Main Logo

Showing posts with label Joint Opposition. Show all posts
Showing posts with label Joint Opposition. Show all posts

Sunday, 22 December 2019

තොරතුරු මධ්‍යස්ථානයක අවශ්‍යතාව

      සිංහල ලිත් ඉලක්කම් 


තොරතුරු මධ්‍යස්ථානයක අවශ්‍යතාව




තවම බහුතර ආණ්ඩුවක් පත් කර ගෙන නැති නමුත් ඇතැමුන් කටයුතු කරන්නේ ආණ්ඩුව බහුතර යැයි ගනිමින්. දැනට ජනාධිපති කෙනකු පත් කර ගෙන ඉන්නවා. එතුමා අගමැති කෙනකු හා අමාත්‍ය මණ්ඩලයක් පත් කර ගෙන තියෙනවා. එය ඊනියා භාරකාර ආණ්ඩුවක් නොවෙයි. භාරකාර ආණ්ඩුවක් තිබිය හැක්කේ පාර්ලිමේන්තුව විසුරුවා හැරි විටක දී. මේ ආණ්ඩුව සුළුතර ආණ්ඩුවක්. ඕනෑම අවස්ථාවක එ ජා පෙරමුණට ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනත් ආණ්ඩුව පරද්දන්න පුළුවන්. 

Thursday, 4 April 2019

මෛත්‍රිපාල, ජනප්‍රියතාව හා අයවැය


මෛත්‍රිපාල, ජනප්‍රියතාව හා අයවැය


අද ශ්‍රී ල නි පක්‍ෂයට අයවැයට පක්‍ෂව ඡන්දය දෙනව ද නැත්නම් විරුද්ධව ඡන්දය දෙනව ද එහෙමත් නැත්නම් ඡන්දය දීමෙන් වැළකී ඉන්නව ද කියල තීරණයක් ගන්න වෙනවා. එය මූලික වශයෙන් ම දේශපාලන තීන්දුවක්. එහෙත් එහි දී වියුක්ත න්‍යායත් යම් ප්‍රමාණයකට බලපානව. අපි ඒ ගැන පසුව කතා කරමු.

Saturday, 13 October 2018

වෙල්ගම මැතිඳු අද තනියම වෙල මැද්දේ


වෙල්ගම මැතිඳු අද තනියම වෙල මැද්දේ



පාර්ලිමේන්තු සභා ගැබේ ආණ්ඩු පක්‍ෂය හා විපක්‍ෂය වෙන් කරන මැද කොටසටත් ඉංගිරිසියෙන් කියන්නෙ වෙල් කියලා. ඒකට සිංහලෙන් ලිඳ කියන්න බැහැ. ඕන ම නම් වල කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් සභා ගැබ මැද කියන්න පුළුවන්. ඒ එකක්වත් හරියන්නෙ නැත්තන් වෙල කියන්න පුළුවන්. වෙල් විදානෙත් ඉන්නෙ එකේ අපි වෙල කියලා කියමු. ඒත් ඒක අපි දන්න වෙල් යායවල් සමග පටලවා ගන්න එපා. මේකෙ යායක් නැහැ. ගායක් නම් තියෙනවා. මා කිව්වේ රථගාය ගැන පමණක් නොවෙයි.

Thursday, 11 October 2018

සූත්‍ර හා සූත්තර


සූත්‍ර හා සූත්තර



තෙල් මිල සූත්‍රය මංගලට තේරෙන්නෙ නැති බව කියනවා. මා ඒ ගැන පුදුම වෙන්නෙ නැහැ. මංගලට සූත්තර නම් තේරෙන බවක් පේනවා. ඔය තෙල් මිල සූත්‍රය ප්‍රසිද්ධ කරන්නෙ නැත්තෙ ඇයි? එහෙම සූත්‍රයක් නැද්ද? තෙල් මිල සූත්‍රය ගැන පඬියන්ගේ ඊනියා කියවීම මොකක් ද? බටහිරයන්ගේ ඕනෑම විකාරයක් හිස් මුදුණින් පිළිගන්නා පඬියන් දැන් චිත්‍රපටි ද නාට්‍ය ද කවි ද කියවනවා. හැබැයි ඔවුන් කරන්නෙ කියවන එක විතරයි.



