Main Logo

Showing posts with label Chandrika. Show all posts
Showing posts with label Chandrika. Show all posts

Wednesday, 29 July 2020

මැතිවරණයට සතියයි, සතියෙන් වැඩ කරමු.

෦  ෧   ෨   ෩   ෪   ෫   ෬  ෭   ෮  ෯

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1    2     3      4    5   6   7    8    9




මැතිවරණයට සතියයි, සතියෙන් වැඩ කරමු. 

2020 මහා මැතිවරණයට තව ඇත්තේ හරියට ම සතියයි. විවිධ බලපෑම් මැද මැතිවරණය කල් දමා ගැනීමට අවලංගු කරවා ගැනීමට දැරූ සියලු උත්සාහයන් පරාජය වී මැතිවරණය පැවැත්වෙනවා. මා කල් ඇතිව ම සිතා සිටි ආකාරයට ම මැතිවරණය පැවැත්වෙන්නේ නුවර පෙරහැර කාලයේ. එසේ නොවන්නටත් ඉඩ තිබුණා. එහෙත් අවසානයේ දී එසේ වෙන්න යනවා. 

Thursday, 10 October 2019

ජාතිකත්ව දේශපාලනයකට එකතු වෙමු

     සිංහල ලිත් ඉලක්කම්

 
ජාතිකත්ව දේශපාලනයකට එකතු වෙමු 



ඊයේ ලිපිය ලියන විට මා දැන සිටියා එදින ශ්‍රී ල නි පක්‍ෂය ගෝඨාභයට සහාය දෙන බව ප්‍රකාශ කිරීමට සිටි බව. ඒත් මා ඒ ගැන කිසිවක් සඳහන් නො කෙළේ අනුරාධපුර රැස්වීමෙන් පසුව ම යමක් කීම යෝග්‍ය බව හැඟුණ නිසා. මේ වන විට පොහොට්ටුවේ නායකයන්ගේ සිට අනුගාමිකයන් දක්වා සියළු දෙනා ම මෙන් ශ්‍රී ල නි පක්‍ෂය වෙල්කම් කරනවා. සාදරයෙන් පිළිගන්නවා. මා වෙල්කම් කරන්නෙත් නැහැ බැල මෙහෙකම් කරන්නෙත් නැහැ. 

Tuesday, 8 October 2019

ශ්‍රි ල නි ප චන්ද්‍රිකා හැව ඇරිය යුතුයි

       සිංහල ලිත් ඉලක්කම්


ශ්‍රි ල නි ප චන්ද්‍රිකා හැව ඇරිය යුතුයි

ශ්‍රී ල නි පක්‍ෂය තවමත් පොහොට්ටුව සමග එක්වීමේ තීරණය ප්‍රකාශ කරල නැහැ. පක්‍ෂය ඒ ගැන තීරණයක් අරගෙන ඇති. ඒත් එය ප්‍රකාශ කිරීමට යම් යම් බාධා තිබෙන බව පැහැදිලියි. ශ්‍රී ල නි පක්‍ෂයේ එක් කණ්ඩායමක් තීරණයට විරුද්ධ ව විවිධ උපක්‍රම මගින් තීරණය ප්‍රකාශ කිරීම කල් දමා ගන්නා බවත් පැහැදිලියි. ඒ කණ්ඩායම චන්ද්‍රිකා විසින් මෙහෙයවෙනව කියා හිතන්න පුළුවන්. ඇල්පිටිය ඡන්දය තීරණය ප්‍රකාශ කිරීම කල් දැමීමට ගත් නිදහසට කරුණක්. චන්ද්‍රිකාට අවශ්‍ය ශ්‍රී ල නි පක්‍ෂය රැක ගන්න නොව ආදාහන කරන්න. 

Tuesday, 30 July 2019

සංධානයක අවශ්‍යතාව

සංධානයක අවශ්‍යතාව 


ගෝඨාභය ජනාධිපති අපේක්‍ෂක ලෙස දේශපාලනික ව ඉදිරිපත් වෙන්න ඕන සංධානයකින්. පොහොට්ටුවෙන් ඇවිත් ඔහුට දිනන්න බැහැ. මේ බව කී පමණින් පොහොට්ටුවේ ඇතැම් අය දණ්ඩෙන් පහර ලත් සර්පයන් වගේ කිපෙනවා. ඔවුන් කොහොමටත් සර්පයන් තමයි. සංධානයෙ ශ්‍රී ල නි පක්‍ෂයත් ඉන්න ඕන. එහෙම කිව්ව ම අර සර්පයන් මට දෂ්ට කරන්න එනවා. මේ සර්පයන් ඇතැම් විට කියනව ඔවුන් මගේ ශිෂ්‍යයන් කියලා. එහෙම එකක් නැහැ. මට ශිෂ්‍යයන් කවුරුන්වත් නැහැ. ඒකට ප්‍රධාන හේතුව මා ගුරුවරයකු නොවීම. 

