Main Logo

Showing posts with label History. Show all posts
Showing posts with label History. Show all posts

Friday, 24 July 2020

ප්‍රශ්නය කාගෙ උප්පැන්න ගැන ද?

                        

                                                 සිංහල ලිත් ඉලක්කම්

0  1        3      4    5   6   7    8    9





ප්‍රශ්නය කාගෙ උප්පැන්න ගැන ද? 

උප්පැන්න සහතිකයේ ජාතිය සඳහන් කිරීම පිළිබඳ ප්‍රශ්නයක් පැන නැගිලා.  මේ ප්‍රශ්නයත් බටහිර සංකල්පවල අවුල් සහගත භාවයත් ඒ සංකල්ප සිංහලට පරිවර්තනය කිරීමේ දී ඇති වන තව තවත් අවුල් නිසාත් ඇති වන දෙයක්. අප ජීවත්වන්නේ ක්‍රිස්තියානි සංකල්ප, ප්‍රවාද ඇතුළු දැනුම්, නීතිය පමණක් නොව ආකෘති ද යොදා ගනිමින්. ලෝකයේ ම තානාපති කාර්යාල ලිපි ගණුදෙනු කරන්නේ ඉනුත් ඉංගිරිසි ආකෘතියේ. උප්පැන්න සහතිකය පමණක් නොව ගමන් බලපත්‍රය ද ඉංගිරිසි ආකෘතියේ.

Monday, 1 June 2020

අපට නැති අපේ අධ්‍යාපනය

                                                   සිංහල ලිත් ඉලක්කම්

0  1   2    3    4   5  6  7  8  9





අපට නැති අපේ අධ්‍යාපනය

තපස්සු භල්ලුක ගැන දන්නවා ද
(http://www1.kalaya.org/2020/05/blog-post_31.html) ලිපියට ප්‍රතිචාර කිහිපයක් තිබුණා. මා නුදුටු ප්‍රතිචාරත් තියෙන්න ඇති. මා ගරු කරන හාමුදුරුනමක් මට පහත සඳහන් මූලාශ්‍ර එවා තිබුණා. කාගෙ කාගෙත් දැන ගැනීම සඳහා මා එය පළ කරනවා. බලාගෙන යනකොට තපස්සු භල්ලුක කතාව පඬි නැට්ටන්ට සුරංගනා කතාවක් කියල අහක දාන්න බැහැ. පඬි නැට්ටන් මා මෙන් නොව මහා මූලාශ්‍රකාරයන්.  

Saturday, 16 November 2019

තුප්පහි උගත් නයි හා කැලණි නයි

  සිංහල ලිත් ඉලක්කම්


තුප්පහි උගත් නයි හා කැලණි නයි


  1. අද රටේ අනාගතය තීරණය කරන දවසක්. තීරණය කුමක් ද කියා අනාවැකි පළ කිරීමට නොනගත වෙලාවෙ දි මා උත්සාහ කරන්නේ නැහැ. මේ කාලය නිහඬ කාලය කියා තමයි මැතිවරණ කොමිසම කියන්නෙ. මෙය නිහඬ කාලයක් ම නො වෙයි. විවිධ පුද්ගලයන් විවිධ දේ කියනවා. මෙය නිහඬ කාලයක් නොව ප්‍රවර්ධන කටයුතු නොකරන කාලයක්. මා හිතන්නේ ඒ සඳහා සුදුසු ම වචනය නොනගත කාලය කියා. නොනගතය යන්න බටහිර සංකල්පයක් නො වෙයි. අප අපේ සංස්කෘතියෙන් වචන හොයනවා වෙනුවට කරන්නේ බටහිර සංකල්ප පරිවර්තනය කරන එක. 

Wednesday, 21 August 2019

අතීතයෙන් අනාගතයට

         සිංහල ලිත් ඉලක්කම්


අතීතයෙන් අනාගතයට

අපේ රටේ අය දේශපාලන වශයෙන් කෙතරම් සංවේදී ද බව මහාවංසයෙන් ම පැහැදිලි වෙනවා. අප මහාවංසය ඓතිහාසික කෘතියක් ලෙස සැලකුවත් ඒ එසේ නො වෙයි. එය දේශපාලන කෘතියක්. කවුදෝ ලියා තිබුණා මහාවංසයේ ප්‍රශ්නය ලියා ඇති දේ නොව නොලියා ඇති දේ කියා.  මහාවංසයෙහි ලියා ඇති දේ බොහෝ විට ඓතිහාසික සාධක (මා සාධක යන වචනය යොදා ගන්නේ වෙනත් වචනයක් නැති කමට) සමග ගැලපෙනවා. එහි ගැටළුවක් නැහැ. 

