Main Logo

Showing posts with label කෝපන්හේගන්. Show all posts
Showing posts with label කෝපන්හේගන්. Show all posts

Sunday, 30 October 2011

විවිධ ලෝක

න්‍යුට්‍රීනෝව පිළිබඳ එසේත් නැත්නම් න්‍යුට්‍රීනෝවෙහි වේගය පිළිබඳ සෑහීමකට පත්විය හැකි කතාවක් ගොඩනගා ගැනීමට බටහිර විද්‍යාඥයන් අසමත් වී ඇත. න්‍යුට්‍රීනෝ අංශු ආලෝකයේ වේගයට වැඩි වේගයකින් චලනය වන බව බටහිර විද්‍යාඥයන්ට දැනගන්නට ලැබී දැනට වසර කිහිපයකි. ඔවුන් එකල ඒ ගැන එතරම් උනන්දුවක් නොදැක්වුව ද, පසුගිය දා සිදුකළ සර්න් පරීක්‍ෂණවලින් පසුව බටහිර විද්‍යාඥයන්ට න්‍යුට්‍රීනෝවේ වේගය පිළිබඳ දැඩි සෑලකිල්ලක් දැක්වීමට සිදු වී ඇත. න්‍යුට්‍රීනෝවේ ස්කන්ධය පිළිබඳ ව ද තවමත් හරිහමන් කතාවක් ගොතාගැනීමට නොහැකි වී සිටින බටහිර විද්‍යාඥයන්ට දැන් තවත් ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් කතාවක් ගෙතීමට සිදු වී ඇත.

කලින් සඳහන්කර ඇති පරිදි දැනට බටහිර භෞතික විද්‍යාඥයන්ට න්‍යුට්‍රීනෝ වර්ග තුනක් දැනගැනීමට හැකි වී ඇත. ඒ වර්ග බටහිර විද්‍යාඥයන් විසින් රස (flavours) ලෙස හඳුන්වනු ලැබෙයි. මේ න්‍යුට්‍රීනෝ වර්ගීකරණය වෙනත් අංශු මත පදනම් වෙයි. උදාහරණයක් ලෙස ගතහොත් සර්න් පරීක්‍ෂණාගාරයෙහි පරීක්‍ෂණවලට භාජනය වී ඇත්තේ මුවෝන් (muon)නම් වර්ගයට අයත් න්‍යුට්‍රීනෝ අංශු ය. මුවෝන් ද අංශු වර්ගයක් වන අතර එහි වේගය ආලෝකයේ වේගයට අඩුවෙයි.

බටහිර විද්‍යාඥයන් න්‍යුට්‍රීනෝ ගැන කල්පනා කරන්නේ ද ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වැනි අනෙක් අංශු ගැන කල්පනා කරන ආකාරයටම ය. ඔවුන්ට අනුව ඒ අංශුවලට ආලෝකයට අඩු වේග ඇති අතර ඇතැමුන්ට අනුව න්‍යුට්‍රීනෝවලට නිශ්භූන්‍ය ස්කන්ධ ද ඇත. බටහිර විද්‍යාඥයන්ට දැන් ප්‍රශ්නය වී ඇත්තේ න්‍යුට්‍රීනෝවල වේගය ය. එයට ඇත්තේ එකම එක හේතුවකි. ඒ අයින්ස්ටයින් අංශුවලට ආලෝකයට වැඩි වේගයකින් චලනය විය නොහැකි යැයි කියා තිබීම ය. වෙනත් අයුරකින් කියන්නේ නම් අයින්ස්ටයින්ට අනුව අංශු ආලෝකයේ වේගයට වැඩි වේගයකින් චලනය නො වෙයි. එමෙන් ම ආලෝකයට වැඩි වේගයකින් අංශු අතර සංනිවේදන නො කෙරෙයි.

එහෙත් ඒ 1905 ට පසුව ය. ඉන් පසු බටහිර භෞතික විද්‍යාඥයන් ලෝකය දෙස බලන්නේ එලෙස ය. ලංකාවේ ද බොහෝ බටහිර භෞතික විිද්‍යාඥයන් ලෝකය දෙස බලන්නේ, එසේ්ත් නැත්නම් ලෝකය ග්‍රහණය කරන්නේ එලෙස යැයි සිතමි. එහෙත් මෙරට බටහිර භෞතික විද්‍යාඥයන් නොවන බොහෝ බටහිර විද්‍යාඥයන්ට සංනිවේදනයේ මේ සීමා පිළිබඳ අවබෝධයක් ඇතැයි නො සිතමි. එවැන්නන් වේගය සම්බන්ධයෙන් ලෝකය ග්‍රහණය කරගන්නේ නිව්ටන් ලෝකය ග්‍රහණඨ කරගත් ආකාරයටම ය.

නිව්ටන්ට අනුව සංනිවේදනයට සීමාවක්වත් අංශුවල වේගයට සීමාවක්වත් නො වී ය. අංශුවලට ඕනෑම වේගයකින් චලනය විය හැකිය යන්න නිව්ටන්ගේ ලෝකය විසූවන්ගේ ද දැනටත් වසන්නන්ගේ ද අදහස වෙයි. එහෙත් ඉතා බහුතරයකගේ ලෝකවල මෙවැනි ප්‍රශ්නයක් ඇසෙන්නේවත් නැත. බොහෝ අයට අංශුවලට වේග සීමාවක් ඇත් ද යන ප්‍රශ්නය නැත. එවැනි ප්‍රශ්නයක් නැති අයගේ ලෝක හා ප්‍රශ්නයට විසඳුම ලෙස එවැනි සීමාවක් නැත, අංශුවලට ඕනෑම වේගයකින් චලනය විය හැකි යැයි කියන්නන්ගේ ලෝක අතර වෙනසක් ඇති බව පැහැදිලි විය යුතු ය.

ඉතා පැහැදිලිව අංශුවල වේගය සම්බන්ධයෙන් ලෝක වැස්සන් අඩුම තරමෙන් හතර ආකාරයකින් ලෝක නිර්මාණය කරගෙන ඇත. එක් කොටසකගේ ලෝකයෙහි වේගය යන සංකල්පයවත් නැත. තවත් කොටසකගේ ලෝකවල අංශුවලට වේග ඇත, එහෙත් ඒ වේගවලට සීමාවක් ඇත් ද නැත් ද යන ප්‍රශ්නය නැත. තුන්වැනි කොටසකගේ ලෝකවල අංශුවල වේගවලට සීමාවක් නැත. ඔවුන්ගේ ලෝකවල අංශුවලට වේග සීමාවක් නොමැති බැවින් අංශු අනන්ත වේගයකින් ද චලනය විය හැකි ය. ඒ තුන්වැන්න වේගය පිළිබඳ නිව්ටන්ගේ ලෝකයයි. හතරවැනුව බටහිර භෞතික විද්‍යාඥයන්ගේ ලෝකවල සාමාන්‍ය අංශුවලට ආලෝකයේ වේගයෙන් චලනය විය නො හැකි ය. ෆෝටෝන ආලෝකයේ වේගයෙන් චලනය වෙයි.

