Main Logo

Showing posts with label නීතිය. Show all posts
Showing posts with label නීතිය. Show all posts

Saturday, 12 January 2013

ව්‍යවස්ථාව නීතිය නො වේ ද?

සියළු විනිසුරුවෝ ද, නීතිඥයෝ ද සිරකරුවෝ ද මනුෂ්‍යයෝ වෙති. මෙය බෞද්ධ සම්ප්‍රදායට අයත් වාක්‍යයක් නොවූවත් මේ දිනවල ඒ බව නැවත නැවතත් තහවුරු වෙමින් ඇත. අලුත්කඩේ වසන්තය හේමන්තයක් වන දවස එතරම් ඈත නො වේ. අගවිනිසුරුවරියට අමතරව තවත් විනිසුරුවන් කිහිප දෙනකුට විරුද්ධව දෝෂාභියෝග ගෙන ඒමට ආණ්ඩුවට බල කෙරී ඇත්තේ ඒ විනිසුරුවන් විසින්ම ය. විනිසුරුවන් වැරදි කරන විට ඔවුන් ගෙදර යැවිය යුතු ය. නීතියේ ඊනියා කන්‍යාවියගේ ඇස් බැඳ ඇය දූෂණය කෙරෙන්නේ අධිකරණයේ දී ම නම් කළ යුත්තේ කුමක් ද? අපි නම් කිසි දිනෙක නීතියේ කන්‍යාවියක ගැන විශ්වාසයක් නො තැබුවෙමු. නීතියේ ඇත්තේ කන්‍යාවක් නොව ගණිකාවක් බව කීම වෙන කිසිවක් කරගැනීමට නොහැකිව තම දරුවන් හදාවඩා ගැනීමට ඒ වෘත්තියෙහි යෙදෙන අසරණ කතුන්ට කරන නිගරුවකි. නීතියේ ඊනියා කන්‍යාවිය බමුණු කුලයේ බමුණන්ට ඇඟ විකුණන ගණිකාවක් පමණකි.

ශිරානි බණ්ඩාරනායක මහත්මිය වෙනුවෙන් අභියාචනාධිකරණය ඉදිරියට පළමුවර ගියේ පාර්ලිමේන්තු තෝරාගත් කමිටුවට ඇයට එරෙහිව ඇති දෝෂාභියෝගය අන්වේෂණය කිරීමට අධිකරණ බලතල නොමැති බව කියමිනි. දෙවැනි වර ඇය ම අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ තෝරාගත් කමිටුව එළඹි ඇති නිගමන නිෂේධ කරන ලෙස ය. දෙවැනි වර අභියාචනාධිකරණය තෝරාගත් කමිටුව ව්‍යවස්ථාවේ 4 (ඇ) වගන්තිය යටතේ ව්‍යවස්ථාව විසින් පිළිගැණුනු තවත් ආයතනයක් බව තීරණය කළේ ය. අභියාචනාධිකරණය එම කමිටුවේ සාමාජිකයන්ට අධිකරණය ඉදිරියෙ පෙනී සිටීමට නොතීසි නිකුත් කළේ ඒ පදනමින් ය. එහෙත් පළමුවර අභියාචනාධිකරණය ව්‍යවස්ථාවේ අර්ථනිරූපනයක් ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබිණි. ඒ ස්ථාවර නියෝග 78 (අ) සම්බන්ධයෙනි. ප්‍රශ්නය වනුයේ තෝරාගත් කමිටුවට දෝෂාභියෝගය සම්බන්ධයෙන් අන්වේෂණය කිරීමට බලය ඇත් ද යන්න ය. අද ශ්‍රෙෂ්ඨාධිකරණය අනුව යමින් අභියාචනාධිකරණය තෝරාගත් කමිටුවට අන්වේෂණය සඳහා බලයක් නොමැති බව කියයි. මේ කිසිම අධිකරණයක් නිරපේක්‍ෂ ඊනියා වාස්තවික තීරණයක් නොදෙන බව පැහැදිලි ය. අපට ශ්‍රෙෂ්ඨාධිකරණයේ තීන්දු පිළිගැනීමට සිදුවන්නේ එහි තීරණ සෑවිට ම නිවැරදි නිසා නොව එහී තීනදු හා තීරණවලට එරෙහිව යෑමට එයට වඩා ඉහළ උසාවියක් නැති බැවිනි. සිරකරුවන් මෙන් ම නීතිඥයෝ ද විනිසුරුවෝ ද මනුෂ්‍යයෝ වෙති.