තෙල් මිල සූත්‍රය කියන්නෙ බුද්ධිමතුන්ට පමණක් පේන එකක් ද? ඒක මංගලට පේන්නෙ නැත් ද? පෙනිලා කියවන්න බැරි ද? තෙල් මිල සූත්‍රය සූත්තරයක් පමණක් ද? එය සූත්‍රය ගැන කියමින් මාසෙ දහවැනි දාට තෙල් මිල වැඩි කරන සූත්තරයක් ද? සූත්‍රයක් කියන්නෙ සමීකරණයක් නො වෙයි. සමහරු සූත්‍ර හා සමීකරණ පටලවා ගන්නවා. මංගල එහෙම කරණ එකක් නැහැ. ඔහු ඒ දෙක ම දන්නෙ නැහැ. ඔහුට සූත්‍රය තේරෙන්නෙත් නැහැ.  හතේ අටේ වීජ ගණිතය කරපු සිසුන්ට තේරෙයි ද? ඒත් ඇත්තේ සූත්තරයක් මිස සූත්‍රයක් නො වේ නම් ඒ කාටවත් තේරෙන එකක් නැහැ.



ජනමාධ්‍යවේදීන් කියන අය වැඩ කරන්නෙත් අමුතු විධියකට. ඔවුන් මංගලගෙන් සූත්‍රය ලබා ගන්න උත්සාහ කරන පාටක් නැහැ. ඔවුන් ප්‍රශ්නයක් දෙකක් අහල පසුබහිනවා. මංගල මුදල් ඇමති. තෙල් ඇමති හරි මුදල් ඇමති හරි අගමැති හරි සූත්‍රය පාර්ලිමේන්තුවේ සභාගත කරන්න ඕන. එහෙම කරන්නෙත් නැහැ. හැබැයි පාර්ලිමේන්තුව උත්තරීතර කියල කියනවා. තෙල් මිල සූත්‍රය ඊටත් වඩා උත්තරීතර වෙනවා ඇති.



නවවැනි දා පැවති ඒකාබද්ධ විපක්‍ෂෙ/පොදු ජන පෙරමුණේ රැස්වීමෙන් පස්සෙ ජනමාධ්‍යවේදීන් වෙනත් සූත්‍රයක් දැන ගන්න දැඩි වෙහෙසක් ගත්ත. ඒ රැස්වීමෙ දි භාරකාර සම ආණ්ඩුවක් හදන්න තීරණයක් ගෙන ඇති බවක් පේනවා. ඒත් වෙල්ගම කියන විධියට නම් එහෙම නො වෙයි. වැඩි දෙනෙක් ඒකට විරුද්ධ බවයි කියැවෙන්නෙ. සමහරුනට වැදගත් 2020ත් මන්ත්‍රී වෙලා ඇමතිවරයකු වෙන එක මිස රනිල් ඉවත් කරන එක නොවයි. ඒ අය හිතන්නෙ රනිල් 2020 වන තුරු හිටියොත් තමන්ට පහසුවෙන් ම මන්ත්‍රී වෙන්න පුළුවන් කියා.



භාරකාර ආණඩුවක් හදන්න තීරණය කළා නම් ඒ කරන්නෙ කොහොම ද කියන එක ඒ රැස්වීමෙ දි සාකච්ඡා වුණා ද නැද්ද කියන්න මා දන්නෙ නැහැ. සාකච්ඡා නූණ නම් හොඳය කියා හිතෙනවා. ඒ ක්‍රමයත් එක්තරා ආකාරයක සූත්තරයක් වෙන්න ඕන. එවැනි සූත්තරයක් දැන ගන්න ඕන ටික දෙනකු පමණයි. ඒකාබද්ධ විපක්‍ෂෙ ඔක්කොම ඒක දැන ගන්න ඕන නැහැ. ඒකාබද්ධ විපක්‍ෂෙ/පොදු ජන පෙරමුණේ රැස්වීමෙ දි කරන්න තියෙන්නෙ ප්‍රතිපත්තිමය තීරණයක් ගන්න එක විතරයි.  ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න ඕන කිහිප දෙනකු මිසක් සියළු දෙනා නො වෙයි. ජනමාධ්‍යවේදීන් හිතන්න පුළුවන් ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන විධියත් ජනතාව දැන ගන්න ඕන කියලා. ජනතාව ඒක දැන ගන්නවා කියන්නෙ ඒක නොකෙරෙන එක.