Wednesday, 20 March 2019

රනිල් කාගේ අගමැති ද?


රනිල් කාගේ අගමැති ද?



තවත් ජිනීවා වාරයක් ගෙවී ගෙන යනවා. මේ ඉලව් ජාත්‍යන්තරයට අප කියන්න ඕනෙ අපේ අභ්‍යන්තර ප්‍රශ්නවලට ඇඟිලි ගහන්න ඔවුන්ට අයිතියක් නැත යන්නත් මෙරට යුද්ධයක් සිදු වී  නැත යන්නත් පමණයි. නේස්බි වාර්තා ගැන අප සඳහන් කරල අවුරුදු පහළොවක් පමණ වෙනවා. එකල ඒ ගැන උනන්දුවක් තිබුණෙ නැහැ. ඩෙස්මන්ඩ් ද සිල්වා වාර්තා ආදිය අප නිසියාකාරව ඉදිරිපත් කෙළේ නැහැ.

Friday, 4 January 2019

බණ්ඩාරනායක ප්‍රතිපත්තිය කුමක් ද?


බණ්ඩාරනායක ප්‍රතිපත්තිය කුමක් ද?



කඩුවෙල බුද්ධදාස හා තවත් කිහිප දෙනකු එක් වෙලා බණ්ඩාරනායක ප්‍රතිපත්ති ගැන කතා කරන්න පටන් ගෙන. ඔවුන්ට මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂ නායකත්වයෙන් ඉවත් කරන්න ඕන වෙලා. ඔවුන් පැහැදිලිව ම චන්ද්‍රිකාගෙ පිරිසක්. එක් අයකු කියා හිටියා තම මාධ්‍ය සාකච්ඡාවෙ මහින්දගෙවත් චන්ද්‍රිකාගෙවත් පින්තූර නැහැ කියලා. ඔහු කීවේ මහින්ද පොහොට්ටුවට ගිය නිසා ඔහු තවදුරටත් ශ්‍රී ල නි පක්‍ෂයේ නොවේය කියා. මහින්ද ගැන එහෙම කියද්දි බුද්ධදාස සහ පිරිස චන්ද්‍රිකා ගැන කිව්වෙ මොකක් ද? ඔවුන්ට අනුව චන්ද්‍රිකාගෙ පින්තූරෙ එල්ලුවා නම් මාධ්‍යවේදීන් තමන් චන්ද්‍රිකාගෙ මිනිසුන් කියල හිතයිලු. ඒ කියන්නෙ ඔවුන් චන්ද්‍රිකාගෙ පින්තූරෙ එල්ලල නැත්තෙ අනෙක් අය නොමග යවන්න! එහෙම නොමග යන අයත් ඇති. ඒකට කරන්න දෙයක් නැහැ.

Wednesday, 2 January 2019

චන්ද්‍රිකාගේ වෛරය


චන්ද්‍රිකාගේ වෛරය



මා කියන්නේ නැහැ චන්ද්‍රිකා රනිල්ට වඩා ප්‍රතිපත්ති ගරුකයි කියලා. ඒ වුණත් චන්ද්‍රිකා නව ව්‍යවස්ථාවක් ගේන්න හරි දාසනායකගෙ පෙරමුණෙ විස්ස සංශෝධනය කරන්න හරි රනිල්ට සහාය දෙනවා. රනිල් චන්ද්‍රිකාගෙ පැකේජයට එහෙම සහාය දුන්නෙ නැහැ. ජී එල් නම් චන්ද්‍රිකාට සහාය දුන්නා. ජී එලුත් මංගලත් තවත් අයත් සුදු නෙළුම් අරගෙන අවලම් තවලම් ගියා. ඔවුන්ගෙන් සමහරකු තවම ශ්‍රී ල නි පක්‍ෂයේ සාමාජිකයන් හා මන්ත්‍රීවරුන්. තවත් සමහරු පොහොට්ටුවේ. ජී එල් හා කෙහෙළිය සමගාමී ලැයිස්තුව අස්කර ගන්නම් කියලා මහින්දලා වෙනුවෙන් ලිපියක් දීල තාම වැඩිකලක් නැහැ. 

