Main Logo

Thursday 9 June 2011

වාස්තවිකත්වයෙන් පෞද්ගලිකකරණයට

බටහිර විද්‍යාවේ සහ අනෙක් බටහිර දැනුම්වල ඇති පරස්පර යම් ප්‍රමාණයක් අපි දැනටමත් සාකච්ඡා කර ඇත්තෙමු. බටහිර විද්‍යාව ඉන්ද්‍රිය ගෝචර, එනම් පංචේන්ද්‍රිය ගෝචර, නිරීක්‍ෂණ (පරීක්‍ෂණ, සම්පරීක්‍ෂණ) මත පදනම් වන්නේ යැයි බටහිර විද්‍යාවේ දාර්ශනිකයෝ කියති. ගැලීලියෝ මේ පරීක්‍ෂණාත්මක ක්‍රමය ඇරඹී යැයි ද ඔවුහු කියති. එය දෙයාකාරයකින් වැරදි ය. එක් අතකින් මිනිස්සු ගැලීලියෝට පෙර ද නොයෙකුත් අත්හදාබැලීම් නිරීක්‍ෂණ කළහ. වස්තු දෙකක් එකවිට එක උසකින් නිසලතාවෙන් පොළොවට අතහැරියහොත් වඩා බර වස්තුව ඉක්මණින් පොළොවට වැටෙන්නේ ය යන්න නිරීක්‍ෂණ මත පදනම් වූවකි. රික්තයක් නොමැති විට බොහෝ අවස්ථාවල එසේ සිදු වේ.

ගැලීලියෝ කළේ නොපෙනෙන, නිරීක්‍ෂණය කළ නොහැකි රික්තයක එසේ වස්තු අතහැරියහොත් ඒවා එකවිට පොළොවට වැටෙන බව බටහිර තම සමකාලීනයනට ඒත්තු ගැන්වීම ය. එය ඉන්ද්‍රිය ගෝචර අත්දැකීමක් නොව චිත්ත පරීක්‍ෂණයක් විය. ඔහු එහි දී ඉන්ද්‍රිය ගොාචර පරීක්‍ෂණයක් නො කෙළේ ය. එබැවින් ද ඔහු පරීක්‍ෂණාත්මක ක්‍රමය ලෝකයට හඳුන්වා දුන්නේ යැයි කීම වැරදි ය. එමෙන් ම පොළොව සූර්යයා වටා චලනය වන්නේ යැයි කීමේ දී ද ඔහු කළේ ඒත්තු ගැන්වීමක් පමණකි. එහි දී ඔහු සාපේක්‍ෂ ප්‍රවේගය යන සංකල්පය හඳුන්වා දුන්නේ තම මතය (භාරතීීයයන් භාවනාවෙන්, යෝග අභ්‍යාසවලින් ලබාගත් ප්‍රත්‍යක්‍ෂය) අනෙක් බටහිරයන්ට ඒත්තු ගැන්වීමට ය.

මේ චිත්ත පරීක්‍ෂණ ඔස්සේ ගැලීලියෝ බටහිර විද්‍යාවට වියුක්ත චින්තනය හඳුන්වා දුන්නේ ය. එපමණක් නොව ඊනියා වාස්තවිකත්වය ද බටහිර විද්‍යාවට ගෙන ආවේ ය. ඔහු ඒ සංකල්ප එලෙසින් ම යොදා ගත්තේ යැයි මෙයින් නො කියැවෙයි. පිසා නුවර, කොළඹ හෝ වෙනත් තැනක හෝ එකවිට එක උසෙන් නිසලතාවෙන් අත්හරින වස්තු නිරීක්‍ෂකයා කවුරුන් වුවත් එකවිට පොළොවට වැටෙන බව පෙන්වා දීමෙන් පසු බටහිර විද්‍යාඥයෝ නිරීක්‍ෂකයන් ඇතත් නැතත් එසේ වස්තු ඇද වැටෙන බව විශ්වාස කළහ. එය ඊනියා වාස්තවිකත්වය (objectivity) විය. එය සාධාරණකරණය (generalize) විය. පුද්ගලයා හා පෞද්ගලිකත්වය (පෞද්ගලික නිරීක්‍ෂණ) ඉස්මතු කරමින් පැන නැගුණු විද්‍යාවක නිරීක්‍ෂකයා ඉක්මවූ සාමුහකත්වයක් නොවන වියුක්ත වාස්තවිකත්වයක් සාධාරණිකරණයක් ඇතිවිය. පුද්ගලයන්ගේ පංචේන්ද්‍රිය ගෝචර නිරීක්‍ෂණ මත පදනම් වූ බටහිර විද්‍යාවට ඉන්පසු පෞද්ගලික නොවන වියුක්ත, සාධාරණ, වාස්තවික ප්‍රවාද අවශ්‍ය විය. මෙයට වඩා පරස්පරයක් තවත් තිබිය හැකි ද?

එහෙත් බටහිර විද්‍යාව එපමණකින් නො නැවතිණි. එහි සමස්තය කැබලිවලට කැඩිණි. ඊනියා වස්තුවක් යනු කොටස්වල එකතුවක් විය. මෝටර් රථයක් යනු එංජිම, දොරවල්, රෝද, සුක්කානම ආදී විවිධ කොටස්වල එකතුවක් විය. වස්තු අණුවලටත්, අණු පරමාණුවලටත්, පරමාණු න්‍යෂ්ටි හා ඉලෙක්ට්‍රෝනවලටත් කැඩිණි. සමස්තය නොසලකමින් එසේ කැඩීම අවසානයේ දී ප්‍රතිඵල රහිත ක්‍රියාවක් බව අද බටහිර භෞතික විද්‍යාඥයන්ට ක්‍රමයෙන් තේරුමි ගැනීමට සිදු වී ඇත. අද සුපිරි තන්තුවලට සියල්ල කඩා ඇති බටහිර භෞතික විද්‍යාඥයන්ට ඒ සුපිරි තන්තුවලින් එල්ලී මියයෑම හැරෙන්නට වෙනත් විකල්පයක් නැත.

අප ඉහත සඳහන් කළේ බටහිර භෞතික විද්‍යාව පදනම්වන ඊනියා නිව්ටෝනීය සුසමාදර්ශයෙහි (Newtonian Paradigm) අංග කිහිපයක් පමණකි. මේ සුසමාදර්ශය පසුපස යන බටහිර වෛද්‍ය විද්‍යාව අද මිනිස් සිරුර (එනම් නාම රූපයෙහි රූපය) කොටස්වලින් සමන්විත බව උපකල්පනය කරයි. මිනිස් සිරුර යනු මොළය, හදවත, අක්මාව, වකුගඩුව ආදී කොටස්වල එකතුවක් පමණක් යැයි බටහිර වෛද්‍ය විද්‍යවේ උපකල්පනය කෙරෙයි. අද හදවත් බද්ධකිරීම් ආදිය සිදු කෙරෙන්න් මෝටර් රථයක රෝද මාරුකරන්නාක් මෙනි. මේ ප්‍රතිකර්ම නොව රෝග පාලනය කිරීමක් පමණකි.

එහෙත් ඒ සියල්ලටත් වඩා බටහිර වෛද්‍ය විද්‍යාවෙහි නාම රූප වෙන් කෙරෙයි. සසර සැරිසරන අපේ කුසල් අකුසල් සහිත නාමය රූපය සමග එකතුවීමෙන් රූපයෙහි ඇතිකෙරෙන රෝග ගැන බටහිර වෛද්‍ය විද්‍යාවට කාන්කවිසියක දැනුමක් නැත. අපේ ඇතැම් රෝග අපේ අකුසල් ඵල දීමක් ලෙස අප මෙරට සිටින බෞද්ධ යැයි කියාගන්නා බොහෝ බටහිර වෛද්‍යවරුන්ට ඒත්තුගන්වන්නේ කෙසේ ද? මොවුහු ඊනියා බුද්ධිවාදී, හේතුවාදී (rational) අබෞද්ධයෝ වෙති. ඔවුහු සංසාරය විශ්වාස නො කරති. සංසාරය විශ්වාස නොකරන්නා බෞද්ධයකු වන්නේ කෙසේ ද? ඔවුන් පුනබ්භවය විශ්වාස නොකරන්නේ බටහිර විද්‍යාවෙන් පුනබිභවයක් ඇති බව පෙන්වාදිය නොහැකි යැයි කියමිනි.

මෙරට ඇතැම් බටහිර වෛද්‍යවරුන් පමණක් නොව ඊනියා මහා ලේඛකයෝ ද, ප්‍රාඥයෝ ද, කවියෝ ද, සාහිත්‍ය කරුවෝ ද, ජාතිකත්වය අගයන්නෝ ද තවත් එවැනි පිරිස් ද බටහිර විද්‍යාවට දණ්ඩ නමස්කාර කරමින් පුනබිභවයට අභියෝග කරති. එහෙත් මොවුනට ගුරුත්වාකර්ෂණ ක්‍ෂෙත්‍රයක් ඇති බව ද පෙන්වා දිය හැකි නො වේ. එසේ නම් ඔවුන් ගුරුත්වාකර්ෂණ ක්‍ෂෙත්‍රය පිළිගන්නේ කෙසේ ද? ඒ කෙසේ වෙතත් නාමය රූපයෙන් වෙන්කළ බටහිර වෛද්‍ය විද්‍යාව අංග විකල දැනුම් පද්ධතියක් පමණකි.

බටහිර වෛද්‍ය විද්‍යාවේ නොදියුණුකම රඳා පවතින්නේ එහි පමණක් නො වේ. ඒ පදනම් වී ඇති බටහිර භෞතික විද්‍යාවේ, බටහිර රසායන විද්‍යාවේ, බටහිර ජෛවීය විිද්‍යාවේ ද අඩුලුහුඬුකම් බටහිර වෛද්‍ය විද්‍යාවට ද බලපායි. අපේ පෞරාණික හෙළ නිල වෙදකම බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා දසදහස් ගුණයකින් වර්ධනය වූ වෙදකමක් බව මම අත්දැකීමෙන් දනිමි. මේ පිළිබඳ ව ඕනෑම අයකු සමග ප්‍රසිද්ධ විවාදයක් කිරීමට මම සූදානමින් සිටිමි.