ඇතැම්විට තවත් අයගේ අප නොදන්නා ලෝක ද තිබෙන්නට හැකි ය. කෙසේ වෙතත් සිංහල බෞද්ධයන්ගේ ලෝකවල අංශු කෙසේ වෙතත් දෙවියෝ භූතයෝ ආදීහු ඉතා අධික වේගවලින් චලනයෙහි යෙදෙති. එමෙන් ම සිතුවිලි සංනිවේදනය ඉතා පැහැදිලිව ආලෝකයේ වේගයට වැඩියෙන් සිදුවෙයි. සිංහල බෞද්ධයන්ගේ ලෝකවල අංශු වස්තු කිරණ (ආලෝක ධාරා) පමණක් නොව සිතුවිලි ධාරා ද වෙයි. චිත්ත ශක්තිය දියුණු කරගත් අයකුට තුසිතයේ හෝ තව්තිසාවෙහි හොා සිදුවන්නක් මේ මොහොතේ ම පොළොවේ සිට බලාගත හැකි ය.

බටහිර භෞතික විද්‍යාවේ දාසයන් එසේ නොසිතුව ද අද එම විද්‍යාව අර්බුද රැසක ගිලී ඇත. ක්වොන්ටම් භෞතිකය ගැන ජ වි පෙරමුණේ කුමාර් ඕපාත පිළේ පුබුදු ජාගොඩගෙන් ඉගෙන ගත් අය දන්නා ඉටිගෙඩියක් නැතිවුවත් ක්වොන්ටම් අංශුවක යම් ගුණයක් මැන ඇති විට එහි ප්‍රතිබද්ධ ගුණය ගැන නිශ්චිතව කිසිම දෙයක් බටහිර භෞතික විද්‍යාවට කිව නොහැකි ය. එය වරදක් ලෙස මම නො දකිමි. ඒ වරදක් ලෙස දකින්නෝ අයින්ස්ටයින් වැනි දරදඬු යථාර්ථවාදියෝ ය. බටහිර භෞතික විද්‍යාඥයන්ට අද ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන පැහැදිලි අර්ථවිවරණයක් නැත. කලකට පෙර වෙනත් කළහැකි දෙයක් නොමැති බැවින් ඔවුන් සමස්තයක් ලෙස ගත්කල කෝපන්හේගන් අර්ථවිවරණය පිළිගත්ත ද තම යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙන් ඔවුන්ට උරුම වී ඇති දරදඬු යථාර්ථවාදය පිළිගන්නා බටහිර භෞතික විද්‍යාඥයෝ එදා සිට ම කෝපන්හේගන් අර්ථවිවරණයෙන් ඈත්වීමට උත්සාහ කළහ. එහෙත් ඒ වෙනුවට වෙනත් අර්ථවිවරණයක් ගෙතීමට ද ඔවුහු අපොහොසත් වෙති.

බටහිර භෞතික විද්‍යාව (අනෙක් බටහිර විද්‍යා බටහිර භෞතික විද්‍යාව පසුපස යන නොගැඹුරු විද්‍යා වෙයි) 1930 පමණ වන තෙක් ජයකෙහෙළි නැංවු බව සැබෑ ය. එහෙත් එයට කණකොකා හැඬීම ආරම්භ වූයේ දහනවවැනි සියවසේ අගභාගයේ සිට ය. බටහිර භෞතික විද්‍යාවේ එතෙක් ගවේෂණයට ලක්වූයේ පංචෙන්ද්‍රියන්ට ගෝචරවන වස්තු ය. ඒ අදාළ සංසිද්ධි ද පංචෙන්ද්‍රියයන්ට ගෝචර විය. ඇතැම් විට ඒ සංසිද්ධි තේරුම් ගැනීමට බටහිර භෞතික විද්‍යාඥයන්ට පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන සංකල්ප ද යොදා ගැනීමට සිදු වූ නමුත් එය ඔවුන් අති විශාල බහුතටයකට එතරම් ප්‍රශ්නයක් නො වී ය. එයට හේතුව වූයේ තේරුම් ගැනීමට යොදාහත් සංකල්ප පංචෙන්ද්‍රිය ගෝචර නොවුව ද ඔවුන් නිරීක්‍ෂණය කළ දෑ පංචෙන්ද්‍රිය ගෝචර වීම ය. එලෙස පංචෙන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප යොදාගැනීම ප්‍රශ්නයක් වී නම් ඒ අර්නස්ට් මාක් වැනි කිහිප දෙනකුට පමණ ය.

ඇපල් හා පොල් වැටීම පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි වෙයි. එය තේරුම් ගැනීමට නිව්ටන් ගොතා යොදාගත් සංකල්පය ගුරුත්වාකර්ෂණය විය. එහෙත් ගුරුත්වාකර්ෂණය පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. එසේ වුවත් එය නිව්ටන්ටවත් බටහිර භෞතික විද්‍යාඥයන්ටවත් ප්‍රශ්නයක් නො වී ය. ඔවුහු ගුරුත්වාකර්ෂණය යන්න සත්‍යයක් ලෙස සැලකුහ. නිව්ටන් තම චලිත සමීකරණ ඊනියා අවස්ථිති සමුදදේශ රාමුවල පමණක් වලංගු වන්නේ යැයි කීවේ ය. එහෙත් නිව්ටන්ගේ ඊනියා නිරපේක්‍ෂ අවකාශයවත් ඊනියා අවස්ථිති සමුද්දේශ රාමුවත් පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ.

ගුරුත්වාකර්ෂණය, අවස්ථිති රාමු ආදිය පංචෙන්ද්‍රිය ගෝචර නොවීම බටහිර භෞතික විද්‍යාඥයන්ගෙන් අතිමහත් බහුතරයට ප්‍රශ්නයක් නො වී ය. ඔවුහු ගුරුත්වාකර්ෂණය යනුවෙන් දෙයක් ඇතැයි සිතුහ. ඔවුන් ඒ නොදැකීම හෝ ස්පර්ශ නොකිරීම හෝ ප්‍රශ්න නො කළහ. එවැනි දේ ප්‍රශ්න කළේ අර්නස්ට් මාක් ය. ගුරුත්වාකර්ෂණය යන්න පැහැදිලිව ම පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වෙයි. දැන් එසේ තිබිය දී ගුරුත්වාකර්ෂණය ඊනියා යථාර්ථයක් ලෙස පිළිගැනීමට බටහිර භෞතික විද්‍යාඥයන් පෙළඹුනේ ඇයි? කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබාගත් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරයකු ඇතුලු මෙරට බටහිර විද්‍යාඥයන් ඇතැමකු සහ පාසල්වල විද්‍යාව උගන්වන උපාධිධාරී ගුරුවර ගුරුවරියන් සමහරකු ගුරුත්වාකර්ෂණය තමන්ට දැනෙන බව, එසේත් නැත්නම් ඒ තමන්ගේ අත්දැකීමක් බව කියන්නේ ඇයි?