Monday, 1 April 2019

ක්‍රිස්තියානි මුස්ලිම් සභ්‍යත්ව ගැටුම




ක්‍රිස්තියානි මුස්ලිම් සභ්‍යත්ව ගැටුම





කලකට පෙර සැමුවෙල් හන්ටින්ග්ටන් සභ්‍යත්ව ගැටුම (Clash of Civilizations)  කියල පොතක් ලිව්ව. ඒකෙ ජාතික චින්තනය ගැනත් ඉතා කෙටි සටහනක් තිබුණ. ගුණදාස අමරසේකර හිතුවෙ හන්ටින්ග්ටන් ජාතිකත්වය අගය කරනව කියා. නමුත් හන්ටින්ග්ටන්ට ඕන වුණෙ ෆුකුයාමාගේ ඉතිහාසයේ අවසානය (End of History) කියන කෘතියට පිළිතුරක් දෙන්න.

Friday, 22 March 2019

කුසුමාසනදේවි, ඉතිහාස ව්‍යාපෘති හා සෝමදේව


කුසුමාසනදේවි, ඉතිහාස ව්‍යාපෘති හා සෝමදේව



රාත්‍රී අටේ සිට සවස හයට තල්ලු කර දැමූ කුසුමාසනදේවි ටෙලිනාට්‍යය ඉවර වෙලා ටිකක් කල් ගියා. ඒ ගැන ලියන්න හිතුණත් ඒකට ඉඩක් ලැබුණෙ නැහැ. රාජ් සෝමදේව කොළඹ විශ්වවිද්‍යාලයෙ කරපු කතාවක් ඇහුවට පස්සෙ කුසුමාසනදේවි ගැන ඉක්මණින් ලියන්න හිතුණා. කුසුමාසනදේවිත් ඉතිහාස කතාවක්. එයත් අයිති ඉතිහාසයට. ටෙලිනාට්‍යයේ කුසුමාසනදේවි මා දන්නා දෝන කතිරිනා නො වෙයි. ඉතිහාසයට අර්ථ විවර(hermenutics) සපයනවා කියන එක මා පිළිගන්නෙ නැහැ. පශ්චාත්නූතනවාදය (postmodernism) කියන්නෙ නූතනවාදී අදහස් ප්‍රංශ විප්ලවයෙ අදහස් හරියන්නෙ නැති බව දැණුනු බටහිර බුද්ධිමතුන් ඉන් ගැලවෙන්න ගොතපු අව්‍යක්ත නිසරු අසාර්ථක කතන්දර ටිකක්. ඉතිහාසයට අර්ථ විවරණ සපයනව කිව්ව ම ඒකෙන් කියැවෙන්නේ ඉතිහාසය කියල වාස්තවික යමක් තියෙනවා, අප ඒකට විවිධ  අර්ථ විවරණ සපයනවා කියන එකයි. මේ ඊනියා යථාර්ථය රැක ගැනීමට බටහිර දාර්ශනිකයන් දරණ තවත් වෑයමක් පමණයි. ඉතිහාසය කියල එකක් නැහැ. තියෙන්නෙ ඉතිහාස නැත්නම් ඉතිහාස කතන්දර.

Friday, 17 August 2018

රනිල්ගේ සුදු වෑන් රිය


රනිල්ගේ සුදු වෑන් රිය



ඊයේ අප සරසවි නැහැදිච්චකම ගැන කතා කළා. මට පඬියන්ගේ නැහැදිච්චකමත් රනිල්ගේ නැහැදිච්චකමත් ගැන කතා කරන්න ඕන. සරසවි නැහැදිච්චකම පඬි නැහැදිච්චකමේ ම කොටසක්. අපි එය පසුව කතා කරමු. රනිලුත් සංස්කෘතියෙන් ඇංග්ලිකන් ක්‍රිස්තියානි. පඬියොත් එහෙමයි. ඔවුන් සිංහල බුද්ධාගමට පහර ගහනවා. අද සිවුරු පොරවාගත් අව් කණ්නාඩි දමාගත් ඕනෑම මගුලක් නිවන අදාළ යැයි කියන අයත් සිංහල බුද්ධාගමට පහර දෙන්න යොදා ගන්නවා. සිංහල බෞද්ධයන් මේවා වැඩිකල් ඉවසන එකක් නැහැ. මේ සියල්ලට ම මුල රනිල්. ඒත් ඒකාබද්ධ විපක්‍ෂයවත් මෛත්‍රිපාලවත් රනිල් ඉවත් කරන්න උත්සාහ කරන්නේ නැහැ.

