Main Logo

Thursday 30 September 2021

හතර දෙනාගේ කල්ලිය

 

හතර දෙනාගේ කල්ලිය

 

එක්සත් ජාතින්ගේ සංවිධානයේ වාර්ෂික සැසිවාරය පවත්න අතර හතර දෙනාගේ කල්ලිය නැත්නම් චතුස්කය රැස්වෙලා. ඒ එක්සත් ජනපදවල ජනාධිපති බයිඩන්, ඕස්ත්‍රේලියාවේ අගමැති මොරිසන්, ජපානයේ අගමැති සුගා, ඉන්දියාවේ අගමැති මෝදි. හතර දෙනා ම සූරයෝ. මේ හතරදෙනාගේ කල්ලියට ඉංගිරිසියෙන් කියන්නෙ quad කියල. ඒ ගැන මා කලින් ලියා ඇති. ඒත් දි අයිලන්ඩ් පුවත්පතේ හැරෙන්න ලංකාවේ වෙනත් ජනමාධ්‍යයක ඒ හතර දෙනාගේ කල්ලිය ගැන ප්‍රචාරයක් දුන්නේ නැහැ. හැම දෙයක් ගැන ම මොකක් හරි ලියන සකර්බර්ග් පඬියන්ටත් ඒ ගැන නිච්චියක් තිබුණේ නැහැ. ඔවුන් භූ දේශපාල යථාර්ථය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක නිරත වෙලා ඉන්න ඇති.

Wednesday 29 September 2021

බටහිර විද්‍යාවෙන් දෙවියන් වහන්සේ ඉන්නා බව (හිටි බව) ඔප්පු වන්නේ ද?

 

බටහිර විද්‍යාවෙන් දෙවියන් වහන්සේ ඉන්නා බව (හිටි බව) ඔප්පු වන්නේ ද?

 

පහත පළවන ලිපි වලින් කියැවෙන්නේ  එසේ ඔප්පු වන බවයි.

 

 

බටහිර විද්‍යාව ඒක රේඛීයයි. එයට පටන් ගන්න තැනක් මොහොතක් අවශ්‍යයි.

 

ෆ්‍රෙඩ් හොයිල්ගේ සතත අවස්ථා විශ්වය (steady state universe) බටහිර වි්‍යාවේ පිළිගැනුණේ නැහැ. සාක්‍ෂි නැති බව එයට හේතුව ලෙස දක්වාවි. එහෙත් මහා පිපිරුමටත් සාක්‍ෂි නැහැ. ඊනියා උද්ධමනය (inflation) මහා පිපිරුමේ තේරුම් කරන්නේ නැහැ.

 

කෙසේ වෙතත් මේ ලිපි දෙක මෙසේ පළකරන්නේ විද්‍යාත්මක බෞද්ධයන්ගේ හා විද්‍යාත්මක අදේවවාදීන්ගේ දැනගැනීම පිනිසයි. මා ඔවුන්ගේ ප්‍රතිචාර බලාපොරොත්තු වන්නේ නැහැ. ලිපි දෙක තේරුම් ගැනීමට උත්සාහ කිරීම ප්‍රමාණවත්.

 

බටහිර විද්‍යාවේ කතන්දරත් යුදෙවු කතන්දරත් එකම වර්ගයේ.

 

චක්‍රීය චින්තනයක් ඇති බෞද්ධයන් රේඛීය චින්තනයේ වහලුන් වන්නේ දැනුම් ආධිපත්‍යයට යට වීමෙන්. ඒ බෞද්ධයන්ට දෙවි පිහිටයි.

Tuesday 28 September 2021

අකුරු තුනේ රනිල් හා උගත්තු

 

අකුරු තුනේ  රනිල් හා උගත්තු

 

අද බොහෝ දෙනා අකුරු තුනේ කතා කියනවා. UNP අකුරු තුන ගැන මා හිතන්නෙ නැහැ රනිල්වත් කතා කරනවා කියා. ඒත් රනිල් IMF ගැන කියවනවා. කලකට පෙර වෙළෙඳ දැන්වීමක එක් වයසක අයෙක් ප්‍රීතියෙන් කෑගහනවා ඉංගිරිසි අකුරු තුනක් ගැන. ඒ KFC . කෙන්ටකි ෆ්‍රයිඩ් චිකන්. එක්සත් ජනපදවල කෙන්ටකි ප්‍රාන්තයේ තමයි මේ කුකුල්මස් වෙළෙඳසල්වල මධ්‍යස්ථානය තියෙන්නෙ. වෙළෙඳ දැන්වීමෙන් කරන්නෙ අපට ඔවුන්ගෙ විධියට කුකුල්මස් කවන්න හදන එක. ඔය අස්සෙ තන්ජොරි චිකනුත් තියෙනවා. සමහරු ඒවත් කනවා. අපට දැන් නිකන් ඉන්නත් චිකන් ඕන. චිකන් කන්නෙ නැති අය ගෝත්‍රික සමාජයට අයත් ද කියල තාම පඬි නැට්ටකු කියා නැහැ.

Monday 27 September 2021

පොදු ජන පෙරමුණ බණ්ඩාරනායක අත්හැරීම

 

පොදු ජන පෙරමුණ බණ්ඩාරනායක අත්හැරීම

 

සකර්බර්ග්ගේ මුහුුණක් නැති මුහුණු පොත අද දෝරේ යන එදා මාටින් ලූතර් පූජකතුමාගෙන් ඇරඹි බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ප්‍රජාතන්ත්‍රවාදයේ තවත් මුහුණුවරක් පමණයි. අද ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රජාතන්ත්‍රවාදය පාලනය කරන්න බැහැ. මුහුණු පොතේ යමක් පළ කරන්න අවශ්‍ය වන්නේ අකුරු කෙටීමට දැන ගැනීම පමණයි. කරුණු හොයා බලා විචාරශීලීව යමක් ලියන්න විවේකයක් බොහෝ අයට නැහැ. ඒ අය කාර්යබහුල පුද්ගලයන්.

