Main Logo

Showing posts with label Sinhala Culture. Show all posts
Showing posts with label Sinhala Culture. Show all posts

Tuesday, 15 May 2018

පරිභෝජනය හා සූරා කෑම

පරිභෝජනය හා සූරා කෑම


බටහිර යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි  ප්‍රධාන ම කරුණක් තමයි මානව කේන්ද්‍රවාදය. එයට මානව කේන්ද්‍රවාදය කිව්වට එය ක්‍රියාත්මක වෙන්නෙ බටහිර සුදු පිරිමි කේන්ද්‍රවාදය ලෙස. ඒ චින්තනයේ නියමුවන් බටහිර සුදු පිරිමින්. එහි සුදු ස්ත්‍රීන්ට ස්ත්‍රීන් හැටියටවත් හිතන්න බැහැ. ඒ නිසා ඔවුනුත් සුදු පිරිමි වගේ හිතන්න, වැඩ කරන්න සූදානම්. අද ඊනියා ස්ත්‍රී විමුක්තිය යන්න බටහිර ස්ත්‍රීන් තමන් ස්ත්‍රීන් ලෙස කටයුතු කිරීම පෙරදැරි කරන් ඇති වුණු ව්‍යාපාරයක් නො වෙයි. එය ස්ත්‍රීන් තමන්ට පිරිමින් මෙන් කටයුතු කරන්න, නිිදහස ඊනියා විමුක්තිය ලබා දෙන්න කියා ඉල්ලන ව්‍යාපාරයක්. මේ ඊනියා ස්ත්‍රී විමුක්ති ව්‍යාපාරය නිසා බටහිර රටවල සුදු පිරිමින් තවත් බලවත් වෙනවා. 

Monday, 7 May 2018

සුමන්තිරන්ගේ කන්ද උඩ දේශනාව


සුමන්තිරන්ගේ කන්ද උඩ දේශනාව



උතුරු හා නැගෙනහිර පළාත්වල පන්සල් හදන්න දෙන්නෙ නැහැ කියලා සුමන්තිරන් කියනවා. ඒ අතර දාගැබ් සමතලා කර ගෙන යෑමට ප්‍රාදේශීය ලේකම්වරියක් අනුමැතිය දීලා. ඇය මුස්ලිම් බවට ආරංචියි. සුමන්තිරන් මැතෝදිස්ත ක්‍රිස්තියානි. මේ රටේ සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරයක් තියෙනවා. එහෙත් ඒ ගැන කතා කරන එක ඊනියා සංහිඳියාවට විරුද්ධලු. මේ කෙරී ගෙන යන්නේ සිංහල බෞද්ධ උරුමය රටින් අතුගා දැමීමක්. මෛත්‍රිපාල මේ එකක්වත් ගැන තවම පත්තරෙන් කියෙව්වෙ නැති පාටයි. එන පාට නම් හොඳ නැහැ.

Wednesday, 14 March 2018

සිංහල බෞද්ධ අසමගිය හා බුද්ධිය නැතිවීම


සිංහල බෞද්ධ අසමගිය හා බුද්ධිය නැතිවීම



අද දි අයිලන්ඩ් පුවත්පතේ පිටරට සිටින ශ්‍රී ලාංකික අධ්‍යයනිකයන් යැයි කියා ගන්නා පිරිසක් සිංහල බෞද්ධයන් ප්‍රචණ්ඩ ක්‍රියාවලට වරද කරුවන් කරමින් ලිපියක් පළ කර තිබෙනවා. ඔවුන් දෙමළ ත්‍රස්තවාදීන් අහිංසක මිනිසුන් ඝාතනය කරන විට සිටියේ කොහේ දැයි අප අසන්නේ නැහැ. ඒ දෙමළ ත්‍රස්තවාදීන්ට දෙමළ ජාතික සංධානයේ නොමඳ සහාය ලැබුණු බව ද අපට අමතක කරන්න බැහැ. එකී සංධානයේ මන්ත්‍රීවරුන් හා සාමාජිකයන්  පාර්ලිමේන්තුවේ ද වෙනත් තැන්වල ද දෙමළ ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටියා. අදත් පෙනී ඉන්නවා. සුමන්තිරන් මේ කණ්ඩායමේ නිල නොලත් නායකයා ලෙස කටයුතු කරනවා. ඔහු පැහැදිලි ව ම සිංහල බෞද්ධ විරෝධී දෙමළ මැතෝදිස්ත බැතිමතෙක්.

