කොවිඩ් 19, පෞද්ගලිකත්වය හොයිල් හා වික්‍රමසිංහ
කොවිඩ් 19 ඉදිරියේ අසරණ ව ඉන්න බටහිර වෛද්‍ය විද්‍යාවෙන් හරි බටහිර විද්‍යාවෙන් හරි පොදුවේ බටහිර දැනුමෙන් හරි කොවිඩ් 19 ඇතිවුණෙ කොහොම ද කියල අහන එක ගහෙන් වැටුණු මිනිහට ගොනා අනිනවා වගේ වැඩක්. අප බටහිර දැනුමට හා ඒ බිහිවුණු ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට අනුකම්පා කරන්න ඕන. ධනවාදයත් ඇති වෙලා තියෙන්නෙ මේ එකිනෙකා හා එකිනෙක වෙන් කරන ආත්මාර්ථකාමී චින්තනයෙ. අර එක්සත් රාජ්‍යයන්හි එක් කොවිඩ් රෝගියකුගේ අවසන් වචන වී ඇත්තේ මෙයට ගෙවන්නේ කවුද යන්නයි. ඔහුගේ අවසන් චිත්තය කෙබඳු එකක් වෙන්න ඇති ද?