ගැමුණු කුමරු එළාර රජු පැරදවීමට ගියේ යුද්ධ හමුදාවක් පමණක් සමග නො වෙි. එතුමා පන්සියයක් මහරහතන් වහන්සේලා ද හමුදාව සමග වැඩම කිරීමට කටයුතු කළ බව පොතපතෙහි සඳහන් වෙයි. එහෙත් බොහෝ දෙනා නොදන්නා එමෙන් ම පොතපතෙහි සඳහන් නොවන කරුණක් නමි එතුමා දෙවරක් ම යුද්ධයට ගොස් පැරදුණු බවත් තුන්වැනි වර යුද්ධයට යෑමට පෙර රටෙි ආධ්‍යාත්මික ශක්තියෙන් යුත් පිරිසක් ඇතිකරගත් බවත් ය. මහරහතන් වහන්සේ හමුදාව සමග වැඩම කරවන ලද්දේ හුදෙක් දන් පිරීනැමීමට නොවන බව පැහැදිලි ය. ගැමුණු කුමරුට දන් පිරිනැමීම සඳහා භික්‍ෂූන් වහන්සේලා, විශේෂයෙන් ම මහවැලි ගඟෙන් නැගෙනහිර, වැඩම නොසිටියේ යැයි සිතීමට නො හැකි ය. සිංහල බෞද්ධයාගේ ප්‍රධාන ම ශක්තිය ආධ්‍යාත්මික ශක්තිය වෙයි. අපේ දැනුමෙි ද පදනමෙහි ඇත්තේ ආධ්‍යාත්මික ශක්තිය බව අපි දනිමු. අපි අධ්‍යයනයට වඩා ධ්‍යානයට මුල් තැන දුනිමු. අප කැලණිය විශ්වවිද්‍යාලයෙහි සිසුන්ගේ ආධ්‍යාත්මික ශක්තිය නඟා සිටුවීමට මෛත්‍රි බෝසතාණන් වහන්සේ මුල්කරගෙන භාවනා වැඩසටහනක් ඇරඹු විට හා ඒ සමග සිංහල බෞද්ධ විද්‍යාවක් ඉගැන්වීමට කටයුතු කළ විට සකල විධ සිංහල බෞද්ධ විරෝධීහු එයට විරුද්ධව අවි අමෝරා ගෙන සටන් වදිති. ඔවුන් අතර සිංහල විරෝධී ඔිල්කටි බෞද්ධ එ ජා පාක්‍ෂිකයන් හා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ද පසුබාගොස් ඇති නන්නත්තාර වූ ජ වි පෙ අනුගාමිකයන් මෙන් ම තනතුරු ලබාගැනීමෙි චෙිතනාවෙන් ශ්‍රි ල නි පක්‍ෂය සමග සමිබන්ධ වී ඇති ආචාර්යවරු ද ආචාර්යවරියෝ ද වෙති. මෛත්‍රී බෝසතාණන් වහන්සේ යනු නාථ දෙවියන් බව නොදන්නා මුග්ධයෝ අප විශ්වවිද්‍යාලයෙහි නාථ දේවාලයක් ඉදිකර ඇතැයි මැසිවිලි නගති. කැලණිය විශ්වවිද්‍යාලයෙහි නමි දේවාලයක් නැත. එහෙත් සිංහල බුද්ධාගමෙහි දේවාල ඇත.