Sunday 26 September 2021

බණ්ඩාරනායක ඝාතනයට අවුරුදු හැට දෙකයි

 

බණ්ඩාරනායක ඝාතනයට අවුරුදු හැට දෙකයි

 

බණ්ඩාරනායක මහතා ඝාතනය කරනු ලැබ අදට අවුරුදු හැටදෙකක් වෙනවා. එහෙත් බණ්ඩාරනායක මැතිණිය  පවසා තිබුණේ එන් එම්ලා ඇගේ සැමියා නොමරා මැරූ බව. ඒ වැඩ වර්ජන සංවිධානය කිරීමෙන්. අපි ඒ කතාවට පස්සෙ එමු. මේ කියන්න යන කතාව මා යම් ප්‍රමාණයකට කලින් කියා ඇති. 1989 භීෂණ සමයේ ශ්‍රී ල නි ප අඳුරෙන් එළියට ඒමට තැත් කරමින් හිටියේ. පක්‍ෂය කිසිදා කවන්ධයක් වුණේ නැහැ. සාහිත්‍ය කතාවලින් දේශපාලන විශ්ලේෂණ කරන්න බැහැ. ශ්‍රී ල නි පක්‍ෂයට තිබුණේ යම් ප්‍රමාණයක හරි ජාතිකත්ව හිසක්.

Saturday 25 September 2021

වෙනස් වෙන විදේශ ප්‍රතිපත්තිය

 

වෙනස් වෙන විදේශ ප්රතිපත්තිය

 

ලංකාවේ විදේශ ප්රතිපත්තිය වෙනස් වෙමින් පවතින බව පේනවා. එයට වගකිවයුත්තන් කවුරුන්දැයි හරියට කියන්න බැහැ. එහෙත් අප රට භයානක පැත්තකට යොමු වෙමින් පවතින බව කියන්න පුළුවන්. මා දැන් හිටපු තානාපති කෙනෙක්. මට මගේ අදහස් ප්රකාශ කිරීමට බාධාවක් නැහැ. තානාපති ව කටයුතු කළත් මේ ටික කියන්න වෙනවා.

Friday 24 September 2021

බටහිර විද්‍යා වහල්ලු

 

බටහිර විද්‍යා වහල්ලු

 

මෙරට තරම් බටහිර විද්‍යා වහල්ලු වෙනත් රටක, බටහිර රටවල් ද ඇතුළු ව, ඉන්නවා කියා මා හිතන්නේ නැහැ. මේ විද්‍යාත්මක ක්‍රමයට අමාත්‍ය මණ්ඩල  හදන රටක්. මා හිතන්නෙ මිනිසුන් චන්දෙ දෙන්නෙත් විද්‍යාත්මක ක්‍රමයට කියා. උසස් පෙළට බටහිර විද්‍යා විෂය ඉගෙන ගන්නා සිසුන් විද්‍යාත්මක ක්‍රමය හදාරනවා ද කියා මා දන්නේ නැහැ. එහෙත් උසස් පෙළ ශාස්ත්‍ර මානව ශාස්ත්‍ර ධාරාවල නම් කර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය හදාරනවා. ඒ අය විද්‍යාව දන්නේ නැහැ. ඒත් විද්‍යාත්මක ක්‍රමය දන්නවා!

Thursday 23 September 2021

ඒලියන්ත වයිට් බටහිර රෝහලක මිය යයි

 ඒලියන්ත වයිට් බටහිර රෝහලක මිය යයි


ඒලියන්ත වයිට් මියගිහින්. කොවිඩ් රෝගය වැළඳී මිය ගිහින්. මිථ්‍යාවට විරුද්ධ ව අවි අමෝරා ගෙන සටන් කරන පඬියන්ට පඬි පෝතකයන්ට පඬි නැට්ටන්ට හා ඔවුන්ගේ ස්ත්‍රී ලිංගිකයන්ට හත් දා මගුල් කන්න ප්‍රවෘත්තියක්. ඔවුන් මුහුණු පොතේ පෙළහර දක්වනවා. මුට්ටි දාල කොවිඩ් හොඳ කරන්න බැහැ කියනවා. දැන්වත් මිථ්‍යාව අත්හරින්න කියනවා. මා දන්නේ නැහැ ඔවුන් කී දෙනකු විද්‍යාඥයන් ද කියා. කී දෙනකු බටහිර වෙද මහත්තුරු ද වෙද හාමිනේලා ද කියා. 

Wednesday 22 September 2021

හිතන්නෙ නැති අපට බිංදුව

 හිතන්නෙ නැති අපට බිංදුව 


ඊයේ (සැප් 21) ලිපියේ මූලික ව සඳහන් වූයේ දෙමළ විසුරුණු ජනයා සමග කිරීමට බලාපොරොත්තු වන සාකච්ඡා පිළිබඳ ව. ජනාධිපති ගෝඨාභය එවැනි බලාපොරොත්තුවක් ගැන කීම අප පුදුමයට පත් කළ දෙයක් නො වෙයි. මින් පෙර ද ඔහු අතින් එවැනි කතා කියැවී තියෙනවා. එහෙත් යමක් කී පමණින් ඒ කෙරෙයි ද කියා තීරණය වන්නේ නැහැ. එය සමාජ බලවේග විසින් තීරණය කෙරෙන්නක්. 13 + දෙන බව කී වතාවක් ඉන්දියාවට කී දෙනකු පොරොන්දු වී තියෙනවා ද? 


ඊයේ ලිපියේ එයට අමතර ව වැදගත් කරුණු දෙකක් සඳහන් වුණා. එකක් ආන්ද්‍ර බුද්ධාගම ගැන. අනෙක බිිංදුව යන සංකල්පය සංස්කරණය කිරීම ගැන. ඇතැම් පාඨකයනට ඒ මග හැරී යන්න ඇති. ඒ මා නාභිගත නොවීම නිසා වෙන්න පුළුවන්. ඒ අතර බොහෝ පාඨකයන්ට ඒ වැදගත් වී නැහැ. එක් අයකු පමණක් අසා තිබුණා ආන්ද්‍ර බුද්ධාගමට පෙර මෙහි තිබූ බුද්ධාගම මොකක් ද කියා. මා හිතන්නේ එයට පෙර මෙහි බුදුහාමුදුරුවන් දෙසූ බුදුදහමත් අශෝක බුදුදහමත් තිබුණා ය කියා. අශෝක බුදුදහම කියා මා හඳුන්වන්නේ මිහිඳු හිමියන්ගෙන් ලැබුණු තුන්වැනි සංගායනාවේ බුදුදහම. 


මෙවැනි දේ කියනවාට විරුද්ධ පිරිසක් රටේ ඉන්නවා. ඔවුන් මහාවංසය හා අටුවාව කිසිදු විවේචනයකින් තොරව පිළිගන්නවා. ඔවුන් මූලික වශයෙන් ජාතික මතධාරීන්. එහෙත් ඔවුන් සමහර දෙනකුට මා ද්‍රෝහියෙක්. එහෙම නැත්නම් නොමග ගිය අයෙක්. මා ඔවුන්ගෙන් හා වෙනත් අයගෙන් දැනගන්න කැමතියි වළගම්බා රජු දවස ධර්මය ග්‍රන්ථාරුඪ කෙළේ මොන භාෂාවෙන් ද කියාත් ඒ පෙතපත අද දකින්ට ඇත් ද කියාත්. ඒ ප්‍රශ්නය මෙතෙක් අසා නැත්නම් හරි ඒ ගැන හිතා නැත්නම් හරි මට කරන්න දෙයක් නැහැ. 


