Main Logo

Showing posts with label ඉලෙක්ට්‍රෝන. Show all posts
Showing posts with label ඉලෙක්ට්‍රෝන. Show all posts

Sunday, 30 October 2011

විවිධ ලෝක

න්‍යුට්‍රීනෝව පිළිබඳ එසේත් නැත්නම් න්‍යුට්‍රීනෝවෙහි වේගය පිළිබඳ සෑහීමකට පත්විය හැකි කතාවක් ගොඩනගා ගැනීමට බටහිර විද්‍යාඥයන් අසමත් වී ඇත. න්‍යුට්‍රීනෝ අංශු ආලෝකයේ වේගයට වැඩි වේගයකින් චලනය වන බව බටහිර විද්‍යාඥයන්ට දැනගන්නට ලැබී දැනට වසර කිහිපයකි. ඔවුන් එකල ඒ ගැන එතරම් උනන්දුවක් නොදැක්වුව ද, පසුගිය දා සිදුකළ සර්න් පරීක්‍ෂණවලින් පසුව බටහිර විද්‍යාඥයන්ට න්‍යුට්‍රීනෝවේ වේගය පිළිබඳ දැඩි සෑලකිල්ලක් දැක්වීමට සිදු වී ඇත. න්‍යුට්‍රීනෝවේ ස්කන්ධය පිළිබඳ ව ද තවමත් හරිහමන් කතාවක් ගොතාගැනීමට නොහැකි වී සිටින බටහිර විද්‍යාඥයන්ට දැන් තවත් ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් කතාවක් ගෙතීමට සිදු වී ඇත.

කලින් සඳහන්කර ඇති පරිදි දැනට බටහිර භෞතික විද්‍යාඥයන්ට න්‍යුට්‍රීනෝ වර්ග තුනක් දැනගැනීමට හැකි වී ඇත. ඒ වර්ග බටහිර විද්‍යාඥයන් විසින් රස (flavours) ලෙස හඳුන්වනු ලැබෙයි. මේ න්‍යුට්‍රීනෝ වර්ගීකරණය වෙනත් අංශු මත පදනම් වෙයි. උදාහරණයක් ලෙස ගතහොත් සර්න් පරීක්‍ෂණාගාරයෙහි පරීක්‍ෂණවලට භාජනය වී ඇත්තේ මුවෝන් (muon)නම් වර්ගයට අයත් න්‍යුට්‍රීනෝ අංශු ය. මුවෝන් ද අංශු වර්ගයක් වන අතර එහි වේගය ආලෝකයේ වේගයට අඩුවෙයි.

බටහිර විද්‍යාඥයන් න්‍යුට්‍රීනෝ ගැන කල්පනා කරන්නේ ද ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වැනි අනෙක් අංශු ගැන කල්පනා කරන ආකාරයටම ය. ඔවුන්ට අනුව ඒ අංශුවලට ආලෝකයට අඩු වේග ඇති අතර ඇතැමුන්ට අනුව න්‍යුට්‍රීනෝවලට නිශ්භූන්‍ය ස්කන්ධ ද ඇත. බටහිර විද්‍යාඥයන්ට දැන් ප්‍රශ්නය වී ඇත්තේ න්‍යුට්‍රීනෝවල වේගය ය. එයට ඇත්තේ එකම එක හේතුවකි. ඒ අයින්ස්ටයින් අංශුවලට ආලෝකයට වැඩි වේගයකින් චලනය විය නොහැකි යැයි කියා තිබීම ය. වෙනත් අයුරකින් කියන්නේ නම් අයින්ස්ටයින්ට අනුව අංශු ආලෝකයේ වේගයට වැඩි වේගයකින් චලනය නො වෙයි. එමෙන් ම ආලෝකයට වැඩි වේගයකින් අංශු අතර සංනිවේදන නො කෙරෙයි.

එහෙත් ඒ 1905 ට පසුව ය. ඉන් පසු බටහිර භෞතික විද්‍යාඥයන් ලෝකය දෙස බලන්නේ එලෙස ය. ලංකාවේ ද බොහෝ බටහිර භෞතික විිද්‍යාඥයන් ලෝකය දෙස බලන්නේ, එසේ්ත් නැත්නම් ලෝකය ග්‍රහණය කරන්නේ එලෙස යැයි සිතමි. එහෙත් මෙරට බටහිර භෞතික විද්‍යාඥයන් නොවන බොහෝ බටහිර විද්‍යාඥයන්ට සංනිවේදනයේ මේ සීමා පිළිබඳ අවබෝධයක් ඇතැයි නො සිතමි. එවැන්නන් වේගය සම්බන්ධයෙන් ලෝකය ග්‍රහණය කරගන්නේ නිව්ටන් ලෝකය ග්‍රහණඨ කරගත් ආකාරයටම ය.

නිව්ටන්ට අනුව සංනිවේදනයට සීමාවක්වත් අංශුවල වේගයට සීමාවක්වත් නො වී ය. අංශුවලට ඕනෑම වේගයකින් චලනය විය හැකිය යන්න නිව්ටන්ගේ ලෝකය විසූවන්ගේ ද දැනටත් වසන්නන්ගේ ද අදහස වෙයි. එහෙත් ඉතා බහුතරයකගේ ලෝකවල මෙවැනි ප්‍රශ්නයක් ඇසෙන්නේවත් නැත. බොහෝ අයට අංශුවලට වේග සීමාවක් ඇත් ද යන ප්‍රශ්නය නැත. එවැනි ප්‍රශ්නයක් නැති අයගේ ලෝක හා ප්‍රශ්නයට විසඳුම ලෙස එවැනි සීමාවක් නැත, අංශුවලට ඕනෑම වේගයකින් චලනය විය හැකි යැයි කියන්නන්ගේ ලෝක අතර වෙනසක් ඇති බව පැහැදිලි විය යුතු ය.

ඉතා පැහැදිලිව අංශුවල වේගය සම්බන්ධයෙන් ලෝක වැස්සන් අඩුම තරමෙන් හතර ආකාරයකින් ලෝක නිර්මාණය කරගෙන ඇත. එක් කොටසකගේ ලෝකයෙහි වේගය යන සංකල්පයවත් නැත. තවත් කොටසකගේ ලෝකවල අංශුවලට වේග ඇත, එහෙත් ඒ වේගවලට සීමාවක් ඇත් ද නැත් ද යන ප්‍රශ්නය නැත. තුන්වැනි කොටසකගේ ලෝකවල අංශුවල වේගවලට සීමාවක් නැත. ඔවුන්ගේ ලෝකවල අංශුවලට වේග සීමාවක් නොමැති බැවින් අංශු අනන්ත වේගයකින් ද චලනය විය හැකි ය. ඒ තුන්වැන්න වේගය පිළිබඳ නිව්ටන්ගේ ලෝකයයි. හතරවැනුව බටහිර භෞතික විද්‍යාඥයන්ගේ ලෝකවල සාමාන්‍ය අංශුවලට ආලෝකයේ වේගයෙන් චලනය විය නො හැකි ය. ෆෝටෝන ආලෝකයේ වේගයෙන් චලනය වෙයි.

ඇතැම්විට තවත් අයගේ අප නොදන්නා ලෝක ද තිබෙන්නට හැකි ය. කෙසේ වෙතත් සිංහල බෞද්ධයන්ගේ ලෝකවල අංශු කෙසේ වෙතත් දෙවියෝ භූතයෝ ආදීහු ඉතා අධික වේගවලින් චලනයෙහි යෙදෙති. එමෙන් ම සිතුවිලි සංනිවේදනය ඉතා පැහැදිලිව ආලෝකයේ වේගයට වැඩියෙන් සිදුවෙයි. සිංහල බෞද්ධයන්ගේ ලෝකවල අංශු වස්තු කිරණ (ආලෝක ධාරා) පමණක් නොව සිතුවිලි ධාරා ද වෙයි. චිත්ත ශක්තිය දියුණු කරගත් අයකුට තුසිතයේ හෝ තව්තිසාවෙහි හොා සිදුවන්නක් මේ මොහොතේ ම පොළොවේ සිට බලාගත හැකි ය.

බටහිර භෞතික විද්‍යාවේ දාසයන් එසේ නොසිතුව ද අද එම විද්‍යාව අර්බුද රැසක ගිලී ඇත. ක්වොන්ටම් භෞතිකය ගැන ජ වි පෙරමුණේ කුමාර් ඕපාත පිළේ පුබුදු ජාගොඩගෙන් ඉගෙන ගත් අය දන්නා ඉටිගෙඩියක් නැතිවුවත් ක්වොන්ටම් අංශුවක යම් ගුණයක් මැන ඇති විට එහි ප්‍රතිබද්ධ ගුණය ගැන නිශ්චිතව කිසිම දෙයක් බටහිර භෞතික විද්‍යාවට කිව නොහැකි ය. එය වරදක් ලෙස මම නො දකිමි. ඒ වරදක් ලෙස දකින්නෝ අයින්ස්ටයින් වැනි දරදඬු යථාර්ථවාදියෝ ය. බටහිර භෞතික විද්‍යාඥයන්ට අද ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන පැහැදිලි අර්ථවිවරණයක් නැත. කලකට පෙර වෙනත් කළහැකි දෙයක් නොමැති බැවින් ඔවුන් සමස්තයක් ලෙස ගත්කල කෝපන්හේගන් අර්ථවිවරණය පිළිගත්ත ද තම යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙන් ඔවුන්ට උරුම වී ඇති දරදඬු යථාර්ථවාදය පිළිගන්නා බටහිර භෞතික විද්‍යාඥයෝ එදා සිට ම කෝපන්හේගන් අර්ථවිවරණයෙන් ඈත්වීමට උත්සාහ කළහ. එහෙත් ඒ වෙනුවට වෙනත් අර්ථවිවරණයක් ගෙතීමට ද ඔවුහු අපොහොසත් වෙති.

