Main Logo

Wednesday 28 February 2018

රංගෙ බණ්ඩාර සරණ යෑම



රංගෙ බණ්ඩාර සරණ යෑම


ඒකාබද්ධ විපක්‍ෂය ජනතාව රැවටුවා හොඳට ම ඇති. ඔවුන් රනිල් විවේචනය කරමින් පමණක් කාලය ගත නොකර රනිල් ඉවත් කිරීමට කටයුතු නොකරන්නේ ඇයි? රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන බවට ඒකබද්ධ විපක්‍ෂය පාරම්බෑවේ බැඳුම්කරයට සම්බන්ධවයි. අද සක්‍රීය බැරකම් කළමනාකරණ පනතක් ගේන්න යනවා. ඒ රනිල් හා වෙනත් එ ජා පාක්‍ෂික ඇමතිවරුන් ආරක්‍ෂා කිරීමට බව පැහැදිලියි. ඒ පනත් කෙටුම්පත විවේචනය කළ යුතුයි. එහෙත් එය ප්‍රමාණවත් නැහැ. ඒකාබද්ධ විපක්‍ෂය විවේචන කරන්නේ 2019 ජනාධිපතිවරණය හා 2020 පාර්ලිමේන්තු මැතිවරණය බලාගෙන බව පැහැදිලියි. අද කළ යුත්ත රනිල් ඉවත් කිරීමයි. අද රනිල් ඉවත් නොකළොත් ජනාධිපතිවරණ මැතිවරණ නොතියන්නත් ඉඩ තියෙනවා. මෛත්‍රිපාලට විරුද්ධ ව දෝෂාභියෝගයක් ගෙනැවිත් රනිල් ජනාධිපති පුටුවට පැන ගැනීමටත් ඉඩ තියෙනවා. එට්කා පමණක් නොව නව ව්‍යවස්ථාවත් මොන ක්‍රමයකට නමුත් සම්මත කර ගන්නත් ඉඩ තියෙනවා. රනිල් ඊනියා ව්‍යවස්ථා මණ්ඩලය  කෙසේ යොදා ගනීවිද යන්න පිළිබඳ ව ඒකාබද්ධ විපක්‍ෂයට නිශ්චිත දැනුමක් තියෙනවා ද? රනිල් තමා 1972 බණ්ඩාරනායක මැතිණිය අනුගමනය කරනවා යැයි කියන්න ඉඩ තියෙනවා.

Tuesday 27 February 2018

රනිල් අවශ්‍ය කාහට ද?



රනිල් අවශ්‍ය කාහට ද?


කලකට පෙර බැඳුම්කර ඝෝෂාව තියෙන කාලයේ ඒකාබද්ධ විපක්‍ෂය රනිල්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට උනන්දුවක් දැක්වූවා. ඒ උනන්දුව අද නැත්තේ ඇයි? අද එ ජා ප මන්ත්‍රීවරුන් රනිල්ට විරුද්ධව කැරළි කතා කරනවා. මා ඒවාට කැරළි ගසනවා කියන්නේ නැහැ. විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන එක පහසු නැහැ. විශේෂයෙන් ම කරු ජයසූරිය වැනි ඊනියා අපක්‍ෂපාත කතානායකයකු සිටින විට. බොහෝ දෙනා කියන්නේ මෛත්‍රිපාලට කොන්දක් නැහැ කියලයි. ඒත් අද කොන්දක් තියෙන දේශපාලනඥයන් කී දෙනකු ඉන්නවා ද?

Monday 26 February 2018

නැති රෙද්ද සේදීම



නැති රෙද්ද සේදීම


මහින්ද ජාතිකත්වය නියෝජනය කිරීම යනුවෙන් ඊයේ පළ වූ ලිපිය වෙන දා ලිපි කියවන අයවත් කියවලා නැති බව පැහැදිලියි. මහින්දවාදීන්ට මේ ලිපි අරුචි වෙන්න පුළුවන්. ඔවුන් කැමති වුවත් නැතත් ඒ ලිපියේ ඉතිරි කොටස් පසුව පළවේවි. අද පුවත්පත්වල පළ වී ඇති ප්‍රවෘත්ති දෙකකට අවධානය යොමු කරනවා. ඉන් එකක් රෝහල්වල රෙදි සේදීම ගැන. අනෙක ආණ්ඩුවේ රෙදි සේදීම ගැන. පසුගිය මැතිවරණ සමයේ දී මෛත්‍රිපාල කියා සිටියා කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන කටයුතු කිරීමක් ගැන. එසේ වීමේ දී රෙද්ද ද කිළිටි වෙනවා. ඒ රෙදි සෝදාගන්න එකයි අද ප්‍රශ්නය.

Sunday 25 February 2018

මහින්ද ජාතිකත්වය නියෝජනය කිරීම



මහින්ද ජාතිකත්වය නියෝජනය කිරීම


අද දිවුරුම් දෙන ඇමති මණ්ඩලයට ඒකාබද්ධ විපක්‍ෂයෙන් කිසිවකුවත් එකතු වේ දැයි මා දන්නේ නැහැ. රනිල් ඉවත් කර ඒකාබද්ධ විපක්‍ෂයේ කිහිප දෙනකු ඇමති මණ්ඩලයට එක්වන්නේ නම් හොඳයි. එහෙත් එය වළක්වන්නේ ඇතැම් රාජපක්‍ෂලා හා ඔවුන් වටේ සිටින්නවුන්. නාමල් රාජපක්‍ෂ අද විශේෂිත බලයක් අත්කර ගෙන. මේ අය පිටුපස ඉන්නේ කවුද කියා මා කියන්නේ නැහැ. අද මේ රටේ මෛත්‍රිපාලගේ හිත කියවන්න දන්න පඬියන් ඉන්නවා. ඔවුන් කියන්නේ මෛත්‍රිපාලට රනිල් ඉවත් කිරීමට වුවමනාවක් නැති බවයි. හැම දෙයක් ම කුමන්ත්‍රණ හා රඟ පෑම් ඇසුරෙන් තේරුම් කරන පඬියන්ගෙන් රටට වැඩක් නැහැ. ඔවුන් දාර්ශනිකයන් වුවත් වැඩක් නැහැ. මහින්ද කරන්නේ රඟ පෑමක් නොවේ යැයි ද මෛත්‍රිපාල හා රනිල් රඟ පෑම් කරන්නේ යැයි ද පැවසිය හැක්කේ ජී එල් පීරිස් ගණයේ ඊනියා විද්වතුන්ට පමණයි.