Tuesday, 29 May 2018

සිංහල ඉතිහාස කාල පරාසය අඩු කිරීම


සිංහල ඉතිහාස කාල පරාසය අඩු කිරීම



ලංකාවෙබ් හි කතෘ ධර්මසිරි වීරසිංහ කලකට පෙර බුදුදහම, බුද්ධාගම, සිංහල බුද්ධාගම, ඕල්කට් බුද්ධාගම ආදිය  පිළිබඳ ව වාදයකට එළඹුණා බුද්ධාගම බුදුදහමෙන් වෙනස්බව ඔහු පිළිගත්ත ද සිංහල බුද්ධාගම හා ඕල්කට් බුද්ධාගම පිළිගැනීම ප්‍රතික්‍ෂෙප කළා. ඔහුට අනුව ඕල්කට්තුමා බෞද්ධ අධ්‍යාපනය පුනරුදය කළා. ඔහු එය ඕල්කට් බුද්ධාගමේ අධ්‍යාපනය බව පිළිගත්තේ නැහැ. එමෙන් ම ඔහු සිතන්නේ ධර්මපාලතුමා හා ඕල්කට්තුමා එකම මතයක් දැරූ බවයි. ධර්මපාලතුමා ඕල්ලකට්තුමාගෙන් කැඩුණු බවත් එතුමන් අතර විරසකයක් වූ බවත් ධර්මසිරි වීරසිංහ නොදත් බවක් ඇඟවුණා.

Monday, 16 April 2018

පඬියන්ගේ අසංගත ඉතිහාසය


පඬියන්ගේ අසංගත ඉතිහාසය





මා ඊයේ ලිපියෙන් පෙන්වූයේ සිංහල බෞද්ධ විරෝධී පඬියන්ගේ අසංගත කතායි. ඒවාට බොරු තර්ක කියන්නත් බැහැ. ඒ කොහොමටවත් තර්ක නො වෙයි. දෙමළ ජාතිවාදය ඇති වීම පිළිබඳ සංගත නොවන කතාවක් පඬියා ගොතන්න හදනවා. පඬියන්ට නොතේරෙනවා වෙන්න පුළුවන් මා ඉතිහාසය ඉතිහාසයස සමග සංගත විය යුතුයි කියන්නේ ඇයි ද කියා. ඉතිහාසය යම් යුගයක කතාවක් ලෙස ගත්විට ඒ කතාව යුගයේ අනෙක් කතා සමග සංගත විය යුතුයි. ඒ ඉතිහාස කතාවේ අසංගත තැන් තිබෙනවා නම් ඉන් කියැවෙන්නේ කතාව පිළිගැනීමට නොහැකි බවයි.

Wednesday, 7 June 2017

සිංහල අනන්‍යතාව


සිංහල අනන්‍යතාව



සිංහල අනන්‍යතාව ගැන කතා කිරීම ඉතා වැදගත්. මෙය එක ලිපියකින් සාකච්ඡා කරන්න පුළුවන් එකක් නො වෙයි. සිංහල ජාතිය ඇති වුණේ කොහොම ද එය අනන්‍ය වන්නේ කෙසේ ද ආදී ප්‍රශ්න රාශියක් මෙහි තියෙනවා. ඒත් කාට හරි අහන්න පුළුවන් සිංහල අනන්‍යතාව ගැන කතා කරන්න මට තියෙන සුදුසුකම මොකක් ද කියලා. මා පුරාවිද්‍යාඥයකුවත්, ඉතිහාසඥයකුවත්, සිංහල භාෂාව හා සාහිත්‍ය පිළිබඳ විශාරදයකුවත් නො වෙයි. එහෙම නම් මට තියෙන සුදුසුකම මොකක් ද? එක් අතකින් මා එක්තරා සිංහල මහාචාර්යවරයකු (සේවාර්ජිත) මෙන් නොව අනන්‍යතාව කියන්නෙ මොකක් ද කියන එකවත් දන්නවා. එහෙත් මගේ ප්‍රධාන සුදුසුකම මා පුරාවිද්‍යාව, ඉතිහාසය වගේ විෂයක් විශ්වවිද්‍යාලයක දී තබා පාසලේ ඉහළ පන්තිවලවත් හදාරා නො තිබීම. එසේ හදාරා තිබුණේ නම් මට බටහිරින් ලැබෙන සමාජයීය විද්‍යා හා මානව ශාස්ත්‍ර දැනුම අනුව ප්‍රශ්නය දිහා බලන්න වෙනවා. බටහිර විද්‍යාව ඉගෙන ගත් අයකුට ඉන් කැඩෙන්න පුළුවන්. ඒත් බටහිර සමාජයීය විද්‍යා හා මානව ශාස්ත්‍ර ඉගෙන ගත් අයකුට ඉන් කැඩෙන්න බැරි ගානයි.