අද තාක්‍ෂණයක් පමණක් වූ බටහිර වෛද්‍ය විද්‍යාව ද තාක්‍ෂණ නොව බටහිර විිද්‍යාවන් ද කඩාවැටෙමින් පවතියි. ඒ බව කියැවෙන ප්‍රධාන ම දැනුම් පද්ධතියක් වනුයේ ඊනියා පශ්චාත්නූතනවාදය ය. එහි ඈරිස්ටෝටලීය න්‍යාය ප්‍රතික්‍ෂෙප වෙයි. නිරපේක්‍ෂය වෙනුවට සාපේක්‍ෂය ඉදිරියට පැමිණෙයි. එහෙත් ඒ සමග එහි පාර ආඛ්‍යාන ද (meta narratives) ප්‍රතික්‍ෂෙප කෙරෙයි. පාර ආඛ්‍යාන යනු සාමාන්‍ය ප්‍රවාද පිටුපස ඇති ප්‍රවාද ලෙස සැලකිය හැකි ය. උදාහරණයක් වශයෙන් ගතහොත් ලෝකය නීති රීති (නියම) අනුව හැසිරෙන්නේ ය යන්න හා ඒ නියම අපට තේරුම් ගතහැකි ය යන්න පාර ආඛ්‍යානයක් වෙයි.

පශ්චාත්නූතනවාදයෙහි සාපේක්‍ෂව ලෝකය බැලීමට ඉගැන්වෙයි. එක් එක් නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව ලෝකය විවිධ ස්වරූප ගන්නේ ය යන්න බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි නූතනවාදයට පටහැණි වුවත් ඊනියා පශ්චාත්නූතනවාදයට එකඟ ය. පශ්චාත්නූතනවාදීන් කෙතරම් අන්තගාමී සාපේක්‍ෂතාවාදීන් ද කිවහොත් ඔවුහු භාෂාවක් යනුවෙන් දෙයක් ඇතැයි නො සිතති. උදාහරණයක් ලෙස ඔවුන්ට අනුව දකුණේ සිංහලයන් කතාකරන සිංහල උඩරට සිංහලයන් කතාකරන සිංහලයෙන් වෙනස් වෙයි. එවිට ලංකාවේ සිංහල කතාකරන්නේ යැයි කියන සියල්ලන්ට පොදු වූ භාෂාවක් නැති බව පෙනී යයි. එබැවින් සිංහල යනුවෙන් භාෂාවක් තිබේ යැයි කීම වැරදි යැයි ඔවුන්ට අනුව නිගමනය කිරීමට සිදුවෙයි. එපමණක් නොව ඔවුන්ට අනුව උඩරට සිංහල, දකුණේ සිංහල ආදී වශයෙන් සිංහල ඇති බව ද ප්‍රතික්‍ෂෙප කිරීමට සිදුවෙයි. එයට හේතුව දෙදෙනකු කතාකරන සිංහලයෙහි යම් යම් වෙනස්කම් ඇති බව තේරුම් ගැනීම අපහසු කරුණක් නොවන බැවිනි.

බටහිර වියුක්ත සංකල්ප කඩා වැටෙන බව තේරුම් ගත් පිරිසක් නෑවතී ඇත්තේ එහි අනෙක් අන්තයෙහි ය. ඊනියා පශ්චාත්නූතනවාදීන් ඇරිස්ටෝටලීය න්‍යාය වැරදි බව තේරුම් ගත්ත ද, ඔවුන්ට එයින් ගැලවීමක් නැත. එක් එක් නිරීක්‍ෂකයා එක් එක් ආකාරයට ලෝකය අවබෝධ කරගන්නේ ය (නිර්මාණය, සංස්කරණය කරගන්නේ ය) යන්න පිළිගන්නා අතර ඒ ඒ සමහරුන්ගේ ලෝකවල ඇති යම් පොදු බවක්වත් පිළිගැනීමට අකමැතිවීම මෙහි ප්‍රධාන හේතුව වෙයි.

අවශ්‍ය නම් ඒ පොදු බව පාර ආඛ්‍යානයක් යැයි කිසිවකුට කිව හැකි ය. පාර ආඛ්‍යාන නොපිළිගන්නා ඊනියා පශ්චාත්නූතනවාදීන්ට එවැනි පොදු බවක් පිළිගැනීමට නො හැකි ය. වියුක්ත චින්තනය, වාස්තවිකත්වය හා සාධාරණීකරණය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි පෞද්ගලික නිරීක්‍ෂණ, පුද්ගලයා ඉස්මතු කිරීම සමග නො පෑහෙයි. මේ නොපෑහීම, එනම් පරස්පරය සමග තවදුරටත් ඉදිරියට යෑමට (ඊනියා වර්ධනයට, සංවර්ධනයට) බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට නො හැකි ය. ගැලීලියෝ, නිව්ටන් ආදීන්ට පමණක් නොව අයින්ස්ටයින්ට ද ඒ පරස්පරයෙහි හිඳිමින් ම තම ප්‍රවාද ඉදිරිපත් කිරීමේ හැකියාව විය. එහෙත් ක්වොන්ටම් භෞතිකයෙන් ඒ හැකියාව තවදුරටත් නොමැති බව පැහැදිලි වී ඇත.

අයින්ස්ටයින් විද්වතාගේ සාපේක්‍ෂතාවට අනුව ඒ ඒ නිරීක්‍ෂකයාට ඇතැම් දේ වෙනස් ආකාරයට පෙනෙයි (නිරීක්‍ෂණය වෙයි). උදාහරණයක් ලෙස සිද්ධි දෙකක් අතර දුර හා කාල අන්තරය එක් එක් නිරීක්‍ෂකයා මනින්නේ එක් එක් ආකාරයට ය. එසේ වුවත් ඒ සියලු නිරීක්‍ෂකයෝ සිද්ධි දෙකෙහි අවකාශ - කාල ප්‍රාන්තරය (space - time interval) යනුවෙන් හැඳින්වෙන්න එකක් ම ලෙස ගනිති. අයින්ස්ටයින් විද්වතාට අවශ්‍ය වූයේ සාපේක්‍ෂතා ප්‍රවාදයක් ඉදිරිපත් කිරීමට නොව නිරීක්‍ෂකයන් සියල්ලන්ට ම පොදු අගයන් ලබාදෙන නිරීක්‍ෂණ කවරේ දැයි දැනගැනීම ය. මේ පොදු අගයන් අවිචලක (invariants) ලෙස හැඳින්වෙයි. අයින්ස්ටයින් යනු බටහිර ක්‍රිස්තියානි නූතනත්වය විසින් බිහි කෙරුණු අවසාන යෝධ බුද්ධිමතා ය. අද ජීවත්වන ස්ටීවන් හෝකින් වැන්නන්ට අයින්ස්ටයින් විද්වතාට අලගු තැබීමටවත් නොහැකි වී ඇත. ක්වොන්ටම් භෞතිකයෙන් පෙන්වන්නේ මේ කඩාවැටීම ය. අයින්ස්ටයින් ඉතා තදින් ක්වොන්ටම් භෞතිකයේ කෝපන්හේගන් විවරණයට විරුද්ධවීම පුදුමයක් නො වේ.

මේ පිළිබඳ තවත් සාකච්ඡා කිරීමට පෙර බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි කඩාවැටීම පෙන්නුම් කරන තවත් ක්‍ෂෙත්‍රයක් ගැන සුළුවෙන් වුවත් සඳහන් කළ යුතු ය. ඒ අන්කිසිවක් නොව පරිගණක විද්‍යාව ආශ්‍රිත ව ඉදිරිපත්වන දැනුම ය. පරිගණක වි්‍යාව යැයි කීව ද එහි ඊනියා බටහිර විද්‍යාවක් නැත. මෝටර් රථ කර්මාන්තය පිටුපස බටහිර විද්‍යාවේ තාපගතිකය ඇත. එහෙත් පරිගණක ප්‍රක්‍රමණ ලිවීම පිටුපස ඇති විද්‍යාව කුමක් ද? අද පරිගණක සම්බන්ධයෙන් නිතර කියැවෙන වචනයක් වී ඇත්තේ පෞද්ගලිකකරණයයි (customize). මේ පෞද්ගලිකකරණයට තල්ලු වීමට පරිගණක විද්‍යාවෙහි හේතු වී ඇත්තේ තවදුරටත් වියුක්ත, සාධාරණ, වාස්තවික ප්‍රවාද දැනුමෙහි වලංගු නොවීම ය.

ගැලීලියෝගේ ඒත්තු ගැන්වීම

පෞද්ගලික අත්දැකීම් හා නිරපේක්‍ෂ වාස්තවිකත්වය අතර ඇත්තේ පරස්පරයකි. පෞද්ගලික අත්දැකීම් ඒ ඒ පුද්ගලයාගේ අත්දැකීම් විය. ඒ අත්දැකීම් ඒ ඒ පුද්ගලයාට සාපේක්‍ෂ විය. ඒහෙත් නිරපේක්‍ෂ වාස්තවිකත්වය ඒ ඒ පුද්ගලයාගේ පෞද්ගලික අත්දැකීම්වලින් ස්වායත්ත විය. පුද්ගලයන් සිටියත් නැතත් නිරපේක්‍ෂ වාස්තවිකත්වය විය. ගැලීලියෝගේ අදහස වූයේ සියළු පුද්ගලයන්ට එකම අත්දැකීමක් ලැබෙන්නේ නම් එය නිරපේක්‍ෂ වූවක් බව ය.

එකම උසකින් එකම විටක දී නිසලතාවෙන් අත්හරිනු ලැබූ වස්තු එකම විටක දී (රික්තයක දී) පොළොවට වැටෙන බව රික්තයක් නොමැතිව එකල විසූ උගතුන්ට ඒත්තු ගැන්වීමට ගැලීලියෝ සමත් විය. එමගින් ඔහු සහ ඔහුගෙන් පසුව බටහිර යාන්ත්‍රිකය වර්ධනය කළ අය, කිසිවකු නොසිටියත්, එනම් කිසිම නිරීක්‍ෂකයකු නොසිටියත්, එවැනි වස්තු එක විට පොළොවට වැටෙන බව ද සමාජයට ඒත්තු ගැන්වූහ.