Saturday 24 February 2018

රනිල් මුල දී පත් කිරීම හා ඉවත් කිරීම


රනිල් මුල දී පත් කිරීම හා ඉවත් කිරීම


මෙරට ඇතැම් තරුණයන් කටයුතු කරන ආකාරය තේරුම් ගැනීමට අමාරුයි. පඬි පෝතකයකුට මා ගැන කණගාටුවක් හිතිලා. මා කියා සිටියා (මෙය කලිනුත් කියා තිබෙනවා) 2005 ජනවාරි නවවැනි දා මෛත්‍රිපාල අගමැති ලෙස රනිල් පත් කෙළේ දි මු අගමැතිව සිටිය දී ම කියා. එදින දිවුරුම් උත්සවයේ දී එවැනි අස් කිරීමේ ලිපියකට මෛත්‍රිපාල අත්සන් කරනවා නම් කළ යුත්තේ ඔහු දිවුරුම් දීමෙන් පසු හා රනිල් දිවුරුම් දීමට පෙර. එවැන්නක් අත්සන් කළ බවක් අප දුටුවේ නැහැ. එමෙන් ම එදින කිසිම විස්තර ප්‍රචාරයක එ බවක් ඒ මොහොතේ හෝ වෙනත් අවස්ථාවක හෝ ප්‍රචාරය වුණේ නැහැ. ඒ සා වැදගත් ප්‍රවෘත්තියක් ප්‍රචාරය නොකර සිටීමට කිසිම හේතුවක් නැහැ.

Friday 23 February 2018

පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමිපාණෝ



පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමිපාණෝ

පූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමිපාණන් වහන්සේගේ අපවත් වීම පිළිබඳ පුවත අසා ඉමහත් සංවේගයට පැමිණියා. උන්වහන්සේ ගාල්ලේ මහින්ද විද්‍යාලයෙන් ලංකා විශ්වවිද්‍යාලයට ඇතුුළු වී ඇත්තේ ගිහි ශිෂ්‍යයකු ලෙස ය. පාලි භාෂාව පිළිබඳ ප්‍රථම පංතියේ උපාධියක් එතුමා ලැබූ බව මගේ විශ්වාසයයි. ඉන්පසු එතුමා විශ්වවිද්‍යාලයෙහි සහකාර කථිකාචාර්යවරයකු ලෙස සේවය කරමින් සිටිය දී පැවිදි වී තියෙනවා. ඤාණනන්ද හිමියන් ඉන්පසු ආරණ්‍ය කිහිපයක ම වැඩ විසුයේ බුදුදහම පිළිබඳ පොතපත සම්පාදනය කරමින් ධර්මදේශන පවත්වමින් ආධ්‍යාත්මික දියුණුවක් අත්පත් කර ගනිමින්. උන්වහන්සේ ටික කලක් අසනීප ව පසු වී තියෙනවා.

Thursday 22 February 2018

ටොයියන්ගේ ලෝකයේ හිර වූ බයියෝ



ටොයියන්ගේ ලෝකයේ හිර වූ බයියෝ


මේ රටේ තරම් උගතුන් වෙනත් රටක නැතිව ඇති. ඔවුන් අද සතුටු වෙනවා ඇති අප කිහිප දෙනකු මෛත්‍රිපාලට රැවටුණා කියලා. ඔවුන් නොරැවටීම ගැනත් සතුටු වෙනවා ඇති. මට ප්‍රශ්නයක් තියෙනවා. ජී එල් පීරිස් රැ වැටුණු වළේ දවල් වැටුණ ද කියලා.  පොහොට්ටුවේ නායකයන් මෛත්‍රිපාලට සහාය දෙන බව කිව්වා. ඒ රැවටීමක් ද රැවැට්ටවීමක් ද? මෛත්‍රිපාල හොඳ යහපත් අයකු යැයි මා කියන්නේ නැහැ. අනෙක් අය ගැනත් එසේ කියන්නේ නැහැ.

Wednesday 21 February 2018

රනිල්ට එරෙහිව රනිල්



රනිල්ට එරෙහිව රනිල්


ජනාධිපති තමාට ප්‍රශ්නයක් තියෙන බව කියනවයි කියලා ආරංචියක් තියෙනවා. ඒක පළවෙලා තියෙන වෙබ් අඩවිය විශ්වාස කිරීම තරමක ප්‍රශ්නයක්. ඒත් අපි ප්‍රශ්නය සාකච්ඡා කරමු. ඒ වෙබ් අඩවිය විශ්වාස කරන නිසා නොව අපට යමක් ඉගෙන ගැනීමට. අගමැති ඉවත් කළොත් එය ව්‍යවස්ථානුකූල නොවන බව කියා දෝෂාභියෝගයක් ගෙන ඒමට සැලැස්මක් තියෙනවලු.  අපි හිතමු එය ඇත්තක් කියලා.

Tuesday 20 February 2018

රනිල් හා මහින්දවාදීන්



රනිල් හා මහින්දවාදීන්


මේ රටේ ප්‍රධාන ප්‍රශ්නය උගතුන් ය. ඊළඟ ප්‍රශ්නය රනිල් ය. දෙවැනි ප්‍රශ්නය විසඳා ගැනීමට බැරිව ඇත්තේ පළමු ප්‍රශ්නයට විසඳුමක් නැති බැවිනි. උගතුන් යන්නට සාමාන්‍ය පෙළ සමත් වූවන්ගේ සිට පශ්චාත් උපාධිධාරීන් ද දේශපාලනඥයන් ද රාජ්‍ය නොවන ආයතනවල සාමාජිකයන් ද ව්‍යාපාරිකයන් ද වෙනත් එවැනි අය ද ඇතුළත් වෙනවා. දැන් උසස් පෙළ සමතකු අහන්න පුළුවන් දේශපාලනඥයන් උගතුන් වන්නේ කෙසේ ද කියා. ඔවුන් අත්දැකීමෙන් ජනතාව සමග ගැවසීමෙන් ලබාගත් උගත් කමක් තියෙනවා. මට නම් මේ කිසිම උගත්කමක් නැහැ. කැනඩාවේ ඉන්නා ගුරු උගතකු කියා තිබුණා මගේ පශ්චාත් උපාධිය පිනට ලැබුණු එකක් බවත් එංගලන්තයේ විශ්වවිද්‍යාල අදක්‍ෂ ශිෂ්‍යයන්ට ඉක්මණින් උපාධි ලබා දී පිටත් කර යවන බවත්.  මගේ උසස් පෙළ (ඒ දිනවල විශ්වවිද්‍යාල ප්‍රවේශය) ප්‍රශ්න කරන අයත් ඉන්නවා. මා රසායන විද්‍යාව අසමත්. මට ජනතාව සමග ගණුදෙනු කිරීමටත් තේරෙන්නේ නැහැ.