එයට ප්‍රධාන හේතුව නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයේ ඊනියා සාර්ථකත්ව ය. අහසට විසිකරණ ගලකට සිදුවන්නේ කුමක් දැයි ගුරුත්වාකරෂණ ප්‍රවාදය ආශ්‍රයෙන් දැනගත හැකි ය. එය කොපමණ කාලයක් අහසේ තිබේ ද ආපසු පොළොවට පැමිණෙන විට එහි ප්‍රවේගය කොපමණ ද ආදී ප්‍රශ්නවලට පිළිතුරු නිව්ටෝනීය ප්‍රවාදයෙන් ඉතා පහසුවෙන් දිය හැකි ය. පාසල්වල හා විශ්වවිද්‍යාලවල අපට ලැබෙන බටහිර ගැති කසිකබල් අධ්‍යාපනය මගින් ගුරුත්වාකර්ෂණය අපට දැනෙන්නක් බවට පත්කෙරී ඇත්තේ එය ඊනියා යථාර්ථයක් බවට පත්කරවමිනි.

ඊනියා යථාර්ථය තමන්ට දැනෙන්නේ යැයි කීමට තරම් මොවුන් නොමග යැවීමට ගුරුත්වාකර්ෂණය තම අත්දැකීමක් බව පැවසීමට තරම් මෙරට විද්‍යාව උගත් සමහරුන් නොමග යැවීමට බටහිර විද්‍යාවෙන් හා බටහිර ගැති අධ්‍යාපනයෙන් විශාල රුකුලක් ලැබේ. තමන්ට ගුරුත්වාකර්ෂණය දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියකින් ද යන්න කීමට ඔවුන්ට නොහැකි වුවත් ඔවුහු එය තමන්ට දැනෙන්නේ යැයි කියති. මේ අය ගුරුත්වාකර්ෂණය තම අත්දැකීමක් බව කියන්නේ යම් වස්තුවක් උඩකින් අත්හරිනු ලැබුවහොත් එය පොළොවට වැටෙන බව දැක ඇති නිසාත් ඒ එසේ වන්නේ ගුරුත්වාකර්ෂණය බැවින් යැයි පාසලේ දී හා විශ්වවිද්‍යාලයේ දී ඔවුන්ගේ හැඟීම්වලට ජීර්ණකර ඇති නිසාත් ය.

මේ පිරිස අයින්ස්ටයින් ගුරුත්වාකර්ෂණය යනුවෙන් ප්‍රපංචයක නැතැයි ප්‍රකාශකර ඇති බවක් නො දනිති. ඇත්තට ම මොවුන් උපාධිධාරීන් වුවත් ඔවුන්ගේ දැනුම දැර්වල ය. ඒ අයගේ දැනුම දුර්වල වී ඇත්තේ ම බටහිර අධ්‍යාපනය නිසා යැයි කිසිවකු තර්කකිරීමට ද ඉඩ ඇත. මේ දැනුම ඇතැමුනට පාසලෙන් හා විශ්වවිද්‍යාලයෙන් ද තවත් අයට දැන් නම් ජනමා්‍යයෙන් ද ටික කලකට පෙර ජීවත් වූ මාර්ටින් වික්‍රමසිංහ මහතා වැන්නවුන්ට ජනප්‍රිය ඉංගිරිසි පොත් කියවීමෙන් ද ලැබී ඇත. අයින්ස්ටයින්ට අනුව ඇත්තේ ඊනියා අවකාශ කාලයේ වක්‍රතාව මිස ගුරුත්වාකර්ෂණයක් නො වේ. මෙයින් අදහස් කෙරෙන්නේ ගුරුත්වාකර්ෂණයක් නැති බව හා අවකාශ කාල වක්‍රතාවක් ඇති බව නො වේ. මෙහි නිව්ටන්ට විරුද්ධව අයින්ස්ටයින්ට පක්‍ෂපාතිත්වයක් දැකිය හැක්කේ කිසිම විචාර බුද්ධියක් නොමැති උපාධිධාරී ගුරුවර ගුරුවරියනට හා වෙනත් එවැන්නන්ට ය. නිව්ටන් මෙන් ම අයින්ස්ටයින් ද වැරදි ය. ඔවුන් දෙදෙනාම කියා ඇත්තේ කතන්දර ය. එක් කතන්දරයක ගුරුත්වාකර්ෂණය වෙයි. අනෙක් කතන්දරයේ අවකාශ කාල වක්‍රතාව වෙයි. මේවා සංසිද්ධියක් (ප්‍රපංචයක්) පැහැදිලි කිරීම සඳහා ගොතන ලද බොරු කතන්දර පමණ ය. මෙරට බොහෝ දෙනා නොදැන සිටිය ද නිව්ටන් බොර වී දැන් අවුරුදු අනූහයක් පමණ වෙයි. න්‍යුට්‍රීනෝ මගින් අයින්ස්ටයින් ද බොරු වීම ඇරඹී ඇත.

Sunday, 3 April 2011

කෝපන්හේගන් විවරණය යථාර්ථවාදී වීම

මිනිසුන් නිරීක්‍ෂණය කළත් නැතත්, විඥානයක් සහිත නිරීක්‍ෂකයන් සිටියත් නැතත් අංශු ගැටෙයි. එසේ ගැටීමෙන් පසු ඇතැමි විට ප්‍රතිබද්ධ ගුණවලට අගය ලැබෙනු ඇත. එහෙත් මෙි අගය පමණක් නොව අංශු ද ඇත්තේත් එදා තිබුණේත් අද අප වැනි නිරීක්‍ෂකයන් නිරීක්‍ෂණය කරන, අර්ථකථනය කරන ආකාරයට මිස ඊනියා වාස්තවික පරමාර්ථ ආකාරයකට නො වෙි. විිද්‍යාලංකාර විවරණයේ ප්‍රධාන කරුණක් වනුයේ එයයි.

ඊනියා යථාර්ථවාදී විවරණය අනුව, අංශු අප ඇතත් නැතත් පවතියි. එපමණක් නොව අංශුවල ප්‍රතිබද්ධ ගුණවලට මැන්නත් නැතත් යමිකිසි නිශ්චිත අගයක් වෙයි. ඊනියා යථාර්ථවාදීන්ට අනුව ක්වොන්ටමි භෞතිකයට මෙි අගය කුමක් දැයි කල්තබා කිවහැකි නොවන බැවින් ඒ දැනුමි පද්ධතිය අසමිපුර්ණ වෙයි. මෙහි වැදගත් කරුණු තුනක් කියැවෙන බව තේරුමි ගත යුතු ය. ඉන් කරුණු දෙකක් අපි පළමුව සඳහන් කරමු. එකක් නමි මැන්නත් නැතත් අංශුවල ප්‍රතිබද්ධ ගුණවලට නිශ්චිත අගයන් තිබෙන බව ය. අනෙක ඒ නිශ්චිත අගය ගැන පුරෝකථනයක් කිරීමට ක්වොන්ටමි භෞතිකයට නොහැකි බව ය.

