගය වැළඳී ඇති 160ක් පමණ පිරිස සමග යම් ආකාරයක හමුවීමක් තිබූ 42000ක් පමණ රටේ ඉන්න බව. ඒ නිගමනයට ඔවුන් පැමිණියේ කෙසේ ද යන්න පැහැදිලි නැහැ.

Tuesday, 31 March 2020

අපටත් ලෝකයටත් පිහිට වෙමු

   සිංහල ලිත් ඉලක්කම් 


අපටත් ලෝකයටත් පිහිට වෙමු 



තවමත් අපේ සමහරුන්ට කොවිඩ් 19 බරපතළකම ගැන හැඟීමක් නැහැ. පොලීසියේ ඇස්වලට වැලි ගසා බයිසිකලයකින් හෝ පයින් හෝ රවුම් ගැසීම ඔවුන් වීර ක්‍රියාවක් ලෙස සලකන බවක් පේනවා. මිතුරකු එසේ කළහොත් ඔහට අවවාද කරනු වෙනුවට තමන් ඊටත් එහා යන සෙල්ලමක් කිරීමට සමහරු උත්සාහ කරනවා. මේ අය සමහර විට සිංහල බෞද්ධ දෙමව්පියන්ගෙ දරුවන් වෙන්න පුළුවන්. එහෙත් ඔවුන්ට සිංහල බෞද්ධ විනයක් නැති බව පැහැදිලියි. අධ්‍යාපනය විසින් ඒ අයගේ සිංහල බෞද්ධ විනය නැති කෙරී තිබෙනවා. 

Saturday, 21 March 2020

කොවිඩ් 19 ඉදිරියේ බටහිරයන් චීනුන් හා සිංහලයන්

      සිංහල ලිත් ඉලක්කම්


කොවිඩ් 19 ඉදිරියේ බටහිරයන්  චීනුන් හා සිංහලයන්



මා හිතන්නේ කොවිඩ් 19ට යම් ප්‍රමාණයකට හරි සාර්ථක ව මුහුණ දෙන්නේ ආසියාතික රටවල් කියා. බටහිර රටවලට එයට මුහුණ දෙන්නේ කොහොම ද කියන එක ගැන එතරම් අදහසක් නැහැ. අදහස් නැති නිසා අදහස් නිර්මාණය කරන්නේ යැයි කියන අය දැන් මරණය සැපක් කියල හිතනවා වෙන්න පුළුවන්. ඒත් අපට (ගුණදාස අමරසේකරට නොව) අනුව නම් ඔවුන්ට පුනබ්භවයක් තියෙනවා. අපට නම් අදහස් තියෙනවා.

Tuesday, 17 March 2020

නව කොරෝනාව හා විවිධ සංස්කෘති

 සිංහල ලිත් ඉලක්කම්


නව කොරෝනාව හා විවිධ සංස්කෘති



නව කොරෝනාව හෙවත් කොවිඩ් 19 වසංගතය ලෝ පුරා පැතිර යද්දී මෙරට ජනතාවගෙන් සුළු කොටසකගේ උද්ධච්ඡකම, ආත්මාර්ථකාමිත්වය, ලොක්කා වීමේ ආශාව, පඬියා වීමේ අවශ්‍යතාව, මෝඩ සතුටක් ලබා ගැනීමට ඇති කැමැත්ත, දේශීය දැනුමට ගැරහීමට ඇති අධිමානය හා තවත් දේ එළියට ආවා. මේ බොහෝමයක් බටහිර නාගරික සංස්කෘතියට ගොදුරු වූ අය. දිවයිනේ උසස් යැයි සම්මත පාසලක ඉගෙන ගත් අයකු මට විද්‍යුත් ලිපියක් එවමින් කුණුහරුපයෙන් බැණ වැදුණේ මා කීවාට කොවිඩ් 19ට ආයුර්වේදයේ ප්‍රතිකාර නැති බව කියමින්. මා සාමාන්‍යයෙන් ආයුර්වේදය ගැන කතා කරන්නේ නැහැ. මා කතා කරන්නේ පාරම්පරික සිංහල වෙදකම ගැන. මේ කිසිම වෙදකමක කොවිඩ් 19 රෝගයට ප්‍රතිකාර ඇති බවක් මා කියා නැහැ.