බිංදුව ගැන නම් කිසිවකුට උනන්දුවක් ඇති වී නැහැ. එය තේරුම් ගන්න අපහසුවක් නෑහෑ. අප උනන්දුවන්නේ අපේ ජීවිතවලට සම්බන්ධ දේ ගැන. අප නිරෝධායනය වන හෝටලයේ සේවය කරන තරුණියකගේ ගම දිවුලපිටිය. මා ඇගෙන් ඇහුවා දිවුලපිටියේ කාලෝ ෆොන්සේකා දන්නවා ද කියා. ඇය දැන හිටියේ නැහැ. මා දෙවැනි දවසකත් ඇගෙන් ඇහුවා. ඇය අන්තර්ජාලය බලා ආපසු පැමිණ කීවේ ප්‍රොෆෙසර් කාලෝ ෆොන්සේකා ටීවී එකේ දැක ඇති බව. මා ඒගැන පුදුුම වූයේ නැහැ. මෙරට හේතුවාදයේ සුළුපියා වූ කාලෝ ෆොන්සේකා (පියා ඒබ්‍රහම් කොවූර්) ඇගේ ජීවිතයට කිසිසේත් සම්බන්ධ නැහැ. ඇය සමහර විට නළු නිළියන් ගායක ගායිකාවන් ක්‍රිකට් ක්‍රීඩකයන් ගැන දන්නවා ඇති. ඒත් තම ගමේ ම උපන් කාලෝ ෆොන්සේකා ගැන දන්නේ නැහැ. 


කාලෝ ශිෂ්‍යත්වය (එකල ශිෂ්‍යත්වය නොවූ බව වෙන ම කරුණක්) සමත් ද, ඔහු ජ්‍යෙෂ්ඨ විභාගය පළමු වර සමත් ද, විශ්වවිද්‍යාල ප්‍රවේශයට කී වරක් පෙනී සිටියේ ද, විශ්වවිද්‍යාලයට ඇතුල්වීමට වයස විසිදෙකක් වන තුරු නොහැකි වූයේ ඇයි ද, ප්‍රවේශ විභාගයේ වැඩ හතරෙන් දෙකක් අසමත් ද, පසුව පාඩම් හා පාඩම් ම කර රන් පදක්කම් දිනා ගත්තේ ද, හේතුවාදියකු වූයේ කවදා ද, ගිනි පෑගීමේ අරමුණ ඔහු හිතා හිටි බුද්ධාගමට පහර ගැසීම ද, කොරුන් ඇුවිද්දවන කතෝලික පූජකවරුන්ට විරුද්ධ වීමට අතපසු වූයේ හේතුවාදය එයට බලනොපාන නිසා ද, ශිෂ්‍ය අවධියේ සමසමාජ කාරයකු නොවී කථිකාචාර්යවරයකු වීමෙන් පසුව සමසමාජ කාරයකු වූයේ ඔහුගේ මනස අවදිවන්නේ කාලයක් ගත වීමෙන් පසුව නිසා ද, ආදී කරුණු වැදගත් වන්නේ මට පමණක් වන්න පුළුවන්. ඒ ඔහු උගතකු බුද්ධිමතකු නොවන මගේ ජීවිතයට සම්බන්ධ වී ඇත්තේ උගතකු බුද්ධිමතකු ලෙස නිසා. උගතකු බුද්ධිමතකු නොවන  මා උගතුන් බුද්ධිමතුන් ගැන දැනගන්න කැමතියි. 


බොහෝ අයට බිංදුව ගැන සෙවීම තම ජීවිතයට සම්බන්ධ නැහැ. පුරා විද්‍යාඥයන්ටත් එහි වැදගත්කමක් නැහැ. ඔවුන්ට ඒ බිංදුව (හල් කිරීම) සඳහන් කැබලි පළමුවෙන් කියවන්න පුළුවන් වුණා නම් ඒ වැදගත් වන්න තිබුණා. එහෙත් දැන් එහි වැදගත්කම ගිහින්. එවැනි කැබලි සීගිරියේ තවත් තියෙනවා ද? එහි කාලය කුමක් ද? අපේ පැරණි ඉලක්කම් කවරේ ද (මියන්මාහි තවමත් ඔවුන්ගේ පැරණි ඉලක්කම් යොදා ගන්නවා, ඒත් ඒ සංකේත වත්මන් ක්‍රමය මත පදනම් වී තිබෙනවා. රූපයෙහි ඇත්තේ විවිධ අකුරුවලින් ලියැවුණු බුරුම ඉලක්කම්)?  සීගිරියෙන් පිටත් හල්කිරීම සඳහන් ඵලක පුවරු සෙල්ලිපි ආදිය තියෙනවා ද? මේ ආදී පශ්න ඔවුන්ගේ ප්‍රබුද්ධ හිත්වල ඇති වන්නේ නැහැ.


මෙරට උගතුන් දන්නේ 1856 සිට 1888 දක්වා ලංකාවේ පැවති පරිපාලනය කුමක් ද, ඊනියා බෞද්ධ පුනර්ජීවනයේ විස්තර කවරේ ද ආදී ප්‍රශ්න ගැන හිත යොමු කරන්න. ඒ ඔවුන්ගේ ජීවිතයට සම්බන්ධ කෙරී ඇත්තේ අධ්‍යාපනයෙන්. උසස් පෙළේ සිට අපට පුරුදු කරන්නේ එවැනි පරිධියේ ප්‍රශ්න ගැන හිත යොමු කරන්න. ඒ ප්‍රශ්න අපේ ජීවිතවලට සම්බන්ධ කෙරෙනවා. අර හෝටල් සේවිකාවට එවැනි අධ්‍යාපනයක් ලැබී නැහැ. අපේ ජීවිතවලට සම්බන්ධ ප්‍රශ්න අපේ පරිසරය විසින් සකස් කෙරෙන්න. ඒ දෙමව්පියන්, නෑයන්, මිතුරන්, ගුරුවරුන්, ජනමාධ්‍යවේදීන්, දේශපාලනඥයන් ආදීන් විසින් සකස් කෙරෙනවා වෙන්න පුළුවන්.  


