Main Logo

Tuesday 28 February 2023

වැල්ල සිඹින රැල්ල අපට මෙහෙම කියනවා ලලයි ලිලයි ලයි.....

 වැල්ල සිඹින රැල්ල අපට මෙහෙම කියනවා ලලයි ලිලයි ලයි.....

 

පහුගිය දා රනිල්දාසගේ නායකත්වයෙන් ජෙප්පන් කෙරුවෙ අරගලයක් නො වෙයි. මා කියන්නෙ නැහැ ඒක රනිල් කරවපු එකක් කියලා. ඒත් මට තාම දැනගන්න බැරි වුණා තිර රචනය කාගෙ කියල. රූගත කිරීම පෞද්ගලිකකරණයට ලක් වෙලා. කියන්නෙ කිහිප දෙනකු වැඩේ කරලා. නිල රූගත කිරීම කාගෙ කියල දන්නෙ නැහැ. ඒක ආණ්ඩුවේ කියල මා කියන්නෙ නැහැ. කවද හරි ඒක බලන්න පුළුවන් වුණොත් හොඳයි කියල හිතෙනවා.

Monday 27 February 2023

රනිල්දාසට සිනමා සම්මානයක් හා නූතනත්ව කුණුහරුප

 රනිල්දාසට සිනමා සම්මානයක් හා නූතනත්ව කුණුහරුප  

 

ඊයේ වි පෙ උද්ඝෝෂණ රැලියේ තිර පිටපත නම් එතරම් හොඳ නැහැ. රඟපෑම් නම් නරක නැහැ. අනුර කුමාර දිසානායකට රිංගීමට කඩේ දොර හරියට ඇරල තිබුණ වගේ. පොලිස් ආරක්‍ෂාව පිට කඩේට රිංගූ බවක් තමයි පේන්න තිබුණෙ. ඒකට කමක් නැහැ කියමු. එය වෙනත් අයටත් රූගත කරන්න ඉඩ දුන්නෙ මොකද? තමන් රූගත කරනවා වගේ නොවෙයි. දැන් ඒක අර කියන්න වගේ ජාත්‍යන්තරයට ගිහිල්ල. ඇමරිකාවෙ ඉන්න මටත් ලබුණා. මා නම් දැක්කෙ ටිකක් පමා වෙලා. එක එක රටවලට ඉර එන්නෙ එක එක වෙලාවට නෙ.

Sunday 26 February 2023

ප්‍රතිඵලය

 ප්රතිඵලය

ජ වි පෙ උද්ඝෝෂණයේ ප්රතිඵලය - ඡන්ද ප්රතිඵල නැහැ

ප්‍රජාතන්ත්‍රවාදයෙ මුහුණ දෙක පෙරහැරේ ගෙන යෑම සඳහා

 ප්‍රජාතන්ත්‍රවාදයෙ මුහුණ දෙක පෙරහැරේ ගෙන යෑම සඳහා

 

වි පෙරමුණ ගැන ලියා ගෙන ලිපි පෙළ අවසන් කිරීමටයි තිබුණෙ. ඒත් එය අදත් කරන්න බැහැ. වි පෙරමුණ දෙකඩ වෙන එක වළක්වන්නත් බැහැ. එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. ජා කියන්නේ දෙකඩ වීම තාවකාලික නවත්තා ගැනීමට තනා ගත් අම්බලමක් පමණයි. අපි එය පසුව කතා කරමු.

Saturday 25 February 2023

ප්‍රජාතන්ත්‍රවාදයේ මුහුණු දෙක හා කරපිංචා

 ප්රජාතන්ත්රවාදයේ මුහුණු දෙක හා කරපිංචා

පරගල නායකයන් අහලා රනිල් ඔවුන් මර්දනය කිරීම ගැන බටහිර මානව අයිතිවාසිකම් සංවිධාන නිහඬ ඇයි කියලා. ඡන්ද නොපැතැවිත්වීම ගැනත් ඒ ප්රජාතන්ත්රවාදය නිහඬයි. ප්රජාතන්ත්රවාදයටත් මුහුණු දෙකක් තියෙනවා.
තමන් පාවිච්චි කෙරී විසි කෙරුණු කරපිංචා බව පරගලයන්ට තවම අවබෝධ වී නැහැ.
May be an image of nature and tree
See insights and ads
All reactions:
18

පරගලයේ ශේෂ පත්‍රය

 පරගලයේ ශේෂ පත්‍රය

 

පහත පළවන්නේ ලංකා සී නිවුස් හි පළ වූ පුවතක්

 

අදත් ගෝල්ෆේස් කූඩාරම් 10,000ක් ක්‍ෂණිකව හදන්න පුළුවන්. ඒත් රනිල් ගහල පන්නවනේ

 

 

අදටත් පැමිණ ගාලුමෝදර පිටියේ කූඩාරම් දහ දහසක් ක්ෂණිකව ඉදිකිරීමට හැකියාව ඇති බව ගාලුමුවදොර අරගලකරුවන් සඳහන් කරති.