ඒකාබද්ධ විපක්‍ෂෙ/පොදු ජන පෙරමුණෙ රැස්වීමෙ දි භාරකාර සම ආණ්ඩුවක් හරි වෙනත් ආණ්ඩුවක් හරි හදන්න ප්‍රතිපත්තිමය තීරණයක් ගත්ත නම් හොඳයි. බොහෝ කාලෙක ඉඳන්, අවුරුදු තුනක පමණ කාලෙක ඉඳන් මා යම්කිසි ක්‍රමයක් යෝජනා කරලා තියෙනවා. ඒ ක්‍රමය ම ක්‍රියාත්මක කළ යුතු ය කියා මා කියන්නේ නැහැ. භාරකාර ආණ්ඩුවක් හදන්න තීරණය කරත් මොන ක්‍රමයක් ක්‍රියාත්මක කළත් ඒකාබද්ධ විපක්‍ෂය/පොදු ජන පෙරමුණ එය දැන් ම ජනතාවට කියන්න ඕන නැහැ.



ජනමාධ්‍යවේදීන් වඩා උනන්දු වෙන්න ඕන තෙල් මිල සූත්‍රය දැන ගන්න මිසක් ඒකාබද්ධ විපක්‍ෂෙ/පොදුජන පෙරමුණ ක්‍රියාත්මක කරන්න යන ක්‍රමය දැන ගන්න නො වෙයි. ජනතාවට රනිල් අගමැති කමෙන් ඉවත් කරන්න වුවමනාවක් තියෙනවා. ඒ අතර තෙල් මිල වැඩි වෙන එක ගැනත් ප්‍රශ්නයක් තියෙනවා. ජනතාවට ඕන මොන සූත්තරේ දැන ගැනීමට ද? සූත්තරෙ දැන හෝ නොදැන හෝ රනිල් ඉවත් කිරීම ද?



ජනමාධ්‍ය ගැන කතා කරන විට මට සූත්තර කියන එක සංකර අකුරින් ලියන්නෙ කොහොම ද කියල හිතුන ඒක sූu කියල u අකුරට උඩින් ඉරක් ඇඳල ද පටන් ගන්න ඕන. ඉංගිරිසි අකුරට සිංහල පාපිල්ල දැම්මම කියැවෙන්නෙ කොහොම ද? සූ කියල ද? එහෙම නම් ඉංගිරිසි u අකුර ලියල ඊට උඩින් ඉරක් අඳින්නෙ අහවල් දේකට ද? ඒ ඌ කියල ලියන්න ද? එතකොට sූu (u ඉරක් සහිත ව) කියැවෙන්නෙ සූඌ කියල ද? මේවට හූ කියනව ද?   නැත්නම් hූu  (u ඉරක් සහිත ව) කියනව ද? 



මේ ප්‍රශ්නවලට රූපවාහිනියේ ඉන්න Ru (පාපිලි ඉරි සහිත ව) සංකරයන් උත්තර දෙනව නම් අපට සූත්තර කියල සංකර අකුරෙන් ලියන්නෙ කොහොම ද කියල ඉගෙන ගන්න පුළුවන්.  ඒ අතර සූකරයන් කියල ලියන හැටිත් කියනවා ද?

Tuesday, 9 October 2018

අද වහීවි ද?


අද වහීවි ද?



