සිංහල බෞද්ධයන් බුද්ධාගම්කාරයන් වීම
මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් උපත ලබා දෙසීය වසරක් පිරීම නිමිත්තෙන් පළ කෙරෙන මෙම සඟරාවට පාණදුරේ උපත ලද අයකු ලෙස සැදැහැ සිතකින් මේ ලිපිය සපයනවා. උන්වහන්සේගේ දායකත්වයෙන් සිදු වුණු පාණදුරා වාදයට මේ වසරේ අවුරුදු එකසිය පනහක් පිරෙනවා. පූජ්‍ය මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් උපත ලබා ඇත්තේ බලපිටියේ මිගෙට්ටුවත්තේ හෙවත් මොහොට්ටිවත්තේ 1823 පෙබරවාරි නවවැනි දා. වනිගමුනි මිගෙල් මැන්දිස් විමලරත්න උන්වහන්සේගේ ගිහි නම වුණා. පාණදුරා වාදයට සහභාගි වන විට උන්වහන්සේට වයස අවුරුදු පනහක්.
පාණදුරා වාදය බුද්ධාගමේ පුනර්ජීවනයට ඉවහල්
වුණු බව බොහෝ දෙනා කියනවා. පාණදුරේ
පුනර්ජීවනයේ නගරය ලෙස ද හැඳින්වෙනවා. එහෙත්
එහි එයට වඩා වෙනත්
අරුතක්
තිබෙන
බවයි මගේ හැඟිම. මා හිතන්නේ
මෙරට බුද්ධාගම
ස්ථාපිත
වුණේ ම ඒ වාදයත්
සමග කියා. එහි හොඳ මෙන් ම නරකත්
තිබුණා. සිංහල
බෞද්ධයන්
බුද්ධාගම් කාරයන්
බවට පත්වීමේ
විපාකත්
අද දකින්න
පුළුවන්.
බලපිටියේ හරි පාණදුරේ
හරි වැසියන්
පමණක්
නොව ලංකාවේ
ම සිංහල
බෞද්ධයන් (බුද්ධාගම්කාරයන්)
මා කියන දේ ගැන උරණ වන්නට
පුළුවන්. අනුරාධපුර යුගයේ
වැසියන්
තමන් සිංහල
බෞද්ධයන්
ලෙස හඳුන්වා
ගත්තා
කියා මා හිතන්නේ
නැහැ. එහෙත්
මා ඔවුන්
සිංහල
බෞද්ධයන්
ලෙස හඳුන්වනවා. අපි පළමුවෙන්
ම වචනවල
අරුත්
පැහැදිලි
කර ගනිමු. මා සිංහල
බෞද්ධයන්
හා සිංහල
බුද්ධාගම් කාරයන්
අතර විශාල
වෙනසක්
දකිනවා. සිංහල
බෞද්ධයන්ට ආගමක්
තිබුණේ
නැහැ. එහෙත්
සිංහල
බුද්ධාගම් කාරයන්ට
ආගමක්
තියෙනවා. ඒ ආගම ස්ථාපිත
වුණේ පාණදුරා
වාදයෙන්
පස්සෙ. බුදුදහම
කියන්නෙ
එකක්. බුද්ධාගම
කියන්නෙ
තවත් එකක්.
බුදුහාමුදුරුවන් ආගමක්
දේශනා
කළේ නැහැ. උන්වහන්සේ ධර්මය
දේශනා
කළා. කුමක්
සඳහා ද? සසර කෙළවර
කර ගෙන දුක නැති කිරීමට. දුක නැති කර ගැනීමට
නො වෙයි. දුක නැති කර ගන්නේ
සැප විඳීමට
වෙන්න
පුළුවන්. දුක නැති කිරීමෙන්
පසුවත්
යමක් ඇතැයි
යන කතාවක්
එහි තියෙනවා. අප නිවන්
සැප කියා සැපක්
ගැන හිතනවා. නිවන කියා තැනක්
දෙයක්
නැහැ. නාම පදයකින්
විස්තර
කරන්න
බැරි ක්රියාවක්
අප නාම පදයකින්
විස්තර
කරන්න
ගිහින්
අමාරුවේ
වැටිලා. දුක නැති කිරීම
කියන්නෙ
සැප විඳීම
නො වෙයි. දුකත්
සැපත්
දෙක ම විඳීම
නතර කිරීමක්. ක්‍රියා පදයකින් මිස නාම පදයකින් විස්තර කරන්න බැරි ක්රියාවක් අප නාම පදයකින් විස්තර කරන්න හදනවා. වඩාත් උචිත වචනය නිවීම කියා මා හිතනවා. නිවීමෙන් පසු යන තැනක් නැහැ. පහනක් නිවුණා වගේ.
