ජ වි පෙ බිහි වීම
ඊයේ කොළඹ තාප්ප උඩින් හාමුදුරුවරු වැඩලා. ඒ හතර වරිගෙ සසර ගමණ කෙළවර කරන්න පැවිදි වෙච්ච හාමුදුරුවරු නොවෙයි. හතර වරිගෙ ගොඩදාන්න හදන හාමුදුරුවරු වෙන්නත් බැහැ. මේ තමයි වමක් නැතුවත් වාම අදහස් ක්‍රියාත්මක වෙන හැටි. අද රටේ වමක් නැති වුණාට බුද්ධිමය ක්‍ෂෙත්‍රයේ (කලා සාහිත්‍ය විද්‍යා ශාස්ත්‍රීය හැම තැනක) ආධිපත්‍යය දරන්නේ වාම අදහස්. එහි කිසිම ශාස්ත්‍රීය පදනමක් නැහැ. ඇත්තේ වෛරය ඊර්ෂ්‍යාව හීනමානය නොහැකියාව ආදී ගුණාංගයි.
මා
හිතන්නේ මෙයට මුල් වරදකරුවා මෙරට මුල් වාමාංශිකයන්. ඔවුන්ගේ එක් සටන් පාඨයක් වූයේ ධනපතියන් භංගවේවා යන්නයි. ධනවාදය භංගවේවා කිවුව නම් එය අර ඊනියා සිස්ටම් චේන්ජ් හැටියටවත් සලකන්න තිබුණා. භංගවේවා කියන එක නැති භංග කිරීම සමග ගැලපෙන්නේ. වමේ ව්‍යාපාරයෙන් නායකයන්ට කොහොම වෙතත් අනුගාමිකයන්ට ඇති කෙළේ වෛරයක්. ඊරෂ්‍යාවක්. අපි දුක් විඳිනවා, උන් සැප විඳිනවා උන් නැති භංග කරන්න ඕන කියන අදහස ඒ සටන් පාඨයෙ තියෙනවා. ඒ අතර අපට ඒ තැන ඕන කියන එකත් එහි තියෙනවා.
කලකට
පෙර කියැවුණු කොළඹට කිරි අපිට කැකිරි සටන් පාඨයෙ වැරදි කිහිපයක් තිබුණා. තොපි කිරි බොනවා අපි කැකිරි කනවා එතැන වැරදි ඊර්ෂ්‍යාවක් තියෙන්නෙ. මා වැරදි යැයි කියන්නෙ කිරි බොනවට වඩා කැකිරි කන එක හොඳ නැහැ කියා කියැවෙන නිසා. අප කිරි බිව් ජාතියක් නො වෙයි. අප කිරි කෑ ජාතියක්. අපට කිරි බොන්න පුරුදු කෙළෙ ඉංගිරිසින්. අද ඒ බොන කිරිත් නැති වෙලා පිටි කිරි ඇවිත්. පිටි කිරි පිටින් ගේන්න වෙලා. අපට අපේ අවශ්‍යතාවන් කියල දුන්නෙත් ඒ අවශ්‍යතාවන් පිට රටින් ගේන්න කියල දුන්නෙත් ඉංගිරිසින්. තාමත් ඔවුන් එය කරනවා. පඬි නැට්ටකු අහන්න බැරි නැහැ අපට කියන්නෙ කැකිරි කකා ඉන්න ද කියලා.
ඒ වගේ පඬි කතා අහන්න ඕන නැති නිසා තමයි ප්‍රතිචරවලට විවෘත කරන්නෙ නැත්තෙ. ප්‍රතිචාරවලට විවෘත කළ අවස්ථාවල පඬි නැට්ටන්ගෙ නැට්ටෙ දිගත් දැන ගන්න පුළුවන් වුණා. අර වලිගේ නැති ගොනාට වුණු සන්තෑසිය ම තමයි පඬි නැට්ටන්ටත් වෙලා තියෙන්නෙ.
ඒ කොහොම වුණත් වමේ පහළ කොටස්වලට ධනපති ක්‍රමය නැති කිරීමට වඩා ධනපතියන් නැති භංග කිරීමටයි අවශ්‍ය වුණෙ. ඒ ආකල්පය තිස් ගණන්වල ඉඳන් හැට ගණන්වලට එන විට වැඩි වුණෙ අර නිදහස් අධ්‍යාපනයෙන් බිහි වෙච්ච උගත් බුද්ධිමතුනුත් එක්ක. විජේවීරගෙ තාත්තා කොමියුනිස්ට් පක්‍ෂයෙ සාමාජිකයෙක්. විජේවීරත් කොමියුනිස්ට් පක්‍ෂයෙ ක්‍රියාකාරිකයකු
වුණා. එමගින් ඔහුට රුසියාවෙ (එකල සෝවියට් දේශයේ) ලුමුම්බා විශ්වවිිද්‍යාලයට
බටහිර වෙදකම ඉගෙනීමට ශිෂ්‍යත්වයක් ගැනීමට හැකි වුණා.
