Main Logo

Showing posts with label Postmodenism. Show all posts
Showing posts with label Postmodenism. Show all posts

Tuesday, 7 May 2019

නූතනත්වය සසෙක්ස් බබා පාස්කුව හා සෞදි අරාබිය

නූතනත්වය සසෙක්ස් බබා පාස්කුව හා සෞදි අරාබිය


මගේ ලෝකය පළ වූ කාලයේ මට පශ්චාත්නූතනවාදී අදහස් ඇති බව හා ඒ් බෞද්ධ විරෝධී යැයි සිතූ නිසයි ඇතැමුන්ට ඒ දවස්වල මා සමග සම්බන්ධකම් පැවැත්වීමට අවශ්‍ය වූයේ. එහෙත් මට ඔවුන් සමග සම්බන්ධකම් පැවැත්වීමට අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඒ අයට පසුව තේරුම් ගියා මා බෞද්ධ විරෝධියකු නොවන බව. ඉන්පසු ඔවුන් ඉවත් වූවා. ඉවත් වූවා පමණක් නො වෙයි මට වෛර කරන්න ද පටන් ගත්තා. ඒ බව ඔවුන්ගේ ලිපි ලේඛනවලින් පැහැදිලි වෙනවා. ඔවුන් අද මා සලකන්නේ තම සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරයට විරුද්ධ ව සිටින ප්‍රධාන ම තැනැත්තා ලෙසයි. ජාතික චින්තනය යන අදහස මුලින් ම සිංහලෙන් කී ගුණදාස අමරසේකරට ඔවුන්ගේ විරුද්ධත්වයක් දකින්න නැහැ. ජාතික චින්තනය සමග මගේ නම කියැවුණු බව පිළිගන්නවා.

Saturday, 18 August 2018

චන්ද්‍රිකා රනිල් හා පඬියෝ


චන්ද්‍රිකා රනිල් හා පඬියෝ



ඒ ගමන චන්ද්‍රිකා බුදුදහමට හා බුද්ධාගමට අගෞරව කිරීමට ඉදිරිපත් වෙලා. ඇගේ මොකක් දෝ සංවිධානයක් බුදුහමට හා බුද්ධාගමට අපහාස කරන කෙටි චිත්‍රපටි කිහිපයක් නිපදවා ඇතැයි වාර්තා වෙනවා. ඕමල්පෙ සෝභිත හාමුදුරුවන් ඒ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට සංඛ අමර්ජිත් ප්‍රචාරය දිලා. සංඛ කියනවා මේවා ගැන එතරම් කලබල විය යුතු නැහැ බුදුදහම කොහොමත් බබළනවා කියා. එය දෙරණ ආයතනයේ ප්‍රතිපත්තිය ද කියා මා දන්නේ නැහැ. දෙරණ කියන තරම් ජාතිකත්වයට තැනක් දෙන්නේ නැහැ. ඔවුන් දෙපැත්ත කන්න හදනවා. ඔවුන්ගේ විශිෂ්ට තම ශ්‍රී ලාංකිකයන් කවුද? දෙවෙනි ඉනිමෙන් කියන්නේ කුමක් ද? අනෙක් නාළිකා ගැන කතා කරලා වැඩක් නැහැ.

Wednesday, 15 August 2018

අපේ ශක්තිය




අපේ ශක්තිය



සියවස් කාලකට පමණ පෙර අප කාලය සඟරාව ඇරඹූ අවධියෙහි දී අප සමග විවිධ පුද්ගලයන් සිටියා. කාලයට ලිපි සැපයු අය අතර මාක්ස්වාදීන් විවිධ සමාජවාදීන් දෙමළ ජාතිවාදීන් සිංහල බෞද්ධ විරෝධීන් සිටියා. එකල 1987 දී කිසිවකු මහින්ද ජාතිකවාදියකු ලෙස දැන සිටියේ නැහැ. ඔහුත් වාම කේන්ද්‍ර එනම් කේන්ද්‍රයෙන් වමට බර අයකු ලෙසයි හැඳිනගෙන තිබුණෙ. මා මෙහෙ ම කියන විට මහින්දවාදීන්ට කේන්ති යන බව මා දන්නවා. මා හිතන්නේ බැසිල් එකල ගාමිණී දිසානායක ළඟ වැඩ ඉගෙන ගත් අයෙක්. ඔහු එ ජා ප හිතවතෙක්. අද නාමල් රාජපක්‍ෂ ප්‍රශ්න අවුල් කරනවා. ඒ වෙන කිසිවක් නිසා නොවෙයි ඔහු මහින්දගේ පුතා වීම නිසයි. නාමල් කරන දෙයක් නැහැ. එහෙත් නාමල් නිසා මහින්ද ප්‍රශ්නවලට විසඳුම් දෙන්නේ නැහැ. ඒ බව දේශපාලනයේ යෙදෙන බොහෝ දෙනා දන්නවා. එහෙත් ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ. මහින්දට අවශ්‍ය 2024 වන තුරු කල් බලන්න. ඔහුත් අද ඉන්දියාවට විරුද්ධව එතරම් දෙයක් කියන්නේ නැහැ. මත්තල විකිණීමට විරුද්ධව ඵලදායී වැඩක් ඔහු කරනවා ද?