බටහිර භෞතික විද්‍යාව (අනෙක් බටහිර විද්‍යා බටහිර භෞතික විද්‍යාව පසුපස යන නොගැඹුරු විද්‍යා වෙයි) 1930 පමණ වන තෙක් ජයකෙහෙළි නැංවු බව සැබෑ ය. එහෙත් එයට කණකොකා හැඬීම ආරම්භ වූයේ දහනවවැනි සියවසේ අගභාගයේ සිට ය. බටහිර භෞතික විද්‍යාවේ එතෙක් ගවේෂණයට ලක්වූයේ පංචෙන්ද්‍රියන්ට ගෝචරවන වස්තු ය. ඒ අදාළ සංසිද්ධි ද පංචෙන්ද්‍රියයන්ට ගෝචර විය. ඇතැම් විට ඒ සංසිද්ධි තේරුම් ගැනීමට බටහිර භෞතික විද්‍යාඥයන්ට පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන සංකල්ප ද යොදා ගැනීමට සිදු වූ නමුත් එය ඔවුන් අති විශාල බහුතටයකට එතරම් ප්‍රශ්නයක් නො වී ය. එයට හේතුව වූයේ තේරුම් ගැනීමට යොදාහත් සංකල්ප පංචෙන්ද්‍රිය ගෝචර නොවුව ද ඔවුන් නිරීක්‍ෂණය කළ දෑ පංචෙන්ද්‍රිය ගෝචර වීම ය. එලෙස පංචෙන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප යොදාගැනීම ප්‍රශ්නයක් වී නම් ඒ අර්නස්ට් මාක් වැනි කිහිප දෙනකුට පමණ ය.

ඇපල් හා පොල් වැටීම පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි වෙයි. එය තේරුම් ගැනීමට නිව්ටන් ගොතා යොදාගත් සංකල්පය ගුරුත්වාකර්ෂණය විය. එහෙත් ගුරුත්වාකර්ෂණය පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. එසේ වුවත් එය නිව්ටන්ටවත් බටහිර භෞතික විද්‍යාඥයන්ටවත් ප්‍රශ්නයක් නො වී ය. ඔවුහු ගුරුත්වාකර්ෂණය යන්න සත්‍යයක් ලෙස සැලකුහ. නිව්ටන් තම චලිත සමීකරණ ඊනියා අවස්ථිති සමුදදේශ රාමුවල පමණක් වලංගු වන්නේ යැයි කීවේ ය. එහෙත් නිව්ටන්ගේ ඊනියා නිරපේක්‍ෂ අවකාශයවත් ඊනියා අවස්ථිති සමුද්දේශ රාමුවත් පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ.

ගුරුත්වාකර්ෂණය, අවස්ථිති රාමු ආදිය පංචෙන්ද්‍රිය ගෝචර නොවීම බටහිර භෞතික විද්‍යාඥයන්ගෙන් අතිමහත් බහුතරයට ප්‍රශ්නයක් නො වී ය. ඔවුහු ගුරුත්වාකර්ෂණය යනුවෙන් දෙයක් ඇතැයි සිතුහ. ඔවුන් ඒ නොදැකීම හෝ ස්පර්ශ නොකිරීම හෝ ප්‍රශ්න නො කළහ. එවැනි දේ ප්‍රශ්න කළේ අර්නස්ට් මාක් ය. ගුරුත්වාකර්ෂණය යන්න පැහැදිලිව ම පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වෙයි. දැන් එසේ තිබිය දී ගුරුත්වාකර්ෂණය ඊනියා යථාර්ථයක් ලෙස පිළිගැනීමට බටහිර භෞතික විද්‍යාඥයන් පෙළඹුනේ ඇයි? කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබාගත් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරයකු ඇතුලු මෙරට බටහිර විද්‍යාඥයන් ඇතැමකු සහ පාසල්වල විද්‍යාව උගන්වන උපාධිධාරී ගුරුවර ගුරුවරියන් සමහරකු ගුරුත්වාකර්ෂණය තමන්ට දැනෙන බව, එසේත් නැත්නම් ඒ තමන්ගේ අත්දැකීමක් බව කියන්නේ ඇයි?

එයට ප්‍රධාන හේතුව නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයේ ඊනියා සාර්ථකත්ව ය. අහසට විසිකරණ ගලකට සිදුවන්නේ කුමක් දැයි ගුරුත්වාකරෂණ ප්‍රවාදය ආශ්‍රයෙන් දැනගත හැකි ය. එය කොපමණ කාලයක් අහසේ තිබේ ද ආපසු පොළොවට පැමිණෙන විට එහි ප්‍රවේගය කොපමණ ද ආදී ප්‍රශ්නවලට පිළිතුරු නිව්ටෝනීය ප්‍රවාදයෙන් ඉතා පහසුවෙන් දිය හැකි ය. පාසල්වල හා විශ්වවිද්‍යාලවල අපට ලැබෙන බටහිර ගැති කසිකබල් අධ්‍යාපනය මගින් ගුරුත්වාකර්ෂණය අපට දැනෙන්නක් බවට පත්කෙරී ඇත්තේ එය ඊනියා යථාර්ථයක් බවට පත්කරවමිනි.

ඊනියා යථාර්ථය තමන්ට දැනෙන්නේ යැයි කීමට තරම් මොවුන් නොමග යැවීමට ගුරුත්වාකර්ෂණය තම අත්දැකීමක් බව පැවසීමට තරම් මෙරට විද්‍යාව උගත් සමහරුන් නොමග යැවීමට බටහිර විද්‍යාවෙන් හා බටහිර ගැති අධ්‍යාපනයෙන් විශාල රුකුලක් ලැබේ. තමන්ට ගුරුත්වාකර්ෂණය දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියකින් ද යන්න කීමට ඔවුන්ට නොහැකි වුවත් ඔවුහු එය තමන්ට දැනෙන්නේ යැයි කියති. මේ අය ගුරුත්වාකර්ෂණය තම අත්දැකීමක් බව කියන්නේ යම් වස්තුවක් උඩකින් අත්හරිනු ලැබුවහොත් එය පොළොවට වැටෙන බව දැක ඇති නිසාත් ඒ එසේ වන්නේ ගුරුත්වාකර්ෂණය බැවින් යැයි පාසලේ දී හා විශ්වවිද්‍යාලයේ දී ඔවුන්ගේ හැඟීම්වලට ජීර්ණකර ඇති නිසාත් ය.

මේ පිරිස අයින්ස්ටයින් ගුරුත්වාකර්ෂණය යනුවෙන් ප්‍රපංචයක නැතැයි ප්‍රකාශකර ඇති බවක් නො දනිති. ඇත්තට ම මොවුන් උපාධිධාරීන් වුවත් ඔවුන්ගේ දැනුම දැර්වල ය. ඒ අයගේ දැනුම දුර්වල වී ඇත්තේ ම බටහිර අධ්‍යාපනය නිසා යැයි කිසිවකු තර්කකිරීමට ද ඉඩ ඇත. මේ දැනුම ඇතැමුනට පාසලෙන් හා විශ්වවිද්‍යාලයෙන් ද තවත් අයට දැන් නම් ජනමා්‍යයෙන් ද ටික කලකට පෙර ජීවත් වූ මාර්ටින් වික්‍රමසිංහ මහතා වැන්නවුන්ට ජනප්‍රිය ඉංගිරිසි පොත් කියවීමෙන් ද ලැබී ඇත. අයින්ස්ටයින්ට අනුව ඇත්තේ ඊනියා අවකාශ කාලයේ වක්‍රතාව මිස ගුරුත්වාකර්ෂණයක් නො වේ. මෙයින් අදහස් කෙරෙන්නේ ගුරුත්වාකර්ෂණයක් නැති බව හා අවකාශ කාල වක්‍රතාවක් ඇති බව නො වේ. මෙහි නිව්ටන්ට විරුද්ධව අයින්ස්ටයින්ට පක්‍ෂපාතිත්වයක් දැකිය හැක්කේ කිසිම විචාර බුද්ධියක් නොමැති උපාධිධාරී ගුරුවර ගුරුවරියනට හා වෙනත් එවැන්නන්ට ය. නිව්ටන් මෙන් ම අයින්ස්ටයින් ද වැරදි ය. ඔවුන් දෙදෙනාම කියා ඇත්තේ කතන්දර ය. එක් කතන්දරයක ගුරුත්වාකර්ෂණය වෙයි. අනෙක් කතන්දරයේ අවකාශ කාල වක්‍රතාව වෙයි. මේවා සංසිද්ධියක් (ප්‍රපංචයක්) පැහැදිලි කිරීම සඳහා ගොතන ලද බොරු කතන්දර පමණ ය. මෙරට බොහෝ දෙනා නොදැන සිටිය ද නිව්ටන් බොර වී දැන් අවුරුදු අනූහයක් පමණ වෙයි. න්‍යුට්‍රීනෝ මගින් අයින්ස්ටයින් ද බොරු වීම ඇරඹී ඇත.