මෙහි දී අප නෛතික තත්වයන් ගැන කතාකළ ද අද උද්ගත වී ඇත්තේ දේශපාලන ප්‍රශ්නයක් මිස ඊනියා නෛතික ප්‍රශ්නයක් නොවන බව ය. අගවිනිසුරුවරියට ස්වාභාවික යුක්තිය යටතේ ඇගේ නිර්දෝෂිභාවය පෙන්වීමට අවස්ථාවක් තිබිණි ද නැද්ද යන්නවත් මෙහි දී වැදගත් නො වේ. ඇයට තම නිර්දෝෂිභාවය පෙන්වීමට අවස්ථාව ලබා දී තිබූ නමුත් ඇය හා ඇගේ නීතිඥයෝ තෝරාගත් කමිටුවේ අන්වේෂණයෙහි දී කාලය කා දමා අභියාචනාධිකරණය බ්‍රහස්පතින්දා දුන් තීන්දුව ලැබෙන තෙක් අන්වේෂණය දිගගැස්සීමට උත්සාහ කළහ. ඔවුන් සිතන්නට ඇත්තේ බ්‍රහස්පතින්දා වන තෙක් අන්වේෂණය කල්දමා ගත්තේ නම් ඒ තීන්දුව ඔස්සේ තෝරාගත් කමිටුව අහෝසි කිරීමට ය. එහෙත් ඔවුන්ගේ බලාපොරොත්තු සුන් කරමින් තෝරාගත් කමිටුව පසුගිය මාසයේ 8 වැනි දා සිය වාරතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. අද අභියාචනාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය දුන් ඊනියා අර්ථනිරූපණයක් මත පදනම් ව තෝරාගත් කමිටුවට අන්වේෂණය සඳහා බලතල නැතිබව තීරණය කර ඇත. එහෙත් පාර්ලිමේන්තුව ඒ තීරණය ඉවත දමන බව පැහැදිලි ය. යම් අයුරකින් අගවිනිසුරුවරියගේ නීතිඥයන්ගේ ප්‍රයත්නය සාරථක වී අන්වේෂණය පසුගිය බ්‍රහස්පතින්දා වන තුරු කල්දමාගත්ත ද පාර්ලිමේන්තුව අභියාචනාධිකරණ තීරණය ඉවත දමන බව පැහැදිලි ය. ඒ අභියාචනාධිකරණ තීරණය වැරදි නිසා පමණක් නො වේ. අද ඇත්තේ තම වෘත්තිය පිළිබඳව නැති වැදගත් කමකින් සිතන නීතිඥයන් හා බමුණු කුලය හා ඒ කුලයට පැන ගැනීමට උත්සාහ කරන්නන්, දෙමළ ජාතිවාදීන් ඇතුළු විජාතික බලවේග සහ පොදු ජනයා අතර සටනක් වන බැවිනි. ජාතිකවාදීන් ව සිටි ඇතැම් නීතිඥයන් මේ ප්‍රශ්නයේ දී දෝෂාභියෝගයට විරුද්ධ වන්නේ ඔවුන් බමුණු කුලයට ආවඩන බැවිනි. බටහිර අධ්‍යාපනයේ ගැත්තන් වූ මොවුන්ට ප්‍රශ්නයේ දේශපාලනය නො පෙනෙයි. බමුණු කුලයට අවශ්‍ය අගවිනිසුරුවරිය එම තනතුරෙහි ම තබාගෙන ආණ්ඩුව අස්ථාවර කර මහින්ද රාජපක්‍ෂ මහතා තනතුරෙන් ඉවත්කර අවසානයේ දී දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමේ වරදට ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමගින් දංගෙඩියට යැවීම ය.

දෝෂාභියෝගය සම්බන්ධයෙන් තවමත් අවසන් තීන්දුව දී නැත. එය දෙන්නේ ජනාධිපතිතුමා ය. පාරලිමේන්තු විවාදයෙන් පසුව ඇතැම් විට එතුමා අගවිනිසුරුවරිය ඉවත් නොකර සමාව දීමට ද ඉඩ ඇත. කෙසේ වෙතත් දෝෂාභියෝගය සම්බන්ධයෙන් තීන්දුවක් දී නොමැති විටක එය නිෂේධ කරන ලෙස අගවිනිසුරුවරිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටීමෙන් පැහැදිලි වන්නේ ඇයටවත් ඇගේ නීතිඥයන්ටවත් සාමාන්‍ය තර්කනය පිළිබඳ අවබෝධයක් නොමැති බව ය.