Monday 19 February 2018

රනිල් ඉවත් කිරීම තීරණය කිරීම නීතිපතිට නොපැවරිය යුතුයි



රනිල් ඉවත් කිරීම තීරණය කිරීම නීතිපතිට නොපැවරිය යුතුයි


පළාත් පාලන ආයතන මැතිවරණය පවත්වා සතියකට වඩා කල් ගත වෙලා. ඒත් තාමත් ආයතනවල මන්ත්‍රීන් මන්ත්‍රිනියන් තෝරා ගෙන නැහැ. එයට එක් හේතුවක් වී ඇත්තේ පළාත් පාලන මැතිවරණ ආඥා පනතේ ඇති නොපැහැදිලි තැන්. පනත අනුව සමානුපාතික ක්‍රමය යටතේ 40%ක් නොව 100% ක්ම මන්ත්‍රීවරු පත්වෙලා. මනාපත් නැහැ. ඒ නිසා පක්‍ෂ ලේකම්ලාට කණ්ඩායම් නායකයන්ට මන්ත්‍රීවරුන් බොහෝ ගණනක් නම් කිරීමේ අවස්ථාව හිමිවෙලා. කාන්තා නියෝජනය ගණනය කරන්නේ කෙසේ ද යන්න ආඥා පනතේ සඳහන් වන්නේ නැහැ. 25%ක් කාන්තා නියෝජනය තිබිය යුතු ය කී පමණින් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ.

Sunday 18 February 2018

මන්ත්‍රීවරු 113 ඇතත් නැතත් රනිල් ඉවත් කරමු


මන්ත්‍රීවරු 113 ඇතත් නැතත් රනිල් ඉවත් කරමු


බොහෝ දෙනා මට රනිල් ඉවත් කිරීම පිළිබඳ ව කියනවා. එක් තරුණයකු කිව්වේ අගවිනිසුරු අස්කළ අන්දමට එක් නිවේදනයකින් අගමැති අස් කරන්න පුළුවන් කියා. මෙරට බොහෝ දෙනකු කතා කරන්නේ යම් දැනුමක් (නීතියක්  ඇතුළු) වලංගු වන්නේ කිනම් පරාසයක ද කියා සෙවිල්ලක් නැතිව. එනම් දැනුමක් වලංගු වන හතරමායිම ගැන නොදැන. දහනවවැනි සංශෝධනයට පෙර හා පසු යන වෙනසත් ඇතැමුනට තේරෙන්නේ නැහැ. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර අගවිනිසුරු ඉවත් කළ ආකාරය හා දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු අගමැති වෙනස් කරන ආකාරය දෙකක්. අතන එහෙම කළා නම් මෙතන මෙහෙම කරන්න පුළුවන් කියා කියන්න බැහැ.

Saturday 17 February 2018

ව්‍යවස්ථා අර්බුදයක් නැහැ රනිල් ඉවත් කළ හැකියි

ව්‍යවස්ථා අර්බුදයක් නැහැ රනිල් ඉවත් කළ හැකියි


සිංහල බෞද්ධ සංස්කෘතියේ ඉදිරිය පෙනෙන්නන්ට කල්පනා කරන්නන්ට එතරම් පිළිගැනීමක් නැහැ. පණ්ඩිතයට ඒදණ්ඩෙ යන්න බැහැ, ගඟ හත්ගව්වක් තියෙද්දි අමුඩ ගහනව වැනි කතා අප අතර තියෙනවා. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය මොන තරම් අවුලක් මවල ද කියලා දැන් තේරෙනවා. අප ඒකට විරුද්ධ වන්න කියද්දි  සරත් වීරසේකර හා ජානක බණ්ඩාර හැර අනෙක් අය විවිධ හේතු නිසා එයට සහාය දුන්නා. පළාත් පාලන ආයතන මැතිවරණ පනතෙ 60-40 අනුපාත ක්‍රමය හා කාන්තා නියෝජනය හරිහැටි සූත්‍රගත කරලා නැහැ. අනුපාත ක්‍රමයට මන්ත්‍රී ධුර 40%ක් හිමිවන්න ඕන. ඒත් දැන් එය ගණනය කරන විධිය වැරදියි. අනුපාත නියෝජනත්වය ගණනය කරන්නෙ 40% ලෙස නොව 100% ලෙස. ඒ නිසා කොට්ඨාස ක්‍රමයට වැඩි මන්ත්‍රී ධුර දිනාගන්නා පක්‍ෂයට අවාසියක් වෙනවා.  25% කාන්තා අනුපාතය අනුව ඇතැම් පක්‍ෂවලට කාන්තාවන් කාලක් බාගයක් තෝරා ගන්න වෙන අවස්ථාවල මොකක් ද කරන්නෙ කියන එක නීතියේ සඳහන් වෙන්නෙ නැහැ. දැන් මැතිවරණ කොමිසම කතා කරනවා කාන්තා නියෝජනය සංශෝධනය කරන්න. එහෙම කළොත් (කරන්න පුළුවන් ද?) කාන්තා නියෝජන ප්‍රශ්න නිසා ප්‍රතික්‍ෂෙප කළ නාම යෝජනාවලට මොකද වෙන්නෙ. මහරගම නැවත ඡන්දය පවත්වනවා ද? අප කටයුතු කරන්නෙ හැඟීම්වලට මුල් තැන දීලා. කල්පනා කිරීම බොහොම අඩුයි.

Friday 16 February 2018

අවසාන දින කිහිපය



අවසාන දින කිහිපය


අද රටේ දේශපාලන තත්වය අවුල්. විදේශිකයන් ප්‍රසිද්ධියේ ම මෙරට දේශපාලනයට අත දානවා. රනිල් විරෝධී දේශපාලනඥයන්  එක් එක් අය ඒ ඒ වෙලාවට එක් එක් දේ කියනවා. උදේට කියපු දේ නොවෙයි හවසට කියන්නෙ. එ ජා ප තරමක ස්ථාවර බවකින් අදහස් ප්‍රකාශ කරනවා. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය හා මෛත්‍රිපාල කණ්ඩායම විවිධ දේ කියවනවා. සංගත බවක් නැහැ. ඔවුන්ට තවමත් එකිනෙකා විශ්වාස නැහැ. එහෙත් සිංහල, විශේෂයෙන් ම සිංහල බෞද්ධ ඡන්ද තියෙන්නෙ එතැන. පළාත් පාලන මැතිවරණයෙ පොදුජන පෙරමුණට 45%ක් ඡන්ද ලැබුණා. මෛත්‍රිපාල කණ්ඩායමට 13%ක් ලැබුණා. එතැන එකතු කළාම 58%ක් තියෙනවා. එහෙත් සිංහල බෞද්ධයන්ගේ ලක්‍ෂණ විදහා පාමින් ඔවුන් එකිනෙකාට නැහැ. උඩින් බොරු කියමින් ඉන්නවා.