Wednesday, 27 September 2017

සිංහල වෙදකම


සිංහල වෙදකම





බටහිර විද්‍යාව යනු එකම දැනුමවත් ඊනියා විද්‍යාත්මක ක්‍රමය යනු දැනුම ලබාගැනීමට ඇති එකම ක්‍රමයවත් නො වෙයි. බටහිර විද්‍යාව යනු තවත් දැනුමක් පමණයි. බටහිර වෛද්‍ය විද්‍යාව යනු බටහිර දැනුමෙහි එක් තාක්‍ෂණික දැනුමක්. එය රෝග හා රෝග නිවාරණය පිළිබඳ දැනුමක්. ආයුර්වේද වෙදකම හා සිංහල වෙදකම තවත් වෙදකම් දෙකක්. එයට අමතරව හෝමියෝපති වැනි තවත් වෙදකම් තියෙනවා. ඒත් අද මෙරටත් ආධිපත්‍යය ඇත්තේ බටහිර වෙදකමට. එය දේශපාලනය හා බලය මත පදනම් වූවක් මිස ඊනියා සත්‍යයක් හෝ සත්‍යය කරා ළඟාවීමක් මත පදනම් වූවක් නො වෙයි.

Tuesday, 18 July 2017

පුරාවිද්‍යාවේ අනුකාරකයෝ


පුරාවිද්‍යාවේ අනුකාරකයෝ



ඉස්සර මේ රටේ පුරාවිිද්‍යා දෙපාර්තමේන්තුවක් තිබුණෙ නැහැ. ඒත් අපේ සිද්ධස්ථාන රැක ගැනීමට එය බාධාවක් වුණේ නැහැ. අපේ රජවරු සිද්ධස්ථාන අළුත්වැඩියා කළා. චෛත්‍ය මුල් ආකාරයෙන් ම තිබිය යුතු ය කියලා නීතියක් තිබුණෙ නැහැ. පස්සෙ කාලෙක දි අගනුවර මාරු වෙන විට කලින් අගනුවරවල තිබූ සිද්ධස්ථාන ඇතැම් විටෙක මග ඇරෙන්න ඇති. අගනුවර කෝට්ටෙට ගෙනාවට පස්සෙ පැරණි සිද්ධස්ථානවලට යන එක ටිකක් අපහසු වෙන්නත් ඇති.

Saturday, 29 April 2017

ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගැනීම


ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගැනීම



පෘතුගීසීන් එළවා දැමීමට, පරාජය කිරීමට සීතාවක රාජසිංහ රජුට හැකි කම තිබුණා. එකල පෘතුගීසීන්ගේ තුවක්කු  බලාගෙන හොඳ ම තුවක්කු හැදීමට සමතුන් සිංහලයන් අතර සිටියා. සිංහලයන් ශිල්පයෙහි අති දක්‍ෂයන්. යුද්ධයත් ශිල්පයක්. එහෙත් රාජසිංහ රජු තම සිංහල ප්‍රතිවාදීන්ට තැනක් දුන්නේ නැහැ. ඇතැම් අවස්ථාවල ඔවුන් ඝාතනය කළා. කොනප්පු බණ්ඩාර පෘතුගීසීන් වෙත පළා ගියේ රාජසිංහ රජු ඔහුගේ පියා ඝාතනය කළ බැවින්. හාමුදුරුවන් ද රජුට විරුද්ධ වුණා. ඒ සියල්ලන් එකතු වී පෘතුගීසීන්ට පහර දුන්නේ නම් අපට මේ වින්නැහිය සිදු වන්නේ නැහැ. රාජසිංහ රජු අරිට්ටකි වෙන්ඩු නම් තක්කඩියකුට හසු වුණා.