අප කේවල ප්‍රශ්න ගැන පමණක් හිත යොමු කරනවා. අධ්‍යාපනයෙන් ඊනියා විද්‍යා අධ්‍යාපනයෙනුත් කෙරෙන්නේ කේවල ප්‍රශ්න ජීවිතයට සම්බන්ධ කිරීමයි. අප දත්ත හා තොරතුරු ගබඩා පමණයි. අප කරන්නේ තව තවත් දත්ත හා තොරතුරු පසුපස යෑමයි. අඹ ගෙඩියක් වැටී තියෙනවා. ඒ ඇයි? කපුටෙක් කොටන්න ඇති, ලේනෙක් හපන්න ඇති, ඉදිල වැටෙන්න ඇති. අප ඉන් සෑහීමට පත් වෙනවා. එතකොට පොල් ගෙඩියක් වැටිල තියෙන්නෙ මොක ද? මොකක් හරි උත්තරයක් (හේතුවක්) කියන්න බැරියැ. එතකොට ගෙඩි වැටෙන්නෙ මොක ද? ගෙඩි වැටෙනවා කියන එක හිතේ මවා ගන්න පුළුවන් ද? මා අහන්නේ නැහැ ඔළු ගෙඩිය ගෙඩියක් ද කියා. කේවල ප්‍රශ්න වෙනුවට සාධාරණ (පොදු) ප්‍රශ්න අහන එක තමයි බටහිර විද්‍යාවෙ ලොක්කො කරන්නෙ. පොඩ්ඩො ඒ ප්‍රශ්නවලට ලොක්කො දෙන උත්තරේ මත පදනම් වෙලා පරිධියේ පොඩි පොඩි, බොහෝ විට කේවල ප්‍රශ්න විසඳනවා.  


නිවුටන් ගෙඩි වැටෙන්නෙ මොකද කියන එකට උත්තරයක් හැදුව. ඒ තමයි ගුරුත්වාකර්ෂණය. බටහිර පොඩ්ඩො ඒක මත පදනම් වෙලා හඳට රොකට් අරිනවා. අපි සුද්දො හදපු රූපවාහිනියෙන් ඒක බලන් ඉන්නවා. බලන් ඉඳලා අර තරුණයන් කියන්න වගේ ලොරි, නැහැ කන්ටේනර් ටෝක් දෙනවා.  ඉංගිරිසින් මුළු ලෝකෙට ම තමන්ගෙ ක්‍රමය පුරුදු කෙළෙ කොහොම ද කියන එක හිතන්න. ඒ හිතන්න පුළුවන් නම්. අද මධ්‍යම පංතිය කන්නෙ බොන්නෙ නිදාගන්නෙ පමණක් නොව වැසිකිළි යන්නෙත් ඉංගිරිසින්ට ඕන විධියට. ඊනියා ද්විභාෂික උගතුන් කියන්නෙ ඉංගිරිසියෙන් තියෙන දේ සිංහලෙන් කියන අයට. සංගීතයට ඒ මිශ්‍රණය ආවෙ ටික කලක් ගිහින්. සිංහල සංගීතයට බටහිර වාද්‍ය භාණ්ඩ එකතු වුණේ හෙමින් හෙමින් හීන් සැරෙන්.  දේශපාලනයත් කෙරෙන්නෙ වෙස්ට්මිනිස්ටර් ක්‍රමයට. ඒත් ඒ හැම තැනක ම අප අනාගන්නවා. හත්පොළේ ගාගන්නවා. 


ඉංගිරිසිනුත් අද අමාරුවේ වැටිලා. කොවිඩ් 19 ඔවුන් දණ ගැස්සුවා. කොවිඩ් වෛරසය අද කේවල ප්‍රශ්නයක් වෙලා. බටහිර විද්‍යාවෙ ලොක්කන්ට ඒක පොදු වෛරසයක් ලෙස සලකා විසඳුම් හොයන්න බැරි වුණා. බටහිර විද්‍යාවේ දුර්වලකම අපට දැන් පේනවා.  මෙරට ඉන්න බටහිර වෙදමහතුන්ට වෙද හාමිනේලාට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඊළඟ නිවේදනය එනකම් බලන් ඉන්නවා. ඔවුන් කියන දේ රවි කුමුදේශ්ටත් ශවේන්ද්‍ර සිල්වාටත් චතුර අල්විස්ටත් විතරක් නොවෙයි උගතකු බුද්ධිමතකු වියතකු නොවූ මටත් කියන්න පුළුවන්. නිවේදන කියවන්න එතරම් උගත් කමක් අවශ්‍ය නැහැ. 


ලෝකෙ ප්‍රශ්න අපේ ප්‍රශ්න. ඒ සමහර ඒවා කේවල, සමහර ඒවා පොදුකරණයට ලක්කරන්න පුළුවන්. සමහර ඒව දෙකෙන් එකකටවත් අයත් නැති වෙන්න පුළුවන්. ඒ මොනව වුණත් අපි හිතන්නෙ නම් නැහැ.  හිතන්නෙ නැති අපට බිංදුව.       







Tuesday 21 September 2021

ඊනියා ඩයස්පෝරාව සමග මොන කතා ද?

 

ඊනියා ඩයස්පෝරාව සමග මොන කතා ද?

 

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්ට කියා තිබෙනවා දෙමළ ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව. මෙහි වැරදි ගණනාවක් ම තිබෙනවා. පළමුවෙන් ම ඩයස්පෝරාව කියන වචනය වැරදියි. මෙය බයිබලයේ, පරණ තෙස්තමේන්තුවේ එන වචනයක්. යුදෙවුවන් තම රටින් පිටුවහල් කිරීමෙන් පසුව ඔවුන්ට යොදා ගැණුනු වචනයක්. එහි තේරුම තම නිජබිමෙන් පිට කෙරුණු වැන්නක්. දෙමළ ඩයස්පෝරාව කියන්නේ තම නිජබිමෙන් පිටමංකෙරුණු දෙමළ ජනයා කියන එකයි.

Monday 20 September 2021

මට මරණ බය ඇති වුණා

 

මට මරණ බය ඇති වුණා

 

සුදත් බණ්ඩාරගේ මරණයෙන් පසු මට මරණ බය ඇති වුණා. සුදත් හිත හොඳ දොස්තර යනුවෙන් දැන් එක් එක් අය ලියනවා. බුලත් විට කෑ දොස්තර යන්න තවත් යෙදුමක්. ඊනියා විප්ලවවාදීන් ද ඔහුගේ හොඳ කියනවා. එක් පඬියකුට අනුව සුදත් තම හොඳ ම ප්‍රතිවාදියා. පඬියාගේ ලොක්කා මුකුත් කී බවක් දැන ගන්න නැහැ. අතන මෙතන පතන රතන හාමුදුරුවො  මා දැනුවත් ව මොකුත් කියා නැහැ.