Saturday, 10 September 2011

ආධානග්‍රාහී අයින්ස්ටයින්

බටහිර විද්‍යාවේ ඕනෑම අයකුට කළ හැකි පරීක්‍ෂණ යනුවෙන් හැඳින්වෙන්නේ පාරතොටේ හමුවන ඕනෑම අයකුට කළ හැකි පරීක්‍ෂණ නොව බටහිර විද්‍යාව හදාරා ඒ ඒ ක්‍ෂෙත්‍රයෙහි යම් පරිණතභාවයකට පත් වූ අයකුට කළ හැකි පරීක්‍ෂණ බව අපි දුුටුවෙමු. එහෙත් බටහිර විද්‍යාවේ හා විද්‍යාවේ දර්ශනයේ එසේ නොකියැවෙනවා පමණක් නොව ජනතාවට වැරදි නිගමනවලට පැමිණීමට ඉඩ සලසමින් ඒ පාරතොටේ හමුවන ඕනෑම අයකුට වුව ද කළහැකි පරීක්‍ෂණ ලෙස ඒත්තුගැන්වෙන අයුරෙන් ඉදිරිපත් කෙරෙන බව පැහැදිලි ය.

බටහිරයන් එසේ කරන්නේ එක්තරා තක්කඩි අදහසකින් යැයි සිතමි. එසේ බටහිර විද්‍යාවේ පරීක්‍ෂණ පාරතොටේ වුවත් හමුවන ඕනෑම අයකුට කළ හැකි පරීක්‍ෂණ ලෙස හැඳිනගැනීමට සැලැස්වූ කල අනෙක් දැනුමි පද්ධතියක් ද ඕනෑම අයකුට දැනගැනීමට හැකි අයුරෙන් තිබිය යුතු බවට නිර්ණායකයක් පැනවීමට බටහිරයන්ට අවකාශ ලැබෙයි. ඒ තම දේශපාලන ආධිපත්‍යය පවත්වා ගෙන යෑම උදෙසා කරන සටකපට ප්‍රයෝගයක් වේ. බටහිරයන් අනෙක් අයගෙන් ඉල්ලන්නේ තමන් ද නොරකින ප්‍රතිපත්තියක් රැකීමට ය. පාරතොටේ හමුවන ඕනෑම අයකුට තබා විශ්වවිද්‍යාලයකින් භෞතික විද්‍යාව පිළිබඳ ප්‍රථම උපාධියක් ලත් අයකුටවත් ගිබ්ස් බෝසෝනය ඇත් ද නැත් ද යනුවෙන් දැනගැනීමට පරීක්‍ෂණයක් කළ නො හැකි ය.

පළමුවෙන් ම ඒ සඳහා බටහිර භෞතික විද්‍යාව පිළිබඳ අදාළ පශ්චාත් උපාධි පාඨමාලාවක් හදාරා තිබිය යුතු ය. දෙවනුව ඒ සඳහා පරීක්‍ෂණ කරන කණ්ඩායමක් සමග එකතු විය යුතු ය. එවැනි කණ්ඩායම් ලෝකය පුරා හතු පිපී ඇත්තාක් මෙන් දැකගත හැකි නො වේ. එයට හේතුව ඒ සඳහා විශාල ධනස්කන්ධයක් වැය කිරීමට සිදුවීම ය. තමන්ගේ වියදමින් එවැනි පරීක්‍ෂණ කණ්ඩායමක් ඇතිකර ගැනීමට හැකියාවක් හා උනන්දුවක් ඇති පුද්ගලයකු ඇතැයි සිතිය නො හැකි ය. හිග්ස් බෝසෝනය ඕනෑම අයකුට කළ නොහැකි පරීක්‍ෂණයක් සඳහා දිය හැකි එකම උදාහරණය නො වේ. බොහෝ සාමාන්‍ය පරීක්‍ෂණ පවා ඕනෑකම තිබිණ ද ඕනෑම අයකුට කළ හැකි නො වේ.

අනෙක් අතට බටහිර විද්‍යාව ප්‍රථම උපාධි මට්ටමටවත් හැදෑරීමට අවකාශ ලැබෙන්නේ කීයෙන් කී දෙනාට ද? බොහෝ දෙනකු සාමාන්‍ය පෙළ මට්ටමෙන් ඉහළට බටහිර විද්‍යාව නො හදාරති. එයට විවිධ හේතු තිබිය හැකි ය. අදාළ පාසලේ අවශ්‍ය පහසුකම් නැතිවීම එයට එක් හේතුවක් පමණකි. ඇතැමුනට බටහිර විද්‍යාව ඉගෙනීමට එතරම් කැමැත්තක් නැතිවීම තවත් හේතුවකි. ඔවුන් වඩා කැමති මානව ශාස්ත්‍ර, සමාජයීය විද්‍යා විෂය හැදෑරීමට ය. තවත් අයට බටහිර විද්‍යාව ඉගෙන ගැනීමට අවශ්‍ය චින්තනය නැත. විශේෂයෙන් ම බටහිර භෞතික විද්‍යාව හැදෑරීමට තරමක වුවත් වියුක්ත චින්තනයක් අවශ්‍ය වෙයි. බොහෝ බටහිර ජෛවීය විිද්‍යා ශිෂ්‍යයනට තරමක වියුක්ත චින්තනයක් තිබිණි ද බටහිර භෞතික විද්‍යාව හැදෑරීමට අවශ්‍ය තරමේ වියුක්ත චින්තනයක් නැත.

ආධ්‍යාත්මික ගුණ වගාවෙන් හෝ දෙවිවරුන්ගෙන් හෝ අත්පත් කරගන්නා දැනුම් සම්බන්ධයෙන් ද කිව හැක්කේ එවැනි ම කරුණු ය. ඕනෑම අයකුට එසේ දැනීම ලබාගැනීමේ හැකියාව නැත. ඒ සඳහා සසර කරන ලද කුසල් තිබිය යුතු ය. ඇතැම් විට පාරමී ශක්තිය වර්ධනය කර තිබිය යුතු ය. බටහිරයන් තමන්ගේ ආධිපත්‍යය රැක ගැනීම සඳහා ඕනෑම අයකුට දැනගත හැකි වන අයුරින් අදාළ දැනුම ඉදිරිපත් කරන ලෙස කියා සිටිය ද අප එසේ කිරීමට බැඳී නැත. එයට ප්‍රධාන හේතුව වන්නේ බටහිරයන්ගේ පරීක්‍ෂණ ඕනෑම අයකුට කළ හැකි ගණයේ ඒවා නො වීම ය. ප්‍රතිශතයක් වශයෙන් ගත්කල බටහිර විද්‍යාවේ පරීක්‍ෂණ කිරීමට හැකියාව ඇත්තේ ලෝක ජනගහණයෙන් කී දෙනකුට ද?

එසේ නම් ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමේ හැකියාව ඇති අයගේ ප්‍රතිශතය එයටත් වඩා අඩුවිය යුතු ය. සමස්ත සත්ව සංඛ්‍යාව ගතහොත් මිනිස් භවයක් ලබාගෙන ඇත්තේ ඉන් ඉතා සුළු ප්‍රතිශතයක් බව ඉතා පැහැදිලි ය. මිනිසුන් අතර ආධ්‍යාත්මික ශක්තියෙන් හෙබි අයගේ ප්‍රතිශතය ඉතා කුඩා වීම අරුමයක් නො වේ. ඒ සඳහා කුසල් ශක්තිය අවශ්‍ය වෙයි. මට ද ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට තරම් වාසනාවක් කුසල් ශක්තියක් නොමැති බව ප්‍රකාශ කළ යුතු ය. එහෙත් එවැනි ශක්තීන් ඇති පුද්ගලයන් සිටින බව පිළිගැනීමට මගේ නොහැකියාව ප්‍රශ්නයක් නො වේ.

අප බොහෝ දෙනකු බොහෝ දෑ විශ්වාස කරන්නේ අප ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියළු අධ්‍යයනයන් කිරීමෙන් පසුව නොවේ. එසේ කිරීමට ගියහොත් අපට කිසිවක් කරගත නොහැකි වනු ඇත. අප බොහෝ දෑ විශ්වාස කරන්නේ අපේ විශ්වාසය දිනා සිටින පුද්ගලයන් ඒ දේ කියන බැවිනි. අප ඉලෙක්ට්‍රෝන ඇති බව විශ්වාස කරන්නේ අප ඉලෙක්ට්‍රෝන දැක ඇති නිසා නො වේ. අප තබා කිසිවකු ඉලකේට්‍රෝන දැක නැති සන්දර්භයක අප ඉලෙක්ට්‍රෝන ඇති බව විශ්වාස කරන්නේ අපේ විශ්වාසයට පාත්‍ර වූ පුද්ගලයන්, ගුරුවරුන්, ඊනියා බුද්ධිමතුන් ආදීන් ඉලෙක්ට්‍රෝන ඇතැයි යන හැඟීම අපට දී ඇති බැවිනි. බොහෝ විට ඒ අයට ද ඒ හැඟීම ඇත. ඉලෙක්ට්‍රෝන ගැන නොව විද්‍යුතය ගැනවත් කිසිම පරීක්‍ෂණයක් නොකළ අය ඉලෙක්ට්‍රෝන ඇතැයි විශ්වාස කරන්නේ පරීක්‍ෂණවල බලමහිමය නිසා නොවන බව පැහැදිලි ය. ඔවුන්ට එසේ විශ්වාස කිරීමට පරීක්‍ෂණ පැවැත්වීමේ අවශ්‍යතාව පැන නො නගී. ඔවුහු ඒ ගැන ප්‍රශ්න කිරීමකින් පවා තොරව ඉලෙක්ට්‍රෝන ඇති බව විශ්වාස කරති.

