Main Logo

Showing posts with label Republican Day. Show all posts
Showing posts with label Republican Day. Show all posts

Tuesday, 4 February 2020

නිදහසේ ගමන් මග

 සිංහල ලිත් ඉලක්කම්



නිදහසේ ගමන් මග




අද නිදහස් දිනයක්. සැමරුවාට කමක් නැහැ. ඒත් සමරන්නේ කුමක් ද කියන එක දැන ගන්න ඕන. අද සමරන්නේ අප එංගලන්තයේ රජු අපේ ද රජු ලෙස සැලකමින් ලත් නිදහසක්. මෙය 1817 දී කැප්පෙටිපොළ විරුවා කොහුකුඹුරේ රටේ රාළ ආදීන් ඇරඹු නිදහස් සටනේ පියවරක් නො වෙයි. ඒ නිදහස් සටන් ව්‍යාපාරය ධර්මපාලතුමාගෙන් තාවකාලික ව අවසන් වුණා. ඒ නිදහස් සටන්වල අරමුණ වූයේ යළි සිංහල බෞද්ධ රාජ්‍යය ගොඩ නැගීමයි. 

Wednesday, 23 May 2018

පහළොවේ සිට දහඅටට


පහළොවේ සිට දහඅටට



ඊයේ අප ජනරජ දිනය සැමරුවේ නැහැ. දහඅටවැනි දා නන්දිකඩාල් ජයග්‍රහණය සැමරුවේ නැහැ. ඒ වෙනුවට රාජිතගේ වසල කතා ඇහුවා. ඔහු තවමත් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දෙන්නා. මෛත්‍රිපාල සුළුවෙන් නමුත් නන්දිකඩාල් රණවිරුවන් සැමරුවා. මහින්ද හා ගෝඨාභය තැන් තැන්වල රණවිරුවන් සැමරුවා. ඒ අතර විවිධ සංවිධාන තම තමන්ට හැකි පමණින් රණවිරුවන් සැමරුවා. එහෙත් හරියකට නන්දිකඩාල් ජයග්‍රහණය සැමරුවේ නැහැ. ජනරජ දිනය එතරම්වත් සැමරුවේ නැහැ. පොහොට්ටුව පක්‍ෂයක් හැටියට ඒ කිසිවක් සැමරුවේ නැහැ.

Sunday, 25 March 2018

අපට ජනරජ දිනයක් නැත්තේ ඇයි?


අපට ජනරජ දිනයක් නැත්තේ ඇයි?



ජනාධිපති මෛත්‍රිපාල පකිස්ථානයේ ජනරජ උළෙලට සහභාගි වෙලා ආපහු ඇවිල්ල. ඒ රටේත් ඉන්දියාවේත් ජනරජ දිනය තමයි වැදගත් ලෙස සැලකෙන්නෙ. එංගලන්තයෙන් නිදහස් වීම පළමු අවස්ථාවේ සම්පූර්ණ වන්නේ නැහැ. දෙවැනි අවස්ථාවේ දී තමයි ඒ රටවල් ජනරජ බවට පත්වුණෙ. ඔවුන්ට වැදගත් ජනරජයක් බවට පත්වෙච්ච දිනය. එදිනට තමයි විදේශීය රාජ්‍ය නායකයන්ටත් ආරාධනය කරන්නෙ. මෛත්‍රිපාල පකිස්ථාන් උළෙලට සහභාගි වෙන අවස්ථාවෙ කල්පනා කළා ද ලංකාවෙ ජනරජ දිනය පවත්වන්නෙ නැත්තෙ ඇයි ද කියලා. වසන්ත සේනානායක කල්පනා කෙළේ මොනවා ද?

Monday, 22 May 2017

ජනරජ දිනය සැමරීම


ජනරජ දිනය සැමරීම



අද ජනරජ දිනයයි. තරුණ පරම්පරාවේ කී දෙනකු ඒ ගැන දැනුවත් ද දන්නේ නැහැ. අවුරුදු හතළිස්පහකට ඉහත 1972 මැයි මස විසිදෙවැනි දා අප ජනරජයක් වූවා. මැයි විසිදෙවැනි දා එකල මෙරට නිවාඩු දිනයක් වුණා. එහෙත් පසුව එය නැති වුණා. 1978 ජේ ආර්ගේ දෙවැනි ජනරජ ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීම ඇරඹුණේ පෙබරවාරි හතරවැනි දා.  නව සමසමාජ පක්‍ෂයේ අප හත් අට දෙනකු එදින කළුකොඩි දැම්මා. අප කණ්ඩායම් දෙකකට බෙදී පේරාදෙණියේ ඉංජිනේරු පීඨය අසළින් පටන් ගෙන කළුකොඩි දැමීමට ගියා. වික්‍රමබාහුගේ කණ්ඩායම පොලීසියට හසු වුණා. අප හසු වූයේ නැහැ. එහි බලපෑමක් රටට දැණුනේ නැහැ. වික්‍රමබාහු තුන්වැනි ජනරජ ව්‍යවස්ථාව (සහසන්ධීය රාජ්‍යය) බිහි කිරීමට ජේ අර්ගේ රනිල් බැණාට ආධාර කරනවා. දේශපාලනයේ හැටි ඔහොමයි.