Main Logo

Wednesday, 23 March 2011

නිරීක්‍ෂකයා හා ඔහු නොසිටි අතීතය

කෝපන්හේගන් විවරණය ඉන්ද්‍රියානුභූතවාදය මත පදනමි වන්නක් බවත් නිරීක්‍ෂකයකුගේ පැවතීම යන්න එහි දී වැදගත් ම අදහසක් වන බවත් අපි කියා ඇත්තෙමු. බටහිර යථාර්ථවාදයට නිරීක්‍ෂකයා යන්න අවශ්‍ය කරුණක් නො වෙි. එහි නිරීක්‍ෂකයකු ඇතත් නැතත් ලෝකය පවතින අතර එහි විවිධ දෑ සිදු වෙයි. ඒ සිදුවීමි සඳහා නිරීක්‍ෂකයකුගේ පැවැත්ම අනිවාර්ය නො වෙි. එහෙත් කෝපන්හේගන් විවරණයට අනුව නිරීක්‍ෂකයකු සිටිය ද නිරීක්‍ෂණය කළ නොහැකි දෑ ගැන කතාකිරීම අර්ථයක් නැති දෙයකි.

ක්වොන්ටමි භෞතික විද්‍යාවෙහි යමි ගුණයක අගය දත්විට එහි ප්‍රතිබද්ධ ගුණයෙහි අගය දත හැකි නො වෙි. එනමි ප්‍රතිබද්ධ ගුණයෙහි අගය නිරීක්‍ෂණය නො වෙි. ඒ නිරීක්‍ෂණය කිරීමට නමි උපකරණයක් යොදා ගැනීමෙන් ඒ කළ යුතු වෙයි. (මෙහි දී උපකරණයක් යන්නෙන් ඉන්ද්‍රියක් වුව ද අදහස් කෙරෙයි.) එවිට පමණක් ප්‍රතිබද්ධ අගය මැනගත හැකි වන අතර එසේ මැනගන්නා තුරු ඒ අගය ගැන කිසිවක් කිව නොහැකිවා පමණක් නොව එවැනි අගයක් නොමැතිය යන ස්ථාවරයෙහි කෝපන්හේගන් විවරණය පිහිටයි. ප්‍රතිබද්ධ ගුණයට අගයක් ලැබෙන්නේ ඒ ගුණය නිරීක්‍ෂකයකු විසින් මැනගනු ලැබීමෙන් ය කීමෙන් පමණකින් නොනවතින කෝපන්හේගන් විවරණය ඒ අගය ලබාදෙන්නේ නිරීක්‍ෂකයා යැයි පවසයි.

විිද්‍යාලංකාර විවරණයෙහි මෙි අදහස් ඒ ආකාරයෙන් නො පිළිගැනෙයි. විිද්‍යාලංකාර විවරණයට අනුව ප්‍රතිබද්ධ ගුණයෙහි අගය මැනීමට හෝ මැනෙන්නට හෝ පෙර ඒ ගුණයට එක් අගයකට වඩා තිබෙන අතර ඒ නිසා ඒ අගය නිරීක්‍ෂණය කිරීමට නො හැකි වෙයි. ප්‍රතිබද්ධ ගුණයෙහි අගය මැනීමෙන් හෝ මැනෙන්නට ලැබීමෙන් පසුව ඒ අගය කිහිපයෙන් එක් අගයක් ඒ ගුණයට ලැබෙන අතර එය නිරීක්‍ෂණය කිරීමට ද, එනමි අගය දැනගැනීමට ද, හැකි වෙයි. එහෙත් ප්‍රතිබද්ධ ගුණයට ඒ අගය ලබාදෙන්නේ නිරීක්‍ෂකයා ය යන අදහස විිද්‍යාලංකාර විවරණයෙහි නො වෙි. විිද්‍යාලංකාර විවරණයට අනුව නිරීක්‍ෂකයා කරන්නේ අගය මැනීම පමණකි. එහි දී අගයක් දීමක් නො සිදු වෙයි.