ඔවුන් නිෂේධ කරන ලෙස ඉල්ලන්නේ තවමත් නොදුන් තීන්දුවකි. නැති තීන්දුවක් නිෂේධ කරන්නේ රෝම ලන්දේසි නීතිය පදනම් වී ඇති ඇරිස්ටෝටලීය න්‍යායට එකඟ ව නම් නො වේ. නෛතික තත්වය කෙසේ වෙතත් දැන් දේශපාලනය පැහැදිලි ය. විජාතික බලවේගවලට අවශ්‍ය අධිකරණය හා ව්‍යවස්ථාදායකය (විධායකය) අතර ප්‍රශ්නයක් ඇතැයි පෙන්වීම ය. 1978 ව්‍යවස්ථාව යටතේ ම 78 (අ) ස්ථාවර නියෝග යටතේ ම ගෙනා වෙනත් දෝෂාභියෝග අවස්ථාවල නැතිවූ තත්වයක් අද ඇතිවන්නේ කෙසේ ද? 1984 සිට අද දක්වා නීතියේ වෙනසක් සිදු වී නැත. එහෙත් එදා අධිකරණය හා ව්‍යවස්ථාදායකය අතර ඊනියා ගැටුමක් නො විණි. අද ද එවැනි ගැටුමක් නැත. එහෙත් බමුණු කුලය ඇතුළත් විජාතික බලවේග එවැනි ගැටුමක් ඇති බව පෙන්වයි. ඒ අද ඇති දේශපාලනය වසා ගැනීමට ය. සාමාන්‍ය ජනතාවට තනි තනිව ගත්කල ශ්‍රෙෂ්ඨාධිකරණයේ තීන්දු සමග එකඟ නොවුණත් එය පිළිගැනීමට සිදුවෙයි. ඒ එයට වඩා ඉහළ උසාවි නැති බැවින් හා තීන්දු නොපිළිගතහොත් හිරේ විලංගුවේ වැටීමට සිදුවන බැවිනි. එහෙත් පාර්ලිමේන්තුව එවැනි තීන්දුවක් නොපිළිගන්නේ නම් වියුක්ත ජනතාව පාර්ලිමේන්තුව සමග නම් ශ්‍රේෂ්ඨාධිකරණයට පාර්ලිමේන්තුව හිරේ දැමිය නොහැකි ය. පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතුවලට බාධා පැමිණවිය නො හැකි ය. පාර්ලිමේන්තුව අවලංගු කළ නො හැකි ය. පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නො හැකි ය. එහෙත් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට තම බලය පැහැරගැනීමට උත්සාහ කරන විනිසුරුවන් දෝෂාභියෝග මගින් ගෙදර යැවිය හැකි ය. අද බමුණු කුලයට ජනතාව පාර්ලිමේන්තුවට එරෙහිව පාරට බැස්සවිය නොහැකි ය. එය සරත් ෆොන්සේකාටවත්, ශිරානි බණ්ඩාරනායකටවත්, මාදුළුවාවේ සෝභිත හිමියන්ටවත් කුමාර් සංගක්කාරටවත් බමුණු කුලය වෙනුවෙන් කළ නො හැකි ය. විජිත හේරත්ට හා සුදන්දිරම්ට ද ඒ කළ නොහැකි ය. ඔවුන් පාර්ලිමේන්තු වරප්‍රසාද බිඳ දමා ඇත්තේ දැයි සොයා බැලිය යුතු ය.

ඒ දෝෂාභියෝගයෙහි දේශපාලනය ය. නීතිය පැත්තෙන් බැලූ කල අධිකරණය පඹගාලක පැටලී ඇත. පළමුවන් ම ජනාධිපතිතුමා හා පාර්ලිමේන්තුව ඒකකයක් ලෙස ගත්කල විනිසුරුවන්ගේ දෝෂාභියෝග සම්බන්ධයෙන් ව්‍යවස්ථාවෙන් පිළිගැනෙන අධිකරණ බලතල සහිත ආයතනයකි. 4 (ඇ) වගන්තියෙන් කියැවෙන්නේ අධිකරණ බලතල පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කෙරෙන බවත් එහි දී වෙනත් දේ අතර උසාවි, විනිශ්චය සභා හා ව්‍යවස්ථාවෙන් පිළිගැනෙන ආයතන මගින් පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන බවත් ය. 107 (2) වගන්තියෙන් ජනාධිපතිතුමා හා පාර්ලිමේන්තුව එකට ගත්කල විනිසුරුවන්ගේ දෝෂාභියෝග සම්බන්ධයෙන් ව්‍යවස්ථාවෙන් පිළිගැනෙන ආයතනයක් වෙයි. විවාදයට භාජනය වී ඇති 107 (3) වගන්තිය ද නීතිය වෙයි. ඒ වගන්තිය අනුව දෝෂාභියෝග සම්බන්ධයෙන් සියළු කටයුතු සඳහා අවශ්‍ය සැලසීම් පාර්ලිමේන්තුවට නීතිය හෝ ස්ථාවර නියෝග හෝ මගින් සම්පාදනය කළ හැකි ය. මෙහි දී වැදගත් වන්නේ ඒ සම්පාදන නීතිය මගින් පමණක් කළ යුතු යැයි ව්‍යවස්ථාවෙහි 107 (3) යටතේ හෝ වෙනත් වගන්තියක් යටතේ හෝ සඳහන් නොවීම ය. ඒ සම්පාදන ස්ථාවර නියෝග මගින් පමණක් වුව ද කළ හැකි බව 107 (3) වගන්තියේ හෝ යන්නෙන් පැහැදිලි වෙයි. ස්ථාවර නියෝග 78 (අ) හුදු ස්ථාවර නියෝග නො වේ. ඒ නියෝග දෝෂාභියෝග සම්බන්ධයෙනි. ඒ නියෝග සම්පාදනය කර ඇත්තේ 107 (3) වගන්තිය අනුව කටයුතු කිරීමට ය. 107 (3) මෙරට නීතියකි. එහි දෝෂාභියෝග කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට පාර්ලිමේන්තුවට බලතල ඇත. 107 (3) යටතෙහි ස්ථාවර නියෝග මගින් අවශ්‍ය සැලසුම්සම්පාදනය කළ හැකි බව කියැවෙයි. එය නීතියකි. නීති යනු ව්‍යස්ථාදායකය විසින් අණ පනත් මගින් පැනවෙන්නේ වෙයි. 78 (අ) ස්ථාවර නියෝග පනවා ඇත්තේ නීතියකට අනුව ය. කෙසේ වෙතත් 107 (3) අනුව නීතියක් වුවත් නැතත්, දෝෂාභියෝගයට අවශ්‍ය සැලසුම් ස්ථාවර නියෝග මගින් පමණක් සම්පාදනය කළ හැකි ය. ශ්‍රෙෂ්ඨාධිකරණය එසේ නො වේ යැයි කියන්නේ කෙසේ ද? ව්‍යවස්ථාවේ 107 (3) හා ස්ථාවර නියෝග 78 (අ) අනුව පත්කෙරී ඇති තෝරාගත් කමිටුව කතානායකවරයා විසින් දෝෂාභියෝගයෙහි අන්වේෂණය සඳහා පත්කර ඇති කමිටුවකි.එයට කළ හැක්කේ පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීම ය. කමිටුවේ නිගමන අවසාන තීරණයක් ද නො වේ. ශ්‍රෙෂ්ඨාධිකරණය ඒ බව අමතක කරයී. අවසාන තීන්දුව දෙනු ලබන්නේ ජනාධිපතිතුමා විසිනි. භ්‍රෙෂ්ඨාධිකරණයට හැකි නම් කළ යුත්තේ ජනාධිපතිවරයාට එරෙහිව කටයුතු කිරීම ය. ව්‍යවස්ථාවෙහි 170 වගන්තිය අනුව නීතිය වනුයේ පාර්ලිමේන්තුවේ සම්මත වන අණ පනත් ය. 107 (3)වගන්තිය ව්‍යවස්ථාවෙහි ම කොටසකි. තවද 1953 පාර්ලිමේන්තු වරප්‍රසාද පණතේ 3 වැනි ඡෙදය යටතේ පාර්ලිමේන්තුව ඇතුළත සිදුවන කිසිදු ක්‍රියාවක් ගැන ප්‍රශ්න කිරීමට කිසිම උසාවියකට බලයක් නැත. ශ්‍රෙෂ්ඨාධිකරණයට බලය ඇත්තේ පණත් කෙටුම්පත් ව්‍යවස්ථාවට එකඟ ද නැද්ද යන්න ගැන තීරණයක් දීම ය. එහෙත් සම්මත වූ පණත් ගැන තීන්දු දුමට ශ්‍රෙෂ්ඨාධිකරණයට ව්‍යවස්ථාවේ 80 (3) වගන්තිය යටතේ කිසිදු බලයක් නැත. මෙරට උපරිම නීතිය වූ ව්‍යවස්ථාවෙහි 107 (3) වගන්තිය නීතියක් වී බොහෝ කල් ය. ඒ පිළිබඳ තීන්දු දීිමට ශ්‍රෙෂ්ඨාධිකරණයට බලයක් නැත. 107 (3) යටතෙහි 1984දී පැනවූ 78 (අ) ස්ථාවර නියෝග ගැන අද තීන්දුවක් දීමට ද ශ්‍රෙෂ්ඨාධිකරණයට නො හැකි ය. ශ්‍රෙෂ්ඨාධිකරණයට ව්‍යවස්ථාව හා නීතිය පිළිබඳ අර්ථනිරූපණ දිය හැකි බව සැබෑ ය. එහෙත් පණත් ව්‍යවස්්ථාවට එකඟ ද නැද්ද යැයි කල්ගත වී තීරණය කිරීමට එයට බලයක් නැත. 78 (අ) ස්ථාවර නියෝග සම්බන්ධයෙන් ශ්‍රෙෂ්ඨාධිකරණය කර ඇත්තේ අර්ථනිරූපණයක් නො වේ. 78 (අ) නීතියට එකඟ ද නැද්ද යන්න හෝ එය නීතිය ද නැද්ද යන්න හෝ විනිශ්චය කිරීම අර්්්ථනිරුපණයක් නො වේ. කෙසේ වුවත් 78 (අ) නීතියට එකඟ බව පැහැදිලි ය. අනෙක් අතට විනිසුරුවකු සම්බන්ධ සිද්ධියක දී විනිසුරුවන් ව මැදිහත් වී තීන්දු දීම තමාගේ නඩුව තමාම අසාගැනීමකි.