Saturday, 22 April 2017

මාර්ටින් වික්‍රමසිංහ හා ජාතික චින්තනය


මාර්ටින් වික්‍රමසිංහ හා ජාතික චින්තනය


අවුරුදු විසිපහකට පමණ පෙර 1992 මැයි මස 29 වැනි දින මා මොරටුව විශ්වවිද්‍යාලයේ සිංහල සාහිත්‍ය සංගමය මගින් සංවිධානය කරන ලද රැස්වීමක ඉහත සඳහන් මාතෘකාවෙන් දේශනයක් කළා. එය පොත් පිංචක් ලෙස ඒ සංගමයෙන් මුද්‍රණය කෙරුණා. 1990 මැයි 29 වැනි දින ඒ මහතාගේ ජන්ම ශත සංවත්සරයේ දී මා විශේෂ දේශනයක් කළා. මට මතක හැටියට ඒ දේශනය කෙළේ නව රඟහලේ දී. එහි දී මා කීවේ කුමක් දැයි මතක නැහැ. එහෙත් මොරටුවේ දී මා කී දේ අර පොත් පිංචෙන් කියවා ගත්තා.

මා ඔහුට එහි විශාල ගෞරවයක් කර තිබෙනවා. ඒ අතර ඔහු ගැන විවේචනයක් ද කර තිබෙනවා. මාර්ටින් වික්‍රමසිංහ සිංහල බෞද්ධ සංස්කෘතිය ඉවෙන් (අන්තර්ඥානයෙන්) දැන ගත්තා. ඔහු අපේ සංස්කෘතිය භාරතයෙන් ස්වාධීන බව පෙන්වීමට උත්සාහයක් ගත්තා. අප එය අගය කළ යුතුයි. එහෙත් ඔහු බටහිර දැනුමේ අනුගාමිකයකු වුණා. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි බටහිර සංස්කෘතිකාංග ඇති බව පෙන්වීමට ඔහු කටයුතු කළා. අප එය කිසිසේත් ම අනුමත කරන්නේ නැහැ.

Saturday, 15 April 2017

Friday, 14 April 2017

අවුරුද්ද ගැන තවදුරටත්  


අවුරුද්ද ගැන තවදුරටත්



සිංහල අවුරුද්ද සිංහල අපට ඇති අවුරුදු දෙකෙන් එකක්. අනෙක් අවුරුද්ද වෙසක්. මේ දෙක ම බුදුන් වහන්සේ හා සම්බන්ධ කියලා හිතන්න පුළුවන්. වෙසක් ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. එය බුදුන් වහන්සේ හා සම්බන්ධ බව කුඩා දරුවකු වුවත් දන්නවා. සිංහලයන්ගේ වර්ෂත් මාස ක්‍රමයත් පටන් ගන්නෙ වෙසක් සමග. අප වෙසක් පොසොන් ඇසළ ආදී වශයෙන් මාස ගණන් කරනවා. ඒ චන්ද්‍ර මාස. සූර්ය වර්ෂයකට, එනම් සෘතු පදනම් වන වසරකට, චන්ද්‍ර මාස දොළහකට වඩා තිබෙනවා. එබැවින් ඇතැම් විට අපට අධි මාස ගැන කතා කරන්න වෙනවා.

Thursday, 13 April 2017

අවුරුද්ද හා නැකැත් කෙළි  


අවුරුද්ද හා නැකැත් කෙළි



අද ද්‍රවිඩ දේශය යැයි හැඳින්වෙන ප්‍රාන්තවල අලුත් අවුරුද්ද එකම දිනයක ඇරඹෙන්නේ ද යන ප්‍රශ්නය සිංහල ද්‍රවිඩ අලුත් අවුරුද්දක් ගැන කියන අයගෙන් ඇසුවහොත් ඔවුන් අමාරුවේ වැටෙනවා. එයට හේතුව ආන්ද්‍ර ප්‍රදේශය, කර්ණාටක හා තෙළඟනා ප්‍රාන්තවල එක් දිනයකත් තමිල් නාඩුවේ හා කේරළයේ තවත් දිනයකත් අලුත් අවුරුද්ද ඇරඹීම. ආන්ද්‍ර ප්‍රදේශය වැනි ප්‍රාන්තවල අලුත් අවුරුද්ද යුගාදි යනුවෙන් හැඳින්වෙයි. යුගාදි යන්නෙහි තේරුම යුගය (වසර) ඇරඹීම යන්න ය. එය යුග ආදි(මුල) වචනවලින් සකස් වී ඇත.  මේ යුගාදි අවුරුද්ද මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙහි ද එදින ම හෝ ආසන්නයේ හෝ  පැවැත්වෙයි.

Saturday, 8 April 2017

සිංහල අවුරුද්ද


මෙය ඉරිදා රිවිර පත්‍රයට යවන ලද ලිපියකි









සිංහල අවුරුද්ද



මා සිංහල අවුරුද්ද ගැන බොහෝ දේ ලියා තිබුණත් තවමත් ඒ කරුණු ඇත්තේ පොත්පත්වල පමණයි. මේ ලිපියටත් ඒ ඉරණම අත්වීමට ඇති ඉඩකඩ අධිකයි. එයට මූලික හේතුව විද්‍යුත් ජනමාධ්‍ය අවශ්‍ය ප්‍රචාරය නොදීමයි. ජනමාධ්‍යවේදීන්ගෙන් අති විශාල බහුතරය පඬියන් වීම සිංහලයන්ගේ කරුමයක් වී ඇත. අපි අවුරුද්ද ගැන කරුණු කිහිපයක් නැවත කියමු. ඒ අතර අලුත් කරුණක් දෙකක් ද පළමු වරට මෙහි සඳහන් කරමු. පළමුවෙන් ම කිව යුත්තේ ඊනියා විද්‍යාඥයන් කුමක් කීවත් ඉර පොළොව වටා ගමන් කරන්නේ යැයි කීමෙහි කිසිම වරදක් නැති බව ය. පොළොවේ සිට බැලූ විට පෙනෙන්නේ, නිරීක්‍ෂණය කෙරෙන්නේ ඉර යන බවයි. කිසිම චලිතයක් නිරපේක්‍ෂ නැත. සෑම චලිතයක් ම සාපේක්‍ෂ වෙයි. ඉරේ සිට නිරීක්‍ෂණය කළහොත් පොළොව ඉර වටේ යන බව පෙනෙයි. හඳේ සිට නිරීක්‍ෂණය කළහොත් ග්‍රහ වස්තුවල චලීිතය කෙසේ නිරීක්‍ෂණය වේ ද? පැරණි නාවිකයන් තාරකා නිරීක්‍ෂණය කෙළේ පොළොවේ සිට මිස ඉරේ සිටවත් හඳේ සිටවත් නොවන බව පඬියෝ ද දනිති. ඔවුන් යාත්‍රා කෙළේ පොළොවේ ඇති මුහුදුවල මිස ඉරෙ හෝ හඳේ හෝ ඇති මුහුදක නො වෙයි.