එහෙත් මෙහි දී තවත් ප්‍රශ්නයක් පැන නැගිණි. පොළොව සූර්යයා වටා ගමන් කරන බව ගැලීලියෝට හා කොපර්නිකස්ට පෙර භාරතීයයන් දැන සිටි බවට සාක්‍ෂි වෙයි. ඒ ධ්‍යාන වැඩීමෙන් හෝ එසේ ධ්‍යාන වැඩීමෙන් සිත දියුණු කරගත් අය දෙවියන්ගෙන් හෝ ලබාගත් දැනුමක් විය යුතු ය. සිංහලයන්ට ද භාවනාව ඔස්සේ ලබාගත් එවැනි දැනුම් තිබෙන්නට ඇතැයි සිතිය හැක්කේ වර්තමානයෙහි දී එලෙස දැනුම ලබාගන්නන් කියන කරන දෙය නිරීක්‍ෂණය කිරීමෙනි. අවසානයේ දී මනසෙන් පමණක් ලබාගන්නා මේ දැනුම මනසට ප්‍රත්‍යක්‍ෂ වූ දැනුමක් විය.

මේ දැනුම අරාබි වෙළෙන්දන් මගින් යුරෝපයට ගිය බව ද පැහැදිලි ය. එහෙත් යුරෝපයට ගිය, ආසියාතියකයන් යම් පිරිසකගේ මනසට ප්‍රත්‍යක්‍ෂ වූ, දැනුම යුරෝපීයයන්ගේ මනසට ප්‍රත්‍යක්‍ෂ නො වී ය. යුරෝපීයයෝ ධ්‍යාන හෝ භාවනා හෝ නොදැන සිටියහ. මෙහි ප්‍රතිඵලය වූයේ එවැනි දැනුම් ලබාගැනීමේ ක්‍රමයක් නිර්මාණය කිරීමට යුරෝපයට අවශ්‍ය වීම ය. ගැලීලියෝ නැවතත් වියුක්ත චින්තනය ඔස්සේ ඒ තහවුරු කළේ ය.

මේ පිළිබඳ ව අපේ ප්‍රවාද මගින් අතීතයේ ඉදිරිපත් කෙරී ඇති නමුත් එහි ඇති වැදගත්කම හේතුවෙන් නැවතත් සුළුවෙන් වුව ද විස්තර කිරීමේ වරදක් තිබිය හැකි යැයි නො සිතමි. පෘථිවිය සූර්යයා වටා ගමන් කරන්නේ නම් එයින් කියැවෙනුයේ පෘථිවියට යම් චලනයක් ඇති බව ය. ගැලීලියෝගේ කාලයේ සිටි උගතුන් නැගූ ප්‍රශ්නය නම් එවිට ගසකින් වැටෙන ගෙඩියක් ගසේ මුල වැටෙන්නේ කෙසේ ද යන්න ය. ඔවුන් කියා සිටියේ ගෙඩිය ගහේ සිට වැටෙන කාලයෙහි දී පොළොව යම්කිසි දුරක් යන බැවින් ගෙඩිය ගස මුලට සුළු දුරක් ඈතින් වැටිය යුතු බව ය.

ගැලීලියෝ ට එය අභියෝගයක් විය. ගසකින් වැටෙන ගෙඩියක් ගසෙහි මුල වැටෙන්නේ ඇයි ද යන්නට සුදුසු පිළිතුරක් දිය යුතුව තිබිණි. එහි දී ඔහු ඉතාමත් ශූර බුද්ධියකින් සාපේක්‍ෂ චලිතය යන සංකල්පය ඉදිරිපත් කළේ ය. ඔහු කියා සිටියේ යම් නිරීක්‍ෂකයකුට නිරීක්‍ෂණය කළ හැක්කේ නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ (නිෂ්ශූන්‍ය) චලිත පමණක් බව ය. නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව වස්තුවකට හෝ අංශුවකට හෝ ප්‍රවේගයක් නැත්නම් එයට වෙනත් අයකුට සාපේක්‍ෂව ප්‍රවේගයක් තිබුණත් පළමු නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව වස්තුව චලනය නොවන්නේ ය යන ස්වසිද්ධිය ගැලීලියෝ බටහිර යාන්ත්‍රිකයට එක් කළේ ය. එසේ ම යම්කිසි නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව වස්තුවක් හෝ අංශුවක් හෝ චලනය නොවන්නේ නම් ඒ නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව වස්තුවට හෝ අංශුවට හෝ ප්‍රවේගයක් නැත යන්න ද ගැලීලියෝ කියා සිටියේ ය.

මේ ප්‍රකාශයේ ඇති වැදගත්කම කුමක් දැයි කිසිවකුට සිතෙනු ඇත. යම් නීරීක්‍ෂකයකුට සාපේක්‍ෂව අංශුවකට හෝ වස්තුවකට හෝ ප්‍රවේගයක් නැත්නම් එය නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව චලනය නොවන්නේ ය යන්න පුනරුක්තියක් (tautology) නොවේ දැයි කිසිවකු අසනු ඇත. එහෙත් තවදුරටත් සලකා බැලීමේ දී ඒ ප්‍රකාශයේ ඇති වැදගත්කම තේරුම් යනු ඇත. ගැලීලියෝට අනුව ගස පොළොවත් සමග චලනය වන බැවින් පොළොවේ සිටින නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව ගසට ප්‍රවේගයක් නැත. පොළොවට සාපේක්‍ෂව ගස නිශ්චලව පවතියි. එහෙත් පොළොවෙන් බාහිරව පිහිටි නිරීක්‍ෂකයකුට අනුව පොළොවට මෙන් ම ගසට ද චලිතයක් වෙයි.

පොළොවෙන් බාහිරව පිහිටි නිරීක්‍ෂකයකුට අනුව පොල් ගසේ මුදුනේ පිහිටි පොල් ගෙඩියට ද චලිතයක් වෙයි. එහෙත් පොළොවෙහි සිටින නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොල් ගසටවත් ගස මුදුනේ ඇති පොල් ගෙඩියටවත් චලිතයක් නැත. ගැලීලියෝගේ සාපේක්‍ෂතා මූල ධර්මයෙහි වැදගත්කම ඇත්තේ ඒ බව තේරුම් ගැනීමෙහි දී ය. පොළොවෙහි සිටින නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොල් ගස මුදුනෙහි ඇති පොල්ගෙඩියට චලිතයක් නැත. පොල් ගෙඩිය නටුවෙන් ගිළිහී යෑමෙන් පසු එය සිරස්ව ත්වරණයක් සහිතව පොළොවට වැටෙන බව පොළොවේ සිටින නිරීක්‍ෂකයාට පෙනෙයි. එවැනි නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොල් ගෙඩියට තිරස් (පොළොවට සමාන්තර ව) ප්‍රවේගයක් නැති අතර වෙනස්වන (ත්වරණය හේතුවෙන්) සිරස් ප්‍රවේගයක් පමණක් වෙයි.

මෙහි දී වැදගත් ම කරුණ වනුයේ පෙළොවෙහි සිටින නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොල් ගෙඩියට තිරස් ප්‍රවේගයක් නොමැති වීම ය. ගැලීලියෝ කියා සිටියේ පොළොවට සාපේක්‍ෂව පොල් ගෙඩියට තිරස්ව ප්‍රවේගයක් නොමැති බැවින් පොල්ගෙඩිය පොළොවට සාපේක්‍ෂව තිරස් ව චලනය නොවන බව ය. එබැවින් පොල් ගෙඩියට පොල් ගසෙන් තිරස්ව ඉවත්විය හැකි නො වේ. එයට හේතුව පොල් ගෙඩිය, පොල් ගස හා පොළොව තිරස් ව චලනය ව නමුත් එකිනෙකට සාපේක්‍ෂව ගත්කල ඒ කිසිවකටවත් තිරස් සාපේක්‍ෂ ප්‍රවේගයක් නොමැති වීම ය.

පොල් ගෙඩිය පොල් ගස මුල ම වැටෙන්නේ පොළොව යම් කිසි බාහිර නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව තිරස් ව චලනය නොවන නිසා නොව පොල් ගෙඩිය ද වෙනත් බාහිර නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොළොවත් සමග එකම තිරස් ප්‍රවේගයකින් චලනය වීම නිසා ය. (මේ විශ්ලේෂණය සම්පුර්ණ යැයි මෙයින් ගම්‍ය නො වෙයි. එහෙත් දැනට අපේ අවශ්‍යතා සඳහා මෙම විශ්ලේෂණය ප්‍රමාණවත් වෙයි.) ගැලීලියෝගේ කාලයෙහි සිටි අනෙක් උගතුන් තර්ක කළේ වෙනත් පදනමක පිහිටා බව මෙහි දී සඳහන් කළ යුතු වන්නේ නැතහොත් මෙම පැහැදිලි කිරීමෙහි අඩුපාඩුවක් ඇති බැවිනි.

එකල සිටි අනෙක් උගතුන්ට අනුව පොල් ගෙඩියට තිරස් ප්‍රවෙිගයක්, එනමි පොළොවට සමාන්තර ව කිසිම ප්‍රවේගයක් නො වී ය. ඔවුන්ට සාපේක්‍ෂ ප්‍රවේගය යන සංකල්පය නොතිබූ බව මෙහි දී සඳහන් කළ යුතු ය. ඔවුන්ට අනුව පොළොවට ද කිසිදු ප්‍රවෙිගයක් (තිරස්ව හෝ වෙනත් දිශාවකට හෝ) නො වී ය. එබැවින් පොල් ගෙඩිය පොල් ගස මුල වැටීම ඔවුන්ට මුල දී ප්‍රශ්නයක් නො වි ය.

ඔවුන්ට එය ප්‍රශ්නයක් වූයේ ගැලීලියෝ පොළොව චලනය වන්නේ යැයි කීමෙන් පසුව ය. පොළොව එලෙස යම්කිසි දිශාවකට චලනය වන්නේ නම් හා පොල් ගෙඩිය චලනය නොවන්නේ නම් පොල් ගෙඩිය පොල් ගස මුල වැටෙන්නේ කෙසේ ද යන්න ඔවුන්ට ප්‍රශ්නයක් විය. ගැලීලියෝ ඒ ප්‍රශ්නයට දුන්නේ ඉතාමත් බුද්ධිමත් ඒ නිසා ම සරල පිළිතුරකි. ඔහු කියා සිටියේ පොල් ගෙඩියට ද චලනයක් ඇති බවත් පොල් ගෙඩිය ද පොළොවේ ප්‍රවේගයෙන් ම (බාහිර නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව) තිරස් ව (පොළොවට සමාන්තර ව) චලනය වන බවත් ය.