Friday, 24 August 2018

මහා කලාකරුවන්ගේ මාධ්‍ය සංදර්ශන


මහා කලාකරුවන්ගේ මාධ්‍ය සංදර්ශන



ඊයේ මහා කලාකරුවන්ගේ මැදිහත්වීමෙන් මාධ්‍ය සංදර්ශනයක් පවත්වලා. එතෙන දී තමන් කුඩා කළ කාණුවට විසි නොකළ එක ගැන දෙමව්පියන්ට දොස් කියපු අයගෙ සිට සිංහල බෞද්ධයන්ට එරෙහිව නාට්‍ය චිත්‍රපටි නිෂ්පාදනය කරපු අයත් ශිල්ප දක්වලා. අපට ඔවුන් ගැන තියෙන්නෙ වෛරයක් නොව අනුකම්පාවක්. ඔවුන්ගෙ ප්‍රශ්නය අපට තේරෙනවා. ඒත් ඒකට බුද්ධාගමට පහර දීල හරියන්නෙ නැහැ. ඔවුන් කියන කසිකබල් සමාජවාදයෙත් එයට පිළිතුරු නැහැ.

Saturday, 18 August 2018

චන්ද්‍රිකා රනිල් හා පඬියෝ


චන්ද්‍රිකා රනිල් හා පඬියෝ



ඒ ගමන චන්ද්‍රිකා බුදුදහමට හා බුද්ධාගමට අගෞරව කිරීමට ඉදිරිපත් වෙලා. ඇගේ මොකක් දෝ සංවිධානයක් බුදුහමට හා බුද්ධාගමට අපහාස කරන කෙටි චිත්‍රපටි කිහිපයක් නිපදවා ඇතැයි වාර්තා වෙනවා. ඕමල්පෙ සෝභිත හාමුදුරුවන් ඒ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට සංඛ අමර්ජිත් ප්‍රචාරය දිලා. සංඛ කියනවා මේවා ගැන එතරම් කලබල විය යුතු නැහැ බුදුදහම කොහොමත් බබළනවා කියා. එය දෙරණ ආයතනයේ ප්‍රතිපත්තිය ද කියා මා දන්නේ නැහැ. දෙරණ කියන තරම් ජාතිකත්වයට තැනක් දෙන්නේ නැහැ. ඔවුන් දෙපැත්ත කන්න හදනවා. ඔවුන්ගේ විශිෂ්ට තම ශ්‍රී ලාංකිකයන් කවුද? දෙවෙනි ඉනිමෙන් කියන්නේ කුමක් ද? අනෙක් නාළිකා ගැන කතා කරලා වැඩක් නැහැ.

Thursday, 26 July 2018

දිනේෂ් හා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය


දිනේෂ් හා ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය



විග්නේස්වරන්ගේ ඉතිහාසය ලිවීම දිනකින් කල් දැමීමට සිදුවෙනවා. ඒ දිනේෂ් ගුණවර්ධන ගැන යමක් පැවසීමට. දිනේෂ් තම දේශපාලන වුවමනාවන් සඳහා ජාතිකත්වය ගසා කෑ අයකු නොවෙයි. අසූවේ දශකයේත් ඔහු ජාතිකවාදියෙක්. බණ්ඩාරනායක මැතිණිය සමග ඔහු දිගින් දිගට ම දේශපාලනික ව ගමන් ගත්තේ වෙනත් පක්‍ෂයක නායකයා ව සිටිය දී. මව්බිම සුරැකීමේ ව්‍යාපාරය දෙකඩ වී සෝභිත හිමියන් හා ජ වි පෙ එක් පැත්තකටත් බණ්ඩාරනායක මැතිණිය තවත් පැත්තකටත් යන විට ඔහු සිටියේ බණ්ඩාරනායක මැතිණියගේ පැත්තේ. එදා ඒ පැත්තේ සිටියේ පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්. අද මේ සම්බන්ධතා තරමක් වෙනස් වෙලා. එහෙත් නාලක හිමියන්ගේත් දිනේෂ් ගුණවර්ධනගේත් ජාතිකත්ව දේශපාලනය වෙනස් වෙලා නැහැ.

Sunday, 25 March 2018

අපට ජනරජ දිනයක් නැත්තේ ඇයි?


අපට ජනරජ දිනයක් නැත්තේ ඇයි?