කලකට ඉහත ප්‍රභාකරන් සමග ඊනියා සාම සාකචිඡා අවශ්‍ය නැතැයි දෙසූ බුද්ධ පුත්‍රයන්ට විශ්වවිිද්‍යාලවල, රාජ්‍ය නොවන සංවිධානවල හා වෙනත් ආයතනවල පඬියෝ යුද්ධ පුත්‍රයන් යැයි අපහාස කළහ. ගැමුණු රජතුමන් හමුදාව සමග රහතන් වහන්සේලා වැඩම කරවීම ඔවුන්ගේ නින්දා අපහාසවලට භාජනය විය. බෞද්ධ සළු පිළි පොරවා ගෙන සකල කලා විභූෂණ ලෙස රඟපාන එක් කතෝලික වෛද්‍ය පඬියෙක් සිංහලයන් තෝරාගත් ජාතියක් යැයි කියමින් පහර දුන්නේ ය. ඒ බුදුන් වහන්සේ පිරිනිවන් මංචකයේ දී විෂ්ණු දෙවිඳුට ලංකාව භාරකිරීමෙි කතාව පදනමි කරගනිමිනි. මෙි තකතීරු පඬියන් ගැන මම දනිමි. විශ්වවිද්‍යාල ප්‍රවෙිශ පරීක්‍ෂෂණයෙහි ද භෞතික විද්‍යාවෙන් අසමත් ඉහත කී පඬියා අද ක්වොන්ටමි භෞතික විද්‍යාව ගැන කතාකිරීමට පෙළඹෙන්නේ එහි නිර්මාතෘවරුන්ගේ ජීවන චරිත කියවීමෙනි. මෙවැනි පඬියෝ විෂය නොදනිති. ඔවුන් දන්නේ විෂය ගැන ය. ඒ ජනප්‍රිය පොතපත කියවීමෙනි. ඇතැමි ඇමතිවරු ද ජනප්‍රිය පොතපත පමණක් කියවා ක්වොන්ටමි භෞතිකය ගැන කතාකරති. බටහිර විද්‍යාවෙි යුදෙවි ක්‍රිස්තියානි සංකල්පයක් වූ ශක්ති සංස්තිථි නියමය ගලා එන්නේ දේව නිර්මාණයෙන් බව මා කිහිප වතාවක් කියා ඇත. සංස්ථිති නියම බටහිර විද්‍යාවෙහි උපකල්පන නොවන බව කැලණිය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුහු ද උගනිති. එහෙත් බටහිර වෛද්‍ය විද්‍යාවෙි හා බටහිර ඉංජිනේරු විද්‍යාවෙි ඇතැමි උපාධිධාරීහු එය බටහිර විද්‍යාවෙි උපකල්පනයක් නොවන බව නො දනිති. ඉහත කී පඬියන්ගේ සියළු චෝදනාවලට අපි පිළිතුරු දී ඇත්තෙමු. ගැමුණු කුමරු අපට සිංහල බෞද්ධයන් යුද්ධ කරන්නේ කෙසේ දැයි කියා දුන් බවත් එතුමා තරමි සතුරනට සාධාරණය ඉටුකළ, යුද්ධයේ දී මියගිය අය ගැන කණගාටු වූ රජකු ගැන ලෝක ඉතිහාසයේ සඳහන් නොවන බවත් අපි කීවෙමු. එතුමා මගේ විරයා බව මා කියා ඇත්තේ එක්වරක් දෙවරක් නො වෙි. පඬියන් අතර කෙසේ වෙතත් සිංහල බෞද්ධ ජනසමාජයේ එතුමාණෝ මෛත්‍රී බෝසතුන් වහන්සේ ලෙස සැලකෙති. සතුරු ආක්‍රමණ හමුවෙි නවගුණ වැල අතට ගැනීම සිංහල බෞද්ධයන්ගේ ප්‍රතිපත්තිය නොවන බවත් ද්වෙිෂයෙන් තොරව යුද්ධ කිරීම නිවන් දැකීමට බාධාවක් නොවන බවත් අංගුලිමාල තෙරුන් වහන්සේ ගැන දන්නා ඔිනෑම කුඩා එකකු ඒ දන්නා බවත් පඬියෝ නො දනිති. ඒ ගැන දැනගත හැක්කේ සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ජීවත්වන්නන්ට මිස රසල්, මාක්ස, නිවිටන්, වෙබර්, ඩෙරීඩා හෝ වෙනත් එවැන්නකු හෝ පසුපස යන ඊනියා යථාර්ථවාදීන්ට ද්‍රව්‍යවාදීන්ට ආදී විවිධවාදීන්ට නො වෙි. යුද්දෙට නැති කඩුව කොස් කොටන්ට ද යන පිරුළ සිංහල බෞද්ධ සමාජයේ නිර්මාණය වූවක් බව පඬියෝ නොදනිත් ද? අප පඬියන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ ෙසෙද්ධාන්තිකව ය. ඒවාට ඉතා සාර්ථක ව ප්‍රායෝගිකව පිළිතුරු දුන් හිමි නමක් අප අතර වෙසෙති. ඒ පූජ්‍යපාද බෙංගමුවෙි නාලක හිමියෝ ය. මම උන්වහන්සේගෙන් බොහෝ දේ ඉගෙන ගතිමි. අවුරුදු දහහතරේ දී පමණ බටහිර විද්‍යාව ඉගෙනීමත් සමග සිංහල බෞද්ධ සංස්කෘතියෙන් ඈත් වූ මා නැවත සිංහල බෞද්ධ සංස්කෘතිය වෙත ඇදී ආවෙි වයස තිස්පහේ දී පමණ ය. ඉන් පසු ගත වූ අවුරුදු තිහක පමණ කාලයෙන් ඉතා වැඩි කොටසක් මම නාලක හිමියන් ඇසුරු කර ඇත්තෙමි. මගේ දෙමවිපියන් සහෝදර සහෝදරියන්, භාර්යාව, දරුවන්් හා ළඟ නෑයන් හැරුණු විට මා සුහදව අඛණ්ඩව වැඩි කලක් ඇසුරු කර ඇත්තේ නාලක හිමියන්ය.