Saturday, 29 April 2017

ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගැනීම


ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගැනීම



පෘතුගීසීන් එළවා දැමීමට, පරාජය කිරීමට සීතාවක රාජසිංහ රජුට හැකි කම තිබුණා. එකල පෘතුගීසීන්ගේ තුවක්කු  බලාගෙන හොඳ ම තුවක්කු හැදීමට සමතුන් සිංහලයන් අතර සිටියා. සිංහලයන් ශිල්පයෙහි අති දක්‍ෂයන්. යුද්ධයත් ශිල්පයක්. එහෙත් රාජසිංහ රජු තම සිංහල ප්‍රතිවාදීන්ට තැනක් දුන්නේ නැහැ. ඇතැම් අවස්ථාවල ඔවුන් ඝාතනය කළා. කොනප්පු බණ්ඩාර පෘතුගීසීන් වෙත පළා ගියේ රාජසිංහ රජු ඔහුගේ පියා ඝාතනය කළ බැවින්. හාමුදුරුවන් ද රජුට විරුද්ධ වුණා. ඒ සියල්ලන් එකතු වී පෘතුගීසීන්ට පහර දුන්නේ නම් අපට මේ වින්නැහිය සිදු වන්නේ නැහැ. රාජසිංහ රජු අරිට්ටකි වෙන්ඩු නම් තක්කඩියකුට හසු වුණා.

Sunday, 9 April 2017

රොමිලා තාපර්ගේ ජාති


රොමිලා තාපර්ගේ ජාති



රොමිලා තාපර් කලට පෙර කියා තිබුණා ඉන්දියාවේ නැවතත් ආගම මත පදනම් වූ ජාතිකවාද ගොඩ නැගෙමින් පවතින බව. බටහිර සමාජයිය විද්‍යාඥයන්ට බටහිර ස්වාභාවික විද්‍යාඥයන්ට තරම් නිරවුල් ව කල්පනා කරන්න බැහැ. ලංකාව ඉන්දියාව වැනි රටවල සිටින බටහිර ස්වාභාවික විද්‍යාඥයන් යැයි කියන අයටත් එතරම් ම නිරවුල් ව කල්පනා කරන්න බැහැ. අප වැනි රටවල සිටින බටහිර සමාජයීය විද්‍යාඥයන් කියන අය ගැන කියනුම කවරේ ද? ඒ රටවල පිහිටි රාජකීය ආසියාතික සංගමයේ ශාඛාවලින් නිර්මාණය වී ඇති නව සංකල්ප කවරේ ද? මේ සංගම් බොහෝ විට මීතුරු කල්ලි. ඒවා පවුල් කල්ලි වන අවස්ථා ද නැතිවා නො වෙයි.

Saturday, 11 February 2017

සයිටම් හා විග්නේස්වරන් බොරු  





සයිටම් හා විග්නේස්වරන් බොරු



විග්නේස්වරන් මඩකලපුවේ දී නැවතත් තම බොරුව කියලා. අවුරුදු දෙදහකට වැඩි කාලයක් තිස්සේ උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ ජනයා පදිංචි වී සිටි බව ඔහු කියලා. දෙමළ ජනයා සෑහෙන ප්රමාණයක් මේ බොරුව විශ්වාස කරනවා. අප විශ්වාස කිරීමට කැමති දේ සාධක (හේතු නොව) නැතිව වුවත් පිළිගැනීමට අප කැමතියි. සමහර බොරු අප විශ්වාස කරන්නේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව. වගේ අප අනෙක් අය සතුටු කරන්නත් සමහර දේ කියනවා. සමහරු ඇතැම් විට කියනවා දෙමළ ජනයාටත් සමාන සලකනව නම් ඊනියා සංහිඳියාවක් ව්යවස්ථාවක් ආදිය අවශ් නැහැ කියලා. මේ රටේ දෙමළ ජනයාට ඇති අසමානත්වය කුමක් ?  උදාහරණයක් දෙන්න පුළුවන් ? ජනමාධ් ඉදිරියේ එවැනි ප්රකාශ කළ යුත්තේ ගැන හරියට දන්නේ නම් පමණයි. දෙමළ ජනයාට මෙරට අසමානත්වයක් නැහැ.  සයිටම් ගැනත් තත්වය එසේමයි. අපේ සමහර උපකල්පන සංකල්පීය අවුල් නිසා ඇතිවන දේ.

