නූතනත්වය සසෙක්ස් බබා පාස්කුව හා සෞදි අරාබිය
මගේ ලෝකය පළ වූ කාලයේ මට පශ්චාත්නූතනවාදී අදහස් ඇති බව හා ඒ් බෞද්ධ විරෝධී යැයි සිතූ නිසයි ඇතැමුන්ට ඒ දවස්වල මා සමග සම්බන්ධකම් පැවැත්වීමට අවශ්‍ය වූයේ. එහෙත් මට ඔවුන් සමග සම්බන්ධකම් පැවැත්වීමට අවශ්‍යතාවක් තිබුණේ නැහැ. ඒ අයට පසුව තේරුම් ගියා මා බෞද්ධ විරෝධියකු නොවන බව. ඉන්පසු ඔවුන් ඉවත් වූවා. ඉවත් වූවා පමණක් නො වෙයි මට වෛර කරන්න ද පටන් ගත්තා. ඒ බව ඔවුන්ගේ ලිපි ලේඛනවලින් පැහැදිලි වෙනවා. ඔවුන් අද මා සලකන්නේ තම සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරයට විරුද්ධ ව සිටින ප්‍රධාන ම තැනැත්තා ලෙසයි. ජාතික චින්තනය යන අදහස මුලින් ම සිංහලෙන් කී ගුණදාස අමරසේකරට ඔවුන්ගේ විරුද්ධත්වයක් දකින්න නැහැ. ජාතික චින්තනය සමග මගේ නම කියැවුණු බව පිළිගන්නවා.