මෙි කරුණු දෙක සමිබන්ධයෙන් විද්‍යාලංකාර විවරණයෙහි දී කියැවෙන්නේ වෙනත් ම දෙයකි. එහි ක්වොන්ටමි අංශුවලට මැන්නත් නොමැන්නත් ප්‍රතිබද්ධ ගුණවලට නිශ්චිත අගයන් ඇතැයි නො පිළිගැනෙයි. එහි දී කියැවෙන්නේ එවැනි අගය එකකට වඩා ඇති බවත් මැනීමක් හෝ මැනීමට ලක්කිරීමක් හෝ හේතුවෙන් ඒ ගුණයකට අගයක් ලැබෙන බවත් එසේ ලැබෙන අගය නිරීක්‍ෂණය කිරීමට හැකි බවත් ය. කෝපන්හේගන් විවරණයෙහි දී ප්‍රතිබද්ධ ගුණවලට එකදු අගයක්වත් නැතැයි ද එයට අගයක් ලබා දෙන්නේ නිරීක්‍ෂකයා යැයි ද කියැවෙයි.

විද්‍යාලංකාර විවරණයත් කෝපන්හේගන් විවරණයත් යන දෙක ම මැනීමට පෙර ඒ අගය පුරෝකථනය කිරීමට නොහැකිවීම සමිබන්ධයෙන් එකඟ වෙයි. විද්‍යාලංකාර විවරණයෙහි දී මැනීමට පෙර යන්න මැනීමට හෝ මැනීමට ලක්කිරීමට හෝ පෙර යනුවෙන් සංශෝධනය වෙයි. එයට හේතුව නිරීක්‍ෂකයන්ගේ සවිඥානික මැදිහත්වීමකින් තොරව ද ඒ ගුණවලට අගයක් ලබාගත හැකි බැවිනි. මෙි කරුණු අප කීපවතාවක් ම සඳහන් කර ඇති නමුත් ඒ බව නැවත නැවතත් මතක් කිරීමෙි වරදක් නැත.

දැන් අපි තුන්වැනි කරුණ ගැන වැඩිදුරටත් සාකචිඡා කරමු. මෙය ක්වොන්ටමි භෞතිකයෙහි මෙන් ම නිවිටෝනීය හා සාපේක්‍ෂතාවාදී භෞතිකයේදීත්, එනමි සමිභාව්‍ය භෞතිකයේත් වැදගත් වෙයි. එහි දී ඊනියා යථාර්ථවාදී විවරණයෙන් කියැවෙන්නේ අප අද මනින අගය පමණක් නොව අංශු ද ලෝක නිර්මාණයේ සිට හෝ විකාශනයේ ඒ අංශු ඇති වූ දිනයේ සිට හෝ සැමදාමත් ලෝකයේ (විශ්වයේ) පැවති බව ය. අප වැනි සවිඥානික නිරීක්‍ෂකයන් කරන්නේ මෙි අංශු සහ ගුණ සොයා ගැනීම ය. එමෙන් ම ඒ ගුණවල අගය ද මැනගැනීම ය.

අපට මෙහි දී පැහැදිලි කිරීම සඳහා සමිභාව්‍ය භෞතිකය යොදාගත හැකි ය. විශේෂයෙන් ම නිවිටෝනීය යාන්ත්‍රිකය යොදාගත හැකි ය. එසේ කරන්නේ එය කාහටත් පාහේ තේරුමි ගත හැකි සරල පද්ධතියක් වන බැවිනි. නිවිටෝනීය යාන්ත්‍රිකයෙහි අංශුවක හෝ වස්තුවක හෝ ගම්‍යතාව මෙන් ම පිහිටීම ගැන ද එක්විට කියැවෙයි. ඒ ගුණ ප්‍රතිබද්ධ ගුණ වුවත් නිවිටෝනීය යාන්ත්‍රිකයට එහි ගැටළුවක් නැත. ඒ ගුණවල අගය එකවිට පවතින අතර ඒවා එකවිට මැනගත හැකි ද වෙයි. එපමණක් නො වෙි. මැනගත්තත් නැතත් නිරීක්‍ෂණය කළත් නැතත් ඒ අගය මෙන් ම අංශු හා වස්තු ද පවතියි.

කෝපන්හේගන් විවරණයට ද නිවිටෝනීය අංශු හා වස්තු සමිබන්ධයෙන් ගැටළුවක් නැත. එයට අනුව ද නිවිටෝනීය අංශු හා වස්තු පවතියි. අප නිරීක්‍ෂණය කළත් නැතත් ඒ අංශු හා වස්තු පවතියි. එසේ නමි වර්තමානයේ දී මෙන් ම ඉතා ඈත අතීතයේ දී ද ඒ අංශු හා වස්තු ද එහි ගුණ ද අපෙන් තොරව, එනමි නිරීක්‍ෂකයාගෙන් තොරව පැවතිය යුතුව ඇත. නිවිටෝනීය අංශු හා වස්තු නිරීක්‍ෂකයාගෙන් තොරව පවතින්නේ යැයි කෝපන්හේගන් විවරණයෙහි කියන්නේ යැයි අප සඳහන් කරන්නේ එයට පටහැණි වන්නක් එහි කියා නැති බැවිනි.

එහෙත් මෙහි ගැටළුවක් ඇතැයි යමකුට සිතෙන්නට හැකි ය. ඉන්ද්‍රියානුභූතවාදයට අනුව නිරීක්‍ෂණය කළ නොහැකි දේ ගැන කිසිවක් කිව නො හැකි ය. ඈත අතීතයේ යමක් පැවතියේ යැයි ඉන්ද්‍රියානුභූතවාදයට අනුව අප තීරණය කරන්නේ කෙසේ ද? මෙහි දී ද අතීතයට බලපාන පරිදි නිරීක්‍ෂකයා තම සංකල්ප නිර්මාණය කරගන්නේ ය යන්න යොදා ගැනීමට සිදුවෙයි. ඉන්ද්‍රියානුභූතවාදයට ප්‍රශ්නයක් වන්නේ වර්තමානයේ දී ද යමක් නිරීක්‍ෂණය කිරීමට නොහැකි වූ විට ඒ සමිබන්ධයෙන් නිගමනවලට පැමිණීමෙි දී ය. ක්වොන්ටමි අංශුවක හෝ පද්ධතියක හෝ ප්‍රතිබද්ධ ගුණයෙහි අගය ගැන ද වර්තමානයේ දී ද ඒ නිරීක්‍ෂණය කරන තෙක් කිසිවක් කිව නොහැකි ය.

එහෙත් වර්තමානයේ දී නිවිටෝනීය අංශුවක පිහිටීම හා ගම්‍යතාව ගැන යමක් කීම කෝපන්හේගන් විවරණයට ප්‍රශ්නයක් නොවන්නේ ඒවා සමගාමීව නිරීක්‍ෂණය කළ හැකි බැවිනි. එබැවින් ඒ ගුණ නිරීක්‍ෂකයාගෙන් තොරව පවතින්නේ යැයි කීම කෝපන්හේගන් විවරණයට ගැටළුවක් නො වෙයි. එයින් පෙනී යන්නේ නිවිටෝනීය ඉන්ද්‍රිය ගෝචර අංශු හා පද්ධති හා සාධාරණ වශයෙන් ඉන්ද්‍රිය ගෝචර සංකල්ප සමිබන්ධයෙන් කෝපන්හේගන් විවරණය ද ඊනියා යථාර්ථවාදී විවරණයක් බවට පත්වන බව ය.