මේ දිනවල වහිනවා. ඒත් අද වහීවි ද? අද රටේ දේශපාලනයේ වැදගත් දවසක් වෙන්න පුළුවන්. සමහරුනට නම් මේකත් රංගනයක කොටසක්. දැන් තියෙන්නෙ රනිල් මෛත්‍රිපාල රංගනයත් ඉක්මවා ගිය රනිල් මෛත්‍රිපාල මහින්ද රංගනයක් බව ඔවුන් කියාවි. ඒ කුමක් වුවත් අද ඒකාබද්ධ විපක්‍ෂෙ/ පොහොට්ටුවෙ අය ජී එල් පීරිස්ගෙ ගෙදර භාරකාර ආණ්ඩුවක් ගැන තීරණය කරන්න රැස්වෙන බවට ආරංචි තියෙනවා. මේ රටේ සම්ප්‍රදාය අනුව රැස්වීමේ දී කිසිම තීරණයකට නොඑළඹෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් නැවත දිනයක හමුවන්න පමණක් තීරණය වන්නත් පුළුවන්.

Wednesday, 3 October 2018

මහින්ද අගමැති කරනවට විරුද්ධ කවුද?


මහින්ද අගමැති කරනවට විරුද්ධ කවුද?



ඊයෙ මහා බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කිව්ව රුපියල අවප්‍රමාණය වීම නිසා ආර්ථිකය කඩා වැටිලා නැහැ, ජීවන වියදම නම් ඉහළ යාවි කියලා. ඔහු කියන එකෙත් ඇත්තක් තියෙනවා. රුපියල මේ විධියට අවප්‍රමාණය වෙන්න කලින් ආර්ථිකය කඩා වැටිලා තිබුණෙ. බන්දුල ගුණවර්ධන අර ආර්ථික පර්යේෂණේ ද මොකක් ද එකේ ඉඳන් හැමදාම වගේ ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වනවා. ජනමාධ්‍යයත් ඒවට ප්‍රචාරය දෙනවා. ඔය සංඛ්‍යානය ගැන මට නම් ඒතරම් විශ්වාසයක් නැහැ. ඉංගිරිසි කියමනක් සිංහලට හැරෙව්ව ම කියවෙනවා බොරු, පට්ටපල් බොරු සහ සංඛ්‍යාන කියා.

Wednesday, 15 August 2018

අපේ ශක්තිය




අපේ ශක්තිය



සියවස් කාලකට පමණ පෙර අප කාලය සඟරාව ඇරඹූ අවධියෙහි දී අප සමග විවිධ පුද්ගලයන් සිටියා. කාලයට ලිපි සැපයු අය අතර මාක්ස්වාදීන් විවිධ සමාජවාදීන් දෙමළ ජාතිවාදීන් සිංහල බෞද්ධ විරෝධීන් සිටියා. එකල 1987 දී කිසිවකු මහින්ද ජාතිකවාදියකු ලෙස දැන සිටියේ නැහැ. ඔහුත් වාම කේන්ද්‍ර එනම් කේන්ද්‍රයෙන් වමට බර අයකු ලෙසයි හැඳිනගෙන තිබුණෙ. මා මෙහෙ ම කියන විට මහින්දවාදීන්ට කේන්ති යන බව මා දන්නවා. මා හිතන්නේ බැසිල් එකල ගාමිණී දිසානායක ළඟ වැඩ ඉගෙන ගත් අයෙක්. ඔහු එ ජා ප හිතවතෙක්. අද නාමල් රාජපක්‍ෂ ප්‍රශ්න අවුල් කරනවා. ඒ වෙන කිසිවක් නිසා නොවෙයි ඔහු මහින්දගේ පුතා වීම නිසයි. නාමල් කරන දෙයක් නැහැ. එහෙත් නාමල් නිසා මහින්ද ප්‍රශ්නවලට විසඳුම් දෙන්නේ නැහැ. ඒ බව දේශපාලනයේ යෙදෙන බොහෝ දෙනා දන්නවා. එහෙත් ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ. මහින්දට අවශ්‍ය 2024 වන තුරු කල් බලන්න. ඔහුත් අද ඉන්දියාවට විරුද්ධව එතරම් දෙයක් කියන්නේ නැහැ. මත්තල විකිණීමට විරුද්ධව ඵලදායී වැඩක් ඔහු කරනවා ද?