 

නමුත් කාර්ය කිරීමට නම් ජනාධිපතිවරයා විසින් අරගල කරුවන්ට පහර දීම නතර කළ යුතු බව හෙතෙම කියා ඔහු සඳහන් කරයි.

 

අරගල කරුවන්ට මේ මොහොතේ එල්ල වෙමින් ඇති ප්‍රජාතන්ත්‍රවිරෝධී දැඩි මර්දනය හමුවේ රතුකුරුස සංවිධානය ඇතුලු ජාත්‍යන්තර සංවිධානය කිසිදු හඬක් නොනගා සිටීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇතැයිද ඔවුන් කියා සිටිති.

 

ගාලු මුවදොර අරගලය වෙනුවෙන් සේනාධි ගුරුගේ සහ ධනිෂ් අලි මේ බව සඳහන් කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එබැවිනි.”

Friday 24 February 2023

එන්න යන්න ගෝල්පීස්

 එන්න යන්න ගෝල්පීස්

අපට ගෝල්ෆේස් කූඩාරම් 10000ක් හදන්න පුළුවන්. ඒත් රනිල් ගහල පන්නනවනෙ - වීරෝදාර පරගලයෝ

ජ වි පෙ බිහි වීම

  වි පෙ බිහි වීම

 

ඊයේ කොළඹ තාප්ප උඩින් හාමුදුරුවරු වැඩලා. හතර වරිගෙ සසර ගමණ කෙළවර කරන්න පැවිදි වෙච්ච හාමුදුරුවරු නොවෙයි. හතර වරිගෙ ගොඩදාන්න හදන හාමුදුරුවරු වෙන්නත් බැහැ. මේ තමයි වමක් නැතුවත් වාම අදහස් ක්‍රියාත්මක වෙන හැටි.  අද රටේ වමක් නැති වුණාට බුද්ධිමය ක්‍ෂෙත්‍රයේ (කලා සාහිත්‍ය විද්‍යා ශාස්ත්‍රීය හැම තැනක) ආධිපත්‍යය දරන්නේ වාම අදහස්.  එහි කිසිම ශාස්ත්‍රීය පදනමක් නැහැ. ඇත්තේ වෛරය ඊර්ෂ්‍යාව හීනමානය නොහැකියාව ආදී ගුණාංගයි.

Thursday 23 February 2023

බටහිර විද්‍යාවේ ඇසින් ශූන්‍යය

 බටහිර විද්‍යාවේ ඇසින් ශූන්‍යය


 

බටහිර බොහෝ දෙනාට ඊනියා පැවැත්මක් අවශ්‍ය වෙනවා. ඇතිවෙමින් නැතිවෙමින් ප්‍රවාහයට ඔවුන් පැමිණ ඇතත් එය යථාර්ථයක් ලෙස ගැනීමට ඔවුන් පෙළඹෙනවා. නාගර්ජුනපාදයන්ගේ ශූන්‍යතාව යන්න ප්‍රශ්න ඇති කරන බව මතක් වෙනවා.

ප්‍රභූ හා නිර්ප්‍රභූ ආකල්ප

 ප්‍රභූ හා නිර්ප්‍රභූ ආකල්ප (සුද්දන් වගේ ජීවත්වීම)

 

ඊයේ රාජකීය විදුහලේ උත්සවයක් පැවැත්වුණා. ජනාධිපති රනිල් පිළිගැනීමට. එයට අගමැති දිනේෂ් ගුණවර්ධන මෙන් රාජකීය විිදූුහලේ ආදි ශිෂ්‍ය මැති ඇමතිවරු ගණනාවක් සහභාගි වුණා. විවිධ පක්‍ෂවල අය එහි සිටියා. රනිල් එහි දී කිවුවා රාජකීය විිදුහල තවත් වාර්තාවක් පිහිටුවා ඇති බව. එක පාසලෙන් එක පංතියෙන් ජනාධිපතිත් අගමැතිත් බිහිකිරීමෙන්. රාජකීය විිදුහලෙන් රාජ්‍ය නායකයන් තුන් දෙනෙකු බිහි වී තියෙනවා. රනිල් රාජකීය ආදී සිසුන් රාශියකගේ නම් කිවුවා. ඔහුට ධර්මපාලතුමාගේ නම අමතක වුණා ?