උගත් යැයි සම්මත අය ආධ්‍යාත්මික ශක්තිය ඔස්සේ දැනුම ලබාගන්නන් කියන දේ විශ්වාස නොකරන බව ප්‍රකාශ කරන්නේ ඔවුන්ට ඒ අය පිළිබඳ ප්‍රසිද්ධියේ විශ්වාසයක් ඇතිකර ගැනීමට සමාජයෙන් ඉඩක් නොලැබෙන බැවිනි. මෙරට උගතුන් යැයි සම්මත වූවනට අයින්ස්ටයින් කියා ඇති මෝඩ කතාවක් වුව ද විශ්වාස කිරීමට හා එය පුනරුචිචාරණය කිරීමට බාධාවක් නැත. දෙවියන් වහන්සේ දාදු කෙලින්නේ නැතැයි අයින්ස්ටයින් ප්‍රකාශ කර ඇත්තේ ක්වොන්ටම් භෞතිකයේ කෝපන්හේගන් විවරණය ගැන එකඟ නො වෙමිනි.

කෝපන්හේගන් විවරණයේ අඩුපාඩුකම් ඇති බව පැහැදිලි ය. එහෙත් ක්වොන්ටම් භෞතිකයේ මිනුම් ගැන ද නිව්ටෝනීය හා අයින්ස්ටයිනීය භෞතිකයේ මිනුම් ගැන මෙන් කල් ඇතිව ප්‍රකාශ කළ හැකි විය යුතු යැයි යමකු ප්‍රකාශ කරන්නේ නම් ඒ ආධානග්‍රාහීව (dogmatically) කරන මෝඩ ප්‍රකාශයක් පමණකි. ක්වොන්ටම් අංශු හා ඊනියා සම්භාව්‍ය අංශු එකම ආකාරයකින් හැසිරිය යුතු යැයි අපට උපකල්පනය කිරීමට ඇති අයිතිය කුමක් ද? එහෙත් අයින්ස්ටයින්ගේ ප්‍රකාශය මහදැනමුත්තකුගේ ප්‍රකාශයක් ලෙස ඉදිරිපත් කිරීමට මෙරට උගතුන් යැයි සම්මත අයගෙන් ඒ ප්‍රකාශය ගැන කියවා ඇති අය (ඔවුන් මහා පරිමාණයෙන් සොයාගත නො හැකි ය) සෑදි පෑදි සිටිති. ක්වොන්ටම් භෞතිකය සම්බන්ධයෙන් අයින්ස්ටයින් ඉතාමත් ආධානග්‍රාහී පුද්ගලයකු ලෙස එයට විරුද්ධව විවිධ ප්‍රකාශ කළේ ය.

දෙවියන් දැක ඇති අය දෙවියන් සිටින බව කී විට මෙරට උගතුන් ඒ විශ්වාස නොකරන්නේ ඇයි? අද නාථ දෙවියන් නමින් පෙනී සිටින දෙවි කෙනකු හා තවත් දෙවිවරු, විශේෂයෙන් ම විපස්සක දෙවියන්, ඔවුන් සමග සම්බන්ධකම් පවත්වන එක් කාන්තාවකට සිංහල නිල වෙදකම හා සිංහල ගොවිකම පිළිබඳ ව විවිධ උපදෙස් දෙති. මට දෙවිවරුන් සමග සම්බන්ධවීමට තරම් කුසල් ශක්තියක් නොමැති නමුත්, ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමට තරම් වාසනාවක් නැති නමුත්, ඉතා මෑතක දී මගේ හෘදයාබාධයක් සුව කරන ලද්දේ මේ දෙවිවරුන් විසින් බව මා කිහිප වතාවක් ම ප්‍රසිද්ධියේ කියා ඇත. මේ දෙවිවරුන් සිටින බව මම විශ්වාස කරමි. එසේ ම ඒ දෙවිවරුන්ට ඉතා විශිෂ්ට වූ දැනුමක් ඇති බවත් මම දනිමි.

එහෙත් ඒ දැනුම පිළිබඳ විශ්වාසයක් ඇති කර ගැනීමට උගත් සමාජයෙන් අපට බාධා එල්ල වෙයි. මේ උගතුන්ගෙන් බොහෝ දෙනා කතරගම යන බව ද පුද්ගලික ව දෙවියන් විශ්වාස කරන බව ද මම දනිමි. එපමණක් නොව ඔවුන්ගෙන් කිහිප දෙනකු පුද්ගලික ව විපස්සක හා නාථ දෙවිවරුන්ගෙන් ප්‍රතිකාර ගෙන තමන්ට වැළඳී තිබූ අසනීප සුව කරගත් බවත් දනිමි. අවශ්‍ය වුවහොත් ඔවුන්ගේ නම් ගම් හෙළිදරවු කිරීමට ද මම පසුබට නො වෙමි. එහෙත් ඒ නාථ දෙවියන් ම රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් (ආසනේට්) බව ද ඇතැම් පෙදෙස්වල ඇති කිවුල සහිත ජලය හා කුඹුරු පස ද එයට අවශ්‍යවන බව ද පවසන විට මේ උගත්තු එයට විරුද්ධ වෙති.

මේ නාථ දෙවියන් යනු මතු බුදුවන මෛත්‍රී බෝසතාණණ් වහන්සේ යැයි ඔවුන් සමග සම්බන්ධකම් පවත්වන කාන්තාව කියයි. එය ඇත්ත වුවත් නැතත් මේ දේව මණ්ඩලයෙහි ප්‍රධානියා නාථ නම් දෙවි කෙනකු බව මම විශ්වාස කරමි. එසේ ම ඒ දෙවියන් කවරකු වුවත් තවමත් බුද්ධත්වයට පැමිණ නොමැති බැවින් එතුමන් අතින් ඇතැම් විට වැරදි සිදුවිය හැකි බවත් මම විශ්වාස කරමි. එමෙන් ම එතුමන්ට ද යම්කිසි දේශපාලනයක් ඇති බවත් මෙරට සුබ සිද්ධිය සඳහා මේ මේ දේ මේ මේ ආකාරයට සිදුවිය යුතු යැයි එතුමන් විශ්වාස කරන බවත් මට තේරුම් ගෙස් ඇත. ඒ දේශපාලන ව්‍යාපෘතියෙහි මා සිටියත් නැතත්, එතුමන්ගේ සෑම ක්‍රියාවක් සමග ම මට එකඟ වීමට නොහැකි වුවත්, සිංහල බෞද්ධ විද්‍යාවක් ගොඩ නැගීම හා සිංහල බෞද්ධ සමාජයක් නැවත ඇතිකිරීම යන කරුණුවල දී මම එතුමන්ට සහාය වෙමි.

එතුන්ගේ ඇතැම් අදහස් සමග මා එකඟ නොවන්නේ මට වැටහෙන ආකාරයට බව අමුතුවෙන් කිවයුතු නො වේ. මට වැටහෙන අයුරින් මා ඇතැම් කරුණුවල දී එතුමන් සමග එකඟ නොවන්නේ වෙනත් අයකු සමග එකඟ නොවන ආකාරයෙන් ම ය. වර්තමානය සම්බන්ධයෙන් මේ දෙවිවරුන්ට ඇති දැනුම අති විශිෂ්ට ය. ඒ දෙවිවරු තම දැනුම ප්‍රකාශ කිරීමේ දී මාධ්‍යයක් ලෙස ඇතැම් විට බටහිර විද්‍යාවේ බස ද යොදා ගනිති. ඒ අපේ පහසුව සඳහා ය. විපස්සක දෙවියන්ගේ දැනුම සම්බන්ධයෙන් එතුමන්ට නොබෙල් තෑගි දෙන්නේ නම් රාශියක් ම දිය හැකි ය. එහෙත් අනාගතය ගැන දෙවිවරුන්ට වුව ද සියයට සියයක විශ්වාසයකින් ප්‍රකාශ කළ හැකි නො වේ. රහතන් වහන්සේ අතර ද ඒ ඒ කාරණා සම්බන්ධයෙන් අගතැන් පත් වූවෝ සිටියහ. එසේ නම් දෙවිවරුන් අතර අනාගතය කීම සම්බන්ධයෙන් ද විවිධ හැකියාවන් ඇති අය සිටීම අරුමයක් නො වේ.

පෞද්ගලික ජීවිතයෙහි දී නාථ දෙවියන් විශ්වාස කරමින් එතුමන්ගෙන් ප්‍රතිකාර ගනිමින් ප්‍රසිද්ධ ජීවිතයෙහි දී නාථ දෙවියන් නැතැයි කීමට තරම් ඊනියා උගතුන්, විද්‍යාඥයන් යැයි කියාගන්නා තාක්‍ෂණ ශිල්පීන් (මේ තාක්‍ෂ’ණ ශිල්පීන්ට කරන අගෞරවයක් ලෙස නොසැලකිය යුතු ය) කුහක වන්නේ ඔවුන් බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට ඇති බිය මේ යැයි පෙන්නුම් කරමිනි. අයින්ස්ටයින් මොන තරම් මෝඩ ආධානග්‍රාහී ප්‍රකාශයක් කළත් එය පිළිගැනීමටත් නාථ දෙවියන් හා විපස්සක දෙවියන් සංයුක්තව වර්තමානයේ දී තමන්ට දැනෙන දේ ප්‍රකාශ කළ විට ඒ ප්‍රතික්‍ෂෙප කිරීමටත් ඊනියා විිද්‍යාඥයන් පෙළඹෙන්නේ බටහිර දැනුම් ආධිපත්‍යය මෙරට ක්‍රියාත්මක වන බැවින් ය. වත්මන් දේශපාලනය ප්‍රධාන වශයෙන් ම බටහිර දැනුම ඔස්සේ ක්‍රියාත්මක වෙයි. ඊනියා දැනුම් සමාජ ආදී සංකල්ප බටහිරින් අපට එවන්නේ මේ ආධිපත්‍යය උපයෝගී කරගනිමිනි. අනෙක් පැත්තෙන් ඒ සංකල්ප ඔස්සේ බටහිර ආධිපත්‍යය දිගට ම පැවැත්වෙයි.