කෝපන්හේගන් විවරණය ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි හා සංකල්ප සමිබන්ධයෙන් ඊනියා යථාර්ථවාදී විවරණයක් බවට පත්වීමටත් ඉන්ද්‍රිය ගෝචර නොවන සංසිිද්ධි සමිබන්ධයෙන් වෙනත් ස්ථාවරයකටත් යොමු වන්නේ ඉන්ද්‍රියානුභූතවාදයේ ආභාසයෙනි. එකී ඉන්ද්‍රියානුභූතවාදයේ පුරෝගාමියකු වූ අර්නස්ටි මාක් විද්වතා භෞතික විද්‍යාවෙි පැහැදිලි කිරීමි ඉන්ද්‍රිය ගෝචර සංකල්පවලින් පමණක් කළයුතු බව ප්‍රකාශ කෙළේ ඉන්ද්‍රිය ගෝචර සංකල්පවලට විශේෂිත වැදගත්කමක් ආරෝපණය කිරීමෙන් ය.

කෝපන්හේගන් විවරණය ඉන්ද්‍රිය ගෝචර සංකල්ප සමිබන්ධයෙන් එතරමි වැදගත්කමක් දැක්වූයේ මාක් විද්වතා වැන්නන් ඉන්ද්‍රියානුභූතවාදයේ දී ද එලෙස ම ක්‍රියාකර ඇති බැවින් යැයි සිතිය හැකි ය. මාක් විද්වතා බුදුදහම ගැන ද උනන්දුවක් දැක්වූවෙක් විය. ඔහු බුදුදහමෙි ප්‍රත්‍යක්‍ෂය ගැන කියන දේ ඇතැමි විට වැරදියට අවබෝධ කරගත්තා විය හැකි ය. බුදුදහමෙි ප්‍රත්‍යක්‍ෂය යනු පංචෙන්ද්‍රිය ගැන කතාකරන ඊනියා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයකට වඩා බටහිර අර්ථයෙන් නමි ඉන්ද්‍රිය ගෝචර නොවන ප්‍රත්‍යක්‍ෂයකි. එය ඉන්ද්‍රියක් වූ ද එහෙත් බටහිරයන්ගේ පංචෙන්ද්‍රියන්ට අයත් නොවන්නා වූ ද මනසට ඇතිවන ප්‍රත්‍යක්‍ෂයකි.

මාක් විිද්වතාට මෙි ගැන එතරමි නිරවුල් වැටහීමක් නොවූ බව පැහැදිලි ය. ඔහුට පමණක් නොව බුදුදහම ගැන ලියන කියන බොහෝ බටහිර පඬුවන්ට බුදුදහමෙි සංකල්ප ගැන එතරමි අවබෝධයක් නැත. එහෙත් අපේ බෞද්ධ විද්වත්තු බොහෝ විට බුදුදහමෙි එන ධර්ම කරුණු ද පැහැදිලි කරගැනීම සඳහා බටහිර පඬුවන් වෙත ඇදී යන්නේ පහනට ආකර්ෂණය වන ඇතැමි කෘමීන් මෙනි. ඔවුහු විනාශය කරා ඇදී යති.

ඒ කෙසේ වෙතත් ඉන්ද්‍රියානුභූතවාදය අනුසාරයෙන් ගොඩනැගුණු කෝපන්හේගන් විවරණයෙන් බටහිර දර්ශනයේ ඇතැමි අංශවලට පහර වැදිණි. විශේෂයෙන් ම වාස්තවික දැනුමට හා අඩුම තරමින් ඉන්ද්‍රිය ගෝචර නොවන වස්තු සමිබන්ධ දැනුම සමිබන්ධයෙන් නිරීක්‍ෂකයාගේ ස්වායත්තවීමට දරුණු ප්‍රහාරයක් එල්ල විණි. ඉන්ද්‍රිය ගෝචර නොවන, එනමි පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවන සංකල්ප ඉන්ද්‍රිය ගෝචර වීමෙි දී නිරීක්‍ෂකයාගේ මැදිහත්වීම මෙහි දී අපේ විශේෂ අවධානයට යොමු වෙයි.

ක්වොන්ටමි අංශුවක ප්‍රතිබද්ධ ගුණය ගැන කිසිවක් කිව නොහැකි බවත් එහි දී ඒ ප්‍රතිබද්ධ ගුණයේ අගය ලබාදෙන්නේ නිරීක්‍ෂකයා ය යන බවත් ප්‍රකාශ කිරීමෙන් කෝපන්හේගන් විවරණය විසින් නිරීක්‍ෂකයා හා නිරීක්‍ෂ්‍යය අතර සමිබන්ධය එළි දැක්විණි. මෙය අඩුම තරමෙන් ක්වොන්ටමි අංශු වැනි ඉන්ද්‍රිය ගෝචර නොවන පද්ධතීන් සමිබන්ධයෙන් වාස්තවිකත්වයට හා යථාර්ථයට එල්ල කරන ලද මරු පහරක් විය.

1982 දී ඇස්පෙ විද්වතා විසින් කරන ලද පරීක්‍ෂණවලින් පසු කෝපන්හේගන් විවරණය තහවුරු විය. ඒ සමග නිරීක්‍ෂකයා හා නිරීක්‍ෂ්‍යය වෙන් කරනු ලැබූ කාටීසීය තාප්පය ද කඩා වැටිණි. කාටීසීය තාප්පය යන්නෙන් නිරීක්‍ෂකයා හා නිරීක්‍ෂ්‍යය තාප්පයකින් හෝ බිත්තියකින් හෝ මෙන් වෙන් කෙරී ඇති බවත් තාප්පයේ එක් පැත්තක ඇති නිරීක්‍ෂකයා තාප්පයේ අනෙක් පැත්තේ ඇති නිරීක්‍ෂ්‍යය නිරීක්‍ෂණය කරන්නේ නිරීක්‍ෂ්‍යය වාස්තවික පවත්නා එකක් ලෙස ගැනීමෙන් හා ඒ සමිබන්ධයෙන් බලපෑමක් නොකර බවත් ආදී වශයෙන් කෙරෙන උපකල්පනය හැඳින්වෙයි.