Tuesday, 22 November 2016

1915 මුස්ලිම් ප්‍රහාරය

1915 මුස්ලිම් ප්‍රහාරය

මේ ආණ්ඩුව ඉතා පැහැදිලිව ම තමන්ට අවශ්‍ය අන්දමට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීමට උත්සාහ කරනවා. ඒ කියන්නෙ බටහිරට හා ඉන්දියාවට අවශ්‍ය අන්දමට ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නවා කියන එකයි ඒ සඳහා මාධ්‍ය මර්දනය කිරීමටත් ආණ්ඩුවට හිතෙන විධියට ලිපි වැඩසටහන් ආදිය ජාතිවාදී ලේබලය අලවා තහනම් කිරීමටත් සූදානම් වන බව පැහැදිලියි. විජයදාස රාජපක්‍ෂට ඉහළින් රනිල් ඉන්නවා. එපමණක් නොවෙයි මෛත්‍රීපාලටත් ඉහළින් බටහිරයන් වෙනුවෙන් රනිල් ඉන්නවා. සිංහලයන්ට හිමි විය තැන අහිමි වීමට යන බව පෙනෙනවා. මේ ලිපි පෙළෙන් උත්සාහ කරන්නේ මුස්ලිම් ආගමිකවාදයක් මේ රටේ ඉස්මතු වූ ආකාරය පෙන්නුම් කිරීමයි. ඇතැම් විට ආණ්ඩුව පත් කරන කසිකබල් නිලධාරියකුට මේ ලිපිත් ජාතිවාදී වෙන්න පුළුවන්.

Wednesday, 19 October 2016

විද්‍යාව ඉතිහාසය හා මුස්ලිම් ජනයා



විද්‍යාව ඉතිහාසය හා මුස්ලිම් ජනයා


ශාස්ත්‍රීය වශයෙන් බටහිර විද්‍යා හා අනෙක් විෂය අතර ඇත්තේ ඉතා සුළු, එහෙත් වැදගත් වෙනසක් පමණයි. බටහිර විද්‍යාවල බොහෝ විට කෙරෙන්නේ පරිමිත නිරීක්‍ෂණ සාධාරණීකරණයට (සාධාරණීකරණයක් නිසා එය ද වියුක්ත වෙනවා) ලක්කර ඉන්පසු ඒ තේරුම් ගැනීමට යැයි කියමින් අනපෝහනය (ඇබ්ඩක්ෂන්) මගින් වියුක්ත පැහැදිලි කිරීම් (ප්‍රවාද) ගොඩනැගීමයි (ගෙතීමයි). බටහිර භෞතික විද්‍යාව එහි දී විශේෂයි. ඊනියා මනෝ විෂ්ලේෂණයේ දී මෙය දියවෙන තත්වයකට පත්වෙනවා. ඉංජිනේරු විද්‍යාව හා වෛද්‍ය විද්‍යාව ශාස්ත්‍ර ගණයට නොව ශිල්ප ගණයට අයත්වෙනවා. තමන් පාසලේ දී හෝ පොත්පත් කියවීමෙන් හෝ ඊනියා විද්‍යාත්මක ක්‍රමය ගැන ලබාගත් දැනුම ප්‍රතිචාර ලෙස ලියා දක්වන්න එපා. මා කොහොමටත් ඒවා කියවන්නේ නැහැ. මා මෙතන ඉගැන්වීමක් කරන්නේත් නැහැ. මා ලියන්නේ ඔබ කරන කියන වැරදි නිවැරදි කිරීමට නො වෙයි. හැකිනම් මෙරට අනාගතය ගොඩනැගීමට පමණයි.