Sunday, 8 May 2011

අල්මාරියේ දැමිය නොහැකි මනස

අප දෙවියන් භූතයන් ආදීන් ආරූඪවීමි ආවෙිශවීමි ගැන කතා කළේ හුදෙක් ඒ ගැන කතාකිරීමට තිබූ අවශ්‍යතාවක් නිසා නො වෙි. අපට අවශ්‍ය වූයේ අපේ මනස සක්‍රීය නොවන අවස්ථා ද ඇති බව සඳහන් කිරීමටත් ඒ අවස්ථාවල දී අපේ මනස් ක්‍රියා කරන්නේ අපේ නොවන ආකාරයටත් භූතයන්ට හා වෙනත් ප්‍රාණීන්ට අවශ්‍ය ආකාරයටත් බව පෙන්වීමට ය. එහෙත් සම්‍යක්දෘෂ්ටික දෙවිවරු එසේ නො වෙති. එතුමෝ මිනිසකුට ආවෙිශ නො වෙති. එසේත් නැතහොත් ආරූඪ නො වෙති. එතුමෝ මනුෂ්‍ය ප්‍රාණියකු සමග  එවැනි අදවස්ථාවල දී සංවාදයෙහි නිරත වෙති. එය වක්‍රව මෙන් ම සෘජුව ද සිදුවිය  හැකි ය.

සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ට ඕනෑම මිනිසකු සමග සෘජුව සම්බන්ධ විය නො හැකි ය. ඒ සඳහා අදාළ පුද්ගලයා පාරමී දම් පුරා සිටිය යුතු අතර සසර යම් සමිබන්ධකමක් ද තිබිය යුතු ය. සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ට අනෙක් මිනිසුන් සමග වක්‍රව සමිබන්ධවීමට, එනමි සෘජුව සම්බන්ධවන්නකු මගින් සම්බන්ධවීමට හැකියාවක් වෙයි. සම්‍යක්දෘෂ්ටික දෙවියන් සමග සෘජුව හෝ වක්‍රව සමිබන්ධවන්නෝ සවිඥානික ව එසේ කරති. භූතයකු යමි පුද්ගලයකුට ආරූඪ වූ විට ඒ පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වය භූතයා විසින් පාලනය කෙරෙයි. අදාළ පුද්ගලයාට සවිඥානික ව තමා යන හැඟීම නැති වෙයි. එසේ භූතයකු ආවෙිශ වූ විට ක්‍රියා කරන්නේ භූතයා මිස තමා නො වෙි.

ඇතැමි මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන්ට ද මිනිසුන් සමග සෘජුව සමිබන්ධවීමෙි හැකියාවක් ඇති බව පෙනෙයි. එහි දී කිනම් අවශ්‍යතා සම්පුර්ණ විය යුතුව ඇත්දැයි කීමට නො හැකි ය. යෙහෝවා දෙවියන් ඇතැමි යුදෙවිවන් සමග ද ග්‍රීක දෙවියන් ඇතැම් ග්‍රීකයන් සමග ද වෛදික දෙවියන් ඇතැමි වෛදිකයන් සමග ද සෘජුව සම්බන්ධ වී ඇති බව පෙනී යයි. අප්‍රිකානු සංස්කෘතීන්ගේ ද දෙවියන් සමග පැවැත් වූ සෘජු සමිබන්ධකම් ගැන කියැවෙන්නේ යැයි සිතිය හැකි ය. 

මෙයට අමතර ව ඇතැම් මනුෂ්‍යයන්ට භූතයන්ගෙන් හා යමි යමි දෙවිවරුන්ගෙන් වැඩ ගැනීමේ හැකියාව ද වෙයි. එහි දී එක්තරා ආකාරයකින් අදාළ මනුෂ්‍යයාගේ අණට භූතයා හෝ දෙවියන් හෝ යට වෙයි. යකුන් බැඳ ගෙන වැඩගත් අය ගැන අපේ සංස්කෘතියෙහි සඳහන් වෙයි. ඒ සඳහා අදාළ පුද්ගලයන්ට යමිකිසි බලයක් තිබිය යුතු බව පැහැදිලි ය. එයට ආධ්‍යාත්මික බලය මෙන් ම යන්ත්‍ර මන්ත්‍ර ඔස්සේ ලබාගන්නා බලය ද ඇතුළත් වෙයි. එහෙත් මෙහි අනතුරක් ද වෙයි. මිනිසුන් තමන්ගෙන් වැඩ ගැනීම පිළිබඳ ව යක්‍ෂයන් හා භූතයන් පසුවන්නේ යහපත් සිතින් නො වෙි. අවස්ථාව ලද කල්හි, අදාළ පුද්ගලයා යමි හේතුවක් නිසා දුර්වල වූ කල්හි, ඒ පුද්ගලයාට විණ කිරීමට භූතයෝ ඉදිරිපත් වෙති. අපේ සංස්කෘතියේ කොටසක් වූ සිංහල භාෂාව මේ සියල්ල ඉස්මතු කර දක්වයි. ආවේෂය, ආරූඪය, අණ විණ ආදී යෙදුම් ගැන සිතා බලන්න.

එසේ භූතයන්, මිථ්‍යාදෘෂ්ටික දෙවියන් ආදීන් ආවෙිෂ නොවූ අවස්ථාවල අපට අපේ මනස යනුවෙන් යමක් ඇති බව දැනෙයි. කලින් කියා ඇති ආකාරයට මගේ මනස මගේ සරමෙන් වෙනස් වෙයි. මා නොමැතිව මගේ සරම ගැන සිතන්නට හැකි වුවත්, මගේ සිරුර ගැන සිතන්නට හැකි වුවත්, මා නොමැතිව මගේ මනස ගැන සිතීමට නො හැකි ය. මගේ සරම මෙන් මගේ මනස පැත්තකින් තබා මට ඉවත්ව ගිය නො හැකි ය. මා යනු මගේ මනස මිස වෙනත් කිසිවක් නො වේ. මගේ මනස පුටුව උඩ හෝ අල්මාරියෙහි හෝ ඇත යනුවෙන් අපට කිව නො හැකි ය.

මා මිය යෑමෙන් පසු, එනමි වත්මන් භවය හැර යෑමෙන් පසු, සිරුර දිගින් දිගට ම දිරාපත් වී අවසානයේ දී නැතිවන නමුත් මගේ මනස ගැන එසේ කිව නො හැකි ය. මා මිය යෑමෙන් පසු අනෙක් භවයෙහි ලැගුම් ගන්නේ මනස ය. මා ඇති බව මා දැන ගන්නේ සිරුර නිසා නොව මනස නිසා ය. එහෙත් මනසක් යනුවෙන් කිසිවක් පවතින්නේ ද? මගේ මනස මගේ මනසෙන් තොර ව පවතින්නේ ද? මගේ මනස මගේ මනසෙන් තොරව මොහොතකටවත්, ක්‍ෂණයකටවත් පවතින්නේ ද?

මා ඇති බව මා දැනගන්නේ, අහංකාරය ආදී සියල්ල ඇතිවන්නේ මනස නිසා ය. අප ආත්මය යැයි කියන්නේ ද අපේ මනසෙහි සාරයට ම මිස වෙනත් දෙයකට නො වෙි. භවයෙන් භවයට සැරිසරන ආත්මයක් ගැන බමුණෝ විශ්වාස කළහ. එහෙත් බෞද්ධයෝ අනාත්මයක් ගැන කියති. මනස වුව ද වෙනස් වන බව තරමක් කල්පනා කළ විට ප්‍රත්‍යක්‍ෂ වෙයි. අපේ සිතුවිලි නිරන්තරයෙන් වෙනස් වෙයි. ඒ ඒ සිත ගන්නා අරමුණ වෙනස් වන බව දැන ගැනීමට බෞද්ධයකු වීමට අවශ්‍ය නැත. අපට දැන් මලක් ගැන සිතා ඊළඟ මොහොතෙහි, තරුවක් ගැන සිතිය හැකි ය.

ඒ ඒ චිත්තයෙහි අරමුණ වෙනස් වුවත් මනස යනු මේ චිත්ත පරම්පරාව, පිළිවෙළ යැයි ගත්තත් ඒ සියල්ල ඇතුළෙහි එහි සාරය නොවෙනස් ව පවතින බවත් ආත්මය යනු ඒ සාරය බවත් බමුණෝ විශ්වාස කළ හ. භවයෙන් භවයට සැරිසරන්නේ මේ සාරය වූ ආත්මය බව බමුණන්ගේ විශ්වාසය විය. අවසානයේ දී ආත්මය බ්‍රහ්මන් සමග එකතුවීමෙන් විමුක්තිය ලබාගත හැකි යැයි බමුණෝ විශ්වාස කළහ.