නිවන අසංඛතයි. නිවනක්
කියා එකක් නැහැ. බුදු හාමුදුරුවන් දේශනා
කර ඇත්තේ
දුක නැති කිරීමට. සසර කෙළවර
කිරීමට. යළි ඉපදීම
නතර කිරීමට. බෝන් අගේන්
නතර කරන්න
කියා වර්තමානයේ කාට හරි කියන්න
පුළුවන්. මොනවා
වුණත්
ඒක ක්රියාවක්. බුදු හාමුදුරුවන් දේශනා
කළේ නැවත ඉපදෙන
එක නතර කරන්න. ඒ සඳහා ජීවත්
වෙන්න. ජීවත්
වීම නතර කිරීම
සඳහා ජීවත්
වෙන්න. එසේ ජීවත්
වීම ජීවන ක්රමයක්. එය ආගමක්
නො වෙයි.
අජරාමර නිවන යන්න කවදා ව්යවහාරයට
පැමිණියේ
දැයි මා දන්නේ
නැහැ. එහි තේරුම
ජරාවට
නොයන මරණයට
පත් නොවන යන්නයි. එයින්
කියැවෙන්නේ නිවන සැප ඇති බව ද? නිවී ගියාට
පසු සැපකුත්
නැහැ. මට තේරෙන
විධියට
ලෝකයේ
යළි නූපදීමක්
ගැන දේශනා
කළ එකම ශාස්තෘන්
වහන්සේ
බුදුන්
වහන්සේ. අපට අවශ්‍ය නොමැරී
ඉන්න නො වෙයි. ඉපදීම
නැති කිරීමට. චිත්ත
ඉපදීම
නැති කරන්න.
අප කුඩා කළ පාණදුරා
වාදයෙන්
අවුරුදු
හැත්තැවකට පමණ පසුත්
අප ආගම් කාරයන්
ලෙස හැඳින්නුවෙ කතෝලික
ආගම ඇදහූවන්. ක්රිස්තියානි ආගම් ඇදහුවන්. අපේ ගෙදරට
ගෙවල්
තුනකට
එහායින්
තිබුණෙ
ආගම් ගෙදර. අනෙක්
ගෙවල්වලට
අපි ආගම් ගෙවල්
කිවුවෙ
නැහැ. කොටින් ම සංස්කෘතික වශයෙන් අපි ආගමේ නො වෙයි. ආගමක නො වෙයි. එහෙත් අප නොදැන සිටියාට එ වන විට අප බුද්ධාගම්කාරයන් වෙලා.
ආගම කියන වචනයේ
තේරුම
අප වෙතට පැමිණි
යන්න බව කියැවෙනවා. ඒ වාචික
ව හරි ග්රන්ථාරුඪ
ව හරි වෙන්න
පුළුවන්. ඒ ලැබුණු
දේ විශ්වාස
කිරීම
තමයි ආගමක වෙන්නෙ. ඒ භාරතීය
මතය. බටහිර
රිලිජන්
යන්නෙහි
තේරුම
අධිමානුෂික බලයක්
පිළිබඳ
ඇති විශ්වාසය
හා එයට භක්තිමත්වීම කියා කියන්න
පුළුවන්. බුදුන්
වහන්සේගේ
ධර්මය
එහි ඵස්සිකයි. එව බලව එහි පදනමයි. අප බුදුදහම
විශ්වාස
කරන්නේවත් ඒ ගැන ඇති භක්තියක්
ඇතිව කටයුතු
කරන්නේවත් නැහැ. අප එය පිළිගන්නේ විමසා
බලා. මා කියනනේ
නැහැ හැම බෞද්ධයකු
ම බුදුදහම
විමසා
බලා තියෙනවා
කියා. එහෙත්
ඕනෑම අයකුට
ඒ සඳහා අවස්ථාව
තියෙනවා.