බටහිර ගණිතය දහනවවැනි සියවසෙන් පස්සෙ වෙනස් මගක් ගත්තා. එහි දැන් නිරීක්‍ෂණ සාධරණීකරණයක් සිදුවෙන්නේ නැහැ. බටහිර ගණිතඥයන් දැන් වියුක්ත ස්වසිද්ධි (ඇක්සියම්ස්) තමන් ම නිර්මාණය කරනවා. මෙරට බොහෝ දෙනාට ස්වසිද්ධි ගැන වැටහීමක් නැහැ. ඒ ඒ අය ස්වසිද්ධි ලෙස හඳුනාගෙන ඉන්නෙ ස්වසිද්ධි නොවෙයි. ඒවා ප්‍රමේය. යුක්ලිඩ්ගෙ කාලෙ ස්වසිද්ධි, නිරීක්‍ෂණවල සාධාරනීකරණයෙන් ලබාගත් දේ. ඒවාට සිංහලෙන් ප්‍රත්‍යක්‍ෂ කියලත් කියනවා. ඒක වැරදියි. සාධාරණීකරණයට ලක් වූ නිරීක්‍ෂණ ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගන්න බැහැ. රාමනුජන්ට ස්වසිද්ධි තිබුණෙ නැහැ. ඔහු දෙවියන්ගෙන්, එනම් ආධ්‍යාත්මික ව, දැනුම ලබාගත් කෙනෙක්. ආධ්‍යාත්මික ව දැනුම ලබාගැනීමේ ක්‍රම තුනක් මා මේ පිටුවේ දක්වල තියෙනවා. මට ඒ සබැඳි සො යා ගැනීමට බැහැ.  ඉඩක් තිබුණොත් මේවා ගැන තවදුරටත් පස්සෙ කතාකරන්නම්.

අනෙක් ශාස්ත්‍රීය විෂයවලත්   අනපෝහනයක් ක්‍රියාත්මක වෙනවා. ඒත් ඒ වියුක්ත ව නොවෙයි. ඒවා සංයුක්ත අනපහෝන. ඉතිහාසයේ වියුක්තකරණයක් තමයි මාක්ස්වාදයේ කියැවෙන ඊනියා ඓතිහාසික භෞතිකවාදය (හිස්ටොරිකල් මැටීරියලිසම්). එය සම්පූර්ණයෙන් ම අසාර්ථකයි. ඇට්ටකුණා වෙච්ච මාක්ස්වාදීන් කිහිප දෙනකු හැරෙන්න අනෙක් අය කම්කරු පංති ආඥාදායකත්වය එනකම් මග බලන් ඉන්නෙ නැහැ. කාල් පොපර් මාක්ස්වාදය හා මනෝ විෂ්ලේෂණය බටහිර විද්‍යාවන් නොවේ යැයි කීම ගැන මා පුදුම  වෙන්නෙ නැහැ. ඒත් එකෙන් කියන්නෙ මා ඔහුගෙ අසත්‍යකරණ ප්‍රවාදය පිළිගන්නවා කියන එක නො වෙයි.

ඉතිහාසයෙ අපට දැනගන්න ඕන වෙනවා ලංකාවෙ මුස්ලිම් මිනිසුන්ගෙ සම්භවය ගැන. මෙරට අනාගතය සඳහා ඒ අවශ්‍යයයි.  වියුක්තව සියළු ලක්වැසියන්ගෙ සම්භවයට එක් ප්‍රවාදයක් අනපෝහනය කරන්න බැහැ. බටහිර පූරාවිද්‍යාව බොහෝ විට අසාර්ථක වන්නෙ සියළු මිනිසුන්ගේ විකාශය එකම ආකාරයට සිදු වූ බවට ප්‍රවාද ගොඩනගල තියෙන නිසා. ශිලා යුගය, නව ශිලා යුගය ආදිය හැම තැනකට ම ගැලපෙන්නෙ නැහැ. ලංකාවෙත් ගැලපෙන්නෙ නැහැ. බටහිර විද්‍යාව නොවන තැන්වල හැම දෙයක් ම එකම අච්චුවෙ තේරුම් ගන්න බැහැ. ඒ වුනාට ලංකාවෙ සාහීිත්‍ය කාරයො එකම අච්චුවෙ (අච්චුවල) නවකතා ලියන්න හදනවා. ඒක හරියට එකම අච්චුවෙ කැවුම් පුච්චනවා වගේ. මේ රටේ මාර්ටින් වික්‍රමසිංහගෙ ඉඳන් බොහෝ දෙනකු නවකතා ලියලා තියෙන්නෙ බටහිර අච්චුවලට අනුගත වෙන විධියට. ගම්පෙරළිය, කලියුගය, යුගාන්තය ඇතුළු  එ නවකතා පට්ටපල් බොරු. තමන්ගෙ ජීවිතවලටවත් ජීර්ණය කරගන්න බැරිවුණු බටහිර අච්චුවල නවකතා ලියන්නෙ කොහොම ද? මා දැන් මේ බොරු නවකතා කියවන්නෙ නැහැ. මා කියවල තියෙන හොඳම නවකතා දෙක සුජාත පුත්‍රයන්ගෙ වස්තුව හා මහරජ ගැමුණු. 