Sunday 19 September 2021

රනිල්ලා බල්ලකුටවත් පැවරුවෙ නැති ආරක්‍ෂාව

රනිල්ලා බල්ලකුටවත් පැවරුවෙ නැති ආරක්‍ෂාව

 

මා කලින් ලිපියේ කියා සිටියේ පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු කවුරුද යන්නයි. ඇතැමුනට එය අගක් මුලක් නැති කතාවක් වීමට ඉඩ ඇතත් ජාත්‍යන්තර ව සිදු වන්නේ එයයි. නෝර්වේ විවිධ පුද්ගලයන් හරහා මෙරට සිංහල මුස්ලිම් අරගල ඇති කිරීමට උත්සාහ කළා. එහෙත් ඔවුන් බලාපොරොත්තු වූ තරමින් ඒ කරගන්න බැරි වුණා. දිගාලා හා ඔවුන්ගේ එකල හිත මිතුරු ගිහි පැවිදි අය අසාර්ථක වුණා. අසු තුනෙන් පසු සිංහල මිනිසුන් උසිගැන්වීම පහසු නැහැ.

Saturday 18 September 2021

පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු

 පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු


කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවය කළ සුදත් බණ්ඩාර මිය ගිහින්. ඔහු ශිෂ්‍ය අවධියේ ජ වි පෙ දේශපාලනයෙහි නිරත වූවෙක්. කැලෑ සටන් කළ අයෙක්. ජ වි පෙ වෙනුවෙන් ඇප කැප වී වැඩ කළ අයෙක්. අද ඉන්නා ජ වි පෙ ඊනියා නායකයන්ට වඩා ජ්‍යෙෂ්ඨ එමෙන් ම විප්ලවයට කැප වූ අයෙක්. එහෙත් භීෂණ සමයෙන් කලකට පසු ඔහු ජ වි පෙ පෙරමුණේ ඊනියා විප්ලවය හරි යන්නෙ නැති එකක් බව තේරුම් ගත්තා.

Friday 17 September 2021

 

ජී එල්, බිෂොප්තුමා හා හා  මිෂෙල් , පාස්කු, ජැක් හා ජිල්

 

මගෙන් කෙනකු ඇහුවා මා මියන්මා තානාපති ධුරයෙන් ඉල්ලා අස්වූයේ ජී එල් පීරිස් විදේශ ඇමති ලෙස පත් කිරීමට විරුද්ධ ව ද කියා. මා මගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිතුමාට යැවුවේ මා මිත්‍ර ගාමිණි ලක්‍ෂමන් විදේශ ඇමති තනතුරට පත් කිරීමට පෙර. එහෙත් මා එසේ ඉල්ලා අස්වීමේ ලිපිය යවා නොතිබුණි නම් මගේ මිත්‍රයා විදේශ ඇමති ලෙස සිටිය දී මට තානාපතිවරයකු ලෙස වැඩ කිරීමට නොහැකි බැවින් මගේ පත්වීම ජනාධිපතිතුමා අතින් කෙරුණත් ජී එල් පීරිස් විදේශ ඇමති ලෙස පත් කිරීමෙන් පසුව ඉල්ලා අස්වීමේ ලිපිය යැවීම අනිවාර්යයෙන් ම කෙරෙනවා. ජී එල්  දේශපාලනයේ දී මුලින් ප්‍රේමදාස සමග හිටියා. ඉන්පසු චන්ද්‍රිකා ආණ්ඩුවේත් රාජපක්‍ෂ ආණ්ඩුවලත් හිටියා. ඔහු හිටියේ නැත්තේ යහපාලන ආණ්ඩුවේ පමණයි. ඒකට හේතුව රනිල් ඔහු ගැන ශිෂ්‍ය කාලයේ සිට ම ඉතා හොඳින් දැන සිටීම වෙන්න ඕන. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ලෙස පත් වූ විගස මා විශ්වවිද්‍යාල  ප්‍රතිපාදන  කොමිෂන් සභාවේ සාමාජික ධුරයෙන් ඉල්ලා අස්වූයේ ඔහු යටතේ සේවය කිරීමට බැරි බව දන්වමින්.

Thursday 16 September 2021

හිටපු තානාපති ඇවිල්ලා

 

හිටපු තානාපති ඇවිල්ලා

 

මා මියන්මාහි ලංකා තානාපති ධුරයෙන් අස් වී ඊයේ (සැප් 15) රාත්‍රී ලංකාවට ආවා.  මා ඉල්ලා අස්වූයේ හිතේ අමාරුවටවත් කිසිවකුගේ බලපෑමටවත්  නො වෙයි. ඒ මූලික වශයෙන් කොවිඩ් නිසා. මට කොවිඩ් වැළඳීමත් කොවිඩ් හේතුවෙන් මියන්මාහි වැඩ කිරීම අපහසු වීමත් මගේ අස්වීම පිටුපස තියෙනවා. මේ දිනවල ලංකාවේ ඉල්ලා අස්වීමේ රැල්ලක් ඇති වෙලා. ලංකාවේ කොහොමත් තියෙන්නෙ රැලි. එක එක විධියෙ රැලි ඇති වෙනවා. ඇඳුම්වල රැලි ඇතිවෙනවා. රෙදි මැදල ඒ රැලි ඉවත් කරන්න පුළුවන්. රෙදි හේදුව ම නම් ඇති වෙන්නෙ රැලි. රෙදි හෝදන අය හැම පක්‍ෂෙක ම ඉන්නවා. ඔවුන් දන්නෙ නැහැ ඔවුන් ඇති කරන රැලි ගැන. වයසට ගියාමත් ඇඟේ රැලි ඇති වෙනවා. ඒ මොකක් වුණත් මා අස් වුණෙ රැල්ලකට නම් නොවෙයි.

Tuesday 14 September 2021

අංගො හාමිගේ දුව ෆයිසර් අරගෙන ද?

 අංගො හාමිගේ දුව ෆයිසර් අරගෙන ද? 


එන්නත ගැන විවිධ මත පළවෙනවා. ඒ සෑම මතයක් ම යම් බටහිර මතයක පුනරුච්චාරණයක්. බටහිර ප්‍රධාන ධාරාවේ මතයට අමතර ව විවිධ මත පළවෙනවා. වඩා හරියන (හරි නොවෙයි) මතය කුමක් ද කියා දැන් ම කියන්න බැහැ. 