පොළොවට සාපේක්‍ෂව පොල් ගෙඩියට තිරස් ප්‍රවෙිගයක් නැති බැවින් පොළොවේ සිටින නිරීක්‍ෂකයකුට පොල් ගෙඩිය තිරස් ව චලනය නො වෙයි. එබැවින් පොල් ගෙඩිය එවැනි නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොල් ගසෙන් තිරස් ව ඉවත් නො වෙයි. ඒ හේතුවෙන් පොල් ගෙඩිය පොල් ගස මුල ම වැටෙයි. මෙහි දී ගැලීලියෝ පොළොව චලනය වන බවක් නො පෙන්වී ය. පොළොවේ සිට ම පොළොව චලනය වන බව නිරීක්‍ෂණය කළ හැකි නො වේ. ඔහු කළේ ඉතා සියුම් තර්කයකින් සාපේක්‍ෂ ප්‍රවෙිගය නමැති සංකල්පය ඔස්සේ පොළොව චලනය වන බව ඒත්තු ගැන්වීම ය.

මෙහි දී කරුණු දෙකක් අවධාරණය කළ යුතු ය. අප බොහෝ විට කරන්නේ වෙනත් අයකුට යමක් ඒ්ත්තු ගැන්වීම ය. එහි දී ඔප්පු කිරීම, සාධනය කිරීම ආදී වචන වැදගත් නො වේ. බටහිර ගණිතයෙහි දී යම් යම් ප්‍රතිඵල සාධනය කරන බව සෑබෑ නමුත් එසේ කරන්නේ තවත් යම් ප්‍රස්තුතයක් උපකල්පනය කිරීමෙනි. එසේ උපකල්පනය කෙරෙන ප්‍රස්තුතය වලංගු ද නැද්ද යන්න එහි දී ප්‍රශ්නයක් නො වේ. ඒ ප්‍රස්තුතය ඒත්තු ගැන්වීම ද බටහිර ගණිතයෙහි දී අවශ්‍ය නො වේ. බටහිර ගණිතයෙහි දී කෙරෙන්නේ යම් ප්‍රස්තූතයක් (ප්‍රස්තුත) සත්‍ය බව උපකල්පනය කරමින් ඇරිස්ටෝටලීය න්‍යාය යොදා ගනිමින් තර්කයෙන් තවත් ප්‍රස්තූතයක් ලබා ගැනීම ය. බටහිර ගණිතයෙහි කිසිවක් කිසිවකුට ඒත්තු ගැන්වීමක් අවශ්‍ය නො වේ. එහි දී වැදගත් වන්නේ ඒ එසේ නම් මෙි මෙසේ ය යන ආකාරයේ ප්‍රස්තුත ය. ඒ එසේ වන්නේ ද යන්න එහි දී ප්‍රශ්නයක් නො වෙි.

දෙවැනි කරුණ වන්නේ ගැලීලියෝගේ වියුක්ත චින්තනය ය. පොළොව ගමන් කරන බව නොපෙන්වා ම ඔහු ඒ බව ඒත්තු ගැන්වී ය. පොළොව ගමන් කරන බව පොළොව මත සිටින කිසිම නිරීක්‍ෂකයකුට නිරීක්‍ෂණය කළ නො හැකි ය. එසේ කළ හැකි වන්නේ පොළොවෙන් පිටතට ගොස් ය. අභ්‍යාවකාශයට යන්නකුට පොළොව චලනය වන බව දැකගත හැකි වනු ඇත. එහෙත් ගැලීලියෝගේ කාලයේ එවැනි පහසුකම් කිසිවකුටවත් නො වී ය.

ගැලීලියෝ පංචේන්ද්‍රිය ගෝචර නිරීක්‍ෂණ මත පදනම් නොවෙමින් එහෙත් එවැනි නිරීක්‍ෂණ මනසෙහි මවා ගනිමින් පොළොව වෙනත් බාහිර නිරීක්‍ෂකයන්ට සාපේක්‍ෂව චලනය වන බව තම සමකාලීනකයන්ට ඒත්තු ගැන්වී ය. එක්තරා අයුරකින් ගත්කල ඔහු ඊනියා පරික්‍ෂණාත්මක ක්‍රමයේ පියා නොව චිත්ත පරීක්‍ෂණයේ (thought experiments) පියා විය. පීසා නුවර ඇලවෙන කුලුන පාමුල ඔහු රික්තයක් මවා ගන්නා ලෙස අන්‍යයන්ට කීවේ ය. පොළොව ගමන් කිරීම පිළිබඳ ප්‍රශ්නයේ දී ඔහු ශූන්‍ය වූ නොපෙනෙන සාපේක්‍ෂ ප්‍රවේග යොදා ගනිමින් මනසෙහි ඒ මවා ගැනීමට සලස්වා තමන්ට අවශ්‍ය දේ අනෙක් අයට ඒත්තු ගැන්වී ය.

මේ වියුක්තකරණය නොමැතිව බටහිර වි්‍යාවට උපතක් නො වී ය. අයින්ස්ටයින් විද්වතා පසු කලෙක වියුක්්තකරණය හා චිත්ත පරීක්‍ෂණ උපරීම තලයකට ගෙන ආවේ ය. අනිවාර්යයෙන් ම වියුක්තය පෞද්ගලිකත්වයෙන් ඔබ්බට ගියේ ය. පෞද්ගලික ඉන්ද්‍රිය ගෝචර නිරීක්‍ෂණ හා වියුක්ත චින්තනය අතර වූ පරස්පරය හේතුවෙන් අද බටහිර විද්‍යාව ඉමහත් අර්බුදයකට මුහුණ පා ඇත.


රජරට වකුගඩු රෝගය වැළඳී මියගිය බටහිර විද්‍යාව

බටහිර විද්‍යාව පිළිබඳ මගේ විචේචනය ඇරඹී දැනට අවුරුදු විසිපහකට වැඩිවෙයි. මේ සම්බන්ධයෙන් බොහෝ කරුණු දැනටමත් ලියැවී ඇති අතර ඉදිරියේ දී තවත් දේ ලියැවෙනු ඇත. මේ දිනවල මේ සම්බන්ධයෙන් ලියැවෙන කරුණු විදුසර පුවත්පතෙහි පළවෙයි. අද අප පාලනය කෙරෙන්නේ මූලික වශයෙන් ම බටහිර විද්‍යාව වටා නිර්මාණය වී ඇති බටහිර දැනුම් පද්ධතියෙනි. බටහිර විද්‍යාව ලෝකයේ අධිපතිවාදී දැනුම බවට පත්වූයේ එහි ඇති විශේෂිත ගුණයක් නිසා නොව බටහිර දේශපාලන ආධිපත්‍යය නිසා ය. අපට ඉතා පොහොසත් නිල වෙදකමක් ඇති නමුත් එයට තැනක් නැත. අපේ පැරණි හෙළ නිල වෙදකම සමග සංසන්දනය කරන කල අඟුටුමිට්ටකු වැනි වූ බටහිර වෛද්‍ය විද්‍යාවට අද මහේශාඛ්‍ය තත්වයක් ලැබී ඇත්තේ හුදෙක් බටහිර යුදෙව් ක්‍රිස්තියානි නූතනත්වයේ යටත්විජිතවාදී දේශපාලනයේ බලමහිමයෙන් ය. අපේ හෙළ ගොවිකම ද පසෙකට දමා අපට ආසනික්, රසදිය අ්දී වස කවන ඊනියා කෘෂිකර්මය අපේ කරුමයක් බවට පත්කර ඇත්තේත් බටහිර දේශපාලන ආධිපත්‍යය විසිනි. මේ මහේශාඛ්‍ය බව රැකගැනීම සඳහා බටහිරයන් යොදාගන්නා ප්‍රධාන අවියක් වී ඇත්තේ ඊනියා විද්‍යාත්මක විධික්‍රමය ය. ඊනියා විද්‍යාත්මක විධික්‍රමය නමැති පට්ටපල් බොරුව ඔස්සේ බටහිරයන් අපේ දැනුම් මිථ්‍යා බවට පත්කර ඇත. අපි මේ බව නොයෙකුත් අවස්ථාවල කියා ඇත්තෙමු. අපට පසුගිය දා මේ බොරුව බටහිරයන්ගේ බසින් ම, එනම් ඊනියා පර්යේෂණ මගින් ම සනාථ කිරීමේ අවස්ථාව එළඹිණි. ඒ සමග නෛසර්ගික පරස්පර හා අපේ කරුණු දැක්වීම් හමුවෙහි මෙතෙක් පණ අදිමින් සිටි බටහිර විද්‍යාව මිය ගියේ ය.

අපේ දැනුමේ පදනම ආධ්‍යාත්මික ශක්තිය බව අපි දැන් අත්දැකීමෙන් ම දනිමු. අවුරුදු ගණනක් ඉතා විශාල මුදලක් වැයකර බිහිකරණ හෘදය රෝග විශේෂඥයන්ට වඩා සමත් වෙදමහත්වරුන් ආධ්‍යාත්මික ශක්තියෙන් මාස කිහිපයකින් බිහිකර ගත හැකි බව අද අපි දනිමු. මේ සියළු විස්තර එක් තීරුවකින් කියා නිමකළ හැකි නො වේ. එහෙත් ඕනෑම අයකුට එවැනි වෙදමහතකු වියහැකි යැයි මෙයින් නො කියැවෙයි. බටහිර වෛද්‍ය පීඨයකට ඇතුල්වීමට ඕනෑම අයකුට නොහැකිවාක් මෙන් අපේ හෙළ නිල වෙදකම ඉගෙනීම ද ඕනෑම අයකුට කළ හැකි නො වේ. ඒ සඳහා ආධ්‍යාත්මික ශක්තියක් තිබිය යුතු ය. පස්පව්වල ගිළී සිටින අයකුට හෙළ නිල කම කිසි ලෙසකින්වත් නො පිහිටනු ඇත. මෙය අරක්කු බී මස් කා ගිනි පෑගී යැයි කියන ආකාරයෙන් කළහැකි යැයි සිතන පඬියකු වේ නම් හැකි නම් ඒ අයුරින් හෙළ නිල වෙදකම ඉගෙන ගන්නා ලෙසට අභියෝග කරමු.