උන්වහන්සේ මෙරට සංස්කෘතිය හඳුනති. උන්වහන්සේ සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන දන්නේ ඒ පිළිබඳ බටහිර ගැති ආචාර්ය උපාධි නිබන්ධයක් ලියා නො වෙි. උන්වහන්සේ ජීවිතයෙන් ම ඒ හඳුනති. නාලක හිමිපාණන් වහන්සේ තරමි සිංහල ජාතිය වෙනුවෙන් ගමන් කළ (පයින් රියෙන් නැවෙන් ගුවනෙන් ) භික්‍ෂූන් වහන්සේ නමක් තවත් ඇතැයි නො සිතමි. උන්වහන්සේ නොවැඩි හමුදා කඳවුරක් බංකරයක් නැතැයි කීම අතිශයොක්තියක් නො වෙි. උන්වහන්සේ රණවිරුවන් සමග පැවැත් වූ සමිබන්ධතා අළලා ලියන ලද විරුවන් ඇසුරේ සූවිසිවසරක් නමි කෘතිය පසුගිය දා එළි දකේවිණි. ඒ පොත ජනාධිපතිතුමාට පිළිගැන්වූ අවස්ථාවෙහි මට එයට සහභාගි වීමට අවස්ථාව ලැබුණු නමුත් එය ජනතාවට පිළිගැන්වූ දින මගේ පදිංචිය තාවකාලික ව වෙනස්වීම හේතුවෙන් එයට සහභාගි වීමට නොහැකි වීම ගැන අතිශයින් කණගාටු වෙමි. මෙි ලිපිය එම කෘතිය හඳුන්වාදීම සඳහා කරන කෙටි සටහනක් පමණකි. ගැමුණු කුමරුගේ හමුදාවට දිනපතා දැකගැනීමට වන්දනාමාන කිරීමට ආශිර්වාද ලබාගැනීමට ආධ්‍යාත්මික ශක්තිය ලබාගැනීමට රහතන් වහන්සේලා වැඩම කළහ. අපේ වත්මන් හමුදාවට නිතිපතා ආධ්‍යාත්මික ශක්තිය ලබාදුන්නෝ නාලක හිමිපාණෝ ය. උන්වහන්සේ සමග බොහෝ අවස්ථාවල දේශප්‍රේමි භික්‍ෂු පෙරමුණේ සභාපති තුරුවිල විමලධමිම හිමියන් ද වැඩම කළ බව මෙහි දී සඳහන් කළ යුතු ය. නාලක හිමිපාණන් වහන්සේ ජාතිය වෙනුවෙන් කරන ලද සේවයෙන් බිඳක් පමණක් පොතෙහි සඳහන් වෙයි. රණවිරුවන් සමග සමිබන්ධකමි පැවැත්වීම හැරෙන්නට කරන ලද අනෙක් සේවාවන් පිළිබඳ එහි සඳහන් නො වෙි. බෙංගමුවෙි නාලක හිමියෝ තමන්වහන්සේගේ ගම වූ බෙංගමුව යක්‍ෂයන්ගේ ගම ලෙස අභිමානයෙන් හඳුන්වති. ඒ උන්වහන්සේ මෙරට ඉතිහාසය හා සංස්කෘතිය දන්නා බැවිනි. උන්වහන්සේ විශ්වවිද්‍යාලයෙන් උගත් දෙයක් නැති බවත් තමන්වහන්සේගේ දෙමවිපියන්ගෙන් විශේෂයෙන් මවගෙන් උගත් බවත් පවසති. විශ්වවිද්‍යාලයේ දී උන්වහන්සේට ත්‍රිපිටකය කියවීමෙි අවස්ථාව නමි ලැබී ඇත. උන්වහන්සේ 1982 දී ඉටාගෙන ඇත්තේ භික්‍ෂුවක විසින් කෙරෙන සමිමත කාර්යයට වඩා ත්‍රස්තවාදය පරාජය කිරීමෙි කාර්යයට මුල් තැන දිය යුතු බව ය. උන්වහන්සේ පංසලේ දියුණුවට වඩා ජාතියේ දියුණුවට කටයුතු කළහ. කණගාටුවෙන් වුවත් කිව යුත්තේ ඇතැමි ප්‍රධාන යැයි සමිමත භික්‍ෂූන් වහන්සේ තමන්වහන්සේගේ වැඩ කටයුතුවලින් නොව ප්‍රභූ පංසලක කීරතියෙන් බැබළෙන බව ය. නාලක හිමිපාණන් වහන්සේගේ පංසල බැබළෙන්නේ උන්වහන්සේගේ කාර්යයන්ගේ කීර්තියෙනි. නාලක හිමියෝ දිනපතා පැයක් පමණ භාවනාවෙහි යෙදෙති. උන්වහන්සේ පොතෙහි ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන්නේ ඒ ඔසසේ තමන් වහන්සේට ඇතැමි දේ සිතෙන බව ය. සිරිමා බෝ සමිඳුන් සමීපයෙහි දීි උන්වහන්සේට සිතී ඇති දෑ බොහෝ ය. සිංහල භාෂාවෙි සිතනවා හා සිතෙනවා යනුවෙන් වචන දෙකක් ඇත. මෙි ගැන මා ලියා ඇති මුත් ඒ ෙසෙද්ධාන්තිකව ය. ඇතැමි මහාචාර්යවරියන්ට නොතේරුණත් නාලක හිමියන් පොතෙහි සඳහන් කරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියෙහි දැනුම ලබාගන්නා ප්‍රධාන ම ආකාරය ගැන ය. යකුන්ට වැඩ භාර දීම ගැන හා තේනුවර මහත්මියගේ විෂ්ණු පහන ගැන උන්වහන්සේ සඳහන් කරන්නේ ඒ සංස්කෘතික දැනුම ඔස්සේ ය.
නාලක හිමියෝ සෙන්පති කොබිබෑකඩුව මහතා ඉතා කිටිටුවෙන් ඇසූැරු කළහ. එතුමාගේ එක් කියමනක් වී ඇත්තේ යුද්ධය දනුවාට මදි දිනාගන්නා බිමිවල මිනිසුන් පදිංචි කිරීම ඊටත් හොඳින් කළ යුතු ය යන්න ය. යාපනයේ දෙමළ ජනයා ආණ්ඩුව සමග තවමත් එතරමි සුහද නැතිවා විය හැකි ය. දෙමළ ජාතිවාදී මතවාද පරාජය කිරීමට හැකිවුවත්, ත්‍රස්තවාදය පරාජය කර ඇති නමුත් දෙමළ ජනයාගේ සිත්සතන්වලට දෙමළ ජාතිවාදීන් ඇතුල්කළ හැඟීමි තවමත් පහ වී නැත. එහෙත් පඬිමත කෙසේ වුවත් දෙමළ ජනයා හමුදාවට කැමති වෙති. ඒ හමුදාවෙි ක්‍රියාකාරකමි නිසා බව නාලක හිමියෝ පවසති. ආණ්ඩුව අද කළ යුත්තේ දෙමල ජනයාගේ ඊළඟ පරමිපරාවෙි හැඟීමි වෙනස් කිරීම ය. ඒ සඳහා උපදෙස් ගැනීමට නාලක හිමිපාණන් වහන්සේට වඩා සුදුස්සකු ඇතැයි නො සිතමි. කොටින් පරාජය කිරීමෙි දී ජනාධිපතිතුමා දේශපාලන නායකත්වය දුන්නේ ය. රණවිරුවෝ ජීවිත පූජාවෙන් තම යුතුකම වීරත්වයෙන් ඉටුකළහ. එයට ආධ්‍යාත්මික ශක්තිය ද එක්කළ යුතුව තිබිණි. මාවිල්ආරු මෙහෙයුමි ඇරඹුණේ සේරුවිල සරණකිත්ති හිමියන්ගේ ද නාලක හිමියන්ගේ ද ආධ්‍යාත්මික ශක්තිය එකතු කරමිනි. ඒ මෙහෙයුමි ඇරඹි දිනවල බුදුපිළිමවලින් බුදුරැස් විහිදුවීම මගින් දෙවියෝ තමන්ගේ හා මිනිසුන්ගේ ආධ්‍යාත්මික ශක්තිය ද එකතු කළහ. නාලක හිමියන් ද ඒ බව දන්නේ යැයි සිතමි. පොත කියවීමෙන් නාලක හිමියන්ගේ රණවිරු ඇසුර පිළිබඳ තවත් කරුණු දැනගත හැකි ය.