දැන් අපි මැනීමෙන් හෝ මැනෙන්නට ලැබීමෙන් පසුව යන්න සාකචිඡා කරමු. මැනීම යන්න ඉතා පැහැදිලි ය. එහි දී නිරීක්‍ෂකයකු මැදිහත් වී යමි උපකරණයක් යොදා ගනිමින් මැනීමක් කෙරෙයි. එහෙත් නිරීක්‍ෂකයකු නොමැති ව ද ක්වොන්ටමි අංශු එකිනෙක සමග ගැටීමට හැකි ය. ඒ හේතුවෙන් ක්වොන්ටමි අංශුවල අවස්ථා ද වෙනස් විය හැකි ය. පිහිටීම පමණක් දැන සිටි අංශවක් තවත් අංශුවක හෝ අංශු පද්ධතියක ගැටී ගම්‍යතාවක් අත්පත් කරගත හැකි ය. ඒ අත්පත් කරගත් ගම්‍යතා අගය නිරීක්‍ෂකයකු ඇතිව හෝ නැතිව හෝ පැවතිය හැකි ය. නිරීක්‍ෂකයකු ඇත්නමි ඔහුට ඒ අගය කුමක් දැයි දැනගත හැකි ය. එසේ වුවත් නිරීක්‍ෂකයකු නැතිව ද ක්වොන්ටමි අංශුවට ගම්‍යතාවක් අත්පත් කරගැනීමෙි හැකියාව වෙයි.

මෙි විවරණය බැලූ බැල්මට ඊනියා යථාර්ථවාදී විවරණයෙන් වෙනස් නො වෙයි. නිරීක්‍ෂකයන් ලෝකයේ ඇතත් නැතත් යමි යමි දේ සිදුවෙයි. ක්වොන්ටමි අංශු (පද්ධති) එකිනෙක සමග හෝ නිවිටෝනීය අංශු (පද්ධති) සමග හෝ ගැටීමට නිරීක්‍ෂකයන් අවශ්‍ය නො වෙි. ක්වොන්ටමි අංශුවක (පද්ධතියක) තරංග ශ්‍රිතය කඩාවැටීමට නිරීක්‍ෂකයන් සිටිය යුතු ම නො වෙි. එසේ නමි විිද්‍යාලංකාර විවරණය ඊනියා යථාර්ථවාදයෙන් වෙනස් වන්නේ කෙසේ ද?

මෙි වෙනස ගැඹුරු වෙනසකි. නිරීක්‍ෂකයන් නොමැතිව ඇමෙිසන් වනන්තරවල නොයෙකුත් දේ සිිදුවනු නොඅනුමාන ය. ඈත එපිට පිහිටි මන්දාකිණිවල යමි යමි දේ සිදුවන්නේ මිනිසුන් ඒ දේ නිරීක්‍ෂණය කිරීම ඇරඹීමෙන් පසුව නො වෙි. එහෙත් ඒ කුමක් සිදුවුවත් ඒ දැනගන්නා නිරීක්‍ෂකයන් එසේ කරන්නේ ඒ ඒ නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව ය. මෙි කරුණ මෙයට ඉහත දී අපි සාකචිඡා කර ඇත්තෙමු. එහෙත් ඒ පිළිබඳ නැවතත් සඳහන් කිරීම සුදුසු වෙයි.