Thursday 15 February 2018

භාරකාර ආණ්ඩුවක් කුමකට ද?



භාරකාර ආණ්ඩුවක් කුමකට ද?


භාරකාර ආණ්ඩුවක් ගැන අප කියා ටික දවසක්. අද බොහෝ දෙනා ඒ ගැන කතා කරනවා. එහෙත් සුපුරුදු පරිදි භාරකාර ආණ්ඩුවක් කියන්නෙ කුමක් දැයි දන්නේ නැහැ. මෙරට ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ සාක්‍ෂතාරව වැඩිවීම තරමට විචාරශීලී බව වැඩි නො වීම. අද පාර්ලිමේන්තුව වහාම විසුරුවා හරින ලෙස ජනාධිපතිට බලකරන කී දෙනකු ඒ සම්බන්ධ ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා තියෙනවා ද? අප බටහිරයන් අනුකරණය කරනවා පමණයි. ඔවුන්ගේ පිළිවෙළ අප ළඟ නැහැ. අපේ තිබූ පිළිවෙළත් අප නැති කර ගෙන. ජනාධිතිට 2020 ජනවාරි වන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ. ඒ වන විට මෛත්‍රිපාල ජනාධිපති ද නැද්ද කියා කියන්න බැහැ. අද පාර්ලිමේන්තුව විසුරුවා හරින්න නම් මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් දෙකක කැමැත්ත අවශ්‍ය වෙනවා. නාමල් රාජපක්‍ෂ වැන්නන් කෑ ගහන්නේ ඒ බව දැනගෙන ද? භාරකාර ආණ්ඩුවක් පිහිටෙව්වත් අවශ්‍ය තුනෙන් දෙක ලබා ගැනීමට හැකි වේ යැයි සිතන්න බැහැ.

Wednesday 14 February 2018

මහින්ද මේ අවසාන අවස්ථාවයි



මහින්ද මේ අවසාන අවස්ථාවයි



අද රට මුහුණ පා ඇති තත්වය ගැන කියන්න මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන්න හිතුවත් ඒකෙන් වැඩක් නොවන නිසා අදහස අත්හැරියා. මේ ලිපිය ජනමාධ්‍යවේදීන් කිහිප දෙනකුට මෙන් ම ජනමාධ්‍ය ප්‍රධානීන් කිහිප දෙනකුට ද යවන නමුත් ඔවුන් ඒ නොකියවන බව පැහැදිලියි. ඔවුන් මේ ලිපිවල පළවන කිසිම දෙයකට ප්‍රසිද්ධියක් ලබා දෙන්නේ නැහැ. ඔවුන් හිතන්නේ මා වැන්නකු වැදගත් අදහසක් ප්‍රකාශ නොකරන බවයි. ජනමාධ්‍යවේදීන් මට වඩා ප්‍රබුද්ධ ඇසූ පිරූ තැන් ඇති බව මා පිළිගන්නවා.  ඔවුන් දෙවියන් ගැන විශ්වාසය තබන අයකුගේ අදහස්වලට කිසිම වැදගත් තැනක් දේවි යැයි හිතන්න බැහැ. මේ ලිපි ජනතාව අතරට යන්නේ නැහැ. දෙසියකට වඩා ඒ කියවන්නේ නැහැ. විමල්ට සහාය දෙන ප්‍රබුද්ධ දොස්තර මහාචාර්යවරයකුට අනුව අපට ඇත්තේ මෝඩ තර්ක. 

Tuesday 13 February 2018

මා හා දේශපාලනඥයන්



මා හා දේශපාලනඥයන්


මා මහින්දවාදීන්ගේ හා මාක්ස්වාදීන්ගේ (ව්‍යාජ සමාජවාදීන්ගේ) තරම් වෙනත් කිසිවකුගේ වෛරයට පාත්‍ර වී නැහැ. ඒ කියන්නේ දේශපාලනඥයන් මා කෙරෙහි යහපත් ආකල්පයක් දක්වා ඇති බව නො වෙයි. 1987-88 සමයේ දී එ ජා ප ආණ්ඩුවේ මෙන් ම ජ වි පෙරමුණේ ද මරණීය තර්ජන මට තිබුණා. මට රට හැර යෑමට පවා සිදු වුණා. ව්‍යාජ සමාජවාදීන් මට වෛර කෙළේ මා මාක්ස්වාදය පට්ට ගැසූ නිසයි. අද මාක්ස්වාදයට මෙරට කිසිම තැනක් නැහැ. ඔවුන්ගෙන් ඇතැමකු තවමත් කම්කරු පංතිය හොයනවා.

Monday 12 February 2018

රනිල් ඉවත් කිරීම හා කිරින්ද ප්‍රතිඵලය




රනිල් ඉවත් කිරීම හා කිරින්ද ප්‍රතිඵලය




අප මැතිවරණ ප්‍රතිඵල විග්‍රහ කරන්නේත් අපට සාපේක්‍ෂවයි. මෙයින් හැඟෙන්නේත් වාස්තවිකත්වයක් නැති බව. වාස්තවිකත්වයත්, එනම් එවැන්නක් පිළිබඳ දැනුමත්, යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වෙලා. මා ඉදිරිපත් කරන ඥානවිභාගය සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂයි. මට මැතිවරණ ප්‍රතිඵල පෙනෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය පැත්තෙන්. අප කිසිවකු අපක්‍ෂපාත නැහැ.

Sunday 11 February 2018

සිංහලයන් බහුතරයකට රනිල් ඉවත් කිරීමට අවශ්‍යයයි


සිංහලයන් බහුතරයකට රනිල් ඉවත් කිරීමට අවශ්‍යයයි


කලකට පසුව පැවැත්වීමට බල කෙරුණු පළාත් පාලන මැතිවරණය ඊයේ පැවැත්වුණා. අද වන විට ප්‍රතිඵල නිකුත් වෙමින් තියෙනවා. පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර තියෙනවා. මෙය පොදුජන පෙරමුණේ ජයග්‍රහණයකට වඩා මහින්දගේ ජයග්‍රහණයක්. අද මහින්ද දේශපාලන පක්‍ෂ තත්වය ඉක්මවූවෙක්. ඔහු කස්ත්‍රෝ වර්ගයේ දේශපාලනඥයෙක්. මා එයින් අදහස් කරන්නේ ඒ දෙදෙනාගේ ප්‍රතිපත්ති සමීප බව නො වෙයි. ජනතාව ඔවුන්ට ආකර්ෂණය වුණේ පක්‍ෂ නිසා නො වෙයි. සමහර අයකු කියන්න පුළුවන් පුද්ගලිකත්වය ගැන කතා කිරීම නූතනත්ව (පශ්චාත්නූතනත්වය කොහේ ද?) දේශපාලනයට වලංගු නෑ කියලා. ඒත් මහින්ද නැතිව පොහොට්ටුවට මෙවැනි ජයග්‍රහණයක් ලබා ගන්න බැහැ. ජනවාරි අටවැනි දා පරාජය වූ මහින්ද තවත් බලවත් වූවා.