අඩුම තරමෙන් ක්වොන්ටමි අංශු සමිබන්ධයෙන් නිරීක්‍ෂකයා සක්‍රීය වශයෙන් නිරීක්‍ෂණයේ දී මැදිහත්වන බව කෝපන්හේගන් විවරණයෙන් කියැවිණි. ක්වොන්ටමි අංශුවක ප්‍රතිබද්ධ ගුණයෙහි අගය ලබාදෙන්නේ නිරී’ක්‍ෂකයා බව කීමෙන් මෙි මැදිහත්වීම ප්‍රකාශවිණි. ඇස්පෙ විද්වතාගේ පරීක්‍ෂණවලින් පසුව අසූවෙි දශකයේ මුල්භාගයේ දී මෙි අදහස් අපට ද බලපෑවෙි ය. කෝපන්හේගන් විවරණයෙන් අඩුම තරමෙන් ක්වොන්ටමි අංශු සමිබන්ධයෙන් වාස්තවිකත්වයක් නැති බවට අපට ඒත්තු ගැනිවිණි. එහෙත් නිවිටෝනීය පද්ධති සමිබන්ධයෙන් එයින් කිසිවක් නො කියැවෙන බව අපට කල්යෑමෙි දී අවබෝධ විය. ඉන්ද්‍රිය ගෝචර සංකල්ප හා ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප පිළිබඳ ව දෙයාකාරයකින් සැලකීම අපට ප්‍රශ්නයක් විය.

අංශු හා පද්ධති යනු මොනවා ද? අපේ මූලික ප්‍රශ්නය වනුයේ එයයි. ඊනියා යථාර්ථවාදී විවරණයටත් කෝපන්හේගන් විවරණයටත් මෙය ප්‍රශ්නයක් නො වෙි. පුටුව, පෑන ආදී පංචෙන්ද්‍රියන්ට ගෝචර වන දෑ අපෙන්, එනමි නිරීක්‍ෂකයාගෙන් තොරව පවතින බව ඒ විවරණ දෙකෙහි ම උපකල්පනය වෙයි. කෝපන්හේගන් විවරණයෙහි දී ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප සමිබන්ධයෙන් නමි නිරීක්‍ෂකයා යමි මැදිහත්වීමක් කරන බව කියැවෙයි. එහෙත් ඒ ඊනියා මැදිහත්වීම ඒ කියන ආකාරයේ මැදිහත්වීමක් නොවන බවත් වඩා ගැඹුරු මැදිහත්වීමක් නිරී’ක්‍ෂකයා විසින් කෙරෙන බවත් අපට අවබෝධ විය. අපට ඒ අවබෝධය ලැබුණේ බුදුදහමෙනි.


Wednesday, 23 March 2011

නිරීක්‍ෂකයා හා ඔහු නොසිටි අතීතය

කෝපන්හේගන් විවරණය ඉන්ද්‍රියානුභූතවාදය මත පදනමි වන්නක් බවත් නිරීක්‍ෂකයකුගේ පැවතීම යන්න එහි දී වැදගත් ම අදහසක් වන බවත් අපි කියා ඇත්තෙමු. බටහිර යථාර්ථවාදයට නිරීක්‍ෂකයා යන්න අවශ්‍ය කරුණක් නො වෙි. එහි නිරීක්‍ෂකයකු ඇතත් නැතත් ලෝකය පවතින අතර එහි විවිධ දෑ සිදු වෙයි. ඒ සිදුවීමි සඳහා නිරීක්‍ෂකයකුගේ පැවැත්ම අනිවාර්ය නො වෙි. එහෙත් කෝපන්හේගන් විවරණයට අනුව නිරීක්‍ෂකයකු සිටිය ද නිරීක්‍ෂණය කළ නොහැකි දෑ ගැන කතාකිරීම අර්ථයක් නැති දෙයකි.

ක්වොන්ටමි භෞතික විද්‍යාවෙහි යමි ගුණයක අගය දත්විට එහි ප්‍රතිබද්ධ ගුණයෙහි අගය දත හැකි නො වෙි. එනමි ප්‍රතිබද්ධ ගුණයෙහි අගය නිරීක්‍ෂණය නො වෙි. ඒ නිරීක්‍ෂණය කිරීමට නමි උපකරණයක් යොදා ගැනීමෙන් ඒ කළ යුතු වෙයි. (මෙහි දී උපකරණයක් යන්නෙන් ඉන්ද්‍රියක් වුව ද අදහස් කෙරෙයි.) එවිට පමණක් ප්‍රතිබද්ධ අගය මැනගත හැකි වන අතර එසේ මැනගන්නා තුරු ඒ අගය ගැන කිසිවක් කිව නොහැකිවා පමණක් නොව එවැනි අගයක් නොමැතිය යන ස්ථාවරයෙහි කෝපන්හේගන් විවරණය පිහිටයි. ප්‍රතිබද්ධ ගුණයට අගයක් ලැබෙන්නේ ඒ ගුණය නිරීක්‍ෂකයකු විසින් මැනගනු ලැබීමෙන් ය කීමෙන් පමණකින් නොනවතින කෝපන්හේගන් විවරණය ඒ අගය ලබාදෙන්නේ නිරීක්‍ෂකයා යැයි පවසයි.

විිද්‍යාලංකාර විවරණයෙහි මෙි අදහස් ඒ ආකාරයෙන් නො පිළිගැනෙයි. විිද්‍යාලංකාර විවරණයට අනුව ප්‍රතිබද්ධ ගුණයෙහි අගය මැනීමට හෝ මැනෙන්නට හෝ පෙර ඒ ගුණයට එක් අගයකට වඩා තිබෙන අතර ඒ නිසා ඒ අගය නිරීක්‍ෂණය කිරීමට නො හැකි වෙයි. ප්‍රතිබද්ධ ගුණයෙහි අගය මැනීමෙන් හෝ මැනෙන්නට ලැබීමෙන් පසුව ඒ අගය කිහිපයෙන් එක් අගයක් ඒ ගුණයට ලැබෙන අතර එය නිරීක්‍ෂණය කිරීමට ද, එනමි අගය දැනගැනීමට ද, හැකි වෙයි. එහෙත් ප්‍රතිබද්ධ ගුණයට ඒ අගය ලබාදෙන්නේ නිරීක්‍ෂකයා ය යන අදහස විිද්‍යාලංකාර විවරණයෙහි නො වෙි. විිද්‍යාලංකාර විවරණයට අනුව නිරීක්‍ෂකයා කරන්නේ අගය මැනීම පමණකි. එහි දී අගයක් දීමක් නො සිදු වෙයි.

දැන් අපි මැනීමෙන් හෝ මැනෙන්නට ලැබීමෙන් පසුව යන්න සාකචිඡා කරමු. මැනීම යන්න ඉතා පැහැදිලි ය. එහි දී නිරීක්‍ෂකයකු මැදිහත් වී යමි උපකරණයක් යොදා ගනිමින් මැනීමක් කෙරෙයි. එහෙත් නිරීක්‍ෂකයකු නොමැති ව ද ක්වොන්ටමි අංශු එකිනෙක සමග ගැටීමට හැකි ය. ඒ හේතුවෙන් ක්වොන්ටමි අංශුවල අවස්ථා ද වෙනස් විය හැකි ය. පිහිටීම පමණක් දැන සිටි අංශවක් තවත් අංශුවක හෝ අංශු පද්ධතියක ගැටී ගම්‍යතාවක් අත්පත් කරගත හැකි ය. ඒ අත්පත් කරගත් ගම්‍යතා අගය නිරීක්‍ෂකයකු ඇතිව හෝ නැතිව හෝ පැවතිය හැකි ය. නිරීක්‍ෂකයකු ඇත්නමි ඔහුට ඒ අගය කුමක් දැයි දැනගත හැකි ය. එසේ වුවත් නිරීක්‍ෂකයකු නැතිව ද ක්වොන්ටමි අංශුවට ගම්‍යතාවක් අත්පත් කරගැනීමෙි හැකියාව වෙයි.