Thursday, 23 March 2017

සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන වචනයක්  


සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන වචනයක්


නිර්මල සිංහල බෞද්ධ සංස්කෘතියක් යනුවෙන් දෙයක් නැති බව අප කිහිප වතාවක් ම කියා තිබෙනවා. කිසිම සංස්කෘතියක් නිර්මල වන්නෙවත් වෙනස් නොවී පවතින්නෙවත් නැහැ. වෙනස් වීම යනු අනිත්‍ය නොවුණත් සෑම දෙයක් ම (සංස්කාරයක් ම) වෙනස් වෙනවා. සිංහල බෞද්ධ සංස්කෘතියත් වෙනස් වෙනවා. වෙනස් වීමක් සිිිදු වන්නේ යැයි කීමෙන් වෙනස් වන දෙයක් පවතින බවක් ගම්‍ය වන්නේ නැහැ. එසේ පැවසීම ආත්මවාදීයි. සෑම දෙයක් ම වෙනස් වන්නේ යැයි කීම අනිත්‍ය නොවන්නේ එබැවිනුයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම එකිනෙකින් වෙන් කරන්න බැහැ. ඒ සමග අවශ්‍ය නම් ශුන්‍ය යන්නත් කියන්න පුළුවන්. එහෙත් මාධ්‍යමිකවාදයේ නිර්මාතෘ නාගර්ජුන හාමුදුරුවන් අනුව යමින් ශූන්‍යතාවක් ගැන කතා කිරීම නිවැරදි නැහැ. ශූන්‍යතාවාදය ආත්මවාදීීයි.

Tuesday, 28 February 2017

සිංහල බෞද්ධ විරෝධීන්ගේ   වෙසක්             


සිංහල බෞද්ධ විරෝධීන්ගේ   වෙසක්             


ඉන්දියාවෙ ඉන්න හින්දු විරෝධීන් ගැන ෆ්‍රංශුවා ගෞෂර් (මේ නම උච්චාරණය කෙරෙන්නේ මෙසේ දැයි මා දන්නේ නැහැ) නමැත්තකුගේ වෙබ් අඩවියක ලිපියක් පළ වී තිබුණා. එහි නම් පනහක් සඳහන් වී තිබුණා. ඒ අතර ජවහර්ලාල් නේරු, රජිව් ගාන්ධි, සෝනියා ගාන්ධි ආදීන්ගේ නම් මෙන් ම රොමිලා තාපර් වැනි ඉතිහාසඥයන්ගේ හා විද්වතුන්ගේ නම් ද ෂාරුක් ඛාන් වැනි නළුවන්ගේ නම් ද තිබුණා. ලංකාවේ සිංහල බෞද්ධ විරෝධීන්ගේ නම් ගැන මා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ.

Sunday, 12 February 2017

බුද්ධාගම වෙනස්


බුද්ධාගම වෙනස්



සෑම ආගමකින් ම කියැවෙන්නේ එකම දෙය බවට මතයක් තිබෙනවා. ඊනියා සංහිඳියාවට එවැනි මතයක් අවශ්‍ය වනවා විය හැකියි. ඒ අතර බුදුදහම ආගමක් ද නැත් ද යන ප්‍රශ්නයත් ඇතැම් විට මතුකරනවා එය ප්‍රශ්නයක් වන්නේ ආගම යනු කුමක් දැයි නිර්වචනය කරන ආකාරයට. ඒ ගැන එතරම් කරදර වන්න දෙයක් නැහැ. ආගම එක විධියකට නිර්වචනය කළාම බුදුදහම ආගමක් වේවි. වෙනත් විධියකට නිර්වචනය කළාම ආගමක් නො වේවි. බුදුදහම ආගමක් නොවන විධියට ආගම නිර්වචනය කළොත් පඬියන් නම් අර්බුදයකට යාවි. බුදුදහම ආගමක් නොවේ නම් අනාගමික රාජ්‍යයක් ඇති කිරීම යන්න පිපිරුණු බැලුමක් මෙන් හැකිළේවි.

Thursday, 5 January 2017

සංස්කෘතික සෝදාපාළුව

සංස්කෘතික සෝදාපාළුව

සිංහල බෞද්ධ සංස්කෘතියට පහර පිට පහර වදිනවා. ඇතැමුන් කියන්නේ ඒ ගැන බිය නොවිය යුතු බවයි. ඔවුන්ගේ පඬි මතය නම් අවුරුදු හාරසිය පනහක යටත්විජිතවාදයකින් පසුවත් සිංහල බෞද්ධ සංස්කෘතිය නැති නොවී නම් දැන් බිය වීමට කරුණක් නොමැති බවයි. ඒ කරුණු නොදැන කරන ප්‍රකාශයක්. 1948න් පසුව විශේෂයෙන් ම 1977න් පසුව රටේ සිදු වී තිබෙන විපර්යාසය ගැනත් එයට පසුබිම් වූ ලෝක දේශපාලනය ගැනත් ඔවුන්ට වැටහීමක් නැහැ.