අද්වෛත වේදාන්තය අනුව ආත්මය බ්‍රහ්මන් සමග එකතුවීම යන්න වැරදි බව මෙහි දී සඳහන් කළ යුතු ය. එයට හේතුව අද්වෛත වේදාන්තයෙහි බ්‍රහ්මන් හැරෙන්නට වෙනත් කිසිවක් නොමැති වීම ය. බ්‍රහ්මන්ගෙන් වෙන් වූ ආත්මය යනුවෙන් යමක් ඇතැයි පැවසීම එවිට නිවැරදි නො වෙි. අද්වෛත වේදාන්තවාදීන් කියන ආකාරයට අප බ්‍රහ්මන්ගෙන් වෙන් වූ ආත්මයක් ගැන සිතන්නේ මායාව හේතුකොටගෙන ය. මායාව නැති කළ විට ඒකත්වය, එනමි බ්‍රහ්මන් වෙයි.

වෛදිකයන්ගේ, අද්වෛත වේදාන්තවාදීන්ගේ ඇතැමි දැනුමි පංචෙන්ද්‍රිය  ගෝචර නො වේ  බෞද්ධයන්ගේ ද ඇතැමි දැනුමි පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. ඒ දැනුමි පංචෙන්ද්‍රිය ගෝචර නොවූවත් ප්‍රත්‍යක්‍ෂයෙන් දන්නා දේ ය. එහෙත් ඒ ප්‍රත්‍යක්‍ෂය මනසෙන් පමණක් කෙරෙන්නෙකි. පංචෙන්ද්‍රිය ගෝචර දැනුමි ද ප්‍රත්‍යක්‍ෂයෙන් දැනෙයි. මේසයක් ඇති බව අපි ප්‍රත්‍යක්‍ෂයෙන් දනිමු. එහි දී පංචෙන්ද්‍රිය ද අනෙක් ඉන්ද්‍රිය වූ මනස ද එක්ව ක්‍රියා කරයි. අපි ප්‍රත්‍යක්‍ෂයෙන් මේසයක් ඇති බව දන්නේ මේ ඉන්ද්‍රිය හයේ ක්‍රියාකාරීත්වය නිසා ය.

එහෙත් එයින් කියැවෙන්නේ මේසයක් යනුවෙන් වස්තුවක් ඇති බව නො වේ. මේසය යන්න මනස ද ඇතුළු අපේ ඉන්ද්‍රිය පද්ධතියට සාපේක්‍ෂ වූ දැනුමක් පමණ ය. එය මනසේ නිර්මාණයකි. මේසයක් යනුවෙන් දෙයක් නොමැති විට අපි පංචෙන්ද්‍රිය හා මනස ආධාරයෙන් මනසට හා පංචෙන්ද්‍රියට සාපේක්‍ෂ ව මේසය යනුවෙන් ඊනියා වස්තුවක් නිර්මාණය කරමු.

අපේ ඊනියා ප්‍රත්‍යක්‍ෂ දැනුම එබඳු ය. මේ ප්‍රත්‍යක්‍ෂය හුදෙක් මනසෙන් පමණක් ද කළ හැකි ය. පංචෙන්ද්‍රිය නොමැති ව මනසෙන් පමණක් ප්‍රත්‍යක්‍ෂ කිරීම බොහෝ සංස්කෘතීන්හි තිබේ. සෘජුව දෙවියන් සමග කෙරෙන සම්බන්ධකම්වල දී පංචෙන්ද්‍රිය නොමැතිව මනසෙන් පමණක් ප්‍රත්‍යක්‍ෂ දැනුමක් ලබාගන්නේ යැයි සිතිය හැකි ය. පංචෙන්ද්‍රිය සමග සම්බන්ධ වී ලබාගත්ත ද නැත ද මනසෙන් ලැබෙන ප්‍රත්‍යක්‍ෂ දැනුම වාස්තවික වූවක්, එසේත් නැත්නමි යථාර්ථයක් යැයි නොසිතිය යුතු ය. ඒ සියල්ල මනසෙහි නිර්මාණ වෙයි. මනසට සාපේක්‍ෂ වෙයි.

ඇතැම් බෞද්ධයෝ තමන් පිළිගන්නේ පංචෙන්ද්‍රිය ගෝචර දැනුම පමණක් යැයි කියති. ඒ අය නොදැන සිටිය ද හුදෙක් පංචෙන්ද්‍රිය මත පමණක් ව ලැබෙන දැනුමක් නැත. පංචෙන්ද්‍රිය නැතිව මනසෙන් පමණක් ප්‍රත්‍යක්‍ෂ කළ හැකි දැනුමි තිබිණි ද, මනස නොමැතිව කිසිම දැනුමක් නො මැත. ඒ කෙසේ වෙතත් මේ බෞද්ධයන් පුනබිභවය පිළිගන්නේ කෙසේ ද යන ප්‍රශ්නය අපට වෙයි. පුනබිභවය පංචෙන්ද්‍රිය ගෝචර නො වෙි. අප බොහෝ දෙනකුට පුනබිභවය පිළිබඳ දැනුම මනසෙන් ලබාගත හැක්කක් ද නො වේ.

අපේ පෙර විසූ කඳ පිළිවෙළ දන්නෝ කී දෙනෙක් වෙත් ද? ඒ දැනුම එක්කෝ සම්‍යක්දෘෂ්ටික දෙවි කෙනකුගෙන් ලබාගත යුතු ය. එසේත් නැතහොත් භාවනාවෙන් සිත එක් අරමුණක පිහිටුවා ඒ දැනුම ලබාගත යුතු ය. අදෘෂ්‍යමාන බලවෙිග නැතැයි කියන පංචෙන්ද්‍රිය ගෝචර දැනුම පමණක් විශ්වාස කරන බෞද්ධයන්ට පුනබිභවයක් නැත. ඔවුහු භාවනාවෙන් එවැනි දැනුම් ලබාගැනීමට උත්සාහ කරන්නෝ නො වෙති. එසේ භාවනාවෙන් යම් දැනුමක් ලැබුණ ද පංචෙන්ද්‍රිය නොමැතිව එසේ ලබන දැනුම් ඔවුහු විශ්වාස කරත් ද?

අදෘශ්‍යමාන දෙවියන් නැතැයි කියන පංචෙන්ද්‍රිය  මත පමණක් වූ දැනුමක් ගැන විශ්වාස කරන බෞද්ධයන්ට පුනබිභවය ගැන දැන ගැනීමට ක්‍රමයක් නැත. ඔවුන් ඒ පිළිගන්නේ විශ්වාසය මත පදනම් ව විය යුතු ය. පංචෙන්ද්‍රිය ගෝචර දැනුමක් පමණක් ම ඉල්ලන මේ බෞද්ධයන්ගේ විශ්වාසය පදනම් වන්නේ කිනම් පංචෙන්ද්‍රිය මත ද? කිසිම සංගත බවක් නොමැති මේ බෞද්ධයෝ බටහිර විද්‍යාවට බිය වී එයට දණ්ඩ නමස්කාර කරමින් පංචෙන්ද්‍රිය නොඉක්ම වූ දැනුමක් ඉල්ලති.

ඔවුන්ට පුනබිභවය නැත. එසේ නම් අපි ඔවුන්ට බෞද්ධයන් යැයි කියමු ද? බෞද්ධයන්ගේ වෑයම නිවන් අවබෝධය ය. එනම් සසරින් ගැලවීම යෂ එතෙර වීම ය. එහෙත් මේ පංචෙන්ද්‍රිය  මත පමණක් පදනම් වන ඊනියා බෞද්ධයන්ට සසරක් නොමැති බැවින් ඔවුන්ට එතෙර වීමට දෙයක් නැත. එබැවින් ඔවුන්ට නිවන් අවබෝධය අවශ්‍ය නැත. එහෙත් මොවුන් තමන් බෞද්ධයන් ලෙස හඳුන්වා ගන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නයකි.

මොවුන් පංචෙන්ද්‍රිය ගෝචර වීම ගැන පඬි කතා කියන්නේ බටහිර විද්‍යාව පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් මත පමණක් පදනම් වන්නේ ය යන බොරුව හේතුකොට ගෙන ය. එහෙත් ඔවුහු බොහෝ දේ නෙ දනිති. ඉලෙක්ට්‍රෝන පමණක් නොව ගුරුත්වාකර්ෂණය ද පංචෙන්ද්‍රිය ගෝචර නොවන බව ඔවුහු නො දනිති. බටහිර විද්‍යාවෙි ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප පිළිගන්නා ඔවුහු සම්‍යක්දෘෂිටික හා වෙනත් දෙවියන් පිළිගැනීම ප්‍රතික්‍ෂෙප කරති!

Wednesday, 2 March 2011

ක්වොන්ටම් භෞතිකයෙන් නිරීක්ෂකයන් එළවමු

ඉන්ද්‍රිය ගෝචර නොවන ඉලෙක්ට්‍රෝනයක ගම්‍යතාව හෝ පිහිටීම හෝ වෙනත් ගුණයක් හෝ දැනගැනීම සඳහා “උපකරණයක්” අවශ්‍ය බව අපි කීවෙමු. ඒ අප වැනි නිරීක්‍ෂකයන්ට ය. වෙනත් වචනවලින් කිවහොත් අප වැනි නිරීක්‍ෂකයන්ට ඉලෙක්ට්‍රෝනයක් වැනි ඉන්ද්‍රිය ගෝචර නොවන ක්වොන්ටමි අංශුවක ගුණයක් මැනගැනීමට යමි “උපකරණයක්” අවශ්‍ය වෙයි. එවිට ඉලෙක්ට්‍රෝනය “උපකරණය” සමග ගැටී අපට යමිකිසි අගයක් ලබාදෙයි. අප වැනි නිරීක්‍ෂකයකු යනුවෙන් මෙහි දී බටහිර භෞතික විද්‍යාඥයන් අදහස් කරන්නේ විඥානයක්් සහිත නිරීක්‍ෂයෙකි.