ජනාධිපති මෛත්‍රිපාල පකිස්ථානයේ ජනරජ උළෙලට සහභාගි වෙලා ආපහු ඇවිල්ල. ඒ රටේත් ඉන්දියාවේත් ජනරජ දිනය තමයි වැදගත් ලෙස සැලකෙන්නෙ. එංගලන්තයෙන් නිදහස් වීම පළමු අවස්ථාවේ සම්පූර්ණ වන්නේ නැහැ. දෙවැනි අවස්ථාවේ දී තමයි ඒ රටවල් ජනරජ බවට පත්වුණෙ. ඔවුන්ට වැදගත් ජනරජයක් බවට පත්වෙච්ච දිනය. එදිනට තමයි විදේශීය රාජ්‍ය නායකයන්ටත් ආරාධනය කරන්නෙ. මෛත්‍රිපාල පකිස්ථාන් උළෙලට සහභාගි වෙන අවස්ථාවෙ කල්පනා කළා ද ලංකාවෙ ජනරජ දිනය පවත්වන්නෙ නැත්තෙ ඇයි ද කියලා. වසන්ත සේනානායක කල්පනා කෙළේ මොනවා ද?

Saturday, 3 February 2018

අපට නිදහස ලැබෙන්නෙ කවදා ද?


අපට නිදහස ලැබෙන්නෙ කවදා ද?


බොහෝ ජනමාධ්‍යවේදීන්ට ජාතිකවාදීන්ට අනුව ඩීල් කාරයකු ගේම් කාරයකු දේව පිස්සකු වූ මට නිදහස ගැන කතා කිරීමට අයිතියක් ඇත් දැයි ප්‍රශ්න කිරීමට පුළුවන්. තව දින කිහිපයකින් ජාති ද්‍රෝහියකු වීමට නියම වී ඇති මා ලියන ලිපි කියවන සංඛ්‍යාව දිනෙන් දින අඩුවෙනවා. ඒත් මේ කරුණු ලියා තැබීම ජාතියට නැති වුවත් කිසිවකුට උපකාරයක් වෙන්න පුළුවන්.

නිදහස සැමරීමට කියා එඩ්වඩ් වින්ඩ්සර් සහ ඔහුගේ ඇඹේණිය ලංකාවට ඇවිල්ලා. ඔවුන්ගේ සියළු වියදම් දරන්නේ මෙරට ජනතාවයි. ඔවුන් පැමිණ ඇත්තේ රජයේ ආරාධනයෙන්. මහින්ද ඒ ආරාධනයට විරුද්ධ ද? මෛත්‍රිපාල විරුද්ධ ද? මෛත්‍රිපාල නම් බලන් ඇති අත්වැසුම් නැතිව ඊනියා රාජකීයන්ට අතට අත දෙන්න. ඒ දෙදෙනා රනිල්ගේ හා චන්ද්‍රිකාගේ කට්ටිය. මෛත්‍රිපාලගේවත් මහින්දගේවත් කට්ටිය නම් නො වෙයි. මේ බෙදීම තවම මෙරට මිනිසුන්ට අවබෝධ කරගන්න බැරි වෙලා. අනුර කුමාර නන්නත්තාර වූ ඊනියා විද්වතුන්ගේ පිහිටට එන පුද්ගලයකු පමණයි. නදීක ගුරුගේට විප්ලවය අමතක කරලා ඡන්දය දීමට හිතිලා. ඔහු මෙතෙක් කල් ඡන්දය තමන් වැනි විප්ලවවාදීන්ගේ වැඩක් ලෙස හිතුවේ නැහැ. ඔහු සුනිල් පෙරේරා සමග එකතු වෙලා. සුනිල්ගේ පත කුරුසයට විප්ලවවාදීන් දොස් කියන්නේ නැහැ. සමහර විට සුනිල් ද අනාගමික රාජ්‍යයක් පිහිටුවීමට වැඩ කරනවා ඇති. සමහර විට පල්ලියත් විප්ලවවාදී වෙලා ඇති.

Tuesday, 26 September 2017

පනස්හය ඉදිරියට ගෙන යෑම  


පනස්හය ඉදිරියට ගෙන යෑම



අද සැප්තැම්බර් විසිහයවැනි දා. බණ්ඩාරනායක මහතා ඝාතනය කෙරී අදට වසර පනස්අටක් වෙනවා. ඒ සම්බන්ධයෙන් හොරගොල්ලේ හරි වෙන කොහේ හරි පින්කමක් පැවැත්වෙනව ද කියලා මා දන්නේ නැහැ. චන්ද්‍රිකා නම් අම්මයි තාත්තයි කරපු වැඩට බණින නිසා ඇය මොකුත් කෙරුවත් වැඩක් නැහැ. මෛත්‍රිපාල, මහින්ද, දුමින්ද, අමරවීර, නිමල් සිරිපාල, ජී එල්, ඩලස් ආදී දැවැන්තයන් බණ්ඩාරනායක මහතා සමරනව ද?