බටහිර විිද්‍යාවෙහි කියැවෙන ආකාරයට විශ්වය ආරමිභයේ දී මනසක් ඇති නිරීක්‍ෂකයෝ නො සිටියහ. මිනිසා ඇතිවී තිබෙන්නේ පලමුව ජීවියා ඇති වී පසුව ඩාවීනීය විකාශයක ප්‍රතිඵලයක් ලෙස ය. බටහිර විද්‍යාවට අනුව විශ්වයේ ආරමිභයේ සිට මනසක් ඇති සතුන් (මෑතක් වන තුරු සියළුම බටහිර විද්‍යාඥයන්ට අනුව මනස් තිබුණේ මිනිසුන්ට පමණකි) ඇතිවන තෙක් ලෝකයේ බොහෝ දේ සිදු වී ඇත. ඒ සියල්ල වාස්තවික යැයි ද මිනිසුන්ට ඒ දැනගැනීමට හැකි යැයි ද බටහිර විද්‍යාවෙි දර්ශනයෙහි කියැවෙයි.

විිද්‍යාලංකාර විවරණය පදනමි වී ඇත්තේ සිංහල බෞද්ධ චින්තනයෙහි ය. මනසක් ඇති සත්වයන් ඊනියා විශ්වය ආරමිභයේ සිට ම පැවතිණි යැයි අපි විශ්වාස කරමු. මෙි සත්වයනට කිනමි ආකාරයක ශරීර තිබිණි ද යන්න මෙහි දී වැදගත් නො වෙි. නිරයේ පිචිචෙන සත්වයන්ගේ සිරුරු ඉතා අධික උෂ්ණත්වවල ද පවතින බව දැන සිටීම පමණක් අපට දැනට ප්‍රමාණවත් ය. බටහිර විද්‍යාවට අනුව විශ්වය ආරමිභයෙහි ඉතා දැඩි උෂ්ණත්ව තිබිණි ද ඒ උෂ්ණත්වවල ද වෙිදනා විඳිමින් හෝ නොවිඳිමින් හෝ සත්ත්වයන් සිටි බව පමණක් අපි උපකල්පනය කරමු. විශ්වයට එවැනි ආරමිභයක් පැවතිණි ද නැද්ද ආදිය අපට මෙහි දී අදාළ නො වෙි.

බටහිර ජෛවීය විද්‍යාවන්හි කියන ආකාරයේ පරිණාම ගැන අපි විශ්වාසයක් නො තබමු. ජීවය පෘථිවියේ ඇතිවිණි ද පෘථිවියට බාහිරව පැමිණියේ ද ආදී වශයෙන් බටහිර ජීව විද්‍යාඥයන් හා වෙනත් විද්‍යාඥයන් අතර කෙරෙන විවාදය අපට සතපහක්වත් වැදගත් නැත. සිත පමණක් ඇති කය නැති බඹලොව ගැන අපි දනිමු. ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරගත හැකි අයකුට අද වුවත් මිනිස් ලෝකයේ සිට ම වුවත් ඒ අත්දැකීමි අදත් ලබාගත හැකි ය. භාවනාව දියුණු කිරමෙන් තම භෞතික සිරුරෙන් මනස ඉවතට ගතහැකි අය සිටින බව පමණක් අපි මතක් කර ගනිමු.

බටහිර ජීව විද්‍යාවට අනුව ජීවය ඇති වී තිබෙන්නේ අජීවය පරිණාමයෙනි. මෙි අදහස් අප ඉවත දමන්නේ අළුයම ලූ කෙළ පිඬක් මෙනි. බටහිර විද්‍යාවෙි ආධිපත්‍යයට අප යට වී සිටි කාලය අවසන් වෙමින් පවතියි. බටහිර විද්‍යාවට බියවීමට, එහි ආධිපත්‍යයට යටවීමට, සියළු ලෝකවාසීන්ට බලකර සිටි යුගය ඉතා ඉක්මණින් අවසන් කර දැමිය යුතු ය. අධර්මිෂ්ට මිථ්‍යාදෘෂ්ටික විද්‍යාවක් වූ බටහිර විද්‍යාව පදනමි වී ඇත්තේ මිථ්‍යාදෘෂ්ටික චින්තනයක ය. බටහිර විද්‍යාව මිථ්‍යාදෘෂ්ටික විද්‍යාවක් වන්නේ ද එබැවිනි. අනිත්‍ය, අනාත්ම නො පිළිගන්නා චින්තනයක් මත පදනමි වූ බටහිර විද්‍යාවෙන් ලොවට ඇති වී තිබෙන හානිය කියා නිමකළ හැකි නො වෙි.