අනිශ්චය මූලධර්මයට අනුව ඉලෙක්ට්‍රෝනයක හෝ වෙනත් ක්වොන්ටමි අංශුවක හෝ යමි ගුණයක් දත්විට එහි ප්‍රතිබද්ධ (conjugate) ගුණය දැනගත නො හැකි ය. නිරීක්‍ෂකයාට කිව හැක්කේ “උපකරණයක්” යොදාගනිමින් ප්‍රතිබද්ධ ගුණය මැන්නොත් එහි අසවල් අගය ’ලැබීමට අසවල් සමිභාවිතාව ඇති බව පමණ ය. නිරීක්‍ෂකයා ඒ ප්‍රතිබද්ධ ගුණය මනින තෙක් අංශුවෙහි එම ගුණය ගැන, එනමි එහි අගය ගැන නිරීක්‍ෂකයාට කිසිවක් කිව නොහැකි ය. කෝපන්හේගන් විවරණය අනුව ඒ ගුණය ගැන කතාකිරීම ද තේරුමක් නැත.

එම විවරණය අනුව එයටත් වඩා දෙයක් කියැවෙයි. ඒ අනුව අදාළ ප්‍රතිබද්ධ ගුණයට අගයක් ලබාදෙන්නේ නිරීක්‍ෂකයා ය. අප මෙය තරමක් දුරට තවත් විග්‍රහ කළ යුතු ය. ඒ සඳහා අංශුවක පිහිටිම හා ගම්‍යතාව යන ප්‍රතිබද්ධ ගුණ සලකමු. අප අංශුවක ගම්‍යතාව (ඒ සමග ශක්තිය) දන්නේ නමි එවිට එහි පිහිටීම ගැන අපට කිසිවක් කිව නො හැකි ය. අංශුව අසවල් තැන නිශ්චිත ව ඇතැයි කීමට අපට නො හැකි ය. අපට කිව හැක්කේ අප අංශුවෙි පිහිටීම දැන ගැනීම සඳහා “උපකරණයක්” යොදාගතහොත් එහි ප්‍රතිඵලයක් ලෙස අංශුවට අසවල් තැන පිහිටීම සඳහා අසවල් සමිභාවිතාවක් ඇත යන්න ය. දැන් අපට අදාළ “උපකරණය” යොදාගැනීමෙන් අංශුවෙි පිහිටීම දැනගත හැකි ය. එවිට අංශුවට පිහිටිය හැකි ස්ථානවලින් එකක් ලැබෙනු ඇත.

කෝපන්හේගන් විවරණයට අනුව අංශුවෙි පිහිටීම මැනීමට පෙර එයට පිහිටීමක් නැත. වෙනත් අයුරකින් කිවහොත් එසේ අංශුවෙි පිහිටීම මැනීමට පෙර අපට අංශුවෙි පිහිටීම නිරීක්‍ෂණය කළ නො හැකි ය. බටහිර ඉන්ද්‍රියානුභූතවාදය (positivism) අනුව නිරීක්‍ෂණය කළ නොහැකි දේ ගැන කතාකිරීමෙි තේරුමක් නැත. එබැවින් අංශුවෙි පිහිටීම මැනීමට පෙර අංශුවෙි පිහිටීම ගැන කතාකිරීම තේරුමක් ඇති දෙයක් නො වෙි. අපට කළ හැක්කේ අංශුවෙි ගම්‍යතාව මෙපමණ යැයි කීම පමණකි. ඒ ගම්‍යතාව නිරීක්‍ෂණය කර ඇති බැවිනි. අංශුවෙි ගම්‍යතාව අපට ප්‍රත්‍යක්‍ෂ වෙි. එහෙත් එවිට පිහිටීම ප්‍රත්‍යක්‍ෂ නො වෙි. මෙහි දී ප්‍රත්‍යක්‍ෂ යන්න පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂය පමණක් වෙි. බටහිර ඉන්ද්‍රියානුභූතවාදයට වෙනත් ප්‍රත්‍යක්‍ෂයක් නැත.

අංශුවක ගම්‍යතාව ප්‍රත්‍යක්‍ෂ වී ඇති විට අපි එහි පිහිටීම දැනගැනීම සඳහා යමි “උපකරණයක්” යොදාගනිමු. එහි ප්‍රතිඵලයක් ලෙස අංශුවට යමි පිහිටීමක් ලැබෙයි. ඉන් අදහස් කරන්නේ අංශුවට පිහිටීම ලබාදෙන්නේ නිරීක්‍ෂකයා ය යන්න ද? කෝපන්හේගන් විවරණයට අනුව නමි ඒ එසේ ය. එසේ වන්නේ නිරීක්‍ෂකයා අංශුවෙි පිහිටීම “උපකරණයක්” යොදා දැනගැනීමෙන් පසුව පමණක් අංශුවට පිහිටීමක් ලැබීම ය. එහෙත් බටහිර ඇතැමි භෞතික වි්‍යාඥයෝ ඒ විවරණය හා ඉන් ලැබෙන නිගමන නො පිළිගත් හ. ඒ අතර අයින්ස්ටයින් විද්වතා ද විය.

අප කෝපන්හේගන් විවරණය සමග එකඟ නොවන්නේ අයින්ස්ටයින් විිද්වතා ඇතුළු පිරිසක් ඒ නොපිළිගන්නා නිසා නො වෙි. ඔවුන් ඒ සමග එකඟ නොවූයේ බටහිර වාස්තවික යථාර්ථවාදීන් ලෙස ය. කෝපන්හේගන් විවරණයෙන් ලැබෙන නිගමනයකට විරුද්ධව අයින්ස්ටයින් පොඩොල්සිකි රොසන් යන විද්වතුන් තිදෙනා නමින් හැඳින්වෙන විසංවාදයක් ද වෙයි. සාමාන්‍යයෙන් ඊපිආර් විසංවාදය (EPR Paradox) නමින් හැඳින්වෙන එයින් කියැවෙන්නේ ඇතැමි භෞතික පද්ධතියක යමි ගුණයක් මැනීමට පෙර එහි අගය කල්තබා නිගමනය කළ හැකි බවත් එහෙත් ක්වොන්ටමි භෞතික විද්‍යාවෙන් එය තේරුමි කර දිය නොහැකි බවත් ය. එහෙත් කෝපන්හේගන් විවරණයේ නියමුවකු වූ බෝර් පඬිවරයා එයට සාර්ථක පිළිතුරක් දුන්නා පමණක් නොව 1982 දී ඇස්පෙ නමි ප්‍රංශ විද්‍යාඥයෙක් පරික්‍ෂණයක් මගින් බෝර් පඬිවරයා නිවැරදි බව පෙන්වා දුන්නේ ය.

බටහිර යථාර්ථවාදීන් විසින් කෝපන්හේගන් විවරණයට විරුද්ධව ඉදිරිපත්කරන ලද තර්ක නිෂ්ප්‍රභ වී ඇති බැවින් ඒ ගැන වැඩිදුර සාකචිඡාවක් අනවශ්‍ය වෙි. එහෙත් යමිකිසි අගයක් මැනීමට නිරී’ක්‍ෂකයකු අවශ්‍ය ද යන්න අපට ප්‍රශ්නයක් වෙයි. අප කෝපන්හේගන් මතය පිළිගතහොත් අංශුවල හා පද්ධතිවල ප්‍රතිබද්ධ ගුණ ලැබෙන්නේ නිරීක්‍ෂකයන් මැදිහත් වී නිරීක්‍ෂණ කළහොත් පමණකි. මෙි නිරීක්‍ෂකයන් සවිඥානික නිරීක්‍ෂකයන් විය යුතු බව අවිවාදයෙන් පිළිගැනෙයි. මෙයින් අදහස් වන්නේ විඥානයක් සහිත නිරීක්‍ෂකයන් නොමැතිව ක්වොන්ටමි අංශුවල හා පද්ධතිවල ප්‍රතිබද්ධ ගුණ දැනගැනීමට නොහැකි බව ය. බටහිරයන් විඥානයක් සහිත නිරීක්‍ෂකයන් ලෙස මෑතක් වන තුරුම සැලකුවෙි දෙවියන් වහන්සේ හා මිනිසුන් පමණ ය. දැන් බටහිර විද්‍යාඥයන්ගෙන් කිහිප දෙනකු තිරිසන් සතුන්ට ද විඥානයක් ඇති බව පිළිගැනීමට සූදානමි බව පෙනෙයි.

අපි විශ්වය පැත්තකට දමමු. අපේ ක්‍ෂිරපථ මන්දාකිණිය ද පෘථිවිය හැරෙන්නට සෙසු සෞර්ය ග්‍රහ මණ්ඩලය ද පැත්තකට දමමු. මෙි පෘථිවියේ වුවත් තවමන් මිනිස් ඇසකට නොගැටුණු පෙදෙස් කෙතරමි වෙි ද? ඒ ප්‍රදේශවල නිරීක්‍ෂණ කිරීමට මනුෂ්‍ය නිරීක්‍ෂකයන් නැත. එයින් කියැවෙන්නේ ඒ ප්‍රදේශවල ක්වොන්ටමි අංශුවල හා පද්ධතිවල ඇතැමි ප්‍රතිබද්ධ ගුණ තවමත් නිරීක්‍ෂණය වී නොමැති බව ද? උදාහරණයක් වශයෙන් ගතහොත් පරමාණුවක ක්‍ෂයවීම නිරීක්‍ෂණය කිරීමට මනුෂ්‍ය නිරීක්‍ෂකයකු නොසිටියහොත් ඒ පරමාණුව ක්‍ෂය නොවී පවතින්නේ ද? එසේත් නැත්නමි පරමාණුව ක්‍ෂයවීම හා ක්‍ෂයනොවීම යන අවස්ථා දෙකෙහි ම පසුවන්නේ ද?