Monday, 13 August 2018

දයාන්ගේ පත්වීම


දයාන්ගේ පත්වීම



දයාන් ජයතිලක රුසියාවේ ලංකා තානාපති ලෙස පත්කිරීමට තීරණය වෙලා. ඔහුගේ නාම යෝජනාව පාර්ලිමේන්තුවේ විශේෂ තනතුරු පිළිබඳ කමිටුව මුල දී අනුමත කෙළේ නැහැ. ඒ සිවල් සංවිධාන රාශියක් ඔහුගේ නාම යෝජනාවට විරුද්ධ වූ නිසා. ඒත් දැන් මෛත්‍රිපාලගේ මැදිහත් වීමෙන් නාම යෝජනාව අනුමත වූ බවයි කියන්නෙ. මෙය අවසන් වරට සාකච්ඡා කරන දවසේ  ඒ පාර්ලිමේන්තු කමිටුවේ සාමාජිකයන් කී දෙනකු රැස්වීමට සහභාගි වුණා ද? එය ඒකමතික ව සම්මත වුණා ද? ඇතැමුන් ඒ රැස්වීමට සහභාගි නොවූයේ ඇයි? ඒ ප්‍රශ්නයට කිසි දා පිළිතුරක් ලබා ගත හැකි ද?

Thursday, 9 August 2018

ඒකාබද්ධ විපක්‍ෂෙ අඳෝනාව


ඒකාබද්ධ විපක්‍ෂෙ අඳෝනාව



ඒකාබද්ධ විපක්‍ෂයට දිට්ඨධම්ම වේදනීය කර්මය ඵල දීලා. අද ඔවුන් තමන්ට විපක්‍ෂ නායකකම නොලැබීම පිළිබඳ අඳෝනා කියනවා. විපක්‍ෂ නායකකම දෙන්නෙ කාට ද කියන එක තරමක ප්‍රශ්නයක්. මේ පිළිබඳ එක එක අය විවිධ කතා කියනවා. හැත්තෑව දහයට වැඩි ද වගේ කතා එතරම් වැඩක් වෙන්නෙ නැහැ. ඒ කතාව වලංගු වෙන්නෙ විපක්‍ෂ නායකකම දෙන්න ඕන මන්ත්‍රීවරුන්ගෙ ඡන්දෙන් තෝරනව නම් පමණයි. එහෙම කතාවක් ස්ථාවර නියෝගවල තියෙනවා ද?



පනස් දෙකේ පාර්ලිමේන්තුවේ ශ්‍රී ල නි පක්‍ෂයටත් ඇන් ඇම්ගෙ සමසමාජ පක්‍ෂෙටත් ලැබුණෙ එක ම ආසන සංඛ්‍යාවක්. ඇන් ඇම් කැමති වුණා ශ්‍රී ල නි පක්‍ෂයට විපක්‍ෂ නායකකම දෙන්න. විපක්‍ෂ නායකකම විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගෙ ඡන්දෙන් තෝරන ක්‍රමයක් සකස් කර ගන්නව නම් මේ ප්‍රශ්නවලින් මිදෙන්න පුළුවන්. එහෙත් එය එක වරම කරන්න පුළුවන් දෙයක් නොවෙයි.

Saturday, 30 June 2018

දහසය පනස්හතර හා මෛත්‍රිපාල


දහසය පනස්හතර  හා මෛත්‍රිපාල



දහසයේ කණ්ඩායමක් දැන් නැහැ කියනවා. දහසය පනස්හතරට එකතුවෙලා හැත්තෑවක් වෙලා. ඒ අතර බැසිල් කියනවා ගෝඨාභය ජනාධිපති වුණොත් රට පාලනය කරන්නේ තමන් කියලා. ඒ කියන්නෙ බැසිල්ට ජනාධිපතිවරණයකින් දිනන්න බැරි නිසා ගෝඨාභය නමට ඉදිරිපත් කරනවා කියන එක ද? මේ කතන්දර අස්සෙ රනිල්ගෙ ආණ්ඩුව තවමත් තියෙනවා. එය තව අවුරුදු එකහමාරක් ම පවතින්න බෙහෙවින් ඉඩකඩ තියෙනවා.