Wednesday 22 February 2023

සොක්කන් ලොක්කන් වීම

 සොක්කන් ලොක්කන් වීම

මේ ලිපි කියවන අය සිටින බව මා දන්නවා. ඔවුන්ගෙන් මා ඉල්ලා සිටින්නේ මේ ලිපිය කියවීමට පෙර යටින් පළ වී ඇති “හරිමි ගැමි කතා මම හරිනි ඔබ නිසා” ලිපිය කියවන ලෙස. අනෙක් අයට ලිපි දෙකට ම හා හා ලකුණු කර තම බුද්ධිමය කාර්යයක නිරත වෙන්න පුළුවන්.
අපේ රටේ දේශපාලනය තියෙන්නෙ ප්රභූ පංතිය (ඊනියා මාක්ස්වාදී පංති අරුතකින් නොවේ) හා නිර්ප්රභූ පංතිය අතර නො වෙයි. ජාතිකත්වය හා ජාතිකත්ව විරෝධය අතරත් දේශපාලනයක් තියෙනවා. ඒ අතර ප්රභූන් වීමට උත්සාහ කරන්නන් හා ප්රභූන් අතරත් සටනක් තියෙනවා. සමහර විට ඒ සටන් දෙකේ ම ඉන්න අයත් දකින්න පුළුවන්.

හරිමි ගැමි කතා මම හරිනි ඔබ නිසා

 හරිමි ගැමි කතා මම හරිනි ඔබ නිසා


මේ ලිපිය පළවූයේ 2020 අගෝස්තු මාසයේ. එකල මා මියන්මාහි ලංකා තානාපති. ඒ පිළිබඳ ව මට වඩා සුමේධ වීරවර්ධන දන්නවා. 


මෙහි කිසි තැනක කියා නැහැ ජ වි පෙ හරිණි (හරිනි) එකතු කර ගත්තේ ඇය කරාව කුලයේ නිසා බවක්. මෙහි කියන්නේ ජ වි පෙ (ජා ජ බ) නාගරික පක්‍ෂයක් වීම ගැන. මෙහි කරාව ගැන කියන්නෙ අර ප්‍රසිදධ අමරසූරිය පවුල ගැන. 


හරිණි ඒ සුප්‍රසිද්ධ අමරසූරිය පවුලට සම්බන්ධ නැති බව මා පසුව දැන ගත්තා. ඒ නිසා ඇයට ජී එල් සමග නෑකමක් තියෙනවා කියල මා හිතන්නෙ නැහැ. 


අද මා ලියන ලිපිය මෙයට සම්බන්ධයි. ඒ නිසා මෙය මෙසේ නැවත පළ කරනවා.  

Tuesday 21 February 2023

ණය

                                                                       ණය

ණයට ගන්නේ ඩොලර් භාණ්ඩ පමණක් නො වෙයි. අදහස් ද ණයට ගන්නවා. ඒ ණය ගෙවා ගන්න බැරි පඬි නැට්ටන් අදහස්වලට හෙලවෙනවා. වලිග හෙලවෙනවා

සිංහල බෞද්ධයන් බුද්ධාගම්කාරයන් වීම

 සිංහල බෞද්ධයන් බුද්ධාගම්කාරයන් වීම

 

මා ලිිපිය කොටස් වශයෙන් පළ නොකර සම්පූර්ණයෙන් ම පළ කරන්න තීරණය කළා. එක් එක් කොටසට ප්‍රතිචාර දැක්වීමේ දී සමස්ත ලිපිය අමතක කරන්න පුළුවන් නිසා. සම්පූර්ණ ලිපිය එක දිගට කියවීම වෙහෙස කර වෙන්න පුළුවන්.