බටහිර විද්‍යාව යනු ඉතිහාසයේ එක් යුගයක එක් ප්‍රදේශයක බිහිවූ දැනුම් පද්ධතියකි. එහි මුල ඇත්තේ බටහිර භෞතික විද්‍යාව ය. එබැවින් ම බටහිර විද්‍යාවන් අතර වඩාත් ම වර්ධනය වී ඇත්තේත් බටහිර භෞතික විද්‍යාව ය. බටහිර රසායන විද්‍යාව ද ජෛවීය විද්‍යාවන් ද සමාජයීය විද්‍යාවන් පමණක් නොව සාහිත්‍ය විචාරය ද අවසානයේ දී බොහෝ දුරට බටහිර භෞතික විද්‍යාවේ නිව්ටෝනීය සුසමාදර්ශය මත පදනම් වන අතර එය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත රැඳෙයි. බටහිර භෞතික විද්‍යාවේ සුසමාදර්ශ කිහිපයක් වෙතත් බටහිර රසායන විද්‍යාව හා ජෛවීය විද්‍යා තවමත් නිව්ටෝනීය සුසමාදර්ශය මත පමණක් පදනම් වෙයි. නිව්ටෝනීය සුසමාදර්ශය තමන්ට නොගැලපෙන බව අත්දැකීමෙන් ම හඳුනාගත් බටහිර ඇතැම් සමාජ විද්‍යා ක්වොන්ටම් සුසමාදර්ශය වෙත යනු පසුගිය දශක කිහිපයක කාලයෙහි අපි අත්දුටුවෙමු. ඊනියා පශ්චාත්නූතනවාදී අදහස්වල පසුබිමෙහි ඇත්තේ ක්වොන්ටම් සුසමාදර්ශය ය. එහෙත් ඒ සුසමාදර්ශයෙහි න්‍යාය සමග පෑහීමට බටහිරයන්ට නොහැකි වී ඇත. බටහිර වෛද්‍ය විද්‍යාව හා බටහිර ඉංජිනේරු විද්‍යාව, භෞතික රසායන හා ජෛවීය විද්‍යාවන්හි ව්‍යවහාරික විද්‍යා හා තාක්‍ෂණවේදයන් පමණක් වෙයි. මේ අතර පරිගණක විද්‍යාව ආශ්‍රිත ව බිහි වී ඇති දැනුම් පද්ධතිවල බටහිර විද්‍යාවට පරිබාහිරව ක්‍රියාත්මක වීමේ ප්‍රවණතාවක් දක්නට ඇත. බටහිර විද්‍යාවේ ඊනියා වාස්තවිකත්වයක් යථාර්ථයක් වියුක්තයක් ගැන සඳහන් වුව ද පෞද්ගලිකකරණය ලෙස හැඳින්විය හැකි කස්ටමයිස්කිරීම යන්නෙන් කියැවෙන්නක් පරිගණක ක්‍ෂෙත්‍රයෙහි අද දක්නට ලැබේ.

ක්වොන්ටම් භෞතිකයෙහි සුසමාදර්ශය ද චින්තනය ද නිව්ටෝනීය සුසමාදර්ශයට මෙන් ම ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට ද පටහැණි ය. අයින්ස්ටයින් විද්වතා වැන්නන් ක්වොන්ටම් භෞතිකයේ කෝපන්හේගන් විවරණයට විරුද්ධවූයේත් ක්වොන්ටම් භෞතිකය අසම්පූර්ණ පද්ධතියක් ලෙස හැඳින්්වූයේත් එබැවිනි. අද බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් පමණක් නොව බටහිර භෞතික විද්‍යාඥයන් ද මහත් වෙර වෑයමක් දරන්නේ ක්වොන්ටම් භෞතිකය ඊනියා යථාර්ථවාදී වාස්තවිකවාදී රාමුවෙහි තබා ගැනීමට ය. බටහිර විද්‍යාවෙහි ඇත්තේ ඉමහත් පරස්පර ය. මේ පරස්පර එකින් එක විදුසර පුවත්පතෙහි විස්තර කෙරෙයි. ඊනියා පංචෙන්ද්‍රිය ගෝචර අනුභූතියක් ගැන කතාකරන නමුත් පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි තේරුම් කිරීමට බටහිර විද්‍යාඥයන් පංචෙන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප හා ප්‍රවාද යොදාගැනීම සුලභ කටයුත්තක් බවට පත් වී ඇත. නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණය වූව ද පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වේ. ප්‍රවාද පමණක් නොව ඉලෙක්ට්‍රෝන අවස්ථිති රාමු ආදිය ද පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වේ. බටහිර විද්‍යාවෙහි මේ පිළිබඳ ප්‍රශ්න කළේ ඕස්ට්‍රියානි ජාතික භෞතික විද්‍යාඥ්‍රකු හා දාර්ශනිකයකු වූ අර්නස්ට් මාක් විද්වතා ය. ඔහු ඊනියා ඉන්ද්‍රියානුභූතවාදයෙහි පුරෝගාමියෙක් විය. එහෙත් බටහිර බිහිවන අනෙක් මතවාද, දර්ශන ආදිය මෙන් ම ඉන්ද්‍රියානුභූතවාදය ද ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි හිර වී ඇත.

අපේ දැනුම පොතපතෙහි ලිවිය යුතු දැනුමකට වඩා ආධ්‍යාත්මික ව ම ලබාගත යුතු දැනුමකි. පැරණි සිංහලයන්ගේ දැනුම පොත්පත්වල සඳහන් නොවන්නේ එබැවින් විය හැකි බව අපි කියා ඇත්තෙමු. ආධ්‍යාත්මික ව දියුණු වූ අයට පංචෙන්ද්‍රිය වසා සිත එක් අරමුණකට යොමු කිරීමෙන් දැනුම ලබාගත (නිර්මාණය – - සංස්කරණය කළ) හැකි ය. එසේත් නැතහොත් මෛත්‍රී බුදුන් වහන්සේ ලෙස මතු බුදුවන නාථ දෙවියන් ප්‍රමුඛ සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් මගින් ඒ දැනුම ලබාගත හැකි ය. කැලණිය විශ්වවිද්‍යාලයේ කිහිප දෙනකු බටහිර වෛද්‍යවරුන් පිරිසක් ද සහභාගි කරගනිමින් එසේ ලබාගත් දැනුම අත්හදා බලා ඇත. අපට මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඇතුළු සම්‍යක්දෘෂ්ටික දේවතාවුන්ගෙන් ලබාගත් දැනුමක් වෙයි. බටහිර වෛද්‍යවරුන්ට හා බටහිර රසායනික විද්‍යාඥයන්ට රජරට වකුගඩු රෝගය වැළඳෙන්නේ කෙසේ දැයි කිව නොහැකි විය. ඔවුන්ගේ පර්යේෂණ සඳහා අමෙරිකන් ඩොලර් මිලියන හාරසීයක් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙන් කර ඇතැයි කියැවෙයි. අපේ කණ්ඩායම රජරට වකුගඩු රෝගයට හේතුව රජරට කිවුල් ජලයට කෘෂි රසායනික ද්‍රව්‍ය මගින් එකතු වී ඇති ආසනික් බව හඳුනාගෙන ඇති අතර පළමු වරට කිවුල් ජලයේ ලවණ අතර ඇති ආසනේට් පරීක්‍ෂාකිරීමට ද ක්‍රමයක් යොදාගෙන ඇත. මේ දැනුම් අපට ලැබෙන්නේ සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ගෙන් බව නො වළහා ප්‍රකාශ කරමු. අපේ සියළු පර්යේෂණ සඳහා තවමත් රුපියල් ලක්‍ෂ තුනක් වියදම් වී නැති බව අවධාරණය කරන්නේ මෙරටට ණය ලෙස ලැබෙන මුදල් ගසාකන්නේ දේශපාලනඥයන් පමණක් නොවන බව ප්‍රකාශ කිරීමට ය. මුදල් ගසාකන්නන් අතර ඇතැම් නිලධාරීහු ද ඊනියා උගත්තු ද වෙති.