මා ඉතිහාසඥයකු තබා විද්‍යාඥයකුවත්  ගණිතඥයකුවත් නො වෙයි. මා පාසලේ ඉතිහාසය ඉගෙන ගෙන  ඇත්තෙ නවවැනි ශ්‍රෙණියට පමණයි. ඒත් ගණිතයට හා භෞතික විද්‍යාවට වගේ ම ඉතිහාසයටත් මට තරමක ඉවක් තියෙනවා. මුස්ලිම් ජනයාගේ සම්භවය ගැන ලියන්නෙ මා ඉතිහාසඥයකු නිසා නො වෙයි. (මෙරට හරිහමන් ඉතිහාසඥයකු ඇතැයි කියා මා හිතන්නේ නැහැ). මට මෙරට ඉතිහාසය ගැනත් දේශපාලනය ගැනත් උනන්දුවක් තියෙනවා. ඒ නිසා මා ලියනවා. (https://www.facebook.com/permalink.php?story_fbid=314424048936994&id=188511888194878)
ලෝනා දේවරාජා මහත්මිය මෙරට මුස්ලිම්වරුන්ගේ සම්භවය ගැන ලියා තිබෙන ඉතිහාසය පිළිගන්න බැහැ. මෙරට මුස්ලිම්වරුන් අරාබි හෝ සිංහල හෝ නැතිව දෙමළ කතාකරන්නේ කොහොමද කියන එක තේරුම් කරන්න ඇගේ අනපෝහනවලින්  බැහැ. මෙරට මුස්ලිම් සම්භවය ගැන කියන ඕනෑම අයකු පළමුව තේරුම් කර දිය යුතු කරුණ මුස්ලිමුන් දෙමළ කතාකරන්නේ ඇයි ද කියන එකයි.  ඒ ප්‍රධාන ප්‍රශ්නයට සංගත ව පිළිතුරු නොදෙන කිසිම අනපෝහනයක් (සංයුක්ත) පිළිගන්න මා සූදානම් නැහැ.

මෙරටට මුස්ලිම්වරුන් පැමිණ ඇත්තේ වත්මන් තමිල්නාඩුවේ කේරළ ප්‍රාන්ත සීමාවේ පිහිටි ප්‍රදේශයකින්. ඔවුන්ගේ දෙමළ භාෂාව යාපනයේ, මඩකලපුවේ, වතුකරයේ දෙමළවලින් වෙනස්වන්නේ මලයාලම් වචන නිසයි. මලබාරයෙන් මුස්ලිමුන් දහහතරවැනි සියවසේ ලංකාවට පැමිණි බව ඉන්දියානු ඉතිහාසයෙන් කියැවෙනවා. මේ ගැන උනන්දුවක් දක්වන අයකු වේ නම් හා ඔහු බටහිර වාග් විද්‍යාව ගැන යම් දැනීමක් ඇත්නම්, මලබාරයේ මේ ප්‍රදේශය තවත් කුඩාකර හඳුනාගැනීමට  හෝඩුවාවක් දිය හැකියි.  (මතු සම්බන්ධයි)

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/
නලින් ද සිල්වා
2016 ඔක්තෝම්බර් 19   


Thursday, 6 October 2016

Tuesday, 5 July 2016

ඉතිහාසය හැදෑරීම

ඉතිහාසය හැදෑරීම

මා පාසලේ ඉතිහාසය ඉගෙන ගත්තේ නවවැනි පංතිය දක්වා පමණයි. පාසලේ දී හය, හත, අට, නවය පංතිවල පෘතුගීසීන් පැමිණීමෙන් පස්සෙ ලංකා ඉතිහාසය, ඉංගිරිසි (එංගලන්ත) ඉතිහාසය හා සෙසු ආසියාවේ හා යුරෝපයේත්, ඇමරිකාවේත් ඉතිහාසය ඉගෙන ගත්තා. එකල ඉතිහාසය මගේ ප්‍රියතම විෂයයක්. ගණිතයට හා වියුක්ත  භෞතික විද්‍යාව හැරුණු විට මා පාසලේ දී වඩාත් ම ප්‍රිය කෙළේ ඉතිහාසයට හා සිංහල භාෂාවට හා සාහිත්‍යටයි. බටහිර භෞතික විද්‍යාව හා ගණිතය හැදෑරීමට පසුව යොමු වුවත් ඉතිහාසයට තිබූ ඇල්ම නැතිවුනේ නැහැ. ඉතිහාසයත් එක්තරා ආකාරයකින් ගත්කල වියුක්තයි. දර්ශනයත් එසේමයි. ඒ විෂයවල යම් අර්ථ නිරූපණයකුත් තිබෙනවා. බොහෝ දෙනා නොසිතුවත් බටහිර ගණිතයේත්, භෞතික විද්‍යාවේත් අර්ථ නිරූපණ තිබෙනවා. ක්වොන්ටම් භෞතිකයේ ඒ බව ප්‍රසිද්ධියේ ම පිළිගැනෙනවා. කෝපන්හේගන් විවරණය නැත්නම් අර්ථ නිරූපණය ගැන බොහෝ දෙනා අසා ඇති නමුත් එසේ නිරූපණයක් ඇති වීමට හේතුව මොකක් ද කියලා කල්පනා කරන්නේ නැහැ. ඉතිහාසය කියන්නෙ කටපාඩම් කිරීමට තියෙන දත්ත ටිකක් පමණක් නොවෙයි කියන එක සිසුන්ට කියා දෙන්න ඕන. ඊට ඉස්සෙල්ලා ඉතිහාසය විෂයයක් හැටියට උගන්වන්න පටන්ගන්න ඕන.