Monday 20 February 2023

ජ වි පෙ

                         ජ වි පෙ තුන්වැනි හා රුදුරු ම ලේ                                          වැගිරීමකට තුඩු දෙන මාවතක

බුදුදහමට බුද්ධාගමක සේයාවක් වැටීම

බුදුදහමට බුද්ධාගමක සේයාවක් වැටීම

 

මෙය පූජ්‍ය මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ගේ ජන්මයෙන් ද්විශතකයක් ගත වීම නිමිත්තෙන් පළ කරන ලද සඟරාවකට මා ලියූ ලිපියක දෙවැනි කොටස. තව කොටස් පහක් හරි හයක් හරි තියේවි.

 

මට වඩා බෞද්ධ හා ඉතිගාස පොතපත කියවූ අය මෙරට දහස් ගණනක් ඉන්නවා. මා කියන කරුණුවලට ඔවුන් විරුද්ධ වන බවත් මා දන්නවා. මා බුද්ධාගම්කාරයකු නොවෙයි. බුදුදහම හා මෙරට ඉතිහාසය ගැන මා ඉන්නේ විමසුමෙන්. මා කිසිවක් අදහන්නේ නැහැ. බටහිර විද්‍යාව අදහන්නෙත් නැහැ. මා මූලික වශයෙන් ථෙරවාදය පිළිගන්නවා. එහෙත් අද උගන්වන ථෙරවාදය ගැන පමණක් නොව මහාවංසය ගැනත් මට ප්‍රශ්න තියෙනවා. සීගිරිය යක්‍ෂ සංස්කෘතික මධ්‍යස්ථානයක් බවයි මට වැටහෙන්නේ. ඒ ගැන ලිපියක් පසුවට. මේ ලිපි ප්‍රතිචාරවලට විවෘතයි. මා වැරදි යැයි ඔබ සිතන දේ විවෘත ව ලියන්න.  

-----------------------------------------------------------------------------------

Sunday 19 February 2023

සිංහල බෞද්ධයන් බුද්ධාගම්කාරයන් වීම

සිංහල බෞද්ධයන් බුද්ධාගම්කාරයන් වීම 


 මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් උපත ලබා දෙසීය වසරක්  පිරීම නිමිත්තෙන් පළ කෙරෙන මෙම සඟරාවට පාණදුරේ උපත ලද අයකු ලෙස සැදැහැ සිතකින් මේ ලිපිය සපයනවා. උන්වහන්සේගේ දායකත්වයෙන් සිදු වුණු පාණදුරා වාදයට මේ වසරේ අවුරුදු එකසිය පනහක් පිරෙනවාපූජ් මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් උපත ලබා ඇත්තේ බලපිටියේ මිගෙට්ටුවත්තේ හෙවත් මොහොට්ටිවත්තේ 1823 පෙබරවාරි නවවැනි දා. වනිගමුනි මිගෙල් මැන්දිස් විමලරත්න උන්වහන්සේගේ ගිහි නම වුණා. පාණදුරා වාදයට සහභාගි වන විට උන්වහන්සේට වයස අවුරුදු පනහක්.

Saturday 18 February 2023

සිස්ටම් චේන්ජ්

සිස්ටම් චේන්ජ් වෙලා. මැතිවරණ නැහැ.

වරද්දාගත් පරම්පරාවට අනුව ගොබ්බ කතාවක්

 වරද්දාගත් පරම්පරාවට අනුව ගොබ්බ කතාවක්

 

මා මෙටාවේ පළ කරන ලිපි ඇතැමුන් තම මිතුරන් අතර බෙදා හරිනවා. මට එය වළක්වන්න බැහැ. ඊයේ පළ කළ වරද්දාගත් පරම්පරාව ලිපිය එසේ බෙදා හැර තිබුණා. එවැනි එක් අයකුට හොඳ ප්‍රතිචාරයක් ලැබී තිබුණා. එය මෙසේයි. “මේ ගොබ්බයගෙ post share කරන්ඩ එපා.” එකී පරම්පරාවේ අය මට විවිධ නම් පටබැඳ තියෙනවා. මේ තවත් නමක් පමණයි. මා ගැන උරණ වන්නේ නැහැ. ඔය පරම්පරාවට කලින් පරම්පරාවත් මූණට නැති වුණත් මා විවිධාකාරයෙන් හඳුන්වන බව මා දන්නවා. නලියා යන්න ඇතැම් හාමුදුරුවරුනුත් යොදා ගන්නවා. සමහරවිට විශ්වවිද්‍යාලයේ උගන්වපු අය අතරින් වැඩියෙන් නම් තියෙන්නෙ මට වෙන්න ඕන.