දැනට ඇති නිල නොවන ආරංචි අනුව පොදුජන පෙරමුණට ජාතික වශයෙන් 50%ක ඡන්දයක් ලැබෙන්නේ නැහැ. ඉතා සුළු වශයෙන් වුවත් ඒ 50%ට අඩුයි. මෙය නිල නොවන ආරංචියක් නිසා නිවැරදි කියලා මා සහතික වන්නේ නැහැ. පොදුජන පෙරමුණට 50%කට වඩා ලැබෙන්නේ කළුතර, ගාල්ල, මාතර, අනුරාධපුර, මොනරාගල දිස්ත්‍රික්කවල. හම්බන්තොට හා ගම්පහ 50%ට කිට්ටුවට එනවා.  උතුරු හා නැගෙනහිර පළාත්වලින් පිට පොදුජන පෙරමුණට ඡන්ද අඩු වී ඇත්තේ කොළඹ, නුවර, නුවරඑළිය, බදුල්ල දිස්ත්‍රික්කවල. එයට හේතුව ඉතා පැහැදිලියි. ඒ දිස්ත්‍රික්කවල සිංහල ජනගහනය අඩුයි. කොළඹ දිස්ත්‍රික්කට මේ බලපෑම කෙරෙන්නේ ප්‍රධාන වශයෙන් ම කොළඹ නාගරික සභා සීමාවේ. එ ජා පක්‍ෂයට කොළඹ නාගරිකයේ ඡන්ද තිබුණත් කොළඹ නාගරිකයෙන් පිට එතරම් ඡන්ද නැහැ. ඒ නිසා දිස්ත්‍රික්කය ලෙස ගත්කල කොළඹ එ ජා ප ඡන්ද සංඛ්‍යාව අඩුයි.

උතුරු හා නැගෙනහිර පළාත්වලින් පිට පොදුජන පෙරමුණට ඡන්ද අඩු දිස්ත්‍රික්කවල එ ජා පක්‍ෂයට ඡන්ද වැඩියි යාපන දිස්ත්‍රික්කයේ එ ජා පක්‍ෂයටවත් පොදුජන පෙරමුණටවත් ඡන්ද නැහැ. එ ජා පක්‍ෂයට දිවයිනේ ම 35% ක පමණ ඡන්ද තියෙනවා. මෙවරත් ඔවුන් ඒ ඡන්ද ප්‍රමාණය සුළු අඩුවීමක යටත් ව  දිනා ගෙන. ඔවුන් මැතිවරණයක් ජයගන්නේ ඊනියා පාවෙන ඡන්ද ඔවුන් වෙතට පාවුණු විට. මෙවර එය සිදු වුණේ නැහැ. පසුගිය අවුරුදු තුනේ ඔවුන් කළ වැඩවලට පාවෙන ඡන්ද ඔවුන්ගෙන් ඉවතට පාවෙනවා.

මහින්දට ජාතිකත්වයේ නායකයා වෙන්න පුළුවන්. එහෙත් ඔහු ඊනියා ස්මාට් ජාතිකවාදීන්ගෙන් වෙන් වන්න ඕන. සිංහලයන්ගෙන් 60%ක් පමණ මහින්දට ඡන්දය දී තිබෙනවා. ජාතික වශයෙන් 50%කට කිට්ටු වෙන්න සිංහලයන්ගේ ඡන්ද 60%ක් පමණ ගන්න ඕන. සිංහල ඡන්දවලින් 60%කට වඩා ගන්න පුළුවන් නම් ජනවාර්ගික ඡන්ද ගැන කරදර වන්න අවශ්‍ය නැහැ. ඒ ලබා ගැනීමට  පුළුවන්. මහින්ද බටහිර රටවලට එඩිතර ව මුහුණ දුන් නායකයා. ඔහු එංගලන්තයේ එඩ් මිලිබෑන්ඩ් හා ප්‍රංශයේ කුෂ්නර් ඇඹිලිපිටියට ගෙන්වා ඔවුන්ට අවනත නොවන බව කිව්වා. මා හිතන විධියට මිලිබෑන්ඩ්ට එංගලන්තයේ අගමැති ධුරය අහිමි වීමට ඒ කාරණයත් බලපෑවා. කොටි පැරදවීමේ දී ඉන්දියාව මහින්දට විරුද්ධ වුණේ නැහැ. එහෙත් ඉන්දියාව ආධාර කෙළේත් නැහැ. බටහිරට යට නොවුණු මහින්ද ඉන්දියාවට යටවෙන්න ඕන නැහැ. 13+ කතා අවශ්‍ය නැහැ. ඒවා ඊනියා ස්මාට් ජාතිකවාදීන්ගේ සිංහල විරෝධී කතා.

ඉතා පැහැදිලිව මෙරට සිංහල ජනතාව දහතුනට ම විරුද්ධයි. හැරත් මා කිහිප වතාවක් ම කියා ඇති පරිදි නන්දිකඩාල් කලපුවේ දී දෙමළ ජාතිවාදය පරාජය කෙරුණා. 1833 සිට පැවත එන දෙමළ ජාතිවාදය එදා මුළුමනින් ම පරාජය කෙරුණා. නැවත ඒ ගැන කතා අවශ්‍ය නැහැ. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු දහතුනත් අවලංගුයි. අද දෙමළ ජාතිවාදය පවත්වාගෙන යනු ලබන්නේ බටහිර රටවල් හා ඉන්දියාව විසින්. සිංහලයන් මහින්දට දිගින් දිගට ම කියන්නේ දහතුන ඉවත් කරන ලෙස. මහින්ද ව්‍යවස්ථාවට විරුද්ධ බව, රණවිරු දඩයමට විරුද්ධ බව, ජාතික සම්පත් විකිණීමට විරුද්ධ බව සිංහලයන් බහුතරය විශ්වාස කරනවා. මහින්ද ඒ විශ්වාසය කඩ කළොත් සිංහලයන් ඔහුට ආකරෂණය වන්නේ නැහැ.