බටහිරයෝ නොපෙනෙන දෙවියන් නැතැයි අපට කීහ. එහෙත් ඔවුහු එක් දෙවියකු ඉතිරිකර ගත්හ. මෙරට අනුකාරක පඬියෝ ද දෙවියන් නැතැයි කීහ. ඔවුන්ට බටහිරයන්ගෙන් තාන්නමාන තනතුරු ලැබිණි. මේ පඬියන් අතර ඊනියා බුද්ධිවාදී හේතුවාදී බෞද්ධයෝ ද වූහ. ඔවුහු දෙවියන් හින්දු ගොඩට තල්ලු කර දැමූහ. එහෙත් ඔවුන්ට මහාමංගල සූත්‍රය දේශනාකිරීමට නිමිත්ත වූ අඤ්ඤතරා දේවතා අමතක විය. නොපෙනෙන දෙවියන් නැතැයි කියන පඬියෝ නොපෙනෙන ඉලෙක්ට්‍රෝන ඇතැයි කියති. මොවුන් බටහිරයන් ඉදිරියේ එසේ කරන්නේ කකුල් අස්සේ නගුට ගසාගත් සුනඛයන් මෙනි. සුනඛයන්ට මස්ලේ නැති ඇටකටු ලැබෙන්නාක් මෙන් පඬියන්ට ද එතරම් සරු නැති ශිෂ්‍යත්ව හා අධිශිෂ්‍යත්ව ලැබෙයි. සංසාරය, කර්මය, ප්‍රතික්‍ෂෙප කරන ඊනියා මහා ලේඛකයන් ප්‍රාඥයන් සාහිත්‍ය කරුවන් සිටි හා සිටින රටක තවමත් තිස්තුන්කෝටියක් දෙවිදේවතාවුන් සිටින්නේ බටහිර කසිකබල් උගතුන්ගේ පිනට නොව මෙරට අසරණ අහිංසක ගැමියන් බටහිර දැනුමට යට නොවීමට ගත් උත්සාහයට පින් සිදුවන්නට ය. පඬියන් දන්නේ ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යාය පමණකි. එහෙත් බුදුදහම මේ ද්විකෝටිකය ඉක්මවා යයි. ද්විකෝටිකයෙන් පුනබිභවය තේරුම් ගන්නට උත්සාහ ගන්නා තැනැත්තා තනි අතින් අප්පුඩි ගැසීමට සැරසෙන්නෙකි. දෙවියන්ගෙන් දැනුම ලබාගන්නේ යැයි කී විට කැලණිය විශ්වවි්‍යාලයේ හා වෙනත් විශ්වවිද්‍යාලවල ඇතැම්හු අපට නැති තැන සිනාසුනහ. අප දේවාල තනන්නේ යැයි කීහ. එහෙත් මෙරට විද්‍යාඥයන් යනු සුද්දා කියා දී ඇති ආකාරයට නියැදි එකතුකරන්නන් හා එකතු කළ නියැදි සුද්දාගේ පොතට අනුව පරීක්‍ෂණවලට ලක්කරන්නන් පමණක් බව අපි දනිමු. හැරත් මේ බොහොමයක් ඊනියා විද්‍යාඥයන් වී ඇත්තේ අහම්බෙනි. මොවුන් තම විෂයට එකතු කර ඇති දැනුම කුමක් ද? නැවත ඉපදී ඇති අපේ දැනුම හමුවේ බටහිර විද්‍යාව මියගොස් ඇත. එහෙත් බටහිර ආධිපත්‍යය මගින් මේ මළ මිනිය තව ටික කලක් ඔවුන්ගේ රසායනික ද්‍රව්‍ය ගිල්වා තබාගනු ඇත. එහෙත් ඒ වැඩි කලකට නො වේ.

ඉන්දීය බලපෑම්

ඉන්දියාව නැවතත් ලංකාවට හොට දැමීමට උත්සාහ කරයි. අපේ අසල් වැසියා වූ ඉන්දියාව අපේ මිත්‍රයෙක් නො වේ. ඉන්දියාවට අපේ ඥාති සම්බන්ධයක් තිබීමට හැකි ය. එහෙත් ඥාතීන් අතර දරුණු විරුද්ධකාරයන් සිටින බව ද අපි දනිමු. අපට හිතවත් මිතුරන්, ගුරුවරුන්, උපදේශකයන්, ශාස්තෘවරුන් ඉන්දියාවේ බිහිවී නැත. සිදුහත් කුමරු හා අශෝක රජුගේ පුත් මිහිඳු කුමරු ඉපදුණේ ඉන්දියාවේ නො වේ. සිදුහත් කුමරු ඉපදී ඇත්තේ දඹදිව මිස අඩුතරමෙන් භාරතයේවත් නො වේ යැයි මම විශ්වාස කරමි. ඉන්දියාව යනු ඉංගිරිසින් විසින් පිහිටුවන ලද රාජ්‍යයක් මිස අනාදිමත් කාලයක් තිස්සේ පවතින රාජ්‍යයක් නො වෙි.

පැරණි දඹදිවට ආර්යයන් (පඬියන්ගේ දැනගැනීම සඳහා ආර්ය සංස්කෘතිය ගෙන ආ පුද්ගලයන්) පැමිණීමෙන් පසු එකල දඹදිව තිබූ සංස්කෘතිය යම් ප්‍රමාණයකට වෙනස් කෙරිණි. ආර්යයන් අසුපිට ගොස් කරන යුද්ධවල දක්‍ෂයන් වූ නමුත් යාග හෝම ඉක්ම වූ සංස්කෘතියක් ඔවුන්ට නො තිබිණි. එහෙත් දඹදිව මනස වර්ධනය කළ භාවනා, යෝග අභ්‍යාස ආදිය ප්‍රගුණ කළ සංස්කෘතියක්් විය. ආර්යයන්ගේ පැමිණීමෙන් පසුව ආර්ය හා අනාර්ය (ආර්යයන් පැමිණීමට පෙර වූ යන අරුතින් මිස ද්‍රවිඩ යන අරුතින් නො වේ) සංස්කෘතීන් මිශ්‍රවීමෙන් වෛදික සංස්කෘතිය ද භාරතය ද බිහිවන්නට ඇතැයි සිතිය හැකි ය. සිදුහත් කුමරු උපදින සමයෙහි දඹදිව ඊසාන දිග තිබී ඇත්තේ අර්ධ වෛදික සංස්කෘතියකි. ලෞකික වශයෙන් ගත්කල බුදුන්වහන්සේත් නිඝන්ඨනාථ පුත්තයනුත්, වෛදික බ්‍රාහ්මණ සංස්කෘතියට විරුද්ධව පැරණි අනාර්ය සංස්කෘතිය නැවත ඉස්මතු කළහ. කිසි ලෙසකින්වත් මෙය බුදුන්වහන්සේගේ ලෝකෝත්තර මාර්ගය සමහ සංසන්දනය කළයුතු නො වේ. වැඩිකල් නොගොස් ම වෛදිකයෝ බුදුදහමත්, එපමණට නොවූවත් ජෛනාගමත් භාරතයෙන් පිටමං කළහ. අවසානයේ දී බුදුසසුන රැකුණේ කිසි දිනෙක අර්ධ වෛදික තත්වය නොඉක්ම වූ ලංකාවෙහි ය. යම් අයුූරකින් මිහිඳු හිමියන් වඩින විට ලංකාව වෛදික වී තිබිණි නම් බුදුසසුන ලංකාවෙහි පිහිටුවීමටවත් අවස්ථාවක් නොලැබෙනු ඇත.

ඉංගිරිසින් පැමිණීමට පෙර වෛදික භාරතය රාජවාංශික රාජධානි එකතුවක් විය. මේ එක් එක් රාජවංශයක් හා ඔවුන් විසින් පාලනය කෙරුණු ප්‍රදේශයෙහි ජනතාව එකම ජනවර්ගයකට අයත් වූ බවක් මෙයින් නො හැඟෙයි. ඇතැම් රාජවංශයක් කලක් එක් ප්‍රදේශයක් පාලනය කර පසුව ඒ ප්‍රදේශයෙහි වෙනත් රාජවංශයකට පැරදී වෙනත් ප්‍රදේශයකට සංක්‍රමණය වී රාජධානි පිහිටුවා ගත් අවස්ථා ද ඉතිහාසයෙහි සඳහන් වෙයි. අශෝක රජු වුව ද මෞර්ය වාංශික රජකු වූ අතර ඔහු තම වංශය විසින් පාලනය කෙරුණු ප්‍රදේශය විශාල කරගත් පුද්ගලයෙක් විය. භාරතයේ කිසි දිනෙක ජාතික රාජ්‍යයක් ඇති නො වී ය. ඉංගිරිසින්ගේ ආක්‍රමණයෙන් පසු ඔවුන් ඉන්දියාවේ නෛතික ජාතික රාජ්‍යයක් ඇති කළහ. එය අංශභාග ජාතික රාජ්‍යයක් විය. රාජ්‍යයේ වැසියෝ ඉන්දියානුවෝ වූහ. එහෙත් ඔවුහු එක් භාෂාවක් පමණක් කතාකළ පිරිසක් නො වුහ. විවිධ භාෂා කතා කළ සංස්කෘතික වශයෙන් විවිධ වූ ජනතාව ඉන්දියාව නම් ඊනියා ජාතික රාජ්‍යයයෙහි කොටු වී සිටියහ. ඒ අතර මහාරාජා නමින් තමන් හඳුන්වාගත් පිරිසකගේ වාංශික රාජ්‍ය කිහිපයක් ද ඉන්දීය භූමි භාගයෙහි ම තවදුරටත් පැවතිණි. ඉන්දියාවට නිදහස ලබාදීමේ දී මේ මහාරාජාවරුන්ගේ රාජ්‍ය එකතුකිරීම පිලිබඳ ප්‍රශ්නයක් ද වූ නමුත් අවසානයේ දී ඉන්දියාව හා පකිස්ථානය නමින් රාජ්‍ය දෙකක් පිහිටුවා අවුලක් ඇතිකර ඉංගිරිසිහු නාමික ව ඉන්දියාවෙන් පිටව ගියහ.

එහෙත් වැඩිකල් නොගොස් ඉන්දියාව නමින් ඉතිරි වූ කොටසෙහි තව තවත් අවුල් පැන නැගිණි. නව ඉන්දියාව අර්ධ සන්ධීය (ෆෙඩරල්) රාජ්‍යයක් විය. එහි ප්‍රාන්ත බෙදා තිබූ අයුරු ඇතැම් ජනවර්ගවලට, විශේෂයෙන් ම දෙමළ ජනවර්ගයට, රුචි නො වී ය. එහි ප්‍රතිඵලයක් ලෙස එවකට අගමැති ජවහර්ලාල් නේරු මහතාට භාෂා මත පදනම් ව (ජනවර්ග නොවන බව අවධාරණය කළ යුතු ය) ඉන්දීය රාජ්‍යය නැවතත් ප්‍රාන්තවලට බෙදීමට සිදුවිය. තමිල්නාඩුව දෙමළ භාෂාව කතාකරන ජනතාව විශාල බහුතරය වූ ප්‍රාන්තය විය. මේ අතර උතුරේ හින්දි භාෂාව කතාකරන ජනයාගේ සංඛ්‍යාව ඉතා විශාල වීම හා ඔවුන් අතිවිශාල ප්‍රදේශයක පදිංචිවීම හේතුකොටගෙන හින්දි භාෂාව කතාකරන ජනයා ප්‍රාන්ත කිහිපයකට අයත් විය. කෙසේ වෙතත් හින්දි සමස්ත ඉන්දියාවේ ම එකම රාජ්‍ය භාෂාව වෙයි. එහි ඉංගිරිසි ද නැවත තීරණයක් ගන්නා තෙක් රාජ්‍ය භාෂාවක් ලෙස ක්‍රියාත්මක වෙයි. එහෙත් ඉංගිරිසියට හින්දි භාෂාවට ඇති තැන ඉන්දියාවේ නෛතික ව නැති බව අවධාරණය කළ යුතු ය.