මෙි විවරණය බැලූ බැල්මට ඊනියා යථාර්ථවාදී විවරණයෙන් වෙනස් නො වෙයි. නිරීක්‍ෂකයන් ලෝකයේ ඇතත් නැතත් යමි යමි දේ සිදුවෙයි. ක්වොන්ටමි අංශු (පද්ධති) එකිනෙක සමග හෝ නිවිටෝනීය අංශු (පද්ධති) සමග හෝ ගැටීමට නිරීක්‍ෂකයන් අවශ්‍ය නො වෙි. ක්වොන්ටමි අංශුවක (පද්ධතියක) තරංග ශ්‍රිතය කඩාවැටීමට නිරීක්‍ෂකයන් සිටිය යුතු ම නො වෙි. එසේ නමි විිද්‍යාලංකාර විවරණය ඊනියා යථාර්ථවාදයෙන් වෙනස් වන්නේ කෙසේ ද?

මෙි වෙනස ගැඹුරු වෙනසකි. නිරීක්‍ෂකයන් නොමැතිව ඇමෙිසන් වනන්තරවල නොයෙකුත් දේ සිිදුවනු නොඅනුමාන ය. ඈත එපිට පිහිටි මන්දාකිණිවල යමි යමි දේ සිදුවන්නේ මිනිසුන් ඒ දේ නිරීක්‍ෂණය කිරීම ඇරඹීමෙන් පසුව නො වෙි. එහෙත් ඒ කුමක් සිදුවුවත් ඒ දැනගන්නා නිරීක්‍ෂකයන් එසේ කරන්නේ ඒ ඒ නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව ය. මෙි කරුණ මෙයට ඉහත දී අපි සාකචිඡා කර ඇත්තෙමු. එහෙත් ඒ පිළිබඳ නැවතත් සඳහන් කිරීම සුදුසු වෙයි.

බටහිර විිද්‍යාවෙහි කියැවෙන ආකාරයට විශ්වය ආරමිභයේ දී මනසක් ඇති නිරීක්‍ෂකයෝ නො සිටියහ. මිනිසා ඇතිවී තිබෙන්නේ පලමුව ජීවියා ඇති වී පසුව ඩාවීනීය විකාශයක ප්‍රතිඵලයක් ලෙස ය. බටහිර විද්‍යාවට අනුව විශ්වයේ ආරමිභයේ සිට මනසක් ඇති සතුන් (මෑතක් වන තුරු සියළුම බටහිර විද්‍යාඥයන්ට අනුව මනස් තිබුණේ මිනිසුන්ට පමණකි) ඇතිවන තෙක් ලෝකයේ බොහෝ දේ සිදු වී ඇත. ඒ සියල්ල වාස්තවික යැයි ද මිනිසුන්ට ඒ දැනගැනීමට හැකි යැයි ද බටහිර විද්‍යාවෙි දර්ශනයෙහි කියැවෙයි.

විිද්‍යාලංකාර විවරණය පදනමි වී ඇත්තේ සිංහල බෞද්ධ චින්තනයෙහි ය. මනසක් ඇති සත්වයන් ඊනියා විශ්වය ආරමිභයේ සිට ම පැවතිණි යැයි අපි විශ්වාස කරමු. මෙි සත්වයනට කිනමි ආකාරයක ශරීර තිබිණි ද යන්න මෙහි දී වැදගත් නො වෙි. නිරයේ පිචිචෙන සත්වයන්ගේ සිරුරු ඉතා අධික උෂ්ණත්වවල ද පවතින බව දැන සිටීම පමණක් අපට දැනට ප්‍රමාණවත් ය. බටහිර විද්‍යාවට අනුව විශ්වය ආරමිභයෙහි ඉතා දැඩි උෂ්ණත්ව තිබිණි ද ඒ උෂ්ණත්වවල ද වෙිදනා විඳිමින් හෝ නොවිඳිමින් හෝ සත්ත්වයන් සිටි බව පමණක් අපි උපකල්පනය කරමු. විශ්වයට එවැනි ආරමිභයක් පැවතිණි ද නැද්ද ආදිය අපට මෙහි දී අදාළ නො වෙි.

බටහිර ජෛවීය විද්‍යාවන්හි කියන ආකාරයේ පරිණාම ගැන අපි විශ්වාසයක් නො තබමු. ජීවය පෘථිවියේ ඇතිවිණි ද පෘථිවියට බාහිරව පැමිණියේ ද ආදී වශයෙන් බටහිර ජීව විද්‍යාඥයන් හා වෙනත් විද්‍යාඥයන් අතර කෙරෙන විවාදය අපට සතපහක්වත් වැදගත් නැත. සිත පමණක් ඇති කය නැති බඹලොව ගැන අපි දනිමු. ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරගත හැකි අයකුට අද වුවත් මිනිස් ලෝකයේ සිට ම වුවත් ඒ අත්දැකීමි අදත් ලබාගත හැකි ය. භාවනාව දියුණු කිරමෙන් තම භෞතික සිරුරෙන් මනස ඉවතට ගතහැකි අය සිටින බව පමණක් අපි මතක් කර ගනිමු.

බටහිර ජීව විද්‍යාවට අනුව ජීවය ඇති වී තිබෙන්නේ අජීවය පරිණාමයෙනි. මෙි අදහස් අප ඉවත දමන්නේ අළුයම ලූ කෙළ පිඬක් මෙනි. බටහිර විද්‍යාවෙි ආධිපත්‍යයට අප යට වී සිටි කාලය අවසන් වෙමින් පවතියි. බටහිර විද්‍යාවට බියවීමට, එහි ආධිපත්‍යයට යටවීමට, සියළු ලෝකවාසීන්ට බලකර සිටි යුගය ඉතා ඉක්මණින් අවසන් කර දැමිය යුතු ය. අධර්මිෂ්ට මිථ්‍යාදෘෂ්ටික විද්‍යාවක් වූ බටහිර විද්‍යාව පදනමි වී ඇත්තේ මිථ්‍යාදෘෂ්ටික චින්තනයක ය. බටහිර විද්‍යාව මිථ්‍යාදෘෂ්ටික විද්‍යාවක් වන්නේ ද එබැවිනි. අනිත්‍ය, අනාත්ම නො පිළිගන්නා චින්තනයක් මත පදනමි වූ බටහිර විද්‍යාවෙන් ලොවට ඇති වී තිබෙන හානිය කියා නිමකළ හැකි නො වෙි.