Wednesday, 12 December 2012

ආසනික්, විද්‍යාව හා නීතිය

මේ තීරුව පමණක් නොව මා අනෙක් ලිපි ද ලියන්නේ කාගේවත් වුවමනාවට නොව මගේ වුවමනාවට ය. එය ජනතාවගේ වුවමනාව යැයි ප්‍රකාශ කරමින් දේශපාලනඥයන් මෙන් බොරු කීමට ද මම අකමැත්තෙමි. එහෙත් ජනතාවගෙන් බහුතරයක්, විශේෂයෙන් ම නූගත් යැයි කියන අය මා සමග එකඟවන්නේ යැයි සිතීමට මම කැමැත්තෙමි. එමෙන්ම එයින් මා සිතන අයුරෙන් රටට වැඩක් වන්නේ යැයි ද මම කල්පනා කරමි. ඇතැමුන් සිතන්නේ අප ආණ්ඩුවට කඩේ යන බව ය. එහෙත් ආණ්ඩුවේ බලගතු ඇමතිවරුන් සිතන්නේ එසේ නො වේ. පසුගියදා එක් ඇමතිවරයකු කියා ඇත්තේ අප කෘෂිරසායන ද්‍රව්‍යවල ආසනික් ඇති බව කීවේ ප්‍රීමා සමාගමෙන් මුදල් ලබාගැනීමෙන් පසුව බව ය. අප ප්‍රීමා සමාගම සමග එකතු වී සම්මන්්ත්‍රණ පැවැත්වූ බව ද ඔහු කියා ඇත. ප්‍රිමා සමාගමේ අවශ්‍යතාව පරිදි ජනතාවට පාන් කැවීම සඳහා ඒ සමාගමෙන් මුදල් ගෙන අප ආසනික් කතාව කී බව ඔහු දරණ මතය බව පැහැදිලි ය. එහෙත් අප ප්‍රීමා සමාගමෙන් තබා ආණඩුවෙන්වත් පෞද්ගලිකව සත පහක් ලබාගෙන නැත. අදාළ පරීක්‍ෂණ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ප්‍රතිපාදන ලැබී ඇත. එහෙත් ඒ අතරට අපේ කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන්ගේ පෞද්ගලික මුදල් ද ඒ සඳහා සුළුවෙන් නමුත් වියදම් වී ඇත. අප ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රීමා සමාගෙන් මුදල් ලබාගත් අය නම්කරන ලෙසත් රටට විරුද්ධව අප කණ්ඩායමේ කිසිවකු ක්‍රියාකර ඇත්නම් ඒ තැනැත්තන්ට විරුද්ධව මෙ රටේ බලපානන නීතිය යටතේ නඩුපවරන ලෙසත් ය. යමකු රටට විරුද්ධව විදේශ හෝ විජාතික හෝ බහුජාතික හෝ ආයතනයකින් හෝ වෙනත් ආයතනයකින් හෝ මුදල් ලබාගෙන ඇත්නම් රටේ නීතිය අනුව දිය හැකි උපරිම දඬුවම ලබාදිය යුතු ය. වැරදි කර ඇත්නම් අප එහි විපාක මේ භවයේ දී හෝ වෙනත් භවයක දී විඳිය යුතු ය. මගේ නම් කැමැත්ත හැකි නම් මේ භවයේ දී ම ඒ විඳීම ය. නැතිවන්නට කිසිවක් නැති මට ජීවිතය ද නො වටියි. කල්ප ල’’’’ක්‍ෂ ගණනාවක් සසර සැරිසරන බව දන්නා අයට මේ භවයේ අවුරුදු හැත්තෑව හෝ අසූව හෝ සසරෙහි නොගිණිය හැකි තරමේ කාල පරිච්ඡෙදයකි. දැනට අවුරුදු විස්සකට විසිපහකට පමණ පෙර චින්තනය සංකල්පය වර්ධනය කිරීමේත් දරුවන් හදාවඩාගැනීමේත් අභියෝගය තිබුණු බැවින් එකල ජීවත්වීමේ යම් අවශ්‍යතාවක් තිබුණ ද දැන් ඒ සියල්ල බොහෝ දුරට සම්පූර්ණ වී ඇති බැවින් දඬුවමක් ලෙස වෙනත් භවයකට මාරුවීම මට ප්‍රශ්නයක් නො වේ.