ලංකාවේ තත්වය මෙයට වඩා සම්පුර්ණයෙන් ම වෙනස් ය. මෙරට එක්සේසත් ජාතික රාජ්‍යයක් පළමුවරට ඇතිවූයේ පණ්ඩුකාභය රජු දවස ය. එකළ ධනපති ක්‍රමයක් තිබුණේ ද යන්න ජාතික රාජ්‍ය පහළ වූයේ ධනපති ක්‍රමය බිහිවීමෙන් පසුව යැයි සුද්දන්ගෙන් උගත් වඳ අනුකාරකයකුට සුදුසු ප්‍රශ්නයකි. ඇතැමි අවස්ථාවල ඈප කෙනකු නැත්නම් මාපා කෙනකු බලවත් වී රජුට විරුද්ධ ව කැරළි ගසා “ප්‍රාන්ත රාජ්‍ය” පිහිටුවා ගත් අවස්ථා ද නැතිවා නො වේ. මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුත්තක් නම් එළාර එවැන්නකුවත් නොවූ බව ය. ඔහු විජිතපුරය මධ්‍යස්ථානය කරගත් විදේශික ආක්‍රමණියකු පමණක් විය. ගැමුණු රජු මෙරට සිංහල බෞද්ධ එක්සේසත් ජාතික රාජ්‍යය පිහිට වූ අතර මෙරට අලිඛිත ව්‍යවස්ථාව ද සම්පාදනය කළේ ය. 1506 දී මෙරටට පැමිණි පෘතුගීසීන්ට එක්සේසත් රාජ්‍යය යන්න අවබෝධ කරගත නොහැකි වූ බැවින් ඔවුහු යුරෝපීය දෘෂ්ටි කෝණයකින් ඒ සඳහා විවිධ අර්ථකථන සැපයුහ. 1650න් පසුව ලන්දේසීන් මෙරටට කෝරමණඩල වෙරළින් ගෙන ආ කෘෂිකාර්මික කම්කරුවෝ (වෙල්ලාලයෝ) සිංහල සංස්කෘතියට එක්වීමෙන් වළකනු ලැබූහ. එතෙක් මෙරට සංක්‍රමණය වූවෝ සිංහල සංස්කෘතිය තුළ කිඳා බැස ගත්හ. ලන්දේසීන් තොග වශයෙන් ගෙන් වූ වෙල්ලාලයෝ යථා කාලයේ දී යාපනයේ විසූ සිංහලයන් දෙමළ සංස්කෘතියට ඇතුල් කරමින් වර්තමාන දෙමළ ජනවර්ගය ඇතිකිරීමට මුල් පියවර ගත්හ. එදා ද ඉන්පසු ඉංගිරිසින්ගේ ද අද දෙමළ ජාතිවාදීන්ගේ ද (ඇතැම් සිංහලයෝ ද ඒ ගණයට අයත් වෙති) අවශ්‍යතාව වී ඇත්තේ මේ දෙමළ පිරිස ගොඩනගා ඇති ජාතියට ඇතුල්වීම වැළැක්වීම ය. අද ඇත්තේ ඊනියා ජාතියක් ගොඩනැගීමේ ප්‍රශ්නයක් නොව ගොඩනගා ඇති ජාතියෙන් පිරිසක් බැහැර කිරීමට බටහිරයන් හා ඉන්දියානුවන් ක්‍රියා කිරීම ය.

පැහැදිලිව ම ඉන්දියාවේ හා ලංකාවේ රාජ්‍යය පිළිබඳ ඉතිහාසය වෙනස් ය. එබැවින් ඉන්දියාවේ ප්‍රාන්ත විසඳුම අපට කිසිසේත් නො ගැළපේ. එයට අමතරව දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය මෙරටට නොගැලපීම පිළිබඳ කලින් ලියා ඇති තවත් කරුණු ද වෙයි. දහතුන්වැනි සංශෝධනය ඉන්දියාව අප මත බලෙන් පැටවුවකි. ංද ඉන්දියාවට අවශ්‍ය වී ඇත්තේ පොලිස් බලතල හා ඉඩම් බලතල ද ක්‍ර්‍රියාත්මක කර දහතුනට ද එහා යන ඊනියා විසඳුමක් ක්‍රියාත්මක කිරීම ය. ලංකාව සම්බන්ධ ප්‍රතිපත්තියේ දී ඉන්දියාව කරුණු දෙකක් මත පදනම් වෙයි. එකක් ඉන්දියාවට කලාපීය සුපිරි බලවතා වීමට ඇති අවශ්‍යතාව ය. අනෙක තමිල්නාඩුවේ බලපෑම ය. ඉන්දියාවට තම පැවැත්ම සඳහා ම ඇතැම් විට තමිල්නාඩුවේ ඉල්ලීම්වලට හිස නැමීමට සිදුවෙයි. ඉන් පැහැදිලිවන්නේ ඊනියා භාෂාව මත නිල වශයෙනුත් නොනිල වශයෙන් ජනවර්ග මත පදනම් වී ප්‍රාන්ත සභා ඇතිකිරීම ඉන්දියාව ගත් වැරදි ක්‍රියා මාර්ගයක් බව ය. අප ඉන්දියාවේ බලපෑම මත එරටට ද හිසරදයක් වී ඇති ව්‍යවස්ථාවක් අනුකරනය කළ යුත්තේ ඇයි?

අනෙක් අතට සිංහල ජනයා දහතුනට විරෝධය පළකර ඇත්තේ එක්වරක් පමණක් නො වේ. ඉන්දියාව දහතුනට එහා යන සංශෝධනයක් අපෙන් බලාපොරෙත්තු වන්නේ සිංහලයන්ගේ විරෝධතාව තුට්ටුකට මායිම් නොකරමිනි. ආණ්ඩු ප්‍රභාකරන් පරාජය කළේ එක් පැත්තකින් පොලිස් බලතල ඉඩම් බලතල දීමට එකඟ වීමට නොහැකි බැවිනි. දහතුනට එහා යන ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කර ඇතැම් විට තාවකාලික ව ඉන්දියාවේ සහාය ඇතිව ඊනියා සාමයක් ඇතිකිරීමට තිබිණි. එහෙත් සිංහලයෝ එයට විරුද්ධ වූහ. ආණ්ඩුව ප්‍රභාකරන් පරාජය කළේ පොලිස් බලතල දීමට නොහැකි බැවිනි. ඒ අරමුණින් කොටින්ට විරුද්ධව සටන් කර කොටි පැරද වූ ආණ්ඩුවට අද ඉන්දියාව කියන්නේ පොලිස් බලතල හා වෙනත් බලතල දෙන ලෙස ය. මෙහි ඇති න්‍යාය (logic) කුමක් ද? ඊනියා දෙවැනි ලෝකය ජයගැනීමෙන් පසු එංගලන්තයට රුසියාවට ඇමරිකාවට තමන් දිනූ ප්‍රදේශ ආපසු දෙන ලෙස කීවේ නම් කුමක් සිදුවීමට තිබිණි ද? පොලිස් බලතල, ඉඩම් බලතල ආදිය දීමට විරුද්ධව කොටින්ට එරෙහි ව මෙහෙයුම් ජයගැනීමෙන් පසු ඉන්දියාව ඒ කොටින්ට ම පොලිස් බලතල දෙන්න යැයි අපට කරන බලපෑමට අප මුහුණ දිය යුත්තේ ඒ බලපෑම මුළුමනින් ම පරාජය කිරීමෙනි. ඉන්දියාව නිදහස දිනාගත් කාලයේ සිටම සූදානම් වූයේ කලාපයේ බලවතා වී අප රට තවත් භූතානයක් කිරීමට ය. ඒ වැරදී යෑමෙන් පසුව ද ඉන්දියාව තවමත් තම ප්‍රයත්නය අත්හැර දමා නැත. අද දෙමළ ජාතිවාදයට පැවැත්මක් ඇත්තේ බටහිරයන් හා ඉන්දියානුවන් එය පසුපස සිටින බැවින් මිස වෙනත් හේතුවක් නිසා නො වේ. ඉන්දියාවේ කෞටිල්‍යයෝ ලංකාව තම ග්‍රහණය යටතේ තබාගැනීමට වෑයම් කරති. මේ කෞටිල්‍යයන් පරාජය කිරීමට පැරණි පැකේජ් ඇමතිවරුන්ට හැකි ද යන්න අද ප්‍රශ්නයක් වී ඇත. එයට හේතුව පැරණි පැකේජ් ඇමතිවරු දහතුනේ ගෝලයන් වීම ය.

Galileo and method

Western science is believed to have begun with Galileo when he or his friend dropped two objects of unequal masses from the leaning tower of Pisa in Italy. It is said that in this so called experiment with which Galileo is credited with giving birth to the experimental method, it was shown to the world, at least to those who were present in Pisa on that fateful (or faithful?) day, that bodies of unequal masses dropped from the same height at the same time fall to the ground simultaneously. However, Galileo or his friend did not drop those objects in a vacuum, and he could not create a vacuum around the leaning tower. If a feather and a ball made of iron were dropped from the leaning tower it is quite clear that the ball would have beaten the feather by several minutes. A pundit would say that it is due to the air resistance that the feather takes a long time to reach the ground and if the experiment was done in a vacuum the ball and the feather would have reached the ground simultaneously.

However, what we have to remember is that no vacuum was created around the leaning tower and Galileo left it to the imagination of those who were present to assume that there was a vacuum surrounding the tower. Galileo did not use a feather and a ball as described above in his experiment since if he did so he would not have been able to convince the others. He “constructed” an “apparatus” to demonstrate what he wanted to show and that was the beginning of the experimental method as described by the western scientists and philosophers of western science. What the western scientists would not say is that the people in Pisa on the day of the “experiment” did not see objects falling in a vacuum though they were made to believe that there was a vacuum that has been created by Galileo or somebody else. What Galileo performed in Pisa could be described as a thought experiment as it happened in the imagination of the people.