ධාර්මික ලොවක්, අඩුම තරමින් ධාර්මික ලංකාවක්, ධර්මය රජයන ලංකාවක් ඇතිකිරීමට බලාපොරොත්තුවන කිසිම අයකුට බටහිර විද්‍යාවට අබමල් රේණුවකවත් උපකාරයක් කිරීමට නො හැකි ය. එසේ උපකාර කරන්නෝ එක්කෝ තමන් කරන්නේ කුමක් දැයි නො දනිති. නො එසේ නමි ඔවුහු වංචනිකයෝ වෙති. අපට අවශ්‍ය අනිත්‍ය, අනාත්ම පදනමි කරගත්, නිවන් අවබෝධ කරගැනීමට තුඩුදෙන ජීවන ක්‍රමයක් සකස්කර ගැනීම සඳහා ලෞකික වූ දැනුමක් ඇතිකර ගැනීම ය. බටහිර විද්‍යාව හා බටහිර ජීවන ක්‍රමය නිවන් අවබොාධ කරගැනීමට තුඩු දෙන්නක් නොවන බව සිංහල බෞද්ධයනට ඉක්මනින් ම පැහැදිලි විය යුතු ය.

මනසක් ඇති සතුන් බටහිර විිද්‍යාවෙි කියන ආකාරයට විශ්වය ආරමිභ වී බොහෝ කලකට පසුව ඇතිවුවත් විද්‍යාලංකාර විවරණයට ඒ ප්‍රශ්නයක් නො වෙි. දැනුම යනු මිනිසුන්ගේ පමණක් නිර්මාණයක් ද නො වෙි. ඒ ඒ වර්ගවල සත්තු විවිධ දැනුමි නිර්මාණය කරති. ඒ අතර දෙවියන්, නාගයන්, අමනුෂ්‍යයන්, මනුෂ්‍යයන් ද එකතු වී දැනුම නිර්මාණය කෙරෙන බව සිංහල බෞද්ධයන්ගේ අත්දැකීම ය. එහෙත් හුදෙක් බටහිර විද්‍යාව සමග තර්ක කිරීමට අපි ඒ අමතක කරමු. බටහිර විද්‍යාව ඉතා ආක්‍රමණශීලීව අපට කියන ආකාරයට මිනිසුන් පරිණාමයක ප්‍රතිඵලයක් ලෙස ඉතා මෑතක දී ලොව පහළ වී යැයි අපි බටහිර විද්‍යාව සමග තර්ක කිරීම සඳහා උපකල්පනය කරමු.

එසේ මිනිසුන් ඇතිවීමෙන් පසුව පමණක් දැනුම නිර්මාණය වී යැයි උපකල්පනය කළත්, මිනිසුන් එසේ දැනුම නිර්මාණය කරන්නේ අතීීතයට ද බලපාන අන්දමට යැයි අපි කලින් කියා ඇත්තෙමු. වෙනත් වචනවලින් කිවහොත් අද අප බටහිර විද්‍යාවට අනුව විශ්වයේ ආරමිභය ගැන කතාකරන්නේ අපේ අද දැනුම විශ්වයේ ආරමිභයට ද බලපාන අයුරින් සකස්කර ගැනීමෙනි. එහෙත් අප තවමත් විශ්වයේ ඊනියා ආරමිභය දැක නැත. අප නිරීක්‍ෂණය කරන්නේ ඊනියා මහා පිපුරුමෙි ප්‍රතිඵලයක් ලෙස ඇතිවූ ක්‍ෂුද්‍ර තරංග පසුබිමි විකිරණයේ (මඉචරඔ තඅවඑ බඅචකගරඔඋනඩ රඅඩඉඅටඉඔන) වර්තමාන අවස්ථාව ය. අප අද කරන්නේ පසුකාලීනව නිර්මාණය කරගත් දැනුමක් විශ්වයේ ආරමිභයට ද බලපාන පරිදි යොදා ගැනීම ය.

අප සිටියත් නැතත් ක්වොන්ටමි අංශු හා පද්ධතීන් එකිනෙක සමග ගැටෙන බව පැහැදිලි ය. ඒ ගැටීමි හේතුවෙන් ප්‍රතිබද්ධ ගුණවලට අගයන් ද ලැබෙනු ඇත. අප මැන්නත් නැතත් ඒ අගයන් පවතියි. අප නැතිව අංශු ගැටී එවැනි අගය ක්වොන්ටමි අංශුවලට හා පද්ධතිවලට ලැබෙන්නේ ය යන්නෙන් අදහස් වන්නේ ඒ අගය මැනුණු බව නොව මැනෙන්නට ලැබී ඇති බව ය. නිරීක්‍ෂකයන් නැතිව වුවත් ක්වොන්ටමි අංශුවල ප්‍රතිබද්ධ ගුණවල අගය මැනෙන්නට හැකි ය. එහි ප්‍රතිඵලයක් ලෙස ඒ ප්‍රතිබද්ධ ගුණවලට අගය ලැබෙන්නට ද හැකි ය. එහෙත් අප මෙහි දී අවධාරණය කරන්නේ එසේ නිරීක්‍ෂකයන් නැතිව අගය ලැබෙන්නට ඇති මුත් ඒ නිරපේක්‍ෂ වාස්තවික අගය නොවන බව ය. විිද්‍යාලංකාර විවරණය හා ඊනියා යථාර්ථවාදී විවරණය අතර ප්‍රධාන වෙනසක් ද එය වෙයි.

ඊනියා යථාර්ථවාදී විග්‍රහයට අනුව නිරීක්‍ෂකයන් මැන්නත් නැතත් ඔිනෑම ප්‍රතිබද්ධ ගුණයකට නිශ්චිත අගයක් ඇත. ඒ අගය කුමක් දැයි ක්වොන්ටමි භෞතික විද්‍යාවට කිව නොහැක්කේ ඒ විද්‍යාව අසමිපුර්ණ නිසා යැයි අයින්ස්ටයින් විිද්වතා ප්‍රමුඛ ඊනියා යථාර්ථවාදියෝ කියා සිටිති. එසේ ම ඒ අගය වාස්තවික යැයි ද ඔවුහු ප්‍රකාශ කරති. විද්‍යාලංකාර විවරණයට අනුව ඒ අගය වාස්තවික නොවන අතර ප්‍රතිබද්ධ ගුණයට නිශ්චිත අගයක් ද නැත. විද්‍යාලංකාර විවරණයෙහි ප්‍රතිබද්ධ ගුණයට මනින්නට පෙර අගය එකකට වඩා තිබෙන අතර, මැනීමෙන් පසු එය එක අගයක් පමණක් ගනියි. නිරීක්‍ෂකයන් ඇතිවීමට පෙර ද අංශු එකිනෙක සමග ගැටී එලෙස ප්‍රතිබද්ධ ගුණවලට අගයන් ලැබෙන්නට ඇති යැයි ගත්තත්, ඒ අගය යනු නිරී’ක්‍ෂයන් තම වර්තමාන දැනුම අතීතයට ද බලපාන අයුරෙන් සකස් කරගැනීම නිසා මිනිසුන්ට ඒ විෂය වන ආකාරය ය. ඒ අගය හා දැනුම වර්තමාන නිරීක්‍ෂකයන්ට සාපේක්‍ෂ වූවක් බව මෙහි දී අවධාරණය කළ යුතු ය.