මැතිවරණයෙන් පරාජය වී ඇත්තේ රනිල් හා ජ වි පෙ. නන්නත්තාර වු ඊනියා විද්වතුන්ට සුනිල් පෙරේරා සමග එක් වී ඊළඟ මැතිවරණයට සංවිධානය වී විහිළු සපයන්න පුළුවන්. පෙරටුගාමීන්ට හැමදාම මැතිවරණවලට තරග නොකිරීමෙන් තම විප්ලවවාදී කන්‍යාභාවය රැක ගන්න පුළුවන්. තරග නොකිරීම නිසා පෙරටුගාමීන් කිසි දිනෙක පරාජය වන්නේ නැහැ. ඒකෙන් වැඩකුත් නැහැ.

මෛත්‍රිපාලට වැඩියෙන් ම ඡන්ද ලැබෙන්නේ පොළොන්නරුවෙන් හා නුවරඑළියෙන්. ඒ දෙක ම පෞද්ගලික ඡන්ද. ඒත් මහින්දගේ පෞද්ගලික ඡන්දවලට වෙනස්. මෛත්‍රිපාලගේ පක්‍ෂයට දිවයිනේ ම 8%ක පමණ ඡන්දයක් තියෙනවා. ඉන් සමහර ඡන්ද යම් ජාතිකත්වයක් ඇති අයගෙ ඡන්ද. එ ජා පක්‍ෂයේත් ජාතිකත්ව ඡන්ද තියෙනවා. මෛත්‍රිපාලට 3%-4%ක ප්‍රමාණයක ඡන්දයක් එ ජා පක්‍ෂයෙන් ලැබී තියෙනවා. ඒ රනිල් විරුද්ධ ඡන්දත් වෙනවා.

රනිල් මේ පැරදුණේ කීවැනි වතාවට ද කියලා මා ගණන් කර නැහැ. ඒ කොහොම වුණත් ඔහු පරාජය වූ පමණින් අස්වෙන කෙනකු නො වෙයි. ඔහු අගමැති ධුරයෙන් අදවත් ඉවත් කළ යුතුයි. අගමැති තනතුරට මහින්ද පත් කළ යුතුයි. ඒ බව අප කියන්නේ අවුරුදු තුනකට ආසන්න කාලයක. එය කළ හැක්කේ මෛත්‍රිපාලට. අප ඒ බව තේරුම් ගත යුතුයි. ඒ සඳහා කටයුතු කළ යුතුයි. ඇතැම් පළාත් පාලන ආයතනවල පොහොට්ටුවට බලය ගැනීමට වෙනත් පක්‍ෂයක ආධාරය අවශ්‍යයයි. ඒ පක්‍ෂය මෛත්‍රිපාලගේ පක්‍ෂය ද නැත්නම් එ ජා පක්‍ෂය ද ජ වි පෙරමුණ ද? මෛත්‍රිපාලට හා මහින්දට සමගි වීමට මෙයට වඩා අවස්ථාවක් නැහැ. සමගි වී මෛත්‍රිපාලට රනිල් වෙනුවට මහින්ද අගමැති කළ හැකියි. මැතිවරණයේ ප්‍රතිඵලවලින් කියැවෙන්නේත් එයයි. මෛත්‍රිපාලට ඒකාබද්ධ විපක්‍ෂය හා රනිල්ට විරුද්ධ යම් ජාතිකත්වයක් ඇති එ ජා පාක්‍ෂීිකයන් සමග භාරකාර ආණඩුවක් හදන්න පුළුවන්. මේ භාරකාර ආණ්ඩුව ගැන මා කලින් ලිපිවල කියා ඇති. මෛත්‍රිපාල අස්කිරීමට කතා කරන්නේ හෝ මෛත්‍රිපාල සමග ගණුදෙනු නැහැ කියන්නේ හෝ රනිල් තවදුරටත් අගමැති ලෙස පවත්වාගෙන යෑමටයි.

අවසාන වශයෙන් මැතිවරණ කොමිසම ගැනත් වචනයක් කියන්න ඕන. කොමිසම අසාර්ථකයි. මට මතක හැටියට කිරින්ද ඡන්ද දසදහසකට මොකද වුණේ කියා කොමිසම දන්නේ නැහැ. මට පේන විධියට ඒ ඒ දිස්ත්‍රික්කවල පක්‍ෂවලට හා කණ්ඩායම්වලට මන්ත්‍රී ධුර වෙන් කිරීමේ දී පැහැදිලි ප්‍රතිපත්තියක් අනුගමනය කර නැහැ. මේ ක්‍රමය කොට්ඨාවල දිනන  අයට බොහෝ විට අවාසියි. මේ ගණනය  කිරීමේ දී වෙනත් ක්‍රමයක් අනුගමනය කළ යුතුයි. අද දිනේෂ් ගුණවර්ධන යෝජනා කළ ක්‍රමය ක්‍රියාත්මක වන්නේ නැහැ. මෙහි 60-40 අනුපාතයක් කේවල හා සමානුපාතික ක්‍රමය අතර නැහැ. මේ මන්ත්‍රි ධුර ගණනය කරන ක්‍රමය වෙනස් කළ යුතුයි. එය මැතිවරණ කොමිසමේ වැඩක් නොවන බව මා දන්නවා. මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවෙන් දෙන ක්‍රමය අවුලකින් තොරව ක්‍රියාත්මක කිරීමට වග බලා ගත යුතුයි.



__මේ ලිපි උපුටා ගෙන මුහුණු පොතේ පළ කරන්න එපා. එහි ඉන්නා පඬියන් ඒ ලිපිවලට ප්‍රතිචාර දක්වනවා. ඒ සියල්ලට පිළිතුරු දීමට මට වෙලාවක් නැහැ. මා මෙහි යෝජනා කර ඇත්තේ මහින්දට පිං අගමැති කමක් දීමට නොවෙයි. රනිලුත් අගමැති වුණේ පිනට නො වෙයි. ඒ සියල්ල පඬි පෝතකයන් නොදන්නවාට ව්‍යවස්ථාවට එකඟයි. මහින්ද අගමැති කරන්නේ රනිල්ගෙන් රට බේරා ගැනීමට බව පඬිපෝතකයන්ට තේරෙන්නේ නැහැ.  ______________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2018-02-11


Saturday 10 February 2018

සරල රේඛා හා දේවානම්පිය තිස්ස රජු



සරල රේඛා හා දේවානම්පිය තිස්ස රජු


කුලකවාදය පිළිබඳ ප්‍රශ්න මතුවන්නේ ඇරිස්ටෝටලීය න්‍යාය නිසා. එහි කියැවෙන එක් කරුණක් අනුව යම් ප්‍රස්තුතයක් සත්‍යය නම් එහි නිෂේධය අසත්‍යය විය යුතුයි. එමෙන් ම යම් ප්‍රස්තුතයක් අසත්‍ය නම් එහි නිෂේධයෙ සත්‍යය විය යුතුයි. උදාහරණයක් ලෙස (උදාහරණ දීමට සිදුවන්නේ බොහෝ දෙනාට වියුක්ත ප්‍රකාශ තේරුම් ගැනීමට අපහසු නිසා) යම් සත්වයකු මිනිසකු නම් ඒ සත්වයා මිනිසකු නොවන්නකු විය නොහැකියි. යමකු මිනිසකු යන්න සත්‍යය නම් ඒ තැනැත්තා මිනිසකු නොවේය යන්න අසත්‍යය වෙනවා.