අපේ චින්තනය, එනම් සිංහල බෞද්ධ චින්තනය මත පදනම් ව පසුගිය අවුරුදු විසිපහක පමණ කාලයක් තිසසේ බටහිර දැනුමෙන් ස්වායත්ත ව අප ගොඩනගාගත් සංකල්ප හා ප්‍රවාද රාශියක් අප සතුවෙයි. ඒ ප්‍රවාද අතර ආසනික් ප්‍රවාදය ද වෙයි. රජරට වකුගඩු රෝගයට හේතු වනුයේ කෘෂිරසායනික ද්‍රව්‍යවල ඇති ආසනික්, කුඹුරු පස, හා කිවුල් ජලය බව අපි ප්‍රකාශ කරමු. සහල්වල ද ආසනික් ඇත. එහෙත් බත් කෑ පමණින් අපි නො මැරෙමු. ඒ බව මා කලකට පෙර අපි බත් කමු යනුවෙන් ලියූ ලිපියක ද සඳහන් කළෙමි. අපට අවශ්‍ය වන්නේ බත් කෑම ප්‍රචලිත කිරීම මිස පාන් කෑමට ජනතාව යොමු කිරීම නො වේ. අපට අවශ්‍ය වන්නේ වස විස නැති ආහාර අනුභවයට සැලැස්වීම මිස කෘෂිරසායන ද්‍රව්‍ය භාවිතය එක් රැයකින් නතර කිරීම නො වේ. අපේ උත්සාහය ක්‍රමයෙන් ගොවි ජනතාව කෘෂිරසයන ද්‍රව්‍යවලින් ඉවත් කර දේශීය පාරම්පරික ගොවිතැනට ඔවුන් යොමු කිරීම ය. දේශීය පාරම්පරික ගොවිතැන යනු බටහිර කාබනික පොහොර භාවිතය ද නොවන බව අවධාරණය කළ යුතු ය. ආණ්ඩුව 2013 අයවැයෙන් කාබනික ගොවිතැනට අතහිත දීමට පියවර ගෙන ඇති නමුත් දේශීය පාරම්පරික ගොවිතැන නගා සිටුවීමට එතරම් දෙයක් කර නොමැති බව කණගාටුවෙන් වුව ද සඳහන් කළ යුතු ය. දේශීය පාරම්පරික ගොවිකම හා දේශ’ීය පාරම්පරික වෙදකම ඉතා දියුණු බව ආණ්ඩුවට පැහැදිලි කර දෙන උගතුන් හෝ නිලධාරීන් හෝ අතේ ඇඟිලි සංඛ්‍යාවට පමණවත් ඇතැයි නො සිතමි. ආණ්ඩුව අපේ උපදෙස් ගණන් නොගන්නා බව ද ඇතැම් ඇමතිවරුන්ට අනුව අප අන්තවාදී කලබලකාරී පිරිසක් බව ද අපි දනිමු. එහෙත් දේශීය ගොවිතැන හා දේශීය වෙදකම නගා නොසිටුවා අපට කිසි දිනෙක නිදහස් විය නොහැකි බව මේ අවස්ථාවේදීත් අවධාරණය කළ යුතු ය.

අපේ අධ්‍යාපනයේ හෙළ ගොවිකමට හෝ හෙළ වෙදකමට හෝ තැනක් නැත. එයට හේතුව අධ්‍යාපනය භාර ඇමතිවරුන්ට හා නිලධාරීන්ට ඒ පිළිබඳ විශ්වාසයක් නොමැති වීම ය. අප දන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව හා බටහිර කෘෂිකර්මය ගැන ය. අපේ අධ්‍යාපන බලධාරීහු අපේ දැනුම මිථ්‍යා යැයි සිතති. අප දෙවියන්ගෙන් දැනුම ලබාගත්තේ යැයි කී කල ඔවුහු අපට සිනහසෙති. අප බටහිර විද්‍යාව යනු පට්ටපල් බොරුවක් යැයි ලියන විට ඒ ලිපි පුවත්පත්වල පළවීම නැවැත්වීමට ඇතැම් බටහිර වෛද්‍යවරු පුවත්පත් සංස්කාරකවරුන්ට බලපෑම් කරති. එයින් නොනැවතී ඔවුහු තර්ජනය කරති. මේ වෛද්‍යවරුන්ට අපි අභියෝගයක් කරමු. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් ය යන යෝජනාව සම්බන්ධයෙන් පාණදුරා වාදය මෙන් දින ගණනාවක් මු්‍රළුල්ලේ පැවැත්වෙන විවාදයකට අපි ඒ මහතුන්ට ආරධනා කරමු. හිටපු ප්‍රසිද්ධ වෛද්‍ය මහාචාර්යවරයකු එවැනි විවාදයකට කැමැත්ත පළකර ඇත. එහෙත් අවාසනාවකට ඒ මහතා පොපර්ගෙන් පසුව ඊනියා විද්‍යාවේ දර්ශනය පිළිබඳ ලියැවී ඇති පොතපත කියවා නොමැති බව පැහැදිලි ය. අදාළ පොතපත කියවීමට යම් කාලයක් ලබාදීමට අප සූදානම් ය. මෙහි දී සිතට එන තවත් නම් අතර අප