Monday 13 September 2021

කතෝලික සාමූහිකත්වයෙන් ක්‍රිස්තියානි පෞද්ගලිකත්වයට

 

කතෝලික සාමූහිකත්වයෙන් ක්‍රිස්තියානි පෞද්ගලිකත්වයට

 

බටහිර වෛද්‍ය විද්‍යාවට කොවිඩ් 19 ගැන කියන්න කරන්න දෙයක් නැහැ. එන්නත් තමයි එක ම උත්තරය. එහෙත් ඒ ඒ එන්නත් අතර තරගයක් තියෙනවා. ඒ පිටුපස ඉන්නේ වෙළෙඳ සමාගම්. බටහිර වෛද්‍ය විද්‍යාවට පමණක් නොව සමස්ත බටහිර දැනුමට ම අද ප්‍රශ්නවලට උත්තර නැහැ. බටහිර භෞතික විද්‍යාව කඩා වැටෙන්න ගත්තෙ විසිවැනි සියවස මුල. දශක කිහිපයක් තිස්සෙ අඳුරු ශක්තිය (Dark Energy) හා අඳුරු ද්‍රව්‍යය (Dark Matter) කියන්නෙ මොනවද කියන්න කතන්දරයක් (ප්‍රවාදයක්) හදා ගන්න බැරි වෙලා. ක්වොන්ටම් භෞතිකය හා නිව්ටෝනීය සම්භාව්‍ය භෞතිකය ඒකාබද්ධ කරන්න අවුරුදු හැත්තෑවකට වැඩි කාලයක් තිස්සේ ගන්නා උත්සාහ අසාර්ථක වෙලා. 

Sunday 12 September 2021

දොස්තරලා මොනවද කෙළේ

 

දොස්තරලා මොනවද කෙළේ

 

විපක්‍ෂය මොනව කිවුවත් දැන් කොවිඩ් පැතිරීම ටිකක් අඩුවෙලා. ඒකට හේතුව කුමක් ද? එන්නත ද, රට වැහීම ද, මිනිසුන් ප්‍රසිද්ධියේ නැති වුවත් දේශීය ප්‍රතිකාර ගැනීම ද? එය දැන ගන්නේ කොහොම ද? ඒ සඳහා ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් තියෙනවා ද? මා අද උදේත් අහගෙන හිටියා දේශීය ප්‍රතිකාර හරි ද කියා විද්‍යාත්මක ව  තීරණය කරන්න ඕන කියනවා. බටහිර වෙදකමට කොවිඩ් රෝගයට ප්‍රතිකාරයක් නැතිව තිබිය දී දේශීය ප්‍රතිකාර සුදුසු ද නැද්ද කියා තීරණය කරන්න බටහිර විිද්‍යාත්මක පරීක්‍ෂණ කරන්න කීමෙන් පැහැදිලි වන්නේ වහල් බව මිස අනෙකක් නො වෙයි.

Saturday 11 September 2021

පාස්කු ප්‍රහාරය කාදිනල්තුමා අගමැති හා පාප්වහන්සේ

 

පාස්කු ප්‍රහාරය කාදිනල්තුමා අගමැති හා පාප්වහන්සේ

 

කාදිනල්තුමා කලක පටන් දේශපාලනයක නිරත වන බව පැහැදිලියි. එතුමා කලකට පෙර රත්නපුර බිෂොප් තනතුරට පත් වූ කාලයේත් ඊට පෙරත් එතුමා ගැන කතෝලික සභාව උනන්දුවක් දැක්වූ බවක් පේන්න තියෙනවා.  බොහෝ දෙනකු එදත් විශ්වාස කළා එතුමා කවදා හරි කොළඹ ප්‍රධාන බිෂොප් තනතුරට පත් වේ ය කියා. මා අගරදගුරු යන්න පාවිච්චි කරන්නේ නැහැ. මෙරට රදගුරුන් වූයේ භික්‍ෂූන් වහන්සේ. අගරදගුරු යන්න කෙසේ යොදා ගැණුනි ද යන්න මා දන්නේ නැහැ. ඉස්සර නම් දඹදිව බරණැස රජ කුමරුවන් තක්‍ෂිලාවේ රාජගුරුන්ගෙන්  ඉගෙන ගත්තා. ඇතැම් අවස්ථාවල මනමේ කුමරුට මෙන් සිප්සතර පමණක් නොව දූ කුමරිය ද ලැබුණා.

Friday 10 September 2021

තොග වෙළෙන්දෝ හා දෙවියෝ

 

තොග වෙළෙන්දෝ හා දෙවියෝ

 

එක්තරා ආකාරයකට ගත්ත ම තොග වෙළෙඳුන් ද දෙවියන් වගේ.

 

පොළොන්නරුවේ හාල් ව්‍යාපාරික දෙවියන් ගැන තවත් වචනයක් කියන්න ඕන. පසුගිය දා පොළොන්නරුවේ ගබඩාවලින් ගෙනා හාල් තොග රටේ ජනතාවට එක වේලකටවත් මදි බවයි පැවසෙන්නේ. ආණ්ඩුව එපමණකින් නැවතිය යුතු නැහැ. ඒ හාල් තොග ගෙන ඒම හුදෙක් සංදර්ශනයක් නොවිය යුතුයි. අද මෙරට සෑම ක්‍ෂෙත්‍රයක ම ඇත්තේ ප්‍රදර්ශන හා සංදර්ශන පමණයි. දර්ශනයක් නැහැ. දර්ශනය ගැන කතා කරන්නන් ද ප්‍රදර්ශකයන් පමණයි.

Thursday 9 September 2021

මාෆියා මැඩලීම

 

මාෆියා මැඩලීම

 

සීනි හා හාල් මාෆියා මැඩලීමට ආණ්ඩුව ගත් තීරණයට ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ සඳහා හදිසි නීති යෙදා ගැනීමට සිදු වීම ආණ්ඩුවේ වරදක් නො වෙයි. පවත්නා සාමාන්‍ය නීති එහි දී වැඩදායක නැහැ. විපක්‍ෂය පවත්නා සාමාන්‍ය නීති ප්‍රමාණවත් යැයි කීවත් ඔවුන් ඒ නීති යොදා ගෙන කර ඇති දේ කුමක් ද? ඔවුන්ගේ පාලන සමයෙහි කොවිඩ් නැතුවත් ආහාර මිල වැඩි වුණා.

