Main Logo

Tuesday 20 July 2021

සියලු පඬියන්ගේ දැනගැනීම සඳහා.

 සියලු පඬියන්ගේ දැනගැනීම සඳහා.

පී සී ආර් ධන වී රෝහල්ගත වීමි. කිවයුතු අසනීපයක් නැත. ඒ ගැන අසතුටුනම් ඇරිස් ලොක්කා හමුවන්න. මා වෙනුවෙන් පුද පූජා කළ සියල්ලන්ට පින්.

Thursday 8 July 2021

ලිපි

 අද හා හෙට (ජූලි 8 හා 9) ලිපි පළ නොවන බව කරුණාවෙන් සලකන්න

Wednesday 7 July 2021

හංගපු පොහොර එළියට දැමීමට ප්‍රමාද වුණේ ඇයි?

 හංගපු පොහොර එළියට දැමීමට ප්‍රමාද වුණේ ඇයි? 


අද ජූලි හත්වැනි දා. ජූලි හතයි කියා කියමනක් සිංහලයන් අතර තියෙනවා. ජූලි කියන්නෙ ජුලියන් දින දර්ශනය අනුව හත්වැනි මාසය. ග්‍රෙගරියානු දින දර්ශනයෙත් එහෙමයි. ජුලියස් සීසර් තම නමින් මාසයක් නම් කරන්න කලින් හත්වැනි මාසය වුණෙ සැප්තැම්බර් මාසය. සැප්තැම් කියන එකේ තේරුම හත්වැනි කියන එක. ගණිතය හදාරන අය දන්නවා සෙප්ටගන් කියන්නෙ සප්තාස්‍රය කියල. ඔක්ටොබර් කියන්නෙ අටවැනි මාසය. ඔක්ටගන් කියන්නෙ අෂ්ටාස්‍රයට. නොවෙම්බර් ඩිසෙම්බර් කියන්නෙ නවය හා දහය. ඩෙකාගන් කියන්නෙ දශාස්‍රයට. ඩෙසිමල් කියන්නෙ දශම. ජූලියස් සීසර් හා ඔගස්ටස් සීසර් තමන්ගෙ නම්වලින් මාස නම් කරල සැප්තැම්බර් මාසය නවවැනි මාසය කළා. ඉතිරි මාස තුනත් පස්සට තල්ලු කළා.

Tuesday 6 July 2021

එන්නතට එරෙහිව වයිරසය

 

එන්නතට එරෙහිව වයිරස 

 

 

අද වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය අවුල් ජාලයක් වෙලා. කොව්ඩ් රැල්ලට අමතර ව වර්ජන රැල්ලකුත් ඇවිල්ල. සෞඛ්‍ය අමාත්‍යංශය ඇත්තේ බටහිර වෙද මහතුනට පමණක් නොවූවත් අද එය ක්‍රියාත්මක වන්නේ බටහිර වෙද මහතුන් වෙනුවෙන්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහෙයවන බව පිටින් බලන විට පේනවා. එහි සභාපති ගෝඨාභයගෙ රැස්වීම්වලට වගේ ම සජිත්ගෙ රැස්වීම්වලටත් යනවා. සභාපතිට ජනාධිපති බලාපොරොත්තු තියෙනවා ද? කවුරුවත් ඔහුට ඒ බලාපොරොත්තු ඇතිි කරල තියෙනවා ද?

Monday 5 July 2021

බුද්ධිමතකු නොවී ශිල්පියකු වූ ගැමුණු

 

බුද්ධිමතකු නොවී ශිල්පියකු වූ ගැමුණු

 

ඊයේ ලිපියේ සඳහන් වූ යකුන් එළවීම විශ්ලේෂණාත්මක මනසක් නැති ඇතැමුන් තමන්ට වාසි සහගත ආකාරයකට විවරණය කරලා. යකුන් යනු අමනුෂ්‍යයන් බවත් විජය රජු මෙරටට පැමිණෙන විට මෙහි සිටියේ අමනුෂ්‍යයන් බවත් කීමට ඔවුන් ඒ යොදා ගෙන. මෙහි දී අප තේරුම් ගත යුතු කරුණක් තියෙනවා. ඒ තමයි පැරණි ආසියාතික ලෝකයේ යක්‍ෂ රාක්‍ෂස නාග යනුවෙන් මිනිස් ගෝත්‍ර මෙන් ම මනුෂ්‍ය නොවන ප්‍රාණීන් ද හඳුන්වා ඇති බව. අදත් මියන්මාහි හා ඉන්දියාවේ නාග ගෝත්‍රිකයන් දකින්න පුළුවන්. මියන්මාහි අද ප්‍රසිද්ධ ප්‍රදේශයක් බවට පත් වී ඇති රකායන් ප්‍රාන්තය කලක් රක්ඛන්ග දේශය නමින් හඳුන්වා තිබෙනවා. රකායන් යන්න රක්කපුර රාක්‍ෂසපුර ආදියෙන් බිඳුණු එකක් යැයි කියැවෙනවා. බොහෝ කලකට පෙර ලංකාව ද එවන් නමකින් හඳුන්වා දී තිබෙනවා ද? ඒ ගැන පසුව කතා කරමු. දේවානම්පිය තිස්ස රජු හා සම්බන්ධ පුවත් මියන්මාහි තියෙනවා. ඒ කතා ලංකා ඉතිහාසයෙහි නැහැ. එසේ වූයේ ඇයි?