යෝජිත නව ව්‍යවස්ථාව සහ මව්බිමේ අනාගතය

ආචාර්ය නලින් ද සිල්වා මහතා 2018-02-05 වැනි දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී පැවැත් වූ දේශනයේ සබැඳිය.

https://www.youtube.com/watch?v=bcmMPAHIjys


Friday 9 February 2018

බටහිර දැනුමේ අඩුපාඩු



බටහිර දැනුමේ අඩුපාඩු


බටහිර දැනුමෙ තියෙන තවත් වැදගත් ලක්‍ෂණයක් වන්නෙ වෙන් කිරීම. සමස්තය කැබලිවලට කඩා විශ්ලේෂණය කිරීම. එහි සංස්ලේෂණයට වඩා විශ්ලේෂණය වැදගත්. වෙන් කිරීම සමස්තයට වඩා වැදගත්. සමස්තය කතෝලික චින්තනයෙ අංගයක්. කතෝලික කියන එකේ තේරුමත් සමස්තය යන්න. මේ වෙන් කිරීම ප්‍රධාන තැනකට පත් කෙළේ මාටින් ලූතර්. ඔහු පාප් වහන්සේට විරුද්ධව කැරැල්ලක් ඇති කිරීමේ දීත් වෙන් කිරීම පෞද්ගලිකත්වය බලපෑවා. තම තමන්ට තනියම දෙවියන් වහන්සේ සමග එකතු වෙන්න පුළුවන් බව මාටින් ලූතර්ගෙ අදහස වුණා.

Thursday 8 February 2018

හරි වැරැද්ද

හරි වැරැද්ද


බටහිර දැනුමේ ප්‍රධාන කරුණු කිහිපයක් තියෙනවා. ඒ අතර වියුක්තය, ද්වෛතය, ඇරිස්ටෝටලීය න්‍යාය, උද්ගමනය (ඉන්ඩක්ෂන්), අනපෝහනය (ඇබ්ඩක්ෂන්) වැදගත් වෙනවා. මේ දැනුමේ ප්‍රධානීන් යුදෙව්වන් ග්‍රීකයන් හා ක්‍රිස්තියානින්. මෙහි ක්‍රිස්තියානින් යනුවෙන් සැලකෙන්නේ මාටින් ලූතර් ආදීන්ගෙන් පසුව පැවතෙන ඇතැම් ක්‍රිස්තියානීන්. එයට කතෝලිකයන් අයත් වන්නේ නැහැ. බටහිර දැනුම පදනම් වන්නේ මේ අය විසින් ඇති කෙරුණු චින්තනය මත. එය ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ලෙස හැඳින්වෙනවා. හැඳින්වෙනවා කියන්නෙ ලෝකෙ අනෙක් අය එහෙම හඳුන්වනවා කියන එක නොවෙයි. විවිධ චින්තන රටා තියෙනවා. මා ඉන් එකක් ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය ලෙස හඳුන්වනවා. 

Wednesday 7 February 2018

මැතිවරණ අනාවැකි ජ්‍යොතිෂය හා සංඛ්‍යානය



මැතිවරණ අනාවැකි ජ්‍යොතිෂය හා සංඛ්‍යානය


අද මැතිවරණය සම්බන්ධයෙන් යමක් කිව හැකි අන්තිම දිනය. එය වෙබ් අඩවිවලටත් බලපානවා ද යන්න පැහැදිලි නැහැ. ඒ කුමක් වුවත් විද්‍යුත් තැපෑලෙන් නම් අදහස් ප්‍රකාශ කිරීමට බාධාවක් නැති වෙන්න පුළුවන්. ප්‍රශ්නය වන්නේ විද්‍යුත් තැපෑලෙන් යවන ලිපියක් ඒ ලබන තැනැත්තකුට තමන් කැමති ආකාරයකින් පිටපත් කිරීමට, වෙනත් අයට ඉදිරිපත් කිරීමට හැකි වීම. නීතිය තාක්‍ෂණයට වඩා පසුපසින් ඉන්නෙ.

Tuesday 6 February 2018

අපට නිදහස ලැබෙන්නෙ කවදා ද? 3


අපට නිදහස ලැබෙන්නෙ කවදා ද? 3


ඊනියා නිදහස් උත්සවය ඉවරයි. මුහුණු පොතේ පඬි පෝතකයන් දන්නේ නැහැ ඊනියා කියන වචනෙ තේරුම. එ වුණත් ඒ සමහර අය හැමදේකට ම ප්‍රතිචාර දක්වන්නවා. ඔවුන්ගේ හඩු බසින් කියනවා නම් කමෙන්ට් දානවා. එයින් ම තේරෙන කරුණ තමයි අපට නිදහස තව බොහෝ දුර බව.

Monday 5 February 2018

උකුල්උඩ විගඩම, ගාමිණී හා සංහිඳියාව


උකුල්උඩ විගඩම, ගාමිණී හා සංහිඳියාව


ඊයේ දෙරණ නාලිකාවේ විකාශය වීමට නියමිත ව තිබූ සරත් වීරසේකරගේ ගාමිණී චිත්‍රපටිය උඩින් ආ අණක් නිසා විකාශය වී නැහැ කියනවා. මේ අණ උඩින් ආවා නම් කෙතරම් උඩකින් ආවා දැයි දැනට දැන ගැනීමට නැහැ. ඒ අතර මහින්දගේ 360 සඳහා පූර්ව ප්‍රචාරයකට ද අවසර දී නැති බව කියැවෙනවා. මේ මාධ්‍ය නිදහස පිළිබඳ ප්‍රශ්නයක් කියා පඬියකු කියාවි. ඊනියා මාධ්‍ය නිදහසක් කිසිම රටක නැහැ. ඒ පඬි සංකල්පය පැත්තකට දැම්මත් මෙයින් කියැවෙන්නේ දෙරණට තමන් කැමති වැඩසටහනක් ප්‍රචාරය කිරීමට නොහැකි බවයි.