Thursday, 28 June 2018

ජී එල් ඒකාබද්ධ විපක්‍ෂෙ ද?

 ජී එල් ඒකාබද්ධ විපක්‍ෂෙ ද?                 



මුහුණු පොතේ ඉන්න පඬි පෝතකයන් මා මෙයට පෙර දෙමළ ජාතිවාදය ගැන ලියා ඇති දේ කියවා නැතිව පමණක් නොවෙයි ඔවුන් නිගමනය කරනවා දෙමළ කතා කරන ජනයා මෙරටට පසුව පැමිණි නිසා ඔවුන් මේ රාජ්‍යයට අයත් නැති බව මා කියනවා කියා. දෙමළ කතා කරන ජනයා මේ රාජ්‍යයට අයත් නැති බවක් මා කිසිම තැනක කියා නැහැ. මේ පඬි පෝතකයන් ලබා ඇති අධ්‍යාපනයේ තරම! මයිකල් රොබට්ස්ගෙ කියමන් අනුගමනය කරමින් ඔවුන් අහනව කරාව දුරාව සලාගම කුල මෙරටට පැමිණියෙ කවදා ද කියලා. ඔවුන් මෙරටට පැමිණියා නොව දහහතර වැනි සියවසේ මෙරටට පැමිණි සමහරුන් එකලත් පැවති කුලවලට අවශෝෂණය කෙරුණා. දෙමළ ජාතිවාදය බටහිර හා ඉන්දියාව යන මැයෙන් ලියන ලිපි පෙළට ඉක්මනින් ම නැවත යන්න ඕන. ඒත් එදිනෙදා දේශපාලනය ගැන ලියන්නත් සිද්ධ වෙනවා.

Monday, 18 June 2018

දහසය දෙනා සාදරයෙන් පිළිගනිමු


දහසය දෙනා සාදරයෙන් පිළිගනිමු



අද රනිල් ඉවත් කර ගතහොත් බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලබා ගන්න පුළුවන්. එය 2019 ට හෝ 2020 ට හෝ කල් දැමීමෙන් සිදුවන්නේ රනිල්ට තව තවත් සිංහල බෞද්ධ විරෝධී රටට අහිතකර පනත් සම්මත කර ගැනීමට ගිවිසුම් අත්සන් කිරීමට අවස්ථාව ලබා දීම පමණයි.

Thursday, 31 May 2018

ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්


ජාතිකවාදීන්ට සතුටු විය හැකි තීරණයක්





ඒකාබද්ධ විපක්‍ෂය විස්සට විරුද්ධ වෙන්න ඒකමතික ව තීරණය කරලා. අදාළ යෝජනාව ඉදිරිපත් කරල තියෙන්නෙ මහින්දමයි. මහින්ද ම යෝජනාව ඉදිරිපත් කරපු එක හොඳයි, වෙන අයකු ලවා එය නොකරවා. මහින්ද ඉදිරිපත් කරන යෝජනාවකට අනෙක් අය විරුද්ධ වන්නෙ කලාතුරකින්. ඒකාබද්ධ විපක්‍ෂෙ බැසිල් හිටියත් ඔහුටත් යෝජනාවට පක්‍ෂ වෙන්න වෙනවා. ජී එල් පීරිස් ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ.

Saturday, 5 May 2018

විසිවැනි සංශෝධනය කුමක් සඳහා ද?


විසිවැනි සංශෝධනය කුමක් සඳහා ද?





විසිවැනි සංශෝධනයට පක්‍ෂපාත විය යුතුයි කියලා ඒකාබද්ධ විපක්‍ෂෙ මන්ත්‍රීවරු දෙදෙනෙකු කියලා තියෙන බවට වාර්තාවෙනවා. එක් අයකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් කියලයි කියන්නෙ. මහින්ද මුට්ටි සෙල්ලමේ ගජ හපනෙක්. මේ දෙදෙනා බැසිල්ගෙ කියලත් කියනවා. අද දේශපාලනය රට ගැන නොවෙයි පෞද්ගලික කරුණු මත පදනම් වන බව පේනවා.