Of course, the concept of force had not been formulated in the days of Galileo and very few would have imagined air resistance as some sort of a force acting on bodies such as feathers whose densities are low. In any event it cannot be said that the Aristotelian view that was the dominant “theory” before Galileo on falling bodies was mere speculation. The “theory” that if dropped at the same time from the same height, the heavier body falls to the ground before the lighter body is based on observations. It is known that bodies such as iron objects fall to the ground faster than bodies such as feathers. This feature had been observed from time immemorial and no one would have objected to it, and would have been taken as a matter of fact based on observation. In that sense observations had been there prior to Galileo even in Europe. The rest of the world, especially China and South Asia were much ahead of Europe at that time (even today) and in Bharath an experiment had been carried out to determine whether an Athma (soul) escaped from the body after the death of a person. The experiment was very cruel as the Brahmins had killed a person, probably a shudra, to find out whether there was an Athma. Naturally they could not come to any conclusion as they did not observe anything going out of the body after the person was dead.

If Galileo was to conduct this “experiment” he would have concluded that something escaped from the body and that there is an “Athma”. He could have argued that we only observe what can be observed and that there are things that cannot be observed and since Athma is something that cannot be observed we could not observe anything escaping from the body of the dead person. If one finds this “argument” ridiculous then one does not know that Galileo showed that the Earth was moving using a similar argument. The essence of the argument is that one observes what can be observed and even if one does not observe something it could be present or is present as it is something that cannot be observed.

The “knowledge” that the Earth moved around the Sun was in Bharath long before Copernicus “discovered” this fact. They would have obtained (constructed) this knowledge through Bhavana and Yoga exercises closing the five sense organs (pancendriya). However as far as people in Bharath was concerned it was only a relative knowledge and not an absolute knowledge as in Astrology they continued to use the Earth centered frames of reference, if I may use a phrase introduced in Newtonian Mechanics. It should be stated that even today there are people in Sri Lanka who gain knowledge through Bhavana and I am of the view that it is the method that had been used by the Sinhala Buddhists to “acquire” knowledge though acquiring as such is not going to help one to attain Nibbana. When the knowledge that had been there in Bharath went to Eastern Europe Copernicus was convinced of it and took that knowledge to Italy when he went there to be trained as a Catholic priest.

Galileo took over from there and began to teach the so called Solar centered theory in Italy. The Pope naturally objected to it as nobody observed that the Earth went round the Sun. All that the people observed was the rising of the Sun and its setting and one could have said that to assume that the Earth moved round the Sun was against the experimental (observational) method. The Pope asked Galileo not to teach this nonsense of the Earth moving round the Sun unless he could prove it to the others. The Pope objected only to teaching but he allowed Galileo to believe it if it was his wish. I think the Pope had been very reasonable compared to some of our so called scientists in Sri Lanka, who are basically sample collectors following set procedures and technicians testing for various substances using known methods. None of these scientists have ever come out with a new theory or a concept but may have published hundreds of papers in so called internationally renowned prestigious journals having done the work of sample collectors and technicians. However these people whose experimental method is confined to mere observations hanging on to what are known as controlled experiments especially in the Biological Sciences object vehemently to knowledge gained through Bhavana. Most of these experimentalists would not have heard of the thought experiments of Galileo and especially of Einstein.

When Galileo was asked to prove his theory (it’s neither his theory nor that of Copernicus but Bharath Theory) he did not engage in either Bhavana or Yoga exercises (respectively Buddhist and Hindu methods of gaining knowledge) and had to resort to abstract thinking. Probably both Galileo and Copernicus and some others in Eastern and Southern Europe at that time had an intuitive feeling that the Earth went round the Sun rather than the other way around and had no difficulty in believing the new theory. However, for the rest of the people who depended on their pancendriya, like the good Pope, there was no reason why they should believe that the earth went round the sun. Besides, they had strong evidence to show that the earth did not move. Their argument was very simple. An object dropped from a certain height takes a non zero time to reach the ground. If the earth moved, during this time the point on the earth just below vertically the point from which the body was dropped would have moved away resulting the body dropped to fall at a distant point. For example a coconut would fall to the ground at a point away from the coconut tree probably in the neighbour’s garden if not on the roof of his home.

Now Galileo had a problem. He had to explain why the bodies fell vertically. After all the balls he or his friend dropped from the leaning tower fell vertically defying the theory that the earth moved. Galileo came with an ingenious argument. He introduced the so called concept of relative motion. According to him the dropped objects moved horizontally (parallel to the earth) with the earth, as they also had the same horizontal velocities being connected to the earth through the person who dropped them. Thus the horizontal velocities of the objects relative to the earth were zero. Galileo said we observe only non zero velocities relative to us. The only non zero relative velocities of the objects that were dropped were their vertical velocities and hence we observed only their vertical motion. We do not observe their horizontal relative velocities but that only means that they move with the same velocities as the earth. Therefore the earth moves or at least nobody could say that the earth does not move.(2011/06/01)

Copyright Prof. Nalin De Silva

The Indian intervention

India is back in the news with people speculating on her role this time. It is quite clear that Indian foreign policy on Sri Lanka is determined by two factors. Firstly India’s hegemonic attitudes towards her neighbouring countries with her desire to consider Indian Ocean as the Ocean of India, reminding us of infamous Panikkar Doctrine. In that respect the central government in Delhi works with all the determination to become the regional power in the area. As far as Sri Lanka is concerned there is no Indian whom can be treated as a friend, and when I say this I do not consider Buddha and Arhant Mahinda as Indians. India as a country came into existence only after the invasion by the English and prior to that there were some dynastic kingdoms which of course did not stay static in the geographical region which is now considered as India. After the English occupation, Indian upper and middle classes have been following the English trying to become little masters in all walks of life including politics. They play the power game essentially in the manner of the English and it is clear that they want to replace the English as the regional power.

The second factor that affects the foreign policy of India towards Sri Lanka is the Tamil Nadu politics. The Tamil Nadu is very close to Sri Lanka and the Tamils in Tamil Nadu have not forgotten the close relationship between the Tamils in India and Sri Lanka. In fact there has not been a sufficient time period to erase these relationship and the Tamil Nadu politicians make use of these not so historical relationships to capture power in the southernmost state in India. However, it also shows the weakness of the Indian system with so called states, with devolution of power to the states. Though the states have been demarcated based on language, it is clear that at least in the southern states the de facto basis is ethnicity and not language. Though the division based on language is very much identical to that based on ethnicity, it is the latter people think of when agitating for the so called human and other rights of the Tamil in Sri Lanka.

The central government in Delhi very often finds it difficult to control the Tamil Nadu state as the politicians come out with story after story on the conditions of the Tamil people both in India and Sri Lanka. The very fact that Delhi finds it difficult to control Chenhai and surrenders to the latter without much resistance, amply shows that Delhi cannot survive without giving concessions to Tamil Nadu Politicians on Sri Lanka. The situation is not healthy at all as India has to satisfy the members of Parliament in India from Tamil Nadu. Whatever said and done, Delhi finds it difficult to control the specter of Tamil Nadu politics. Tamil Nadu may not be able to separate from India and establish a Tamil state but it is giving ample ammunition to the centre to achieve its ambitions of becoming a modern day Chola empire with the Indian ocean as the boundary.

India is trying to fish in troubled waters, with the backing of the western powers. In fact it is a combined invasion of the west and India, which has just begun in the form of a cold war. The general public has no idea of a cold war and it is the invaders who take advantage of that fact as well. What has been the role of India during the last sixty four years after independence? If one begins with Jawaharlal Nehru it becomes clear that India has treated Sri Lanka as its colony, with a grudge against the country for protecting Buddhism over two thousand three hundred years. When Nehru asked the Sri Lankan Prime Minister John Kotelawela in Bandung as to why the latter did not show his speech prior to delivering it the former demonstrated the big brotherly attitude towards Sri Lanka. The Brahmins in India throughout the first few decades after independence gave Sri Lanka enough trouble over the Tamil labourers who were brought by the English to work in the plantations. Then during Indira Gandhi’s period India sponsored protected and trained Tamil terrorists against the Sri Lankan state. Rajiv Gandhi’s attitudes towards Sri Lanka were well known and all that the Nehru dynasty wanted was to covert Sri Lanka to another Bhutan. However, all these schemes failed as Sri Lanka had the strength of the indigenous cultures of these regions to survive the onslaught from the so called Aryan invasions in this part of the world.

The “Aryan” invasions changed the indigenous culture of Dambadiva and converted it to a Bharath culture. The religions such as Buddhism and Jainism were based in the indigenous cultures and as social movements resisted the Brahmin hegemony that had taken roots in Dambadiva. However, these religions could not survive in Bharath, though in the process “Aryanism” had been converted into a Vedic culture with borrowings from indigenous cultures that promoted Bhavana in the form of “Yoga exercises”. It was left to Sri Lanka or Heladiva which had a non Vedic culture to protect Buddhism in its “original” form and the Brahmins have an axe to grind against the Sinhala people.

India wants Sri Lanka to implement the 13th amendment and in fact go beyond that. If India can instruct what to do regarding its internal matters then Pakistan, China, Maldives and the other countries also should be able to do so. If India claims that it is because of the Tamils living in India then we should be able to instruct India on the course of action that India should follow with respect to the Buddhists in India. If India further states that the Tamils in Sri Lanka have some kind of relationship with the Tamils in India then it will finally lead to the conclusion that all the Tamils in Sri Lanka are of recent Indian origin. After all with the stories on Vijaya coming from North India, India does not claim that the Sinhalas have some form of relationship with Bengalis (Vagu) and Kalinga (Kalingu) people.

The thirteenth amendment has been rejected by the Sinhala people not once but number of times. India cannot force Sinhalas to implement this amendment imposed by India. If the Sinhalas were prepared to implement it there would have been no
“war” with the Tamil terrorists. The Sri Lankan government having fought and won “war” over essentially its opposition to the thirteenth amendment is now been forced by India and (the west) to go beyond the thirteenth amendment. It is strange Brahmin logic and the Sinhalas would never yield to these arm twisting exercises by the modern day Kautilyas. The Brahmins should be reminded that the Sinhalas are guided by Mahaushadas who can expose all these Kautilya tactics. Would the Brahmins have advised the English, the Americans and the Russians to give back what they had won to the Germans and to the Eastern Europe after the so called second world war.(2011/05/25)

Copyright Prof. Nalin De Silva