Sunday 4 February 2018

අපට නිදහස ලැබෙන්නෙ කවදා ද? 2



අපට නිදහස ලැබෙන්නෙ කවදා ද? 2

අප වෙල්ලස්සෙ ගියෙ බෙංගමුවෙ නාලක හාමුදුරුවොත් එක්ක. උන්වහන්සේත් ඕමාරේ කස්සප හාමුදුරුවොත් පැකේජය පරද්දවන්න කළුතර සිට කතරගමට පයින් වැඩියා. දෙපාවල දිය පට්ටා මතු වුණා. කමලදාස චර්මරෝග වෛද්‍යතුමා උන්වහන්සේලාගේ සෞඛ්‍යය ගැන පමණක් නොව වෙනත් අවශ්‍යතා ගැන ද සොයා බැලුවා. උන්වහන්සේලා පසුව රිය පෙරහැරක වැඩියා කැලණියේ සිට කතරගමට ඒ සමග තුරුවිල හාමුදුරුවො මුහුදු මගින් කිරින්දට වැඩම කළා. ඒ හාමුදුරුවරුන්ගේ උත්සාහය නොතිබෙන්න පැකේජය පරාද කරන්න බැහැ. එහෙත් පැකේජය පරාද කිරීමේ ගෞරවය ලැබෙන්නේ වෙනත් හාමුදුරුවරු දෙනමකට. ඉන් එක් නමක් කළේ ඉඳහිට ප්‍රකාශ නිකුත් කිරීම පමණයි. එයත් තරමක ප්‍රමාදයකින්.

Saturday 3 February 2018

අපට නිදහස ලැබෙන්නෙ කවදා ද?


අපට නිදහස ලැබෙන්නෙ කවදා ද?


බොහෝ ජනමාධ්‍යවේදීන්ට ජාතිකවාදීන්ට අනුව ඩීල් කාරයකු ගේම් කාරයකු දේව පිස්සකු වූ මට නිදහස ගැන කතා කිරීමට අයිතියක් ඇත් දැයි ප්‍රශ්න කිරීමට පුළුවන්. තව දින කිහිපයකින් ජාති ද්‍රෝහියකු වීමට නියම වී ඇති මා ලියන ලිපි කියවන සංඛ්‍යාව දිනෙන් දින අඩුවෙනවා. ඒත් මේ කරුණු ලියා තැබීම ජාතියට නැති වුවත් කිසිවකුට උපකාරයක් වෙන්න පුළුවන්.

නිදහස සැමරීමට කියා එඩ්වඩ් වින්ඩ්සර් සහ ඔහුගේ ඇඹේණිය ලංකාවට ඇවිල්ලා. ඔවුන්ගේ සියළු වියදම් දරන්නේ මෙරට ජනතාවයි. ඔවුන් පැමිණ ඇත්තේ රජයේ ආරාධනයෙන්. මහින්ද ඒ ආරාධනයට විරුද්ධ ද? මෛත්‍රිපාල විරුද්ධ ද? මෛත්‍රිපාල නම් බලන් ඇති අත්වැසුම් නැතිව ඊනියා රාජකීයන්ට අතට අත දෙන්න. ඒ දෙදෙනා රනිල්ගේ හා චන්ද්‍රිකාගේ කට්ටිය. මෛත්‍රිපාලගේවත් මහින්දගේවත් කට්ටිය නම් නො වෙයි. මේ බෙදීම තවම මෙරට මිනිසුන්ට අවබෝධ කරගන්න බැරි වෙලා. අනුර කුමාර නන්නත්තාර වූ ඊනියා විද්වතුන්ගේ පිහිටට එන පුද්ගලයකු පමණයි. නදීක ගුරුගේට විප්ලවය අමතක කරලා ඡන්දය දීමට හිතිලා. ඔහු මෙතෙක් කල් ඡන්දය තමන් වැනි විප්ලවවාදීන්ගේ වැඩක් ලෙස හිතුවේ නැහැ. ඔහු සුනිල් පෙරේරා සමග එකතු වෙලා. සුනිල්ගේ පත කුරුසයට විප්ලවවාදීන් දොස් කියන්නේ නැහැ. සමහර විට සුනිල් ද අනාගමික රාජ්‍යයක් පිහිටුවීමට වැඩ කරනවා ඇති. සමහර විට පල්ලියත් විප්ලවවාදී වෙලා ඇති.

Friday 2 February 2018

පුද්ගලයා හා පක්‍ෂය



පුද්ගලයා හා පක්‍ෂය


බොහෝ දේ ලිවීමට තියෙනවා. ඒත් ඒ කිසිවක් අනෙක් අයට වැදගත් නොවන බව පැහැදිලියි. මුහුණු පොතේ අයට මා ඩීල්කාරයකු. දෙරණේ දිලිත් ජයවීරට මා ගේම්කාරයකු. එහෙත් මේ කිසිවකුවත් මගේ ඩීල් ගැන ගේම් ගැන කියන්නේ නැහැ. අඩු ගණනේ මට දැන ගැනීමටවත් කියනවා නම් හොඳයි.  අද දිලිත් අධ්‍යක්‍ෂ ධුරය දරණ සමාගමකට එ ජා ප මැතිවරණ ප්‍රචාරක දැන්වීම් භාරදීලා. දෙරණ ඇලෝෂියස්ගේ ජනයුගය මිළ දී ගැනීමට යන බවට ආරංචියක් තියෙනවා. ඒ සියල්ල ව්‍යාපාරික කටයුතු වෙන්න ඇති. එහෙත් අපේ දේ රැකගන්නවා යැයි කියන දෙරණ අපේ දේ නොරකින බව නම් පැහැදිලියි. දෙරණ ගැන මට සැකයක් ඇති වෙලා ටිකක් කල්. ඒ ගැන අපි පසුව තවදුරටත් කතා කරමු.

Thursday 1 February 2018

මැතිවරණයෙන් පසු



මැතිවරණයෙන් පසු


මේ පළාත් පාලන මැතිවරණය හොරකම පිළිගැන්වුණු මැතිවරණය ලෙස හඳුන්වන්න පුළුවන්. අද කවුරුත් පාහේ තමන් ඇරෙන්න අනෙක් අය හොරු කියලා කියනවා. අප සියලු දෙනා ම පාහේ අපේ වැරදි ගැන නොව අනෙක් අයගේ වැරදි ගැන කියනවා. අප අපේ දරුවන් පාසල්වලට ඇතුල් කිරීමට බොරු සහතික ඉදිරිපත් කරනවා. එවැනි සහතික පිළියෙළ කරන අයත් රටේ ඉන්නවා. ඔවුන් එමගින් ආදායමකුත් ලබනවා. එසේ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම අද සමාජයේ පිළිගත් දෙයක් බවට පත්වෙලා.