Friday, 13 April 2018

සංධානයට වචනයක්


සංධානයට වචනයක්



ආණ්ඩුවේ ඇමතිවරු දහසය දෙනකු අස්වෙලා. ජනාධිපති එ අස්වීම් පිළිගෙන. මෛත්‍රිපාල කණ්ඩායමේ අනෙක් අය තවමත් ආණ්ඩුවේ. ඔවුන්ට තවත් තනතුරු ලැබෙන්න ඉඩ තියෙනවා. වැදගත් ම දෙන්නා වන අමරවීර හා දුමින්ද දිසානායක තවමත් ආණ්ඩුවේ.ඔවුන් වැදගත් වන්නේ ඔවුන්ගේ චරිතයෙහි හරි පෞද්ගලිකත්වයෙහි හරි වැදගත්කමක් නිසා නො වෙයි. ඔවුන් වැදගත් වන්නේ ඔවුන් දරණ තනතුරු නිසා මිස වෙනත් කිසිම හේතුවක් නිසා නො වෙයි.

Tuesday, 10 April 2018

මේ කොයි යන්නේ

මේ කොයි යන්නේ

විශ්වාසභංගය පැරදුණේ කා නිසා ද යන්න වැදගත් ප්‍රශ්නයක්. ඉතා පැහැදිලිව බටහිර රටවල හා ඉන්දියාවේ තානාපති හා ඔත්තු සේවා ඇතැමුනට, විශේෂයෙන් ම දෙමළ හා මුස්ලිම් ජාතිවාදී පක්‍ෂවල මන්ත්‍රීවරුනට බලපෑම් කර තිබෙනවා. ඒ අතර මෛත්‍රිපාල තම කණ්ඩායමේ මන්ත්‍රීවරුන්ට දිය යුතු නායකත්වය දී නැහැ. චන්ද්‍රිකා තවමත් දුමින්ද, අමරවීර හා තවත් අය මගින් එම කණ්ඩායමේ බහුතරයක් මෙහෙයවනවා. දුමින්ද හා අමරවීර ඒ ඒ ලේකම් පදවිවලින් ඉවත් කරනවා නම් හොඳයි. එහෙත් මෛත්‍රිපාලට ඒ සඳහා ශක්තිය නැහැ. අද කළ යුතු ප්‍රධාන ම කාර්යයක් නම් පක්‍ෂ ව්‍යවස්ථාව අනුව ක්‍රියා කරමින් ඒ දෙදෙනා එකී තනතුරුවලින් ඉවත් කිරීමයි. එහෙත් එය කරන්නේ කොහොමද යන්න නම් ප්‍රශ්නයක්.

Sunday, 8 April 2018

විශ්වාසභංගයෙන් පසු




විශ්වාසභංගයෙන් පසු



විශ්වාසභංගයෙන් පසු රනිල් ජයගෙන ඇති බව පේන්න තියෙනවා. ඔහු තවදුරටත් එක්සත් ජාතික පක්‍ෂයේ නායකයා. එහෙත් එහි ජයග්‍රාහකයා ඔහු පමණක් නො වෙයි. සිංහල විරෝධීන්, විශේෂයෙන් ම සිංහල බෞද්ධ විරෝධීන් ජයගෙන තිබෙනවා. බටහිර බලවේග හා ඉන්දියාව සිංහල බෞද්ධ විරෝධියි. අවසාන මොහොත වන තුරුම ඔවුන් තම සටන අත්හැරියේ නැහැ. එහෙත් රනිල් බටහිරයන්ට වඩා බටහිරයකු බවත් එ ජා ප විරෝධීනට නැති විනයක් එ ජා ප සාමාජිකත්වයට ඇති බවත් අප අමතක කළ යුතු නැහැ.