ධාර්මික ලොවක්, අඩුම තරමින් ධාර්මික ලංකාවක්, ධර්මය රජයන ලංකාවක් ඇතිකිරීමට බලාපොරොත්තුවන කිසිම අයකුට බටහිර විද්‍යාවට අබමල් රේණුවකවත් උපකාරයක් කිරීමට නො හැකි ය. එසේ උපකාර කරන්නෝ එක්කෝ තමන් කරන්නේ කුමක් දැයි නො දනිති. නො එසේ නමි ඔවුහු වංචනිකයෝ වෙති. අපට අවශ්‍ය අනිත්‍ය, අනාත්ම පදනමි කරගත්, නිවන් අවබෝධ කරගැනීමට තුඩුදෙන ජීවන ක්‍රමයක් සකස්කර ගැනීම සඳහා ලෞකික වූ දැනුමක් ඇතිකර ගැනීම ය. බටහිර විද්‍යාව හා බටහිර ජීවන ක්‍රමය නිවන් අවබොාධ කරගැනීමට තුඩු දෙන්නක් නොවන බව සිංහල බෞද්ධයනට ඉක්මනින් ම පැහැදිලි විය යුතු ය.

මනසක් ඇති සතුන් බටහිර විිද්‍යාවෙි කියන ආකාරයට විශ්වය ආරමිභ වී බොහෝ කලකට පසුව ඇතිවුවත් විද්‍යාලංකාර විවරණයට ඒ ප්‍රශ්නයක් නො වෙි. දැනුම යනු මිනිසුන්ගේ පමණක් නිර්මාණයක් ද නො වෙි. ඒ ඒ වර්ගවල සත්තු විවිධ දැනුමි නිර්මාණය කරති. ඒ අතර දෙවියන්, නාගයන්, අමනුෂ්‍යයන්, මනුෂ්‍යයන් ද එකතු වී දැනුම නිර්මාණය කෙරෙන බව සිංහල බෞද්ධයන්ගේ අත්දැකීම ය. එහෙත් හුදෙක් බටහිර විද්‍යාව සමග තර්ක කිරීමට අපි ඒ අමතක කරමු. බටහිර විද්‍යාව ඉතා ආක්‍රමණශීලීව අපට කියන ආකාරයට මිනිසුන් පරිණාමයක ප්‍රතිඵලයක් ලෙස ඉතා මෑතක දී ලොව පහළ වී යැයි අපි බටහිර විද්‍යාව සමග තර්ක කිරීම සඳහා උපකල්පනය කරමු.

එසේ මිනිසුන් ඇතිවීමෙන් පසුව පමණක් දැනුම නිර්මාණය වී යැයි උපකල්පනය කළත්, මිනිසුන් එසේ දැනුම නිර්මාණය කරන්නේ අතීීතයට ද බලපාන අන්දමට යැයි අපි කලින් කියා ඇත්තෙමු. වෙනත් වචනවලින් කිවහොත් අද අප බටහිර විද්‍යාවට අනුව විශ්වයේ ආරමිභය ගැන කතාකරන්නේ අපේ අද දැනුම විශ්වයේ ආරමිභයට ද බලපාන අයුරින් සකස්කර ගැනීමෙනි. එහෙත් අප තවමත් විශ්වයේ ඊනියා ආරමිභය දැක නැත. අප නිරීක්‍ෂණය කරන්නේ ඊනියා මහා පිපුරුමෙි ප්‍රතිඵලයක් ලෙස ඇතිවූ ක්‍ෂුද්‍ර තරංග පසුබිමි විකිරණයේ (මඉචරඔ තඅවඑ බඅචකගරඔඋනඩ රඅඩඉඅටඉඔන) වර්තමාන අවස්ථාව ය. අප අද කරන්නේ පසුකාලීනව නිර්මාණය කරගත් දැනුමක් විශ්වයේ ආරමිභයට ද බලපාන පරිදි යොදා ගැනීම ය.