Wednesday, 22 June 2016

ඇරිස්ටෝටල්ගෙ බලය

ඇරිස්ටෝටල්ගෙ බලය

බලයක් කියන්නෙ මොකක් ද? අප මෙහි දී කතාකරන්නේ දේශපාලන බලය ගැන නොවෙයි. බලය බෙදීම, බලය විමධ්‍යගත කිරීම ආදිය මෙයට අදාළ නැහැ. ආකිමිඩීස්, ඇරිස්ටෝටල් ඇතුළු ග්‍රීකයන්ට බලය වුනේ කප්පි ලීවර ආදියේ දී යොදාගන්නා බලය. ඔවුන්ගේ බලය ඇදීමක්, තල්ලුවක් වැනි දෙයක්. අපට වුනත් ඇදීම, තල්ලුව වගේ සංකල්ප තිබුනා. එහෙත් බලය කියන වියුක්ත සංකල්පය තිබුනේ නැහැ. අපට ශක්තිය කියන සංකල්පය තිබුණා. ඒත් එය කර්ම ශක්තිය වැන්නක් මිස බටහිර විද්‍යාවෙ යොදාගන්නා ශක්තිය නෙවෙයි. කර්මය බටහිර විද්‍යාවේ අර්ථයෙන් ශක්තියක් නෙවෙයි. අපට ඉඳහිට ඇහෙනවා කර්ම විපාකය නිවුටන්ගෙ තුන්වැනි නියමයෙන් තේරුම් කරනවා. හැම ක්‍රියාවකට ම ප්‍රතික්‍රියාවක් තියෙනවා කියලා කර්මය ගැන කතාකරනවා. මේ සංකල්ප ගැන හරි වැටහීමක් නැතිව කෙරෙන කතා. මේ කතාවලින් සිද්ධ වෙන්නෙ අයහපතක්. බුද්ධාගම විද්‍යාත්මක කිරීම එයටත් වඩා පඬි කතාවක්. ඒ කතාවල හීනමානයකුත් තියෙනවා. කැලණිය විශ්වවිද්‍යාලයේ වසන්ත කටුගම්පල කියාවි අවකාශයටත් (අවකාශ –- කාලයට) ශක්තියක් තියෙනවා කියා. ඒ රික්ත ශක්තිය නෙවෙයි.

Tuesday, 21 June 2016

මගේ දරුවෝ 2

මගේ දරුවෝ   2

ධර්මසිරි සෙනෙවිරත්න


 චරිත ස්වභාවය අනුව  මගේ දරුවන් වර්ග කරනවිට මම මොලින්ම හඳුන්වා දුන්නේ තද හිත්  ඇති,එතරම් නම්‍යශීලී නැති එහෙත් ලෞකික ශිල්ප ශාස්ත්රවලට දක්ෂ මට බෙහෙවින් ආදරේ කල ” යක්ෂයින්”’ වැනි කොටසය .අනෙක් අ යට වඩා බුදු දහමට අනුගත වීමට මොවුන්ට බොහෝ කල් ගතවුවත් එසේ බෞද්ධ වූ අ  ය  අතර ඉතා විශිෂ්ට ලෙස මනස දියුණු කරගත් අ  ය සිටියහ . අනෙක්  අයගෙන් වෙන්වී සිටියද  පන්දඩු  කාභය සමයේදී ඔවුහුද අනෙක් ය සමග එකතු වන්නට පටන් ගත්හ