මෙි ප්‍රශ්නය සුප්‍රසිද්ධ ෂ්රොඩිංගර්ගේ බළලා සමිබන්ධයෙන් ඇසිණි. මෙි ෂ්රොඩිංගර් විසින් ඉදිරිපත්කරන ලද චිත්ත පරීක්‍ෂණයකි. අපි මෙය කලින් සාකචිඡාකර ඇත්තෙමු. ඉතා දළ වශයෙන් කිවහොත් ඒ පරීක්‍ෂණයෙහි මනාව වසන ලද කාමරයක ඇති බළලකුගේ ජීවිතය පරමාණු කැටියක් සමග බැඳී ඇත. ඉන් පරමාණුවක් ක්‍ෂය වුවහොත් බළලා ජීවිතක්‍ෂයට පැමිණෙයි. කිසිදු පරමාණුවක් ක්‍ෂය වී නොමැති නමි බළලා ජීවත් වෙයි. දැන් පරමාණුවක් ක්‍ෂය වී ඇති අවස්ථවෙහි මෙන් ම ක්‍ෂය නොවී ඇති අවස්ථාවෙහි ද පසුවන්නේ නමි (ප්‍රතිබද්ධ ගුණයක් ලෙස) එවිට බළලා ද ජීවත් වී මෙන් ම මියගොස් ද සිටිය යුතු ය.

ඒ ඉතා අස්වාභාවික තත්වයක් බව අමුතුවෙන් කිවයුතු නො වෙී. ෂ්රොඩිංගර් විද්වතා බළලාගේ ජීවිතය පිලිබඳ ප්‍රශ්නය බෝර් විද්වතා ප්‍රමුඛ කෝපන්හේගන් විවරණ මණ්ඩලයට යොමු කළ විට ලැබුණේ සුපුරුදු පිළිතුර ය. එනමි කාමරය හැර නිරීක්‍ෂණය කරන තුරු ඒ ගැන කතාකිරීම තේරුමක් නැති දෙයක් බව ය. එහෙත් බළලාට එය ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්නයකි. බටහිරයන්ට බළලාට විඥානයක් නැතැයි කියා ඇඟ බෙිරාගත හැකි ය. එහෙත් අපට එසේ කළ නො හැකි ය. ජීවිතයක් යනු ජීවිතයකි.

අනෙක් අතට බටහිරයන්ට මෙහි දී ගැලවීමට තවත් විකල්පයක් වෙයි. බළලාට විඥානයක් තිබිණි නමි ඌ ඒ සියල්ල නිරීක්‍ෂණය කරන බවත් එවිට තමා මියගොස් ඇත් ද නැත් ද යන්න වග බළලාට ම දැනගත හැකි වන බැවින් ප්‍රශ්නය එතැනින් කෙළවර වන බවත් ඔවුන්ට කිවහැකි වෙයි. එහෙත් බළලාට විඥානයක් නැත්නමි ඌට එක්විට ම ජීවත්වීමට හා මියයෑමට සිදුවෙි ද? බෝර් විද්වතා ඇතුළු කෝපන්හේගන් විවරණය අනුගමනය කරන්නන් බටහිර ඉන්ද්‍රියානුභූතවාදය අනුව යමින් නිරීක්‍ෂණය කරන තෙක් ඒ ගැන කතාකිරීම තේරුමක් නැතැයි කීව ද එය පිළිගත හැකි නො වෙි. එලෙසම මිනිස් ඇසකට නොගැටුණු පෙදෙස්වල පරමාණු තවමත් ක්‍ෂය වූ අවස්ථාවෙි මෙන් ම ක්‍ෂය නොවු අවස්ථාවෙි ඇතැයි යන්න ද පිළිගත නො හැකි ය. එය චතුස්කෝටිකයේ අන්ත හතරෙන් ඒකාන්ත පිළිතුරක් දිය යුතු අවස්ථාවකි.

ඇතැමි බටහිරයෝ විඥානය සහිත නිරීක්‍ෂකයා ලෙස මෙවැනි අවස්ථාවල දී දෙවියන් වහන්සේ ඉදිරිපත් කරති. ඒ එසේ නමි ෂ්රොඩිංගර්ගේ බළලා පිළිබඳ ප්‍රශ්නයේ දී ද යෙදිය හැකි ය. දෙවියන් වහන්සේගේ විඥානය හැම තැනම හැම විට ම ඇතැයි කියන බැවින් පරමාණුව ක්‍ෂයවීම ද දෙවියන් වහන්සේගේ විඥානයට හසුවිය යුතු ය. එවිට බළලා ජීවත්වන්නේ ද මියගොස් ඇත් ද යන වග ද දෙවියන්වහන්සේ දැනගත යුතු ය. එහෙත් අවාසනාවකට එවිට බළලා සමිබන්ධ තවත් කරුණු ද දෙවියන් වහන්සේගේ විඥානයට හසුවිය යුතු ය.

අපි මෙි ප්‍රශ්නයේ දී ද ක්වොන්ටමි භෞතිකය පිළිබඳ වෙනත් කරුණුවල දී ද ඊනියා නිරීක්‍ෂකයා පළවා හරිමු. මෙි නිරීක්‍ෂකයා බටහිර ඉන්ද්‍රියානුභූතවාදය නිසා ක්වොන්ටමි භෞතික විද්‍යාවට රිංගාගත් තැනැත්තෙකි. කලක දී මම ද මෙි නිරීක්‍ෂකයා ඇතැයි විශ්වාස කළෙමි. යථාර්ථය, වාස්තවිකත්වය ආදිය මෙි නිරීක්‍ෂකයා අතින් නැතිවන්නේ ය යනු මගේ වැටහීම විය. එහෙත් දැනුමෙි සාපේක්‍ෂත්වය රඳා පවතින්නේ මෙි නිරීක්‍ෂකයා මත නොවන බව මගේ ලෝකය කෘතියෙහි තුන්වැනි මූද්‍රණය නිකුත්කරන කාලයෙහි දී ද මට අවබෝධ වී තිබිණි. දැනුමෙි සාපේක්‍ෂත්වය යන්න ක්වොන්ටමි භෞතිකය මත පදනමි වන්නක් නොවන බව ඒ කෘතියෙහි තුන්වැනි මුද්‍රණයට ලියන ලද පෙරවදනෙහි සඳහන් කර ඇත.

අපි ක්වොන්ටමි භෞතිකයෙන් සියළු නිරීක්‍ෂකයන් එළවා දමමු. නිරීක්‍ෂකයන් ඇතත් නැතත් පරමාණු ක්‍ෂය වෙයි. පරමාණුව ක්‍ෂය වී ද නැත් ද යන්න සිදුවීමට නිරීක්‍ෂකයකු අවශ්‍ය නො වෙි. නිරීක්‍ෂකයා සිටියත් නැතත් පරමාණුව එක්කෝ ක්‍ෂය වී තිබිය යුතු ය. නැත්නමි ක්‍ෂය නොවී තිබිය යුතු ය. එසේ නමි ඒ යථාර්ථයක් ද වාස්තවිකත්වයක් ද ආදී ප්‍රශ්න ඇසිය හැකි ය. ඒ කිසිසේත් ම එසේ නො වෙි.

දැනුමෙහි සාපේක්‍ෂත්වය යනු හුදු නිරීක්‍ෂණය පමණක් නො වෙි. පරමාණුව පරමාණුව ලෙස ගැනීම ම සාපේක්‍ෂ ය. ඒ දැනුම ඇත්තේ ඇතැමි සංස්කෘතිවල පමණකි. පරමාණුව යන්න පවා සෑම සංස්කෘතියකට ම පොදු වූ දැනුමක් නො වෙි. බටහිර විද්‍යාවෙි වුව ද පරමාණුව යන එකම වචනය යොදා ගත්ත ද විවිධ පුද්ගලයන්ගේ පරමාණුව පිළිබඳ සංකල්ප වෙනස් ය. ග්‍රීකයන්ගේ පරමාණුව නො සැලකුව ද රදර්ෆඩි විද්වතාට පෙර බටහිර භෞතික විද්‍යාවෙි පරමාණුව සමිබන්ධයෙන් තිබූ සංකල්පය එතුමාගෙන් පසුව වෙනස් විය. රදර්ෆඩි විද්වතාට පෙර තිබුණේ පඨවි ධාතුවෙන් ආඪ්‍ය වූ පරමාණුවකි. එහෙත් ඉන්පසුව පරමාණුවෙි මැද න්‍යෂ්ඨියක් තිබූ අතර ඈතින් ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ඨිය වටා ගමන් කෙළේ ය. පරමාණුවෙි වැඩියෙන් වූයේ හිස් අවකාශයකි. බෝර් විද්වතා ඒ පරමාණුව ද වෙනස් කෙළේ ය. අද පරමාණුව යනු ෂ්රොඩිංගර් සමීකරණයේ විසඳුමකි.