ආසනික් ගැන දේව දැනුම ගැන කියන විට ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ හා වෙනත් තැන්වල අපට විරුද්ධව නොයෙකුත් ප්‍රචාර ගෙන ගිය අයගේ නම් වේ. අප ඊනියා විද්‍යාත්මක ක්‍රමයට විරුද්ධව යන්නේ යැයි කියමින් විද්‍යාභිවර්ධන සංගමය මට අපහාස කරමින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් ද කළේ ය. අපේ කණ්ඩායමේ මහාචාර්ය ප්‍රියානි පරණගම හා මහාචාර්ය මාලා අමරසිංහ මහත්මීන් මා සමග වැඩකිරීම නොනැවැත්වුවහොත් ඔවුන් විද්‍යාඥවරියන් ලෙස සැලකීමට නොහැකි වන බව ද ඒ සංගමය ප්‍රකාශ කළේ ය. එහෙත් ඒ සංගමය තවමත් ඒ ගැන තීරණයක් ගෙන නොමැති බව පැහැදිලි ය. එපමණක් නොව මම තවමත් ඒ් සංගමයේ යාවජීව සාමාජිකයෙක්මි. ඔවුන් ලවා ඊනියා විද්‍යාඥයකු ලෙස කියාගැනීමට තරම් ආශාවක් මට නැත. බටහිර අර්ථයෙන් උගතකුවත් නොවන මට විද්‍යාඥයා යන්න වටිනාකමක් ඇති පදයක් නො වේ. කෙසේ වෙතත් ඉතා ඉක්මණින් බටහිර විද්‍යාව පිළිබඳ විවාදය පැවැත්වීමට අපට හැකිවේවා යන්න අපේ පැතුමයි. අවශ්‍යතාවක් වේ නම් අප ප්‍රිමා සමාගමෙන් මුදල් ලබාගෙන ඇතැයි කියන ඇමතිවරුන්ට හා විද්‍යාව, වෛද්‍ය විද්‍යාව කෘෂිකර්මය දන්ත වෛද්‍යවිද්‍යාව ඉංජිනේරු විද්‍යාව ආදිය හදාරා ඇති විද්වත් ඇමතිවරුන්ට ද ඊනියා කීර්තිමත් විද්‍යා ලේඛකයන්ට ද විවාදයට සහභාගි විය හැකි ය. අපට විරුද්ධව කණ්ඩායමක් ලෙස විවාදයට එළඹියත් බටහිර විද්‍යාව යනු පට්ටපල් බොරුවකි යන මැයෙන් කෙරෙන විවාදයක යෝජක පක්‍ෂ කණ්ඩායමට අයත්වන්නේ මා පමණ ය.

අද මෙරට අධ්‍යාපනයේ දැනුමේ ආධිපත්‍යය දරන්නෝ බටහිර උගත්තු ය. මේ උගත්තු ප්‍රාමාණිකයෝ වෙති. අඩු තරමෙන් ඔවූහු එසේ යැයි සැලකෙනු ලැබෙති. ඔවුන්් විනිශ්චය කෙරෙන්නේ කවුරුන් විසින ද? බටහිරයන් අපට දී ඇති විවධ ධුරාවලීන්හි ඉහළින් ම සිටින කොටස් ගැන විනිශ්චයක් දීමේ දී ප්‍රශ්න පැනනගියි. මේ අය ඇතැම්විට අධිකරණය ඉදිරියට ගෙනගිය හැකි නමුත් අධිකරණයේ ඉහළින් ම සිටින අය ගැන විනිශ්චයක් දෙන්නේ කවු ද? බටහිරයන්ගේ කසිකබල් ප්‍රජාතන්ත්‍රවාදයේ දී මෙවැනි ප්‍රශ්න පැන නගියි. මා දැන් ආණ්ඩුව වෙනුවෙන් කතාකරන්නේ ඇමතිවරුන්ට හෝ ආණ්ඩුවට ඇති ආදරයක් නිසා නොව අද මෙරටට වඩාත්ම යෝාග්‍ය මේ ආණ්ඩුව නිසා ය. බටහිරයන් මේ ආණ්ඩුව වැට්ටවීමට කටයුතු කරන බව අපි දනිමු. ඒ සඳහා ඔවුහු නොයෙකුත් වසන්ත යොදාගනිති. අරාබි වසන්තය, කටුනායක වසන්තය, අධ්‍යයන වසන්තය ඉන් සමහරකි. අද විජාතික බලවේග පකිස්තාන වසන්තයක් නිරාමාණය කිරීමට උත්සාහ දරයි. අධිකරණය හා විධායකය අතර විරසකයක් ඇතිකිරීමට ගත් උත්සාහය අද අධිකරණය හා ව්‍යවස්ථාදායකය අතර ගැටුමක් බවට පත්වෙමින් ඇත. ප්‍රශ්නය වනුයේ පාර්ලිමේන්තුවට අගවිනිසූරුවරියට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට හැකි ද යන්න ය. එසේ නොහැකි බව පවසන නීතිඥයෝ එමට වෙති. එහෙත් මට ප්‍රශ්න කිහිපයක් වෙයි. මම නීතිඥයෙක් නො වෙමි. එහෙත් පුරවැසියකු ලෙස මේ ප්‍රශ්න