Wednesday, 22 February 2017

ඇගේ වෛරය



ඇගේ වෛරය 


චන්ද්‍රිකා රනිල් වගේ ම සිංහල බෞද්ධ විරෝධීයි. නයි පොළොං වගේ හිටිය දෙන්න දැන් සිංහල බෞද්ධ සංස්කෘතියට ඇති වෛරය නිසා එකතු වෙලා. ඔවුන්ගේ සංස්කෘතිය ඇංග්ලිකන් ක්‍රිස්තියානි. දෙදෙනාගේ ම පිය පාර්ශ්වයේ නෑදැයන් අංංග්ලිකන් ක්‍රිස්තියානි. බණ්ඩාරනායක මහතා නම් බෞද්ධයකු වුනා. ඔවුන්ගේ පමණක් නොවෙයි. සේනානායකලා ද බෞද්ධයන් වීමට පෙර ඇංග්ලිකන් ක්‍රිස්තියානි. ජයවර්ධනලාත් එහෙමයි. මෙරට දෙමළ නායකයන්ගේ ද සම්භවය ඇංග්ලිකන් ක්‍රිස්තියානි. රාමනාදන්ලා අරුණාශලම්ලා හින්දු වුනත් ඒ පවුල්වල ඇංග්ලිකන් ක්‍රිස්තියානි පසුබිමක් තිබුණා. චෙල්වනායගම් හින්දු වුනේවත් නැහැ. සුමන්තිරන් ද මෙතෝදිස්ත භක්තියෙක්. මේ රටේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි බලය තවමත් ක්‍රියාත්මකයි. අද මේ සියල්ලන් ම එකතුවෙලා පොළොන්නරුවේ මෛත්‍රිපාල සිරිසේන යොදා ගෙන සිංහල බෞද්ධ සංස්කෘතිය නැත්තට ම නැති කරන්න හදනවා. ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් මෙවැනි ප්‍රකාශවලට කැමති නැහැ. ඔවුන් විවිධ පඬියන්.

Sunday, 15 January 2017

ජාතික ව්‍යාපාරය හා ඒකාබද්ධ විපක්‍ෂය

ජාතික ව්‍යාපාරය හා ඒකාබද්ධ විපක්‍ෂය


පසුගිය දිනෙක අප සමග කලකට පෙර ජාතික ව්‍යාපාරයේ කටයුතුවලට සහභාගි වූ අයකු පින්කමක දී හමු වුනා. මා ඔහුගෙන් ඇසුවා ජාතික ව්‍යාපාරයේ වැඩ කටයුතු ගැන. ඔහු කීවා තමා ජාතික ව්‍යාපාරයේ පරිධියේ සිටින බව. මා ඔහුට පැවසුවේ මා ජාතික ව්‍යාපාරයේ පරිධියේවත් නැති බවයි. මා එයින් පැවසුවේ මා දැන් කිසිවක් නොකරන බව නො වෙයි. ජාතික ව්‍යාපාරයේ දැන් ඉන්න ප්‍රධානීන් මා කොන් කර ඇති බවයි. මා ලියන ලිපි පළ කිරීම පුවත්පත් සංස්කාරකවරුන් ප්‍රතික්‍ෂෙප කරනවා. අප පවත්වන සම්මන්ත්‍රණවලට මාධ්‍ය සාකච්ඡාවලට ජනමාධ්‍යයේ නිසි ප්‍රචාරයක් දෙන්නේ නැහැ. සමහරවිට මා කියන දේ එතරම් වැදගත් නොවනවා වෙන්න ඇති. පසුගිය පස්වැනි දා මගේ ද සහභාගිත්වයෙන් පැවැත්වූනු සම්මන්ත්‍රණයක් පිළිබඳ වාර්තාවක් කිසිදු මුද්‍රිත මාධ්‍යයක පළවූයේ නැහැ. විද්‍යුත් මාධ්‍යවලින් දෙරණ පමණක් ඉතා කෙටි වාර්තාවක් ප්‍රචාරය කළා.