Friday, 6 April 2018

උපන් ගෙයි මෝඩයා


උපන් ගෙයි මෝඩයා



මා ඊයේ දැනගත්තා මා උපන් ගෙයි මෝඩයකු බව. මහින්දවාදියකු ඒ බව කියා තිබුණා. මහින්දවාදියකු යැයි කියන්නේ අඩුවැඩි වශයෙන් මහින්දගේ දේශපාලනය අනුමත කරන ඒ අනුව අදහස් ප්‍රකාශ කරන අයකු. එය මාක්ස්වාදියා යන්න සමග සංසන්දනය කරන්න. මහින්ද මාක්ස් මෙන් පොත් ලියා නැහැ. එහෙත් මහින්දගේ දේශපාලනයක් තියෙනවා. මහින්දට ඡන්දය දුන් පමණින් මහින්දවාදියකු වන්නේ නැහැ. එමෙන් ම එයින් කියැවෙන්නේ නැහැ මහින්දවාදීන් කියන කරන හැමැදයක් ම මහින්ද අනුමත කරනවා කියා. 

Thursday, 29 March 2018

රනිල්ගෙන් පසු කවු ද?


රනිල්ගෙන් පසු කවු ද?



වජිර අබේවර්ධන විශ්වාසභංග යෝජනාව ගැන මොකක් ද කියන්න උත්සාහ කරනවා. විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවට විරුද්ධව බව එහි එක් වාක්‍යයකින් කියැවෙනවා. ඒ වාක්‍යය නැතිව අගමැති අයින් කරන්න බැහැ.  ඒ අතර ජනාධිපති අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා කියලත් වජිර අබේවර්ධන මතක් කරනවා. විශ්වාසභංගය දිනුවෙත් රට අරාජික වන බවක් පෙන්නුම් කරන්න ඔහු උත්සාහ කරනවත් ද? නැහැ එහෙම වෙන්නෙ නැහැ. ජනාධිපති අයින් වෙන්නෙ නැහැ. ඔහුට වෙනත් ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් දහනවවැනි ව්‍යවස්ථාවෙන් (48 (2)) කියැවෙන්නේ මෙයයි. මුහුණු පොතේ පඬියන්, ඊනියා ජනමාධ්‍යවේදීන් මේවා කියවන්නේ නැහැ. ඔවුන් තමන්ට හිතන හිතන දේ පමණක් කියවනවා. වජිර අබේවර්ධන 48(2) කියෙව්වා ද යන්නත් ප්‍රශ්නයක්.

Tuesday, 27 March 2018

රනිල් ඉවත් කිරීම


රනිල් ඉවත් කිරීම



රනිල් ඉවත් කළ යුතු බව අප කීවේ ඔහු අගමැති ලෙස පත් වූ දිනවල. මා එසේ කියන්නේ ගෞරවයක් බලා ගෙන නොවෙයි. එහි ගෞරවයක් ලැබීමට තරම් දෙයක් නැහැ. කොහොමටත් මා ගෞරවයක් ලැබිය යුතු දෙයක් කියා නැහැ. මා ලියන්නේ ගෞරවයක් ලබා ගැනීමට නො වෙයි. මේ ලිපිවලට ගෞරවයක් තබා කැමැත්තක්වත් නැහැ. දෙතුන් දෙනකු මේ ලිපි මුහුණු පොතේ පළ කරනවා. ඒ ලිපිවලට කැමැත්ත (ලයික්) ලැබෙන්නේ අතේ ඇඟිලි සංඛ්‍යාවටත් අඩු පිරිසකගෙන්. මා ලියන කතන්දර පමණක් නොව තවත් කතන්දරත් තිබෙන බව මා දන්නවා. අනෙක් අය ලියන්නේ හුදී ජන පහන් සංවේගය පිණිස ම නොවන බවත් මා දන්නවා. මට ප්‍රශ්න තියෙනවා. සමහර ප්‍රශ්නවලට මට පිළිතුරු තියෙනවා. සමහර ප්‍රශ්නවලට පිළිතුරු නැහැ. එහෙත් මුහුණු පොතේ අයට නම් හැම ප්‍රශ්නයකට ම පිළිතුරු තියෙනවා.