Saturday, 31 December 2016

දේශපාලන පෙරළියේ සබැඳිය

දේශපාලන පෙරළියේ සබැඳිය



රත්නසිරි වික්‍රමනායක

රත්නසිරි වික්‍රමනායක

රත්නසිරි වික්‍රමනායක මහතා අද අවසන් ගමන් යනවා. එතුමා පිළිබඳ ලිපියක් ලිවීම අවශ්‍යයි. එතුමා වෙනුවෙන් ශෝක දිනයක් ප්‍රකාශ කිරීමට කැමැත්ත පළ නොකිරීම පිලිබඳව පවුලේ අයට අප ස්තුති කළ යුතුයි. එතුමාගේ අභාවය ගැන, මතුපිටින් නොව හදවතින් ම ශෝක වන දසදහස් සංඛ්‍යාත ජනතාව හොරණ නිවසට ඇදී එනවා. එතුමාට රාජ්‍ය ගෞරව ලැබෙන්නේ නැති බව පැහැදිලියි. රාජ්‍ය අනුග්‍රහය කියන එකේ එතරම් වැදගත් කමක් නැහැ. ජනතා අනුග්‍රහයෙන් ජනතා ගෞරවය මැද අවමංගල කටයුතු සිදුවෙනවා ඇති.

Thursday, 15 December 2016

හම්බන්තොට ඉඩම් හා යාපනේ ඉඩම්

හම්බන්තොට ඉඩම් හා යාපනේ ඉඩම්

හම්බන්තොට වරායේ සිදුවන්නේ කුමක් ද යන්න කිසිවකු පැහැදිලි ව කියන්නේ නැහැ. මා එයට සේවකයන්ට දොස් කියන්නේ නැහැ. ඔවුන්ට සමහර විට තම පත්වීම් සේවා කොන්දේසි ආදිය ගැන නිසි අවබෝධයක් නැති ඇති. අර්ජුන රණතුංග නම් බොහෝ දේ හංගන බව පැහැදිලියි. චීන සමාගම සමග රජය දැනට අත්සන් කර ඇති ගිවිසුමට අර්ජුන අත්සන් කර නැහැ. එයට අත්සන් කර ඇත්තේ ලේකම්වරුන් තුන්දෙනකු. අර්ජුන අත්සන් කර නැත්තේ ඔහු ගිවිසුමේ යම් යම් දේට අකමැති නිසා බව පැහැදිලියි. එහෙත් ඔහු රනිල්ට විරුද්ධ වෙන්න කැමති නැහැ. ඔහු අවසන් ගිවිසුමට අත්සන් කරාවිද? අද නම් ඔහු රනිල් වෙනුවෙන් සේවකයන් සම්බන්ධයෙන් ඉතා දැඩිව ඉන්නවා. ඕමල්පේ සෝභිත හාමුදුරුවන් තවත් අය ද සමග එකතු වී ජාතික හෙළ උරුමයේ ප්‍රතිපත්තිය අනුව මහින්දට පහර දෙනවා. ඒ සේවකයන් බඳවා ගැනීම පිළිබඳ ව. සේවකයන් බඳවා ගත්තේ පෞද්ගලික සමාගමකට. එසේ කෙළේ ඇයි ද කියා අප දැනුවත් විය යුතුයි. කෙසේ වුවත් බඳවා ගත්තේ පෞද්ගලික සමාගමකට වුවත් ඔවුන්ගේ සේවය අහෝසි නොකිරීම ආණ්ඩුවේ යුතුකමක්. චීන සමාගම සමග ඒ සඳහා  එකඟතාවක් ඇති කර ගැනීම ආණ්ඩුවේ වගකීමක්.  සෝභිත හාමුදුරුවන්ට චම්පකට ඒ බව මතක් කරන්න බැරිද?