විජේවීර නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ අයෙක්. අම්බලන්ගොඩ ධර්මාශෝක විිද්‍යාලයේ තමයි ඔහු අවසන් වරට ඉගෙන ඇත්තෙ. සෝවියට් දේශයේ ඇති වූ චීනය සම්බන්ධ කලබැගෑනිත් එක්ක ඔහු ලංකාවට ඇවිත් චීන කොමියුනිස්ට් පක්‍ෂයට බැඳිලා තියෙනවා. ඔහුට ආපසු සෝවියට් දේශයට යන්න වීසා නොලැබුණු බවයි පේන්න තියෙන්නෙ. ඒ නිසා ඔහුට වෛද්‍ය උපාධිය ලබා ගන්න බැරි වුණා. චීන කොමියුනිස්ට් පක්‍ෂයෙ නායකයා වුණෙ ශන්මුගදාසන්. ඔහු නාගරිකයෙක් වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙක්.
ට්‍රොට්ස්කිවාදී සමසමාජ පක්‍ෂය තරම් නාගරික ඊනියා කම්කරු පංති ව්‍යාපාරය සමග සම්බන්ධතාවක් නැති වුණත් ශන්මුගදාසන්ගෙ කොමියුනිස්ට් පක්‍ෂයත් ඊනියා කම්කරු පංති විප්ලවයක් ගැන තමයි හිතුවෙ.
එ ජා ප, ශ්‍රී ල නි ප, එතෙක් තිබූ මාක්ස්වාදී පක්‍ෂ ප්‍රභූ නාගරික නායකයන් සහිිත කොළඹින් මෙහෙයවනු ලැබූ පක්‍ෂ වුණා. ගමෙන් පැමිණි විජේවීර අධ්‍යාපනයෙන් නාගරික වුණත් ඔහු කිසිම ආකාරයකින් ප්‍රභූ වරයෙක් වුණෙ නැහැ. ප්‍රභූ සමාජයෙ ඔහුට වැදගත් තැනක් ලැබුණෙත් නැහැ. ඔහු ප්‍රාදේශීය ප්‍රභූවරයකුගේ තබා ග්‍රාමිය ප්‍රභූවරයකුගෙවත් පුතකු වුණෙ නැහැ. අදත් මේ ප්‍රශ්නය රටේ තියෙනවා.
නිදහස් අධ්‍යාපනය නිසාා සමාජයේ ඊනියා උසස් රැකියාවන්ට ගියත් නිර්ප්‍රභූන්ගෙ
දරුවන්ට සමාජයෙ වැදගත් තැනක් ලැබෙන්නෙ නැහැ. එයට කුලය හා පාසලත් එකතු වුණා ම තත්වය තවත් බරපතල වෙනවා. මෙරට විවිධ ධුරාවලි තියෙනවා. සම්මත කුලය එකක්. පාසල් කුලය තවත් එකක්. රැකියා ව නිසා තවත් කුලයක් ක්‍රියාත්මක වෙනවා. පියාගෙ ප්‍රභූ තරාතීරම අනුව, ඉංගිරිසි කතා කිරීමට පියාට පුතාට ඇති හැකියාව ආදිය මත විවිධ ධුරාවලි තියෙනවා. මෙයින් විවිධ හීනමානත් ඇති වෙනවා.
අපි
අධ්‍යාපනය ලබන්නෙ ගොඩ යන්නෙ. හතර වරිගෙ ගොඩ දාන්න. ඒත් කෙතරම් උසස් අධ්‍යාපනයක් ලැබුවත් කෙතරම් උසස් තනතුරක් හෙබවුවත් අර විවිධ ධුරාවලින් විසින් අප සීමා කෙරෙනවා. ඒ සීමා සතපහකට ගණන් ගන්නෙ නැතුව ඉන්න පුළුවන් අය ඉන්නෙ ඉතා ම අතළොස්සක්. අධ්‍යාපනය ලබන්නෙ එවැනි සීමාකම්වලින් බැඳී ඉන්න නො වෙයි. අවශ්‍ය වන්නෙ ඉහළ ම වැදගත් පිළිගැනීමක් ලබා ගැනීමට. ඒ නොලැබෙන විට සිදු වෙන දේ මා විශ්වවිද්‍යාලයේ
දි දැක තියෙනවා. විවිධ සමාජවල දි දැක තියෙනවා. හීනමානය ඊර්ෂ්‍යාව වෛරය ආදිය සර්පයකු මෙන් උඩට ඇදී එනවා. හැටේ දශකයෙ ඒ විවිධ කුල පීඩාවලට ලක් වූ නිිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ ඊනියා උගත් ගැමි තරුණයන්ට දේශපාලන පක්‍ෂයක් ලැබුණා තමන්ගේ ම නායකයකු යටතේ.
අර
තාප්පෙන් වඩින හාමුදුරුවරු මොන පක්‍ෂයෙ අනුගාමිකයන් වහන්සේ වුණත් ඊනියා උගත් ගැමි තරුණ භික්‍ෂූන් වහන්සේ.