Wednesday 8 September 2021

සිංහල සංගීතයේ නව නැම්මක්

 සිංහල සංගීතයේ නව නැම්මක්


පහත සඳහන් සබැඳි තුනේ ගීතවල තනුවලට  ගැයෙන සිංහල ගී තුන පළමුව නම් කරන තැනැත්තාට ගෙදර සාදන ලද ලුණුදෙහි බෝතලයක් තෑගි දෙනු ලැබේ. 


කට පොඩි බෝතලය හිස් බව පෙනෙන්නේ නම් වරද මා අත නොවේ. 




https://www.youtube.com/watch?v=kr9h5xBQz3k


https://www.youtube.com/watch?v=sKNrCUHIPnM


https://www.youtube.com/watch?v=kWbMikrZ91U







අනුකරණ සහ අසීමිත අයිතිවාසිකම්

 

අනුකරණ සහ අසීමිත අයිතිවාසිකම්

 

අප අයිතිවාසිකම් ගැන පමණක් කතා කරන යුතුකම් අමතක කරන ජාතියක් වීම ගැන කාට හරි පුළුල් අධ්‍යයනයක් කරන්න පුළුවන් නම් හොඳයි. මෙය මෙරට සමසමාජ ව්‍යාපාරය ආරම්භ වීමත් සමග පටන්ගත් දෙයක් බවයි මගේ වැටහීම. සමසමාජ නායකයන් යුතුකම් ඉටු නොකළ පිරිසක් නොවෙයි. අද මෙන් ම වසංගත කාලයක, තිස් ගණන්වල  මැලේරියාව නැති කිරීමට ඒ රෝගීන් සුවපත් කර ගැනීමට සමසමාජ නායකයන් වැඩ කළා.

Tuesday 7 September 2021

නවසීලන්ත තෙපරබෑම්

 

නවසීලන්ත තෙපරබෑම්

 

නවසීලන්ත අගමැතිණිය අහමඩ් අධිල් මොහොමඩ් සම්සූදීන් ත්‍රස්තවාදියා ලාංකිකයකු ලෙස හැඳීන්වීම මා විවේචනය කළා. ඔහු ඕක්ලන්ඩ්හි සුපිරි වෙළෙඳසලක විනාඩියක් පමණ කාලයක දී පිහි ඇනුම් හයක් පමණ කළ ත්‍රස්තවාදියෙක්. මේ ගැන මගේ විවේචනය කාලය වෙබ් අඩවියේත් මුහුණු පොතේත් පළ කෙරුණා. ඇතැමුනට විද්‍යුත් තැපෑලෙනුත් ලිපිය බෙදා හැරුණා. මා හිතන්නේ දි අයිලන්ඩ් පුවත්පත පමණක් ඒ ලිපිය පදනම් කරගෙන ප්‍රවෘත්තියක් ලියා තිබුණා.  ප්‍රවෘත්තිය ලිවීම සම්බන්ධයෙන් මා ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩොට ස්තුතිවන්ත වෙනවා. වෙනත් කිසිම පුවත්පතක් මා දන්නා තරමින් අදවත් නවසීලන්ත අගමැතිණිය කළ ප්‍රකාශයේ බරපතළ කම කියා නැහැ. විශේෂයෙන් සිංහල මාධ්‍යයේ මාධ්‍ය ඒ ප්‍රවෘත්තිය නොසලකා හැරීම තරමක ප්‍රශ්නයක්. දෙරණ අරුණ දි අයිලන්ඩ්  ප්‍රවෘත්තිය කියෙව්වේවත් නැහැ. ඒ කලකට පසුව පැමිණි සංඛ අමර්ජිත්ගේ වරදක් නොවෙයි. අරුණ පුවත්පතේවත් ඒ ගැන සඳහනක් කෙරුණේ නැහැ. එය දේශීය දැනුමේ මිථ්‍යාව පිළිබඳ ප්‍රශ්නයක් කියා හිතනවා ද දන්නේ නැහැ.

Monday 6 September 2021

දෙවියන් වහන්සේ ලක්‍ෂ්‍යයක් ද?

 

දෙවියන් වහන්සේ ලක්‍ෂ්‍යයක් ද?

 

උගතකු බුද්ධිමතකු වියතකු නොවන මා කිසිවකුගේ ආගමික විශ්වාස ප්‍රශ්න කරන්නේවත් විවේචනය කරන්නේවත් නැහැ. ආගමික විශ්වාස තබා කිසිම විශ්වාසයක් ප්‍රශ්න කරන්නේ නැහැ. අප සියල්ලන් ම පදනම් වන්නේ යම් යම් විශ්වාස මත. ඒ ඒ විශ්වාස අදාළ චින්තනයෙන් සංස්කෘතියෙන් ලැබෙන දේ. මා විවේචනය කරනනේ තමන් විශ්වාසය මත පදනම් නොවන්නේ යැයි කියන්නන්ගේ එකී විශ්වාසයත් බටහිර හා වෙනත් රටවලින් විවිධ දේ අනුකරණය කිරීමත්. ඒ අනුකරණය නොකර අප සංස්කෘතියට අවශෝෂණය කරන්නේ නම් මට ප්‍රශ්නයක් නැහැ.

Sunday 5 September 2021

නවසීලන්ත අගමැතිණිය, ත්‍රස්තවාදියා හා සභ්‍යත්ව ගැටුම

 

නවසීලන්ත අගමැතිණිය, ත්‍රස්තවාදියා  හා සභ්‍යත්ව ගැටුම

 

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර දී ලංකාවෙන් ගිය ඉස්ලාම් භක්තිකයකු සුපිරි වෙළෙඳහලක දී කිහිප දෙනකුට පිහිඇනුම් පහර දීමෙන් පසු පොලිසියෙන් වෙඩිකාලා මිය ගිහින්. මෙවැනි සිද්ධියක් ලංකාවේ සිදු වුණා නම් ඊනියා ජාත්‍යන්තර ප්‍රජාව හෙවත් බටහිර ක්‍රිස්තියානි නූතනත්ව රාජ්‍ය හා මෙරට ඔවුන්ගේ රාජ්‍ය නොවන ඒජන්තයන් වූ දකුණේ (දක්‍ෂිණාංශික) වමාලා සිංහල බෞද්ධ අධිපතිවාදයට හා පොලීසිය නීතිය අතට ගැනීමට විරුද්ධ ව ප්‍රකාශ පිට ප්‍රකාශ නිකුත් කරන්න තිබුණා. නඩු විභාගයක් නැතිව පොලීසියට සටන්කාමියා ඝාතනය කිරීමට අවසරයක් නැති බවත් සටන්කාමියාගේ මානව අයිතිවාසිකම් කඩ වී ඇති බවත් ඔවුන් කියන්න තිබුණා.