නැගීමේ අයිතියක් මට ඇතැයි සිතමි. ඉහළ ඉසාවිවළ විනිශ්වයකාරවරුන් හා විනිශ්චයකාරවරියන් ඔවුන් ඒ තනතුරුවලට නුසුදුසුවන අයුරෙන් ක්‍රියාකර ඇත්නම් ඔවුන් ඉවත්කර්න්නේ කෙසේ ද යන්න ය. වෙනත් ආයතනවල නිලතල දර්න්නන් ඒ තනතුරුවලට නුසුදුසුු වූවිට ඔවුන් සම්බනධයෙන් ක්‍රියකරන පිළිවෙත් වෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නම් ඉහළ උසාවි දෙකෙහි විනිසූරුවන් ඒ තනතුරු දැරීමට යම් හේතුවක් නිසා නුසුදුසු යැයි සැලකෙන විට පාර්ලිමේන්තුවට ඒ සම්බන්ධයෙන් දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට 107 වැනි ව්‍යවස්ථාවෙන් ඉඩ සලසා ඇත. අද ඇතැම් නීතිඥයන් අභියෝග කරන්නේ මේ ව්‍යවස්ථාව ය. පාර්ලිමේන්තුවට එවැනි ඉඩක් නොමැති නම් අදාළ විනිසූරුවන්ගේ ක්‍රියාකලාප පාලනය කීිරීමේ හැකියාවක් නොමැතිවනු ඇත. 107 වැනි ව්‍යවස්ථාව ඉතා පැහැදිලි ය. ඒ දෝෂාභියෝග යෝජනාව ගෙන ඒමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගය ද ඒ ව්‍යවස්ථාවෙහි ම විස්තර කර ඇත. 107 (3) ව්‍යවස්ථාව මෙරට උත්තරීතර නීතිය නොවේ යැයි කිසිවකුට තරක කළ හැකි නො වේ. ඒ ව්‍යවස්ථාවට අනුව එවැනි දෝෂාභියෝගයක දී අනුගමනය කන ක්‍රියා පිළිවෙත පාර්ලිමේන්තුවට නීතිය මගින් හෝ ස්ථාවර නියෝග මගින් හෝ සම්පාදනය කළ හැකි ය. එහි දී ස්ථාවර නියෝග මගින් පහසුකම් සැපයීම ද නීතියට එකඟ වේ යැයි සිතිය හැකී ය. එහෙත් මේ සියල්ල මට සාපේක්‍ෂ මගේ නිගමන ය. බටහිර භෞතික විද්‍යාව ද වාස්තවික හා නිරපේක්‍ෂ නොවන විට බටහිර නීතිය ගැන කියනුම කවරේ ද? එබැවින් උගත් නීතිඥවරුන් ඔවුන්ට සාපේක්‍ෂව වෙනත් නිගමනවලට එළඹෙනු ඇත. මගේ ප්‍රශ්නය මේ සාපේක්‍ෂතාව පිළිබඳව ම ය. නෙවිල් සමරකෝන් මහතාට එරෙහිව දෝෂාභියෝග යෝජනාව ගෙන ආවේ අදාළ ස්ථාවර නියෝග ද නැතිව ය. ඒ නියෝග සකස් කරනු ලැබයේ දෝෂාභියෝග යෝජනාව ගෙන ඒමෙන් පසුව ය. එදා ඒ ගැන නීතිඥ මහතුන් කතා’ නොකළේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. නීතිඥ මහතුන එදා නිෂ්ශබ්ද වූයේ එකල තිබූ ආණ්ඩුවට සාපේ’ක්‍ෂව ද? නීතිඥයන්ගෙන් ඉතා වැඩි දෙනා බටහිර ගැති නම් ඒ ගැන පුදුම නො වෙමි. එදා තිබුණු ආණ්ඩුව බටහිරයන්ගේ උකුළේ නැටවුණු විජාතික ආණ්ඩුවකි. අද තිබෙන්නේ බටහිරයන්ට විරුද්ධව ගොස් ප්‍රභාකරන් පැරද වූ ආණ්ඩුවකි. 107 එදා නීතිය වීමටත් අද නීතිය නොවීමටත් වෙනත් හේතුවක් වේ ද? අනෙක් අතට උසාවිවලට වඩා පාර්ලිමේන්තුව බලවත් වෙයි. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය අනුව පරමාධිපත්‍යය ඇත්තේ ජනතාවට ය. එහෙත් ජනතාව තම පරමාධිපත්‍යය වෙනත් ආයතන මගින් ක්‍රියාත්මක කරයි. ව්‍යවස්ථාදායක පරමාධිපත්‍යය ක්‍රියාත්මක කෙරෙන්නේ පාර්ලිමේන්තුව මගිනි. අධිකරණ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කරන්නේ ද පාර්ලිමේන්තුව මගිනි. එහි දී පාර්ලිමේන්තුව උසාවි ඔස්සේ ඒ ක්‍රියාත්මක කරනුමුත් බලය ඇත්තේ පාර්ලිමේන්තුවට ය.