දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව 16
අද මෙරට පාලනය ඉන්දියාව බොහෝ දුරට අත් කර ගෙන ඇති බව
පැහැදිලියි. ඒ කියන්නේ බටහිරයන් ඉන් ඈත් වී ඇත කියන එක නොවෙයි. බටහිරයන් හා
ඉන්දියාව අද ඉන්නේ එක ම පිළක. මෙරට දෙමළ ජාතිවාදය ඇති කරනු ලැබුවේ එංගලන්තය (හා
නෙදර්ලන්තය ඒ දිනවල ඕලන්දය) විසින් බව මේ ලිපි පෙළේ පමණක් නොව මා වසර තිහකට වැඩි
කාලයක් තිස්සේ බව කියා ඇති. ඒ සඳහා අවශ්‍ය ඊනියා සාධක ද ඉදිරිපත් කර ඇති. මෑත
කාලයෙහි යුරෝපා සංගමය, විශේෂයෙන් නෝර්වේ, ස්වීඩනය හා එක්සත් රාජ්‍ය ඒ සම්බන්ධයෙන්
මැදිහත් වුණා. ඒ මූලික වශයෙන් එංගලන්තයේ අවශ්‍යතාවට. එක්සත් රාජ්‍ය අද වෙනත්
දේශපාලනයක යෙදෙනවා. ඒ ට්‍රම්ප්ගේ නායකත්වයෙන්. අප රටේ කිසිවකු ට්‍රම්ප් සමග
සම්බන්ධකම් ගොඩ නගා ගන්න උත්සාහ ගන්නේ නැහැ. තවමත් ධනවාදය - සමාජවාදය කණ්නාඩියෙන්
ලෝකය බලන අයට එසේ කළ යුත්තේ ඇයි ද යන්න තේරෙන්නේ නැහැ.