Sunday 4 July 2021

යකුන් එළවා මිරිසවැටිය ප්‍රතිසංස්කරණය කළ ගැමුණු සිල්වා

 

 

යකුන් එළවා මිරිසවැටිය ප්‍රතිසංස්කරණය කළ ගැමුණු සිල්වා

 

මා මිත්‍ර  ගැමුණු සිල්වා මියගොස් ඇති බව මට දැනුම් දුන්නේ ඔහු කිසි දා නුදුටු සුමේධ වීරවර්ධන. සුමේධ ඒ බව දැනගෙන ඇත්තේ මුහුණු පොතේ පළ වී ඇති පහත සඳහන් ලිපිය කියවීමෙන්.  සුමේධ ඒ ලිපිය කියවා ඇත්තේ මාතෘකාව නිසා ඇති වූ කුතුහලයෙන්. ලිපිය කියවා ගෙන යෑමේ දී මගේ නමත් සඳහන් වී තිබූ බැවින් ඔහු මට කතා කර ගැමුණු මිය ගොස් ඇති බව කිවුවා. අදාළ ලිපිය සිළුමිණ පුවත්පත ගැමුණු සමග කරන ලද සාකච්ඡාවක් මත පදනම් වෙනවා.

Saturday 3 July 2021

කුල දේශපාලනය

 කුල දේශපාලනය 


හෙද හෙදි වර්ජනයේ දී විවිධ පාර්ශ්ව  එකතු වෙලා. මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන් රතන්ප්‍රිය ආදීන් එකතු  වෙලා ඉන්නෙ අද කුලභේදය නිසා කිවුවොත් බොහෝ දෙනාට ප්‍රශ්නයක් වේවි. කොවිඩ් 19 ප්‍රශ්නය ලෝ පුරා පැතිරෙද්දී වෙනත් රටවල සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ මෙවැනි ප්‍රශ්න ඇති වන්නේ ද කියා දැන ගැනීමට නැහැ. වත්මන් කුලභේදය බොහෝ රටවල තිබුණත් ලංකාවේ තරම් එය උග්‍ර යැයි මා හිතන්නේ නැහැ. 

Friday 2 July 2021

කාබනික ආහාරවලට ඇති ඉල්ලුම

 

කාබනික ආහාරවලට ඇති ඉල්ලුම

 

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ඊයේ හොඳ කතාවක් කිවුවා. මෙරට කාබනික පොහොර වගාවට විරුද්ධ අය වැඩි මුදලක් දී කාබනික ආහාර (Organic food)  අනුභව කරන බව. රසායනික පොහොර යොදා ගන්නා ආහාර අනුභවයෙන් විවිධ රෝගවලට ගොදුරු විය හැකි බව බටහිර ඇතැමුන් දන්නවා. ඒ රටවල කාබනික ආහාර වැඩි මිළක් දී ගන්න පුළුවන්. ලංකාවෙත් කාබනික ආහාරවලට ඉල්ලුමක් තියෙනවා. බටහිර විද්‍යාව හා තාක්‍ෂණය කලින් කියා ඇති පරිිිදි ධනවාදය සමග බැඳී තියෙනවා.

Thursday 1 July 2021

තක්කඩි බටහිර දෙබිඩ්ඩෝ

 

තක්කඩි බටහිර දෙබිඩ්ඩෝ

 

අද ලෝකයේ රටවල් අතර මතවාදී වෙනස්කම් නැහැ. මා මෙහි දී මතවාදී වෙනස්කම් යනුවෙන් අදහස් කරන්නේ ධනවාදී/ධනවාදී නොවන ආදිය. එහෙත් තවමත් මාක්ස්වාදී පශ්චාත් මාක්ස්වාදී ආදී වශයෙන් කියා ගන්නා පරඬැල් කිහිපයක් පුද්ගලයන් අතර දකින්න පුළුවන්. ඔවුන් තම තමන් අතර පොරවල් ලෙස පෙනී සිටීමට තැත් කරන්නන් පමණයි. ඔවුන්ට කළ හැකි විප්ලවයක්වත් ඇති කළ හැකි සමාජවාදයක්වත් නැහැ. රාජ්‍යය වියැකී යන  ඊනියා කොමියුනිස්ට් සමාජයක් ගැන කතා නොකර ඉන්න තරමට හොඳයි.