අප සිටියත් නැතත් ක්වොන්ටමි අංශු හා පද්ධතීන් එකිනෙක සමග ගැටෙන බව පැහැදිලි ය. ඒ ගැටීමි හේතුවෙන් ප්‍රතිබද්ධ ගුණවලට අගයන් ද ලැබෙනු ඇත. අප මැන්නත් නැතත් ඒ අගයන් පවතියි. අප නැතිව අංශු ගැටී එවැනි අගය ක්වොන්ටමි අංශුවලට හා පද්ධතිවලට ලැබෙන්නේ ය යන්නෙන් අදහස් වන්නේ ඒ අගය මැනුණු බව නොව මැනෙන්නට ලැබී ඇති බව ය. නිරීක්‍ෂකයන් නැතිව වුවත් ක්වොන්ටමි අංශුවල ප්‍රතිබද්ධ ගුණවල අගය මැනෙන්නට හැකි ය. එහි ප්‍රතිඵලයක් ලෙස ඒ ප්‍රතිබද්ධ ගුණවලට අගය ලැබෙන්නට ද හැකි ය. එහෙත් අප මෙහි දී අවධාරණය කරන්නේ එසේ නිරීක්‍ෂකයන් නැතිව අගය ලැබෙන්නට ඇති මුත් ඒ නිරපේක්‍ෂ වාස්තවික අගය නොවන බව ය. විිද්‍යාලංකාර විවරණය හා ඊනියා යථාර්ථවාදී විවරණය අතර ප්‍රධාන වෙනසක් ද එය වෙයි.

ඊනියා යථාර්ථවාදී විග්‍රහයට අනුව නිරීක්‍ෂකයන් මැන්නත් නැතත් ඔිනෑම ප්‍රතිබද්ධ ගුණයකට නිශ්චිත අගයක් ඇත. ඒ අගය කුමක් දැයි ක්වොන්ටමි භෞතික විද්‍යාවට කිව නොහැක්කේ ඒ විද්‍යාව අසමිපුර්ණ නිසා යැයි අයින්ස්ටයින් විිද්වතා ප්‍රමුඛ ඊනියා යථාර්ථවාදියෝ කියා සිටිති. එසේ ම ඒ අගය වාස්තවික යැයි ද ඔවුහු ප්‍රකාශ කරති. විද්‍යාලංකාර විවරණයට අනුව ඒ අගය වාස්තවික නොවන අතර ප්‍රතිබද්ධ ගුණයට නිශ්චිත අගයක් ද නැත. විද්‍යාලංකාර විවරණයෙහි ප්‍රතිබද්ධ ගුණයට මනින්නට පෙර අගය එකකට වඩා තිබෙන අතර, මැනීමෙන් පසු එය එක අගයක් පමණක් ගනියි. නිරීක්‍ෂකයන් ඇතිවීමට පෙර ද අංශු එකිනෙක සමග ගැටී එලෙස ප්‍රතිබද්ධ ගුණවලට අගයන් ලැබෙන්නට ඇති යැයි ගත්තත්, ඒ අගය යනු නිරී’ක්‍ෂයන් තම වර්තමාන දැනුම අතීතයට ද බලපාන අයුරෙන් සකස් කරගැනීම නිසා මිනිසුන්ට ඒ විෂය වන ආකාරය ය. ඒ අගය හා දැනුම වර්තමාන නිරීක්‍ෂකයන්ට සාපේක්‍ෂ වූවක් බව මෙහි දී අවධාරණය කළ යුතු ය.