Saturday 4 September 2021

ගණිතමය භෞතික විද්‍යාඥ ස්ටීවන් වයින්බර්ග්

ගණිතමය භෞතික විද්‍යාඥ ස්ටීවන් වයින්බර්ග්

 

පහත පළවන්නේ පසුගිය දා මිය ගිය ලෝකයේ ඉහළ ම ගණිතමය - Mathematical   (ප්‍රවාදාත්මක- Theoretical ) භෞතික විද්‍යාඥයකු වූ ස්ටීවන් වයින්බර්ග් ගැන ඔහුගේ ශිෂ්‍යයකු විසින් ලියන ලදුව ඊයේ (2021 සැප් 03) සයන්ස් සඟරාවේ පළ වූ ලිපියක්.  

 

මෙහි ඉතා වැදගත් කරුණු කිහිපයක් සඳහන් වෙනවා. භෞතික විද්‍යාත්මක නොවූ කරුණු අතර ඔහුගේ පාසලේ, එනම් නිව්යෝක් හි Bronx High School of Science,  භෞතික විද්‍යා නොබෙල් ත්‍යාග ලාභීන් හත් දෙනකු ඉගෙන ගත් බවත් ඔහුටත් ඔහුගේ පංතියේ ම ඉගෙන ගත් ග්ලැෂෝටත් ඔහු සමග ම 1979 නොබෙල් ත්‍යාගය ලැබුණු බව ඉන් ප්‍රධානයි. ඒ දෙදෙනා ම යුදෙව්වන්. සියලු නොබෙල් ත්‍යාග ලාභීන්ගෙන් සියයට විස්සක් පමණ යුදෙව්වන්.  භෞතික විද්‍යාවේ යුදෙව් ප්‍රතිශතය විසිහයක් වෙනවා. 1979 දී වයින්බර්ග්ලා සමග අබ්දුස් සලාම්ටත් භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් තෑග්ග ලැබුණා. ඔහු භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් තෑග්ග දිනූ එකම ඉස්ලාම් භක්තිකයා. ඔහූට අමතර ව විද්‍යාවෙන් නොබෙල් තෑගි දිනාගත් ඉස්ලාම් භක්තියන් ඉන්නේ දෙදෙනෙක් පමණයි. ඒ දෙදෙනා ම රසායන විද්‍යාවෙන්.

Friday 3 September 2021

මරා දැමුණු ශ්‍රී ල නි පක්‍ෂයට ඉපදී හැත්තෑවයි

 

මරා දැමුණු ශ්‍රී ල නි පක්‍ෂයට ඉපදී හැත්තෑවයි

 

ශ්‍රී ල නි පක්‍ෂයට ඊයේට (2021 සැප් 02) අවුරුදු හැත්තෑවක් පිරුණා. එහි වත්මන් නායක මෛත්‍රිපාල සිරිසේන ඉපදිලා තියෙන්නේ අදින් අවුරුදු හැත්තෑවකට පෙර. මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයට වඩා දවසක් බාලයි. ඊයේ ඔහු පාක්‍ෂිකයන් අමතා කළ කතාව වැඩකට ඇති එකක් නෙවෙයි.  ඒ ගැන ඔහුට දොස් කියන්න බැහැ. අද ශ්‍රී ල නි පක්‍ෂය මරා දාලා. ඒ මැරුවේ මෛත්‍රිපාල කියා බොහෝ දෙනකු හිතුවත් ඒ එසේ නො වෙයි. මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂ නායකත්වයට හිමිකම් කීමට සිටි අයගෙන් එක් අයෙකු පමණයි. ඔහුට පෙර අනුර බණ්ඩාරනායක, එස් බී දිසානායක වැන්නන් හිටියා. ඔවුන්ටත් එ ඒ අවස්ථාවල ශ්‍රී ල නි පක්‍ෂයෙන් ඉවත් වෙන්න  වුණා.

Thursday 2 September 2021

පාස්කු ප්‍රහාරයට වග කිවයුත්තන් අතර

 

පාස්කු ප්‍රහාරයට වග කිවයුත්තන් අතර

 

මා මිත්‍ර ජී එල් පීරිස්ට ලංකාවේ බිෂොප් සභාව තහනම් නියෝගයක් පණවලා. කාදිනල්තුමා හමුවන්න දැන් ම බැහැ කියල. කාදිනල්තුමා හමුවන්න නම් පාස්කු ප්‍රහාරය ගැන විමර්ෂණ කටයුතු ඉක්මන් කරන්න කියන එක තමයි බිෂොප් සභාව ඉල්ලා සිටින්නේ. බිෂොප් සභාව ඔය ඉක්මන් කරන්න කියන්නෙ ඇතැම් වදකරුවන් නිදහස් කරන්න ද? අද අවශ්‍ය පූර්ණ පරීක්‍ෂණයක්.  ඒ අතර ජී එල් පීරිස් ලංකාවේ වතිකානු නියෝජිත පූජකතුමා හමුවෙලා. එතුමා ඇමතිතුමාට කොන්දේසි පණවල නැහැ.

Wednesday 1 September 2021

මෙහෙමත් වෙද මහත්තුරු හා ගුරුවරු

මෙහෙමත් වෙද මහත්තුරු හා ගුරුවරු

 

පසුගිය යහපාලන ආණ්ඩුව පැවති සමයේ ආණ්ඩුව වෙනස් විය යුතු බව අප කියා සිටියේ 2017 තරම් කාලයක ය. ඒ කරන ආකාරයත් අපි කියා හිටියා. රනිල් අගමැති කමෙන් පහකර මහින්ද අගමැති කිරීමට මහින්ද මෛත්‍රිපාලට ශක්තිය ලබා දිය යුතු යැයි අපි කිවුව. අපත් සමග සිටි බොහෝ දෙනා අප අත්හැර ගිය අතර සමහරු මෛත්‍රිපාලට ශක්තිය ලබා දීමට මයිලෝ අරන් දෙන්න යැයි කිවුවා. ඒ සියලු සමච්චල් මැද දින පනහේ ආණ්ඩුව පිහිටෙවුවා. දින පනහේ ආණ්ඩුව රැක ගත්තෙ නැති වුණත් අද තිබෙන ආණ්ඩුව බලයට පත් කිරීමට ඒ උත්තේජනයක් සැපයුවා.