ඉන්දියාවේ සූත්තර හා
වෙනත්
සූත්තර
ඊයේ ලිපියේත් වෙනත් ලිපිවල වගේ ම වර්ධනය කර ගත හැකි තැන් කිහිපයක්
තිබුණා. පළමුවෙන් අර ගීතය මේ ආකාරයෙන් ලියන්න තිබුණා. RAW, RAW, row your boat,
Gently down the stream. If you see a crocodile, Don't forget to scream. මෙයින් කියැවෙන්නේ රෝ ඔත්තු සේවය තියෙනවා (ඉන්නවා),
ගඟ පහළට ඔබේ ඔරුව සන්සුන් ව පදින්න කියන එක.
මුල් වචන දෙක වෙනත් ආකාරයකට ලිවීමෙන් ඒ අර්ථය ලැබෙනවා. එහෙත් එවිට එය තවදුරත් ළමා
ගීයක් වන්නේ නැහැ. ළමයින් රෝ ඔත්තු සේවය ගැන දන්නේ නැහැ. දෙවනුව අර ඔරුව පෙරළන්න
මහින්දගේ ශක්තිය දෙන්න කීම ගැන. එය කිව යුතුව තිබුණේ ඔරුවෙන් රනිල් තල්ලු කරන්න
මහින්දගේ ශක්තිය දෙන්න කියා. මා මේ වර්ධන ගැන කීවේ අද ලිපියට එයත් යොදා ගැනීමට.